"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, July 28, 2009

මගේ Love එක


ජීවී , අජීවී , හෙල්ලෙන ,නොහෙල්ලෙන , කලු , සුදු , පාට පාට , ලස්සන , කැත , දිලිසෙන , විකෘති , කෘතිම , ස්වාභාවික , තැලිච්ච , බිඳිච්ච , කන , බොන , සූප්පු කරන , පිළිකුල් , ආරක්ෂිත , අධිආරක්ෂිත , මරණීය , පිපෙන , පරවෙන , ඉදෙන , කුණු වෙන , විසිවෙන , නොසැලෙන , ආදරය , ලැජ්ජාව , සතුට , දුක , විමතිය , අවකාශය , ජීවිතය වැනි වාතය ඇරෙන්නෙට මෙලොව අප අවට පවතින සෑම දෙයක්ම නොහොත් ස්වභාදහම එකතු කරගන්නට මට උදව් වෙච්ච මගේ ම ආදරණීය...

"Sony DSC-S980" 12.1 මෙගා පික්සලිත කැමරාව.

මෙය ෆෝකස් කිරීමට ගොස් තරුණියන්,ඔවුන්ගේ මෑණිවරුන් අනන්ත අප්‍රමාණ ඔරවා අහක බලාගෙන ගොස් ඇත.පොලිස් නිළධාරීන් අනන්තවත් කැමරාව පරීක්ෂා කොට ඇත.විශේෂ කාර්‍ය බලකායෙන්ද දෙවරක් පිරික්සා ඇත.මග සිටින්නවුන් උඩින් පාත්වූවෙකු ලෙස මා දිහා බලා ඇත." ලැජ්ජා නැද්ද බං??? " මිතුරන් ඕනාතරම් පවසා ඇත.එහෙත් එම ලැජ්ජා නැතිකම අදටත් පවතී.කෙදිනකවත් ඔය කියන ලැජ්ජාව නිසා මගදී දකින සුන්දර දසුනක් කැමරාවේ සටහන් නොකරගෙන ඒමට මට සිතී නැත.එය පූරුවේ පිනකි.

එසේම මෙම සටහන තබන්නේ මට මෙතෙක් මුදලින් මැනිය නොහැකි තරම් සොඳුරු මතකයන් ඉතිරි කරදුන් මගෙ ආදරණීය කැමරාවට කෘතගුණ සැළකීමක් වශයෙනි.

මගේ කැමරාවට දීර්ඝායුෂ වේවා !!!
කැමරාව මට ආදරෙයි..මම කැමරාවට ආදරෙයි...

Monday, July 27, 2009

කාලකන්ණි ජීවිත

උදයට බසයේ එයි..
බසයේදී ඕනෑම චීත්ත රෙද්දකට කල හැකි උපරිම පුද සත්කාර කරයි...

තමුන් උගන්නා තැනට එයි.. දිය රෙදි සඳහා පමණක් අහවල් එක කටේ ගෑවෙන පමණට නැමී සුභ උදෑසනක් පතයි...
ඔවුන් අසලම හිඳගනියි..
ඔවුන්ගේ ස්පර්ෂය ලැබීමට උපරිම උත්සහයක් දරයි..
ඒ සඳහා නානාප්‍රකාර වූ උපක්‍රම යොදයි..

විටෙක විකටයන් වෙයි.. විටෙක ආබාධිතයන් වෙයි...විටෙක වීරයෙකි. විටෙක උගතෙකි.. තවත් විටෙක ධනවතෙකි..

එසේ අසලින් හිඳගත් අවස්ථාවේ සිටම දිය රෙදි වෙනුවෙන් කලහැකි උපරිමය කිරීමට යත්න දරයි..
මෙහිදී..
කෑමට යමක්,Note එකක්,Tute එකක්...

දැරිය නොහැකිම දේනම්...
මුන් කණ්ඩායමක් වශයෙන් සිටියද,එතුලද සිදුවන උනුන් කපාගැනීමයි.

මෙසේ මොවුන් සපයන සියළු සැප සම්පත් විඳ,අදාල දිය රෙදි අවසන ගේට්ටුව අසල සිටින්නා සමග සතොසින් අත්වැල් බැඳ යාම මොවුන් නොදකින්නේ කිනම් අරුමයක් නිසාදැයි මෙම ළිපිය ලියන අවස්ථාව වන විටත් මට සොයාගැනීමට නොහැකිව ඇත.

මේසා සිදුවන ක්‍රියා දැකීමෙන්..එක විනාඩියක් තුල කටින් පිටවන කුණුහරුප ප්‍රමාණයේ දැඩි වර්ධන වේගයක් දැකිය හැක.
කෙසේ හෝ එය අවම කරගැනීම සඳහා කියනු ලබන එක ටීඊඊඊඊඊඊක් වචනයකට රුපියල් පහ බැගින් දඩ ගසා ගැනීමට මමත් මගේ හිතමිතුරාත් කතිකා කරගත්තද,ඛේදනීය තත්වය නම් එම තත්වය මතද අද දින තුල ගතවූ පළමු පැය 3ක කාලය තුල මම රුපියල් විසිපහකත්,මිතුරා රුපියල් විස්සකත් වචන පිටකර තිබීමය..

ප:ලි :- සමහරෙකු විසින් මෙය කොලුකමට කරන ලද්දක් ලෙස සාධාරණය කිරීමට ඉඩ ඇත.සැළකියයුතු කරුණ නම්,මෙවැනි "***"උන්ගේ කම් කොලුකම් වන්නේ කෙසේද යන්නයි.

මෙය ඊර්ෂ්‍යා සහගත්ව ලියන ලද්දක් නොව,දුක සහ කේන්තිය මුසු හැඟීමකින් ලියන ලද්දකි.
දුක නම් ලිංගය පුරුෂ වූවත්( මතුපිටින් පෙනෙන පරිදි ) මෙසේ ස්ත්‍රීවූ දෙයකට බාල්දුවීමය.

මෙයට සියල්ලෝ දන්නා පරිදි "Balcony Guys" පිරිස සාක්ෂි දරති.

Saturday, July 25, 2009

හිතට වැදිච්ච Quotes ටිකක්..

"මෙලොව වැදගත්ම රාජකාරිය මිනිසුන් හඳුනාගැනීමයි.."

"හඳ එළියේ තරු පේන්නේ නෑ.. ගැඹුරු මුහුදේ සද්ද නෑ.. දුප්පත් පපුවේ සෝබන නෑ.."

"Good friends don't let you do stupid things ..... alone"

"Only the dead have seen the end of war."

"මිනිසෙකු සෙවිය හැකි හොඳම ක්‍රමය නම් වෙනත් මිනිසෙකු ගැන ඔහුගෙන් විමසීමය."

"හොඳ කාන්තාවක් හොඳ පොතක් හා සමානය."

"නියම සොල්දාදුවා රණබිමේ සටන් කරන්නා මිස පසුබිමේ බෙරිහඬ දෙන්නා නොවේ."

"කේන්තිය යනු අනුන් කල වරදකට දඬුවම් විඳීමකි."

"කරදර කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා."

"Love of beauty is taste.. The creation of beauty is art.."

"තම ශ්‍රමය වෙහෙසා උපයන ආහාරය තරම් උතුම් ආහාරයක් නැත."

"ජීවිතය ජීවත් කරවන්නේත් නාස්ති කරවන්නේත් බලාපොරොත්තුවයි."

"නරක දේ උගැන්මට ගුරුවරයෙකු අවශ්‍ය නැත.එය වසන්ගත රෝගයක් මෙන් සුළගේ පාවී යයි."

"යම් ක්‍රියාවක් කිරීමට පහසුම මාර්ගය සෙවීම.ඒ සඳහා ඇති අපහසුම කාර්යයයි."

"මුදල් කථා කරන විට සත්‍ය නිහඬ වන්නේය."

"The most common way people give up their power is by thinking they don't have any."

"A photograph has picked up a fact of life, and that fact will live forever."

Wednesday, July 22, 2009

ත්‍රී සිස්ටර්ස්

පියාගේ වැඩිමහල් සොහොයුරියගේ දියණියන් තිදෙනා. ..

හමුවෙන සෑම මොහොතකම මා හට වද දුන්නෝය..
පෙම් සබඳකම් ගැන සොයා බැලුවෝය..
අධ්‍යාපනය ගැන සොයා බැලුවෝය..
මගේ Gel Tub එකට සිද්ධාලේප මුසු කලෝය..
මගේ කොන්ඩය කැපුවෝය..
හිසේ සිට පාදාන්තය තෙක් මයිල් ඉස්මයිල් වෙනතුරු නානාප්‍රකාර විකාර කලෝය..
ලෙඩ දුකකදී සෑම සත්කාරයක්ම කලෝය..
ඔවුන්ගේ දෙමාපියන්ට,පෙම්වතුන්ට හා අනෙකුත් සහෝදරකම් වලට වඩා මට ආදරය කලෝය..
එහෙත් දැන් ඔවුන් බොහෝ දුරකය..

ඔවුන් නැති දුක අඩුව මට මරණීය වේදනාවකි. ..

අපි හත

මින් පෙරද හතක් සිටි අතර.. ඔවුන් ඔවුන්ව G7 යැයි හඳුන්වා ගත්තෝය.
එයිනුත් පොඩි අදහසක් හිතට වැදුනු අතර.. කල්ලියක සිහිනයද ඉහට වැදී තිබුනු නිසා එය ඇරඹුවෙමි.
දෙදෙනෙකුගෙන් පටන්ගත් පසු.. හිතට ආපු ගැම්ම කියා නිමකල නොහැකි විය.
එකට කෑවෙමු,බිව්වෙමු,බැනුම් ඇසුවෙමු.. හොඳම මිතුරෝ වුනෙමු.
අපිත් හතේ කල්ලියක් හදමු.. ඒත් කට්ටිය කොහෙන්ද ?

පූරුවේ පිණකට තවත් උපරිම පිස්සෝ පහක්ද සෙට්විය.

"එතැන් සිට වසන්තය උදාවිය"

රූපයෙන් වෙනස් නිවුන් සහෝදරයින් සත්දෙනෙක්. ..