Wednesday, April 7, 2010

සර්පයා

මෙච්චර ගස් ගොඩ මැද්දේ හිටියත්
කොලයක් ඔළුවට වැටුන්නැතී
කපුටෝ හතර වටේටම
ඒත් වසුරු පිඩක් හෙලුන්නැතී

ගස්මුල පස් කාගෙන ඉන්න මාව
හොරැහින් බලලා හිනැහුන
ඔයාගේ කෙහෙ රොදක්
කන වටේට අහක් කරලා
ලස්සන තලෙළු හම මැද්දේ
එම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම

කොල ගොඩක් අස්සෙන්
ඔළුව උස්සලා
ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා
උඹයි ගැරඬි පැටියෝ. . .

18 comments:


  1. එම්බොස් වෙච්ච රෝස තොල් පට
    හපන්න හදනකොටම...

    අර කෙල්ලගේ තොල් පට බේරන්න ඌ කරලා තියෙන්නේ මොන තරම් සේවයක්ද?

    ReplyDelete
  2. බොලා මට කෙලවන්නමයි හදන්නේ!

    ReplyDelete
  3. එයාට අම්ම වැඩිහිටියන්ට පමණයි ඒවා බලන්න එපා කියන්නැති ඉතින් එයා ෂේප් එකේ යන්න ලේස්ති උනාම මොකටද බය උනේ.....????? :) :D :)

    ReplyDelete
  4. ගස් මුල පස් කාගෙන ඉන්න මට. . .
    උඹ මාර අමාරුවෙන්නේ ඉදලා තියෙන්නේ. . .
    අපරාදේ ගැරඩියගෙයි, එයාගෙයි වෙලාව, උඹේ අවේලාව

    ReplyDelete
  5. ඔය ගස් මුල පස් කාගෙන හිටපු හැටියට තොල හපලා විතරක් නතර වෙන එකක් නෑ කියල ඌට හිතෙන්න ඇති හික් හික්

    ReplyDelete
  6. ඇ බං මුචා කජු කැලෙ දැන් සර්පයොත් ඉන්නවද....? මොකටද කජු කැලෙ පැත්තට ගාටන්නෙ හැන්දැ වෙලා කෙමිකල් එක පැත්තට ගියානම් මුකුත් නැහැ..

    ReplyDelete
  7. හපෝයි මේ මොනවද කියන්නේ? මේක සිතුවිල්ලක් නේ ;)

    ReplyDelete
  8. "ගෑණිව බය කරපු
    මාවත් ගස්සපු
    සර්පයා"

    උපරිමයි මචන්. ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
  9. වෙන සර්පයෙක් ගැනද මන්දා කියන්නේ,
    ගෑණිවත් බය කරලානේ :-p

    ReplyDelete
  10. පට්ට කවියක්...උඹ නියම කවි කාරයෙක්

    ReplyDelete
  11. ගෑණිව බය කරපු
    මාවත් ගස්සපු
    සර්පයා......

    අපූරුයි......මට හිනත් ගියා

    ReplyDelete
  12. @මරේ: හෙණම ගහපන්.උඹ හිතුවද ඌ ප්‍රසිද්ධියේ පාක් ඇතුලේ එලියට එනවැයි කියලා.

    ReplyDelete
  13. @ම

    මටත් හිතුනෙ ඔය ටිකම තමා.

    @මුචලින්ද

    ඉස්සර නයි වගේ නෙමේ දැන් නයි. සෝ අන් ප්‍රිඩික්ටබල්

    ReplyDelete
  14. අනේ අපොයි... හොඳ වෙලාවට ගැරඩියා ආවේ. නැත්නම් මේ පොස්ට් එක වැඩිහිටියන්ට පමණයි කියලා දාන්න වෙනවා.. නැත්නම් බලදරියා විසින් කපා හරින ලදී තමා....

    ReplyDelete

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!