
මෙච්චර ගස් ගොඩ මැද්දේ හිටියත්
කොලයක් ඔළුවට වැටුන්නැතී
කපුටෝ හතර වටේටම
ඒත් වසුරු පිඩක් හෙලුන්නැතී
ගස්මුල පස් කාගෙන ඉන්න මාව
හොරැහින් බලලා හිනැහුන
ඔයාගේ කෙහෙ රොදක්
කන වටේට අහක් කරලා
ලස්සන තලෙළු හම මැද්දේ
එම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම
කොල ගොඩක් අස්සෙන්
ඔළුව උස්සලා
ගෑණිව බය කරපු
මාවත් ගස්සපු
සර්පයා
උඹයි ගැරඬි පැටියෝ. . .
ReplyDeleteඑම්බොස් වෙච්ච රෝස තොල් පට
හපන්න හදනකොටම...
අර කෙල්ලගේ තොල් පට බේරන්න ඌ කරලා තියෙන්නේ මොන තරම් සේවයක්ද?
බොලා මට කෙලවන්නමයි හදන්නේ!
ReplyDeleteඑයාට අම්ම වැඩිහිටියන්ට පමණයි ඒවා බලන්න එපා කියන්නැති ඉතින් එයා ෂේප් එකේ යන්න ලේස්ති උනාම මොකටද බය උනේ.....????? :) :D :)
ReplyDeleteගස් මුල පස් කාගෙන ඉන්න මට. . .
ReplyDeleteඋඹ මාර අමාරුවෙන්නේ ඉදලා තියෙන්නේ. . .
අපරාදේ ගැරඩියගෙයි, එයාගෙයි වෙලාව, උඹේ අවේලාව
ඔය ගස් මුල පස් කාගෙන හිටපු හැටියට තොල හපලා විතරක් නතර වෙන එකක් නෑ කියල ඌට හිතෙන්න ඇති හික් හික්
ReplyDeleteඇ බං මුචා කජු කැලෙ දැන් සර්පයොත් ඉන්නවද....? මොකටද කජු කැලෙ පැත්තට ගාටන්නෙ හැන්දැ වෙලා කෙමිකල් එක පැත්තට ගියානම් මුකුත් නැහැ..
ReplyDeleteහපෝයි මේ මොනවද කියන්නේ? මේක සිතුවිල්ලක් නේ ;)
ReplyDelete"ගෑණිව බය කරපු
ReplyDeleteමාවත් ගස්සපු
සර්පයා"
උපරිමයි මචන්. ලස්සනට ලියලා තියනවා.
ස්තූතියි සහෝ!
ReplyDeleteවෙන සර්පයෙක් ගැනද මන්දා කියන්නේ,
ReplyDeleteගෑණිවත් බය කරලානේ :-p
පට්ට කවියක්...උඹ නියම කවි කාරයෙක්
ReplyDeleteගෑණිව බය කරපු
ReplyDeleteමාවත් ගස්සපු
සර්පයා......
අපූරුයි......මට හිනත් ගියා
@මරේ: හෙණම ගහපන්.උඹ හිතුවද ඌ ප්රසිද්ධියේ පාක් ඇතුලේ එලියට එනවැයි කියලා.
ReplyDelete@ම
ReplyDeleteමටත් හිතුනෙ ඔය ටිකම තමා.
@මුචලින්ද
ඉස්සර නයි වගේ නෙමේ දැන් නයි. සෝ අන් ප්රිඩික්ටබල්
අනේ අපොයි... හොඳ වෙලාවට ගැරඩියා ආවේ. නැත්නම් මේ පොස්ට් එක වැඩිහිටියන්ට පමණයි කියලා දාන්න වෙනවා.. නැත්නම් බලදරියා විසින් කපා හරින ලදී තමා....
ReplyDeleteහිහ්හී
ReplyDeletepark
ReplyDeleteaniwaa
ReplyDelete