"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, December 13, 2023

පූජේමි බුද්ධං කුසුමේන නේන

 50,349 Abstract Loneliness Images, Stock Photos, 3D objects ...


හරිම වෙහෙසක් දැනුනෙ දෙදරු පියාට. දවස ආරම්භයේ වෙහෙසම දවස අවසානයෙත් ඉතුරු වෙලා තිබුණා. ඒ කියන්නෙ දවස පුරා කිසිම වෙහෙසක් දැනිලා නැද්ද? දෙදරු පියා පුටුවට බර වෙලා හිතුවා. තැලිලා අව පැහැ ගැන් වුණු කොළ පාටින් තියෙන ලීටර් දෙකේ ස්ප්‍රයිට් බෝතලේ තිබ්බෙ වතුර. දෙදරු පියා ලොකු වතුර උගුරු තුන හතරක් බිවුවෙ කොත්තුව පස්සෙ කනව කියල හිතාගෙන. ඊට එහායින් තිබ්බ හම්පඩ වෙච්චි ඊජීබී මෙගා බෝතලේ. ඒක ඇතුළෙ තිබ්බෙ හුජ්ජ. රෑ මැදියම වෙනකං අරක්කු බීලා, හුරිජ්ජ බර තද වුණාම ටොයිලට් යන්න කම්මැලියි. ඉතිං වෙරි පිට බිජ්ජ කට මුළට ළං කරං ඊජීබී බෝතලේට හුජ්ජ දානව. හුජ්ජ දාන්න ඊජීබී බෝතලේ ගත්තෙ ඒක තද දුඹුරු පාට නිසා. හැබැයි මාස ගානක් තිස්සෙ හුජ්ජ කරපු ඇසිඩ් රස්නෙට ඒ බෝතලේ දැන් ළා දුඹුරු පාටයි. රෑ දාපු හුජ්ජ උදේට අස් කරන හොඳ පුරුද්ද දෙදරු පියාට තිබ්බට, එක වරක් පුරවපු වතුර ඉවර වෙනකංම පරණ වෙවී පල් කර කර බොන කැත පුරුද්දකුත් ඔහුට තිබ්බ. එහෙම තමයි කාලයක් පුරාවට ගැලක් ඇදලා නිදහස් වෙච්ච හරකෙක් හැසිරෙන්නෙ.

කිසිම ප්‍රතිපත්තියක් නෑ හුත්තට. කවදාවත් නොකනව කියන කෑමකුත් නෑ. කවදාවත් නොහුකනව කියල කියන හැඩේක ගෑනියෙකුත් නෑ. හිතට හිතුනු දේ කරලා, හිත ඇතුළෙ ත්‍රිපිටකේට සංශෝධනයක් ගේනව. සමහර කාලෙට සතියෙන් සතියට හිත් ත්‍රිපිටකේ සංශෝධනය වෙනව. සමහර කාලෙට පැයෙන් පැයටත් එඩිට් වදිනව. දෙදරු පියා රස්සාවට යන්න ඇහැරෙනව. හැමදාම පහමාරට ඇහැරෙන්නෙ හතයි තිහට ගෙදරින් පිටවෙන්න හිතාගෙන. පුරුද්දට වගේ හැමදාම පහමාරට ඇහැරෙනව. හතට තමයි ලොකු පුතා එක්ක පොඩ්ඩව ත්‍රීවීල් එකට දාන්නෙ. ඊටපස්සෙයි ඔෆිස් යන්න සූදානං වෙන්නෙ. ඇඳ පැළඳගෙන බත් මුල ඔතාගෙන නෝනගෙ මුව සිඹලා තමයි ගෙදරින් එන්නෙ. රස්සාවට යන්නෙ ගෙදරින් බැහැලා ගෙවල් පාරෙන් හැරෙන පැත්ත අනුව. වමට හැරිච්ච දාට රේල් පාරෙ යනව. දකුණට හැරිච්ච දාට මහ පාරෙ යනව. රේල් පාරෙ නං යන්න වෙන්නෙ කෝච්චියෙ. කැරිම තදබදයක්. එහෙම තදියමක ජැක් ගහන උන් ගැන හුත්තගෙ හිතේ තියෙන්නෙ කේන්තියක්. මහ පාරෙ යන දාට බස් එකක නගින්නත් ඉඩ තියෙනවා, මිතුරෙකුගෙ මෝටර් රථයක එල්ලෙන්නත් ඉඩ තියෙනව. හුත්තට ප්‍රතිපත්තියක් නෑ මදිවට, එක පුරුද්දකවත් ඌ පිහිටන්නෑ. ඔහොම එවුන් එක්ක යන ගෑනු පවු.

එදා උගෙ බර්ත්ඩේක. ගෑනි කැපුවලු කේක්. උට සන්තෝසයි. කවදාවත් ගෑනි උට කේක් කපලා නෑ. තෑගි දීලත් නෑ. ඌ සන්තෝසෙට උගේම කේක් එක කපන්න කලින් විසිල් එකකුත් ගහලා. හුලං පිඹලා නිවන්න ඕන ඉටිපන්දම නිවිලා තියෙන්නෙ විසිල් එකත් එක්ක කටින් පැනපු කෙල තලියට. ගෑනි ඒ ටික පිහියෙන් අරං විසික් කරලා බිමට. බල්ලා කාලා ඒ ටික. ගෑනි දුන්නලු ඔතාපු ලොකු තෑග්ගක්. ඒ තෑග්ගයි කේක් එකෙන් බාගෙකුයි උස්සගෙන මූ සන්තෝසෙට ඔෆිස් ඇවිල්ල තියෙන්නෙ ඌබර් එකක් දාගෙන. ගෙවල් පාරෙන් වමටවත් දකුණටවත් හැරෙන්න වෙන්නෙ නැති දවසක් කියන්නෙ ඌබර් එකක ඔෆිස් එන දවසකට. ඔෆිස් එකේ එවුන්ට කේක් බාගෙ දීලා, ඌ තෑග්ග දාලා ලොකර් එකේ පල්ලට. ඔෆිස් එකේ ගෑනු ටික කේක් එකෙන් මෑත් වෙලා ලොකර් එක ගාව ඉව කරන්නෙ තෑග්ග මොකද්ද? කියල දැනගන්න. ඕකුන් ඔය තෑග්ග දිහා බලලා දෙදරු පියාගේ පවුලේ ආර්ථික තත්ත්වය, උගෙයි ගෑනිගෙයි සහජීවනය සහ ගෑනිගෙ පතිවෘත්තාව ගැනත් ජජ් කරන්න පුළුවන් විදියෙ විභවයක් තියෙන දක්ෂ මිනිස්සු. උන්ගෙ කුතුහලේට කිචි කවන්ඩ හිතාගෙන අපෙ හුත්තා නෙමෙයි තෑග්ග ඇරියෙ. ඌ වෙනදට ඇරලා දාලා තියෙන ලොකර් එකත් ලොක් කරා. එහෙමයි ලෝකෙට කැරියො බිහිවෙන්නෙ.

කැරියා පොඩ්ඩ ඇත්තං මිනිස්සු එක්ක හිත් නොහොඳ වුණා. නොහොඳ වෙච්ච මිනිස්සු එක්ක කැරියා මග තොට යනෙනකං රණ්ඩු වුණා. ඇත්තට නෙමෙයි. හිතින්. නොහොඳ වෙච්ච මිනිස්සුන්ට ජීවිතේ කරන්න පුළුවන් තරමක් කැරිම වැඩ කළා ඌ හිතින්. පස්සෙ ඒ කරපු කැරි වැඩේ ගැන කැරියා උන්ට ඒ හිතින්ම අනුකම්පා කළා. ඒ අනුකම්පාවත් එක්ක මූනට මුණගැහුනම හිත් නොහොඳ මිනිස්සු එක්කත් හිනාවෙලා කතා කරන්න පුළුවන් ශක්තිය උට ඇති වුණා. ජීවිතේ මුහුකුරා යනවා කියන එක අවුරුදු හතලිහෙන් නවතිනව කියල දෙදරු පියා විශ්වාස කළා. ඌ දැන් මුහුකුරා යෑම නවත්තලත් අවුරුදු හයක්.​ ලේසි පාසු නෑ. ඇඟට නොදැනි හතරක් බස්සගත්තොත් හාෆ් සෙන්චරියක්. හැබැයි බැට් එකක් උස්සලා වනන්න තරං සන්තෝසයක් මේ පනහ ඇතුළෙ නෑ. ඒ නිසා ඌ එන එන බෝලෙට බැට් කරන තියරියෙම ඉන්න හිතුවා. ලෝකය මීට වඩා යහපත් වෙන අනාගතයේ යම් දවසක් නොඑන බව ඌ දන්නව. එදාට ඌ මේ හොරාට හොරාට ලියලා තියෙන දේවල් මොකෙක්වත් ආදරෙන් නොකියවන බවත් ඌ දන්නව. එහෙමයි ලෝකෙට ලියන්නො බිහිවෙන්නෙ.

දෙදරු පියා ලියන්නෙක් නෙමෙයි කියන්න බෑ. කවුරුවත් නොදන්නවට ඌ ලියන්නෙක්. ඌ ලියපු දෙයක් කියවන්නෙ එක්කෙනයි. එතන ඉන්නව එක්කෙනාලා ගොඩක්. මොකද ඌ යමක් ලියන්නෙ නිශ්චිත කියවන්නෙකුට. ඒක ලියලා කියවන්න දෙන්නෙ අදාළ කෙනාට විතරයි. ලියන්නා වගේම කියවන්නාත් ගොඩක් සතුටු වෙන දේවල් තමයි ඒ අකුරු අතරෙ තිබුණෙ. එනිසා මේ ලියන්නා සුවිශේෂයි. උට ඒ ක්‍රමේට අන් ස්ත්‍රීන් පවා දපනෙ වැටිලා තිබුණ. කලින් ඔෆිස් එකක බොසෙක් උට උසස් වීමකුත් දුන්නා ඉල්ලන්නෙත් නැතුව. ඌ ඒ කියවන්නාට ලියපු දේ තියාගන්න දෙන්නෙත් නෑ. කියවලා ආයෙ උට දෙන්න ඕන. කියවන්නාට ඉතිරි මතකය සහ ඒ කියවපු මොහොතේ උපන් හැඟීම විතරයි.

මූ ලියුමක් ලියලා දීලා ගෑනිට. පහුවදා හවස ගෙදර යද්දි ගෑනි නෑලු ගෙදර. ළමයි දෙන්නා හිටියෙත් නෑලු. පොඩි පුතා ලොකුවට ලියපු ලියුමකුත්, ලොකු පුතා පොඩියට ලියපු ලියුමකුත් තිබුනලු මේසෙ උඩ. බල්ලා හිටියෙත් නෑලු. දරුවො දෙන්නා එක්ක අම්මා ඇති කියලා හිතපු නිසා මූ ළමයි ගැන කලබල වුණේ නෑලු. බල්ලා නෑ කියන්නෙ අනිවාර්යෙන්ම ත්‍රීවීල් එකකට වඩා ලොකු වාහනයක් එන්නැති කියල මූ හිතුවලු. එනිසා තනියම කුළී ගෙදරකට යනවට වඩා, නංගිලාගෙ ගෙදර යන්න, අම්මලාගෙ ගෙදර යන්න, තමුන්ට වඩා තව හොඳ මිනිහෙක් එක්ක යන්න තියෙන ඉඩ වැඩියි කියලා මූ හිතුවලු. එනිසා මූ ගෑනි ගැන කලබල වුණෙත් නෑලු. ඒ සිතුවිල්ල නිසා පොලිසියට කියන්න හිතුනෙත් නෑලු. ආවොත් බාරගන්නව කියල හිතුවලු. ඒත් ආවෙත් නෑලු. කවදාවත්ම ලෝකෙට නොපෙන්නුවට, ෆේස්බුක් එකට ෆොටෝ නොදැම්මට, ගෑනියි දරුවොයි ගෙදර සරසාගෙන, කේක් හදාගෙන, තෑගි ඔතාගෙන මුගෙ බර්ත්ඩේක සැමරුවාලු. එනිසා ළඟ ළඟම ආපු බර්ත්ඩේක දවසෙ මූ කේක් එකක් ගෙනල්ලා තමුන්ගෙ පවුලම එනකං බලං හිටියලු. ඒ ආවෙත් නැති නිසා උදේට බඩ පිරෙන්න කේක් එකෙන් ලොකු කොටහක් කාලා, ඉතුරු ටිකත් අරං ඌබර් එකක් දාගෙන ඔෆිස් ගියාලු. හැමදාම බර්ත්ඩේක දවසට වයිෆ් මොනවද දුන්නෙ අහන එවුන් ටික මග බලං ඉන්න බව උට මතක් වුණාලු. වෙනදාට නං බොරු කිවුවලු මුගේ බර්ත්ඩේක වයිෆ් සමරන්නෙ නෑ කියලා. ඒත් ඉතිං අද සිද්ධිය ගැන හිතලාම, විස්තර අහන උන්ව අන්දන්නත් එක්ක මූ ඔසුහලකින් ගත්තු ලී වංගෙඩියක් රැපින් පේපරේක ඔතාගෙන ගිහින් කට්ටියට පේන්න ලොකර් එකක දාලා ලොක් කළාලු. මං කලින්ම කිවුවනෙ මූ කැරියා කියල.

මං මේ උඩ අන්තිමට ලියපු ඡේදෙ හරියටම කියන්න දන්නැති නිසයි "ලු" දාලා ලිවුවෙ. මොකද මට ඒ කතාව ඌ කොළේක ලියල දුන්න. පේන විදියට නං කලින් ලියුම කියවල උගෙ ගෑනි සතුටු වෙලා නැති පාටයි. ඒකනෙ ගියෙ. මට මූ ලියලා දීපු කතාව තියාගන්නම දුන්නා. කියවල සතුටු වෙනවද නැද්ද කියල හිතාගන්න බැරි වුණා. මං ඒක කියෙව්වෙ ටොයිලට් එක ඇතුළෙ ඉඳන්. මොකද උගෙ ගෑනියි දරුවො දෙන්නයි සාලෙට වෙලා මං එනකං බලං හිටිය බෙල්ලංවිල පන්සල් යන්න.

Sunday, October 8, 2023

අනේ මටත් බොරුවක් කියනවද?

ඔයා කොහොමද හිනාවෙලා ඉන්නෙ?

ඒ එයා මාව ආශ්‍රය කරන්න අරගෙන සති තුනකට පස්සෙ අහපු ප්‍රශ්නයක්. අපි දෙන්නගෙ ආදර කතාව පටන් ගත්තෙත් මීට හුරු ප්‍රශ්නෙකින්.

ඇයි ඔයා ඉස්සර වගේ හිනාවෙලා ඉන්නැත්තෙ?

මං සාමාන්‍යයෙන් හිනාවෙලා ඉන්න මනුස්සයෙක්. හැමෝම එක්ක කතා කරන, එහෙමට වැඩක් නොකර ඇවිද ඇවිද ඉන්නව කියලා හංවඩු ගැහිච්ච ආයතන සේවකයෙක්. ජීවිතේ සතුටු වෙන්න කියල මට හිටියෙ එයා. එයාට සිද්ධ වෙනවා අම්මලා සතුටු වෙන විදියෙ පිරිමියෙකුට කැමති වෙන්න. ඒ වෙද්දි මට තිබ්බෙ ඒ අම්මලා ගැන කේන්තියක්. පස්සෙ මම දැනගත්තා එයා අම්මලාගෙ වරදක් විදියට පෙන්නුවට එයත් මේ ගමන යන්න ආසාවෙන් ඉඳලා විත්තිය. අන්න එදා තමයි මගේ මූනෙන් හිනාව අතුරුදන් වුණේ. එදා තමයි මගේ කියුබිකල් එ​කේ කොණක් බෙදාගන්න මේ ඇය මගෙන්, ඇයි මම දැන් හිනා නොවෙන්නෙ කියලා අර උඩ බෝල්ඩ් කරපු ප්‍රශ්නෙ ඇහුවෙ.

හොඳයි ඔයා ඒක අහපු එක

මට කාටහරි මේ කතාව කියන්න උවමනා වෙලා තිබුණා. ඊටත් වඩා ලස්සන දෙතනක් තිබුණු ගැහැනියක් මේ දේ අහද්දි ඇයව කතාවට පටලාගන්න උවමනාව තිබුණා. මම කලින් ආදර සම්බන්ධයේ ඉද්දිත් ඈ දිහා බැලුනත්, මගේ ආදරය කවදාවත් හොර කරන්න උරුම නැති තරම් උත්තරීතර තැනක මම තියලා තිබ්බ නිසා, අවස්ථා කීපයකදි අහක බැලුනා. ඉතිං එහෙම තමයි ඔෆිස් එකේ කතා කර කර ඉඳලා, ළඟ අවන්හලක කෝපි බොන්නත්, එතනින් දුර අවන්හලක කොත්තු කන්නත්, ඔෆිස් ඇරුණු හවසක ෆිල්ම් එකක් බලන්නත් යන තැනට අපි ආවෙ. ඒ තරම් දුරට කතාව එන්න සති දෙකක් විතර ගත වුණා. තුන්වෙනි සතිය ගෙවෙද්දි එයා මගේ ජීවිතේ ගැන දන්නව. මගේ ප්‍රශ්න ගැන දන්නව. එයයි මායි ආදරේ කරන්නෑ. නමුත් අතපත ගානව. ඉඩක් ලැබුනම නිරුවත් වෙලා, දෙතොල් ගැටෙනව, එක හෑඟීමක හැසිරෙනවා. යා වුණු තනි සිරුරක් බවට පත්වෙනවා. මේ සති තුන ගෙවුණු කාලයේ තමයි එයා මගෙන් මම කොහොමද හිනාවෙලා ඉන්නෙ කියල ඇහුවෙ.

මේ හිනාව තනි බොරුවක් මැණිකෙ

එයාටත් හිටියා සැමියෙක්. මනුස්සයා හිටියෙ විදෙස්ගතව. මටත් හිටියා බිරිඳක්. ඇය නම් හිටියෙ ජීවිතේ දෙකට බෙදලා ඔෆිස් එකට බාගෙකුත්, යාළුවන්ට බාගෙකුත් බෙදලා. අපි හිතින් සහ ගතින් වෙන් වෙලා හිටියෙ. අර මුල් දවස්වල මම අවුල් වෙලා හිටියෙ, මං හැබෑවට ආදරේ කරපු ගැහැනිය හැර ගිය හින්දා. එහෙම සිද්ධියක් ඉතිං කසාද ගෑනි පිට ගියාට වඩා පිරිමියෙකුට අවුලක් දැනෙන දේවල්. 

පිරිමි අවංකව ආදරය කරන්නෙ අම්මටයි හොර ගෑනිටයි විතරයි කියලා කතාවට කියනවනෙ

ඔය අතරෙනෙ මෙයා හමුවුණේ. මුණගැහෙන්නෙ ඔෆිස් කියුබිකල් එකේදි. මං සාමාන්‍යයෙන් ගෑනු සහ රිලේෂන්ෂිප්ස් සම්බන්ධයෙන් බොහොමයක් පිරිමි දාගන්න කන්ඩිෂන්ස් සහ ගයිඩ්ලයින්ස්වලට එකඟ නෑ. එකම ඔෆිස් එකේ ගෑනියෙකුට ආදරේ කරන්නෑ, ඩිවෝස් වෙන්නෑ, කසාද බඳින්නෑ, ආයෙ කාටවත් කවදාවත් ඇත්තට ආදරේ කරන්නෑ වගේ කන්ඩිෂන්ස් දාගත්තු පිරිමි මට හම්බෙනවා. උන් මගේ යාළුවො වුණත්, මං උන්ට මොකුත් කියන්නෑ. මට මොකද්ද තියෙන අයිතිය මම හිතන විදියට ම අනිත් උන්ටත් හිතවන්න. මං නං කියන්නෙ කන්ඩිෂන්ස් නැති තරමට ආදරේ හොයාගන්න ලේසියි. මට හොඳටම සෙට් වෙන ගෑනි මගේ ඔෆිස් එකෙන්ම හම්බෙන්න පුළුවන්. ඒ වෙද්දි මම කසාද බැඳලා හිටියොත්, මට ඒ ගෑනිව ඩිවෝස් කරන්න වෙන්න පුළුවන්. මං එයාට ඇත්තටම ආදරේ කරනවානං, එයාත් කැමතියි නං අපි කසාද බඳින්නත් පුළුවන්. ඉතිං එහෙම වෙලා තියෙද්දිත් තවත් කෙනෙකුට ආදරේ හිතෙන්නත් පුළුවන්. අපිත් මිනිස්සුනෙ ඉතිං.

ඔයා ඔය විදියට ම මාත් හැඟීම් තියෙන ගෑනියෙක් කියලා හිතන්න කැමතියි ද?

මේ කතා බහ අතරෙත් එයයි මායි මුණගැහෙන​ව කාර්යාල වෙලාවෙත්, ඉන්පසුවත්. එයා දැන් දැන් ඔෆිස් එකේදි අපිට ඉඩක් ලැබුණොත් හැසිරෙන්න ලේසි විදියට අඳින්න පටන් අරගෙන. දැන් මේක තරමක් තල්ලු වෙවී යනව බැඳීමක පැත්තට. අපි ආදරෙයි කියල නොකියා කියනවා. මං හිතන්නෙ අපි එකිනෙකාට ආදරේ වග පෙන්වනවා. රස කෑමක් ඔෆිස් එක ඇතුළෙ බෙදාගෙන ගියොත් එයා තියාගන්නව කෑල්ලක් මට. මාත් තියාගන්නව කෑල්ලක් එයාට. ඉඳලා හිටලා මගේ වයිෆ්ගෙන් මගේ ෆෝන් එකට එන කෝල්වලට එයා ආන්සර් කරනවා. මම හදිසි වැඩක බව කියලා පණිවුඩය අහගන්නවා. ඉඳලා හිටලා මගේ හිත රිදවලා මගේ මූනෙන් හිනාව අතෑරවපු අර පරණ හොර ගෑනිගෙන් මගේ ෆෝන් එකට එන කෝල්වලට එයා ආන්සර් කරනවා. ආන්සර් කරලා අපි දෙන්නා දැන් වැදගත් වැඩක මුළු ලෝකෙන්ම හැංගිලා ඉන්න වග එයාට නොකියා කියනවා. ඔහොම අපේ කාලය ගෙවෙනවා. එයාගෙ මනුස්සයා රට ඉඳන් එවපු චොක්ලට් මම එයාට කවනවා. මගේ ගෑනි උදේ ඔෆිස් යන්න කලින් හදිස්සියට උයපු ත්‍රීපීස් බත් එක එයා මට අනලා කවනවා. දැන් දැන් මං හිතන්නෙ ඔෆිස් එක ඇතුළෙත් අපි දෙන්නගෙ පූසා-මීයා සෙල්ලම ගැන දන්නව.

අද මොකද අපි කරන්නෙ?

හිත දෙදරණ ගානට කේන්ති ගියේ එයා මට බොරුවක් කියපු හින්දා. එයා ලස්සනයි. රට ඉන්න මිනිහාත්, එහා පුටුවෙ ඉන්න මමත් ගැන දන්න පිරිමි පවා එනවා පස්සෙන්. එයා ඒකට ආසයි. එයා දන්නවා ගානට වාත වෙද්දි නවත්තගන්න විදිය. මාව විතරයි එයාට නවත්තගන්න බැරි වුණේ. මොකද මම එයාගෙන් කැමැත්ත ඇහුවෙ බෑ කියාගන්න බැරි විදියකට. අනිත් අය එන ටිපිකල් විදි දන්න නිසා එයාට ලේසියි ඕන තැනදි නවත්තගන්න. ඒත් මම හැමදාමත් එයාට කියනවා, ගෑනු සම්බන්ධයෙන් මට වඩා නරක විදියට මහන්සි වෙන පිරිමි ඉන්නා වග. එයා හිනාවෙලා මගෙ ලිඟුව තද කරලා අල්ලගන්නව. ඊටපස්සෙ ඒකට සිද්ධ වෙන දේවල් එක්ක මට ඔය වෙන බණ කියන්න හිතෙන්නෑ. ඔය අස්සෙ දවසක තමයි එයා මට මුල්ම බොරුව කියන්නෙ. 

කවුද අප්පෙ ඒ?
මට ඔය ප්‍රශ්නෙ අහන්න වුණේ බත් කන අතරෙ නුහුරු අතින් එයා මෙසේජ් කරන්න ගත්තු නිසා. මම සාමාන්‍යයෙන් එයාගෙ ෆෝන් එකට එබෙන්නෙ නෑ. එයාට මගේ ළඟ ඉද්දි වෙන කිසිම දෙයක් අදාලත් නෑ. ඒ වගේම බත් කන වෙලාවක එයා මෙසේජ් කරන්නෙත් නෑ. ඉතිං මේ අමාරු වෙලාවෙ කාටද මේ මෙසේජ් කරන්නෙ කියල මම ඇහුවා. එයා හිනාවෙලා ඒ යාළුවෙක් වග කිවුවා. මම හා කිවුවත් හා සතුටට පත් වුණේ නෑ ඒ උත්තරෙන්. එයා දාපු හිනාවේ පවා ව්‍යාජ බවක් මට දැණුනා. ආයෙත් මෙසේජ් එකක් ආවා ටිකකින්. ඒ මොහොතේ එයා හිටියෙ නිරුවතින්. එයා රිප්ලයි කරන්න ගත්තු නිසා, මම ඇඳේ ඇතුළු පැත්තට කකුල් දාගෙන හිටපු එයාව ඇඳ කෙළවරට අරගෙන ඇඳ විට්ටමට හේත්තු කළා. ඇයගෙ දෙකකුල් පළල් කරලා තුම්මුල්ලෙ මම මුහුණ ඔබාගත්තෙ ඇයව මේ මෙසේජ් දැහැණින් මුදවන්න හිතාගෙන නෙමෙයි. ඇඳ කෙළවරේ විට්ටමට ඇය හේත්තු වුණාම ඊට එහා පැත්තෙ ගහපු බාල හෝටල් කණ්නාඩියෙන් මට එයාගෙ ෆෝන් එකේ කරන දේවල් පේන්න ගත්තා. එයා මෙසේජ් කරන්නෙ මම දන්න මනුස්සයෙකුට. ගෑනු සම්බන්ධයෙන් ඒ තරං හොඳ නැති මනුස්සයෙකුට. මාත් හොඳ නැති වුණාට, මගේ දොඩං වත්තෙදි මට අනිත් මිනිස්සු හොරු වගේ පේන එක නවත්තගන්න තරං දහමක් තාම මේ ලෝ තළේ ශාස්තෘවරයෙක් පසක් කරගෙන නෑනෙ.

මොන හුත්තකටද ඌ ඔයාට මෙසේජ් කරන්නෙ?
මේ ප්‍රශ්නෙ නං මම බෝල්ඩ් කරලා දැම්මට මොකද මේක මම එයාගෙන් ඇහුවෙ නෑ. අපි මෙහෙම ප්‍රශ්න මේ වෙනකං අහගෙන තිබුණෙ නෑ. ආදරේ කරලා කරලා දෙකකුල් පණ නැතුව ඉද්දිත් එයා මට තේකක් හදාගෙන එන්න ගිය ගෑනි. එහෙව් ගෑනිගෙන් මෙසේජ් කිරිල්ලක් ගැන ප්‍රශ්න කරන්න මට බෑ. ඒත් ඒ කතා කරන්නෙ තිරිසනෙක්. ඊටත් වඩා මෙයා මට කිවුවනෙ බොරුවක්. තිරිසනාව හංගන්න ගෑනියෙක් බොරුවක් කියන බව දන්න පිරිමියාට කීයටවත් හිතෙන්නෑ "මේ මගේ හිතට අනවශ්‍ය දුකක් ඇතුළුවීම වළක්වන්න හදනවා" විත්තිය. අපි හිතන්නෙම අපිට "කොළේ වහලා අරූ එක්ක හැමිණෙන්න හදනවා" කියලා. ඉතිං මට කේන්තියි.

පරණ යාළුවෙක්
හිත රිදුනා මගේ කවදාවත් නැති තරමට. ෆෝන් එකේ ඇරෙන්න ඇත්ත ජීවිතේ මුණගැහුණම තිරිසනා මේකි ගාවදි හැසිරෙන්නෙ කාලයක් ඉඳන් දන්නවා වගේ. මෙයත් ඒවට උඩගෙඩි දෙනවා. දැන් දැන් හිත රිදෙන තරම දවසකට පස් හය වතාවක් දක්වා උඩු දුවලා. මං එයාගෙ ෆෝන් එකට හොරෙන් එබුනු දවසක උගෙ නම සේව් කරගෙන තියෙන්නෙ කිසිසේත් නොගැලපෙන නමකින් කියලත් දැනගන්නවා. නම මාරු කළාට වට්ස්ඇප් එකේ පින්තූරෙට බොරු කරන්න බැහැනෙ. ඉතිං මගෙ හිත තවත් කැඩෙනව. හොර ගෑනිට රිද්දන්න මම තව හොර ගෑනියෙක් හොයනව. එයා කරපු විදියටම එයා ඉන්න අතරෙ ඒ අය එක්ක මෙසේජ් කරනවා. කවුද කියලා ඇහුවම පරණ යාළුවෙක් කියලා මම කියනවා. ඒ කීමෙන් සෑහීමකට පත් වෙලා එයා නිසොල්මන් වෙනවා. මම ඉතිං ඒ උත්තරෙන් පිච්චෙනවා. මේ ගෑනිට මං පිට ගියාට ගානක් නැද්ද? කියලා හිතෙනවා. නැත්තං මම පිට යයි කියල නොහිතෙන තරමට මාව විශ්වාස කරනවද? කියල හිතෙනව. මෙහෙම වම දකුණ දදා හිතන්න ගිහින් හිතටත් මහන්සියි. ඔන්න ඔය උලව් නිසා තමයි මට මුලින්ම අරක්කු බොන්න හිතුනෙ.

අද නං ගෑනිට බොරුවක් කියන්න බෑ බබා
මුල්ම දවසෙ පමණට වඩා බීලා ගෙදර යන්නෙ ඌබර් සහයෙන්. ඇඳට වැටිලා පහුවදා නැගිට්ටම ඌබර් එකේ ආ බව දන්නෙ ඇවිත් තිබුණු නොටිෆිකේෂන්වලින්. තරු පහක් දෙන්නලු. ටිප් එකක් දෙන්නලු. මං ටිප් වෙලා හිටියෙ. ගෙදර ගෑනි දෙහි පොවනවා. හොර ගෑනි ලෙලි යන්න බනිනවා. හොර ගෑනිට රිද්දන්න ගෙනාපු හොර ගෑනි මං බීපු එක ගැන දුක් වෙනවා. ඔය ලයිම් ජූස් බිබී ඉන්න අතරෙ තමයි මට හිතුනෙ මෙයාට රිද්දන්න හරියන්නෙ තවත් හොර ගෑනියෙක් නොවෙන වග. මගේ කසාද ගෑනි ඉද්දි මොකටද තවත් ගෑනු කියලා මම එඩිතර තීරණයක් ගන්නවා. සියළු වැරදි අමතක කරනවා. එයත් එක්ක එයාගෙ යාළුවොන්ගෙ පාටිවලට යනවා, එයාගෙ ඔෆිස් එකේ දේවල් කතා කරනවා, උදේට උයන්න උදව් වෙනවා, සෙක්ස් කරද්දි එයාගෙන් මම කිසිවක් නොඉල්ලා ඇයව තුටු කරන දේ මම දෙන්න පටන් ගන්නවා. එයත් හදිස්සියෙ හාෆ්ඩේ දාලා එන්න පටන්ගන්නව, කොෆිෂොප් ඇතුළෙ මම එයාට කටට දෙනවා, මම තියපු හිකී එකක් එයා ටැටූ එකක් කරගෙන මාව සර්ප්‍රයිස් කරනවත් එක්ක. මම ඉතිං ඕවට අහු වෙනවා. මොකෝ ඉතිං පුරුදු වෙන්න අහුවෙන එකක්යැ. ඒ අතරෙ හොර ගෑනි හවසක එහෙ එන්න කියනවා. ඒ කියද්දි තමයි මම ඔය උඩින් තියෙන බෝල්ඩ් කරපු දේ කියන්නෙ.

මට මගේ හිත හදාගන්න විදියක් කියන්න?

දවසක් තිරිසනා මාව මුණගැහෙන්න ඇවිත් ඌ මට කියනවා, මගේ හොර ගෑනිගෙයි උගෙයි සම්බන්ධයක් තියෙන බව. එනිසා උගෙ අලුත් කෙල්ල එක්ක මගේ කිට්ටුවන්ත බව උට දරාගන්න බැරි බව. මං එළ කියල කතාව නවත්තන්නෙ ඒක හේතුවක් කරගෙන හොර ගෑනිවත් ඈත් කරන්න හිතාගෙන. මොකද දැන් දැන් මම මගෙ කසාද ගෑනිට තියෙන ආදරේ කවරදාටත් වඩා වැඩිවෙලා. හැබැයි ඉතිං නිකං යන්න බෑ. අවුලවන්න ඕන. එනිසා මම උගේ ඉල්ලීම ගැන හොර ගෑනිට කියනව. මං ඒ ඉල්ලීම කියන්නෙ කලින් දවසක බාල හෝටල් කන්නාඩියෙන් මම දැකපු චැට් එක ගැන කතාවත් කියන ගමන්මයි. හොර ගෑනි ගැහෙනව. ඒ මොහොතෙම තිරිසනාට කතා කරල ඈ බනිනවා අතිශය නරක විදියට. තිරිසනා සමාව අයදිනව ඇයගෙන්. ඌ පොන්නයෙක් ව​ගේ අඬනව. මං හිතුවෙම නෑ ඌ ගෑනියෙක් ගාව එහෙම ඇඹරෙන විත්තිය. අන්තිමටම ඌ ඒකිගෙන් අහනව එකම එක දෙයක්. ඒක තමයි මේ කෑල්ලෙ උඩ බෝල්ඩ් කළේ. අරකි ඒ අන්තිම වචනෙ ඇහුණු ගමං කෝල් එක කට් කරනව. ඊටපස්සෙ මගෙ දිහා නිරුත්තරව බලං ඉන්නව.

අනේ මටත් බොරුවක් කියනවද?
ඊටපස්සෙ එයා කියන්න ගන්නව කතාවක්. තිරිසනා පස්සෙන් ආපු හැටි. තිරිසනාට මගෙ සෙල්ලම් බඩුවම ඕන වුණු හැටි. මෙයා ටිකක් කල් තිරිසනාව මඩවපු හැටි. පස්සෙ පස්සෙ මෙයාට තිරිසනා ගැන ඇත්තටම ආදරේ හිතුණු හැටි. ඔය අතරෙ මට වෙන හොර ගෑනු ඉන්න බව දැනගත්තු හැටි. ඒ අය එක්ක ඉන්න ෆොටෝ මගෙ ෆෝන් එකෙන් දැකල එයා අඬපු හැටි. මං නිරුත්තර වෙලා බලං ඉන්නව. ඒ දුක පිටින් වුණත් මං ගැන කේන්ති ගන්න බැරි නිසා එයා තිරිසනාට ආදරය කරපු හැටි. ආදරය කළත් ළඟට නොගිය හැටි. අතින්වත් අල්ලපු නැති හැටි. එයා හිතනව අතින් ඇල්ලුවෙ නැති නිසා මට දුක නොහිතේවි කියල. හොර ගෑනි වුණත් එයාටයි මං ආදරේ. ඉතිං වෙනිං එකෙකුගෙ අතින් ඇල්ලුවනං දුක අඩුයි. වෙනිං එකෙකුට ආදරේ හිතුනු එකයි මට දුක. මං ඒක එයාට කිවුවෙ නෑ. ඕවා තේරුං කරවන එක මේ කතාව දිග්ගස්සනව. ඉක්මනට ඉවර කරන්න ලේසි පැහැදිලි කිරීම් අඩු වෙන තරමට. මං කතාව ඉවර වෙනකං බලාගෙන හිටිය. එයා අන්තිමටම කියපු දේට මං දීපු උත්තරේ තමයි මං මේ කෑල්ලෙ උඩින් බෝල්ඩ් කළේ. ඒ මදිවට කතාවෙ හෙඩිමට දැම්මෙත් ඒක. එයා මට කිවුවෙ...

මං ඔන්න ඔයාට සම්පූර්ණ ඇත්ත කිවුව. මාව විශ්වාස කරන්න


Monday, July 10, 2023

තුසිත රාමවික්‍රම අභාවප්‍රාප්ත වෙයි

 තමුන් මේ මිනීමැරුම සම්බන්ධයෙන් වැරදිකරුද? නිවැරදිකරුද?

වැරදිකරු ස්වාමීණී

එෂාන් ට මේ දේවල් හීනයක් වගේ. කාලෙකට කලින් එෂාන්ට මැරිලා යන්න හිතිලා තිබුණෙ. දැන් එෂාන් මිනීමරුවෙක් විදියට උසාවියක් ඇතුළෙ. කවුරුහරි එෂාන්ව මරයි කියලා එෂාන්ව බේරගන්න පොලීසීයෙ අය ළඟින් ඉන්නවා. එෂාන්ටත් ඕන වෙලා තිබුණෙ මැරෙන්න. හැබැයි සුව මනසෙන් එෂාන්ට මැරෙන්න දුන්නෙ නෑ.

 **********************************

ආයුබෝවන් සුව ​​මනස වෙත ඇමතීම ගැන ස්තූතියි අපිට ඔයාගෙ නම කියන්න පුළුවන්ද?

මම එෂාන්

එෂාන් ඇයි ඔයාට අපිට කතා කරන්න හිතුනෙ

මට මැරෙන්න හිතුනා

මේ විදියට දවසකට කෝල් බර ගානක් සුව මනසට ලැබෙනවා. සුව මනසෙන් ඒ මිනිස්සුන්ගෙ මනසට සුවයක් ගේන්න වැඩ කරන බවත් පේනවා. කොටිම්ම කාලෙකට පස්සෙත් සුව මනස එක්ක අර මිනිස්සුන්ගෙ තියෙන යාළුකම බලද්දි සුව මනස සේවාවවකටත් වඩා දුර ගිය පිංකමක් කියල හිතෙනව. සුව මනස ආයතනය පවත්වාගෙන යන්නෙ පිරිමි ළමයි පස් දෙනෙක් එකතුවෙලා. ඒ පස්දෙනාම යාළුවො. එයාලා රස්සා වගේම ව්‍යාපාර කරනවා. සුව මනස ගැන එයාලා පස්දෙනාම බලනවා. කෝල් ආන්සර් කරන්න විතරක් එයාලා ගෑනු ළමයෙක්ව තියාගෙන ඉන්නවා. එයාලට ඔෆිස් එකක් නෑ. ඔන්ලයින් තමා මනස සුවපත් කරන්න පුළුවන් තරමකින් වැඩ කරන්නෙ. එයාලා පස්දෙනාම උපාධියක් විදියට මනෝවිද්‍යාව හදාරපු අය. ඒ නිසා ම යාළුවො වුණු අය.

**********************************

හිටපු අගමැති මරා දැමූ එෂාන් වෙනුවෙන් මිනිස් ගඟක් ගෝල්ෆේස් පිටියට

එෂාන් කළේ නීතියෙන් පස්ස ගහපු වැඩක් - නීතිවේදීන්ගේ සංගමය කියයි

එෂාන් වගේ තව දරුවො දහයක් හිටියනං අපිට මේ රට නැතිවෙන්නෑ - විදෙස්ගත ශ්‍රමිකයන්

පත්තර ටීවී ඇතුළෙ එෂාන් දැන් ප්‍රසිද්ධයි. එෂාන් මැරුවෙ දේශපාලකයෙක්ව. ඒ යකා මේ රට වලපල්ලට ඇදගෙන යන්න හේතු වෙච්ච එකෙක්. එෂාන්ට මේ වැඩේදි තව යාළුවො දෙන්නෙක් හම්බුණා. ඒ දෙන්නව මුණගැහුනෙ සුව මනසෙ මාසෙකට වතාවක් තියෙන ගෙට්ටුගෙදර් එකකදි. කවදාවත් නොදන්න යාළුවො තුන්දෙනෙකුගෙ මුණගැහීම සිද්ධ වුණේ සුව මනස නිර්මාතෘ සිරිමෙවන් එක්ක කතා කර කර ඉන්න අතරෙ. සිරිමෙවන් තමයි තුන්දෙනාට තුන්දෙනාව හඳුන්වලා දුන්නෙ. එදා සිද්ධ වෙච්ච යාළුකමෙන් පස්සෙ සතියකට වතාවක් සුව මනසෙන් ගන්න ඔන්ලයින් කෝල් එකට යාළුවො තුන් දෙනා එක්ක එකම වෙලාවෙ සම්බන්ධ වුණා. ඒ තරං ඒ අයට ඒ අයගෙන් හංගන්න දෙයක් තිබුණෙ නෑ.

**********************************

එෂාන් මොකද හිතන්නෙ සුව මනස ගැන.

ඇත්තටම හොඳ වැඩක් සිරිමෙවන් අයියෙ.

මට ඒකෙන් හොඳ යාළුවො දෙන්නෙක් ලැබුණා.

ආරංචියි ආරංචියි තුන් දෙනා එක්ක ට්‍රිප් එහෙමත් යනව කියල.

එෂාන්ට මැරෙන්න හිතිලා තිබුණෙ ගෑනු ළමයටයි එයාටයි නිදහසේ ජීවත් වෙන්න අමාරු නිසා. ඒක තරමක් දිග කතාවක්. එෂාන්ගෙ යාළුවො දෙන්නගෙන් එක්කෙනෙකුට තිබුණෙ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට මුල සල්ලි ප්‍රශ්නයක්. අනිත් යාළුවා නං පුංචි කාලෙ පටන්ම ඔළුව විකාර කරගෙන හිටියෙ අම්මගෙයි තාත්තගෙයි රණ්ඩු නිසා. අන්තිමට යාළුවො තුන්දෙනාට මහා ලොකු අරමුණක් නැතත් ජීවත් වෙන්න තරම් වටින යාළුවො තුන්දෙනෙකුව හරි හම්බුණා. ඊටත් වඩා එයාලා මෙච්චර කල් හතුරෝ කියලා හිතාගෙන හිටපු ඉලක්කය වෙනස් වුණා. එෂාන්ට හතුරො වුණේ එයාගෙ පෙම්වතියගෙ දෙමව්පියන්. අනිත් යාළුවාට ඔහුගේම දෙමව්පියන්. අනිත් යාළුවා වැරැද්ද පටවලා තිබ්බෙ මත්කුඩු හඳුන්වලා දුන්නු අයියා කෙනෙකුට. දැන් එයාලට තේරෙනව මේ වැරදි තුනේම නූල් පොට නවතින්නෙ දේශපාලකයො ගාව කියලා. සුව මනස නිසා ලැබුණු මානසික සුවය තවත් වැඩි වෙනවා වගේ දැණුනා තුන්දෙනාගෙ හිතට.

**********************************

මේක මචං සිරිමෙවන් සර් එක්ක කතා කර කර ඉද්දි කටින් පැන්නෙ

මොකද්ද?

අපෙ ගෙවල් පැත්තෙ කුඩු සීන් එක ගෙනියලා තියෙන්නෙ ඔය රාමවික්‍රමයා.

ඉන්ද්‍ර රාමවික්‍රම ගැන මුළු සමාජයේම තිබ්බෙ අපැහැදීමක්. හොරකම සහ පවුල් පාලනය තමයි ඉන්ද්‍රගෙ නමට තිබුණු ලොකුම අවුල. මිනිස්සු ඉන්ද්‍රව එළවන්න හැදුවත් ඉන්ද්‍ර කියන්නෙ යනවා කියන වචනෙ දන්න චරිතයක් නෙමෙයි. එනිසා මිනිස්සු මේ හිසරදයෙන් ගැලවෙන්න විදියක් නැතුව හිටියෙ. ඉන්ද්‍ර උවමනාවටත් වඩා පරිස්සම් වුණු කෙනෙක්, ඉතිං කාටවත් ඉන්ද්‍රට නං කරදරයක් වෙයි කියල හිතෙන්නෑ. එනිසා හැමෝම වගේ ඉන්ද්‍ර ස්වභාවිකවම මැරිලා යන්න සාප කර කර හිටියෙ. කවුද හිතන්නෙ සියදිවි නසාගන්න උත්සාහ කරපු තරුණයන් එකමුතුවෙලා හිතේ නිදහස සමරණ උත්සවයකට, සහභාගි වුණු ඉන්ද්‍ර රාමවික්‍රමව එතන කුරුම්බා කපපු පිහියෙන්ම පෙතිගහයි කියලා.

**********************************

ඊළඟ වැඩේට කාවද බං යූස් කරන්නෙ?

එෂාන්ව බේරගන්න පුළුවන් වුණොත් ඌවම යූස් කරන්නත් පුළුවන්. ඌ යකා!

සිරිමෙවන් තාම මේසෙ උඩ තිබුණු පත්තරේ "ඉන්ද්‍ර රාමවික්‍රම අභාවප්‍රාප්ත වෙයි" හෙඩිමෙ ඉන්ද්‍රගෙ නම කපලා ලියලා තිබුණෙ ඊළඟ දේශපාලකයගෙ නම විතරයි.



Wednesday, April 5, 2023

මං අන්තිමට ලියන කතාව

 

කාලෙකට පස්සෙ එයයි මායි හම්බුණේ ඊයෙ වේදිකා නාට්‍යය ඉවර වෙලා එද්දි දොර ගාවදි. මං හිතන්නෙ මාස තුනකට විතර පස්සෙ. හිනා වුණා එයත්. මාත් හිනා වුණා. ඒ හිනාව දැක්ක ගමං මට හිතුණේ මෙයා නාට්‍යය පටන් ගන්න කලින් මාව දැක්කා නම් ළඟින් වාඩි වෙන්න හිතාගෙන ටිකට් ගන්න තිබුණු බව, නාට්‍යය පටන් ගන්නකං කතා කරන්න තිබුණු බව, නාට්‍යය අතරේ හෙමින් අත අල්ලන්න තිබුණු බව, ඉවර වෙන වෙලාවෙදි මොනවාහරි කන්න යමුද කියලා අහන්න තිබුණු බව, කාලා බීලා ගෙදරට ගෙනියගන්න වචනයක් දාන්න තිබුණු බව. ඒ ලස්සන හීන ඔක්කොම කැඩිලා බිම වැටෙද්දි එයා හිටියා මගේ ගාව. තාමත් ඒ මම ආසා කරන හිනාව ඒ විදියටම. මුලින්ම ප්‍රශ්නෙ ඇහුවෙ මම.

මං හිතුවෙ නෑ ඔයා මේ වගේ ඩ්‍රමා එකකට කැමති වෙයි කියල.

කැමති දේවල් ම නෙමෙයිනෙ අපි බලන්න ඕන

හ්ම්ම්ම්... හැමදෙයක් ගැනම ඔහොම හිතනවනං කොච්චර ෂෝක්ද?

අනේ පරණ රණ්ඩු ඇදලා ගන්න එපා!

හරි හරි...

මොකද දැන් කරන්නෙ?

බඩගිනියි මොකුත් කාලා නෑ. මොනවහරි කන්න යමුද?

අන්තිමට සිද්ධ වුණේ මම මෙයාව ඩ්‍රාමා එක පටන්ගන්න කලින් දැක්කනං, මේ කතාව අද දවසෙ නවතියි කියලා හිතපු තැනකටම මේ කතාව තල්ලු වෙච්ච එක. හිතට අප්‍රමාණ සතුටක් දැණුනා. හැමදාමත් මගේ ආසාව විදියට මම එයාගේ ආසාව ප්‍රකාශ කළා. ඒනිසා අපි ගියා කන්න මසාල තෝසෙ. ඒ එයා ආසම කෑම. කඩලසෝයාමීට්අල දාපු මිරිස් හොද්දත්, කැරට්වට්ටක්කාපරිප්පු දාපු කිරි හොද්දත්, කොළ පොල් චට්නියත්, රතු ළූනු චට්නියත් පිඟානට හලාගත්තා. කර-කර ගෑවෙන්න සද්දෙ දෙන පේපර් තෝසෙ එක මැද අල බැදුම තිබ්බා දුං දදා. අපි මුලින්ම අල නැති තෝසෙ කෑල්ලක් කොළ සහ රතු පොල් චට්නි අනුපානුවෙන් කෑවා. දෙවැනි කට අල නැති පේපර් තෝසය ගිල්ලපු කිරි සහ මිරිස් හොදි අනුපානුවට. තුන්වැනි කටේ ඉඳන් මේ හැමදේම එකේක සංකලන විදියට පේපර් තෝසෙ මැද හිර වෙලා තිබ්බ අලත් එක්ක බඩට වැටුනා. අතරින් පතර පරිප්පු වඩයක් මසාල තෝසෙ කටේ "මවුත්ෆීල්" එකට වෙනසක් ගෙනාවා. අතරින් පතර ගිනි ගහන ප්ලේන්ටි උගුරක් මේ ඔක්කොම හෝදලා දිව නැවුම් කළා. සම්පූර්ණයෙන් කාලා ඉවර වෙලා උල් වච්ච බඩෙන් නැගෙන අපහසුවේ පහසුව සහ දිව ඉල්ලන පිපාසය නිවන්න අපි මිරින්ඩා බිවුවා. එයා මං දිහා හිනාවෙලා බැලුවා. බඩ පිරුණම ගෑනුන්ට දැනෙනව අමුතු සන්තෝසයක් කියලා මට ඉස්සර හිතිලා තිබුණා. පසුකාලෙක මම තේරුං ගත්තා, බඩ පිරුණම ගෑනුන්ගෙ හිතේ තියෙන ස්ට්‍රෙස් එකක් අයින් වෙන බව. මගේ අදහස ඉස්සරහ කාලෙක තවත් වෙනස් වෙන්න පුළුවන්. 

කකා යන්න පැණිරස දෙයක් ගමු කියලා හිතුවත්, කඩේ කැෂියර් කූඩුව ගාවට එද්දි ගොඩගහලා තිබ්බ උඳු මුරුක්කු පැකට් දැක්කම පැණිරහ ආසාව නැති වුණා. එයා ගත්තා හාරසීයෙ ලොකු මුරුක්කු පැකට් දෙකක්. 

එකක් මට එකක් ඔයාට

මං හිතුවා දෙකම අපි දෙන්නට කියලා

ඒකෙ වෙනස මොකද්ද?

වෙනස තමයි ඉතිං, මං හිතුවා අපි අද ඕක කයි කියලා

තව කන්න බඩේ ඉඩ තියෙනවද?

බඩේ ඉඩ එනකං ටිකක් ඉමු

කොහෙද?

අපේ ගෙදර යං. ජින් බෝතලේකුත් තියෙනව කඩපු නැති.

මේක මට බෑ කියන්න බැරි විදියට ඔයා ඇහුවෙ

ඒ විදියට තමයි එයයි මායි අපේ ගෙදර ආවෙ. ජින් බෝතලේ කැඩුවා. ඒක නිල් පැහැ රට ජින් බෝතලයක්. අපි ඉතිං ඔය ජින්වලට ටොනික් දාන්න තරං රසවන්තයො නෙමෙයි. දෙහි පෙත්තයි අයිස් වතුරයි විතරයි අපි ඉස්සර ඉඳන්ම ජින්වලට දැම්මෙ. බයිට් එකට ගත්තෙ ලුණු සහ ගම්මිරිස් වතුරේ ගිල්ලා තියපු, දිගු තීරු කපපු පිපිඥ්ඥා. අඩුපාඩුවට සද්දෙට හපන්න අපිට උඳු මුරුක්කු පැකට් දෙකකුත් තිබ්බා. ලෑම්ප්ෂේඩ් එක යට නයිට්ස්ටෑන්ඩ් එකේ තිබ්බ කොන්ඩම් පැකට් එකේ තනි කොණ්ඩම් එකක් ඉතුරු වෙලා තිබුණු බව මම සැකහැර දැනගෙනම තමයි, ජින් බෝතලේ කැඩුවෙ. එදා රෑ ගැන මට ​ලොකු බළාපොරොත්තු තිබුණා. 

ජින් බෝතලේ මැදක් යද්දි අපි හිටියෙ මර්වින් පෙරේරා කියන උත්තමයාගෙ "කතරක තනිවී ඔබ යන අයුරු පෙනි පෙනී" අහන ගමං. ඒ වෙලාවෙ මේ ලෝකෙ මං වැඩිපුරම ආදරේ කරපු සහ කරන සහ කරන්න බළාපොරොත්තුවෙන් ඉන්න ගෑනිගෙ ඔළුව තිබ්බෙ මගේ වම් උරිස්ස උඩ. මගෙ දකුණු අත ඇයගෙ පොල්කා ඩොට් ගවුම අතරින් රිංගලා සිනිඳු කලව අතගාන ගමං. මගේ වම් අතේ තිබුණු අඩක් කාපු පිපිඥ්ඥා කෑල්ලෙන් මං එයාගෙ නිරුවත් අත් බාහුවේ සීතල රටා අඳින ගමං හිටියෙ. මගේ මුව රස දුන්නෙ මං කැමතිම මධු රසයෙන්. මගෙ හිතේ තිබ්බෙ මම කැමතිම මත් ගතිය. ඒ වගේ මොහොතක හිමසිල මුදුනත සිටියත් මහද ගිනිගන්නවා තමයි.

අපි මේ ආයෙ යන්න හදන්නෙ නවත්තපු ගමනක් නේද?

ගමන් නවතින්නෑ. පෙට්‍රල් ඉවර වෙනව, වාහන කැඩෙනව, මිනිස්සු බහිනවා.

පණ්ඩිත වෙන්නෙපා ඔච්චර

මගෙ මොන පණ්ඩිතකමක්ද මැණිකෙ?

හරි දැන් ඔයා හිතේ හිරකරං ඉන්න දේ අහන්න මගෙන්

කුක්කු චුට්ටක් බිවුවට කමක් නැද්ද?

ඔයාගෙ ජීවිතේ ඔයා හුරතල් විදියට කියන එකම දේ ඕකම විතරයිද කොහෙද?

ජින් මතින් එන පිපාසයෙන් රෑ මැද ඇහැරෙන්න හදද්දි ඇගෙ කකුලක් මගේ නිරුවත් යටිකය වෙලාගෙන තිබුණා. මගේ නිරුවත් උඩුකය ඇගේ සිනිඳු අත්බාහුවලින් බැඳගෙන තිබුණා. මම හෙල්ලුණේ නෑ. පිපාසයෙන්, මත් බවින්, ප්‍රීතියෙන් මම මගේ කාමරේ ලී පටි සිවිලිම දිහා බලාගෙන හිටියා නිසොල්මනේ. අත දාලා ඇඳ කොණේ තිබ්බ නයිට්ස්ටෑන්ඩ් එකෙන් ෆෝන් එක ගත්තා. මෙසේජ් තිබ්බා ගොඩක්. සාමාන්‍යයෙන් මම කොයිතරම් වැඩ රාජකාරි සහ කොයිතරම් වැදගත් දේ මැද හිටියත් නොටිෆිකේෂන් පැනල් එක හිස් වෙනවට කැමති මිනිහෙක්. එනිසා මම එකින්එක කියවන්න බලන්න ගත්තා. කෝල් මොකුත් නෑවිත් තිබීම හිතට සැහැල්ලුවක්. ගෘප් මෙසේජ් කීපයක් උඩින් යටින් බලලා අයින් කළා. ඉඩං විකුණන, ඔෆර් දෙන මෙසේජ් ටිකත් නොබලම තල්ලු කළා. ඉතුරු වුණේ යාළුවොන්ගෙ ආතල් ටිකක් එක්ක නොදන්න නම්බර් එකකින් මෙසේජ් එකක්.

තව මාස තුනක් ඇතුළත අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවානං, ඔයා පුරුදු වෙන ස්කිල් එක මොකද්ද?

 **************************************

මගේ හිතට බයක් නං දැනුනෙ නෑ. ඒත් මං කල්පනා කළා ටිකක් ඒ ආපු මෙසේජ් එක ගැන. තව ජීවත් වෙන්න තියෙන්නෙ මාස තුනයිනං මට ඒකට ඇතිවෙන්න සල්ලි තිබුණා. ඒ කියන්නෙ ඉස්සරහා මාස තුන මං හම්බුකරන්න ඕන නෑ. මෙයත් මාත් එක්ක තව මාස තුනක්වත් යනකං තරහා වෙන එකක් නං නෑ. කොහොමත් අපිට රණ්ඩු නොවී මාස පහක් විතර ඉන්න පුළුවන් කියල මීට කලින් රණ්ඩු වෙවී... යාළු වෙවී... දුව පැන හිටපු කාලෙ ඉඳන් මං තේරුං අරං තිබ්බා. මං මේ ඉගෙනගන්න ස්කිල් එක ඉක්මනට ඉගෙනගන්න පුළුවන් වෙන්නත් ඕන. මොකද මට ඉතුරු මාස තුනක් විතරයි. ස්කිල් එකෙන් වැඩක් ගන්න කාලයක් තියෙන්නත් එපැයි. ඒ මාස තුන ඇතුළෙ උපරිම ආනන්දයක් විඳිය හැකි ස්කිල් එකක් වෙන්නත් ඕන. නැත්තං මගෙ මහන්සිය අපරාදෙ. මට හිතුනෙ නෑ හොඳ උත්තරයක්. ඉතිං මං ඒ මෙසේජ් එකට රිප්ලයි එකක් දැම්මෙ නෑ. රිප්ලයි දාන්නත් මං ඒ කවුද කියලා දන්නෙත් නෑ. ඒ මනුස්සයා අහපු දේ වටිනාකම නිසාම, මට ඒ මනුස්සයා කවුද කියල හොයන්නත් අමතක වුණා.

උදෑසන ගෙවුනෙ රෑ නවත්තපු තැනින්. එතනින් දවස පටන්ගත්තම ඇඟට තිබ්බෙ පුදුම උපදවන සුළු නිදහසක් එක්ක උද්යෝගයක්. කෑම හදන්න පටන්ගද්දි තමයි UFC මැච් පටන්ගන්නව කියල මතක් වුණේ. දෙන්නම ආසා නිසා මැච් බලන්න වාඩි වුණාම කෑම උයන්නැතුව ඕඩර් එකක් දාන්න හිතුවා. ඉන්දියන් කෑම ඊයෙත් කාපු නිසා අපි අද උදේට ගත්තෙ රතු බත් පාර්සල් දෙකක්. බත් කන ගමං මත්බව කන්ටිනියු කරන්න බියර් ටිකක් ෆ්‍රිජ් එකෙන් ගත්තා. එයා බෑග් එකෙන් ඔතපු ජොයින්ට් එකක් ගත්තා. බාගෙට කාලා ෆ්‍රිජ් එකට දාපු පුහුල් දෝසි පැකට් එකකුත් ළඟට ආවා. මේ ඔක්කොම වෙද්දිත් මගේ හිතේ තිබ්බෙ ඊයෙ ආපු මෙසේජ් එක ගැන. මම එයාට ඒක කිවුව. එයාගෙ මූනෙ බයක්වත් පුදුමයක්වත් නෑ. එයාගෙ මූනෙ තිබ්බෙ හිනාවක්.

ඊයෙද ඕක දැක්කෙ?

ඊයෙ තමයි ඕක ආවෙ

බොරු! ඕක මමනෙ එවුවෙ

ඒ නම්බර් එක?

මගෙ අලුත් ඔෆිස් නම්බර් එක ඒ...

මම අතට ගත්තා ෆෝන් එක. ඒ නම්බර් එකට කෝල් කරද්දි එයාගෙ බෑග් එක ඇතුළෙන් ෆෝන් එකක් රිං වුණා. ඒ මෙසේජ් එක ඇවිත් මාස 3ක්. හැම මොහොතෙම නොටිෆිකේෂන් හිස් කරන මට ඇයි මේක නොපෙනුනේ. නොපෙනී අයින් වෙලා තිබිලා මෙයා ගෙදර ආපු දවසෙම මේක මතු වුණේ කොහොමද? මගේ හිතේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. මං ඒවා එයාගෙන් අහලා නිකං හිටියෙ. එයා දුන්නා පිළිගන්න පුළුවන් විදියෙ උත්තරයක්.

මාස තුනකට කලින් මම ඔයා ළඟ ඉද්දිමයි ඔය මෙසේජ් එක එවුවෙ. ඉතිං මම ම ඒ මෙසේජ් එක අන්රීඩ් විදියට ම හයිඩ් කළා. නොදන්න නම්බර් එකක් නිසා ඕක ඔයාට නෝට් වෙන්නෙත් නෑනෙ. ඊයෙ ගෙදර ආවම රෑ මං ඒ චැට් එකට ම රිප්ලයි එකක් දාලා ඩිලීට් කළා. එතකොටයි ඔයා ඒක  පොපප් වුණු නිසා බැලුවෙ. මගේ ළඟින් බැහැලා ගිහින් ඒ නම්බර් එකට කෝල් කරයි කියලා තමයි මම ඔයාව රෑ බදාගෙන හිටියෙ.

ඇයි ඉතිං මෙහෙම දෙයක් කළේ? කියලා මං ඇහුවම එයා හිනාවුණා. එතකොට ටීවී එකේ පොර බදන්නෙ නම නොදන්න අලුත් ​කොල්ලො දෙන්නෙක්. එයා මොකුත් නොකියා බෑග් එක බැලුවා. බෑග් එකේ වැස්ලීන් දාන පොඩිබෝතලේ මගෙ අතට දීලා එයා ආයෙත් හිනා වුණා. ඊයෙ දවසම කන බොන වෙලාවට මේක තිබ්බෙ එයා ගාව.

ඔයා දැන් ඉගෙනගන්න ස්කිල් එකක් හිතුවද?

මට ඉගෙනගන්න තරං ස්කිල් එකක් මොකද්ද කියලා හිතුනෙ නෑ.

ආයෙත් එයා හිනා වුණා. ඒක මහ නරුම හිනාවක් කියලා දැන් තමයි මට තේරෙන්නෙ. මට හිතාගන්න බෑ. ජොයින්ට් එකයි බියර් එකයි, ඊයෙ රෑ ජින් එක්ක වැඩ කරලා ඔළුව බර කරලා වගේ. එයා නං සැහැල්ලුවෙන් හිටියා කියලා තේරුණෙ. ඒ මදිවට මේ ප්‍රශ්නෙ මගේ හිත පුච්චනව. ඒකයි ඒකටත් එයාටම උත්තර දෙන්න ඉඩ දුන්නෙ.

ඔයාට ඉගෙනගන්න තිබ්බ ස්කිල් එක තමයි මගෙත් එක්ක ඉන්න තරං සැහැල්ලුවෙන් අනිත් ගෑනු එක්ක ඉන්න එක. ඒක ඔයාට කියන්න මට ඕන වුණා. ඒත් ඔයා අනිත් ගෑනු එක්කත් මෙහෙම ඉන්න හුරු වෙයි කියල මට ම පස්සෙ ඊරිසියා හිතුනා. අනික මටත් දැන් හිටියා ඇති වගේ. ඔයාත් ඒක නිතරම කියනවනෙ. ඔයාටත් හිටියා ඇති කියලා. ඔයාට ඉගෙනගන්න ඉතුරු ස්කිල් එක මම ඔයාට මාස තුනකට කලින් කිවුවා. ඔයා ඒක දැනගනිද්දි ඒකට පරක්කු වැඩියි. දැන් ඉතිං අපි හිටියා ඇති. ඔහොම ඇළවෙන්න මගෙ උකුලෙන්. ඔයාට තව ටික වෙලාවක් තියෙනව ඕන නං තව එක කතාවක් ලියන්න.

එයා වැස්ලින් බෝතලෙන් ක්‍රීම් ටිකක් අරං මගේ යටි තොලේ ගෑවා. 

කැමති නං රහ බලන්න.

 

Monday, March 20, 2023

ඔයත් එනවද යන්න?

එයයි මායි පාරට බැස්සෙ එකට. එයාගෙ මූනෙ තිබ්බ හිනාවක්. මගේ මූනෙ තිබ්බෙ බලාපොරොත්තුවක්. අපි මග දිගට එනකං කතා කළේ එක දෙයක් ගැන. ඒ අපි දෙන්නම හොරෙන් හිනාවෙන තනි මිනිහෙක් ගැන. එයත් හිනා වුණා මං කියපු ඒවට. මාත් එයාගෙ උත්තරවලට හිනා වුණා බලාපොරොත්තුව දල්වාගන්න ඕන නිසා. අපි දෙන්නා ආවා බස් හෝල්ට් එකට. මං එතනින් නැවතුනු එකට එයාට පුදුමයි. එයා හිතුවෙ මං එයාව බස් හෝල්ට් එකට දාලා යන්න ආවා කියලා. මට පුළුවන්නං මං එයා එක්ක එයාගෙ ජීවිතේ යන තරං දුරක් යන්න බලාගෙන ඉන්නෙ. එහෙව් මම බස් හෝල්ට් එකක් ගාවින් හැරිලා එන්නෙ නෑ. 

මෙතනට එනවද හිස් බස්?

ඔව්...

ඩබල් සීට් හිස් තියෙයිද?

ඒ ඇයි?

මාත් යන්න හිතුවා.

ඔයා?

ඔව් ඇයි එපාද?

එහෙම යන්න ඔයාට කමක් නැද්ද?

කමක් නෑ.

එහෙමනං එන්න.

එයයි මායි ඒ දෙබසෙන් පස්සෙ ටික වෙලාවක් හිටියෙ දෙබසක් නැතුව. වෙලාවට බස් එකක් ආවා. අපි බස් එකට නැග්ගා. සෙනග නෑ. මං ඉස්සරහට යන්න හැදුවා. එයා අතින් මට පිටිපස්සෙ මුල්ලෙ සීට් එක පෙන්නුවා.

ඇයි මෙතන වාඩි වුණේ?

නිකං

නිකං වෙන්න බෑ

නෑ ඉතිං කාටවත් පේන්නෑනෙ

අපි අනිත් අය දැක්කම අවුල් දෙයක් කරන්නෑ නේද?

(එයාට ගියා හිනාවක්) නෑ මගෙ හිතට බයයි

එහෙමනං කමක් නෑ.

ඒකනං කිවුවෙ හොඳකින් නෙමෙයි.

නෑ ඉතිං...

නෑ ඉතිං මොකද්ද?

මෙතන වාඩි වෙන්නෙ ලව් කරන කපල්නෙ

ඉතිං?

ඉතිං අපි ලව් කරන්නෑනෙ.

එහෙමද?

මං කියන්නෙ මං ලව් කරාට ඔයා ලව් කරන්නෑනෙ.

මාත් කරන්නං....

එතනින් පස්සෙත් ආයෙ ගෙවුණෙ දෙබස් රහිත කාලයක්. ටික වෙලාවකින් මං ආසා විදියෙ දෙයක් වුණා. එයා දාගත්තා එයාගෙ අත මගෙ අත වටේට. අල්ලගත්තා මගේ ඇඟිලිවලින්. මගෙ හිතට දැණුන සතුට කියාගන්න විදියක් මට දැණුනෙ නෑ. මං බලං හිටියා එයා දිහා. එයාගෙ ග්‍රහණයේ නොතිබ්බ මගේ නිදහස් අතින් මං එයාගෙ කොණ්ඩෙ මූනෙන් අයින් කරලා ඒ ඔළුව මගෙ උරහිසට තියාගත්තා. එයා ලොකු හුස්මක් හෙළුවා. එයා බයෙන් ඇත්තෙ එයාගෙ මනුස්සයා දකියි කියලා. මාත් බයෙන් හිටියේ මගේ ගෑනි දකියි කියලා. හැබැයි ආදරෙන් ඒ බය වැහිලා ගිහින් වගේ. මගෙ මුළු හිත ම එයාගෙ. එයාගෙ ඇඟ ගැහෙනවා කියලා අතට තද වෙලා තිබ්බ පියයුරක උණුහුමට යටින් මට තේරුණා. මං ඒ අත තද කරගත්තා.

අපි කතා කළා අපි ඉස්සරහට මුණගැහෙන විදිය ගැන. අනිත් අයට සැක නොහිතෙන්න ඉන්න විදිය ගැන. අපේ ආදරණීයයන්ට අහු නොවෙන්න මෙසේජ් කරන විදිය ගැන. කොටිම්ම වෙන්න පුළුවන් නරකම දේ හිතලා, ඒ නරකම දේ හොඳම විදියට විසඳගන්න පුළුවන් විදියත් අපි හිතුවා. මගෙ පපුව පිච්චිලා යනවා ඒ මූනෙ හිනාව දැක්කම. ඒ අතරතුරදිත් එයාට ආවා කෝල් එයාව අයිති අයගෙන්. මටත් ආවා කෝල් මට අයිති අයගෙන්. ඒ හැම වෙලාවකම අපි හුස්මක්වත් නොගෙන වගේ නිහඬව හිටියා, මුළු බස් එකම සහරා ෆ්ලෑෂ් දෙදරවද්දිත්. 

මට මේක තේරෙන්නෑ

මොකද්ද?

ඇයි ඔයා මට ආදරේ වෙලත් ඒ ගැන නොකිවුවෙ?

මම දැනුයි දන්නෙ මම ඔයාට ආදරෙයි කියලා

මෙච්චරකල්?

මෙච්චරකල් අපි හිනා වෙලා කතා කළේ අරූ ගැනනෙ...

මගදි එයා මගේ මූන දිහා බැලුවා. අපි පහු කරමින් හිටියෙ බොරලැස්ගමුව. තව ටික දුරයි අපි වෙන්වෙන්න. ඒ ඇස් කිවුවෙ මං තව මදියි කියලා. මටත් තව හිතුනෙ එයා තව මදියි කියලා. බඩගිනියි වගේ නේද කියලා හිත් රවට්ටගෙන අපි බොරලැස්ගමුවෙන් බස් එකෙන් බැහැලා කඩයකට වැදුනා. තරමක් සෙනග පිරුණු අවන්හලක්. අපි කෑවා තනි පිඟානකින්. ගොඩක් වෙලා. හෙමින් හෙමින්. අතරින් පතර ඒ කකුලක් මගෙ කකුල දිගේ උඩට ගියා. එයා මට කවද්දි මගේ නිදහස් අතත් දඟ කළා කියල මට මතකයි. එයා කිවුවා එයා ගැන බර කතාවක්. මාත් කිවුවා මං ගැන ඊට නොදෙවෙනි කතාවක්. ඒ ඇස් අග කඳුළකුත් තිබුණා මතකයි. ආදරේ සතුට හිතේ තිබ්බ. කවුරුවත් දකියි කියන බය හිතේ තිබ්බා. අපිට අපි ගැන උපන්න දුකක් හිතේ තිබ්බා. සතුටයි බයයි දුකයි අතරමං වෙලා හිටියෙ ඊළඟට මොනවගේ හැඟීමක් අපිට දැනෙයිද කියල. අපි එතනින් නැගිට්ටා.

*************************************

එයාව ගෙදර ගාවින් දාලා මම ත්‍රීවීල් එකකට නැග්ගා. මග දිගට එයා මෙසේජ් එවුවා. ගෙදර ගියාම මෙසේජ් කරන්න බැරි බව මම එයාට කිවුවා. හෙට අපි මොකද කරන්නෙ කියලා එයා ඇහුවා. ගෙදර තත්ත්වෙ බලලා ඒකට උත්තරයක් කියන්නං කියලා මම කිවුවා. රෑට හොරෙන්වත් කතා කරන්න විදියක් නැද්ද කියලා එයා ඇහුවා. මොනවහරි ගේමක් ගහලා කෝල් එකක් ගන්නං එතකං ඇහැරිලා ඉන්න කියලා මම කිවුවා. මේ සිද්ධ වෙන්නෙ කාලෙකට කලින් තව කෙනෙක් එකක් ගිය දෙබසක්ම නේද කියලා මගේ හිත කිවුවා. ඒ හුරුපුරුද්ද හිතේ තියාගෙන මම මෙයාට උත්තර යැවුවා. එයත් ඒවට උත්තර එවුවා. උත්තර යවලා උත්තර ගන්න ප්‍රශ්න නැති ලෝකෙක ඉන්න අපේ හිත්වල, ඇයි බයයි දුකයි වගේ හැඟීම් තියෙන්නෙ කියලා හිත මගෙන් ඇහුවා. මට ඒක ගැන හිතට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ. මං සාමාන්‍යයෙන් බොරුවක් හෝ උත්තරයක් විදියට කියන මිනිහෙක්.

මේ විදියට අපිට උත්තර විතරක් හුවමාරු කරගන්න තිබුණු දවස් කීපයක්ම පහු වුණා. ඒ ඇඟේ නිරුවත හරිම ලස්සනයි. එයාගෙ මූනත් ඒ වගෙයි. ඒකත් ඒ ඇඟ තරමටම හරිම ලස්සනයි. ඒ හිතේ නිරුවතත් හරිම ලස්සනයි. එයා ඒක මා ඉස්සරහා ලිහලා දාපු වෙලාවෙ මං ආසාවෙන් ඒ හිතේ නිරුවත වින්දා. යහනක මුනිං අතට බලාගෙන නිසොල්මනේ ඉන්න සමහර වෙලාවට මට දැනෙනවා එයාගෙ අත දඟ කරන හැටි. ඊටපස්සෙ අපිට නිසොල්මනේ ඉන්න බැරි වෙනවා. ලොකු සුසුමකට පස්සෙ එයා නිසොල්මනේ ඉන්න වෙලාවක මගේ අතත් මටත් හොරා දඟ කරනවා ඒ ලස්සන පියයුරක් එක්ක. ඒක මගේ අතට හරි හීලෑයි. ඒ හීලෑ ගතිය දැනුනෙ කාලෙකින්. මේ විදියට උදේට ටිකක් පරක්කු වෙලා ඔෆිස් ගියා. ඒ පොඩි පරක්කුව ෂෝට් ලීව් වුණා. ෂෝට් ලීව් හාෆ් ඩේ වුණා. හාෆ් ඩේ ෆුල් ඩේ වුණා. අන්තිමට ඇනුවල් ලීව් ගන්න තැනටම වැඩේ දුර දිග ගිහින් තිබ්බ කාලෙක, අපි කතා කරන්න පටන් ගත්තා ප්‍රශ්න ගැන. මෙච්චර කල් උත්තර විතරක් ෂෙයා කරගත්ත මිනිස්සුන්ට ප්‍රශ්න ෂෙයා කරගන්න එක අලුත් එක්ස්පීරියන්ස් එකක්. එයාගෙ සමහර ප්‍රශ්නවලට මම දීපු උත්තරවලට එයා හිනා වුණා. මං ඒ හිනාවට ආසා නිසාම වැඩි වැඩියෙන් ඒ විදියෙ උත්තර දුන්නා.

*************************************

අපි තාමත් අපේ ජීවිතේ වැඩිපුරම හිනාවෙන දෙයක් ගැන තමයි මම මේ කතාව පටන් ගද්දිම කිවුවෙ. අපි දෙන්නා වැඩිපුරම ළං වුණෙත් ඌ නිසා. තාමත් කතා කරන්නෙ ඌ ගැන. ඒ තරමට උගෙ ජීවිතේ හිනාවෙන්න දේවල් අපිට තිබ්බා. ඒ අපි නරක මිනිස්සු හින්දම නෙමෙයි. ඒ අපි කියන මනුස්සයා තරමක පම්පෝරිකාරයෙක් හින්දා. ඌ  වගේ පම්පෝරිකාර අවුල් දේකට වුණත්, මොනතරම් වටින හොඳ දෙයක් අපේ ජීවිතේට ගේන්න පුළුවන්ද? ඒක තමයි මම අරූ ගැන හිතන හැම පාරකදිම මට දැණුනු දේ. ඌ නොවෙන්න මේ ආදරේ මගේ ජීවිතේ නෑ. එහෙම ඉන්න දවසක තමයි ඌව ආයෙත් මට හම්බුණේ.

ඌ දැන් සෙට් වෙලා ඉන්නෙ සුද්දියෙක් එක්කලු. ලංකාව වටේ යනවලු. සුද්දියි ඌයි බොනවලු. බිවුවම සුද්දිට මොකුත් මතක නෑලු. වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙනවලු. දවසම සෙක්ස් කරන එකලු වෙන්නෙ. ඉඳලා හිටලා කන්දක් නගින්න යනවලු. මං අහගෙන හිටියා පුරුදු විදියට ම උගේ කතා. එක තැනකින් නොනවතින පම්පෝරි. ඒ කතන්දර අතරෙ ඌ කිවුවා මගේ කුතුහලය අවුස්සන කතාවක්. අපේ ඔෆිස් එකට අලුතෙන් ආපු කෙල්ලෙක් ගැන. ඌ කියපු විස්තර එක්ක ඒ කියන්නෙ මගේ අලුත් ආදරවන්තිය ගැන. ඌ කරන්න තියෙන ඔක්කොම කරාලු එයාට. කුතුහලය හිතේ තිබුණත් මං විස්තර අහන්න නොගියෙ, මූ සැක කරයි කියලා හිතිලාමයි.

මගේ හිතේ පිරුණු ආදරේ කියන නිම්න භූමිය නොහිතපු හැම පැත්තකින්ම දෙදරලා ගියේ අරූ කියපු කතා එක්ක මෙයා කියපු කතා මගේ හිතින් සම්බන්ධ කරගෙන. අරූ ගැන කියද්දි මෙයා හිනා වුණේ අනුකම්පාවක් හිතේ හංගාගෙන කියලා, අර දෙදරාගෙන ගිය පොළොව යටින් උඩට ආපු ඉරිසියාව කියන නාගයා මට තට්ටු කරලා කිවුවා. මං තවත් හෙව්වා මේ මට නොකියූ සම්බන්ධය ගැන සැක හිතන්න, ඒ සැකයෙන් දුක හිතන්න, ඒ දුකෙන් තරහ හිතන්න දේවල්. මොකුත්ම ඇහුවෙ නෑ මම කාගෙන්වත්. එයාත් මෙයාත් කියූ කතා ගලපමින් මම කාමරේ හිස් බිත්තියක් දිහා බලාගෙන බිවුවා. කසාද ගෑනි අහනවා මගෙන් බීලා ඉවරයි නං ඇඳට එන්නෙ නැත්තෙ ඇයි? කියලා. ඒ අස්සෙ මේ ඔක්කොටම හේතුව වුණු එයා ම අහනවා මගෙන් ඉස්සර වගේ දැන් වල්පල් කතා කරන්නෙ නැත්තෙ ඇයි? කියලා. බොස් අහනවා මගෙන් උඹේ වැඩ පරක්කු ඇයි? කියලා. යාළුවො අහනවා මගෙන් ෂොට් දෙකක් දාද්දි සික් එක ගහලා වගේ පැත්තක් බලාගෙන ඉන්නෙ ඇයි? කියලා. මම ඒ හැම වෙලාවකම කල්පනා කළා අරුන් දෙන්නා ගැන.

මුළු ජීවිතේම එපා වගේ දැනුනෙ නොහිතපු තරමේ ඉක්මනකින්. ඒ අතරෙ තමයි මගේ කසාද ගෑනි මගෙන් ඇවිත් සමාව ඉල්ලුවෙ. මං එයාගෙන් ඇහුවා ඇයි මගෙන් සමාව ඉල්ලන්නෙ කියල. එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තලු. ඒකට එයාට සමාව දෙන්නලු. මං සමාව දීලා එයාට යන්නත් දුන්නා. එයා ගියා. මගෙ කසාද ගෑනි පිට මිනිහෙක් එක්ක ගිය එකට වඩා දුකක්, මං ආසාවෙන් ඉන්න මගේ හොර ගෑනි කලින් මිනිහෙක් එක්ක හිටපු නිසා මගේ හිතට දැනෙන්නෙ ඇයි? මං ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න හිතුවා.

සමහරවිට ඒ අපි දෙන්නා වැඩිපුරම ලං වුණේ අරූ නිසා වෙන්නැති. මුළ ඉඳම්ම මේ කියන්නෙ කවුරු ගැනද කියලා දැන දැනත් එයා මට නොකියා හිටපු එකට මගේ හිතට දුක ඇති. අන්තිමට මේ ඔක්කොම මම දැනගත්තේ අපේ ආදරේ එකිනෙකාට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සෙ වෙන්නැති. මිනිස්සු කියන වචනවලින් නෙමෙයි අපි රිද්දගන්න ඕන. මිනිස්සු අපිට ඒ වචන කියන්න හේතු වුණු එයාලගේ හැඟීම නිසායි අපි රිද්දගන්න ඕන. එහෙමනං මුලින්ම අපිට ඒ හැඟීම තේරෙන්න ඕන. දරුවෙකුත් හිටියෙ නැති නිසා අපිට දික්කසාදය ඉක්මනින් ගන්න පුළුවන් වුණා. කසාද ගෑනිත් නැති මට, දැන් හොර ගෑනියෙකුත් ඕන නෑ කියලා හිතුනා. ඒ නිසාම මේ අවුල එයාට කියලම විසඳගන්න හිතුව ම​ම.

*************************************

අරූ මට කිවුව ඔයත් එක්ක උගේ සම්බන්ධයක් තිබ්බලු කාලයක්

ඉතිං?

ඇයි ඔයා අපි මෙච්චර ඌ ගැන කතා කරලත්, එහෙම දෙයක් ගැන කලින් මට නොකිවුවෙ?

කොච්චර කල්ද ඌ ඔයාට ඕක කියලා?

මාස දෙකක් විතර

මෙච්චර කල් හිතේ තියං හිටියද, තරහෙන් පුපුර පුපුර?

ඔව්! 

එයාගෙ මූනෙ හිනාවෙක්. හිත ගැස්සුනු බවක් පෙණුනෙ නෑ. මගේ හිතේ සැකේ වැරදිද? මං මෙච්චර කල් හිතෙන් විඳවලාද? මේ කතාවට ඌට ගහන්න විදියක් නැත්තෙ, එතකොට ඌ මේ සම්බන්ධෙ ගැන දැනගන්න නිසා. එහෙම වෙලාවක වෙන්න තියෙන නරක ම දේත් ඒක. එයා ෆෝන් එක බලනවා. මම හිතුවෙ මට හොරෙන් එයා අරූ එක්ක ගිය චැට් ටික මකනවා කියලා. එහෙම නැත්තං, එහෙම මොකුත් නෑ කියලා මට පෙන්නන්න හදනවද? එයා තරමක් ලොකු හුස්මක් හෙළුවා. මං ඒ ඇස් දිහා බැලුවා.

        මාස දෙකකට කලින් ඌ මට මෙසේජ් එකක් එවලා තිබ්බා

        මොනවා කියලද?

        එයා ඔයාගෙ හොඳ යාළුවෙක් කිවුවා. මම ඔයාගෙ පෝස්ට්වලට රියැක්ට් කරන නිසා තමයි රික්වෙස්ට් එකක්        දැම්මෙ කිවුවා.

        ඔයා මොකද කිවුවෙ?

        මම ඌව බ්ලොක් කළා.

        ඇයි මට නොකිවුවෙ?

        මං දැනගත්තා ඌ ඔයාට මෙහෙම කතාවක් හදලා කියයි කියලා. 

        ඉතිං...

        ඉතිං ඔයා ඒ කතාව මට කියනකං මං ආසාවෙන් බලං හිටියා.

        ඇයි ඒ?

        ඔයා ඉරිසියාවෙන් පිපිරෙනවා දකිද්දි මට යන්න හිතෙනව දුර ගමනක්.

        ඉතිං යන්න.

        ඔයත් එනවද යන්න?



Thursday, March 16, 2023

කවදත් නිවාස අඩස්සියේ සිටින යාත්‍රිකයාගේ කතාව

යාත්‍රිකයෙක් වීම මගේ රස්සාව නෙමෙයි. යාත්‍රිකයෙක් වීම මගේ ආසාවත් නෙමෙයි. ඒ වගේම මම කිසිම දේකට විශේෂයෙන් ආසා මිනිහෙකුත් නෙමෙයි. සමහර මිනිස්සු නිදහසට ආසයි. මට නිදහස තිබ්බත් එකයි නැතත් එකයි. සමහර මිනිස්සු සල්ලි ගොඩක් තියෙනවට ආසයි. මට ඉහ ගහල ඉන්න ගානට සල්ලි තිබ්බනං ඇති. ඔය ඔක්කොටම වඩා මං යාත්‍රිකයෙක්. ඒත් නිවාස අඩස්සියේ ඉන්න එක, මං වගේ යාත්‍රිකයෙකුට කොයි තරම් කරදරයක්ද කියලා ඔයාලා දැනටමත් හිතනවා ඇති. කවදත් නිවාස අඩස්සියේ හිටියත් මං යාත්‍රිකයෙක්. ඒක තමයි මගේ මැජික් එක. හැමෝම අහන්නෙ ඒ ගැන. කොහොමද උඹ යාත්‍රිකයෙක් වුනේ? කොහේවත් නොගිහින්.

පැණි ටිකක් ගාපු කංසා කූරක මුල් උගුරු දෙක බරට අදින මගේ යාළුවො අතරෙ, සූස්ති​ය ෂොට් දෙකෙන් දෙකට අතින් අතට පාස් කරද්දි එතන පුදුම විනයක් සංවර කමක් තිබුනා. ආසාවට මුල්ම දුම් උගුර පෙනහළුවලට පුරවගෙන මම හිර කරගත්තා. හිර කරගෙන හීන් අරක්කු උගුරු තුනක් ඇඟ ඇතුළට දාගත්තා. ඒ වෙද්දි හිර කරගත්තු දුම් කැරලි පුදුම සංයමයකින් මගේ නහයෙන් කටින් පිටවෙමින් තිබුණෙ. ඒ මම කංසා බීපු පළවෙනි සහ එකම පාර. ඉස්ටු දාපු හරක් මස් කෑල්ලක් රහ බැලුව. පදමට ගම්මිරිස් විනාකිරි රස වගේම ඒ මස් පදමත් එක්ක ඒක අරං ඇතුළට ගිය අරක්කු රස පොඩි ගැස්මක් එක්ක නහයෙන් උඩට ආවා. නාස් තුඩු අගින් ඒ ගැස්ම පිටවුනාට පස්සෙ මගේ මොළය ඇතුළ හිරි වැටෙනව වගේ දැණුන. ඒක තමයි සනීපය. මං යාත්‍රා කරන්න ගත්ත. කම්මුල් උඩ ගල් ගැහුන වගේ දැණුනා. හකු දෙකේ දත් ඇඳි තද වුනා. කට ඇතුළෙ දිව තියෙනවද කියලවත් දැණුනෙ නෑ. මං ඇස් ඇරගෙන වුනත් හිතින් නිදියගෙන හිටියෙ. මං පුටුව උඩ හිටියත් යාත්‍රා කරමින් හිටියෙ.

එදා තමයි මම තීරණය කරේ මම ආයෙ ගංජා බොන්නෙ නෑ කියල. එදා තමයි තීරණය කරේ මම ආසම බීම ඉන්ටර්නැෂනල් ඩිස්ටලරීස් ලිමිටඩ් නිපදවන ඕල්ඩ් රිසර්වු අරක්කු කියලා. එදා තමයි තීරණය කරේ මෙච්චර කල් ප්ලෑන් කළත් මම මේ මනුස්ස ජීවිත දෙක නැති කරන්නෙ නෑ කියල. ඉතුරු අයිස් කැට උඩට මම ආයෙ අරක්කු ටිකක් දාගත්ත. ආයෙ සෝඩා ටිකක් හලාගත්ත. නහයට අල්ලලා සුවඳ බලලා ආයෙ අරක්කු වීදුරුව මේසෙ උඩින් තිබ්බා. ඒ සුවඳට මගේ උරිස් ඇකිළුනා. ආයෙ ඒ වීදුරුවම අතට ගනිං කියල හිත කිවුව. මම එක පොරොන්දුවක් මගේ හිතට දුන්න. මට නැතිවෙන්න දෙයක් නෑ. එන විදියකට මුහුණ දෙනව. ඒ නිසා මං මේ ජීවිත දෙක නැති කරන්නෙ නෑ කියල හිතට පොරොන්දුවක් දුන්න. මං මගේ ඒ බළාපොරොත්තුව ශක්තිමත් කරන්න අරක්කු උගුරක් ආයෙ බිව්ව. උගුරක් බිවුවට පස්​සෙ වීදුරුවෙ ඉතුරු වුන අරක්කු ටිකත් එහෙමම බිවුව.  මට නැති වෙන්න දෙයක් නෑ. නැති වෙන්න දෙයක් නැති හිරකාරයො වගයක් ගැන දකුණු අප්‍රිකානු වේදිකා නාට්ටියක් මම යූටියුබ් එකේ බැලුව. ඒකෙ නම අසිනමාලි. අසිනමාලි ලංකාවෙදිත් වේදිකාගත වුනා. ධර්මප්‍රිය, ප්‍රියංකර, විශ්වජිත් ඒකෙ හිටිය මතකයි. තව නළුවො දෙන්නෙක් හිටිය. ඒක මීට අවුරුදු විස්සකට විතර කළින් රාජ්‍ය සම්මාන දිනුව. පූජිත තමයි නාට්ටිය කෙරුවෙ. කොට හාදය. මුහුණෙන් කිසිම භාවයක් නොපෙන්නා මනුස්සයෙක් මරන්න වුණත්
 පුළුවන් යකෙක් ඌ.

බොන උන්ට බීපං කියල මම ආයෙ ගෙදර ගියේ නින්ද යන්න කළින් අසිනමාලි තිර පිටපත පොඩ්ඩක් හරි කියවන්න හිතාගෙන. මම යද්දි දරුවා මගේ ඇඳ සම්පූර්ණයෙන් අයිති කරගෙන නිදියගෙන හිටිය. බල්ල මම සාමාන්‍යයෙන් ඇඳට ගොඩ වෙන්න කලින් කකුල් පිහදාන පාපිස්ස අයිති කරගෙන නිදියගෙන හිටියා. ඒ තමයි මම නැති කරන්න හිතා උන්නු ජීවිත දෙක. මගෙ ගෑනි මීට මාස හයකට කලින් මැරෙද්දි ලඟ ඉන්න මට පුළුවන් වුනා. මගේ අම්ම මැරෙන මොහොතෙ අම්මව අන්තිමට දැක්කෙ මම වුනත් මට අම්මා ලඟ ඉන්න පුළුවන් වුනේ නෑ. ඒත් මට මගෙ ගෑනි මැරෙන මොහොතෙ ලඟ ඉන්න පුළුවන් වුනා. විනාඩි තිහකටත් වඩා එයා කියෙවුව. එයා යන බව එයාට දැනිලා තිබුන. ඒ ලෙඩේ මං දැනගන්න මාසෙකට විතර කලින් එයා දැනගෙන තිබුන. මං ඒ මොහොතෙත් හිටියෙ බීලා. එහෙම නොවුන නං මට ඒ මොහොතට ඒ තරං සැහැල්ලුවෙන් මුහුණ දෙන්න බැරි වෙයි. දරුවා හිටියෙ මොන්ටිසෝරියෙ. ගෑනි හිටියෙ ඉස්පිරිතාලෙ. කෝල් එක එද්දි මං හිටියෙ ඉස්ටේෂමේ. දරුවව මොන්ටිසෝරියට දාලා එද්දි තමයි අමාරුවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරල තිබුනෙ. ඒ නිසා දරුව තාම දන්නෙ නෑ. දවස් ගානක් අම්ම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තු වග දරුවා දන්නව. හැබැයි අම්ම මැරෙයි කියල කලින් දවසෙත් හවස කැඩිච්ච ප්ලේන් එකක් උරුක් කරගෙන අම්මගෙ ඔලුවටම වෙඩි තියපු දරුව දන්නෙ නෑ. ඉතිං එදා දවල් දරුවව මොන්ටිසෝරියෙන් අරං ඇවිත් මල් ශාලාවක පෙට්ටියක ඉන්න අම්මව පෙන්නුව. දරුව ඇඬුව. දරුව දන්නව මැරෙන එකේ අවුල. දරුවයි මායි මැරෙන එක ගැන කතා කරල තියෙනව.

මට විටෙන් විට පපුව රිදෙන ගතියක් තියෙනව. ඒක තමයි මට ජීවිතේ තිබ්බ ලොකුම බය. මම කලින් මැරුනොත් දරුවට මොකද වෙන්නෙ. මං ඒ නිසා ගොඩක් සල්ලි හම්බු කරා වගේම ඒ සල්ලි ඉතුරු කරා. ඉන්ෂුවරන්ස් දැම්මා. මහ රෑ වෙනකං වැඩ කළා. වැඩ කරන්න ගැම්ම ගන්න පුළුවන් හැම වෙලේම බිවුව. හැබැයි මං හිතුවෙ නෑ මගෙ ගෑනි මැරෙයි කියල. කවුද හිතන්නෙ ‍එහෙම. මං මැරුනොත් ගෑනි තනියෙන් කන කට්ට ගැන මට මතක් වුනා. ඒ නිසා මම සල්ලි හෙවුව ඒ වෙනුවෙන්. ගෑනි වෙනිං මිනිහෙක්ව බැඳල ඒ මිනිහා දරුවට නොසැළකුවොත් ඒ වෙනුවෙන් දරුවට විතරක් ගන්න පුළුවන් වෙන්න සල්ලි මම හෙවුව ඒ වෙනුවෙන්. මම ඒ සල්ලි මට විශ්වාසවන්තම යාලුවෙක්ගෙ භාරයෙ තිබ්බ. මම දන්නව කවදාවත් මගේ දරුවට විරුද්ධ දේකට මගේ ගෑනිව නම්මගන්න කිසිම ජගතෙකුට බැහැ කියල. ඒත් මට බය හිතුනා. ඉතිං මං උන් දෙන්නා වෙනුවෙන්ම වෙන වෙනම හම්බු කරා. අන්තිමේ ගෑනි මැරිලා ගියා. මං අසිනමාලි කියව කියව බියර් බොන්න පටන් ගත්ත.

දැන් මාස හයක් තිස්සෙ දරුවයි මායි තනියෙන්. අපේ තනියට තව තිරිසනෙක් හිටිය. මම එනකං දරුවව රැක්කෙ ඒ තිරිසනා. උදේට ඇහැරිලා දවල්ටත් එක්ක උයලා දරුවව මොන්ටිසෝරි දාලා මම ඔෆිස් යනව. ගිහින් ගෙදර එද්දි දරුවා ගෙදර ඇවිත් නිදි. එන්නෙ මගේ යාලුවෙකුගෙ බිරින්දෑත් ඒ වුන්ගේ දරුවාත් එක්ක. දරුවො දෙන්නම එකම පන්තියෙ. ගෙදර ඇවිත් මගේ යාලුවගේ බිරින්දෑ බෙදලා දෙන දේ කාලා බල්ලත් එක්ක සෙල්ලං කරලා නිදියන දරුව ආයෙ ඇහැරෙන්නෙ මං හවසට ආවම. මේ කෙරුවාව මාස හයක් වැඩි අපහසුවක් නැතුව මම කළත් මට දැන් ලොකු බයක් තියෙනව. දැන් මම කළින් බය වෙච්ච පපුවෙ අමාරුව ආවොත් දරුව තනිවෙනව. බලාගන්න මගෙ ගෑනිත් නෑ. ඒනිසා මං කාලයක් තිස්සෙ ප්ලෑන් කළා දරුව‍ාගෙත් බල්ලාගෙත් ජීවිත නැති කරන්න. දෙකම ලේසි නෑ. දරුවා මගේ ජීවිතේ. ඒ නිසා ඒ මූන බලාගෙන ඒක කරන්න බෑ. බල්ලා අහිංසක එකෙක්. මරණ එක ලේසි නැහැ. තව ගැහැනුන් එක්ක සම්බන්ධතා තිබුනත් උන් මගේ දරුවව සනීපෙට බලාගනියි කියන වගකීම මගේ හිතේ තිබුනෙ නෑ. හැබැයි මේ හිතේ තියෙන ආදරෙත් එක්ක මට දරුවව මරන්න බෑ. එහෙම වුනත් මගේ ජීවිතේ අවිශ්වාසය උඩ දරුවට දුකක් දෙන්නත් බෑ.

ඒ නිසා මං මගේ ජීවිතේ අවිශ්වාසය දුරු කරන්න තීරණය කරා. මම මේ ජීවිත දෙක නසන්නෙ නෑ කියල තීරණය කරා. කවදාවත් නොකරපු ටෙස්ට් කරන්න ගියා. අරක්කු බීම නැවැත්තුවා. කෑම පාලනය කළා. ජිම් ගියා. තව සල්ලි හොයන්න විදි හෙවුව. හැමදාම උදේට මම ඉන්න බස් හෝල්ට් එකේ තියලා තියන නීති විරෝධී පාර්සලයක්, කොළඹ අටේ වීදියක හිඟන්නෙකුට ගෙනිහින් දෙනවට මට මාසෙකට රුපියල් ලක්ෂයක් ලැබුනා. එක වතාවක් හදිසි ඔත්තුවක් මත ක්‍රියාත්මක වුනු හමුදාවෙ කෙනෙක් මගෙන් ඇහුව, "ඇයි මහත්තය කෑම පාර්ලස් දෙකක්?" කියල. උදේටයි දවල්ටයි කියන උත්තරේ මාව පරීක්ෂ‍ා නොකරන්න හේතුවක් වුනා. ඒ සිද්ධියෙන් පස්සෙ මට මාසෙකට ලක්ෂ දෙකක් ගෙවන්න ගත්තා. දැන් මම නිරෝගියි. හැමදාම හවසට මම ගෙදර ආවම ඇහැරෙන දරුවා එක්ක සෙල්ලම් කරලා, රෑට කඩෙන් ගෙන්නගෙන ඉඳිආප්ප කාලා, ඉස්කෝලෙ ගෙදර වැඩ කරලා දරුවව නිදි කරවන මම දරුවාගෙ අත්වැඩ කරන්න ගන්නව. ඒටික කරල පහුවදාට උයන්න දේවල් ලෑස්ති කරලා පෙම්වතියක් ඉදිරියේ ස්මාට්ෆෝනයෙන් නිරුවත් වෙනව. ඒක තමයි මටත් පුරුෂ ලිංගයක් තියෙනව කියල හිතෙන එකම මොහොත. මුත්‍රා කරද්දිවත් මගේ ලිංගය ස්පර්ෂ වෙන හැඟීමක් මගේ මතකයට එන්නෙ නෑ. ඉස්සර දවසට තුන් වතාවක් වත් උඩ පහළ හෙලවෙන හෝ පෙම්වතියක් නැතිනම් බිරින්දෑ හෝ එක්ක යුද්ධ කරන ඒ කාලවර්ණ වස්තුව දැන් ක්‍රියාන්විතය පටන්ගන්නෙ රෑ දොළහට විතර. එක පාරක්. ඉඳලා හිටලා ඒක අන් ලඳකට අහුවෙන්නෙ මාසෙකට පාරක් විතර.

මේ විදියට තවත් මාස තුනක් විතර ගෙවුනා. එදා මගේ උපන් දිනේ. ඒ නිසා පුතාටත් මටත් බල්ලටත් එදා රෑට ඉඳි ආප්ප වෙනුවට බිරියානි ලැබුනා. බිරියානිත් අරං මං එන මගට බල්ලා ආවෙ නෑ. ඒක පුදුමයක්. බල්ලට මං එන සද්දෙ නෑහුනා වෙන්න බෑ. ඒ නැතත් මේ බිරියානි සුවඳ? පුතානම් නිදි නිසා නෑහුනත්, බල්ලා නොආපු එක මගේ හිතට අවුලක් ගෙනාවා. ගේට්ටුව ඇරගෙන ඉස්සරහට යද්දි බල්ලා ගෙදර දොර ඉස්සරහා මැරිලා හිටියා. බල්ලාගෙ කටේ ලොකු මස්කෑල්ලක් තිබුනා. ලේ පෙරෙන. බල්ලාගෙ බෙල්ලෙ විශාල කැපුමක් තිබුනා. දොර අරිද්දි දරුවා දොරෙන් එපිට මැරිලා හිටියා. දරුවාගේ බෙල්ලෙත් විශාල කැපුමක් තිබුනා. මාව එතන තිබුනු පුටුවෙ ඉන්දුනා. මං යාලුවොන්ට කතා කළා. මට මැරෙන්න තිබ්බ එකම බය අයින් වුනේ ඒ විදියට. දැන් මට බයක් නැතුව නැතිවෙන්න දෙයක් නෑ කියල කියන්න පුළුවන් නේද?

ආයෙත් මගේ පරණ පුරුදු ආහාර පිළිවෙලත්, බීමත්කමත් ජීවිතේට ආව. සල්ලි දිගටම හෙවුවත් කුඩු පාර්සල් මාරු කරන වැඩේ නවත්තලා දැම්මා. ඒ ගැන තර්ජනය කරලා එක කෝල් එකකුත් පහුවදා ගේට්ටුව ඉස්සරහ මගේ නමට මල් වඩමකුත් තියලා ගියාට පස්සෙ මම ආයෙත් ඒක පටන්ගත්ත. දැන් උදේට කුඩු පාර්සලේ අතින් අත මාරු කරලා. රස්සාව කරනව. දවල්ට තේකක් බොනව. තේකෙ ඕල්ඩ් රිසර්වු මිලි ලීටර් පනහක් තියෙනව. හවසට බොන තේකටත් ඕල්ඩ් රිසර්වු පනහක් වැටෙනවා. දවල් කෑමක් නෑ. උදේට යාලුවො ගේන දෙයක් කනව. රෑට හොඳට කනව. කාලා ගෙදර ගිහින් හොඳට බොනව. කිසිම මිතුරු හමුවකට යැවෙන්නෙ නෑ. ගියාම අරක්කු වීදුරු තුනක් වැටිච්ච ගමන් උන් මගේ දරුවා ගැන කතා කරන්න ගන්නව. මම රෑට නීට් අරක්කු වීදුරු දෙකක් විතර බොද්දි ගෑනි මගේ හීන ලෝකෙට එනව. එයයි මායි දරුවට වෙච්ච දේ ගැන කතා කරලා කම්පා වෙනව. මම දරුවා ගැන කතා කරන්න කැමති වුනේ මගේ ගෑනි එක්ක විතරයි. සමහර සති අන්තවල අන් ලඳකගෙ තනයක පහස ලබන අතරෙ උනුත් දරුවා ගැන කතා කරන්න ගන්නව. මං අමාරුවෙන් ඒ වෙලාව ඉවසගෙන ඉන්නව. තව ටික දවසක් බලල වෙනිං ගෑනු ගාවට යන එකත් නවත්තල දානව.


බස් එකේ රුපියල් විසිඅටක දුර ගියාට දවසකට මම ලොකු දුරක් යාත්‍රා කරනව. රෑට ගෙදර ආවම මම කිසිම යාත්‍රිකයෙක් නොගිය තැන්වලට යනව. දැන් තනියෙන් ඉන්න එකේ රට තොට බලන්න පලයං, ට්‍රිප් පලයං, බාලි ටුවර් එකක් පලයං, ආයෙ කසාදයක් බැඳපං, බැඳලා ළමයෙක් හදපං, බිබී නාස්ති වෙන්නෙපා, කියල සමහරු ෆේස්බුක් එකේ මට කියනව. මම විනෝදාංශයක් විදියට උන්ව බ්ලොක් කරනව. ගෑනි මට රෑට කතා කරද්දි ඕව මතක් කරල අපි දෙන්න හිනාවෙනව. ආයෙත් දරුවා මතක් වෙලා අපි දෙන්නම අඬන්න ගන්නව. ඒ ඇඬිල්ලෙන්ම නින්ද යනව. උදේට ආයෙ මං ඔෆිස් යනව. කවදාවත් හති වැටෙන්නෙත් නෑ. මේ යාත්‍රා කිරිල්ල නැවතෙන්නෙත් නෑ. දැන් දැන් සමහර වෙලාවට දරුවත් මගෙත් එක්ක ඇවිත් කතා කරනව. හැබැයි අම්මයි දරුවයි එකම වෙලාවක කතා කරන්න එන්නෙ නෑ. දැන් මට එච්චර බොන්නත් බෑ. හැබැයි පුරුදු ට්‍රිප් එක නං සෑහෙන වෙලාවක් යනව. උඹලත් පරිස්සමෙන් ඉඳපං. නොහිතන තැන්වල නොහිතන වෙලාවට මං ඉන්නව.

2019 ඉල්

මං එයාට ආදරෙයිද කොහෙද

කවුරුත් හිතං හිටියෙ මං ඒකිට ආදරෙයි කියල. ඔව් හැබැයි මං එයාට ආදරෙයිද කොහෙද. පිට ඉඳන් උකුසු ඇසින් බලං ඉන්න මිනිස්සුන්ට වරදින්න විදියක් තිබ්බෙ නෑ. ඉඳලා හිටලා මුණගැහෙන දවසට ආසාවෙන් එයා දිහා බලාගෙන හිටියා. කන්න ආසා ජාති අරගෙන දුන්නා. බොන්න ආසා ජාති ගෙනත් දුන්නා. ඒ සිනිඳු අත හෙමීට අතගාලා බැලුවා. මං වගේ ප්‍රශ්න කන්දක් කරගහං ඉන්න මිනිහෙක්ව මෙහෙම නලවන්න ගෑනියෙකුට පුළුවන් වෙයි කියලා මට හිතුණෙ නෑ. කම්මුල් පිරිලා. ඉඹිද්දි එයාගෙ ඇඟ කිතියෙන් ඇකිලෙනව. පළවෙනි පාරට තමයි මෙච්චර ලස්සන තොල් දෙකක්, බෙල්ලක් තියෙන ගෑනියෙකුගෙ කම්මුල් අත ගගා ඉඹ ඉඹ ඉන්න මට හිතුනෙ. තාලෙකට පැද්දිච්ච ඒ රතියෙ අග්ගිස්සෙදි එයා මගේ අත වට කරගෙන වැතිරිලා... සුදු කාමරේ සිවිලිමට මුහු කරපු සුසුම් දෙවැනි වුණේ, හති වැටිල්ලත් සැපක් වෙච්ච නිමේෂයක ඇස් වසාගෙන එයාගෙන් පිටවෙච්ච කෙඳිරිලිවලට විතරයි. මං එයාට ආදරෙයිද කොහෙද.

සල්ලිකාර පවුලක ගෑනියෙකුට ගෙදරකින් ලැබෙන්න ඕන වටිනම දේ තමයි නිදහස. ඒත් සිංහල චිත්‍රපටිවල අපි දැක්කෙ සල්ලිකාර පවුලෙ නීති ගොඩක් මැද්දෙ හදපු සබීතව. ඒ රැකවල් මැදින් සබීතව දිනන්න උත්සාහ කරපු, ගුටි කාපු සෂී විජේන්ද්‍රව, එහෙමත් නැත්තං විජයව. එහෙම ලෝකෙක මෙහෙම නිදහසක් තියෙන සල්ලිකාර පවුලක් කෙල්ලෙක් මම දැක්කමයි. අතරින් පතර මගෙත් එයාගෙත් අතර කතා බහ සිද්ධ වුණේ අපේ ජීවිත ගලාගෙන යන හැටි. ඒ අපි ආදරේ කරන්න කලින් කාලෙ. මගේ ජීවිතේ හැලහැප්පීම් ගැන මම කියද්දි, එයා මට කිවුවෙ එයාගෙ ජීවිතේ ආදරේ අහිමිවීම් ගැන. මං එච්චර සුදු ගෑනුන්ට ආසා නැති වුණත්, ඒ කතා හරිම අවංකයි කියලා මට හිතුණා. මට අවංකයි කියලා හිතෙන ගෑනු ළඟ මම ලිහෙන තරම වැඩියි. ඒ බව මට කිවුවෙ මගෙ ළඟම යාළුවෙක් විදියට ඉන්න ගෑනියෙක්. එයා කිවුවෙ ඒකෙන් අනුන් මගෙන් ප්‍රයෝජන ගනියි කියලා. එහෙමයි කියල මං වෙනිං ගෑනු ගාව ලිහෙන එක නැවැත්තුවෙ නෑ. ඉතිං මං මෙයාට මෙසේජ් කරා. මගේ සමහර යාළුවොත් එයාට මෙසේජ් කරලා තිබුණා. එයත් රිප්ලයි කරලා තිබුණා. හැබැයි මට ඉරිසියා හිතුණෙ නෑ. මොකද මං ඒ වෙද්දි බලාපොරොත්තු කියන දේ විශ්වාස නොකරන, හීනයක් හැබෑ වුණාම පුදුමයෙන් සතුටු වෙන මනෝ විකාරෙක ජීවත් වෙමින් හිටියෙ. ඉතිං මං නිකමට දවසක එයාගෙන් ඇහුවා කැමැත්ත. එදා තමයි මට මුලිම්ම හිතුනෙ මං එයාට ආදරෙයිද කොහෙද කියල.

ඒ කොණ්ඩෙ හරි අමුතුයි. අපේ තොල් පැටලෙද්දි ඒ කොණ්ඩෙන් ඇවිල්ල අපිව වහගන්නව. වෙන එවුන්ට නොපෙනෙන්න වගේ. මගේ එක අතක් හැම වෙලේම නැවතුනේ ඒ ලස්සන පස්සෙ දාර හොයන්න. අනිත් අත ඉනට තරමක් උඩින් මස් ගොබයක් මිරිකාගෙන තිබුණෙ. හදිස්සියකදි කාර්යාල වෙලාවෙ ඩෝපමීන් උත්තේජකයක් ඕන වුණාම අපි වහං වෙනවා මුළු අස්සෙ. ඒ වෙලාවට මං ඒ බෙල්ල දිගේ දඟ කරද්දි අර රත්තරං මාලෙ අහුවෙනවා. ඒක හරිම කරදරයි. සති අන්තයේ නිදහසේ රතියේ වෙලෙන ලෙලෙන දවසට එයා ඒක ගලවලා ගෙදර තියලා එන්නෙ. අපි කතා කරන්න ඉඩක් හදාගන්නෙ අඩුවෙන්. මොකද අපි කතා කරපු දවසට අපි දුක්වෙනවා. ඊටපස්සෙ අපිට හීනියට බොන්න හිතෙනව. අපේ හීනි බීම, ගත තිරස් වෙනකංම නවතින්නෙ නෑ. මගේ දුක වෙනුවෙන් දුක් වෙමින් තවකෙක් බොන එක, මට හරිම ආදරණීය දෙයක් විදියට දැණුනා. ඒකයි මං එයාට ආදරෙයිද කොහෙද කියල මට හිතෙන්නෙ.

හැම එකාම කියනවා සල්ලිවලට බෑ ප්‍රශ්න විසඳන්න කියලා. ඒ කතා ගොඩක් වෙලාවට කිවුවෙ සල්ලිකාරයො. එවුවත් හරියට සල්ලිවලට වඩා මනුස්සකං වටිනවා මහත්තයො කියලා කියන බ්‍රෝකර් කෙනෙකුගෙ කතා වගේ තමයි. තනි බොරුව. මට නං දැනට තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ විසඳන්න රුපියල් කෝටි 7කට විතර පුළුවන්. වැඩියි තමයි. හැබැයි පුළුවන්. ඔය කතාව මං එයා එක්ක කියපු දවසෙ එයා හිනා වුණා. මං හිතන්නෙ එයත් හිතං ඉන්නෙ සල්ලිවලට විසඳන්න බැරි ප්‍රශ්නත් තියෙනවද කොහෙද කියල. මං ඉතිං මගේ මනෝ විකාර වෙන මිනිස්සුන්ට තේරුං කරන්න යන්නෑ. විශේෂයෙන්ම මං ආදරේ කරන එවුන්ට. එහෙම හිතුනම තමයි මට දැනෙන්නෙ මං එයාට ආදරෙයිද කොහෙද කියල.

එයාගෙ මාලෙත්, ඒ පෙන්ඩන්ට් එකත් ගානක් විදියට කියවුණේ රුපියල් ලක්ෂ 11ක් විතර. මට සාමාන්‍යයෙන් රන් ආභරණ මුතු මැණික් කියන්නෙ මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක් විතරයි. වෙන ගතියක් නෑ. ෂහ් මේක ලස්සනයි කියලා මම ගෑනුන්ට බොරුවට කියල තියෙනව. හැබැයි ඒ බොරුවට. උන්ට උන්ගෙ තෝරාගැනීම් ගැන යම් කිසි ආශ්වාදයක් දෙන්න විතරයි. එදා එයා ඒ මාලෙ ගලවලා මගෙ ගාවට ආවෙ. ඒ කියන්නෙ එදා අපි ගුහා ගත වෙන දවසක්. ඒ ගුහා ගතවීමෙන් ලබන අමාඵලය ලබලා බොහොතකට පස්සෙ මගේ අත උඩින්ම ඇඟ පැත්තට පෙරලිලා එයා මට කිවුවා කතාවක්.

"මං හිතන්නෙ මට ඔයාට කෝටි 7ක් දෙන්න පුළුවන්"

 ඒ වෙලාවෙ මං කියාගන්න දෙයක් නැතුව එයා දිහා බැලුවා. මගෙ තියෙනවා තරමක් නගරං හිනාවක්. ඒක දාලා නිකං ඉන්නවද? කෝටි 7 ගැන වැඩිදුර විස්තර අහනවද? ඒ කියපු දේ නෑහුනු ගානට ඉන්නවද? ඒ කියපු දේ විහිළුවට ගන්නවද? කියලා හිතාගන්න බැරුව මං එයා දිහාම බලං හිටියා. එයා ආයෙත් ඒ වාක්‍යයම කිවුවම මම එයාව ඉම්බා. මට ඒ වෙලාවෙනං මං එයාට ආදරෙයිද කොහෙද කියලා වැඩි වැඩියෙන් දැණුනා.  

 එදා දවසේ රතිය සතුටත් සැනසීමත් පිරුණු එකක්. වෙනදට අපේ රතිය තරමක් ශෝකය මුසු හැඟුම්බර දෙයක්. කපල් එකක් තමුන්ට එකට එක් වෙන්න තියෙන අන්තිම දවස වගේ ශෝකයක් හදේ තියාගෙන තමයි අපි වෙනදා මෛථූන්‍යක්කාරෙ ගිලුනෙ. එදා තිබුණා මේ සල්ලි නිසා සියළු ප්‍රශ්න විසඳිලා අනාගතේ එකට එක් වෙනවා කියන බළාපොරොත්තුව එක්ක අලුතෙන් යාළුවෙච්ච කපල් එකක තිබුණු සුන්දරත්වයක්. බොරු කියන්න ඕන නෑනෙ ඔළුව ඇතුළෙ හීන ටිකකුත් හැදුනා. එදා ඉඳන් අපි හිටියෙ ඊලාම් යුද්දෙ අන්තිම කාලෙ ආමි එකට සපෝට් කරපු අය හිටපු තරමෙ ත්‍රිල් එකකින්. හෙට ප්‍රබාකරන් මැරෙයිද? කියන බළාපොරොත්තුවෙන්. ඒ තමයි අදටත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා වැඩිපුරම දැණුනු කාලෙ.

අපි ප්ලෑන් කළා එයාලගෙ ගෙදරට නොදැනෙන්න කෝටි 7ක් පන්නන විදිය. ඔව් ඉතිං ඒ ගෙදර එහෙම මැච් එකක් ගහගන්න පුළුවන් තරමට වත්කමක් තිබුණු තැනක්. ජොබ් එකකට එන්නෙ ජොලියට, මාලයක් දාන්නෙ ඒක එයාගෙ ආච්චිඅම්මා මැරෙන්න කලින් තෑගි දීපු දෙයක් නිසා, නිවාඩුවට යන්නෙ ග්‍රීසියට, මම වේගෙන් වේගෙන් ගලවලා දාන්නෙ ඩිසයිනර් මේඩ් ඇඳුම්, එයා කකුලෙන් ඇදලා දාන්නෙ කස්ටම් මේඩ් සෙරෙප්පු, ඒ නිසා කෝටි 7ක් වටින දෙයක් හොයාගන්න එක ඒ ගෙදරින් අමාරු නෑ. හැබැයි බඩු හොරකං කරලා ඒක විකුණන්න තරමේ හොර හැකියාවක් මට තිබුණෙ නෑ. එනිසායි අපි දෙන්නා සල්ලි හොරකං කරන්න විදියක් ප්ලෑන් කළේ. ඒ ප්ලෑන් එක මට කිවුවෙත් එයා. මොකද මං ඒ ගෙදර බිං අඟලක් ගැනවත් දැනං හිටියෙ නෑ. කොටිම්ම ඒ හොරකම කළෙත් එයා. මං ඉතිං කළේ පිටිපස්සෙ ඉඳන් උරිස් දිගට එයාව මසාජ් කරපු එක. ඇත්තටම මට වෙලාවකට හිතුනා මං මේ මනුස්සයට ආදරේ කරන්නෙ සල්ලි නිසාද කියලා. ඒ අතරෙත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුනු වාර අනන්තයි.

එයාගෙ තියෙනව මැජික් එකක්. නවත්තන්නැතුව එයා ජීවිතේ ගැන කතා කරද්දි මට හිතෙනව මං ආදරේම ඒ කියවිල්ලට කියල. රති කාර්යයේ තියෙන ලාලිත්‍යය මට කියන්නෙම මං මේ ගෑනිට ආසම මේක නිසා කියලා. සල්ලි හොරකම ගැන කතා කරන හැම වාරෙකම මම මෙයාට ආදරේ සල්ලි නිසා විතරයි කියලා මගෙ හිත මාව වැරදිකාරයෙක් කරනවා. ඔහොම මගේ සිතුවිලි මගේ හිත ඇතුළෙම හැප්පෙද්දි දවසක එයා මට දෙනවා සල්ලි. මාව තව නොදන්න මනුස්සයෙක් එක්ක අරගෙන ගිහින් මගේ බැංකුවෙ එකවුන්ට් එකට දාලා දුන්නෙ. එයා බැංකුවෙන් එළියට එද්දි මට කිවුවා එයාගෙ හිතට හරිම නිදහසක් දැනෙනවා කියලා. මටත් ආසයි කාටහරි කෝටි 7ක් දුන්නට පස්සෙ මගේ හිතටත් නිදහසක් දැනෙයිද කියලා දැනගන්න. මං නං කීයටවත් ඒ තරං අත්හැරීම පුරුදු නොකරන බව මං දැනගෙන හිටියා. මට පොදි ගහන්න ආසාවක් තිබුණෙ නෑ. හැබැයි මං තියෙන ඩිංග අතාරින්න කැමති වුණෙ නෑ. ඊටපස්සෙ කාලයක් මම ගෙවුවේ තනියම. ඒ කාලය පුරාවටත් මට මං එයාට ආදරෙයිද කොහෙද කියලා නිතර හිතුනා. 

හැබැයි ඊට වඩා වගකීම් තිබුණා අර කෝටි 7න් ඉෂ්ට කරන්න. ආයෙත් මගේ පරණ පුරුදු ආහාර පිළිවෙලත්, බීමත්කමත් ජීවිතේට ආව. වගකීම් ඉෂ්ට කළාට පස්සෙත් ජීවිතේ ගේමක් ගහගන්න තරමට සල්ලි අතේ තිබුණා. ඒත් මම රස්සාව දිගටම කළා. රස්සාව කරනව. උදේට කළු කෝපි එකක් බොනව. දවල්ට කිරි තේකක් බොනව. තේකෙ ඕල්ඩ් රිසර්වු මිලි ලීටර් පනහක් තියෙනව. හවසට බොන තේකටත් ඕල්ඩ් රිසර්වු පනහක් වැටෙනවා. දවල් කෑමක් නෑ. උදේට යාලුවො ගේන දෙයක් කනව. රෑට ගෙදර යන ගමං හොඳට කනව. කාලා ගෙදර ගිහින් හොඳට බොනව. කිසිම මිතුරු හමුවකට යැවෙන්නෙ නෑ. ගියාම අරක්කු වීදුරු තුනක් වැටිච්ච ගමන් උන් මගේ දරුවා ගැන කතා කරන්න ගන්නව. මම කැමති වුණෙ නෑ මගෙ කසාද ජීවිතේ ගැන, මගෙ දරුවා ගැන කතා කරන්න. මම රෑට නීට් අරක්කු වීදුරු දෙකක් විතර බොද්දි ගෑනි මගේ හීන ලෝකෙට එනව. එයයි මායි දරුවට වෙච්ච දේ ගැන කතා කරලා කම්පා වෙනව. මම දරුවා ගැන කතා කරන්න කැමති වුණේ මගේ ගෑනි එක්ක විතරයි. කොටිම්ම මම ඒ කාලකන්නි කතාව ලියලා තිබ්බට උඹලට වත් පෙන්නන්නෑ. කොච්චරවත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුනත් මං එයාටවත් දිගින් දිගට මේ දේවල් කිවුවෙ නෑ.

එදා මට මගදිම ජින් චුට්ටක් බොන්න හිතුණු දවසක්. බම්බලපිටියෙ ඇට්ලැන්ටික් එකෙන් ඩ්‍රයි නූඩ්ල්ස් එකක් දාගෙන ජින් බාගයක් ගහලා එළියට බහිද්දිම තමයි උන් මාව ඉස්සුවෙ. ගැහුවා මට නොසෑහෙන්න. වාහනේ අරගෙන යද්දිත්, නොදන්න තැනකට ගෙනිච්චට පස්සෙත්. වෙන උන්ව උස්සන්නෙ කප්පං ගන්න, විස්තර දැනගන්න. මාව උස්සලා තියෙන්නෙ ගහන්නද කොහෙද? ඒ තරමට ගැහුවා. රිදුනා හොඳටම. අටෝරාසියක් වැරදි කරලා තියෙන නිසා මේ මොන වැරැද්දට ගහනවද කියන සිතුවිල්ල විතරයි මගේ හිතේ තිබුණෙ. ජින් බාගෙ සොමියත් මේ තරමට හිත පාලනය කරගන්න හේතුවක් වුණා වෙන්න පුළුවන්. ගානකට බිවුවම මට එනවා මුළු ලෝකය ගැන ම මහා ආදරයක්. ඒ ආදරය පිටින්ම මං උන් දිහා බැලුවා. උන් මගෙන් ප්‍රශ්න ඇහුවා ගොඩක්. මං ඒවට ඇත්ත කිවුවා. මොකද මට හරිම අමාරුයි. තවත් ගුටි කන්න බෑ. මුලින්ම ප්‍රශ්න ඇහුවනං මං මුලින්ම ඇත්ත කියනවා. මං දෙන උත්තර එකෙක් වීඩියෝ කළා. 

    උන් - ඇයි කෝටි 7 හොරකං කළේ?

    මං - සල්ලි ඕන වුණා මට වැඩකට.

    උන් - කෝටි 7ක්?

    මං - ඔව්.

    උන් - මොකද්ද වැඩේ?

    මං - ඒ කතාව මං කාටවත් කියන්න කැමති නෑ.

ඊටපස්සෙ මට ආයෙ ගැහුවා. මං පුළුවන් තරමක් උන්ට පැහැදිලි කරන්න හැදුවා කොච්චර ගැහුවත් මං ඒක කියන්නෙ නෑ කියලා. මං උඹලටත් කිවුවනෙ උඩදි. මං ඒක කියන්නෑ. ඒක තේරුං අරගෙනද මන්දා උන් මට ගහන එක ටිකකට නවත්තලා ආයෙ බිම ඉන්දුවා. ආයෙත් කැමරාව මගෙ මූනෙ.

උන් - ඇයි ඒ හේතුව නොකියන්නෙ?

මං - ඊටපස්සෙ මාව හිරේ දාවි.

උන් - හිරේ යන්න බය උඹද සල්ලි හොරකං කළේ?

මං - නොකර බැරි වුණා

එතනින් පස්සෙ උන් මට ගැහුවෙ නෑ. මාව අරගෙන ගියා ආයෙ වෙනිං තැනකට. එහෙ ගිහින් පැයක් විතර යද්දි උස මහත මනුස්සයෙක් ආවා. ඒ අරයගෙ තාත්තා. මට කෝටි 7ක් දන් දීලා මාව මේ කාලකන්නි හීනෙන් බේරගත්තු දෙයියා. එයා ඇහුවෙ කෝටි 7 කෝ? කියලා. ඒකට උත්තර නොදුන්නොත් ගුටි කාගෙන ඉවසන් ඉන්න තරමට ජින් ඇඟේ තිබ්බෙ නෑ. හොඳටම රිදෙනව ඇඟ. ඒ කෝටි 7 අදාළ තැන් කිහිපයකට බෙදලා, මටත් තරමක් වෙන් කරගෙන, ඒක මාස් පතා මගේ අතට පොළියක් එන විදියට ඉන්වෙස්ට් කරලා, ජීවිත ගේම ජයගෙන දවස් තුනකුත් ගියාට පස්සෙ තමයි මුං මාව ඉස්සුවෙ. කොටිම්ම මට මේ මනුස්සයගෙ දුව හම්බුණේ නෑ සතියකින්. අනේ ඒ ලස්සන තන් ආයෙ ඇත්තං කියලා හිතුණා මට ඒ වෙලාවෙත්. මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුන මට ඒ වෙලාවෙත්.

 


කෝටි 7 ගැන ඇත්ත කියලා බෑ. මං ජීවිතේ නිදහස ලබාගත්තෙ ඒ කෝටි 7න්. දැන් ඒක කිවුවොත් ඉතුරු ටිකක්වත් මුංට දෙන්න වෙයි කියන බය මගෙ හිතේ තිබුණා. නොකිවුවොත් ගුටි කන්න වෙනවා. එනිසා මම ඇත්ත බව හිතෙන බොරුවක් කියන්න උත්සාහ කළා. අපි දෙන්නට සාමාන්‍ය කපල් එකක් වගේ හෝටල් කාමර ගානෙ යන්න පුළුවන් වුණෙ නෑ. ඒවා තමයි සල්ලිකාර කෙල්ලෙකුට ආදරේ කරද්දි තියෙන ප්‍රශ්න. අපි ගියේ එයාගෙ කසින් කෙනෙකුගෙ වහලා දාල තිබුණු අපාට්මන්ට් එකකට. ඒ ගෙදර සෝෆා, පෑන්ට්‍රි ටොප්, ඇඳන්, බිම, බිත්ති දිගේ අපේ ආදරේ දෝරෙ ගලලා තිබුණා. දවසක් එයා මට කනට කරලා කිවුවා, මට ඔයාව හම්බුණේ නැත්තං මං ඔයාව මරලා, කෑලි කපලා, පුච්චලා, ඒ අළු ටික මේ කොණේ කබඩ් එකේ හංගලා තියනවා කියලා. මට හිනාවක් ගියා. මං කිවුවා අර මනුස්සයට එයාගෙ කෝටි 7 හංගපු තැන. දැන් ඉතිං පැය දෙක තුනකටවත් ගුටි නොකා ඉන්න පුළුවන්. ඒ වගේම එතන කබඩ් එකේ සල්ලි නෑ කියලා දැනගත්තම, අනුන්ගෙ තැනක් නිසා කවුරුහරි ගන්න ඇති කියල කියන්නත් පුළුවන්. එහෙම හිතලා අනුකම්පා කරලා මුං මාව අතෑරියොත් මට ගිහින් නිදහසේ ජීවත් වෙන්නත් පුළුවන්. මරලා දැම්මොත් මේ ජීවිතෙන්ම නිදහස් වෙන්නත් පුළුවන්. ඒත් ඒ විදි දෙකෙන්ම මට එයාව නැති වෙනවා. මට මං එයාට ආදරෙයිද කොහෙද කියලා ආයෙත් හිතුනා.

පැය දෙකක් විතර මට නින්ද යන්න ඇති. මාව ඇහැරුවා. බැමි ලිහුවා. වතුර දුන්නා. මරන්න වෙන්නැති යන්නෙ කියලා මගෙ හිත කිවුවා. කොහොමත් මං හැමදාම නරකම දේට හිත හදාගෙන ඉන්න මිනිහෙක්. මාව අරගෙන ගියා. මට ඇඳගන්න මගේම ඇඳුමක් දුන්නා. ඒ කියන්නෙ මුං මගේ ගෙටත් පැනලා. මං ඇඳුමක් දාගෙන ගියේ හැමදාම ඈතින් බලලා ගියපු ලොකු කළු ගේට්ටුවක් තියෙන එයාගෙ ගෙදරට. එයත් හිටියා. මං හිතුවා ගුටි කාලා තඩිස්සි වෙලා තිබ්බ මගෙ මූන දැක්කම එයාට දුක හිතෙයි කියලා. එයා හිටියෙ තරමක ආඩම්බරකාර හිනාවකින්. මං හිතින් වැටුනා ඒ හිනාව දැකලා. දුව කිවුවලු, එයයි මායි ආදරෙයි කියලා. දුව කිවුවලු කෝටි 7ක් හොරකං කළේ, බැඳලා ගියාට පස්සෙ එයාට මේ තිබ්බ සැප ජීවිතේ තරමක් දුරට හරි ලං කරන්න හිතාගෙන හිටපු හින්දලු. මට එයාට තරං සල්ලි නැති නිසාත්, මට දැන් ගෑනියි දරුවයි නැතත් මං කසාද බැඳපු මිනිහෙක් නිසාත්, මට දුවව බඳින්න නොදේවි කියලා අපි දෙන්නා කතා වුණාලු. ඒකලු මේක කළේ. මං ඒ බොරුව ඇත්ත කියලා පිළිගන්න ඔළුව වැනුවා. වනලා බොර වෙච්ච උගුරෙන් වතුර ටිකක් ඉල්ලුවා. එයා මට වතුර එකක් ගෙනත් දුන්නෙ නෑ. එන්න කියලා වතුර බොන්න එක්කගෙන ගියා.

එයා - අර ඔයාට දැන් කියපු ටිකට තාත්තා මගෙන් උත්තර ගත්තු දවසෙම තමයි, මම ඉතුරු කෝටි 7 ගෙනිහින් අර කබඩ් එකේ හැංගුවේ. මං හිතුවා ඔයාගෙන් තැනක් ඇහුවොත් ඔයාත් එතන ම කියයි කියලා. මොකද මට ඔයාව හම්බුණේ නැත්තං ඔයා නවතින්නෙත් ඒ කබඩ් එකේනෙ.

මම - එතකොට තව කෝටි 7ක් කොහෙන්ද ඔයාට?

එයා - කෝටි 7ක් නැති වුණාට ගානක් නැති ගෙදරකට, කෝටි 14ක් දැනෙන්නෙත් නෑ. කෝටි 7 නැති වුණා කියලා එයාලට දැනෙන්න ඇරියෙත් මම ම තමයි. ඔයාව මගෙ ළඟට ගන්න වෙන විදියක් මට දැණුනෙ නෑ. ගොඩක් ගැහුවද ඔයාට?

 

2023 මැදින්

Sunday, October 9, 2022

අන්අවේලබල් මිනිස්සු

ඉස්සර මම හරි ආසයි අන්අවේලබල් වෙන්න. සිකුරාදා හවසකට ආදරේ කරන ගෑනු දෙන්නටම කතා කරලා මම ඒ විත්තිය කියන සතුට මට තාම මතකයි. එක ගෑනියෙක් නං රණ්ඩු කරනවා. අනිත් ගෑනි බය වෙනවා. මුල්ම කෝල් එක දෙන්නෙ අලුතෙන් ආදරේ කරන්න ගත්තු කෙනාට.

මේ අද හවස සෙට් වෙන්න යනව. පාටිය යනව ඉරිදා හවස් වෙනකං. මම කොහේ ඉඳියිද දන්නෑ. බය වෙන්න දෙයක් නෑ. අපි 6 දෙනෙක් ඉන්නව. මොනවහරි ලොකු අවුලක් තිබ්බොත් විතරක් කෝල් කරන්න.

ඊළඟ කෝල් එක දෙන්නෙ පරණ ම ආදරේට. ඒ කෝල් එක දැන් දෙන්න වෙන්නැති එක ගැනත් හිතේ යම් තරමක දුකක් තියෙනවා.

අම්මෙ, අද රෑ පාටියක්. ඒක ඉවර වෙලා හෙට පාන්දරින් එහෙම්මම අපි යනව මොණරාගල. ට්‍රිප් එකක්. වැව්වල බහින්නෙ නෑනෙ මං කොහොමත්. ඉරිදා හවසට එන්නෙ. වැඩිම වුණොත් ටිකක් බොයි. තාත්තටත් කියන්න. මෙහෙම්ම ඔෆිස් ඇරිලා යනව මං. ඇඳුම් අරං ආවෙ.

ඔය කෝල් දෙක දුන්න ම හිත නිදහස්. ඊටපස්සෙ ඔෆිස් එක පිටිපස්සෙ ෂවර් එකට ගිහින් නාලා, ෂෝටක් දාලා, ඔෆිස් එක ඉස්සරහ බලාගෙන ඉන්නව මාව අරගෙන යන උන් එනකං. ඒ එනකං සිකුරාදා හවස ඔෆිස් ඇරිලා යන උන්ට ඇයි මම අද මේ ෂෝටක් දාගෙන ඉන්නෙ කියන එකට විස්තරේ කියනව. 

තාමත් ඉඳල හිටල මට එහෙම අන්අවේලබල් වෙන්න වෙලාවල් එනවා. අවුරුදු හැටටත් කිට්ටු මිනිහෙකුට එහෙම බ්‍රහස්පතින්දා හවස් වරුවක් තියෙනවද? කියල හිතෙයි. ඔව් තියෙනව. ඇයි කියලා හිතුවද බ්‍රහස්පතින්දා? අවුරුදු විස්සෙදි රස්සාවට ගිය අලුත මම හිටියෙ කොළඹ. ටවුන්හෝල් කිට්ටුව ඔෆිස් එකක. දැන් ඉන්නෙ තෙල්වලින් දියුණු වෙච්ච වැලි පිරිච්චි කාන්තාර සහ ආසියාතිකයො පිරිච්ච බිල්ඩිං තියෙන රටක. තාමත් මම කෝල් දෙකක් ගන්නව ගෑනු දෙන්නෙකුට. ඔව් මගේ අම්මා මැරිලා. මගෙ චරිතෙ ගැන කතාවෙ මුල් හරියෙදි හදාගත්තු හොඳ හිත දැන් බිඳිලා වගේද? එහෙම කරගන්න එපා.

මම මුල්ම කෝල් එක ගන්නෙ දැන් මම අලුතෙන්ම ආදරේ කරන ගෑනු මනුස්සයට. මං පුත්තුන්ට දූලට කියල විශේෂයක් නොකළට මට දූට කියවුණේ පුතා කියලා. 

පුතේ, මං යනව ට්‍රිප් එකක්. අපි 11ක් යනවා. ඩෙසර්ට් සෆාරි එකකුයි, තව මොනව මොනවද කරයි. මං ආපු ගමං ඔයාලවත් එක්කගෙන යන්නං කොහෙහරි. අම්මටත් කියන්න. 

අම්මටත් කියන්න කියලා කියපු එක දූගෙ හිතට දෙන පොඩි අල්ලසක්. ඒක අප්පච්චි මට විතරයි ආදරේ කියලා දූගෙ හිතට හිතවන්න දාන පුංචි මැජික් එකක්. අනික කොහොමත් දූත් දැන් වැඩ කරන්නෙ කොළඹ. ටවුන්හෝල් කිට්ටුව ඔෆිස් එකක. අනිත් කෝල් එ​ක දැන් ඉන්න දෙන්නගෙන් පරණ ලවු එකට.

මේ මම, කට්ටිය එක්ක පොඩි ගමනක් යනවා. මුං ඉතිං කාලෙකට පාරක් ඕවා දාගන්නව. නොගිහින් බෑ. එකට ඉන්න එවුන්නෙ. කෝල් කරන්න තරං වෙලාවක් හම්බෙන එකක් නෑ. පරිස්සමෙන් ඉන්න. 

මම මේ අන්අවේලබල් වීමට නං කැමති නෑ. කොටිම්ම අවුරුදු විස්සෙන් පටන්ගත්තු මුල් දශකය ඇතුළෙ ජීවිතේ සිද්ධ වුණු නොයෙක් හැලහැප්පිලි එක්ක මං අවුරුදු 30 වෙද්දිම, බියර් එකක් බිබී මැච් එකක් බලන්න කැමති, ගෙයින් එළියට සැපක් දාන්න යන්න අකමැති, සෝෆා එක තරම් හිතටත් ඇඟටත් ෆිට් වෙන තැනක් තවත් නැති පිරිමියෙක් බවට පත් වුණා.  මම අවුරුදු තිහෙන් පස්සෙ වගේ ආසා වු​ණේ ඉස්සර ක්‍රමේට විරුද්ධ විදියට අන්අවේලබල් වෙන්න. යාළුවොන්ට කතා කරලා, මේ සතියෙ නං වැඩ දාගන්නෙපා මචං මට ෆ්‍රීලාන්ස් වැඩ ටිකක් සෙට් වෙලා තියෙන්නෙ... කියලා කියන්න. ට්‍රිප් එකක් ප්ලෑන් කරද්දි ම, ඉස්සරහ වීක් එන්ඩ් දෙකේම මම අන්අවේලබල් කියලා කියන්නයි කැමති. ඇති දැන් මට. 

ඉපයීම සහ නිදහස අතර​ මේ ලෝකෙ නොපෙනෙ​න වගුවක් තියෙනවා. ඒ වගුවෙ ඉපයීමෙත් නිදහසෙත් ධන වුණු සහ ධනේ උඩට ගිය උන් ඉන්නව. ඍණ වුණුත් ඉන්නව. සල්ලි හොයලා නිදහසේ ඉන්න මිනිස්සු, දිගටම සල්ලි හොයන නිසා නිදහසක් නැති මිනිස්සු, කලින් කෙනෙක් හොයාලා දීපු සල්ලි නිසා නිදහසේ ඉන්න මිනිස්සු, සල්ලි හොයන්නත් විදියක් නැති මිනිස්සු වගේ කොට්ටාස ගොඩක් මේ වගුවෙ එකේක පැත්තට, එකේක තැන්වල ඇලවිලා ඉන්නවා. මම දිගටම සල්ලි හොයන නිසා නිදහසක් නැති මිනිහෙක්. ෆයිනෑන්ෂලි නිදහස් වෙන්න නං, ජීවිතේ නිදහස නැති කරගත යුතු මිනිහෙක් මම. සහ එහෙම කරන මිනිහෙක් මම. අවුරුදු හැටටත් කිට්ටු වෙලා තාමත් මට නිදහසක් ගැන හිතන්න විදියක් නෑ. මං ඒකට ආසත් නෑ. හැබැයි මට වෙන කරන්න දේකුත් නෑ. කසාද බැන්දානං, ළමයි හැදුවා නං, උන්ව ​ගොඩ දාන්නම ඕන.

දුවට දැන් 26ක්. දූ කසාද බඳින දාට මේ මගුල් නවත්තලා යනව ගෙදර. ගිහින් ගෑනිත් එක්ක ඉන්නව සතුටෙන්. එහෙම හිතුනු දවස් තියෙනවා. නැත්තෙ නෑ. දුවවත් දරුවො හැදුවෙ නැත්තං හොඳයි. මං කැමති නෑ, ආයෙත් පොඩි උන් හුරතල් කරන්න. ඊටත් වඩා මං කැමති නෑ මගේ දරුවො, මං මෙච්චර මහන්සි වුණාට පස්සෙත් ආයෙත් වගකීම් කර ගහගන්නවට. මේ හොයපු සල්ලි දුවටත්, දුවව බඳින කෙනාටත් හොඳටම ඇති ජීවත් වෙන්න. මට ජීවිතේ අන්තිම අවුරුදු විසි පහක් විතර කිසිම ඇගයීමක් නොලැබුනු මිනිහෙක්. මම ආසයි මම මේ කරන කැපකිරීම අගයනවට. ඒත් ඒක අගයන්න සමිතියක් වගේ දෙයක් හොයාගන්න නෑ. "පවුල වෙනුවෙන් මහන්සි වෙන පිරිමින් අගය කරන සමිතිය" කියලා එකක් නෑ. ඇගයුවේ නැතත් මේ වගකීමෙන් ගැලවෙන්නත් බෑ. දුක් වෙවී හරි කරන්න ඕන. අන්න එහෙම දුකක් දැණුනු වෙලාවට, මට හිතෙනව ජීවිතෙන්ම අන්අවේලබල් වෙන්න. මිනිහෙකුට නොමැරී ඒක කරන්න පුළුවන්ද? මොකද මම ආසා නෑ මැරෙන්න.

මට ජීවත් වෙන්න ඕන මගේ පවුල වෙනුවෙන් හෝ මගේ හිතමිතුරො, නෑදෑයො, මගේ ගම රට වෙනුවෙන් නෙමෙයි. මට දැන් ජීවත් වෙන්න ඕන මං වෙනුවෙන්. කිසිම ප්‍රශ්නයක් කිසිවෙක් නොඅහන, මං ආසා සින්දු, ෆිල්ම්, මැච්, කෑම, බීම, ගෑනු පිරිච්ච ලෝකෙක තනි වෙන්නයි මට ඕන. ඒත් ඒ වෙනුවෙන් මට කීදෙනෙකුට අන්අවේලබල් කියන්න වෙයිද? මට බෑ ඒක කියන්න. ඒ තරං හයියක් නෑ. එක්කො ඒ මිනිස්සු ඔක්කොම මැරෙන්න ඕන. මගේ සතුට වෙනුවෙන් කී දෙනෙක් කියලා මැරෙන්නද? ඒ ඔක්කොම එක පාර මැරිලා වැටෙන එක ඇත්ත නොවෙන හීනයක්. ඒ වෙනුවෙන් මම මැරෙන එක අන්අවේලබල් වෙනවා වගේම වැඩක් වුණත්, මට ඒ අන්අවේලබල් ගතිය විඳින්න විදියක් නැති වෙනවා. එනිසා ඒක කරන්නත් බෑ. මට දරුණු සමාජ රෝගයක් හැදුනොත්, මගෙ වටේ ඉන්න මිනිස්සු දාලා යාවි කියලා වතාවක් මට හිතුනා. ඒත් ඉතිං එහෙම වුණා කියලත් මට අන්අවේලබල් වෙන්න බෑ. පුදුම කරුමයක් මේක. ඒ හින්දයි මම මේ ප්ලෑන ගැහුවෙ. හිතේ ගිල්ටියටයි මේක මෙතන ලියල තියන්නෙ. මොකෙක්හරි මේක අනාගතේ දවසක කියවලා මාව හොයන්න හිතුවොත් හොයන්නෙ නැතුව ඉන්න. මොකද මට ඕන අන්අවේලබල් වෙන්න.

අරාබිකරේ මේ රටේ නීති තදයි. ඒකෙ මට ලොකු බලපෑමක් නෑ මොකද මං නීති විරෝධී වැඩ කරන මිනිහෙක් නෙමෙයි. හැබැයි නීති විරෝධී වැඩ කරන එවුන් නැතුවමත් නෙමෙයි. මං එහෙම එකෙක්ව අඳුනනවා. උගෙයි මගෙයි හමුවීම සිද්ධ වෙන්නෙ අමුතු ම විදියකට. අපේ පෙණුම බොහෝදුරට සමානයි. ඌ කොණ්ඩෙ තරමක් වවලා ඉන්න නිසා මිසක් අපි දෙන්නාව ඈතට වෙන් කරලා අඳුනගන්න සාධකයක් වෙන නැති තරම්. මට ඌව පාටියකදි හඳුන්වලා දෙන්නෙ අපි දෙන්නගෙම යාළුවෙක්. ඒ කාලෙ මමත් කොණ්ඩෙ වවලා හිටියෙ. මට ඒ යාළුවා කරපු හඳුන්වා දීම තාම මතකයි. "උඹ මූව අඳුනාගෙන ඉන්න එක හොඳයි. මොකද උඹලා දෙන්නගෙ පෙනුමත් එක්ක දවසක මුගේ හොර වැඩකට උඹේ අත් කැපෙන්නත් ඉඩ තියෙනවා" එවෙලෙට ඒක විහිළුවක් වුණා. මං ඌත් එක්ක තරමක් වෙලා කතා කරා. ඌ බහුලව භාවිතා කරන නම, මගෙත් උප්පැන්නෙ සඳහන් එහෙත් අත්හැර දාපු නමක්. කපිල. 

මං කපිලයාගේ හොර වැඩක් කියලා දෙයක් හොයාගන්නවත් නැතත්, ඒ කපිලයා අරක්කු බෝතලේ ඉඳන් වීසා එකට වෙනකං මගෝඩි වැඩ කරන එකෙක්. ඌ ඒවා හංගන්නෙත් නෑ. යම් වීරත්වයක් ඒ නිසා ගොඩනගාගෙන ඉන්නෙ. ලංකාවෙ උන් විතරක් නෙමෙයි, ඉන්දියන් බංගලි එවුනුත් ඌ දාන මෝඩ ජෝක්වලටත් බඩ ඉස්සරහට දාලා හිනාවෙන තත්ත්වෙක තියාගෙන හිටියෙ. ඉතිං මං කපිලයගෙන් ඇහුවා වගතුග. කපිලයට තරහකාරයොත් නැත්තෙම නෑ. උගේ බිස්නස් ටික කරගෙන ඉන්න අරාබිකරේ එවුන්, කපිලයා එක්ක තරමක් නොහොඳ වුණත්, පිරිස් බලය සහ ඒ පිරිසේ බලය අතින් මේ කපිලයා ඉස්සරහින්. හැබැයි කපිලයා යාළුවොන්ටත් ඉඳහිට හොර වැඩ කරා. ඒ නිසාම ඒ කපිලයාගෙයි මගෙයි ඇයි හොඳැයියක් තිබ්බට අවංක මිත්‍රත්වයක් තිබුණෙ නෑ. එදා බ්‍රහස්පතින්දා දවසක්. කපිලයා මාව මුණගැහෙනව කලබලෙන්.

කපිල සහ කපිල

 

"මචං මොකක්හරි පත්තු වෙලා, මට වට කරලා ෂොට් එක දෙන්නලු යන්නෙ. මාව බේරගන්න මොකක්හරි කරපං." ඌ ඒක කියද්දිම මට අවුලක් තේරුණා. ඌට මට කලින් කතා කරන්න ඕන තරම් යාළුවො හිටියා. හැබැයි ඌ මගේ ගාවට ආවෙම උගෙයි මගෙයි පෙණුමෙ සමානකම හින්දාමයි. උගේ ප්ලෑනක් තියෙන්න පුළුවන් ඌ වෙනුවට මාව පාවලා දෙන්න. මං ඒ හින්දා මං විහින්ම උගේ උගුළේ පැටළුනා. ඌට මගේ කාමරේ ඉන්න ඉඩ දුන්නා විතරක් නෙමෙයි, උගේ සන්තකේට මගේ සියළු විස්තර සහිත බලපත්‍රත් දුන්නා. මං ඌට නොකියපු දේකට කියලා කරේ, ඌ මගේ කාමරේ නිදාගත්තට පස්සෙ ගිහින් කොණ්ඩෙ කපාගත්තු එක විතරයි. විතරමයි. මං කොණ්ඩෙ කපලා නිකං හිටියෙ නෑ. අඳින පළඳින විදිය එක්ක පෙනුමත් තරමක් වෙනස් කරගත්තා.

අන්න ඒ විදියටයි දවස් 4කට පස්සෙ ලංකාවට මේ කපිලගෙ බොඩි එක නමින් ඒ කපිලගෙ බොඩි එක ගියේ. මෙහෙ පොලීසියෙන් ඒ කපිලව​ හෙවුවා. මං කපිල නැති වුණු දවසෙම ඒ කපිලගෙ අතුරුදන් වීමත් සිදුවීම මෙහෙට තරමක ආන්දෝලනයක් වුණා. ඒ කපිලගෙ අවුල් වැඩ දන්න නිසාම බොහෝදෙනෙක් සැක කරේ ඒ කපිල කියලා හිතාගෙන මාව මරාදාපු බවත්, ඒ කපිල පැනගිය බවත්. මෙහෙ යාළුවොත් එකතු වෙලා අපෙ ගෙදරට සල්ලි යවලා තිබුණා. මගේ ඔෆීසියෙන් මාසිකව යම් මුදලක් මගේ පවුලට යවන ගිවිසුමකුත් වෙලා තිබුණා. මේ දේවල් සිද්ධ වෙද්දිත් මං හිටියෙ ළඟපාත. හැබැයි තරමක් වැඩ දන්න එකෙක් එක්ක. ඌ මට හැදුවා බොරු බලපත්‍ර. මං දාගත්තා ඉන්දියන් නමකුත්. මොකද්දෝ මන්දා හේතුවකට මං ඒ ඉන්දියන් නමට Kapil කියලා කෑල්ලකුත් දාගත්තා. දැන් බළාපොරොත්තුව මාව මෙහෙන් පිටමං කරන්න. ඒ වෙනුවෙන් මං පෙනීහිටියා ඉන්ටවිව් ගණනාවකට. වයස තමයි තිබුණු ප්‍රධාන ප්‍රශ්නය. නමුත් ඉන්දියන් වීම නිසා ගොඩක් තැන්වල ඉන්දියානුවන් සිටීමේ වාසිය මටත් ලැබුනා.

අන්න ඒ විදියටයි මං හිම වැටෙන රටකට ආවෙ. මෙතන ඉඳන් කියන්න තියෙන්නෙ තරමක් හැංගුණු කතාවක්. නැත්තං මට අන්අවේලබල් වෙන්න බැරි වෙනව. මාසෙකට පාරක් මං පයින් ගිහින් දේශසීමාවක් පනිනවා. පැනලා බිරින්දෑගෙත් දුවගෙත් ගිණුමට සල්ලි ටිකක් දානව. මගේ ගැන හොයන තුරුම්පුවකට ඉතුරු ගෑනිට සල්ලි වැ​ටෙන රටට කිට්ටු යුරෝපෙ රටක් සහ කපිල් කියන ඉන්දියන් නම විතරයි. මං හිතනවා ඒ වැඩේ අමාරුයි කියලා. මොකද මේක පබ්ලිෂ් වෙන්න දාලා තියෙන්නෙ තව අවුරුදු ගානකට පස්සෙ. පබ්ලිෂ් වෙද්දි මං මැරිලද දන්නෙත් නෑ. 

ලංකාවෙ එකෙක් නෑ මෙහෙ. කෑමත් රහ නෑ. ගෑනුන්ගෙත් මහ රහක් නෑ. මටත් දැන් හැටක්නෙ. උන්ටත් රහ නැතුව ඇති. මහ ලොකුවට සල්ලිත් නෑ. හොයපු බර ගානක් මගේ මේ අන්අවේලබල් වීම වෙනුවෙන් වියදං කරා. දැන් මං කිසිම ප්‍රශ්නයක් කිසිවෙක් නොඅහන, මං ආසා සින්දු, ෆිල්ම්, මැච්, කෑම, බීම, ගෑනු පිරිච්ච ලෝකෙක තනි වෙලා ඉන්නෙ. ළඟපාත මැච් එකක් තියෙන දවසට බලන්න යන්න ආසයි. ඒත් ඒවයෙ කැමරා තියෙන නිසා බයයි. ඉඳලා හිටලා ගෑනිගෙ කටහඬ අහන්න කෝල් එකක් දෙන්න හිතයි. ඒත් මේ පැත්තෙන් කතා නොකර ඉද්දි සැක හිතෙයි කියලා බයයි. ආයෙ කටහඬට ලෝබ වෙලා යන්න හිතෙයිද කියලා බයයි. කාටවත් ණය නං නෑ. හැබැයි බය තියෙනවා. මට ආයෙ කවදා හෝ අවේලබල් වෙන්න හිතෙයිද කියලා බයයි. එදාට අවේලබල් වෙන්න බැරි තරමට මං දැන් දුරක් ඇවිල්ලා නිසා බයයි. ඇත්තටම මං අන්අවේලබල්ද කියලා මට සැකයි.