
සූරිය මංගල්‍යය ජන කවි සමග තෙද
අවුරුදු කූජනය නැවුමකි ඉතා සොඳ
කොහා නැතත් හඬනට සිට කොළඹ බද
ටෙලියෙන් වැයෙයි ඒ මංගල්‍යයේ නද
විද්වත් මඩුලු රට හැමතැන පොකුරු පිටින්
කියයි අසිරි ඉතිරෙන කිරි මුට්ටි වෙතින්
"වන් ටූ ත්‍රී බම්බල් බී" කියූ කටින්
"එළුවන් කයි" ඊයේ පුරුදුවූ ලෙසින්
බැලු බැලූ අතට ගැමි ජන කෙලි උළෙල් ඇත
ඒවට තෑගි දෙන්නන් තොග පිටින් ඇත
ලාඕජී සමග අලියා බීම මැත
දොඩවයි උනුන් ගුණ කලඳක් නැතුව කැත
තරු පිරිවර නටවති ටෙලියට ගෙන්නා
පොඩි උන්, නටන උන්, ගයනා උනුත් වෙනා
කලාබරිත සංවේදී සියළු දනා
අපිත් බොමුකෝ වීවා සිත් සනසමිනා
පිටි උවමනා නැත තම්බන්නට කැවුම
රබං ඕන නැත සීඩී එක දැම්ම
උණ වෙඩි, කැට ගැහිලි වැනි බොරු ගොං වැඩම
ටෙලියට මූණු දාගෙන ඉමු විසිපැයම
නෑගම් ඕන නැත පෙට්‍රල් පිච්චේයා
ස්කයිප් එකෙන් දිව දිව ගෑ හැක්කේයා
නානු නුවමනයි අපි හර්බල් ගෑයා
අවුරුදු කුමරු හෙට පොලේදි විකිනේයා
මේ වගේ අපූරු නිර්මාණයකට ප්‍රතිචාර දක්වන පළමුවැනිය වෙන්නත් මම බොහොම භාග්‍යවන්තයි කියල හිතෙනවා. ඒ වටිනා අවස්ථාව මඟ හැරේවි කියන බයටයි බාගයක් කියවලා ප්‍රතිචාරය දක්වන්නේ. මේ සියල්ල දැක්කත් නිර්මාණාත්මකව ගොනු කරගන්න බැරුව ලතවෙන අපිට ඔබ අස්වැසිල්ලක් රචියෝ!!!
ReplyDeleteමචන් මල්ලි උඹට කවි භුතයෙක් ව වැහිලා ඉන්නෙ.. මල්ලි පොත්ක් කරපන්.. අනිවා උබ ජිවත් වෙලා ඉන්න කාලෙ මිනිස්සු උබව ගනන් ගන්න එකක් නැහැ.. හැබැයි මැරුනට පස්සෙ උබව මුරුන්ගා අත්තෙ තියයි.. මෙ වගෙ දෙවල් වලට වචන වලින් මෙච්චර සියුම් ව පහර ගහන්න, නියමයි.. මල්ලි කවියෙක්ගෙ තියන සුන්දරමෙ දෙ එකයි.. එයාල බොහොම සරල සුන්දර මිනිස්සු මම 26 වෙනිදා කැම්පස් එකට එනවා.. එතකොට උඹව ඇස් දෙකෙන් දකින්න පුළුවන් වෙවි.. උඹව දැකිමෙ ආසාව වැඩි වෙනවා මෙවා දැක්ක හම
ReplyDeleteඅබුද්දස්ස කාලෙ නෙව...
ReplyDeleteඅද දිනයෙන් උදාවන නව වසර "සියලු පැතුම් ඉටු වන , සතුටින් පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා..!"
@රවා: මම කැම්පස් කාරයෙක් නෙමෙයි අයියේ.මට එච්චර පිනක් නෑ.මම NIBM එකේ.ඒත් හම්බවෙන්න ඕනනං විදිහක්ද නැත්තේ? දෙන්නකෝ ෆෝන් නොම්බරේ.කතා කරලා සෙට් වෙමු!
ReplyDeleteඒ වගේම බොහෝමත්ම පිං දිරි දුන්නට!
උබ මොරටු කැම්පස් එක ගාවින් බැස්ස කියලා උබෙ පරණ 255 බස් එක ගැන තිබුණු පොස්ට් එකෙ තිබුන හින්දා මම හිතුවා උබ කැම්පස් එකෙ ඉගෙන ගන්න කෙනෙක් කියලා.. මම උබට මෙල් එකක් දාන්නම්..ෆෙස් බුක් එකට එකතු කරා..
ReplyDeleteපිස්සු හැදිලා අයේ හැදෙනවා මුචෝ . . .
ReplyDeleteබුදු සිරාවට ලියලා තියෙනවා . ..
වැඩි යමක් කිව්වොත් අගේ අඩු වෙයි කියලා හිතෙනවා . .
පට්ට . .
එච්චරයි මම කියන්න දන්නේ
ආයි මල්ලී කියන්න නම් වදන් නැහැ. වැදිය යුතු තැනට පහර නියමෙට ම දීලා තියෙනවා මදි නොකියන්න...!!!!
ReplyDeleteමම හිතන්නෙ මේක හැමදාමත් බැලුවට කවදාවත් කමෙන්ට් නම් කලේ නෑ. නියම කවියක් මලේ... කෑල්ල කෑල්ල රස විඳින්න පුළුවන් :)
ReplyDeleteස්කයිප් එකෙන් දිව දිව ගෑ හැක්කේයා..." හැබෑමයි.අපිටත් ඊයෙ එහෙම කරන්න සිද්ද වුණානේ. :O මොනව වුණත් අදහස් ටිකනම් නියමයි..!
ReplyDeleteDOUBLE PATTA
ReplyDeleteකවිය නම් පට්ට මුචෝ... එළම කිරි...
ReplyDeleteමොනා උනත් උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..!
එල කවිය. :D සුබ අලුත් අවුරුද්දක් වේවා :)
ReplyDeleteඅවුරුදු කුමරු එනවයි කිව් දිනේ සිට
ReplyDeleteසැරසුනෙන් මෙවර නම් අවුරුදු කන්නටය
තිසා වැවත් බදු අරගති මේ ගමන
නරකම නැහැනෙ කල එලි බැසි අපූරුව
වීවා නොවේ මම දැක්කේ නෙස්ටමෝල්ට්
කෝවා මොකද අවුරුදුදා විකිනේ නම්
ගෙදර කන්න බැරි අවුරුදු ටෙලියෙ කැවුම්
අනුකම්පා කරනු හැර වෙන මං කුමක් කරම්
නියමයි මචන්.
ReplyDeleteරස වින්දා උපරිමෙන්ම.
උපරිමයි සහෝ.......
ReplyDeletemaxxa... :)
ReplyDeleteහ්ම්...... අගය කල හැකි උත්සාහයක්...... බොහොම ගැඹුරින් අදහස් දක්වන්ට තරම්ම දැනුමක් මට නෙ සහොදරයා.... ඒත් තේමාවට ම කැමති......
ReplyDeleteසද්දයක් දාලා ගිය සෙට් එකටම තැන්කියු!
ReplyDeleteමම කැමතිම විදිහෙ කවි පන්තියක්
ReplyDeleteකමෙන්ට් එක සඳහා සාදර අනුග්‍රහය - ගණුදෙනු කරන සැමට පිත්තල පහනක් ලංකා ඔරික්ස් ලිසිං සමාගම
අවුරුද්දකට පස්සෙත් මේක මේ විධියටම අදාල වෙන්නෙ අපි තවම එකම තැනක හින්දද? එහෙනම් උඹට තව අවුරුදු ගාණක් අලුත් අවුරුද්දට මේක උඩට ගන්න පුළුවන්....
ReplyDeleteආහ්... කවිය නම් වසරක් පරණයි.. අදහස නම් නැවුම් සහ රස බෝමයි...
ReplyDeleteඅපූරුයි රචින්ත මල්ලි...
මේ දවස් ටිකේ ටොප් බ්ලොග් ටිකක් හම්බ වුනා කියවන්න , (නුවර ඉන්න එකට පින් සිදු වෙන්න)
චියර්ස් !