Monday, April 19, 2010

ග්‍රහ පාලනය


මා පුංචි පහේදී
මහා හපනෙකු විය
ඒ ග්‍රහ බලපෑම
හොඳ නිසාවෙනි

දහය එකොලහේදී
තවත් බ්‍රයිට් වීමට පටන් ගති
ඒද දෙයියන්ට
පිංසිද්ධ වෙන්නය

අහේතුක ලෙස
ප්‍රතිඵල අල විය
ගණිත සිහල ඉංගිරිස් සාහිත්‍යය
හා ඉංග්‍රීසි පමණක්
මුලකුර අතගෑවේය
එකල ග්‍රහයන් කිපීය

ජ්‍යෙෂ්ඨ කල
ග්‍රහයන් කිපෙන බව මා
හොඳාකාරවම දැනසිටි!
එනමුදු,
ජෝති ට අනුව
මා නිසැක සමතෙකි

උ/පෙ ට කෙළ විය
මම බුදු විය
ජෝති ගොළු විය
මව දුක් විය
පියා කිපීය

මට ගැහැණියක හමු විය
එහෙමත් නැත්තං
කෑල්ලක් සෙට් විය
අප දෙදෙන ගුණ අපටය.
කට්ටිය වටවී ග්‍රහ ගුණ සෙවූහ.

පුතාට වතුරෙන් අපලය
මා පුරුදු ලෙසම නොනා සිටිමි.

වාහන වලින් අපලය
ගෙදර සිටිමි.

රාහු නිසා
බල්ලන්ගෙන් අපලය
මිතුරන් ඉවත් කරමි.

පවුල් කන්නේ ග්‍රහයන්ය;
අප රමණයේ යෙදීමට පමණක්
කතිකා වුනෙමු.

සටහන දිගය.
එයින්ද
දෙයියෙකුට කෙළවීමට පෙර
මා නවතිමි.

මෙහි "ජෝති" යනු, ජ්‍යෝතිෂයවේදියාය.

30 comments:

  1. කියන්න වචන නෑ සහෝ!!!! මැක්සා!

    ReplyDelete
  2. ඔය ග්‍රහයන්ට කරන්න පුළුවන් දේකුත් නැහැ බැරි දේකුත් නැහැ

    ReplyDelete
  3. ග්‍රහයා හා ග්‍රහ අපල
    වූ කලී
    අනෙකෙකු නොව තම සිතතුලම මැවී ඇති මායාවක්ම ය.

    එය අපලය ලෙස දකින තාක් එම අපලය සැබෑ ලෙසම මවා පෙන්වයි...

    කෙසේ නමුදු,

    මා තවමත් රමණය නොකල නිසා හෝ එවැනි අත්දැකීමක් නොලැබු නිසාවෙන්

    තවමත් ග්‍රහයන් පසු පස යමි...

    ReplyDelete
  4. උඹ ඔය කන කැවිල්ලට මොකෙක්වත් කිපිලා නැතුව ඇති මං හිතන්නේ.., =P

    ReplyDelete
  5. ...ම්මටඃඋඩු! එළ එළඃ

    ReplyDelete
  6. @LishWish: කන කැවිල්ලට කිපිලා තමයි බඩ දාලා තියෙන්නේ අයියේ!

    ReplyDelete
  7. පරිස්සමෙන්....තව මොන මොන අපල තියෙනවද කවුද දන්නේ ;)

    ReplyDelete
  8. hik hik hik . .. .
    bokkenma aapu oroppuwen liyala tiyenne . . .

    ReplyDelete
  9. හිහ්හී...ඔරොප්පු නැද්ද අයියා!

    ReplyDelete
  10. පට්ට මචෝ පට්ට !! :D

    ReplyDelete
  11. මල් එකසිය විසි හත්දාහයි..
    මැක්සා මුචා

    ReplyDelete
  12. අපි ජීවිතයෙන් වැඩිහරියක් ගෙවන්නේ නොපෙනෙන දෙවියෙකු හෝ ග්‍රහගෙකු සතුටු කිරීමටය. ග්‍රහචාරයට අනුව ජීවත් වීමට ගොස් ලැබෙන ලබ්බක් නැතිමුත් නැතිකරගන්න දේවල් නම් බොහෝ වෙයි.

    අපි අපේ ජීවිතය රහ බලන්න ලැබෙනතුරු බලාසිටිමු.

    ReplyDelete
  13. අනිවාර්‍‍යයෙන්ම!

    ReplyDelete
  14. වැඩි වචන ඕනි නෑ 'නියමයි'

    ReplyDelete
  15. අනෙ මුචො මගෙ ඔලුව අල්ලා බිත්තියෙ ගහපන්.. කොලුවො... මම මෙතන හිනාවෙනවා උඹෙ කවිය කියවලා..

    ReplyDelete
  16. ලිපිය නම් මරේ මරු සහෝ...!!! හැබැයි වෙලා තියෙන දෙවල් ගැන නම් හරිම කණගාටුයි... :(

    ReplyDelete
  17. හිහ් හිහ්... මරේ මරු... හැබයි නාන්නෙ නැති නිසා යාලුවන් ඇත් කරන වැඩෙ අමාරු වෙන්න නැතුව ඇති මගෙ හිතේ...ග්‍රහයට පවුල් අන්න දීල රමණය කරන එක තමා මොලේ ඇති වැඩේ...

    ReplyDelete
  18. oh..dan wibaage iwara wennath lagai ne neda..??hodai hodai..

    ReplyDelete
  19. post එක පරණයි
    දැක්කෙ මම අදමයි
    වචන ටික නියමයි
    comment එක: "පට්ටයි!"

    ReplyDelete

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!