Wednesday, April 14, 2010

Dreaming Star | සිහින දකින තාරකාව

ඒහ්. . . මුචා! කී දවසද මල්ලී තියෙන්නේ. . .
ඇවිද ඇවිද ඉඳලා හරියනවද? නරකද ප්‍රැක්ටිස් පාරක් දැම්මොත්?

එළ එළ. . .කොහොමහරි ගොඩ දාල දෙන්නංකෝ අයියා!

මදක් බොඳවී ඇත.වටපිට ඝෝෂාව ද ඇසේ.රැහැයි හඬක් මෙනි.දොරක් ඇරගෙන එළියට ආපු ගමන් යාළුවෝ සෙට් එක චූන් විය.

එළනේ ඩෝ. . . මම දන්නව උඹ කොහොමත් ඕකෙන් ගොඩයනවා කියලා.ඊලඟ ටික තමා ගේම.

බොලා කොහොමද දැනගත්තේ මම ගොඩ කියලාහ්?

ඇයි බොල රට මී හරකෝ! ඔය කොලේ දෙන්නේ වටේ ඔතාගෙන දකුණු අත හොල්ලන්නද? තෝ හිතුවද අපිත් තෝ වගේ රට මී හරක් කියලා. . . කොලේ අරං එළියට එන එකා පාස් කියලා අපි දන්නවා බොලඃ.

හම්මෙඃ . . . සීයට පැනගත්තොත් ඇති.එතනින් එහා ගමේ එවුන්ට ගේම බාරදෙන්න පුළුවන්.මදි පාඩුවට ඉස්කෝලේ මනාප ටිකත් කඩාගත්තනං. . .! මටත් ඕන ජිලක් ප්‍රීති වෙසක් තමයි.

ෂඃ නදිනි බදාගත්තම තියෙන සනීපේඃ

ඔව් මුචලින්ද, ඔයා අද තෝරගෙන තියෙන්නේ නිහාල් නෙල්සන් මහත්තයාගේ, "රෝස මලකුයි නෙළුම් මලකුයි" ගීතය.අද අපගේ ගීත තේමාව වන බයිලා ගීත යටතේ, ඔබ හිතනවාද ඔබට මේ ගීතය සාර්ථකව ගායනා කරන්න හැකිවේවි කියලා.

ඔව්.

කන් කඩාගෙන යන විසිල් පාරකුත් එක්ක, කෙල්ලෝ සන්තෝසේ එළියට දාගන්න බැරුව පොරකනවා.රිතික් රෝෂන් ටී ෂර්ට් එක ගැලෙව්වා වගේ.

ඔව් චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මිය.
මයේ පුතේ,මගේ පුතා මේ රට වාසනාවක්. ලක් එකක්. පුතා මේ පඩි පෙලේ ඉහලටම යන්න ඕන. මයේ පුතාට ජයෙන් ජය!

ඉත්තූතියි මැඩම්!

ඔව් සමිතා මුදුන්කොටුව මහත්මිය.
ඇත්තටම මුචලින්ද, ඔයා අද ඔප්පු කලා ඔයා කව්ද කියලා. ඔයාට කොච්චර හැකියාවක් තියෙනවද කියලා. මට කියාගන්න වචන නෑ මුචලින්ද. . . මට කියාගන්න වචන නෑ. මට කරන්න තියෙන්නේ මෙච්චරයි.

පුටුවෙන් නැගී සිට ආයුබෝවන් කියයි. සභාවේ විසිල් හඬ දෙගුණ තෙගුණ වෙයි.පස්සෙයි දැනගත්තේ හේතුව සමිතගේ සල්වාර් එක පිටිපස්සේ හිලක් ලු!

ඉත්තූතියි මැඩම්!

ඔව් අවසාන වශයෙන් ඔබතුමා.
මුචලින්ද ඔබගේ වයස කීයද?

විසි එකයි බුදු සිංහල සර්!

ඇත්තටම මුචලින්ද, මේ පශ්චාත් නූතන සංධර්භය තුල එය ඇදහිය නොහැකි කරුණක් වගේම; ධනවාදයේ තුන්වෙනි කාර්තුවේ විභේදනයන්ගෙන් විශ්ලේෂණය වන ව්‍යුත්පන්නයන්ගෙන් සහ භාව්‍යමය ප්‍රපංචියන්ගේ අනුභූතීන්ගෙන්. . .

ඇති සර්! ඉත්තූතියි සර්!

ඔව් මුචලින්ද, ඔබට මේ වෙලාවේ මොනවාද හිතෙන්නේ?

හ්ම්ම්ම්. . .. චූ බරයි

ඔව්ව්ව්ව්. . .අවසන් පස්දෙනාගේ වටය සඳහා ඉදිරියට යන්නේ මුචා ද? ශිහාන් ද? අපි කෙටි විරාමයකට ගිහින් එමු.

ඔව් නැවතත් කෙටි විරාමයෙන් අනතුරුව.මෙතෙක් කල් මෙම වේදිකාවේ කරටකර තරඟ වැදුනි අතිදක්ෂ ගායකයින් දෙදෙනෙක්.ඔබ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි ඉදිරි වටයට යා හැකි වන්නේ ශිහාන් ද? මුචාද? ඔව්ව්ව්ව්ව් මුචා!

අප්පටඉඩි මොකෝ මචං ශිහාන්.අඬන්නෙපා යකෝ.මොකෝ බඩ අවුල්ද? මලහත්ඉල්ලව්වයි! අන්න ශිහාන්ගේ අම්මත් අපේ අම්මව බදං අඬනවා. හුටාඃ! සමිතාට කලන්තේ දාලා.

හඃ. . .යාන්තන් අන්තිම වටේ!

ඔව් මුචලින්ද, ඔබ මේ අවසන් තර්ඟයෙන් ජයග්‍රහණය නොකෙරුවොත්; ඔබටත් මතක් කිරීමට උදව් කල පිරිසක් ඇති.අප මේ අවස්ථාව ඔබට ඒ සඳා ඔවුන් වෙනුවෙන් ස්තූති කරන්නට උදාකර දෙනවා.

ඔව්ව්. . .මේ තාක් දුරට මා ගෙන ආ ලක්වසී සහ ලෝක වාසී ඔබ සැමට ස්තූතියි.පළමුව මෙම රූපවාහිනී ආයතනය වෙනුවෙන් මා ස්තූති කරනවා,මෙම රූපවාහිනී ආයතනයේ ප්‍රචාරක කටයුතු සඳහා පෝස්ටර් ප්‍රචාරය ගෙන ගිය සුදු නිමල් අයියාව.

ඒ වගේම දේශ දීපංකර වල මාගේ හැකියාව පිළිබඳ ජනතාව උනන්දු කල හෂිත අබේවර්ධන අයියාට, ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදිනී පුෂ්පා රම්ලනී මහත්මියට, රංගි හැරිස් අක්කට, බින්කු නාරද තෝමස්, දිනුෂ්ක උදාර, සුභාෂ් ගුණවර්ධන සහ රසික සූරියාරච්චි මහතාට.

මාගේ ප්‍රචාරණ කටයුතු සඳහා දැඩි ලෙස කැපකිරීම් කල ලඟදී විවාහ වීමට සිටින සඳුන් ලක්මාල්ට සහ උදේ හයයි පහට රාත්‍රියට දත් මදින ලිෂාන් පුවකෝවිට ට.

එමෙන්ම විශ්ව විද්‍යාල තුල, මනාප මෙහෙයුමෙහි නියැළුනු ලසිතට සහ උගේ කන් ගොඩ කරන දම්මිනීට, චමිලට, නිලැස්ට, දීපිකා සහ අරවින්දට.

තවද අන්තර්ජාලය තුල මා හට විශාල රසික පිරිසක් ඇති කරමින් සහයෝගය දුන් මලී අක්කා,මගේ මරණය,රවා සහ බ්ලොග් කරුවන්ගේ එකී මෙකී නොකී හැම එකාටම.

තවද කෙදිනකවත් මා අත් නොහැර ගිය මගේ මිතුරු කැල සහ නෑදෑ පරපුරට.

ඔව් අපි දැන් මද විරාමයකට යමු.

ෆුඃ

ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .! ක්‍රෑස්. . .!

හුටාඃ. Alarm එකෙත් Snooze එක. හයහමාරට ලෑස්තිවෙලා එලියට බැස්සේ නැත්තං ට්‍රැෆික් තමයි. ෂික්! කෝ යකෝ මගේ සරම. සරම නැතත් කමක් නෑ; කෝ යකෝ මගේ සම්මානේ??? කමක් නෑ අද රෑටම ඇවිල්ලා හොයනව එක්කෝ.

28 comments:

  1. අවුරුද්දට වැඩ ඇල්ලුවා. ඉස්සෙල්ලම කියෙව්වේ උඹේ බ්ලොග් එක
    එළ!!
    අනේ මචන් නිදා ගන්නකොට සරම හිර වෙන්න බෙල්ට් එකක් දාගනින් අනික් අය ගැන හිතලා
    අර කලින් එකේ ලිව්වා වගේ ගැරඬි දැක්කම අනික් අය බය වෙනවා බන්

    ReplyDelete
  2. ස්ටාර් කෙසේ වෙතත් අපි සෙට් වුනාම නම් උබට හොදට බයිලා කියන්න පුලුවන්. " රෝස මලකුයි, නෙලුම් මලකුයි " මටත් ඇහුනා වගේ මතකයි. දන්නවනේ ඉතින්, ඇහුනා වගේ මතකයි. මාත් කිව්වද කොහේද. හික් . . හික් . . .

    ReplyDelete
  3. අඩෙ මුචා... ඇත්තටම දැනුනා බන්.. මගෙ පපුව ඩග්.. ඩග්.. ගාලා ගැහෙනවා ... උඹ නියමෙට කරලා තියනවා වැඩෙ.. මුචා මගෙ හිත ගත්තු කොටස තමයි ...
    " මයෙ පුතෙ උඹ මෙරටට වාසනාක්" කියන තැන ඉදන් " බුදු සිංහල සර්" කියන තැන ට එනකම්.. හරිම ලස්සනයි හිනාවුනා... ස්තුති යහලුවා..අවුරුද්දෙ හිනාවුනා..

    ReplyDelete
  4. Meeke ,,,,,
    මගෙ හිත ගත්තු කොටස තමයි ..

    කන් කඩාගෙන යන """ විසිල් """ පාරකුත් එක්ක, කෙල්ලෝ සන්තෝසේ එළියට දාගන්න බැරුව පොරකනවා.රිතික් රෝෂන් ටී ෂර්ට් එක ගැලෙව්වා වගේ. :))))))))))))

    ReplyDelete
  5. උදේ හයයි පහට රාත්‍රියට දත් මදින ලිෂාන් පුවකෝවිට.
    හක් හක් හා..
    :D
    ඌ මේක දැක්කොත් උඹ ඉවරයි මලේ.
    නියම කතාව...!

    ReplyDelete
  6. ස්තූතියි හැමෝටම! දිරි දුන්නට!

    ReplyDelete
  7. කිව්වත් වගේ වැඩ ඇල්ලුවේ ඔන්න උඹෙන්.. මැක්සා මචාන්!!!! ඕන තූත්තුකුඩියක මනාප ප්‍රචාරණයට අපි සෙට්!!!

    සුබම සුබ අලුත් අවුරුද්දක්!!!!

    ReplyDelete
  8. හෆ්ෆා . . උඹත් කොරන වැඩ මලේ . . .

    හැබෑටම උඹට හොඳට සින්දු කියනන් පුලුවන් නිසා මම හිතුවෙම ඇත්තද කියලා මූලදී . . .

    අහ් මේ සරම හොයා ගනන් අමාරුයි නම් උදේට . . රෑට ශෝටක් ඇඳගෙන නිදා ගනින් හික් හික් . .. . (තව මොන මනා නැති වෙලා තියෙනවද දන්නේ නෑ උදේ නැගිටිනකොට . . . හික්ස්)

    ReplyDelete
  9. hina wela bada ridenawoo..obata thawaduratath idiriyata ya hakii..suba pathum..

    ReplyDelete
  10. මට හිනාවෙන්න ඔනා උනාම මෙතන්ට ඇවිල්ලා පොඩ්ඩක් මෙක කියවලා යනවා.. නියමයි.. මල්ලි උඹටත් පවුලෙ සියලුම දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා..

    ReplyDelete
  11. ඇත්තටම මුචලින්ද, මේ පශ්චාත් නූතන සංධර්භය තුල එය ඇදහිය නොහැකි කරුණක් වගේම; ධනවාදයේ තුන්වෙනි කාර්තුවේ විභේදනයන්ගෙන් විශ්ලේෂණය වන ව්‍යුත්පන්නයන්ගෙන් සහ භාව්‍යමය ප්‍රපංචියන්ගේ අනුභූතීන් එකට එක්කාසු වී එන ඒ මායා බලයක් වන් ඔබේ රචනා රටාවට මගේ උණුසුම් සුභ පැතුම්..!

    තවද සරළ රේඛාවක් තීර්යක් රේඛාවකින් ඡේදනය වනවිට ඉන් ඇතිවන එකාන්තර කෝණ කෝණ හා චාපයන් ගෙන පෙනීයන් දේ නම් ඉතාම ඉහළ ආකාරයට ඔබ තුල පවතින භෞමික අඛණ්ඩතාවය තව තවත් උන්සන්න වී මේ බ්ලොග් අඹර තුල මහා සංතෝශදායක ඛේදවාචකයකට මඟ පාදන බවයි..!!!


    වෙලාවක හම්බවෙයන්කෝ මම වාඩුව ගන්නං...!
    ගර්ර්ර්ර්ර්ර්...!!!

    ReplyDelete
  12. නියමයි මුචා... Maxxxxa... සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!!! Super starම වෙන්න ලැබේවා... උදේ නැගිටිද්දිත් සරමෙම ඉන්න ලැබේවා.... :-දිව දොට්ට

    ReplyDelete
  13. ලිෂාන්, මචන් උඹ අද පැණිරස කෑම වැඩිපුර කෑවද බන්?

    ReplyDelete
  14. ඇත්තටම කෑවද මචං? එහෙනං. . . . .

    ReplyDelete
  15. මරු කතාවනෙ! ප්‍රසිද්ඬ වෙන එක හීනෙන් හරි....එකත් ලොකු දෙයක් අප්ප!

    ReplyDelete
  16. @කස්සා: ආයිත් අහලා

    ReplyDelete
  17. සරම තමයි කේස් එක, නෑත්නම් අවුලක් නෑ

    ReplyDelete
  18. උනේ යාත්තං! මාව හිනෙන් හරි කාට හරි පේනවා ;)

    ආහ් මචං ලිෂාන්, පැණි රස කෑවා නම් කොස්සක්ම ඕන වෙයි දත් මඳින්න. ;)

    ReplyDelete
  19. ෂහ් මටත් ඕඩියන්ස් එකේ ඉන්න තිබුණ නම්, සමිතගේ සල්වාර් එකේ ලස්සන බලන්න තිබුණා!

    ReplyDelete
  20. ලිෂාන්, මුගේ භෞමික අඛණ්ඩතාවය නම් අම්බානකට වැඩි තමයි.....

    ReplyDelete
  21. @LishWish: "සංතෝශදායක ඛේදවාචකයකය" කියලා එකක් ඇහුවමයි!

    ReplyDelete
  22. සිරාම සිරා. සිරාම සිරා මමත් අවුරුද්දේ මුලින්ම බැලුවේ උඹේ බ්ලොග් එක තමා බුවා.. සිරා සිරා...

    ReplyDelete
  23. ලඟදිනෙ බං මෙව්ව අස්සෙ රිංගන්න පටන්ගත්තෙ,
    පරණ පෝස්ට් එකක් උනාට කමෙන්ට්1ක් නොදා කොහොමද,
    මැක්සා මචෝ, එළ!!
    බයි ද වේ....
    මං වගේම උඹත් දවස පටන් ගන්නෙ රෑට ඇන්ඳ සරම හොයලද??
    එළ එළ!!!

    ReplyDelete

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!