සපුරත් දෙවිසි වසරක් ගිහි ජීවිතයේ
නොතිත් කම්කටොළු ඇති වුනි එක කලයේ
අතහැර නොදා මා සමගම සිටි තලයේ
දිරි දුන් සැමට තුති පුදනෙමි මෙම කවියේ
ගෙදර වටපිටද නාලන්දය මෙන්ම
වෑන් එකට, බස් එකටත් පිං වෙන්න
NIBM ද වලකිය සෙට් වෙන්න
සෙට් වුනු බොක්කවල් හට තුති පුදනෙමි ඔන්න
සාපෙට උපෙට සහ අනෙකුත් විෂයන්ට
ටියුටරි තොගයකට ගිය හේතුව වන්ට
ලකුණු නැතත් මා හට ඉන් ගොඩ යන්ට
මිතුරන් පිරී ඇත දිවි මං ගොඩවන්ට
මූණු පොතත්, ට්වීටරයත් සමගින්නා
සයිබර් මිතුරු කැල මා සමගම ඉන්නා
බ්ලොගින් ජීවිතෙත් යහමින් ගතවෙන්නා
උඹලා නැති කලට මට විපතක් වෙන්නා
සොඳුරු කොනිති, ගුටි, බැණුමුත් පිරී ඇතී
මැරියන් නමට මා හද ආදරෙන් වෙතී
මෙතෙකැයි කියා නැති අපේ ආදර කැටිතී
නොදරුවා මෙන්ම දවසක හිර කෙරෙනු ඇතී
අදරින් ලඟට ගෙන මා සනසන අම්මා
සිතින් පමණකිය අපේ අප්පගේ පෙම්මා
දිවිතුරු රැකගතිය ආදර පුත්තම්මා
විසිදෙක සපුරන්න දිරිදුන්නේ සැවොමා
යකෝ ලෝක කම්කරු දිනයට ඔහොම ගරහන්න එපා
ReplyDeleteඋඹට කලින් සුභ පැතුවනේ උපන් දිනේට
කෝ යකෝ අපිට පාටියක්?
සුබ උපන් දිනයක්....
ReplyDeleteහෙහෙ.. හැමදාම කියන්නා වගේ, උඹේ ලියන ස්ට්යිල් එක මරු බං..
ReplyDeleteමට ඒක කොපි කර ගන්න දන්නේ නැහැනේ..
පට්ට..!
:)
හිහ්හී. . .
ReplyDeleteස්තූති වේවා!
nice work sahooo....
ReplyDeleteමුචා මරු බන්... මරෙ මරු.. උඹ ජිවිතෙ ෆුල්ම ෆන් එකෙ අදින එකෙක් වගෙයි.. මම දැන් හොමාගම ඉන්නෙ.. නිතරම 255 දකින්න පුලුවන්.. මගදි දැක්කොත් කතා කරපන්...
ReplyDeleteපහු වෙලා උපන්දිනය කියන එක හොදයි.. නැත්තම් අතෙ තියන තුට්ටුවට වදින්නෙ.. උබ 22 ට මෙහෙම නම් 32 වෙද්දි වැඩ ටික ගොඩ..
අනිවා
ReplyDeleteවක්රාකාරයෙන් කුණුහරුප කීම වැලැක්වීමට සින්ඩියට අලුත් නීතියක් ගේන්න වෙයිද මන්ද, :P
ReplyDeleteහිහ්හී. . . මොනවැයි කුණුහරුප :දිව දොට්ට
ReplyDeleteමරු කවිය..!
ReplyDeleteඒත් පොඩි ප්රෂ්ණයක් තියෙනවා..! කවිද යකෝ........ එක්කො ඕන්නැහැ..! මොකටද නිකං නේ..? :P
අඩෝ ඒක අහන්නෙපා සුදු අයියේ!
ReplyDeleteඅපූරු කවි ටික. මෙන්න මගෙනුත් උපන්දින සුබ පැතුමක්.
ReplyDeleteදෙවිසි වසක් සපිරුව පසු ගිය දිනෙක
මහ කලු සිහල කොලු හට හද පතුලෙන්ම
එක් කරමින් මේ ආසිරි මල් ගොන්න
පතනෙමි මෙන්න මේ පැතුමන් අහගන්න
මැරියන් සමග රස දිවියක් ගත වෙන්න
රස මසවුලෙන් කිසි අඩුවක් නොම වෙන්න
ලියන ලියන හැම විභාග ජය ගන්න
දෙවියෝ රැකදෙන්න බඩ තඩි මුචලින්ද!
පරක්කු වෙලා හරි ඔන්න සුබම සුබ උපන්දිනයක් වේවා!!!
ReplyDeleteමේ අවුරුද්දෙවත් වලට නොවැටේවා....
තැන්කුයි වේවා!
ReplyDeleteDan lamaya lokui ne
ReplyDeletehammoh yako, uben palaweni comment eka!
ReplyDelete