"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, August 21, 2009

පිය සෙනෙහසට බ්ලොග් ළිපි ලියැවුනා මදී. .

මෙහෙම කිව්වහම පිය සෙනෙහස ගැන බ්ලොග් ළිපි ලියපු සහෝදර සහෝදරියෝ මගෙත් එක්ක පුෂ්පය පන්න ගන්න එපා.ඉස්සර පාරකදී කවුරුහරි මුණගැහුනම හෝ ගෙදරට ආවම මුලින්ම අහන්නේ "පුතා වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද ?" කියන එක.ඒ ප්‍රශ්නය මහ බලුම බලු ප්‍රශ්නයක්.ඒ ප්‍රශ්නෙට පුළුවන් පවුල් අවුල් ඇතිකරන්න.ඒ ප්‍රශ්නෙන් තනිකරම සිද්ධ වෙන්නේ දෙමාපිය විරසක වීමක්.ඒ මම හිතන විදිහට.සමහරු මාත් එකඟ වෙන්නේ නැතිවෙන්න පුළුවන්.ඒත් මම හිතන විදිහට දෙමව්පියන්ගෙන් කෙනෙකුට තමුන්ගේ දරුවාගෙන් ඒකට සෘජු පිළිතුරක් ආවෝතින් ඔවුන් එක්කෙනෙකුගේ හිත යම් තරමකට රිදෙන්න පුළුවන්.අපි හැමෝම මිනිස්සුනේ ඉතිං. . .ඒ නිසා මම හිතන විදිහට ඒ ප්‍රශ්නය කට තියාගෙන ඉන්න බැරුවට ඇහුවට එච්චර හොඳ ප්‍රශ්නයක් නෙමෙයි.මේ වැරැද්ද පාසල් බාලාංශ ගුරුවරුත් කරනවා.ඉතිං මේ ප්‍රශ්නෙට පොඩි එවුන් හැම එකාගෙම උත්තරේ "මම දෙන්නටම ආදරෙයි".

පිය සෙනෙහස ගැන කියන්න ගත්තට මොකද දෙමාපියන් සම්බන්ධව කතා කරද්දී සමාජය ඇතුලේ සිද්ධවෙන පලවෙනි වැරැද්ද ගැන කතා කලා වැඩිද මන්දා.මේක මම ලියන්න ගත්තේ මගේ තාත්තාගේ උපන් දිනේ දවසේ.ඒ කියන්නේ අගෝස්තු දහසය වෙනිදා.මේ ළිපිය ලියන්න උදාහරණ විදිහට ගන්න සහ ප්‍රධාන භූමිකාව මගේ පියාට දී තිබීම ගැන සමාවෙන්න ඕන.එහෙම කලේ ඇස් ඉදිරිපිට මට දකින්න තියෙන උදාහරණේ එයා නිසා වගේම මේ ළිපිය පුදකරන්නේ මගේම පියාට නිසා.

මම එයාගෙන් දැකපු ගොඩාක් හොඳ ගුණාංගයක් තමයි එයා මගේ සුළු වැරදි වලට දරුණු ලෙස බැන්නත් මගේ ලොකු ලොකු වැරදි වලට පොඩ්ඩක්වත් බනින්නේ නැතුව ගොඩාක් වෙලා උපදෙස් දීපු එක. .එහෙමත් නැත්තං හොඳින් කියපු එක.ඇත්තටම ඒදේ බැන්නට වඩා මගේ හිතට වැදුනත් ඒ දෙයින් මගේ හිතට කේන්තියක් ආවේ නැතුව. .මම පුළුවන් තරම් පෙළඹුනේ මම කරපු වැරැද්ද හදාගන්න.ඒ වගේම තවත් දෙයක් වුනේ එයා ඕනම දේකට මාව දිරිමත් කරන විදිහ.මාව පළවෙනි පාරට ජාතික කෞතුකාගාරෙට එක්ක ගියාට පස්සේ. . .ඒකේ හිටපු මිනිස්සු ඒකේ පින්තූර ගන්න හැටි දැකලා;මට ඇතිවෙච්ච ආසාව ගැන ඉවෙන් වගේ දැනගෙනමට Sony 4.1 මෙගා පික්සලිත කැමරාවක් ගෙනත් දුන්නා වගේම අපි නෑදෑ ගෙදරක ගියත් "කැමරාව අරගෙන යමු කියලා කිව්වෙත්" ,ඒ වෙනකොට එච්චර ෆොටෝ ගත්තේ නැතත් ලඟ තියෙන කොට ආදරේ වැඩිවෙයි කියලා වෙන්න ඇති.පස්සේ කාලෙක මගේ කාමරේ ඉඳලා සාලෙට ආවත් කැමරාව අරගෙන එන තරමට මට ආසා හිතුනෙත් ඒක හිඳා වෙන්න ඇති.ඒකට මගේ ඔරිජිනල් මූණු පොත් අඩවියේ "නිකමට" ඇල්බමය සාක්කි.බලපු එවුන් දන්නවා ඇති නෙව,ඒකේ තියෙන්නේ මගේ සාලේ තියෙන දේවල් සහ වෙනින් නිකමට ගත්තු දේවල් විත්තිය.

ඒ වගේම කොහේ හරි පාටියකට හරි උත්සවයකට ගිහිල්ලා ආවත් එයා හොඳ තැනකින් කාලා එන නිසා අපිට නොකා ඉන්න කියලා එන ගමන් මග කඩේකින් මොනවා හරි අරගෙන එන දවස් වගේම. . .එහෙම ගේන්න බැරිවුනොත් එයත් රෑට ගෙදර ඇවිල්ලා ආපහු කන දවස් එමටයි.ඒ වගේම මෙච්චර අවුරුදු 21ක් වෙච්ච මට හැම පඩි අරගෙන එන දවසකම;මම රස විඳපු දවසේ ඉඳන් අදවෙනතුරු වගේම මැරෙනතුරුත් කන්න කැමති Giselle චොකලට් එකක් අරගෙන එනවා.ඒ වගේම පිටතට නොපෙන්නුවට තාත්තා කෙනෙක් හුඟක් සංවේදියි.මම ඒක හොඳටම තේරුම් ගත්තේ,මම පෝඩ්ඩක් බීලා ගෙදරට ආපු දවසේ (ඇත්තටම පළවෙනි දවස නෙමෙයි. .අහුවෙච්ච පළවෙනි දවස. . .) මට ඒවෙලාවේ වචනයක් වත් නොකිව්ව තාත්තා අම්මට කියලා අම්මා බනින එක නතර කරවලා මට දෙහි එකකුත් හදලා ගෙනල්ලා දුන්නා.අම්මා මට පස්සේ දවසක කිව්ව විදිහට අම්මයි තාත්තයි එදා රෑ ඒක ගැන කතා කරනකොට තාත්තට කඳුළු ආවලු.

හොඳ රසාඥතාවයක් තිබිච්ච අපේ තාත්තා මම පොඩි කාලෙදි මාව ලංකාවේ ඒ වෙනකොට තිබිච්ච රෝයි ද සිල්වා ගේ අවර ගනයේ විගඩම් බලන්න ගෙනියන්නේ නැතුව හොඳ පණිවුඩයක් දීපු දේශීය නාට්‍ය පෙන්නන්න එක්කගෙන ගිහිල්ලා. . . බලලා ඇවිල්ලා ඒ නාට්‍ය ගැන මගෙත් එක්ක කතා කරපු දේවල්..මගේ බ්ලොග් පිදුමේ සඳහන් කරලා නොතිබ්බට ටොපිය සහ සදාහරිතය සම්බන්ධව විශේෂ ස්තූතියක් මගේ තාත්තටත් හිමිවෙනවා.සදාහරිතය පටන් ගත්තු අළුත ඒකේ ළිපි ගැන අදහස් දක්වමින්. .සහ එයාගේ රැකියා ස්ථානයේ කට්ටියගේ අදහස් දක්වමින් අපිව දිරිගන්වපු විදිහ.

මම විශ්වාස කරන විදිහට නං. . .පිය සෙනෙහසට ලියවෙච්ච හොඳම සහ හිතට වදිනම ගීය තමයි ජිප්සීස් සංගීත කණ්ඩායමේ "තාත්තා මට ඇනපු ටොක්ක" ගීතය.මම ඒක එක පාරක් මගේ තාත්තා ඉස්සරහා කියලා තියෙනවා(ගායනා කරලා එහෙම නෙමෙයි..).ඒ එක පැදුරු සාජ්ජයකදී.මොනවා වුනත් මම මගේ ජීවිතේ අම්මාට වැඩිපුරම ආදරේ කරාට. .දෙවනියට මම මගේ පාසල් මාතාවට ආදරේ කරාට. . .මම අදටත් හැමදාටමත් වැඩිපුරම ගෞරව කරන්නේ මගේ තාත්තාට.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

30 ක්ම තියෙනවා අදහස්:

sachiiiii said...

matath ape thattawa mathak wana nawa..jeewithe api laginma inna aya ...kochara hithin asarana unath apita kawadawath dukak danenna ida dila na..man hithin kada watuna hama mohothakadima hitha sakthimath kala.. me lipiya ,loke inna hama thatta kenek gema siyalu sanasema pinisama hethu wewa...siyalu pathum itu wewa..

මුචලින්ද said...

hmmm...
thankuu thankuu

Kaushalya said...

true rachi.... fathers are really sensitive and they love us more than anyone bt they dont show or tell us hw much they love us or hw much they care for us....bt i know one thing fathers love is like a wind... we cant see it,bt we hv to feel it.so make sure not to give any pain to him

saku said...

very true....meka kiyawaddi mata mage appachi mathak wuna!! Good work buddy keep it up! :)

මුචලින්ද said...

@Kaushalya:
ya ya.. I wont giv him any !
btw I hav to mention that this is a sinhala blog though :D

මුචලින්ද said...

@Saku: Thankuu sizi !

ශාකුන්තල said...

පළවෙනි ඡේදයෙ කියල තියෙන දේ ඇත්ත. ගොඩක් අය හිතාමතා පවුල් අවුල් ඇති කරවන්නත් ඔය ප්‍රශ්නෙ පාවිච්චි කරනවා.

ශාකුන්තල said...
This comment has been removed by the author.
මුචලින්ද said...

@ශාකුන්තල: ඔව්..ඒකෙන් නොදැණුවත්ව උනත් ලොකු ආරවුලක් ඇතිවෙන්න පුළුවන්.ඔය විහිළුවට කියන පොඩි කතා වලින් කොච්චර ලොකු ආරවුල් ඇති වෙනවද. . .

-බිன்ku- said...

ඇඩෙනවා!

මුචලින්ද said...

හ්ම්ම්ම්. . .සිරාවටම බින්කුවෝ !
ඒ කැපකිරීම වෙන කාටවත් කරන්න බෑ.

said...

එළ

මුචලින්ද said...

ස්තූතියි මරණේ !

මල්$han said...

සිරා කතාව බං...මොනා උනත් ඇත්ත

මුචලින්ද said...

හ්ම්ම්...ස්තූතියි සිරා කතාවක් කිව්වට !

ලොකු මල්ලී said...

කතාව ඇත්ත,
සමහර වෙලාවට හිතෙනවා මේ අපේ තාත්තා ගැනද කියලත්.

Prabodha said...

අත්ත තනිකරම අත්ත කතවක් මම දකින්න විඩියට තත්තල ගොඩක් සන්වෙදිය් අත් අක පෙන්නන්න උත්සහ කරන්න,මම හිතන්නෙ එකය් පිරිම් කම ,එ උනට අ කට්ටිය අපෙ හම හොන්ඩ වඩකටම අශිර්වද කරන්වා,අපිට හමඩම අදරේ,හොන්ද වෑඩක්,දිගටම ලියන්න ,ර්සවත් අර්තවත්,සුබ පතමි අක සිතින් සදා ජය!!!!!!!!!!

මුචලින්ද said...

@Malliya: ඔව්...හැම තාත්තා කෙනෙක්ම ඒ වගේ තමයි !

මුචලින්ද said...

@Prabo: ගොඩාක් තැන්කියූ මචෝ කමෙන්ටුවට !
ඒක ලොකු දිරි දීමක් !

Niles Perera said...

Very nice article macho... very few people truly understand the value of a father... :(

මුචලින්ද said...

Thankuu mate thanks alot !

කන ලග ....! said...

සහතික අැත්ත මචං. පිටින් ෙප්න දරැණු මනුස්සයාද ෙම් කියලා මට අනන්ත හිතිලා තිෙයනවා.

මුචලින්ද said...

හ්ම්ම්ම්...ඒක ඇත්ත.
ඒත් මොකද උඹ කන ලඟ.... ! කියල නැවැත්තුවේ

Sameera Dissanayake said...

උපරිමයි මචන්...උඹේ තාත්තා මෙක බැලුව නම් ඇස් දෙකට කඳුලු ඒවි......!

සචිනි ලියනගේ said...

ගොඩාක් හොඳ ඒ වගේම වැදගත් ලිපියක්.ඇත්තටම අද කාලෙ තාත්තලගෙ ආදරය සෙනෙහස ගැන දන්න,කතා කරන අය හුඟක් අඩුයි.ඒක ගොඩාක් ලොකු අඩුපාඩුවක්.හුඟ දෙනෙක්ට පිය සෙනෙහස ගැන තේරෙන්නෙ තාත්තා හැමදාටම අපිව දාලා ගියාට පස්සෙ.එහෙව් එකේ ඔයාගෙ මේ ලිපිය පිය සෙනෙහස ගැන නොදන්න අයට පිය සෙනෙහස දැනගන්නට ලොකු ශක්තියක් වේවි අයියේ.දිගටම මෙවැනි වැදගත් ලිපි ලියන්න මගෙන් සුභ පැතුම්.

මුචලින්ද said...

බොහෝමත්ම ස්තූතියි සහෝදරී.ඒ වගේම බොහෝම පිං දිරිමත් කරාට !

මුචලින්ද said...

@සමීර: තැන්කූ කොල්ලා කමෙන්ටුවට !

LishWish said...

තාත්තා කියන්නේ මුචා, කවදාවත් කියවලා ඉවර වෙන්නේ නැති පොතක් වගේ එකක්. මොකද, මචං ඒ කරන work load එක කවදාවත් කරල ඉවර කරන්න බෑ. මම මේ වෙනකොට තාත්තා ගේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා හිටියත් සමහර වෙලාවල් වල මටම හිතා ගන්න බෑ මේ තරම් වැඩ ගොඩක් අපිටත් සලකන අස්සේ කලේ කියලා....! මරුම ලිපියක් මල්ලී.
සුභ....!

මුචලින්ද said...

බොහෝම පිං කමෙන්ටුවට ! ලිෂාන් අයියේ

දුකා said...

මගේ පරන පෝස්ට් එකක ලින්ක් එකක් තිබිලා කියෙව්වේ . .
කියවද්දී ඇහැට කඳුලු ආවා මල්ලී . .

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!