"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, April 16, 2019

රතු බෝලය

බල්ලෙක් දුවගෙන ගිය පාරක්. බ්ලැකී! බ්ලැකීට කන්න දෙන්න පාරෙ මිනිස්සු පොර කෑවා. ඒ පාරෙ විශේෂත්වය  තමයි ඒ පාරෙ හැමතිස්සෙම දුවගෙන ගිය බ්ලැකී. රාජා! තමයි බ්ලැකීව පාරට ගෙනාවෙ. රාජා බ්ලැකීගෙ ස්වාමියා. රාජගෙ ස්වාමියා කළු රෞද්‍ර මනුස්සයෙක්. රාජ ඒ මනුස්සයට වැඩපල කරල දුන්න. ස්වාමියටත් ස්වාමියො ඉන්න පුළුවන්. බ්ලැකී ඒ ගැන හිතුවෙ නැහැ.

හිත කැමතිම ගෑනිගෙන් කැමැත්ත අහල පළවෙනි පාරට ඒ ගැන අත වටේ එයාගෙ අත පටලව ගන්නකොට පිරිමි හිතකට දැනෙන සතුට ඉහවහා යනව. ඒ වෙලාවෙ ගෑනිගෙ මූනෙ හීන් හිනාවක් තියෙනව දැක්කම ඒ සතුට නිමක් නෑ. ඒ වෙලාවට තදට තනයක් අතේ ගෑවුනා කියල ලිංගය කෙලින් වෙන්නෙවත් නෑ. ඒක තමයි ඒ හැඟීම. උපදින්න හරිම අමාරු වුනාට අමාරුවෙන් හරි උපද්දව ගත්තොත් ජීවිත කාලෙටම දැනෙන උත්තම සැපක් ඒ මොහොතෙ දැනෙන්න පුළුවන්.

මට නිතර පේන හීනයක් තිබුනා. ඒකෙ තියෙන්නෙ රතු පාට බෝලයක්. රතු පාට බෝලයක් බම්ප් වෙවී යනව. මට ඒක කිසිම හීනෙක නවත්තගන්න බැරි වුනා. ඒක පෙනුනෙත් සැළකියි යුතු කාලඅන්තරයකට සැරයක්. ඔය අතරෙ බ්ලැකී අපේ ගෙදරින් හැමදාම දවල්ට කන්න හුරු වුනා. දවල්ට ගෙදර හිටියෙ අම්මා විතරක් නිසා බ්ලැකී කන දිහා තාත්තටයි මටයි අක්කටයි දකින්න පුළුවන් වුනේ නැහැ. හැබැයි ඔය දවස්වල හවස ගෙදර ආවම අපේ ගෙදර කතා වෙන ලොකුම මාතෘකාව වුනේ බ්ලැකී.

මටත් දැන් ඉන්නව හිත කැමති ගෑනියෙක්. තාම කතාවට සෙට් වෙලා නෑ. කතා කරන්න විදියක් හිතාගන්නත් බෑ. එයාට ලස්සන ඇඟකුයි කොන්ඩෙකුයි තියෙනව. හැබැයි මගේ කිසිම යාලුවෙක් එයාගෙ මූනට කැමති නෑ. උන් හැමෝම කිවුවෙ ඕක කරනවනං ගහල අතෑරපං, කරගහන්න යන්නෙපා කියල. ඒ වුනාට මට එහෙම ඕන වුනේ නෑ.


ඔය අතරෙ අක්ක අම්මට ස්මාට්ෆෝන් එකක් ගෙනත් දුන්නා. මං ඒකට කැමති වුනේ නෑ. තරුණ කොල්ලොන්ගෙ නාකි අම්මල ස්මාට්ෆෝන් තියාගෙන හුරු වෙලා තිබුනෙ හොඳ දේවල් නෙමෙයි. සමාජයෙන් විලි ලැජ්ජා වෙයිද කියල් හිතුනත් අම්මට දීපු බර්ත්ඩේ තෑග්ග නිසා ඒක ඉවසගෙන ඉන්න වුනා. ටික දවසකින් අම්මගෙන් වට්ස්ඇප් වීඩියෝ එකක් ආවා. ඒකෙ හිටියෙ බ්ලැකී. දැන් බ්ලෑකීට පිඟාන තියන්නෙ ගෙදර ඇතුළෙ. බ්ලැකී දවසක් අම්මට බලෙන් නන්ස්ටික් පෑන් එකක් විකුණන්න හදපු පොඩි කොල්ලෙකුටත් බුරාගෙන පැනලා තිබුනා.

ඔය ​අතරෙ තමයි එයා මුලින්ම මගෙත් එක්ක කතා කළේ. මට එයා එක්ක කතා කරන්න දේවල් හිතාගන්න බැරුව හිටියෙ. සමාජයේ ප්‍රබල කතිකාවත් කිසිම දෙයක් එයාටයි මටයි දිග කතාබහ ඇදගෙන යන්න ඉඩක් හදලා දුන්නෙ නෑ. ගේම් ඔෆ් ත්‍රෝන්ස් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකට අසමත් වුනා. ඒ අස්සෙ අක්කා හදපු අපේ පවුලෙ වට්ස්ඇප් ගෘප් එකට අම්මා බ්ලැකීගෙ වීඩියෝ එකක් දාලා තිබුනා. මට ඒකට හිනා ගියාමයි එයා ඇයි? කියල ඇහුවෙ. එතන ඉඳන් අපි කතා කළේ බ්ලැකී ගැන. එයා මහා ලොකු බලු ආසාවක් තිබුනු කෙල්ලෙක් නෙමෙයි. එයා පූස් කෙල්ලෙක්. හැබැයි එයාට බල්ලො ගැන අවුලක් තිබුනෙ නෑ. අපි දෙන්න දවස් දෙක තුනකට පාරක් ආයෙත් මුණගැහෙන්නෙ බ්ලැකී ගැන කතා කරන්න හොඳ කතා ගොඩක් හොයාගෙන. ඔයා අස්සෙ එයා මට කිවුව පුදුම හිතෙන කතාවක්.

නිමන්ත
කියන්න
මට හිතෙනව මාත් බැල්ලියෙක්ද කියල?
යූ මීන් අ බිච්?
යස්... නොට් ඉන් දැට් වේ
දෙන් හවු?
මට හිතෙනව මාත් හිත ඇතුළෙන් බල්ලෙක්ද කියල
ඇයි එකපාරටම?
බ්ලැකීගේ වීඩියෝ දැකපු දවසෙ ඉඳන්
ඔවු
මට බ්ලැකීගෙ වීඩියෝ දැකපු දවසෙ ඉඳන් ටිකක් අවුල් වගේ
ඔයාට අවුල් නං අපි ඒ ගැන කතා නොකර ඉමු
මං කියන්නෙ එහෙම අවුලක් නෙමෙයි අනේ
එහෙනං
මට මේ ලඟකදි ඉඳන් පේනව හීනයක්
ඒ මොකද්ද?
ඕන නෑ.. අපි ඕක ගැන කතා නොකර ඉමු
හරි

ඔනන් ඔය විදියටයි අපි දෙන්න ඒ කතාව ඉවර කළේ. හැබැයි එදා ඉඳන් එයා කෝල් දීලත් බ්ලැකී ගැන විස්තර ඇහුවා. මම දැන් එයාට අපේ වට්ස්ඇප් ගෘප් එකේ බ්ලැකී වීඩියෝ ෆෝවඩ් කරන්න පටන් අරගෙන. එයත් මට පාරක තොටක කළු බල්ලෙක් දැක්කත් පින්තූර එවන්න පටන්ගත්තා.

ඔය අතරෙ අවුලක් වුනා. හොරකමක් අහුවෙච්ච නිසා රාජාට එයාගෙ ස්වාමියාගෙ ගෙදරින් යන්න වුනා. රාජා යද්දි බ්ලැකීව එක්ක ගෙන ගියේ නෑ. බ්ලැකී හිටියෙ පුදුම දුකකින්. ඒ දුක උගෙ මූනෙන් පෙනුන. බ්ලැකී බිම බලාගත්තු අත බලාගෙන හිටියා. කන්න ආවමත් වතුර ටිකක් විතරක් බීලා ගියා. රාජාව ඒ ගෙදර මනුස්සය එලෙවුව තෝ ආයෙ මේ පැත්ත පලාතෙ එනව නෙමෙයි කියලයි. එනිසා අපිත් ආයෙත් රාජාව දකින්න බලාපොරොත්තු වුනේ නෑ. බ්ලැකීව අපේ ගෙදරට හම්බුනා. හැබැයි ඉස්සර වගේ සතුටෙන් හිටපු බ්ලැකී කෙනෙක් නෙමෙයි දැන් ඉන්නෙ.

උදේ ඇහැරෙද්දි සෂිනි මට දාලා තිබුනා වට්ස්ඇප් මෙසේජ් එකක්. ඒක ටිකක් දිගයි. ඒකෙ තිබුනෙ සෂිනිට පේන හීනයක් ගැන. ඒ ගැන එයා මීට කලිනුත් මට කියන්න හැදුවා. සෂිනිට දැන් ගොඩක් හීනවල පේනවලු කබර්ඩ් එකක් උඩ තියපු රතු පාට බෝලයක්. එයාට ඒකෙන් කරන්නෙ මොකද්ද කියලවත් හිතාගන්න බැරිලු. මටත් කියන්න හිතුනා මගේ රතු බෝල හීනෙ ගැන. හැබැයි ඒක මං ගොතපු බොරුවක් කියල එයා හිතාවි කියල මම ඒක එයාට නොකියා හිටියා. ඒ වෙනුවට මං එයාට මහ ඇල්මැරුණු උත්තරයක් යැවුව.

පහුවදා එළිවෙන්නෙ මරණයක් ගැන ආරංචියක් එක්ක. බ්ලැකී ගෙදර නෑ කියල දැනගත්තමයි අපි කලබල වුනේ. දුකෙන් හිටපු බල්ලා නිසා අපි හැම තැනම හොයන්න ගියා. ඒ අතරෙයි පාරවල් දෙකක් එහා පාරක මිනියක් තියෙන විත්තිය ආරංචි වුනේ. ඒ මිනිය ගාව බ්ලැකී හිටියා. මැරිලා හිටියෙ රාජා. රාජා ඒ කිට්ටුව ගෙදරකට අත් උදවු දෙන්න ඇවිත් හිටියා. රාජා ආයෙ මේ පැත්ත පලාතෙ ආවොත් රාජට සිද්ධ වෙන දේ අර මනුස්සය කියපු විත්තිය මට මතක් වුනා. බ්ලැකී එතනින් හෙල්ලුනේ නැහැ. රාජගෙ මිනිය උස්සලා වෑන් එකකට පටවද්දි සාක්කුවෙන් රතු පාට බෝලයක් වැටුනා. ඒකත් අරගත්තු බ්ලැකී වාහනේ පස්සෙන් දුවගෙන ගියා.

ආයෙ බ්ලැකී ආවෙ නෑ, මට සෂිනිට කියන්න දෙයක් තිබුනෙ නෑ. මං රාජා ගැනත්, රාජාගෙ හොරකම ගැනත්, රාජයි බ්ලැකීයි ගැනත් සෂිනිට කිවුව. හිතේ දුකකුත් නැති සතුටකුත් නැති කාලකන්නි හැඟීමක් ඉතුරු වෙලා තිබුනා. සෂිනි මගෙත් කතා කරන එක නැවැත්තුවා. ඒකට සෂිනිට හේතුවක් තිබුනෙත් නෑ. මට හේතු අහන්න ඕන වුනෙත් නෑ. දැන් සෂිනිත් මාත් කතා නොකරන නිසා කොල්ලො ඔක්කොම හිතුවෙ මම සෂිනිව ගහලා අතෑරියා කියල. සෂිනි මෙසේජ් එකක් දාලා තිබුන. රාජා කියන්නෙ සෂිනිවයි අම්මවයි දාලා ගිය සෂිනිගෙ තාත්තා විත්තිය. අර පෙනුනු රතු බෝලෙ රාජා පුංචි කාලෙ සෂිනිට දීපු තෑග්ගක් විත්තිය. දුවට අරං දීපු ජාතියෙ බෝලයක් රාජා බ්ලැකීටත් අරං දීලා විත්තිය මට කියන්න හිතුනෙ නෑ. එයාට ආයෙ මගෙත් එක්ක කතා කරන්න ඕන නැති විත්තියත් කියලා තිබුනා. එදා රෑත් හීනෙන් රතු පාට බෝලයක් මාව පහු කරගෙන බම්ප් වෙවී ගියා.


ගුඩ් මෝනිං!

ගුඩ් මෝනිං! කාලෙකින් ලියනව ඩයරි පිටුවක්. ඇයි මෙහෙම ලියන්න වෙන්නෙ? එහෙම ලියන්න වෙන්නෙ මට ලියවෙන්නෙ නැති නිසා. ඇයි මට ලියන්න ඕන වෙන්නෙ? මං ලියන එකෙක් නිසා. රස්සාවට ලියන එකෙක් නිසා. එන වැඩවලට පයින් ගහන්න බැරි නිසා. කැරිම අපත හැඟීමක් එක්ක දියවෙලා යන නීරස ජීවිතයක් වගේ හැඟීමක් ඉතුරු කරගෙන මේ ලියන්නෙ ඒ ටික ලියාගන්​න නිසා. මේවා සල්ලි හම්බෙන ලියවිලි නෙමෙයි. ජීවිතේ වැඩිමනත් එවුන් දිරවන්නෙ නැති මං වගේ යකෙකුට තොපි වගේ අවලං හැත්තකට ගුඩ් මෝනිං කියන්න වෙන්නෙ ඒ නිසා.

වැඩ එනව. ලියන්න. වෙබ් එකකට පිටුවක්. ඇඩ්වටයිසින් කෑලි. ෂෝට් ෆිල්ම්. පත්තර පිටුවක්. ඇඩ්වටෝරියල්. ජිංගල්. කොපි. සින්දු. මැගසින් පිටු දෙකක්. ට්‍රාන්ස්ලේෂන්. තීසීස්. ඒ අස්සෙ ගෑනිගෙ බඩට දරුවා එන්නත් කලින් ඉඳන් පටන් ගත්තු නවල් එක. එක එක හුත්තවල් ගොඩක් මග හිර වෙලා. ලියාගන්න බැරුව. ඒ අස්සෙ මං ලියනව ​තොපිට.

ගෑනු එක්ක නිදිවැද්දම ලියන්න පුළුවන් වෙනවලු. බිවුවම ලියන්න පුළුවන් වෙනවලු. ගංජ ගැහුවම ලියන්න පුළුවන් වෙනවලු. කළුවරේ ඉද්දි ලියන්න පුළුවන්ලු. අන්තිමටම කී බෝඩ් ​එකේ බැක්ලයිට් එකයි, ස්ක්‍රීන් එකේ ලයිට් එකයි එක්ක තනි වුනා. ඒ ඉඳල ලියවෙන්නෙත් නැති තැන සල්ලිවලට ලිවිල්ල පැත්තකින් තියල ලියනව තොපිට.



ගෑනි කෑගහනව කොයි වෙලෙත් ලැප්ටොප් එකක් ඉස්සරහ විරුවගෙන ඉන්න එකට. ඇත්ත. ලියවෙන්නෙ නෑ. උන් දන්නෙ නෑ ඒක. පොඩි එකා ඇවිල්ල ඒ අස්සෙ එක එක රෙද්දවල් ඔබනව. සර්ච් බාර් එකේ X අකුර වැදිච්ච ගමන් මට ඌව එළවන්න වෙනව. ඊටපස්සෙ එනව Xhamster. ලිවිල්ලයි ලියන්න තියෙන උවමනාවයි පැත්තක දාලා මම මිල්ෆ් කැටගරියෙ විඳින්න පුළුවන් විදියෙ වැලක් හොයනව. ඒ විදියට කාලකන්නි පැය ගැනක් ගෙවලා මම ආපහු මුළු පවුලම නිදියගත්තට පස්සෙ කළුවරේ ඉඳන් මේ කතාව ලියනව.

පවුල ඈතට යනව. ගෑනි රණ්ඩු කරනව. ඒ අස්සෙ තියෙන්නෙ ආදරේ. රස්සාවට ලියන මිනිහෙකුට ලියාගන්න බැරි වුනාම එන හැඟීම මොකක් වගේද? ඒක ඇයි ඔයාට ලියවෙන්නෙ නැත්තෙ කියල අහල විසඳන්න පුළුවන්ද? මට දවසකට කොච්චර ලියන්න පුළුවන්ද? 2012 අවුරුද්දෙ මැද විතර වෙද්දි මම සතියකට පත්තර ආටිකල් විස්සකට වැඩිය ලියපු මිනිහෙක්. ඒ කාලෙ තමයි මං ආසම ගෑන එක්ක නිදි වැද්දෙ. ලෝකෙටම හොරෙන්. ඒ ගෑනිගෙ මිනිහට. මගෙ ගෑනිට. මගෙ අම්ම තාත්තට හොරෙන් මගේ කාමරේ ගෙවුනු දිවා කාලයන් කිහිපයක්ම තාමත් සුන්දරම මතකයන් වෙලා හොල්මන් කරනව. එහෙම ආතල් Xhamster වල හොයන්න නෑ.

ආයෙ ආයෙත් මං ලියන්න උත්තේජනයක් හොයනව. මං ඊයෙ තීරණය කරනව අරක්කු බොන එක අඩු කරන්න. මට ඊයෙ ඕල්ඩ් රිසර්වු බෝතල් කැතට පේන්න ගන්නව. අද ආයෙත් මං ඒකට ආදරේ කරනව. බොන්නම හිතෙනව. ඒත් හිත තද කරගෙන ඉන්නව. සමහර විට හෙට බැරිවේවි. සමහරවිට හෙට ලියැවේවි.

මට ඕන මේ ලෝකෙ මට නොදිරවන කාලකන්නි මැරෙන්න. මට තනියම ඉන්න ඕන. නිදහසේ නෙමෙයි. තනියම. හැම එකාටම ඕන නිදහසේ ඉන්න. මට ඕන්නැති හුත්තෙ නිදහසක් නෑ. මට ඕන තනියම ඉන්න. මට ඕන නෑ ලියන්න. මට බොන්නයි කන්නයි ගානක් හම්බෙනවනං, මට ඕන ජීවිතේ අන්තිම අවුරුදු දහය තනියම ඉන්න. ඒක හෙටින් පටන්ගත්තත් මං ලෑස්තියි. මගේ අවුරුදු තුනක පුතාටයි ගෑනිටයි සාර්ථක අනාගතයක් හිමි වෙනවනං මං ඒ අන්තිම අවුරුදු දහය හරිම ආදරෙන් වැළඳගන්න සූදානං. හයික් යන්න, ගෙදර රසට උයන්න, බීච් පාටීස්වලට යන්න, කලම්​බෝ නයිට් ලයිෆ් එක එන්ජෝයි කරන්න, කල්බ්වල ෆ්ලෝ එකේ ඩාන්ස් කරන ගෑනුන්ට නම්බර් දෙන්න, ඩිස්නිවර්ල්ඩ් යන්න වගේ හුකන වැඩවලට ආසා නෑ. මට ඕන මගේ ගෑනියි දරුවයි සතුටින් සනීපෙන් ඉන්නව කියල දැනගෙන ජීවත්වෙලා මැරිලා යන්න.

ඒත් ඒ හැම රෙද්දක්ම කරන්න මං අද ලියන්න ඕන. සල්ලි ඉතුරු කරන්න ඕන. ඉන්ෂුවරන්ස් දාන්න, ඉඩං ගන්න, එෆ්ඩී ටිකක් දාලා තියන්න, හදිස්සියට ගන්න අතේ සල්ලි ටිකක් තියාගන්න මං ලියන්න ඕන. මං ලියන්න ගත්තෙ පාන්දර දොළහයි පහට. දැන් එකට කිට්ටුයි. අදත් ලියවෙන්නෙ නැති වෙයි. දැන් නිදියන්න වෙනව. මං මේක පටන් ගද්දි උඹලට කිවුවෙත් ගුඩ් මෝනිං. අද උදෙත් නින්දෙන් ඇහැරුනම මට ඒ හුත්තෙ වචනෙම කියන්න වෙනව.