"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, May 6, 2016

ඒක හරිම තෙතයි

ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට කරෝල  හොද්දක කහපාට. අන්න ඒ පාටයි මුළු ලෝකෙම. මං පෙරවගෙන හිටපු රෙද්ද යටට අත දාලා බැලුව. පහළ කොටස හිරි වැටිලා නැති නිසා මං ඉන්නෙ නූල් පොටක්වත් නැතුව විත්තිය මට දැනුන. කොට්ටෙ යට ෆෝන් එකේ තිබ්බෙ ගෑනි එවපු එස්එම්එස් එකක් විතරයි. ඒකෙ තිබ්බෙ Ochchara re wenakan weda karannepa. Danwath tikak nidaganna mahaththyo. Math nidiyanawa. Budusaranai කියල. මං එයාට දිග උම්ම එකක් යවල ආයෙ කොට්ටෙට මූණ ඔබාගත්ත. මට වීදුරු බෝතල් ගැටෙන සද්දයක් ආව.

ඒ නිකිනි. මගේ උත්කර්ෂයෙදි ඇඟට පණකුත් නැතුව එක අතකින් මගේ කොන්ඩෙ අදින ගමන් අනිත් අතින් මගේ යටි තොල එළියට ඇදපු ගෑනි. එයා මට ලස්සනයි. තළෙළුයි. ලස්සන පපුවක්, කැත පස්සක් සහ ලිස්සන කකුල් එයාට තිබ්බ. හොඳ හිතකුත් ක්‍රේල් කොන්ඩෙකුත් තිබ්බ නිසා මං එයාට වහ වැටුනා. නිකිනි ගෙනාව රොටියි මස්හොදියි. සොමර්ස්බිලගෙ බ්ලැක්බෙරි සයිඩර් බෝතල් දෙකකුයි.

කන්න හදනකොටම තවත් එස්එම්එස් එකක් ආව. Aherunada? ඒ ගෑනිගෙං. Na. Mahansiy. Man aaye nidiyanawa. Ada mama eddi hawas wei. Mama enakan reta kannepa. මගේ රිප්ලයි එක දාලා මං උදේට කන්න පටන් ගත්ත. නිකිනි බලං හිටිය මං දිහා. මං දන්නව නිකිනි කවදාවත් මං ගෑනිගෙන් එන පණිවිඩේකට උත්තර යැවුවට තරහ වෙන ගෑනියෙක් නෙමෙයි. ඒ නිසා මාත් එයා දිහා බලං හිටියා. මට තේරු‍ණා ඒ ඉන්නෙ මගේ අතින් හොඳට මස් හොද්දෙ පොඟවපු රොටි කෑල්ලක් කන්නයි කියල. මං එයාට කැවුව. නිකිනිට ඇඬුනා. මං ඒ මොකද කියල ඇහුවෙ නැහැ. මං කාලා ඉවරවෙනකංම ආදරෙන් පිටිපස්සට වෙලා පිටි අතගෑව මිසක් නිකිනි කෑවෙ නැහැ. ඒ අතගාද්දි අතරින් පතර එයාගෙ පිරිච්ච කිරි හංසයෝ මගේ පිටේ වැදුනා. ඒ වැදුනෙ නිරුවතින් නෙමෙයි. එයා මගේ ෂර්ට් එක ඇඳගෙන හිටියා. බොත්තනුත් දාගෙන. උඩටම වෙනකං. මං කාලා ඉවර වුනාම එයා ම‍ගේ ඇඟිලි ලෙවකෑව. මං ඔලුව පිටිපස්සට නවලා එයාගෙ තොල්වල අග්ගිස්ස ඉම්බා. ඉඹලා මං අත හෝදන්න ගියා. හෙළුවෙන්.

අත හෝදද්දි ෂිමී මගේ කකුල ලෙව කෑව. ෂිමී කියන්නෙ නිකිනිගෙ හුරතලී. මගේ
තෑග්ගක්. ෂීමී කියන්නෙ හොඳ ජාතියක බැල්ලියෙක් වුනත් ඒ මං සල්ලි දීල ගත්තු එකෙක් නෙමෙයි. මං ඒ බැල්ලිව හොරකං කළා. මට කියල චිත්‍රයක් අන්දවගෙන පොරොන්දු වෙච්ච ගාන නොදීපු පර බල්ලෙකුගෙ කසාද ගෑනිට උන්ගෙ ඇඳේ තියාගෙනම හුකලා මං උ‍ගේ බැල්ලිවත් උස්සගෙන ආව. පරබල්ලා!

මං ලොකු චූ දහරාවක් වතුරෙ එල්ලෙටම අල්ලගෙන හිටියා. ඒ සද්දෙ හිත වහවට්ටනව. චූ ඉවරවෙද්දි මට දුක හිතුන. මං චූ හිරකරටගන හෙමිහෙමීට නිදහස් කළා. අන්තිමේ හෙලුවෙන්ම කාමරේට එද්දි නිකිනි ලැප්ටොප් එකෙන් මං ඇඳපු චිත්‍රයක් ඩිසයින් කර කර හිටිය. මේ මගේ ෂෝල්ඩර් එකේ ටැටූ එහෙකට; ඒ උත්තරේ ලැබුනෙ ඔය මොකෝ කියල මං අහපු ප්‍රශ්නෙට. මං ඇ‍ඳේ වාඩි වෙලා නිකිනිගෙ උකුලෙන් කකුල් තියාගෙන ඇගේ යටිබඩට කිතිකැවුවා.

සනීපයි. මේ වැඩේ ඉවර වෙනකං මාව පිස්සු වට්ටන්නෙ නැතුව ඉන්නවද?
අමාරුයි. මට ඔයාට තුරුල් වෙලා ඉන්න ඕන.
ටිකක් ඉන්න මැණික මේක ඉවර කරනකං. හෙට ටැටූ එක කරගන්න ඕන. අද ඩිසයින් එක ඉවර කරගන්න එපැයි.
මට ඔය කුක්කු දෙක අස්ස‍ෙ බේරෙන දාඩිය සුවඳ බලන්න ඕන.
දැන් දාඩිය නැහැනෙ
දාඩිය දානකං අපි සෙල්ලං කරමු
අනේ ටිකක් ඉමු. මගේ මුළු උකුළම හිරිවැටිල වගේ.
අද ඔයා උඩට ඉන්න මගේ අත් නිදහස්නෙ එතකොට.
ඔවු ඉතිං මාව පිස්සු වට්ටල යයි. ආයෙ මාස ගානකට හිතිං මැරි මැරි ඉන්න ඉඩ තියල.
ඇයි එහෙම කියන්නෙ?
ඇයි කියල ඔයා දන්නවනෙ.. මට ආයෙ හෙටින් පස්සෙ ඉතුරු මේ හපපු පාරවල් ටිකයි. ටැටූ එකයි විතරයි. හපපු පාරවල් නං ටික දවසෙන් ඉවරයි. මේ බෙඩ් ෂීට් කවද වෙනකං හෝදන්නැතුව ඉන්නද? සුවඳ එන හින්දා හැමදාමත් ඉඹ ඉඹ ඉන්න බැහැනෙ. අක්කි දැක්කොත් විසුමක් නැහැ. අන්න ලබන සතියෙ එනවලු. ඒ හින්ද මේ ටැටූ එක ඩිසයින් කරල ඉවර වෙනකං ඉන්න.

මං ආයෙ නින්දට වැටුන. වං ඇළේට ඉන්නකොට එයාවම පේන නිසා මං දකුනු ඇලේට හැරුණා. කොට්ටෙ යටින් එළියට ඇවිල්ල තිබුනෙ එයාගෙ මං ආසම කළු පාට බ්‍රා එකේ හක් එක. මං ඒක අතටගත්ත. ඒක හරිම තෙතයි. මං ඒක ඇඳ උඩට දාලා ෆොටෝ එකක් ගත්ත ෆොන් එකෙන්.
බලන්න ඒකෙ හැටි?
පෙණුමෙ නං අවුලක් නැහැ. හැබැයි තෙතයි.
ඒකෙ ලේස්වලින් නූල් ගැලවිල. කප්වල නූල් ඇදිල. දාරවල නූල් ගැලවිල. දාඩිය දානකොට ඒක ඇ‍ඳගෙන ඉන්න බෑ. මං ඔයා ආවම විතරයි ඕක අඳින්නෙත්. දැන් අවුරුද්දක්. ඔයා ඒකට ආස හින්දයි ඒක තියාගෙන ඉන්නෙත්. ඒ මදිවට ඔයා ඒකට දෙන දස වද ටික ඉවසගෙන ඉන්නත් එපැයි. බ්‍රා එහෙකට පුළුවන්ද එච්චර දුක් විඳින්න.

අපි දෙන්නටම හිනාගියා. නිකිනි ඇ‍ඳේ පැත්තට නැගල මගේ ඇඟට කකුල දැම්ම.

ඔයා දන්නවද ඔය බ්‍රා එක නිෂිගෙ.
මොනව. මං හිතුවෙ මට දීපු තෑග්ගක් කියල.
නෑ ඕක මං නිෂීට දීපු තෑග්ගක්.
ඉතිං?
මං එයා ඒක එක පාරක් ඇන්දම හොරකං කරගෙන ආව.
ඇවිල්ල මට දුන්න.
ඔවු.
ඒත් ඇයි?
මං ඔයාට ආසයි. ඔයාගෙ සුවඳට ආසයි. ඔයා මගෙ චිත්‍ර දිහා බලන විදියට මම ආසයි. ඒත් මට ඔයා නිසා නිෂී එපා වෙයි කියල බයයි. ඒ නිසයි මේක ඔයාට දුන්නෙ. මේක නිෂීගෙ. මට දැන් නිෂීව එපා වෙන්න නං ඔයාවත් එපාවෙන්න වෙනව. ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි. මේක දිරල ගිය දවසක මම තව බ්‍රා එකක් නිෂීට දීල අායෙ හොරකං කරල ඔයාට දෙනව.
මං ඔයාගෙ ඒ අවංකකමට ආසයි.
මං අවංක නෑ මැණික. මං කපටියි.
මට ඔය තොල් ගලවල මෙහෙ තියාගන්න දෙනවද?
දැන් මේව නිකංම තොල් විතරයි. ඒ ‍තොල්වල තිබ්බ ඔක්කොම හීරිල ගිහිල්ල දැන් ඔයා ගාව.

ආායි.. ඔහොම හපනකොට පිස්සු වැටෙනව මනුස්සයො. හැබැයි ඔන්න වෙනිං ගෑනුන්ට බෑ. මායි නිෂීයි විතරයි.
හ්ම්ම්ම්...

ඉන්න බ්‍රා එක දාගන්නකං. ඕක ඔයාගෙ කටිංම ගලවන්නැතුව ඔයාට පිස්සු වැටෙන්න බැහැනෙ.

නිකිනි ඒ ටික කිවුවෙ මගේ ඉනෙං දෙපැත්තට කකුල් දාල බ්‍රා එකට එක අතක් දාගෙනත් ඉවර වෙලයි. ඊට පස්සෙ එයා ඉස්සරහට නැවිල මගේ නහය උඩ කීප පාරක්ම එයාගෙ නහය ගෑවුව. මං එයාගෙ කකුලක් දිගේ ලිස්සන මගේ අත තද කරගත්ත. අනිත් අතිං මං කළු පාට බ්‍රා එකෙන් වැහිච්ච පිරිච්ච කුක්කුවක් එයාගෙ පිටෙන් තද කරල මගේ මූනට ලං කරගත්ත. ඒ සුවඳ විඳින්න, බ්‍රා ඒකෙ ඩිසයින් එක දිවට දැනෙන්න මං ඇස් වහගත්ත. ඒ මොහොතෙ නිකිනි මගේ කනට කිට්ටු වුනා.

ඉක්මනට තව බ්‍රා එකක් නිෂීට ගෙනිහිං දෙන්න. මේ පාරවත් රතු පාට එකක් දෙනවද?‍

Wednesday, February 5, 2014

නිර්වානයේ දොරකඩ හිඳිමි


හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින්. කලක් තිස්සෙ ඇහැ දාගෙන හිටපු කෑල්ල ෆැබ් එකේ වැඩ කරන එකියක් වුනේ මගේම වාසනාවට. පුරහඳ වගේ මූන තිබ්බට මොකද කෙල්ලනං ටිකක් මෝඩයි. ඒත් ඒ මෝඩකමට මං ආසයි. එනිසා මාත් මෝඩයි. ඒකිගෙ තලෙළළු ඇඟ හුගක් සිනිඳුයි. මට තවත් මෝඩවෙන්න හිතයි. හදිස්සියට කෙරුවට මොකද පිස්සු හැදෙන සනීපයක් තමයි එදා දැනුනෙ. ෆැබ් එකෙන් හොරා කාපු ෆෘට් ටාට්වලටයි, ක්‍රිස්පි රෝල් වලටයි, බේකන් ඇන්ඩ් එග් පෆ්වලටයි වඩා රහක් ඒකිගෙ ඇඟ් තිබ්බ. ඒකනේ කෑම කතාවක් කියන්න ගිය මට සෙක්ස් කතාවක් කියවුනේ. ඒකිගෙයි මගෙයි ප්ලෑනකට හොරකම සිද්ධ වුනා. උදව්කාරයෙක් ඉද්දි හොරකම අමාරුයි කියල මං හිතං උන්නට මේකනං හරිම ලේසි වුනා. ලාච්චුවක තිබ්බ පාර්සලේ අරං එන්න විතරයි මට තිබ්බෙ. උදේ ඇහැරුනා. බඩගිනි වුනා. කෝල් එකක් දුන්න. හොරකං කරල කන්න ආසයි කිව්ව. විරුද්ධ වුනා. කැමති කරවගත්ත. වැඩේ ඉවරයි. කෑම රසයිද? කියල අහල එස්එම්එස් එකකුත් ආව. අන්න ගෑනු..


මගේ ඉස්සර ඉඳම්ම ආසාව තිබ්බෙ තලෙළළු ගෑනු එක්ක නිදිවදින්නයි හොරකමටයි. ඒත් නිදිවදින්න පොළඹවාගන්න පොඩි බයක් තිබුනා. හිත ඉස්සර වෙන්නෙ නැති ගතියක්. එයින් යම් යම් දේ මට අහිමි වෙන වග දැණුන. හොරකමටත් තිබ්බෙ බයක්. පොලීසි යන්න තියෙන බය. නින්දාව. ඒ අස්සෙ තමයි කුමාරි හම්බුනේ. සුදුයි. ලස්සන අහිංසක අවංක කෙල්ලෙක්. එයා හම්බුනාට පස්සෙ නිදිවැදිල්ලටයි හොරකමටයි තවත් බයයි. එයා තලෙළළු වෙලා එයාගෙ හිතෙත් හොරකමට ආසාවක් තිබ්බනං කියල මට හිතුනු වාර අන්නතයි. තලෙළළු නං නැතත් මොකෝ කියල මං එයාගෙ හිතේ හොරකම තියෙනවද කියල විපරං කළා. මුලින් මුලින් මං හොරෙන් බස් එකේ ගියා. එයා ඒක දැණගත්තු වහාම ඒකට විරුද්ධ වුනා. ඒකෙම්ම මගේ බළාපොරොත්තු බිඳිල ගියා. අනේ මට හොරකමට කැමති තලෙළළු ගෑනියෙක් හම්බෙනවනං. මං අම්මපල්ල ඒකිව මගේ හොරගෑනි කරගන්නව. මොකද මට කුමාරිව අතාරින්න හිතක් නෑ. මගේ කට්ට කළු ජීවිතේට පුරහඳ තිබ්බ වගේ ඒකි එළිය දුන්න. 


කුමාරියි මමයි කසාද නොබැඳ පවුල් කන්න පටං ගත්ත. කුමාරි නැතිවෙයි කියන බය නිසාම ආසාවල් යටපත් වෙලා ගියා. කුමාරිට හොරෙන් කරපු එකම දේ වුනේ සොයිසපුරෙන් සතියට රුපියල් දෙසීයපනහක කේජී ගෙනල්ල පුරහඳ ලඟට වෙලා ගංජ උරපු එක විතරයි. ඒකි හිතට දීපු සැනසීම ඒකෙන් දෙගුණ තෙගුණ වුනා. හැබැයි මං ඒ අස්සෙ මුළිං කිව්ව විදියෙ හොරගෑනියෙක් නොහෙව්වම නෙමෙයි. එහෙව් ගතිගුණ තියෙන එකියක් හම්බුනානං ඒකිටත් හොඳා.. මටත් හොඳා.. මගේ ගෑනිටත් හොඳා.. වගේ තත්ත්වයක් උදාවෙන්න තිබ්බ. ගෑනියෙක් පිරිමියෙක්ගෙන් හරියට ආදරේ ලබන්නෙ අවස්ථා දෙකකදි විතරලු. එක්කො ඒ ගෑනි පිරිමියෙකුගෙ හොර ගෑනියෙක් වෙන්න ඕනලු. නැත්තං ඒ ගෑනි පිරිමියෙකුට අම්ම වෙන්න ඕනලු. ඒකෙන් කියවිල තියෙන්නෙ ගෑනියෙක්ට හරිහමන් ආදරේ ලැබෙන්නෙ හොර මිනිහෙකුගෙන් හරි පුතෙකුගෙන් හරි විතරයි කියල. පිරිමියෙකුට හොර ගෑනියෙක් ඉන්දැද්දි ඒක නීත්‍යානුකූල ගෑනිටත් හොඳයි. හැමදාම තදියමෙන් ඉන්නෙ නැහැ. ඇරියස් අඩුයි. තමන් වරදක් කරන විත්තිය පිරිමිය දන්න නිසා රණ්ඩුවලදි ඉවසන්න පෙළඹෙනව. ඒ වගේ වාසි තියෙනව. කොහොමවුනත් පුරහඳ වගේ ජීවිතේට එළිය දීපු කුමාරි ඉන්දැද්දි පුංචි පුංචි තරුවල ඇදකුද දහසක් ඇහැට පේන්න ගත්ත.


හදිසියේම සිද්ධ වුනු රණ්ඩු සහ ඉවසීමේ කෙලවරවල් ලඟාවීමත් එක්ක කුමාරිගෙත් මගෙත් ආදර කතාව ඉවර වුනා. හිතට දැණුනෙ දුකක්. ඒ වුනත් දැන් නැති වෙන්න දෙයක් නැහැ කියන එක ඒ මොහොතෙම ඔළුවට ආව. නැති වෙන්න දෙයක් නැහැ කියල මතක් වුනාම පුදුම ත්‍රිලක් එන්නෙ. දැන් ආපහු මගේ ආසාවල් දෙකට හිතයි ගතයි දෙකම යොදන්න පුළුවන්. ඒ විදියට හිත හිත ඉද්දියි මට ෆැබ් කෙල්ලව මාට්ටු වෙන්නෙ. ආහ්.. පට්ට සනීප කඳ! ටයිප් කරද්දිත් නගිනව. ඒ වගේමයි හොරහිත. ඕන හොර වැඩකට නම්මගන්න පුළුවන් හිතක් ඒකිට තිවුන. ඒනිසා අද නිවාඩුවක් දම්මල ගෙදර ගෙන්නගත්තු මං ඒකිට මගේ අදහස කිව්ව. රස්සාවෙන් අස්වෙන්න. අස්වෙලා මාත් එක්ක එකතු වෙන්න. හොරකමක් දෙකක් කරල මාසෙට කීයක් හරි හොයාගෙන කල් ගතකරන්න. හොද ගාණක් ඉතුරු කරගත්තට පස්සෙ ගෙවල් වලට කියල කසාදයක් බඳින්න. අපි කතාකරගත්ත. ඒකිට මගේ හිතේ මහා ලොකු ආදරයක් නැතිවුනත් සැලකිය යුතු සෙනෙහසක් තිබ්බ. ඒකටත් එක්ක හරියන්න අපේ ගතිගුණ ගැලපුනා.


                                              ********************************

ගොඩ කාලෙකට කලින් එදා ලියල නවත්තපු තැනින් මේ කතාව නැවතිලයි තිබ්බෙ. ඒත් අද හදිස්සියෙ ලියන්න හිතුණ. මේ අද ලියන 'අද' කලින් ලියපු 'අද' නෙමෙයි. මේක අද ලියවිල ඉවර නොවුනොත් හෙට ලියැවෙන 'අද' අදත් නෙමෙයි. හිතුමතේ හිතිච්ච විදියට ගෙවිච්ච ජීවිතේ පිළිවෙලක් වෙන්න ඕන වුනේ කසාදයක් ගැන දෙපැත්තෙම්ම උනන්දුව වැඩි වෙච්ච නිසයි. නොකඩවා රැයක් දෙකක් පවා මගෙත් එක්ක සෙනෙහසින් ගතවෙච්ච ඒකි ගැන මගේ හිතට වගකීමක බරක් පැටවුනා. දෙමාපියන් මැදිහත් වීමෙන් අපගේ බැඳීම් නීත්‍යානුකූල කරන්නට කටයුතු සැලසුනා. අතේ සැලකිය යුතු තරමක් සල්ලි තිබුනත් ඇය යළිත් රැකියාවට ගියා. මාත් එකවුන්ටන්ට් ජොබකට සෙට් වුනා.

********************************

මං කලිං ඡේදෙදි කිව්ව හරි. මේ අද ලියන 'අද' එදා ලියපු 'අද' නෙමෙයි. කසාදෙක ආසාව හිතෙන් අයින් වෙවී ගියා. ඒත් දැන් ඒ ගැන දෙපැත්තටම කියන්න පුළුවන්කමක් තිබ්බෙ නැහැ. අඩුම තරමෙ ඇයටවත්. හිතට එකග නැතිව කසාදයක් කරගන්නත් මම සූදානම් නැහැ. මගේ යට ගිහින් තිබ්බ හොර හිතට නරක අදහසක් ආවා. මේච්චරකල් අහු නොවෙන්න හොරකම් කරපු මම එදා රෑ අහුවෙන හොරකමක් කළා. ඇයට හොරෙන් කෙරිච්ච ඒ හොරකම ගැන ඇය දැනගත්තෙ නිදි ඇඳේ ඉද්දි ඇයට පොලිසියට එන්න කියල ආපු දුරකතන පණිවිඩෙන්. පොලීසියට ඇවිත් ඇය හඬා වැළපුනා. නඩුවෙදි වැරැද්ද භාර ගතිපු මම තෙමසකට සිරගත වුනා. මගෙත් අනුදැනුම යටතෙ ඇය වෙනකෙකු හා විවාහ වුනා. නිදහස් වෙච්ච මං ඉතුරු කරපු සල්ලිත් අරං ගතට සිතට සනීපදායක නිවාඩුවක් දෙන්න පිටවුනා. පුච්චගත්තු සොසේජස් එක්ක හෝටල් කාමර බැල්කනියෙ බියර් තොලගගා හිටපු මට නිවන් සැප දැනෙන්න ගත්ත. නුවරඑළියෙ හෝටලේක හතරවෙනි තට්ටුවට පෙනුනෙ පුරහඳ විතරයි. එක අතක තෙල් අනිත් අතේ සීතල ජල වාෂ්ප.. සොසේජස්වල පෙඟි පෙඟි තල්ල අස්සෙන් කිඳා බැහැපු බීර දිව පිනවූවා. ලස්සන පුරහඳ ඇස පිනවූව. කළුවරේ නිහැඬයාව අස්සෙ ස්..... සද්දෙ කන පිනවූව. සුන්දර සීතල ඇඟ පිනවූව. එක පාරට දොරට තට්ටු කරනව ඇහුන.



දෙයියනේ.. එළියෙ ඇහැ පිනවපු පුරහඳ දැන් දොර ගාව. වෙනසකට තිබ්බෙ මූනට වැටිච්ච කොණ්ඩ කැරලි ටික විතරයි. පංචේන්ද්‍රයන් පිනවීමේ අඩුව පිරවුනා. අදාල වාක්‍යෙයම්ම කියනවනං ඇය මගේ හිත පිනවූව. කුමාරි!


Wednesday, November 20, 2013

කැප්සියුල් මොකටද?

නිමිත්ත : දෙහිවලදී රැහුණු කුමාරී දුම්රියෙහි ගැටී මියගිය තම පෙම්වතිය නිසාවෙන් පෙම්වතාගේ සිහි විකල් වෙයි. - පුවතක්




සාද මතකය සිතට නැගෙතත්
සිත යදියි ඔබවම තවත්
හැර ගොසින් මහ කලක් නොවුවත්
මත ගොසින් පාළුව නැගෙත්

වේගයෙන් ගිය රැහුණු දුම්රිය
නිසල කළ ජීවය පිරැණු කය
තාම ඇහෙනව ගැහෙන හඬ ලය
පීලි අතරෙහි මගහැරී ගිය

දරාගනු නොහී හදබර
පුරා විතක් මධු මත්කර
බෙදාගෙන හදෙහි මහමෙර
කඩා ඉහිරවමි කරදර

කරල් බෙහෙත් පෙති එන්නත්ද වටකර
සුරල් වයති චිකිත්සකද දොස්තරලා මැදිකර
දුම්රියෙන් රුගෙන ගිය විකල් මනසක් අතරමංකර
වෙහෙසක් දරනු කිම කියමින් ඇ‍ගෙන් තොර කතන්දර

Friday, November 15, 2013

මස් ඇඟ


රස්නෙ අඩු මාතලේ ටවුමට
දිස්නෙ දෙයි නුඹෙ රුව ලතාවට
දෙඇස් හතිලනවා විඩාවට
ආයි ඇඟ හොල්ලපං තුනියට

දුවන මිනිසුන් සහ ඇදෙන බස්
යළිත් නැවතී බලයි ඇඟ මස්
ආස මුත් ගනු බැහැනෙ සුපහස්
රජයටම දී පොකැට්ටුව හිස්

කාමරේකුත් හොයාගත්තත්
පාලනෙත් සීයට තුනක්
වපර ඇස් මංමුලා කෙරුවත්
නුඹව ගන්නට වරම් නොමලත්

මිදි ඇඹුල් යැයි කියා ලෝකෙට
ස්පෙෂල් බෘ ගෙන හලං උගුරට
බැදපු රටකජු හපල තරහට
පුරුදු රමණය හොඳයි ගෑනිට

Sunday, September 30, 2012

සුබ රාත්‍රියක් මිත්‍රයා!


උඹෙයි මගෙයි යාළුකම ඇතිවුනේ කොහොමද කියන එක දන්නෙ උඹත් මමත් විතරක් වුනාට ඒක තාමත් කවුරුත් නොදන්නෙ උඹෙත් මගෙත් යාළුකම අප්‍රසිද්ධ නිසා වෙන්නැති. අපි ඉස්කෝලෙදි මුණගැහිච්ච යාළුවො නෙමෙයි. මොරටුවෙදි මරදානෙදි ටොරිංටන් වගේ කිසිම තැනකදි උඹත් මාත් මුණගැහිල නෑ. අවුරුදු තුනක් පරණ අපේ යාළුකං මේ විදියට එළියට ඇදෙන්නෙ, උඹත් "අටවක පුත්තු" ඇතුළෙදි ලියනගේ අමරකීර්ති දමයන්තගෙ ඔළුව ඇතුළෙ මවපු අඩහඳයා වගේමදෝ කියලා මට තාමත් හිතෙන නිසා. මගේ ජීවිතේට මෙච්චර අප්‍රසිද්ධ යාළුවෙක් මට ඉඳල නෑ වගේම උඹ තමයි මම මේ ජීවිතේ රැකපු ලොකුම රහස වෙන්නෙත්. මේ වෙද්දි උඹ මැරිල ගිහින්. ඉඩක් ලැබෙන මුල්ම මොහොතෙ මං උඹෙ පෙට්ටි ගත වෙච්ච රූපෙ බලන්න එනවා. මොකද්ද ගේන්න ඕන පොත? උඹට එහෙදි මෙහෙ වගේ නිහඬ විප්ලව කරන්න වෙන එකක් නැහැ. එනිසා ගෙනිහින් කියවපං! බුකොව්ස්කිගෙ "පෝස්ට් ඔෆිස්".

මං ගෑනුන්ට වටිනාකමක් දීල සැලකුවා. ඒත් උඹ ඒකට කැමතිවුන්නෑ. උඹ, උඹේ කෙටිකතා ඇතුළෙදි මගෙත් එක්ක ජීවත්වෙච්ච මං උඹට කියල තියෙන ගෑනුන්ගෙ චරිතවල කුණුම පැත්ත විතරක් වැමෑරුව. උඹට මතකද මං පපු කැවුත්ත හූරගෙන ආදරේ කරපු වෙනින් එකෙක්ට අයිති ගෑනි. මං ඒකිගේ පණිවිඩයක් නැති එක ගැන වද වෙද්දි "උන්ට ඕන ආදරේ විතරයි. මිනිහගෙන් අඩුවෙද්දි උඹෙන්. නැත්තං ආපහු මිනිහගෙන්. වැඩි ප්‍රතිශතේ නීත්‍යානුකූලෙට. උන් ආදරේට නෙමෙයි ආදරේ, ආරක්ෂාවට"  උඹ මහ නැහැදිච්ච විදියට කිව්ව. උඹේ මහ දෙපිටකාට්ටු කතා තිබ්බ. මගේ ගෑනි මං අරක්කු බොනවට මොකුත් නොකිය හිටපු එකට උඹ බැන්න. "ඒකිට ඕනකමක් නෑ". ඒත් උඹ පොදුවේ ගෑනු වරිගෙටම බනිද්දි, ගෑනුන්ගෙ අරක්කු විරුද්ධෙ හේතුවක් කරගත්ත. උඹ හිතුවෙ මගේ පැත්තෙං විතරයිද? ඒවගේම, අහවල් එකටද? ආදරේට ඔච්චර බයින උඹ නන්දා මාලිනීගෙ හද විළ කළඹන, ආසම සින්දුව කරගත්තෙ.

අපේ ජීවිත වල අපි එක්කහු වෙලා කරපු බැරෑරුම්ම රාජකාරිය, උඹෙත් මගෙත් ජීවිත වල තනි තනියෙනුත් කරගහපු බැරෑරුම්ම ප්‍රශ්නෙ වෙන්නැති. ඒ රාජකාරිය කට්ටිය තවමත් හොයන, මිනිස්සු නාමමාත්‍රිකව තරහා වැඩක් වෙච්ච එක අපිට ඒ දේ දිගටම කරන්න කොච්චර හයියක් දුන්නද?. ඒකෙන් ආණ්ඩු හෙල්ලුනාද?, කට්ටිය තරහ උනාද කියන එක අපි තාම දන්නෙත් නෑ මචං. ඒක දැනටත් නැවතිලා නිසා, උඹේ මරණින් පස්සෙ ඒකට ආපහු අමුතුවෙන් නවතින්න දෙයක් නෑ. උඹේ මරණෙ අභිරහස් එකක් විත්තිය දන්නෙ උඹත්, උඹව මරවපු එකත් මමත් විතරයි. ඌ තාමත් නොදන්න දෙයක් තියෙන නිසා, ගිය සතියෙත් පුංචි බොරැල්ලෙදි ඌ මා එක්ක හිනාවුනා.

ඔක්කොම ඉවර වෙලා මචං. මිනිස්සු දැන් හිනාවෙවී. මාත් උං එක්ක හිනාවුනා. මං ටිකක් බිවුව. මේ කතාව ලිව්වෙ දවස් දෙහෙකට. ඩී නයින්ටියෙන් වැඩක්ගන්න ඕන. සල්ලි වලට එහා වැඩක්. මගේ ගෑනිගෙ ආදරේ ඇතුළෙ ගිළිල ඉන්න එක මේ දුක ඈතින් තියාවි. ඒත් ඒකිටත් මටත් කසාද සහතිකයක් නැති නිසා මේ දුක ආපහු ආපහු ලඟට එනව මචං. හීනි අරක්කු වඩියක් ඒ දුක වැඩි කරපුදෙං. උඹට සුබ රාත්‍රියක් මිත්‍රයා!

Wednesday, September 26, 2012

හොර ගෑනියෙක්ට



පෙම් දළු අගිසි හිත් කොණින් දිදුලන කලට
එහි වර වඩන හිරුටද
කොල ඇබින්දක හිත් කවි ලියන
විකල් වුනු කුරුල්ලා අමතකද?

වින්ද සැප කඳ සිතින් මගහැර‍
උඹ ගිහින් මට ගන්ඩ බැරි දුර‍
කොලය මත බත් කන්ද මහමෙර
පිච්චියන් බත් යටින් ගින්දර

තෙරක් හොර කරත් හිත වට
ගියත් පෙම බැදන් හිත මට‍
හංගපන් උඩින් පිටතට
ඉන්ඩවෙයි නැතොත් අකලට

Sunday, August 26, 2012

සඳ ගිනිගත් මහ දවාලෙ..


වැහි වළාකුළු බොරව ගිය
බොරව ගිය මුත් නොවසින
නොවසින මුත් කඳුළු වැසි මත
මත මතින් ප්‍රේමයකි දළුලන


නුඹත් මා ප්‍රේමයෙන් වෙලෙමින්
ගතෙහි ඉඳුරන් සනහනු පිණිස
එක්ව ගිය මහ ගිනි දවාලක්
නුඹට මතකද සොඳුරිය


ප්‍රේමයේ සුපහසින් දළුලා
නුඹත් මා බැඳි අත්පසුරින් වෙලිලා
රවුම් තල මත ඇඟිලි ඉරි අඳිමින්
අපට හස නැඟුනු සැටි මතකද සොඳුරිය


දැන් මා නුඹට, 'උඹ'
පසක් කරමින් නුඹත් මට
ගෙවෙන්නේ සංක්‍රාන්තියක්මද?
මමත් නුඹ මෙන් සිතමි සොඳුරිය...