මේ මම ටික කාලෙකට කලින් යොදාගත්තු කවරයක්. පැත්තෙන් ඉන්නේ වෙනස් විදිහක ගෑනියෙකුයි මිනිහෙකුයි. මෙතන රූපේ වෙනස් විදිහට තියෙන්නේ හිතන විදිහ ඇඳලා පෙන්නන්න බැරි නිසා. මට ඕන උනේ වෙනස් විදිහකට හිතන උන් මේක කියවන්න. එතකොට මටත් වෙනස් දෙයක් උන්ගෙන් දැනගන්න පුලුවන් වගේම, මම කියන දේත් උන් වෙනස්ම විදිහකට හිතාවි. එනිසා ඒ රූප දෙක මට අනුව ආරාධනාවක්. මේකේ නම ටොපිය උනේ නිකංම. ඒකට හේතුවක් නෑ. හැබැයි පහු කාලෙක ටොපිය කියන එකට අරුතක් සහ හේතුවක් ගොඩනගන්න මට ඕන උනා. ඒක තමයි ඔය හෙඩරයේ උඩින්ම තියෙන වචනය, TOPඊයඃ!. ටොප්+ඊයඃ, ටොප් එක, උඩ, මුල එහෙමත් නැත්තං ආරම්භය ඊයඃ කියලා හිතෙන්න පුලුවන්. හැබැයි "හරිහමන් හැඩයක් නැති උනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්". මේ උදාහරණේ කියවපු ගමන් ඔලුවට එන කුණුහරුප හැඟීමෙන් නියෝගයක් කරන්නේ ගෑනුන්ට විතරක් කියලා කියවන උඹලට හිතුනට, මේක අර්ථයෙන් විතරක් ගත්තොත් පිරිමින්ටත් පොදුයි. එනිසා කවදාවත් උඩින් පල්ලෙන් බලලා දෙයක් ගැන තීරණය කරන්නවත්, ඒ ගැන විචාරයක් දෙන්නවත් එපා. මනුස්සයෝ වශයෙන් එහෙම දේවල් නොකරම ඉන්න බෑ. එනිසා පුලුවන් තරමකින් අඩු කරගන්න බලන්න වෙනවා. බ්ලොග් වලදිත් ඒ දේ එමමයි.
ටොපිය ලියන්නේ මම උනාට මේකේ තනිකරම ලියවෙන්නේ මගේ කතාම විතරක් නෙමෙයි. නිකමට හිතෙනා.. සවනට වැටෙනා.. දෑසින් දකිනා.. මවිසින් විඳිනා.. බොහෝවිට ඒ උඹලගේ සහ තවත් මිනිස්සුන්ගේ කතා. ඒත් ඒවයින් සමහරෙකගේ කතා වල මම මුල් වෙලා කතාව ලියවෙන කොට කමෙන්ට් වලින් දැණගන්න ලැබිච්ච දේ තමයි උඹලා ඒ කතාව මගේ ජීවිතේට ආදේශ කරගෙන කියවන එක. ඒකෙත් අවුලක් නෑ. ඒත් එහෙම සිද්ධියක් හරියට තේරුම් ගන්න ඒ ක්‍රමේ එච්චර සාර්ථකයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා කවුරු ලියපු කාගේ කතාවක උනත් ප්‍රධාන චරිතය යොදාගන්න ඩමියක් තමුන් විසින් හිත ඇතුලේ දාගන්න. උදාසීන මිනිස් ඇඟක්. දැන් උඹලට පුලුවන්, ඒ ඒ කතාවෙන් එලියට එන ගතිගුණ එක්ක අර චරිතාංග අර ඇඟට ඔබ්බගන්න. එතකොට මගේ හෝ වෙනින් ඕනම ලියන්නෙක්ගේ චරිතත් එක්ක උඹලා හිතේ ගොඩදාගන්න කතාව පැටලවීමක් වෙන්නේ නෑ.
මේ මම පටන් ගත්තු තුන්වෙනි බ්ලොග් එක. පලවෙනි එක 2008 අවුරුද්දේ අග අමුතු නමකින් පටන් ගැනුනත් දැන් ඒක නෑ. දෙවැන්න දැනට වේලෙමින් පවතින දේෂපාලණික බ්ලොගක්. ඒ කාලෙට වඩා මම ලියපු විදිය හුඟක් වෙනස් වෙලා. ඒකට හේතුවම මම එන්න එන්නම කියවපු දේවල් වෙනස් වෙලා. ඒ කාලේ තෝරාගත් පොත් ටිකක් කියවපු මම, දැන් හුඟක් පැති වල පොත් කියවනවා. ඒකට ඇත්තට ස්තූති වෙන්න ඕන මට බ්ලොග් වලින් හම්බෙච්ච යාලුවොන්ට. ඒ වටින යාලුකං හදලා දීපු නිසාම ටොපිය මට හුඟක් වටිනවා.
අවුරුදු දෙකකුත් මාස දෙකකට එහා පැත්තේ ලියලා, අදට ටොපියේ ලිපි සියයක් තියෙනවා.
21 ක්ම තියෙනවා අදහස්:
"ටොපිය" හරිම රසයි.. උඹට හද පත්ලෙන් එන සුභ පැතුම්.. ජයම වේවා..
ලියන්නාව දැනගන්න දැනගන්න කියවන්නා ලියන්නාව උගෙ ලිවීම් වලට සම්බන්ධ කරල කියවන ගතිය වැඩියි. ඒකෙන් ගැලවෙන්න අමාරුයි ටිකක්. නමුත් බැරි නෑ. මම දන්න හොඳම ලියන්නෙක් ආගන්තුක නමකින් සෑහෙන්න කාලයක් ලිව්ව කාටවත් නොකිය. ඒ හරහා ඌව කියවීම මට වෙනම අත්දැකීමක් වුණා. නමුත් ලියන්නෙ ඌ කියල දැනගත්තම දැණුන දේ අරකට වඩා සෑහෙන්න වෙනස්.
අන්තිමේ... මුකුත් නොකර ඉන්නවට වඩා මොනව හරි කරන එක හොඳයි...
හහ් හහ්.. අපි හැමෝම අපි නෙමෙයි.. ලියන්නා විසින් කරන්නේ බොරුව. ඒත් මම කියන්නේ අපි රචකයාව අමතක කරලා කෘතිය කියවනවානම් ඕක ගොඩ.. ඒත් මටනම් තාම ඒක කරන්න බෑ. නම දැක්කාම පොත ආයි රාක්කේ.. සීයක් කියන්නේ පොඩි ගානක්.. ඒත් ලියන දේ වෙනුවෙන් වෙන මහන්සිය අගය කරනවා. අපි ලියන දේට අපි බරක් තියාගන්න ඕනි. ඒකයි මේක මම කියවන්නේ. මරු...
සුභ පැතුම් මචං...!!!
"හරිහමන් හැඩයක් නැති උනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්".
මේක දැක්කට කුණුහරපයක් ඔලුවට ආවෙ නෑ උඹ ඒ ගැන කියනකම්ම.
ගොඩක් ආසාවෙන් ටොපිය රසවිඳිනවා..
ජය..!!!!
සුබපැතුම්..!!!
සීය මදි.
"හරිහමන් හැඩයක් නැති උනාට රහ තීරණය කරන්නෙපා සූප්පලා මිසක්"
මමත් මෙ වෙනකල් කුණුහරුපයක් ගැන නම් හිතලා තිබුණේ නෑ... ඒත් දැන්නම් ඒක දකින දකින සැරේට ඔලුවට එන්නේ කුණුහරුපයක්..
හරිහමන් හැඩයක් නැති ටොපියක් මැවිලා පේනවත් එක්ක... සික් විතරක්...
සීයට සුභපැතුම්... :)
සුභ පැතුම් මුචා....!
ටොපිය එක එක රහයි මචන්.. වෙළඳපලේ ඇති අනේක විද ටොපි වගේම තමයි උඹේ ටොපියත්.. එක එක රහ එක එක ප්‍රමාණවලින්... ඒත් ගොඩාක් දුරට සමාන වෙන්නේ පහේ ටොපියට...
තව ලියන්නට සුභ පැතුම්.... ජය....
"ලියන්නාව දැනගන්න දැනගන්න කියවන්නා ලියන්නාව උගෙ ලිවීම් වලට සම්බන්ධ කරල කියවන ගතිය වැඩියි" කියලා හරේ අයියණ්ඩි කිව්වා වගේම පොත් පත් වලටත් වඩා බ්ලොග් වලදි එහෙම හිතන ගතිය සෑහෙන්න වැඩියි කියලයි මට හිතෙන්නේ.
මම බ්ලොග් ලියන්න ආවෙත් උඹේ ලියවිල්ල දැකලා... මේ බ්ලොග් කෙරිල්ල මාර පුදුම දෙයක්. මේක නිසා මම හිතන්නේ මගේ කියවීම වැඩි උනා, වෙනස් උනා විතරක් නෙමෙයි මම හිතන පතන විදිහ හිට වෙනස් වෙලා.
සුභ පැතුම් මචං!
බ්ලොග් ලියන්න පටං අරං මාසෙන් දෙකෙන් පෝස්ට් 100 පන්නපු මෙලෝ රහක් නැති දේවල් ලියන සමහරුන්ට අඩගහලා පෙන්නන්න වටිනවා උඹේ බ්ලොග් එක!
සුබ පැතුම්!
නියමයි.
උඔ ලියපු ලිපි 100න් මම කැමතිම එක "පරිපූර්ණත්වයේ අසම්පූර්ණ එකතුවක්" කියන ලිපිය. ඒක මම තාම කියෝනවා. ඒක මට තාමත් අලුත්.
ඉදිරි ගමනට ජය!
සුබ පැතුම් රචියා... සමහර ලිපි දෙපාර තුන්පාර කියවලා බලනවා.. අනිවා ටොපිය රසයි :)
ටොපියේ සමහර ලිපි සිරාවටම මට තේරිලා නෑ.. ඒත් 2 - 3 පාරක් හරි කියවල ඔලුවට දා ගන්න හිතෙන යමක් ඒ වයේ තියෙනවා... අබියා කිව්ව වගේ ටොපියෙ එක එක ලිපි එක එක විදියයි... ටොපි වගේම තමා...
උබට ජය... සැබෑවටම ටොපිය ලියන මුචා ව හමුවෙන්න ලැබීමත් සතුටක්... සිරාවටම.
ඇත්ත මචං සමහර ටොපි තියනවා ටිකක් දිරවගන්න අමාරුයි කෑවම කටේ ඇලෙනවා . ඒත් බං කොයිතරම් අමාරුවෙන් වුණත් උඹ ගේන ටොපි අපි කන්න කැමතියි . මොකද ඒවා මාරම රසකින් යුක්ත නිසා .
බොක්කෙන්ම සුබ පැතුම් ..මම කැමතිම බ්ලොග් වලින් එකක් තමයි මේ ටොපිය .
මම ගොඩක් ලගදි තමයි මේ පැත්තට ආවේ.. අයියා හරි මමත් සමහර ලිපි කියෙව්වේ අයියගේ අත්දැකීම් කියලා හිතාගෙන...
සියවෙනි ලිපියට මගෙනුත් සුභ පැතුම්....
හරි ආසවෙන් සූප්පනවා. දිගටම ලියපං.
සද්දයක් හලලා ගිය උඹලාට ජය!
අහ්... ලිපිම 100ක් ලියලාද? ටොපි ලියන එක නවත්තලා... හොඳ ලොලිපොප් ලියහන්... අපිට පැත්තකට වේලා සූප්පන්න.. රුපියල් දහයට පාඩු නැති ටොපියක් උඹ..අද බහුතරයක් ටොපි ගොඩක් රුපියලයි.. හැබැයි ඒ ටොපි වල ට උගුර කසන්නෙ නැහැ... උඹේ ටොපි ගණන් වුණාට බහුතරයකගෙ උගුර කසනවා!! උඹේ සමහරක් කියුම් මට පට්ට අල්ලන්නෙ නැතත්, මම උඹේ ලිවිල්ලට අවංකෙන්ම ,බොක්කෙන්ම ලයික්!!
ජය දිගටම...
සීයට සුභ පැතුම් මලේ . . ටොපිය ඇත්තෙන්ම රහයි . .
ටොපි සීයක්ම කාලා නේද අපිත් ඒ කියන්නේ....
බොහෝ වෙලාවට මටත් නම් ඔයා ලියන දේවල් තේරෙන්නේ නෑ. ඒ මොනව උනත් මම බොහොම කැමැත්තෙන් කියවනවා.
සුබ පැතුම් මචන් !
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!