"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, October 10, 2019

එයා නිසයි මේ සේරම

ඔවු එයා හින්දයි මට ‍මේ ඔක්කොම ලැබුනෙ. එයාට මම ආදරෙයි. මම බුදුන් ගාව දණ නමන්න හිතුවෙ එයා නිසා. ඊට කලින් මට සුරපුරේට යන විත්තිය තේරුනේ එයා මගේ ලඟ දණ ගහපු දවසෙ. කොනක ඉඳන් හැමදේම ගානට මිම්මට. ඒක සිද්ධ වුනේ වොෂ්රූම් එකක් ඇතුළෙ. කොළඹ ප්‍රසිද්ධ ෂොපින් ‍මෝල් එකක. ඇඳ උඩ සිද්ධ වෙච්ච අටෝරාසියක් රති කෙලිවලට වඩා ඒක මගේ හිත්ගත්තා. එයාගෙයි මගෙයි සද්දෙ ඇහෙයිද? කොමෝඩ් සීට් එක කැඩෙයිද? අපේ ඇඳුම්වල වතුර ගෑවෙයිද? දොර අරිනකොටම මොකෙක් හරි දහයෙ ටිකට් එකට ගෙවලා මේක ඇතුළට රිංගයිද? ඒ ත්‍රාසය නිසාම ඒක තමයි මං සුරපුරේට ලස්සනටම ගිය වතාව. මාසෙ තුන්වෙනි සතිය වෙද්දි ලාබ හෝටල් වගේම යාලුවන්ගෙ ගෙවල් අස්සෙ ලැග්ගට, අපි පඩි ලැබුනු ගමන් ඒසී තියෙන කාමරවලත් නිරුවත් වුනා. එයා ලොකු හුස්මක් ගන්න ගමන් ලස්සනටම කෙඳිරි ගෑවෙ එයා අපේ ගෙදර ආපු දවසෙ. එදා අම්මලා හිටියෙ නෑ. මගේ නීත්‍යානුකූල පෙමත් එක්ක බොරුවට තරහා වෙලා මම ෆෝන් ඕෆ් කරාට පස්සෙ හාවා අපේ ගෙදර ආවා බතුත් උයාගෙන. අපි බත් කෑවා, එයා මට සරම විතරක් ලිහන්න උදවු කළා. මම එයාගෙ ඇඳුම් ගොඩක් ගැලෙවුව. ඒ එයාගෙ උපන්දිනේ. ජනවාරි 24.

එයාට හිටියා සැර පෙම්වතෙක්. පුදුම කේන්තියක් ඒ මනුස්සයගෙ තිබුනෙ. මම උගේ ගෑනිට ආදරේ කරපු වරදට උට හොඳටම කේන්ති ගියා. මං ඒ කේන්තිය දවන්න පුළුවන් තරමෙ ශාන්ත බවකින් ඌ දිහා බලං හිටියා. හාවා නාලාගිරිටයි මටයි මැදිවෙලා හිටියෙ. හාවා කවදත් නාලාගිරිට තමයි කඩේ ගියේ. හාවා තමන්ට වෛර කරගත්තා. හැබැයි හාවා මගේ ගාව හිටියා. ඒ වෛරක්කාරයා ටිකෙන් ටික මේ කතාවෙන් දුරස් වුනා. හාවත් මගෙන් දුරස් වුනා. හාවා දුක් වින්දා. හාවා මගේ ලඟට එන්න කලින් නාලාගිරියා වෙනිං කෙනෙක් ලඟට ගිහින් තිබුනලු. හාවා මගෙත් එක්ක දුකෙන් කිවුව. කමක් නෑ ඉතිං... අපිත් ඒ වරදම කළානෙ. මම හාවගෙ ඔලුව අතගෑවා. හාවට කේන්ති ගියා. ආයෙ කතා කරන්නෙපා මට. හාවා ගියා.

මට මම කර කර හිටපු සිකියුරිටි රස්සාව ඇති වුනා. මේ කරුමෙ කරන්න බෑ. මහ රෑට තුවක්කුව බදාගෙන ඉද්දි හාවා මතක් වෙනවා. එහෙම වෙලාවකට සීතල වෙච්ච ගිනි බටෙත් අමුතු සැරක් තියෙනව. මං තුවක්කුව අත ගානව. තුවක්කුව වෙඩි තියන්න ලං වෙද්දි බල්ලො යන්න ගන්නව. වාහන යන්න ගන්නව. උන්ට දෙස් තියල, උන්ගෙ අම්මලට හෙන ඉල්ලල ආයෙ හාවව මතක් කරගෙන මම තුවක්කුව අතට ගන්නව. මේ කෙලිය හැමදාම කරන්න ගිහින් අහසට වෙඩි තියවෙයි කියල හිතිච්ච දවසක මම සිකියුරිටි රස්සාව අතෑරියා.

මං පටන් ගත්තා පේන්ට් කරන්න. පේන්ට් කරන රස්සාවෙ පඩියක් කියල දෙයක් නෑ. මුලින්ම යාලුවොන්ගෙ පුංචි පුංචි කන්ට්‍රෑක්ට්. අතට ගානයි.. බඩට කෑමයි.. අරක්කුයි.. මගේ ප්‍රොෆෙෂනල් ගතිය පෙන්නන්න මං විසින්ම බලෙන් සුදු තීන්ත ඉහගත්තු කළු ඇඳුමක් මං ඇඳගෙන ගියා. වැඩ හම්බුනා. යාලුවො. යාලුවොන්ගෙ යාලුවො. උන්ගෙ නෑදෑයො. ෂේප් එකේ ගෙදරක ගෑනු දෙන්නෙක් විතරත් මේ වැඩෙන් අමතර වාසි විදියට සෙට් වුනා. එකෙක් මනුස්සයා පූර්ව රති කෙලිය මහන්සියෙන් නොකිරීම නිසා පීඩාවට පත් තිස්පහක ගැහැනියක්. දෙවැනියා පාසල් කාලයේ පටන් පෙමින් වෙලුනු පෙම්වතා කැම්පස් සිලෙක්ට් වීමෙන් පසු බත් කොක්කට සින්න වූ නිසා අගතියට පත් විසිවියැති තරුණියක්. ඒ දෙන්න‍ එක්ක හිටියා. ඒ දෙන්නගෙ ඇ‍‍ඟ හාවගෙ ඇඟ වගේ මතකයේ නැහැ. හැබැයි ෂේප්. මට මේ වැඩ තියෙන කාලෙට පඩි ලබන වැඩේ එච්චර අල්ලලා ගියේ නෑ. මං බැඳුනා ලොකු බාසෙක් ගාව වැඩට. හැමදාම ලොකු බාසාගෙන් කෑම. ඉඳුම් හිටුම් සහ ප්‍රවාහන. මාසික පඩි. වැඩ නොතිබ්බත් පඩි. තිබ්බොත් කමිෂන්. මේකනෙ යකෝ රස්සාව. තව චූටි චූටි පෙම් පළහිලවු දෙක තුනකුත් තිබ්බා. සිකියුරිටි වැඩේ වගේද මේක. හැබැයි අම්ම කැමති නෑ පේන්ට් රස්සාව කරනවට. අම්මට ලැජ්ජයි අම්මගෙ යාලුවෙකුගෙ ගෙදර පේන්ට් කරාවි කියල. අම්ම දන්නෙ නෑ මං මුලින් කළේ සිකියුරිටි රස්සාවක් කියල. මං ලස්සනට මල්ටිනැෂනල් කම්පනි බොරුවක් කියල තිබුනෙ අම්මට.

බාස් එක්ක ගියා වැල්ලවත්තෙ අලුත් බිල්ඩිමක පේන්ට් ගාන්න. ඒකට පේනව වැල්ලවත්තෙ ඕකිඩ් ඉන් එක. දෙයියනේ ඕකිඩ් ඉන් එක ඉස්සරහම හාවගෙ මනුස්සයගෙ කාර් එක. මම හිතේ දුක මැකෙන්න හාවා ෆේස්බුක් එකේ බ්ලොක් කරලා තිබුනෙ. නිකමට ආයෙ අන්බ්ලොක් කරලා ගියා ප්‍රොෆයිල් එකට. හාවා ඉන්නව බැබලි බැබලි වෙනිං මිනිහෙක් එක්ක ප්‍රොෆයිල් පික්චරේ. ඒ දෙන්නත් එක්ක ගිහින් පන්සල්. මම අනිත් උන් පේන්ට් කරන අස්සෙ හාව දිහා බලාගෙන අනිමිසලෝචනේ. නිකමට ආය හාවා දිහා ෆේස්බුක් එකෙන් බැලිල්ල පැත්තකින් තියලා බලන්න ගත්ත හාවාගෙ කලින් මනුස්සයගෙ කාර් එක දිහා. අනේ... ඕකිඩ් ඉන් එක ඇතුළ‍ෙ ඉඳන් හිනා වේගන එළියට ආවා හාවා. හාවගෙ මනුස්සයත් ආවා. හාවා ආයෙ පරණ මනුස්සයගෙ හොර ගෑනි වෙලා. තාමත් ආවෙ නෑ හිතට හාවා ගැන කේන්තියක්. අනේ නාලාගිරියා ගැන ඉස්සෙල්ලා තිබ්බ පුංචි තරහත් නැතිවෙලා ගියා මේක දැක්කම. ඌ උගේම ගෑනිගෙ හොර මිනිහා වෙලා. මටම දුකයි ඌ මගේ රෝල් එක රඟපානව දැක්කම. පිරිමි වැඩියෙම්ම ආදරේ අම්මටයි හොර ගෑනිටයි කියල කියන්නෙ බොරුවට නෙමෙයි.

මේ කෙලි හරියන්නෙ නෑ. පේන්ට් කරන්න හිත හදාගන්න බෑ. පිළිවෙලකට පින්සල් පාර ගහන්න බෑ. විටෙක තදයි විටෙක බුරුලයි. බිත්ති නිකං බොරුල්ලෙ හිඟන්නො වගේ. මං ගියා පන්සලකට. දවසක් ගියා. දෙකක් ගියා. මං තීරණය කරා මහණ වෙන්න. මුලින්ම කිවුවෙ යාලුවොන්ට. උන් කිවුව පුක පරිස්සං කරගනිං කියල. මං හිත හීලෑ කරගෙන පුක පරිස්සං කරගන්න පුළුවන් තැනකට ගිහින් හිස මුඩු කරා. පුදුම නිස්කාන්සුවක් දැනෙන්නෙ ජීවිතේට. මුල් කාලෙදි හිතුනා හාවා අර ප්‍රොෆයිල් පික්චරේ තිබ්බ විදියට මේ පන්සලටත් ඒවිද කියල අලුත් මනුස්සයත් එක්ක. ආවෙ නෑ. දැන් මං බලං ඉන්නෙත් නෑ. හැඟීම් ඇතුළෙම මත්වෙන්න පුළුවන් ආශ්‍රමයක් ඒක. දවසක් මගේ ඉස්සරහට ආවා ශ්‍රමනයෙක්. දැකලා පුරුදු නෑ. මං හිටියෙ මගේම හීලෑ හිත ඇතුළෙ මත් වෙලා. හැඟීම් එක්ක මහා දුරක ගියේ නෑ. තනි දෙයකට හිත තියාගෙන. හුස්ම ඉහළට. හුස්ම පහළට. මෙන්න මහා ශ්‍රමණයා. ඔවු මේ ඉස්සෙල්ලා හිටපු ශ්‍රමණයාම තමයි. හැබැයි මහා රූපයක්. ප්‍රශ්න තියෙනවද? එරමිනියා ගොතාගෙන හිටියම කකුල් හිරි වැටෙන ප්‍රශ්නෙත් දැන් නැහැ. එනිසා මට අහන්න ලොකු දෙයක් තිබුනෙ නෑ. මං ඇහුවා අහන්න තිබුන එකම ප්‍රශ්නය.

ඇයි මං කරන්නෙ මෙහෙම?
හාවා නිසා නේද මේ සේරම?

ප්‍රශ්නෙට ප්‍රශ්නයක්. මං හුස්ම ගැනිල්ල ආයෙත් අනිච්ඡානුගවම වෙන්න දීලා ඇස් පියාගත්තා හාවා නිසාද මේ සේරම කියලා හිතන්න පටන් ගන්න. මට ඇත්ත තේරුම් ගිහින් ඇස් ඇරලා බලද්දි ඒ මහා ශ්‍රමණයා අහලකවත් හිටියෙ නෑ. හරිම සීතලයි. මගේ අත්වල ඇටකටු මට පෙණුනා. මේ ලෝකෙ හාවා නොඑන එකම තැන මේක. මම ආයෙ ඇස් පියාගත්තා.




Tuesday, July 2, 2019

අන්තිම දවසෙ රෑ

ඒ තමයි අන්තිම දවසෙ රෑ. රෝමය ගිනිගන්න ගමන් තිබුනෙ. සුදු පැහැ ඇඳ උඩ වැතිරිලා හිටපු නිරුවත් තරුණ අඩු වයස් කෙල්ල දිහා බලන්නෙවත් නැතුව ඌ විස්කි ටිකක් වීදුරුවට දාගත්ත. ඒ මොහොත නරුම මොහොතක් විදියට උගේ මතකෙ රැඳිලා තියෙන්න ඇති. ඒ තමයි ඌ මොහොතකට කලින් පුදුම ආසාවකින් නිදි වැදපු, තන් උරපු, පහුරු ගාපු පුංචි කෙල්ල උගේ දුවගෙ පන්තියෙම දරුවෙක් කියල ඌ දැනගත්තු මොහොත. ඔවු මං ආවෙ ආසාවෙන් තමයි. හැබැයි මට යන්න වුනේ ඒ සතුටත් අරගෙන නෙමෙයි. මූ මාව මරයිද? කියලත් හිතුන. හෙට ඉර පායද්දි මොනව වෙලා තියෙයිද? මං මේ කතාව කාටහරි කියනවද? කියල වැඩක් තියෙයිද?

මේ තමයි ඒ සුදු පැහැ ඇඳ උඩ වැතිරිලා හිටපු නිරුවත් තරුණ අඩු වයස්  කෙල්ල බාගෙට ලියල තිබ්බ එයාගෙ චරිතාපදානෙ මට කියවගන්න පුළුවන් වෙච්ච කොටස. එයා එද්දි මං ආයෙත් ඒ අන්තිම කොලේ අනිත් කොල ටික උඩින්ම තිබ්බ. මං ගෙදරට පනිද්දිත් ඒකිට වයස 17යි. මේ සිද්ධිය ලඟදි වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම වෙලා හිතේ අවුල යන්න ලියන්න ගත්තු කතාවක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තං කවදාවත් නොවිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. මං දැන් හතලිහත් පැනපු මනුස්සයෙක් විදියට දෙකට කඩපු මිලිග්‍රෑම් පනහෙ පෙත්තකින් කරන්න පුළුවන් ශ්‍රම දායකත්වයක් තිබුනෙ නැති තරම්. ඒ නිසා මම පූර්ණ ජවය ගන්න මිලිග්‍රෑම් පනහක්ම බිවුව. මිලිග්‍රෑම් සීය බිවුවම පැය දෙකකින් වගේ මට පපුවෙ අමාරුවක් දරුණුවටම අල්ලන නිසා, ආතල් එකට වඩා බය හිතේ තියාගන්න මම කැමති වුනේ නෑ. ඒ මොහොතෙයි කෙල්ල වොෂ්රූම් ඉඳන් ආවෙ.




අපෝ මං මොකද්ද මේ කරල තියෙන්නෙ?
ඇයි?
මං ඔයාට කිවුව නේද මං ඔටෝ-බයෝග්‍රැෆිය ලියනව කියල
ඔවු
මං ඒ ලියපු කොල ටික මෙතන තියලනෙ ගිහින් තියෙන්නෙ
ආහ්.. මං දැක්කෙ නෑ
එහෙනං කමක් නෑ..

පුංචි කෙල්ල මහ ගෑනියෙක් වගේ ඇඳට ආව. මං ගාව වැතිරුනේම මට  ඇහෙන් ඉඟි කරන ගමන්. මං පටන් ගන්න මොහොතක් පමා වෙද්දි ඇයම මූලාරම්භය අරගත්තා. ඒ වැඩේට උත්තේජනයක් විදියට ඇය පටන්ගත්තු ස්වයං මෛථූන්‍ය ක්‍රියාවලිය නිසා මැදිවියෙ මාව පුංචි කොල්ලෙක් වුනා. පුංචි දේවල් ලොකු වුනා. පෙත්ත වැඩ කරන ගමන්ද කොහෙද? මම ඇගේ සාළුවේ ගැටය එක දබරැඟිල්ලකින් ලිහල දැම්මෙ මාත් මේවයෙ පුරුදුකාරයෙක් කියල පෙන්නන්න. සතියකට වතාවක් බිරින්දෑ පෙරලාගත්තු එක ඇරෙන්න වෙනස් අත්දැකීමක් මට තිබුනෙත් නෑ. කෝච්චියකදි හේත්තුවක් දාපු කෙල්ලෙක් ගෙදරට එන්න කියයි කියල කවුද හිතන්නෙ.

මේ එහෙම කතාවක්. අපේ දෙවනි හමුවීම. පළමු හමුවීම මහව දුම්රියේ. මගේ වල්කම පිරිච්ච ඇඟ දිහාවට ඇය සුන්දර සිනාවක් හෙලනව. කතා කරනව. අතිනුත් අල්ලනව කෝච්චිය ඇතුළෙදිම. වචන දෙක තුනකට පස්සෙ ෆෝන් නම්බරයක්. ඒකෙන් වැඩි විස්තර එක්ක ගෙදර මිනිස්සු නැති දවසක් සහ ලිපිනය හුවමාරු වෙනව. රජයේ කන්තෝරුවක තෙල් පෙරෙන නාකි එක්ක පොඩි කෙල්ලෙකුට ගහන්න යන උජාරු කතාවත් කියල පහුවදාට නිවාඩුවකුත් දාලා පෙති, කොපු, ලිහිසිකාරක අරගෙන මං ගෙදර යනව. එහෙම ගිහින් අද උදේ එන්නෙ. දොර බෙල් කරපු ගමන් දොර ඇරල මාව ඇතුළට අරං දොර වහපු කෙල්ල ස්කිනියක් පිටින් මාව බදාගත්තම පෙති ඕන නෑ කියලත් හිතෙනව. ඒ්ත් මම ඉවසං ඉන්නව.

මෝටර් බයිසිකල් අනතුරකින් වෙන්වුනු මගේ හමේ මැහුම් දැමූ පාරවල් දිගේ ඇගේ ඇඟිලි දුවනව. මොනවද මුමුනනව. හීනියට හති අරින ගමං. තාමත් කකුල් වෙවුලන විත්තිය ඇගේ දෙකලවා මැද්දෙ තියෙන මගේ අතට දැනෙනව. මං අත තද කරගන්නව. ඇය මට කතාවක් කියන්න ගන්නව.

එදා හවස මම ගෙදර එන්නෙ දහසකුත් එකක් සැලසුම් තියාගෙන. වැඩේට හරියනම විදියෙ පිහියක් මගෙ ගාව තියෙනව. එයා දීපු පත්තර කෑල්ල මගේ ගාව තියෙනව. මං ඒ කොරොල්ලා වර්ගයේ කළු පැහැ කාර එක විකුණන්න දාලා තිබුනු නම්බරයට කෝල් එකක් දෙනව. මුණගැහෙන්න තැනක් කතා කරගන්නව. මුණගැහෙනව. සෑහිමකට පත්වෙනව. ගනං කතා කරනව. ටෙස්ට් රන් එකකුත් යන ගමන්ම සාක්කුවෙන් ඇදලා ගන්න පිහියෙන් අනිනව. බෙල්ල කපනව. මං ඩීල් එක කතාකරගත්තු සිම් එක මිනිය උඩින් දාලා ඒ පුංචි ඇඟ අල්ලපු ඇඟිලි කපල දානව. ඔවු ඒ මං ඉස්සරහ මැරෙන්නෙ ඇයගෙ ස්ව්‍යං චරිතාපදානයෙ ඉන්න නරුමයා.  මං දැන් යන්න ඕන ඈ ගාවට. මං කරපු දේ කියන්න ඕන. ඇගේ හිතෙන් බර මුදන්න ඕන. ඇගෙන් ඒ සම්පූර්ණ කතාවම අහගන්න ඕන. ඇයි ආසාවෙන් ආපු ඇය දුකෙන් පිටත් වුනේ? මගේ හිතට වදදුන්නෙ ඒ ප්‍රශ්නෙ.


එනව කියන්න කෝල් එකක් දුන්නම එයා මගේ ලිපිනය ඉල්ල ගන්නව. දවස් දෙකකට පස්සෙ ගෙදරට එන ලියමනක් බිරින්දෑ මගේ අතට එනව. කඩලා බලද්දි පපුව ගැස්සෙන්නෙ මේක ඇගෙන් නිසා. මං නාන කාමරයට වදිනව. ෂවර් එක අරිනව. කොමෝඩ් එක උඩ වාඩි වෙලා ඒ ලියමන කියවන්න ගන්නව.


අන්තිම දවසෙ රෑ

සොරි සුදේශ්,


ඒ මනුස්සය මගෙත් එක්ක නිදාගත්තෙ නෑ. මේක මගේ ප්ලෑනක්. මේක කරන්න හරියන විදියෙ පිරිමියෙක් හෙවුවෙ මම. ඒ වෙනුවෙන් හැමදාම කාර්වල ගෙදර යන එකේ කෝච්චියකට නැග්ගෙත් මම. ඔයා ගාවින් හිටගත්තෙත් මම. ඔයාටම පස්ස හරවලා හිටගෙන ඔයා පැත්තට බර වුනෙත් මම. එතන ඉඳන් ඒ වැඩේ කරේ ඔයා. ඔයාව ගෙන්නගත්තෙ මම. ඔයාට ඔටෝ-බයෝග්‍රැෆියක කතාව කිවුවෙත් මම. ඒක ඔයාට පේන්න නයිට්-ස්ටෑන්ඩ් එක උඩින් තිබ්බෙත් මම. ඔයාගෙ හිතේ කුතුහලයක් තියෙන්නෙ මම දුකෙන් ආවෙ ඇයි කියන එක කියල ඔයාගෙම කටින් අල්ලගත්තෙත් මම. ඒ නිසා ඒක විතරක් නොකියා ඔයාට මේ මනුස්සයා ගැන බොරු ගොතල කිවුවෙත් මම.

ඔයා ඒ මැරුවෙ මගේ තාත්තව. මගේ අම්මට වද දෙන තාත්තව. අම්මටයි මටයි අම්මගෙ මල්ලි ගාවට ගිහින් නිදහසේ ඉන්න නොදෙන තාත්තව. අම්මව ඩිවෝස් නොකරන තාත්තව. අම්මව ඩිවෝස් නොකර එක දිගටම අපි දෙන්නගෙම ජීවිත කඳුලින් පුරවන තාත්තව.  ඒ උදවුවට බොහොම ස්තුතියි සුදේශ්. මේ මෙහෙ ඉන්න අන්තිම දවසෙ රෑ මම ඔයාට ලියන්නෙ. හෙට උදෙන්ම අපි මාමලගෙ ගෙදර. අර ඔයාට කතාකරපු නම්බර් එකටත් දැන් රිංග්ස් යන්නෙ නෑ සුදේශ්.

ෆිල්ම් බලලා එක්ස්පීරියන්ස් තිබුනට මම සෙක්ස් කරපු පළවෙනි පිරිමියා ඔයා සුදේශ්.


විනී

Tuesday, April 16, 2019

රතු බෝලය

බල්ලෙක් දුවගෙන ගිය පාරක්. බ්ලැකී! බ්ලැකීට කන්න දෙන්න පාරෙ මිනිස්සු පොර කෑවා. ඒ පාරෙ විශේෂත්වය  තමයි ඒ පාරෙ හැමතිස්සෙම දුවගෙන ගිය බ්ලැකී. රාජා! තමයි බ්ලැකීව පාරට ගෙනාවෙ. රාජා බ්ලැකීගෙ ස්වාමියා. රාජගෙ ස්වාමියා කළු රෞද්‍ර මනුස්සයෙක්. රාජ ඒ මනුස්සයට වැඩපල කරල දුන්න. ස්වාමියටත් ස්වාමියො ඉන්න පුළුවන්. බ්ලැකී ඒ ගැන හිතුවෙ නැහැ.

හිත කැමතිම ගෑනිගෙන් කැමැත්ත අහල පළවෙනි පාරට ඒ ගැන අත වටේ එයාගෙ අත පටලව ගන්නකොට පිරිමි හිතකට දැනෙන සතුට ඉහවහා යනව. ඒ වෙලාවෙ ගෑනිගෙ මූනෙ හීන් හිනාවක් තියෙනව දැක්කම ඒ සතුට නිමක් නෑ. ඒ වෙලාවට තදට තනයක් අතේ ගෑවුනා කියල ලිංගය කෙලින් වෙන්නෙවත් නෑ. ඒක තමයි ඒ හැඟීම. උපදින්න හරිම අමාරු වුනාට අමාරුවෙන් හරි උපද්දව ගත්තොත් ජීවිත කාලෙටම දැනෙන උත්තම සැපක් ඒ මොහොතෙ දැනෙන්න පුළුවන්.

මට නිතර පේන හීනයක් තිබුනා. ඒකෙ තියෙන්නෙ රතු පාට බෝලයක්. රතු පාට බෝලයක් බම්ප් වෙවී යනව. මට ඒක කිසිම හීනෙක නවත්තගන්න බැරි වුනා. ඒක පෙනුනෙත් සැළකියි යුතු කාලඅන්තරයකට සැරයක්. ඔය අතරෙ බ්ලැකී අපේ ගෙදරින් හැමදාම දවල්ට කන්න හුරු වුනා. දවල්ට ගෙදර හිටියෙ අම්මා විතරක් නිසා බ්ලැකී කන දිහා තාත්තටයි මටයි අක්කටයි දකින්න පුළුවන් වුනේ නැහැ. හැබැයි ඔය දවස්වල හවස ගෙදර ආවම අපේ ගෙදර කතා වෙන ලොකුම මාතෘකාව වුනේ බ්ලැකී.

මටත් දැන් ඉන්නව හිත කැමති ගෑනියෙක්. තාම කතාවට සෙට් වෙලා නෑ. කතා කරන්න විදියක් හිතාගන්නත් බෑ. එයාට ලස්සන ඇඟකුයි කොන්ඩෙකුයි තියෙනව. හැබැයි මගේ කිසිම යාලුවෙක් එයාගෙ මූනට කැමති නෑ. උන් හැමෝම කිවුවෙ ඕක කරනවනං ගහල අතෑරපං, කරගහන්න යන්නෙපා කියල. ඒ වුනාට මට එහෙම ඕන වුනේ නෑ.


ඔය අතරෙ අක්ක අම්මට ස්මාට්ෆෝන් එකක් ගෙනත් දුන්නා. මං ඒකට කැමති වුනේ නෑ. තරුණ කොල්ලොන්ගෙ නාකි අම්මල ස්මාට්ෆෝන් තියාගෙන හුරු වෙලා තිබුනෙ හොඳ දේවල් නෙමෙයි. සමාජයෙන් විලි ලැජ්ජා වෙයිද කියල් හිතුනත් අම්මට දීපු බර්ත්ඩේ තෑග්ග නිසා ඒක ඉවසගෙන ඉන්න වුනා. ටික දවසකින් අම්මගෙන් වට්ස්ඇප් වීඩියෝ එකක් ආවා. ඒකෙ හිටියෙ බ්ලැකී. දැන් බ්ලෑකීට පිඟාන තියන්නෙ ගෙදර ඇතුළෙ. බ්ලැකී දවසක් අම්මට බලෙන් නන්ස්ටික් පෑන් එකක් විකුණන්න හදපු පොඩි කොල්ලෙකුටත් බුරාගෙන පැනලා තිබුනා.

ඔය ​අතරෙ තමයි එයා මුලින්ම මගෙත් එක්ක කතා කළේ. මට එයා එක්ක කතා කරන්න දේවල් හිතාගන්න බැරුව හිටියෙ. සමාජයේ ප්‍රබල කතිකාවත් කිසිම දෙයක් එයාටයි මටයි දිග කතාබහ ඇදගෙන යන්න ඉඩක් හදලා දුන්නෙ නෑ. ගේම් ඔෆ් ත්‍රෝන්ස් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකට අසමත් වුනා. ඒ අස්සෙ අක්කා හදපු අපේ පවුලෙ වට්ස්ඇප් ගෘප් එකට අම්මා බ්ලැකීගෙ වීඩියෝ එකක් දාලා තිබුනා. මට ඒකට හිනා ගියාමයි එයා ඇයි? කියල ඇහුවෙ. එතන ඉඳන් අපි කතා කළේ බ්ලැකී ගැන. එයා මහා ලොකු බලු ආසාවක් තිබුනු කෙල්ලෙක් නෙමෙයි. එයා පූස් කෙල්ලෙක්. හැබැයි එයාට බල්ලො ගැන අවුලක් තිබුනෙ නෑ. අපි දෙන්න දවස් දෙක තුනකට පාරක් ආයෙත් මුණගැහෙන්නෙ බ්ලැකී ගැන කතා කරන්න හොඳ කතා ගොඩක් හොයාගෙන. ඔයා අස්සෙ එයා මට කිවුව පුදුම හිතෙන කතාවක්.

නිමන්ත
කියන්න
මට හිතෙනව මාත් බැල්ලියෙක්ද කියල?
යූ මීන් අ බිච්?
යස්... නොට් ඉන් දැට් වේ
දෙන් හවු?
මට හිතෙනව මාත් හිත ඇතුළෙන් බල්ලෙක්ද කියල
ඇයි එකපාරටම?
බ්ලැකීගේ වීඩියෝ දැකපු දවසෙ ඉඳන්
ඔවු
මට බ්ලැකීගෙ වීඩියෝ දැකපු දවසෙ ඉඳන් ටිකක් අවුල් වගේ
ඔයාට අවුල් නං අපි ඒ ගැන කතා නොකර ඉමු
මං කියන්නෙ එහෙම අවුලක් නෙමෙයි අනේ
එහෙනං
මට මේ ලඟකදි ඉඳන් පේනව හීනයක්
ඒ මොකද්ද?
ඕන නෑ.. අපි ඕක ගැන කතා නොකර ඉමු
හරි

ඔනන් ඔය විදියටයි අපි දෙන්න ඒ කතාව ඉවර කළේ. හැබැයි එදා ඉඳන් එයා කෝල් දීලත් බ්ලැකී ගැන විස්තර ඇහුවා. මම දැන් එයාට අපේ වට්ස්ඇප් ගෘප් එකේ බ්ලැකී වීඩියෝ ෆෝවඩ් කරන්න පටන් අරගෙන. එයත් මට පාරක තොටක කළු බල්ලෙක් දැක්කත් පින්තූර එවන්න පටන්ගත්තා.

ඔය අතරෙ අවුලක් වුනා. හොරකමක් අහුවෙච්ච නිසා රාජාට එයාගෙ ස්වාමියාගෙ ගෙදරින් යන්න වුනා. රාජා යද්දි බ්ලැකීව එක්ක ගෙන ගියේ නෑ. බ්ලැකී හිටියෙ පුදුම දුකකින්. ඒ දුක උගෙ මූනෙන් පෙනුන. බ්ලැකී බිම බලාගත්තු අත බලාගෙන හිටියා. කන්න ආවමත් වතුර ටිකක් විතරක් බීලා ගියා. රාජාව ඒ ගෙදර මනුස්සය එලෙවුව තෝ ආයෙ මේ පැත්ත පලාතෙ එනව නෙමෙයි කියලයි. එනිසා අපිත් ආයෙත් රාජාව දකින්න බලාපොරොත්තු වුනේ නෑ. බ්ලැකීව අපේ ගෙදරට හම්බුනා. හැබැයි ඉස්සර වගේ සතුටෙන් හිටපු බ්ලැකී කෙනෙක් නෙමෙයි දැන් ඉන්නෙ.

උදේ ඇහැරෙද්දි සෂිනි මට දාලා තිබුනා වට්ස්ඇප් මෙසේජ් එකක්. ඒක ටිකක් දිගයි. ඒකෙ තිබුනෙ සෂිනිට පේන හීනයක් ගැන. ඒ ගැන එයා මීට කලිනුත් මට කියන්න හැදුවා. සෂිනිට දැන් ගොඩක් හීනවල පේනවලු කබර්ඩ් එකක් උඩ තියපු රතු පාට බෝලයක්. එයාට ඒකෙන් කරන්නෙ මොකද්ද කියලවත් හිතාගන්න බැරිලු. මටත් කියන්න හිතුනා මගේ රතු බෝල හීනෙ ගැන. හැබැයි ඒක මං ගොතපු බොරුවක් කියල එයා හිතාවි කියල මම ඒක එයාට නොකියා හිටියා. ඒ වෙනුවට මං එයාට මහ ඇල්මැරුණු උත්තරයක් යැවුව.

පහුවදා එළිවෙන්නෙ මරණයක් ගැන ආරංචියක් එක්ක. බ්ලැකී ගෙදර නෑ කියල දැනගත්තමයි අපි කලබල වුනේ. දුකෙන් හිටපු බල්ලා නිසා අපි හැම තැනම හොයන්න ගියා. ඒ අතරෙයි පාරවල් දෙකක් එහා පාරක මිනියක් තියෙන විත්තිය ආරංචි වුනේ. ඒ මිනිය ගාව බ්ලැකී හිටියා. මැරිලා හිටියෙ රාජා. රාජා ඒ කිට්ටුව ගෙදරකට අත් උදවු දෙන්න ඇවිත් හිටියා. රාජා ආයෙ මේ පැත්ත පලාතෙ ආවොත් රාජට සිද්ධ වෙන දේ අර මනුස්සය කියපු විත්තිය මට මතක් වුනා. බ්ලැකී එතනින් හෙල්ලුනේ නැහැ. රාජගෙ මිනිය උස්සලා වෑන් එකකට පටවද්දි සාක්කුවෙන් රතු පාට බෝලයක් වැටුනා. ඒකත් අරගත්තු බ්ලැකී වාහනේ පස්සෙන් දුවගෙන ගියා.

ආයෙ බ්ලැකී ආවෙ නෑ, මට සෂිනිට කියන්න දෙයක් තිබුනෙ නෑ. මං රාජා ගැනත්, රාජාගෙ හොරකම ගැනත්, රාජයි බ්ලැකීයි ගැනත් සෂිනිට කිවුව. හිතේ දුකකුත් නැති සතුටකුත් නැති කාලකන්නි හැඟීමක් ඉතුරු වෙලා තිබුනා. සෂිනි මගෙත් කතා කරන එක නැවැත්තුවා. ඒකට සෂිනිට හේතුවක් තිබුනෙත් නෑ. මට හේතු අහන්න ඕන වුනෙත් නෑ. දැන් සෂිනිත් මාත් කතා නොකරන නිසා කොල්ලො ඔක්කොම හිතුවෙ මම සෂිනිව ගහලා අතෑරියා කියල. සෂිනි මෙසේජ් එකක් දාලා තිබුන. රාජා කියන්නෙ සෂිනිවයි අම්මවයි දාලා ගිය සෂිනිගෙ තාත්තා විත්තිය. අර පෙනුනු රතු බෝලෙ රාජා පුංචි කාලෙ සෂිනිට දීපු තෑග්ගක් විත්තිය. දුවට අරං දීපු ජාතියෙ බෝලයක් රාජා බ්ලැකීටත් අරං දීලා විත්තිය මට කියන්න හිතුනෙ නෑ. එයාට ආයෙ මගෙත් එක්ක කතා කරන්න ඕන නැති විත්තියත් කියලා තිබුනා. එදා රෑත් හීනෙන් රතු පාට බෝලයක් මාව පහු කරගෙන බම්ප් වෙවී ගියා.


ගුඩ් මෝනිං!

ගුඩ් මෝනිං! කාලෙකින් ලියනව ඩයරි පිටුවක්. ඇයි මෙහෙම ලියන්න වෙන්නෙ? එහෙම ලියන්න වෙන්නෙ මට ලියවෙන්නෙ නැති නිසා. ඇයි මට ලියන්න ඕන වෙන්නෙ? මං ලියන එකෙක් නිසා. රස්සාවට ලියන එකෙක් නිසා. එන වැඩවලට පයින් ගහන්න බැරි නිසා. කැරිම අපත හැඟීමක් එක්ක දියවෙලා යන නීරස ජීවිතයක් වගේ හැඟීමක් ඉතුරු කරගෙන මේ ලියන්නෙ ඒ ටික ලියාගන්​න නිසා. මේවා සල්ලි හම්බෙන ලියවිලි නෙමෙයි. ජීවිතේ වැඩිමනත් එවුන් දිරවන්නෙ නැති මං වගේ යකෙකුට තොපි වගේ අවලං හැත්තකට ගුඩ් මෝනිං කියන්න වෙන්නෙ ඒ නිසා.

වැඩ එනව. ලියන්න. වෙබ් එකකට පිටුවක්. ඇඩ්වටයිසින් කෑලි. ෂෝට් ෆිල්ම්. පත්තර පිටුවක්. ඇඩ්වටෝරියල්. ජිංගල්. කොපි. සින්දු. මැගසින් පිටු දෙකක්. ට්‍රාන්ස්ලේෂන්. තීසීස්. ඒ අස්සෙ ගෑනිගෙ බඩට දරුවා එන්නත් කලින් ඉඳන් පටන් ගත්තු නවල් එක. එක එක හුත්තවල් ගොඩක් මග හිර වෙලා. ලියාගන්න බැරුව. ඒ අස්සෙ මං ලියනව ​තොපිට.

ගෑනු එක්ක නිදිවැද්දම ලියන්න පුළුවන් වෙනවලු. බිවුවම ලියන්න පුළුවන් වෙනවලු. ගංජ ගැහුවම ලියන්න පුළුවන් වෙනවලු. කළුවරේ ඉද්දි ලියන්න පුළුවන්ලු. අන්තිමටම කී බෝඩ් ​එකේ බැක්ලයිට් එකයි, ස්ක්‍රීන් එකේ ලයිට් එකයි එක්ක තනි වුනා. ඒ ඉඳල ලියවෙන්නෙත් නැති තැන සල්ලිවලට ලිවිල්ල පැත්තකින් තියල ලියනව තොපිට.



ගෑනි කෑගහනව කොයි වෙලෙත් ලැප්ටොප් එකක් ඉස්සරහ විරුවගෙන ඉන්න එකට. ඇත්ත. ලියවෙන්නෙ නෑ. උන් දන්නෙ නෑ ඒක. පොඩි එකා ඇවිල්ල ඒ අස්සෙ එක එක රෙද්දවල් ඔබනව. සර්ච් බාර් එකේ X අකුර වැදිච්ච ගමන් මට ඌව එළවන්න වෙනව. ඊටපස්සෙ එනව Xhamster. ලිවිල්ලයි ලියන්න තියෙන උවමනාවයි පැත්තක දාලා මම මිල්ෆ් කැටගරියෙ විඳින්න පුළුවන් විදියෙ වැලක් හොයනව. ඒ විදියට කාලකන්නි පැය ගැනක් ගෙවලා මම ආපහු මුළු පවුලම නිදියගත්තට පස්සෙ කළුවරේ ඉඳන් මේ කතාව ලියනව.

පවුල ඈතට යනව. ගෑනි රණ්ඩු කරනව. ඒ අස්සෙ තියෙන්නෙ ආදරේ. රස්සාවට ලියන මිනිහෙකුට ලියාගන්න බැරි වුනාම එන හැඟීම මොකක් වගේද? ඒක ඇයි ඔයාට ලියවෙන්නෙ නැත්තෙ කියල අහල විසඳන්න පුළුවන්ද? මට දවසකට කොච්චර ලියන්න පුළුවන්ද? 2012 අවුරුද්දෙ මැද විතර වෙද්දි මම සතියකට පත්තර ආටිකල් විස්සකට වැඩිය ලියපු මිනිහෙක්. ඒ කාලෙ තමයි මං ආසම ගෑන එක්ක නිදි වැද්දෙ. ලෝකෙටම හොරෙන්. ඒ ගෑනිගෙ මිනිහට. මගෙ ගෑනිට. මගෙ අම්ම තාත්තට හොරෙන් මගේ කාමරේ ගෙවුනු දිවා කාලයන් කිහිපයක්ම තාමත් සුන්දරම මතකයන් වෙලා හොල්මන් කරනව. එහෙම ආතල් Xhamster වල හොයන්න නෑ.

ආයෙ ආයෙත් මං ලියන්න උත්තේජනයක් හොයනව. මං ඊයෙ තීරණය කරනව අරක්කු බොන එක අඩු කරන්න. මට ඊයෙ ඕල්ඩ් රිසර්වු බෝතල් කැතට පේන්න ගන්නව. අද ආයෙත් මං ඒකට ආදරේ කරනව. බොන්නම හිතෙනව. ඒත් හිත තද කරගෙන ඉන්නව. සමහර විට හෙට බැරිවේවි. සමහරවිට හෙට ලියැවේවි.

මට ඕන මේ ලෝකෙ මට නොදිරවන කාලකන්නි මැරෙන්න. මට තනියම ඉන්න ඕන. නිදහසේ නෙමෙයි. තනියම. හැම එකාටම ඕන නිදහසේ ඉන්න. මට ඕන්නැති හුත්තෙ නිදහසක් නෑ. මට ඕන තනියම ඉන්න. මට ඕන නෑ ලියන්න. මට බොන්නයි කන්නයි ගානක් හම්බෙනවනං, මට ඕන ජීවිතේ අන්තිම අවුරුදු දහය තනියම ඉන්න. ඒක හෙටින් පටන්ගත්තත් මං ලෑස්තියි. මගේ අවුරුදු තුනක පුතාටයි ගෑනිටයි සාර්ථක අනාගතයක් හිමි වෙනවනං මං ඒ අන්තිම අවුරුදු දහය හරිම ආදරෙන් වැළඳගන්න සූදානං. හයික් යන්න, ගෙදර රසට උයන්න, බීච් පාටීස්වලට යන්න, කලම්​බෝ නයිට් ලයිෆ් එක එන්ජෝයි කරන්න, කල්බ්වල ෆ්ලෝ එකේ ඩාන්ස් කරන ගෑනුන්ට නම්බර් දෙන්න, ඩිස්නිවර්ල්ඩ් යන්න වගේ හුකන වැඩවලට ආසා නෑ. මට ඕන මගේ ගෑනියි දරුවයි සතුටින් සනීපෙන් ඉන්නව කියල දැනගෙන ජීවත්වෙලා මැරිලා යන්න.

ඒත් ඒ හැම රෙද්දක්ම කරන්න මං අද ලියන්න ඕන. සල්ලි ඉතුරු කරන්න ඕන. ඉන්ෂුවරන්ස් දාන්න, ඉඩං ගන්න, එෆ්ඩී ටිකක් දාලා තියන්න, හදිස්සියට ගන්න අතේ සල්ලි ටිකක් තියාගන්න මං ලියන්න ඕන. මං ලියන්න ගත්තෙ පාන්දර දොළහයි පහට. දැන් එකට කිට්ටුයි. අදත් ලියවෙන්නෙ නැති වෙයි. දැන් නිදියන්න වෙනව. මං මේක පටන් ගද්දි උඹලට කිවුවෙත් ගුඩ් මෝනිං. අද උදෙත් නින්දෙන් ඇහැරුනම මට ඒ හුත්තෙ වචනෙම කියන්න වෙනව.


Saturday, February 23, 2019

අම්මයි පුතයි

හීනෙ මුල් හරිය පටන්ගන්නෙම මම දුවනව පෙනි පෙනී. මට මුලින්ම පහු වුනේ මගේ අම්මව. අම්ම ඈත් වෙලා ගියත් මට හැරිලා බලන්නතවත් වෙලාවක් තිබුනෙ නෑ. මට හරියටම අරමුණ මොකද්ද කියල මතක නැතත් මට මේ හීනෙ හැම දර්ශනයක්ම මතකයි. සමහරවිටට මේක වෙන්නැති මට වැඩිපුරම මතක හීනෙ. බෙහෙත් ගහපු නැති ගෙදර වවපු ගංජා කොල ටිකක් හම්බුනා වගේම පුංචි කැන්ඩොස් චොකලට් එකක් දිය කරල ඒක වටේම ගාපු නිසා උරන දුම් උගුරක් ගානෙ ආවෙ ආනන්දනීය රසක්. වෙනදට උගුරු දෙක ගානෙ ඇදලා සූස්තිය වටේ යැවුවට අද එහෙම නෑ. තනියෙන් බිවුවෙ. බීලා කනකං බලාගෙන පැණි හොද්දෙ ගිලිච්ච ගුලාබ් ජමූන් ගෙඩියක් බලාගෙන හිටියා. එහෙම සැපක් හිතට ලැබුනම හීනෙත් මතක හිටිනවා වෙන්න පුළුවන්. උදේ ඇහැරිලා ඇඳ උඩ වාඩි වෙලා කල්පනා කළේ ඒ හීනෙ ගැන. ඒ තමයි මම ජොබ් එකක් නොකර ඉන්න තීරණය කරලා ගෙවෙන මුල්ම දවස. තාත්තට ඇදුනා ලොකු ලොතරුයියක්. මුල් දිනුම වෙච්ච කෝටි එකොළහම හම්බුනත් මනුස්සයා ඒකෙන් වියදං කළේ එයාගෙ හිත කැමතිම වාහනේ අරගන්න ලක්ෂ හතලිහක් විතරයි. ඊට අමතරව ණය තුරුස් ටිකකුත් ගෙවලා පෙන්ෂන් යන්න තියෙන අන්තිම කාලෙවත් සම්පූර්ණ පඩිය අතට ගන්න මනුස්සයා සල්ලි ටිකක් වියදං කළා. ඉකුරු ටික මට. ඉතිං මොකටද ජොබ් එකක්. ගෑනියෙක්වත් දරුවෙක් වත් නැති මං මොකටද ජොබ් කරන්නෙ.

හීනෙ මුලදිම අම්මව පහුවනාට පස්සෙවත් අම්මා දිහා හැරිලා බැලුවෙ නැති එක ගැන මට උදේ ඇහැරුනම දුක හිතුනා. මහ නරුම පුතෙක් කියන දුකත් දරාගෙනමයි මම උදේට කන්න මොනවහරි අරගෙන එන්න ගියේ. හීන මතක් කරනවට වඩා බඩගින්න ලොකුයිනෙ. ඒත් අතේ සල්ලි තිබුනෙ නැති නිසා මම මුලින්ම හන්දියට ගියා ඒටීඑම් එක හොයාගෙන. තාත්තා ගිහින් රස්සාවට. ඒටීඑම් එකෙන් රුපියල් දෙකක් කපාගෙන දීපු කොලේ මගේ එකවුන්ට් එකේ කෝටි දහයකුත් තවත් ගානක් තියෙන බව කිවුවත් මම අතට ගත්තෙ දෙදාහක් විතරයි. ​තාත්තා ලොතරුයිය දිනලා මාසයක් ගතවෙලත්, මම රස්සාවට රෙසිග්නේෂන් දීලා මාසයක් ගතවෙලත් තාමත් සල්ලි එහෙමමයි. තාත්තා ඒ ගැන හෙවුවෙත් නෑ. උදේට කන්න ගත්තු තෝසෙ කෑල්ලක් සම්බෝලෙ දවටලා ගනිද්දියි මට මගහැරිච්ච දෙවැනි දේ මතක් වුනේ. ඒ පහුවුනේ වඩේ කරත්තයක්. අම්මව පහුවුනේ උදෑසනක වුනත් වඩේ කරත්තෙ පහුවෙනකොට බිං කළුවර වැටිලා තිබුනා. ඒක මට හොඳටම මතක වඩේ කරත්තෙ එළිය දෙන්න ගහපු පන්දමේ රස්නය මට දැනිච්ච නිසායි. මට දැන් මතක් වෙනවා. ඒ කරත්තෙ වඩේ විකුණුවෙ මගෙ හොඳම යාලුවා. මම මගේ හොඳම යාලුවගෙන් වඩයක් අරං උදවුවක් නොකර දුවලා ගිය තක්කඩියෙක්ද කියන දුක මට තිබුනා. මේක පුදුම ජොයින්ට් එකක්නෙ. අරුම මතකයක් මගේ ඔලුව ඇතුළෙ ඉතුරු වෙලා තිබුනා.

දුවලා ගිහින් මම යන්තං හරි මගේ වේගය අඩු කළේ කහ ඉරක් ලඟ. ඒ මතින් එහා පැත්තට අරගෙන ගියේ මිනියක්. දකුණු අත පැත්තෙ ඉස්පිරිතාලෙ. මම මිනිය උස්සගෙන ගිය මිනිස්සුන්ගෙන් ඇහුවා කොහෙද යන්නෙ කියල. එයාලා මට ඔලුවෙන් පෙන්නුවෙ වම් අත පැත්තෙ තියෙන මෝචරියෙ බෝඩ් එක. මිනිය පිටිපස්සෙන් තාත්තා ගිය නිසා මම ආයෙත් මිනිය දිහා බැලුවා. ඒ හිටියෙ මගේ ආච්චි අම්මා. අම්මටත් වඩා මම ආදරය කරපු මනුස්සය. මට ඒත් නවතින්න විදියක් තිබුනෙ නෑ. තෝසේ ඉවරයි. ටීවී එක දානවද කියලත් කල්පනා කරලා ඊට වඩා හොඳ නිසා මම යූටියුබ් ගියා. සින්දු වැයෙනව ඉවක් බවක් නැතුව. ඔටෝ ප්ලේ හැකියාවෙ උපරිම ප්‍රයෝජනය යූටියුබ් අඩවිය අත්වින්දෙ එදා. මගේ කිසිම බාධාවකින් තොරව උන් කැමති සින්දු උන් කැමති ඇඩ් අස්සෙ දාලා මට පෙන්නුවා. මං බැලුවෙ නෑ. හැබැයි මම ඇහුවා. තව කන්න දෙයක් කුස්සියෙ හොයද්දි මට හම්බුනේ මුරුක්කු ටිකක්. මුරුක්කු ටිකට ගැලපෙන අරක්කු ටිකක් මගේ අල්මාරියෙ තිබුන නිසා මම යූටියුබ් එක ලඟට ඒකත් ලං කරගත්තා.

බිබී ඉන්න අත​රෙ මිල්ටන්ගෙ සින්දු එක පිට එක වැයෙද්දියි මෙවුවා මතක් වෙන්නෙ. ඒ අතරෙ ගියා මර්වින්ගෙ සින්දුවක්. ඒකෙ මැද්දෙ විවාහය කියන අකුරු හතර අර්ථ දක්වද්දි කියනව වායනු වාවන්නට පෙළඹුවා නිරතුරේ කියල. මං කොච්චර සතුටින් ඉන්න හැදුවත් මං වාවන්නම පුදුරු වෙච්ච සතෙක්. කොච්චර ලොකු දුකක් වුනත් වාවගන්න පුළුවන් තරං දැඩි හිතක් මට තිබුනත්, වාවලා ඉවර කරගන්න මට පුළුවන් වුනේ නෑ. එහෙම කියල මං දුකකින් හිටියෙත් නෑ. හැබැයි වාවලා ඉවර වුනෙත් නෑ. ඒකයි එතන තිබ්බ අවුල. ​මේ අරක්කු මතේ අස්සෙ මතක් වෙන්නෙ ඒ හීනෙ අන්තිම ටික. මං අන්තිමටම අච්චර අමාරුවෙන් දුවගෙන ගිය තැනට ලංවුනා. මට පැහැදිලිව ඇහුනෙ නැතත් මම එතන හිටපු ලොකු උස මහත මිනිස්සුන්ට මගේ දුක කිවුවා. අන්තිමට මම සාක්කුවෙන් අරගෙන දෙයක් පෙන්නුවා. දෙයියනේ මගේ ලොතරුයිය ඉරිලා. මේක තාත්තා ලොතරුයිය දිනපු දා ඉඳන් මාරු කරගන්නකංම මගේ හිතේ තිබ්බ බයක්. ඒ බය නිසා මම මගේ මැරිච්ච අම්ම ලඟවත් නතර වුනේ නෑ. මට යන්න කවුන්ටරයක් පෙන්නුවා. ඉරිච්ච එකනං ප්‍රශ්නයක් නෑලු. ඒත් එතන ඉස්සරහ හිටගෙන හිටියෙ පුංචි පුතෙකුයි අම්මෙකුයි. උන්ටත් තියෙනවාලු මගේ අංකෙම තියෙන ලොතරුයිය.

හුටා!

අපි දෙගොල්ලොන්ගෙම ලොතරුයි දෙක මණ්ඩලෙන් අරගත්තා. අරගෙන අපිට දුන්නා සර්ටිෆිකට් දෙකක්. එයාලා බලනවලු ව්‍යාජ එක මොකද්ද කියල. ව්‍යාජ එකාට පුස්ස. අපි දෙගොල්ලොම ගෙදර ආව. මට ඒ අම්මයි පුතයි ගැන තිබ්බෙ කේන්තියක්. ඒත් උන් මං දිහා බලල හිනාවුනා. මං කතා කළා උන් එක්ක. උන්ගෙ තාත්තා නෑලු. පොඩි එකයි අම්මයි විතරලු ඉන්නෙ. නෑයො සළකන්නෙ නෑලු. හැබැයි මේ දිණුම අරගෙන එනකං බලං ඉන්නවලු ඒක බෙදාගන්න. මට කේන්ති ගියා නෑයො එක්ක. හැබැයි දැන් එච්චර නෑයො ගොඩක් මරන්න බෑ. මං ඒ අම්මවයි පුතාවයි මැරුවා. උන් ඔය සල්ලි අරගෙන ගියත් නෑයො ටික කෙලින නිසා මං උන්ව ඒ කරුමෙන් බේරගත්තා. උන් දැන් උන්ට කලින් මැරුනු මහ එකා ඉන්න තැනට වෙලා සතුටින් ඇති. උන්ගෙ සල්ලිවලට කෙලින්න බලං හිටපු නෑයොන්ට හුප්පෙ. ඒ අම්මගෙ ෆෝන් එකට කෝල් එක ආවා. එයාටලු හරි ටිකට් එක ලැබුනෙ. එන්නලු සල්ලි අරගන්න. මං ඒ ෆෝන් එකෙන්ම බළධාරීන්ට කිවුව එයාලා මට ටිකට් එක විකුනපු විත්තිය. මම එහෙමයි ඒ හීනෙ මේ කෝටි එකොළහ හම්බුකරගත්තෙ.

අරක්කුත් ඉවරයි. හීනෙත් ඉවරයි. හීනෙදි මම මහ දුෂ්ටයෙක් වුනාට ඇත්ත ලෝකෙ සල්ලි ලැබුනෙ මගෙ තාත්තට. හැබැයි මට හිතෙන්නෙම මේ සල්ලි මම අර අම්මවයි පුතාවයි මරලා ගත්ත සල්ලි කියලයි. මට තාත්තගෙන් අහන්නත් හිතයි. තාත්තත් මේ ටිකට් එක දිනුවෙ අම්මෙක්වයි පුතෙක්වයි මරලද කියල. අරක්කු මත කන්ටිනියු කරන්න මම සිගරට් එකක් පත්තු කරගත්ත. ඕල්ඩ් ඇරැක් බෝතලේ ඇතුළටම මම අළු කැඩුවා. ගෙයින් එළියට බැස්සෙ බොන්න ​මොනවහරි බීම බෝතලයක් අරගෙන එන්න. ඒ යද්දි දැක්කෙ එහා පාරෙ ඉන්න මම කාලයක් තිස්සෙ දන්න සැමියා මැරිච්ච නිසා දුක් විඳින අම්මත් පුතත්. උන්ව දැක්ක ගමන් මට මතක් වුනේ මගේ කාලකන්නි හීනෙ. මේ විදියට උන්ව දකින දකින පාරට මට මෙවුව මතක් වෙන්න බෑ. කෝටි එකොළහක් හිමි මිනිහෙකුටත් විඳවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මං උන් දෙන්නවත් මැරුවා. දැන් මේක හීනයක් නෙමෙයි. මං හීනෙං මිනී මැරුවා වගේ නෙමෙයි. මං ඇත්තටම දැන් මිනිස්සු දෙන්නක්ව මරලා තියෙනවා. කෝටි ගානක් මං ගාව තියෙන නිසා දක්ෂ ලෝයර් කෙනෙක් අල්ලලා මට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයි. හැබැයි මං කරේ වෙනිං දෙයක්. මං දන්න තවත් තනි වෙච්ච අම්මෙකුයි පුතෙකුයි ඉන්නව. උන්ගෙ තාත්තත් නෑ. උනුත් දුක් විඳිනව. උන්වත් යවන්නෝන එළොව. උන්ව මං මරද්දි, උන් මට බයෙන් හිටියට මං ඒ වැඩේ කරේ හිතේ කිසිම තරහක් නැතුව. හරිම පරිස්සමට. රිදෙයියදත් කියල බයෙන්. උන් දුක් විඳින්න ඕන නෑ. පවූ!



*********************************

කතාවෙන් පස්සෙ - මේ කතාව ලියවිලා මේ වෙද්දි තරමක් කල්. මේක ලියවිලා ඉවර වුනාම මටම හිතුනා මේකෙන් මිනිස්සු මං ගැන ජජ් කරයි කියලත්. ඒ වගේම මං මගේ හිතට මෙහෙම දෙයක් හිතුනද කියල හිතලම මාවම තරමක් පිළිකුල් වුනු තත්ත්වෙකුත් දැනුනා. කොහොම වුනත් මං හිතුව මේක කට්ටියට කියවන්න දාන්න. මට මුලින් මං ගැන දැනිච්ච ඒ නරක හැඟීම නං මේ වෙද්දි නැතිවෙලා ගිහින්. ජය!