"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, July 15, 2024

එයා මට හොඳ වැඩියි!


පුදුම විදියට වද දෙනවනෙ ඔයා මට!

එයා ඒ කරපු චෝදනාවෙන් මං ඇකිළිලා ගියා. මං එහෙම වද දෙන මිනිහෙක් නෙමෙයි. විශේෂයෙන්ම ආදරේ කරන ගෑනිට. මං එයාගෙන් ඒ කතාව අහගත්තෙ ප්ලේන්ටියක් හදලා ඉල්ලපු නිසා. හැබැයි මං ඇත්තටම එයාට වද දෙද්දි එයා ඒක වදයක් විදියට දැක්කෙ නෑ. එයා ඒක විඳලා තිබුනා. එයාට වදයක් වුණේ ඉඩක් ලැබෙන වෙලාවට එයාගෙ ගෙදරට ගියාම එයාට මගේ තුරුලට වෙලා ඉන්න දෙන්නෙ නැතුව තේකක් හදලා දෙන්න කියන එකට.

එයා මාව ඉනෙන් අල්ලලා උස්සලා බිත්තියට හේත්තු කළේ හරිම සැහැල්ලුවකින්. ඒ හයිය අතෙන් ඉස්සිලා, බඩට හිර වෙලා, ඒ දරදඬු ලිඟුව ඇඟ ඇතුළට කිඳා බැහැලා තියෙද්දිත් මට දැනුනෙ කියාගන්න නොතේරෙන නිදහසක්. මං කකුල් දෙක එයාගෙ ඉණ වටේ දාලා බැඳගත්තා. නවතින්නැති රිද්දමයකට එයා ඉණෙන් උස් මහත් වෙද්දි, මගෙ ඇස් වැහිලා මට පෙනුනේ මං ආසම තැන. මගෙ මහත්තයගෙ තුරුල්ලෙ සීතලේ ගුලි වෙලා ඉන්න හැටි. හැබැයි මට මේක වැරැද්දක් විදියට දැනුනෙ නෑ, මං එයාගෙ බලහත්කාරකමට අකමැත්තක් ඇඟෙව්වෙත් නෑ, මගෙ හිත වගේම ඇඟත් ඒ බහට අවනත වෙලා හිටියෙ. 

මං එයාගෙ ඔෆිස් එකට වතුර අදින මිනිහෙක්. එයා ඒ ලියලා තිබ්බෙ මං ගැන. ඔව් මං වතුර අදිනව. එයාගෙ ඔෆිස් එකට සතියකට පාරක්. ඒ වෙලාවක තමයි එයාව දැක්කෙ. වතුර ​බෝතල් විස්සක් ඇද්දත් ලොකු මහන්සියක් දැනුනෙ නැති වුණාට, අන්තිම වතුර​ බෝතලෙත් තියලා ඉවර වුණාට පස්සෙ එයා මට මම ම උඩට ගෙනාපු වතුර එකක් අතට දුන්නා. ඒ දුන්නෙ එයාම බොන බෝතලෙට දාලා. බෑ කියන්නත් හිත කිවුවට, හා කියන්න තරමෙ ලස්සනක් ඒ ගෑනු ඇඟේ මං දැක්ක. මං ඒ වෙලාවෙ තමයි හිතුවෙ එයා මට ආදරේ ඇති කියල. දෙවනි වතාව වෙද්දි මම වතුර අරං ගිය ගමං එයාට වතුර පුරවගන්න එන්න ඕනෙ වුණා. තුන්වෙනි වතාවෙ මං එතනට යන්න කලින් එන බව කියලා එයාට මෙසේජ් එකක් දාන්නත් ඉඩ පහසුව හැදිලා තිබුණෙ. මග මුණගැහෙන්න බැරි බව එයාම කියලා, හස්බන්ඩ් නැති මොහොතක එයාම මාව ගෙන්නා ගත්ත. ඒ ඇඳ හරිම සනීපයි. මං තව අවුරුදු දහයක් වතුර ඇද්දත් ඔය වගේ මෙට්ටෙක නිදියන්න වෙන්නෙ නැති බව දන්න නිසා මං ඉඩක් ලැබෙන වෙලාවක එහෙ ගිහින් ඒ ඇඳේ නිදාගත්තා. එහෙම වෙලාවට එයා මට මූසලයා කියල බැන්නා. එයාට ඕනෙ මං එයා ගාවදි ඇහැරිලාම ඉන්න. එයාට නින්ද ගියොත් විතරක් නිදාගන්න. මට ඒ සැප ඇඳේ නින්ද යන එක, එයාගෙන් තේකක් ඉල්ලන එක එයාට කරදරයක්. එදා තමයි මට හිතුනෙ එයා මට ආදරේ නෑ කියල.

එයා මට ආදරේ නොවීම ගැන දුක හිතෙද්දි තමයි මට තේරුණේ මං එයාට ආදරෙයි කියල. වැස්ස පෑවුවට පස්සෙ කුඩේ මහ කරුමයක් විදියට දැනෙන එක නවත්තගන්න බෑ. ඒක කුඩේ වැරැද්දකුත් නෙමෙයි. අපේ වැරැද්දකුත් නෙමෙයි. අපි දැනගන්න ඕන නොහිතූ මොහොතක වැටෙන ඕනෙම මහ වැස්සක නොතෙමී ඉන්න පුළුවන් තරමට සූක්ෂම වෙන්න. නැත්තං තෙමුනත් ගානක් නැති තරමට හිත දියුණු කරගන්න. ඒත් බැරි නං නොතෙමි ඉන්න උදව් කරපු කුඩේ ගැන කේන්ති නොගෙන ඉන්න.

එයාගෙ ඇඳ ළඟම එයා මගෙ ගැන ලියපු පොඩි පොඩි මතක පිරිච්ච පොතක් හම්බුණා. ගොඩක් වෙලාවට එයාට ඇඟ මහන්සි වුණාට පස්සෙ නින්ද යනවා. මමත් නිදියන්න ආසා වුණත්, මේ මතක පොත කියෙව්වට පස්සෙ මට නිදියන්න හිතෙන්නෙ නැති තරමෙ අවුලක් ඔළුවට එනවා. ඒවා කියවලා බලද්දි තේරෙන්නෙ මම එයාට බලහත්කාරෙන් දේවල් කළා වගේ. ඒත් එයාටයි ඒ හැඟීම ඕනෙ වුණේ. එයාට ඕන වුණේ මගේ අතින් දූෂණය වෙන්න. රේප් ෆැන්ටසි එකකට එයාගෙ හිතේ තියෙන ආසාව ගැන එයා මට කිවුවෙ මං එයාගෙ ඇඟට අතක්වත් තියන්න කලින්. එයා එයාට වෙන්න ඕනෙ දේ මට කිවුව. මං ඒක කළා. ඒත් එයා ඒක අගය කළේ නෑ. හිත කැමතිම සතුට දරාගෙන හිටියා. මං එයාට ආදරේ කළා. මං ඒ බව කිවුවා. ඒත් එයා ඒක අගය කළෙත් නෑ. අමාරුවෙන් හම්බු කරලා වියදං කරලා ඉතුරු වෙන සොච්චමෙන් මං එයාට තෑගි අරගෙන ගියා. ඒත් එයා ඒක අගය කළේ නෑ. රුපියල් දාහක චොක්ලට් එකක් අරගෙන ගිය දවසකත්, ඔන්න ඕක මේසෙ උඩින් තියලා ගිහින් ඉක්මනට නාගෙන කාමරේට එන්න කියල විතරයි එයා කිවුවෙ. එයා කියන කියන විදියට නිදිවදිනවට එයා මට සල්ලි දුන්නෙත් නෑ, ආදරේ දුන්නෙත් නෑ. මගේ හිතේ තිබුණු ආදරේ වෙනුවෙන් මං ඒ දේ කළා විතරයි. දවසක් මගෙ අතේ එයාට තෑග්ගක් ගෙනියන්න සල්ලි තිබුණෙ නෑ. එදා මං ඒ ගැන මගේ හිතේ දුක කියද්දිත් කිසිම ගානක් නැතුව එයා, ඒකට කමක් නෑ ටක් ගාලා ගිහින් නාගෙන කාමරේට එන්න කියලා විතරයි කිවුවෙ.

අද එයා ආවෙ මගෙ ළඟ දවස් තුනක් ඉන්න බලාගෙන. දැන් මේ දවස් තුනම මගෙ ඇඟ හපයක් වෙනකං එයා අතින් තැලේවි. හස්බන්ඩ් ආයෙ ගෙදර එන්නෙ දවස් පහකින්. මං ඇඟේ අමාරු නැති වෙන්න අන්තිම දවස් දෙක වෙනිවැල්ගැට බීලා හොඳට නිදාගන්නයි හිතුවෙ. එයා එන හැටි, ආපු ගමං හිනාවක්වත් නැතුව දොර වහල දාලා මාව උස්සගන්නෙම මගෙ මුළු වම් කනම එයාගෙ කට ඇතුළට දාගෙන. ඒ මොහොතට මට ඒ කන ඇහෙන්නෙ නැතුව යනවා. එහෙමම අරගෙන යන්නෙ මාව කාමරේට. කනෙන් බෙල්ලට, බෙල්ලෙන් තොළට, තොළෙන් මුළු සරුවාංගෙම ඉවර කරලා දාල එයා මාව තුරුළු කරගන්නව. මිදෙන්න බෑ ඒ තුරුල්ලෙන්. මිදෙන්න හිතෙන්නෙත් නෑ. ඉතිං මං හිත හදාගන්නව මේ ඉන්නෙ මගෙ මිනිහා කියල. එතකොට මට එහෙමම වැටිලා ඉන්න ලේසියි. එයා යද්දි මම නිදියගෙන හිටියොත් මට කියලවත් යන්නෑ. ඇහැරිලා හිටියොත් මූණවත් නොබලා, අහක බලාගෙන "මං යනව" කියල එයා යනව.

මෙයා ලියන්නෙම බොරු. මෙයා ලියන ඒවා කියෙව්වම මට මං ගැනම අප්පිරියයි. මං ආදරේ කරන ගෑනිට මං කවදාවත් මෙහෙම කරන්නෑ කියල මගේ හිත දන්නව. මෙයා මට මුල්ම දවසෙ මෙයාට පාරක් ගහන්න කිවුවමත් මගේ හිත බෑ කියලමයි කිවුවෙ. ලේ එන්න හපන්න කිවුවම ඒක නොකළා කියලා එයයි මගේ කම්මුලට ගැහුවෙ. එහෙම කෙනා මං ගැන මොනවද මේ ලියන්නෙ? සමහර දේවල් ඇත්ත තමයි. ඒත් ඒ සිද්ධ වෙච්ච විදිය ගැන මෙයා ලියල තියෙන්නෙ ඇත්ත නෙමෙයි. 

අද අතේ සල්ලි නොතිබුනු නිසා මං එයාට පාරෙ ඉඳලා මං අරං ගිහින් කාමරේ තියං හදාපු පූස් පැටියව ගෙනත් දුන්නා. ඒ පූස් පැටියව දැකලා නං එයා ආසා වුණා. අනිත් තෑගි ගැන කිසි හැඟීමක් නැතුව බැලුවට එයාගෙ ඇස් මේ වතාවෙ නං සතුටෙන් දිලිසුනා. පූසාට දාන්න නමක් ඇහුවා. මම ඒ වෙද්දි ඒ පූස් බබාට කිවුවෙ ඇජූ කියලා. එහෙම කියන්න හේතුව ඇහුවම මම පූසගෙ පස්ස පැත්තෙන් උස්සලා පෙන්නුවා. උට තියෙන්නෙ එක ඇටයයි. බිජු ඇටේ - ඇජු බිටේ වෙච්ච හැටිත්, හුරතලේට ඒ නම ඇජූ වෙච්ච හැටිත් මං එයාට තේරුං කළා. අද එයා මට බොන්න බීම එකක් හදලා දුන්නා මං ඉල්ලන්නෙත් නැතුව. ඊටපස්සෙ මාත් එක්කම ෂවර් එක යටට ආවා. ෂවර් එක වැහෙද්දිත් අපි දෙන්නගෙ දැඟලිල්ල පටන් අරගෙන තිබුණෙ. අද නං අපි දෙන්නා ඇඟ පිහිදාගත්තෙත් ඔක්කොම වැඩ ඉවර වුණාට පස්සෙ. ඇඳ හොඳටම තෙත් වෙලා. ඒ අපි නාපු වතුරෙන් විතරක්මත් නෙමෙයි. 

අද එයා මට මං ගැන ලියපුවා කියවන්න දුන්නෙත් නෑ. එයා මට ආදරේ කරනව කියල මගේ හිතටත් තේරුණා. මං ඔයාට ආදරෙයි කියල මම දහස් වෙනි වතාවට විතර කිවුවම, අද පළවෙනි පාරට එයා මාත් කියල කිවුව. මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ පාර අයිනෙ ඉඳලා ඇහිඳ ගත්තු පූසෙක් හින්දද? මම මගේ යාළුවො කිසිම කෙනෙකුට එයා ගැන කිවුවෙ නෑ. ඒ මං ආදරේ කරන මනුස්සයා. එයා ගැන කවුරුවත් නරක හිතනවට මම කැමති වුණේ නෑ. මම දන්නවනෙ අපේ උන්ගෙ හැටි. මට එක පාරට එයා එක්ක ආදරෙන් බැඳීම ගැන මට තිබ්බ නොතේරීම මම එයාට කිවුවා. අද කවදාවත් නැතුව මාව උකුලෙන් නිදි කරව​ගත්ත. එයාට ඇඬුනා.

එයා මට කියල බලහත්කාරකං කරවගන්න තරමට, මට හිතුනෙ එයාට ලෝකෙන් හංගන ඇරියර්ස් එකක් ඇති කියල. පුංචි කාලෙ සිද්ධ වෙච්ච කාටවත් කියාගන්න බැරි වුණු බලහත්කාරකමක්. එහෙමත් නැත්තං එයාගෙ කසාද මිනිහාගෙන් හරිහැටි නොලැබෙන ලිංගික සැපයක්. එහෙමත් නැත්තං ගෙවල්වලින් බලහත්කාරයෙන් කසාද බන්දපු නිසා එයාට මගහැරුණු මගේම පෙනුම තියෙන පරණ පෙම්වතෙක්. මේ වගේ හේතු ගොඩක් මං හිතේ හදාගෙන හිටියා. ඒ මාව එයාගෙ උකුළෙ නිදිකරවගෙන එයාට ඇඬෙන්න කලින්.

අද එයා ඇඬුවා විතරයි. දිගින් දිගටම මගෙන් සමාව ඉල්ල ඉල්ල එයා ඇඬුවා. මමත් ඇඬුවා. ඇයි මම ආදරේ කරන ගෑනිට ඇඬෙනවනෙ. ඉතිං මටත් ඇඬුනා. එයාට ඕනෙ එයාගෙ මිනිහගෙන් ඈත් වෙන්න. එයා මෙයාට හොඳ වැඩියි ලු. ඒක මෙයාට දුකක්ලු. යන්න කිවුවට ඒ මනුස්සයා යන්නෙත් නෑලු. එනිසා ඉස්සර ඉඳම්ම වෙන කෙනෙක් එක්ක සෙක්ස් කළ බව පේන්න මේ විදියෙ නෝට්ස් ඩයරියක ලියලා ඇඳ ළඟින් තියාගත්තලු. ඒවා මනුස්සයා දැක්කත් ගනං ගත්තෙ නෑලු. ඊටපස්සෙ මාව ගෙන්න ගත්තලු. මගෙ ෆොටෝ එයා ළඟ තියාගත්තලු. මගෙ අතින් ඇඟේ තියාගත්තු පාරවල් පේන විදියෙ ඇඳුම් ඇන්දලු. එයා හිතන්නෙ එයාට එච්චර හොඳ මිනිහෙක් ලැබිය යුතු නෑ කියලලු. එනිසා දිගින් දිගටම මේ දේ පෙන්නද්දි, දවසක් එයාගෙ මනුස්සයා ඇහුවලු, මට යන්න ඕනෙ නෑ... ඔයාට යන්න ඕනෙද... කියල... මෙයා කිවුවලු මට ඔයාව එපා වෙන්නෙ නෑ... ඔයාටයි මාව එපා වෙන්න ඕනෙ... කියලා. මෙයාට ඕනෙ ඒ මනුස්සයා මෙයාව දාලා යනව දකින්නලු. අද වෙද්දි ඒ ආදර කතාව තියෙන්නෙ එතන. මේ ඔක්කොම සංගෙඩි මගේ ඔළුවට වැටුනෙ තෑග්ගක් ගන්න සල්ලි නැතුව පූසෙක් උස්සන් ආපු නිසා. දැන් මට දෙන්න උත්තරත් නෑ.

කොහොමින් කොහොම හරි දැන් මෙයා මට ආදරෙයි කියල තියෙනව. ඒ ගෙදරින් ආවට පස්සෙත් මගෙ කකුල් තාම ගැහෙනව වගේ. වෙනදට එයා කියන විදියට නං මම ගියාට පස්සෙත් එයාගෙ කකුල් දෙක තමයි ගැහිලා තියෙන්නෙ. මං ආදරේ ගෑනි අද මට ආදරෙයි කිවුව. හරි නං මං සතුටෙන් ඉන්න ඕනෙ. ඒත් මං මේ තරං සංකීර්ණ ආදරේක පැටලුනාමයි. කසාද බැඳපු ගෑනියෙක්. කසාදෙන් අයින් වෙනවට ආස ගෑනියෙක්. ඒකත් තමුන් අයින් නොවී මිනිහා අයින් වෙනකං බලං ඉන්න ගෑනියෙක්. ඒකට හේතුව තමුන්ට වඩා මිනිහා හොඳ නිසා කියලා හිතන ගෑනියෙක්. මං ආදරේ කරන ගෑනිට ඕනෙ වුණේ කවදාහරි එයාගෙ මිනිහා එයාව දාලා යන එක දකින්න. ඒකයි මං ඒ ගෑනිගෙ මනුස්සයා එනකං ගේ පිටිපස්සෙ හැංගිලා බලං හිටියෙ. මං ඒ වෙලාවෙ බොරුවට ගේට්ටුවෙන් එළියට ගියාට ආයෙ ගේ ඇතුළට පැන්නා. දැන් එයාගෙ මනුස්සයා එයාව දාලා ගිහින් ඉවරයි. ඒ බයටයි මගෙ කකුල් තාමත් ගැහෙන්නෙ.

මේ ඔක්කොම කරලත් මට එයාව නොලැබුනොත්? එයාව ලැබිලත්, මමත් එයාට වඩා හොඳ මිනිහෙක් කියලා එයා හිතුවොත්?