රසමසවුළු නැති මින් බත් පතට සරූ
නිසි සැලකුම් නැති ගෙරවිලි රැවිලි පිරූ
චන්ද්‍රෝ නුඹ වෙතට මගෙ පෙම මහත් සරූ
ඇතිමුත් යනෙමි බිඳි සිත මගෙ හදනු බොරූ
තිලක්! තිලක් මේ කතාවේ කථා නායකයා. තිලක් මේ කවිය ලියනව අන්තිමේ බාර් එකෙන් අතට ලැබිච්ච බිලේ. තිලක් පොරක්. තිලක් අඳින්නෙක්. රූප අඳින්නෙක්. ඉඳල හිටලා කවිත් ලියවෙන. වයලින් වාදකයෙක්. රැකියා නාමයට ක්ලාක් කෙනෙක්. තිලක් වෛද්‍ය විද්‍යාලෙ දෙවෙනි වසරට වෙනකං ශිෂ්‍යයෙක්. මනුස්සයට විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙනව. වෙනදට අම්මලා ගෙදර නැති දවසට තේකෙ හිටන් හදලා දීපු නැන්දා මුව නොසෑහෙන්න බනිනවා. ගෙදර මිනිස්සුන්ගෙ කේන්තිත් අවුස්සනවා. තිලක්ගෙ ජීවිතේ සංක්‍රාන්ති කාලයක් තියෙනවා. උදේ ඇහැරෙන, තේකෙන්ම කට හෝදල බඩත් පුරවන, උදේට කාපං කියනකං ලියන, උදේට කන, දවල්ට කාපං කියනකං චිත්‍රයක් එක්ක හැප්පෙන, දවල්ට කන, බඩට එපාවෙච්චි කෑම පුකට ඕනිවෙච්චි වෙලාවට එලියට දාන, හිතට හරියනකං නිදියන, රෑට වොලී බැස්ටියන්ගෙ සින්දු ටිකක් වයලින් එකෙන් අතුල්ලලා නිදි ඇඳට වැටෙන තිලක් රෑට කන්න ඇහඇරෙන්නෙ රෑ දහයට. එහෙම්මම දවස ඉවර කරන තිලක්ට කාලෙන් කාලෙට ගෑනු පරාන සම්බන්ධ වෙනවා.
සීගිරිය! සීගිරිය මේ කතාවෙ කතා නායකයට, තමන්ගේ ජීවිතේ මුදල්මය වටිනාකමක් නැති එහෙත් සතුට උපරිම කරවන්න මග පාදවපු තමුන්ගේ නිර්මාණ වල උල්පත. තිලක් සීගිරිය ගැන හැදෑරුවෙ නෑ. ඒත් තිලක් සීගිරිය ගැන හිතුවා. තමුන් දන්න පොඩි පොඩි සීගිරිමය තොරතුරු ඇතුලේ තිලක් සීගිරි සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒක දවසින් දවස අලුත් උනා. තමුන්ගෙ සංක්‍රාන්ති අවධියේ ඒ ඒ ගෙවිච්ච දවස් වල ඒ ඒ හැඟීම තිලක්ගේ මනෝ මූලික සීගිරියේ පිට කවරය උනා. තිලක්ගේ කලිසං සාක්කුවේ තිබිච්ච නවපු කොලේක මෙහෙම තිබුනා.
ඇස් කෙවෙනි අග බිඳු තියා සිටින මුත් නොසිඳුනු ලෙසේ
බොඳවූ දෑසින් විඳිමි මම රූ රාගධික බැල්මන් විදියි මයෙ
ලඳුන් සෙල මත විහිදියා නිරුවත්වු දෙතනේ රසේ
සීගිරිය! සීගිරිය මේ කතාවෙ කතා නායකයට, තමන්ගේ ජීවිතේ මුදල්මය වටිනාකමක් නැති එහෙත් සතුට උපරිම කරවන්න මග පාදවපු තමුන්ගේ නිර්මාණ වල උල්පත. තිලක් සීගිරිය ගැන හැදෑරුවෙ නෑ. ඒත් තිලක් සීගිරිය ගැන හිතුවා. තමුන් දන්න පොඩි පොඩි සීගිරිමය තොරතුරු ඇතුලේ තිලක් සීගිරි සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒක දවසින් දවස අලුත් උනා. තමුන්ගෙ සංක්‍රාන්ති අවධියේ ඒ ඒ ගෙවිච්ච දවස් වල ඒ ඒ හැඟීම තිලක්ගේ මනෝ මූලික සීගිරියේ පිට කවරය උනා. තිලක්ගේ කලිසං සාක්කුවේ තිබිච්ච නවපු කොලේක මෙහෙම තිබුනා.
-කාෂ්‍යප- -අප්සරා-
සිත් තැවුල් හද ඉගිල යනු මිස පිතු මරා දුරැරා සිතින් එයඇස් කෙවෙනි අග බිඳු තියා සිටින මුත් නොසිඳුනු ලෙසේ
බොඳවූ දෑසින් විඳිමි මම රූ රාගධික බැල්මන් විදියි මයෙ
ලඳුන් සෙල මත විහිදියා නිරුවත්වු දෙතනේ රසේ
-තිලකේ-
තම පියාගේ නික්ම යෑමෙන්
රිදුම් දෙන හද දර දරා
සිටින කුමරුට දෙතන් පෙන්වන
නොහික්මුණු වන අප්සරා
තිලක්ට ගෙවෙන මොහොතක් ගැන පැති ගොඩකින් හිතන්න පුලුවන්. ඒක හොඳ දෙයක් කියලා කියවන ඔබට හිතුනට, එහෙම හිතෙන එකෙක්ට ඒක හරිම වදයක් වෙන්නත් පුලුවන්. තමුන් තනියෙන් රසවිඳපු අප්සරාවො දිහා වෙනින් ඇස් කන්දරාවක් පස්සෙ කාලෙක යොමු වෙයි කියලා කාෂ්‍යපට හිතෙන්නෙ නැතුව ඇති. තමුන්ගෙ රාජධානිය පින්තූර කරලා විකුනගෙන කයි කියලා කාෂ්‍යපට හිතෙන්නේ නැතුව ඇති. අප්සරාවන්ට වඩා ලස්සන ලැමක් තියෙන ගෑනු අප්සරාවන්ගෙ ලැමට ඊරිසියා කරයි කියලා කාෂ්‍යපට හිතුනෙ නැතුව ඇති. මෙව්වට මෙහෙව් උනැයි කියලා කාෂ්‍යප රජ්ජුරුවො දැනගත්තනං මනුස්සයට ලැජ්ජත් හිතෙයි. ඔබ හිතන්න කාමරේ දොර වහගෙන සෙක්ස් ෆිල්ම් එකක් බලද්දි තාත්ත කාමරේට ඔලුව දැම්මොත් ඔබේ මූනෙ හැඟීම. තමුන් බිව්වයි කියලා මතක් කරන්න දීපු බිලක පිටිපස්සේ තිලක් කුරුටු ගාපු කවි කෑල්ලක්, බ්ලොග් එහෙක යයි කියලා තිලක් හිතන්නැතුව ඇති. එහෙම උනානම් තිලක් තමුන්ගෙ නම තිලකේ කියලා නොලියයි. ඒ තිලක් තමුන් විඳින්න කැමති විදිය. ඒක අනෙකෙකුට කියලා විඳවගන්න බෑ. ඔබ විසින්ම මතක් කරගන්න කවුරුන්හෝ තමුන්ට මේ නමින් කතා කරන්නය කියලා වෙනස් නමක් කිව්වම් ඔබේ මුහුනට ආපු උපහාසාත්ම ඉඟිය. ඒක තමයි මිනිහගේ ඇතුල. ඒක රහසක් වෙන තරමට ඒක ඒ ඒ අදාල මිනිහට රහයි. තමන්ගෙ කවි කෑල්ලට මෙහෙව් වෙච්ච විත්තිය තිලක් දැණගත්තොත් තිලක්ට ලැජ්ජත් හිතේවි. මොකද කාෂ්‍යප වගේම තිලකුත් මේක බෙදාගෙන රසවිඳින්න කරපු දෙයක් නෙමෙයි.
ඔබ තාමත් හිතනවද ඔබ දෙයක් දිහා බලන විදිහේ ගැම්ම මදියි කියලා. ඔබ කුමක් හෝ අවස්ථාවකදි මුලදි ගත්තු තීරණයක් වෙනස් කරලා තියෙනවද? පිලිතුර "ඔව්" නම් ඔබ යම් අවස්ථාවක් දෙස අවම වශයෙන් දෙවිදිහකින් බලලා තියෙනවා. ඔබ ඒ මුලු සිද්ධිය ගැන පේලි හතරක් ලියන්න හිතුවද? ලියලා තියෙනවද? ඔබ මුලු සිද්ධිය විස්තර කරන්න තනි වාක්‍යයක් හිතුවද? ඔබ එය කොලේක ලියන්න බය හිතුනද, මිතුරන් එය දකීවියි සැකයට? ඔබට ලැජ්ජා හිතෙයිද? ඒ වෙනකොට ඔබේ ආත්මීය නිර්මාණය ඔබේ මතකෙන් ගිලිහිලා නේද? දැන් අපරාදෙ කියලා හිතුනද?
අවට වෙච්ච සිද්ධි ගැන ඔබේ ආත්මීය ප්‍රකාශන ඔබ විසින්ම එකතු කරන්න.
එය ඔබට මහත් සතුටක් වේවි. අස්වැසිල්ලක් දේවි.
හැබැයි අවසාන වශයෙන්! එය ඔබ පමණක් රසවිඳින්න.
මගේ සිතුවිල්ල පරස්පර විරෝධීයි කියලා තිලක්, කාෂ්‍යප සහ ඔබ ඇසුරෙන් ඔබට සිතුනාද?