"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Thursday, August 10, 2017

මාත් අම්මෙක්!

මං මේක ලියන්නෙ පුටුවක වාඩි වෙලා. උඩින් ජර ජර ගාන ෆෑන් එක අතොරක් නැතුව කැරකෙනව. මට එක දිගටම ඇහෙන්නෙ මම රපීට් ඕල්ද වේ දාපු මරියසෙල්ගෙ සිහින නෙළුම්මල් සින්දුව. එනිසා මං හිතනව මේක කියවන ඔයාලත් ඔය සිගරට් නිවල දාලා පුටුවක් වාඩි වෙලා සිහින නෙළුම්මල් සින්දුව යූටියුබ් එකෙන් දාගෙන මේක කියවනවනං හොඳයි කියල. මං දීපු ලින්ක් එකෙන් යන්නෙ දෙරණ ඩෙල් ස්ටුඩියෝ එකේ එයා කියපු සින්දුවට. තුප්පහි මාධ්‍ය භාවිතය නිසා දෙරණ නාලිකාව වර්ජනය කරන අය මේකෙ වෙනිං වර්ෂන් එකක් අසත්වා! එහෙනං කියවමු කතාව. මුලින්ම මේක මම අම්මෙක් වුනු නිසා ලියන දෙයක් නෙමෙයි. අම්මෙක් වෙලා අවුරුදු ගානකුත් ඉක්මුනාට පස්සෙයි මට මේ කතාව ලියන්න හිතුනෙ.

මගේ මිනිහා නෑ. මිනිහ මළා කියල මට මහ පාළුවකුත් නැහැ. මට ඉන්නව රත්තරං දරුවෙක්. දැන් අවුරුදු පහක්. කොල්ලෙක් නිසා කවදහරි මාව බලාගනීවි කියල බළාපොරොත්තුවකුත් මගෙ හිතේ තියෙනව. මිනිහ නැති වුනේ කොල්ලට අවුරුදු තුනේදි. එදා ඉඳන් හෙණ සෙට් එකක් ඉන්නව පාළු මකන්න. යාළුකමේ වගේ ඉඳගෙන හිත හදන්න ට්‍රයි කරන්නෙ කවදහරි තුම්මුල්ලෙන් ඇතුළට යන්න කියල දන්න හින්දා, මං හැමදාම උන්ගෙ යාළුකමේ සතුට විඳගෙන ඉන්නවා. උන් ගොඩක් දවස්වලට දරුවට ගෙනියන්න කියල කෑම ජාති දෙනව. ගොඩක්ම චීස්. දරුවා හරහා අම්මෙක් අල්ලන්න ලේසියි කියල පොඩි තියරියක් තියෙනවා තමයි. හැබැයි එ්ක මට වැඩ කරන්නෙ නෑ. තාමත් මටනං වැඩ කරල නෑ. උන් හින්දා මගේ පොඩි එකා එක එක ජාතියෙ චීස් කනව. වෙනිං අම්මල හැමදාම දෙන්නෙ ක්‍රාෆ්ට් චීස් උනාට මගේ එකාට ක්‍රාෆ්ට් නොකරපු චීස් උනත් කාල ලෙඩක් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙනවා. අනේ ඉතිං මේ ඔක්කොම මගේ මිනිහා නැති වෙච්ච හින්දනෙ. මිනිහා උන්නනං කොල්ලටත් හැමදාම ක්‍රාෆ්ට් විතරයි.

කොල්ලගෙන් ජීවිතේට පොඩි නිදහසක් ලැබෙන්නෙ කොල්ලට රෑට නින්ද ගියාම විතරයි. ඩේ කෙයා එකෙත් පිරිටන් පාරට නිදාගෙන ඉඳලා කොල්ලා ගෙදර ඇවිත් නිදියද්දි ටිකක් විතර රෑ වෙනවා. ඉතිං මං නිදහසේ සාලෙට ඇවිල්ල සෝෆා එකේ ඇලවෙනවා ටීවී එකත් දාගෙන. ම‍ගේ මිනිහගේ පුරුද්ද ඒක. එයා මෙතන ඇලවෙන්නෙ මායි දරුවයි නින්දට ගියාම. බියර් කෑන් තුනක් ලං කරගෙන. මං ඇලවෙන්නෙ ලාවට කෝපි ටිකක් දාපු ලොකු කිරි ජොග්ගුවක් අරගෙන. කොයි වෙලේ හරි අපි දෙන්න ටිකක් නිදහසේ කතා කරමුද? කියල අහන එකට හා කියයි කියල හිතං ඉන්න පිරිමි ටිකට මම ගුඩ් නයිට් මෙසේජ් එක කොපි කරල යවනව. එතකොට උන් නිදාගන්නවා. සෝෆා එකේ ඇලවිලා හෙමීට කිරි වීදුරුව පොඩ්ඩ පොඩ්ඩ ‍‍තොලගාද්දි සමහර වෙලාවට කට මහත කෝප්පෙන් කිරි පනිනව එළියට. රෑට අඳින දුහුල් ඇඳුම අස්සෙන් රස්නෙ කිරි බින්දු මගේ පියයුරුවල ගෑවෙද්දි ඔලුව ඇතුළෙ මතකයන් ගොන්නක් කිති කැවෙනවා.


ඊටපස්සෙ හිත කතා කරන්නෙ මගේ හිත කැමතිම පෙම්වතාට. මගේ කසාදෙන් පස්සෙ තමයි තමයි එයාව මට හම්බුනේ. මගේ දරුවට බොරු ආදර පෙන්නන්නෙ නැතුව, අවංකව මං ඔයාට ආසයි. සෙක්ස් කරමුද? කියල මූනටම කියපු පිරිමියා; දවස් තුනක් විතර එකට ඉඳලා දවසක් හවසක අපි බඳිමුද? කියල අහපු පිරිමියා; දරුවා ගැන හිතලා මම බෑ කිවුවම, එයාට තව දරුවෙක් හදන්න ඕන නෑ කියල කියපු පිරිමියා. මිනිහගෙ පවුලම සුනාමියට ගිහින් නිසා, අපිට එකතු වෙන්නත් බාධාවක් එයි කියල පැත්තක් තිබ්බෙ නැහැ. මං හා කියන්න කියල හිතාගෙන හිටපු දවසෙ එයාගෙ යාළුව කෝල් එකක් දෙනව මට. එයා බෙල්ලෙ වැල දාගෙන මැරිලලු. යාලුවට ලියුමකුත් ලියලා. මගේ නමට රුපියල් කෝටියක් එකතු කරලා තියලා. මං ඒ සල්ලි ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දාලා පොලියෙන් ජීවත් වෙන්න ගත්තා. මම ගෙදර ඉද්දි වටපිටාවෙ මිනිස්සු කතා කියන්න ගත්තා, මං ඇඟ විකුණනවා ඇති කියල. ඔය කතා දිගින් දිගට ගියොත් දරුවට හොඳ නැති නිසා මම රස්සාවක් කරන්න පටන් ගත්තා. දැන් ඉතිං මිනිහා හදපු ගේ තියෙනවා. පෙම්වතා දීපු කෝටිය තියෙනවා. යාලුවො අරන් දෙන කෑම බීම තියෙනවා. මගේ සල්ලි බාගෙට බාගයක් ඉතුරුයි. ඒ කතාව ඔයාලා එක්ක කිවුවට මට මතක් වෙන්නෙ අපේ ආදරේ සුන්දර දවස් ටික. එයා මුලින්ම අපි හතර මුල්ලකට ගිය දවසෙ අයිස්ක්‍රීම් කවන්න භාර අරං මගේ මුළු පපුවෙම වැටෙන්න අයිස්ක්‍රීම් එක හැලුවෙ ඇයි කියල මට තේරෙන්න ගත්තෙ, එයාගෙ දිව වැඩකරන්න පටන් අරගෙනත් ටිකක් වෙලා ගියාට පස්සෙ. මගේ මුළු ඇඟම පිස්සු වැටිලා. අයිස්ක්‍රීම්වල සීතලටයි. එයාගෙ රස්නෙටයි. කවදාවත් සෝෆා එක උඩ ඉඳන් ඔතනින් එහා හිතන්න වෙන්නෙ නෑ. නින්ද යනවා.


මං අහන්න ආසම නැති දේ තමයි ඔලිම්පික් කියන්නෙ. අවුරුදු හතරකට පාරක් හරි ඕක ඇහෙද්දි හිතට පුදුම කේන්තියක් එන්නෙ. රූපවාහිනියෙ ආමන්ත කියන ගෝතයා වැඩිම මාධ්‍ය කණ්ඩායම අරගෙන ගිහිල්ල‍ා ලංකාව වෙනුවෙන් ඔලිම්පික් වාර්ථාවක් තිවුව දවස‍ෙ ඉඳන් තමයි මට ඔලිම්පික් එපා වුනේ. ඒ තමයි ඒ ඔලිම්පික් උළෙලෙ අන්තිම දවස. ගින්නත් නිවිල ගියා. ඇමරිකාව සතුටෙන් ගෙදර ගියා. අපේ උනුත් ඊටත් සතුටෙන් ආතල් එකේ රටේ සල්ලිවලින් රට තොට බලාගෙන ගෙදර ආව. හැබැයි මගේ මිනිහා ආවෙ නෑ. මං එදා තමයි දැනගත්තෙ ඌ නැතිවෙලා කියල. ඌ නැතිවෙන දවසෙ ඉන්දියාවෙ වොලිබෝල් ටීම් එකේ ගෑනියෙකුත් නැතිවෙලා කියල ආරංචිය ආව. උන් දෙන්නගෙ ලාවට ඇයි හොඳයියකුත් තිබ්බ කියල කසුකුසුවක් තිබුනා. ඉතින් උන් නැතිවෙලා. ඒ කියන්නෙ පැනල ගිහින්. මං ඉතිං හිත හදාගත්තා.‍ ඒකිත් ලස්සන කෙල්ල. අපේ එකා ගියේ ජිම්නාස්ටික්වලට. ඉතිං පයින්න හොඳට දන්නව.

******************************************************

මං ආයෙත් සෝෆා එක උඩ. අද මං බොන්නෙ බියර්. තනියෙනුත් නෙමෙයි. ඒක වුනේ කොහොමද කියල කියන්නං.

දවසක් මං ඔෆිස් ඉද්දි කෝල් එකක් ආවා බබාගෙ ඉස්න්කෝලෙන්. නොදන්න මිනිහෙක් ඇවිල්ල පොඩි එකාව උස්සගෙන ගිහිල්ලා. උස්සගෙන තාප්පෙනුත් පැනලා ගිහින්. ඉස්කෝලෙ බයෙන් ඉන්නෙ ඒ නිවුස් එක ලීක් වුනොත් උන්‍ට මිනිස්සු ළමයි ගෙනල්ලා දාන්නෙ නැති වෙයි කියලා. ඇයි ඉතිං ඉන්ටර්නැෂනල්නෙ. පොලීසියට කියන්නෙ නැතුව හොයල බලමු කියල අඬනවා. මට වෙන කරන්න දෙයක් නෑ. දන්න කවුරුත් ඇත්තෙත් නෑ. මං කෙලින්ම ඉස්කෝලෙට ගියා. ඒක මහ උස තාප්පයක්. මං එහෙම්ම ගෙදර ගියා. මගේ හිතට පොඩි සැකේකුත් තිබ්බා. සැකේ හරි. ගේට්ටුව ඇරගෙන ඇතුළට යද්දි. කොල්ල වත්ත පුරා දුවනවා. කොල්ල එක්ක දුව දුව හිටියෙ එයා. එයා රට ඉඳන් ඇවිත්. මං ගැන හෙවිල්ලෙන් ඉන්න කියල යාළුවෙකුට කියල. යාළුව කියල හැමදෙයක්ම මං ගැන. මට මූණ බලන්නත් ලැජ්ජා හිතුනා කරපු දේවල් මතක් වෙලා. ඒත් ඉතිං එයත් එහෙ පැන්නෙ කෙල්ලෙක් එක්ක නිසා මං කෙලින් මූන දිහා බලං හිටියා. එයා කිවුව මගෙත් එක්ක කතාවක්.

එයා එහෙ ගිහින් තියෙන්නෙම මේක ප්ලෑන් කරගෙන. එහෙ ඉන්නවලු ඔහොම පයින ඩයල්වලට ඉන්න ප්ලේස් සෙට් කරල දෙන ඉන්දියන් කාරයෙක්. එදා එයා ඒ ඉන්දියන්කාරයව හම්බෙද්දි දැක්කලු මේ කෙල්ලව. දෙන්න අතරෙ මුලින්ම හිනාවක් එහෙ මෙහෙ වෙලා තියෙන්නෙ සමාරම්භක උත්සවේදි. දෙන්නත් එක්ක එහෙ රස්සා කරල. එළිපහලියට යන්න බය නිසා වියදං අඩුයිලු. මාසෙට ලක්ෂ දහඅට ගානෙ හම්බුකරල ඉන්දියන්කාරයගෙ නමින් එකවුන්ට් එකකට සල්ලිත් දාලා. මුල් සතිය දෙන්න කිසිම සම්බන්ධයක් පටන් නොගෙන හිටියලු. මං දන්නවනෙ මගෙ මිනිහ ගැන. සතියෙන් පස්සෙ දෙන්නම එක ඇ‍ඳේලු. දවසක් කෙල්ල පස්සෙන් එහෙ පොලීසියක ඩයල් එකක් පොඩි ෆලෝ පාරක් දෙද්දි දුවන්න ගිහින් වාහනේක හැප්පිලා කෙල්ල එතනමලු. කෙල්ලගෙ බඩු මළු අවුස්සලා ඒ අස්සෙන් අපේ එකාව අල්ලන්න එද්දි ඌ ලංකාවට පැනලා. ගෙට එද්දි ඉස්සරහ ගෙදර ඇන්ටි දැක්කලු. මං හිතුවා ඒකෙන්ම හෙනහුරා හිටියි කියලා. සතියක් යන්න කලින් පොලීසියෙන් ඇවිත් හිටියා ගෙදරට. ගෙදරම සර්ච් කරාට මිනිහා ගෙනාපු කිසිම දෙයක් නෑ. දෙන්නත් එක්ක එහෙදි හම්බකරපු කෝටි හතක් ගෙනල්ල තිබ්බා. මං ඒකත් දැම්මා එෆ්ඩී එකක්. දැන් රස්සාවක් කරන්න ඕනම නෑ. ඇය රට ඉඳන් මිනිහා අරං ආපු සල්ලි තියෙනව කියල කට ඇරල ඕන එකෙකුට කියන්න පුළුවන්නෙ.


එයත් නරක වැඩක් කළා. මාත් නරක වැඩක් කළා. වෙනිං උන්ගෙද නැද්ද කියල නෑ. අපිට සල්ලිත් තියෙන නිසා කොල්ලට හොඳට උගන්නගන්නත් පුළුවන්. මිනිහා මාස දෙකක් ඇතුළෙ ඉඳලා පෙබරවාරි 4 නිදහස් වුනා. අද මිනිහගෙ බර්ත් ඩේ. දරුවව කලින් නිදිකෙරෙවුවා. දැන් චීස් දෙන එවුන් ටික සද්ද නැති නිසා උන්ව නිදිකරවන්න ඕනෙත් නෑ. මිනිහ හැමදේම දන්න නිසාත් මිනිහගෙ හැමදේ ගැනම දන්න නිසාත් හිතේ කහටකුත් නෑ. මාත් ගෑනියෙක්නෙ. අද මිනිහගෙ බර්ත් ඩේ නිසා මමත් කැමති වුනා පළවෙනි පාරට බියර් ටිකක් බොන්න. පළවෙනි උගුර දෙක බොද්දි කොල්ල ඇහැරිලා සද්දයක් ආවා. නෙට් ගලෝගෙන ඇතු‍ළට මදුරුවො දාගත්තොත් කියල මං පහළට ඇවිල්ල බැලුවා. කොල්ල අහපි මොකද්ද ඒ අම්ම ගාවින් එන අමුතු සුවඳ කියලා. ඌට දැම්මම මේක සුවඳක් විදියට දැනෙන එක ගැන මට බය හිතුනා. මං කොල්ලට නින්ද ගියාම උඩට ගියා. ඒත් බියර් බිවුවෙ නෑ. මොකද මාත් අම්මෙක්නෙ.

Thursday, August 3, 2017

සුරම්‍ය

මගේ ගැහැනිය වූ කලී බොරු මදහසකටද වෛර කරනා පොලොවේ හිඳිනා කාන්තාවක වුව, ඇයගේ මවත් පියාත් එයින් බොහෝ දුර ඈතක ජීවත් වූ වැසියන් වීය. ඒ සමය තරමක කලබලකාරී සමයකි. යුද්ධයේ අවසන් කාලය, උසස් පෙළ විභාගය සහ 2007 ක්‍රිකට් ලෝක කුසලානය නිසා මා කලබලකාරීව සිටියේය. මාවිල්ආරු වදන නිතර ඇසෙයි. මෙවර ජයගත හැකි යැයි ඇසෙයි. ඒ යුද්ධයද? ලෝක කුසලානයද? විභාගයද කියා මට සැකයක් විය. වසරක කාලය තුළ මේ සියළු දේ විසඳී ගියේය. සනත් ජයසූරියගේ මනරම් පිති ප්‍රහාරයත් සංගක්කාරගේ සිහිනයක් බඳු වූ හැකියාවනුත් වැස්සට දියව ගොස් අවසන් මහා තරගය පරාජය විය. යුද්ධය ජයගෙන පිටරට සිට පැමිණි මහත්මයෙකු පොලොව ඉම්බේය. තිස්වසරක පීඩාව කෙලවර නිවී සැනසී ජීවත් වීමේ අපේක්ෂාව මිනිසුන්ගේ සිත් තුළ විය. මා ඉතා උසස් ලෙස උසස් පෙළ අසමත් විය. ලාභ දුරකතනයකට නිතර ඇමතුම් දෙමින් ගැහැනියක මගේ සිත සැනසූවාය. මගේ සිත සැනසීම වෙනුවෙන් ඇය මෙතෙක් කලක් රැකගත් කන්‍යභාවය වුව සිඳගන්නට ඇය සූදානම් බව කීවාය. අප්සට් පරයා ආශාව නැගවිත් එක පයින් ආරාධනාව පිළිගත් මා ඇයගේ නිවසට ගියෙමි.

ඇයගේ පියා පෙර කිවූ ලෙසින්ම ගං කබරයෙකි. ඔහුට ම‍ාගේ සෑම පැතිකඩකම අවුලක් තිබුනු අතර, කිසිඳු අවුලක් නැති බවට විශ්වාසවන්තම කොටස ඔහුගේ දියණිය හැරෙන්නට මගේ යැයි කියා අන් යමක් ඔහුට දැකගන්නට නොහැකිව තිබුනි. මව ගං කබරයාගේ බහට අවනත ගං කබරියකි. එහෙත් මට එම නිවසට යාමේ කිසිඳු තහංචි පැනවීමක් සිදුව නොතිබිනි. මා එහි ගියෙමි. මගේ උදාසීන මුහුන තරමක් ශෝකීව සකසාගෙන ඇයගේ පිරුණු පපුවෙහි හොවාගතිමි. අම්ම කුස්සියෙ. ඔයා කතා කරල උඩට එන්න. මං උඩට යන්නං. මට දිව්‍ය ලෝකයෙන් ඇසෙන්නාක් බඳු වදන් විය. මවුට බොරු මදහසක් පා මා ඉහළ මාලයට දිව ගියෙමි. ඇය ඇඳුම් ලිහිල් කරමින් සිටියාය. මා ඇයට එයට ඉඩ නුදුන්නෙමි. තරමකට මත්ව සිටි මා දෙතොලින් එය ඇයට කාන්දු කරමින් උන්නෙමි. ඇයද මත්වූවාය. මාගේ නොපීරූ කොන්ඩා කරල් ඇද්දාය. ඇගේ නිය මගේ සම සූරාගෙන යද්දී මා ඇයගේ උඩු කය ඇඳුම ගලවා දැමීය. ඇය ඇගේ යටි කය වැසූ කෙටි කලිසම ගලවා දැමුවාය. ඇය මා වෙනුවෙන්ම සූදානම්ව සිටි බව එකම ළා කොළ පැහැ ප්‍රධාන වර්ණයට ලා දම් පැහැ රේන්ද ඇල්ලූ මනරම් අමාන්තේ යට ඇඳුම් එකහෙළා කියා සිටියේය. දැන් ඉතිං වෙන කුමක් කරන්නද? ආදරය කරනු මිස!

වැඩේ අල! මොකද ඒක හීනයක්. තාත්තා ගං කබරය කියල දන්න හින්දම එයා මට එන්න කිවුවෙ නෑ. රූම් එකකට යන්න බයයි කියලත් කිවුව නිසා මට බළ කරන්නත් බෑ. ඒ නිසා ඒක නිකං මං හීනෙකට මව‍ා ගත්තු ලාබ ත්‍රිල් එකක් විතරයි. චීප් ත්‍රිල්ස්!



***************************************************

එකල්හී වෘක්ෂයන්ගෙන් පිරීගත් එක් රුදුරු වනයෙක රුදුරු නොවෙන එක් ජීවියෙකු හොත්තාය. කිසිවකුදු විස්වස් නොකළද නාග කාන්‍යාවක වූ ඇය මෙත් වැඩුවාය. නම නොදන්නා පැලෑටියක බූවට මුවග තබා සියොලඟ මත්ව යන්නට ඉඩ හැරියාය. ඉනික්බිති මෙත් වැඩුවාය. එක් රත් පැහැ මලක මැදි පුංජය බිඳ එහි වූ මධු බිඳිති සියොලඟ මත් බවට උඩින් පා කරවූවාය. බිඟුන් ඇය අස වෙළෙයි. ඇය දෙඇස් හැර යමක් මුමුණයි. ෂට්පදීය බස් නොවදාලද එම මිමිණුමේ වූ ශෝකී රසය බිඟු දෙඇස් තෙත් කරයි. එකී සෝ පණිවුඩය මුමුණමින් උන් පුෂ්පයෝ සොයා යයි. පුෂ්පයෝ භෘංගයන් කෙරේ නොකැමැත්තෝ වෙයි. තම කෙටි ආයු කාලයේ ඇවෑමෙන් මියෙන්නට පෙර එක්කර ගන්නාවූ එකඳු වස්තුවක වේ නම් එය මෙකී මී මධු බිඳය. රුදුරු දළකට බියෙන් නිසොල්මන්ව සිටිනු විනා අන් කිසිවකද කළ නොහී අසරණව සිටින්නා වූ පුෂ්පයෝ කෙදිනකවත් නෑසූ සෝ ගීයක බිඟු මුවින් ෂට්පදීය බසින් අසති. ඔවුන් තුළද සෝ පිරෙයි. පරිසරයම සොවිනි.

ගමක් මැද්දෑවේ කරින් ගෙන යන මිනියකි. බෙර නොවැයෙයි. හේවිසි නො‍වැයෙයි. සුදු රෙදි කඩින් ඔතා සොලොස් පයින් ඉදිරියට ඇදෙන්නේ මල් කරුවකුගේ ප්‍රාණ නිරුද්ධ සිරුරයි. හේ සාලිස් වස ලබන්නට පළමු අකාලයේ මරාදැමුණෙකි. රජ ගෙදර අණක් පරිදි පරා දැමුණෙකි. එහෙයින් සෝක වන්නට මල්කරුගේ පිය බිරින්දෑ හැර අනෙකෙකු නොවෙයි. හේ මරා දැමෙන්නේ රජ වාසලට සැපයූ මල් පරව තිබූ නිසාය. රජ වාසල ඔටුනු පැළැන්දාවූ අධිරජ තෙමේ කරුණාවන්ත යැයි සම්මත පාලකයෙකි. හේ මෙවන් වරදකට මිනිසෙකුගේ ප්‍රණය නිරුද්ධ කරතැයි කිසිවකුදු විශ්වාස නොකරයි.

ඔහුගේ කෝපය ගැහැනියක නැති සොවට උපන්නක යැයි ඔහු මව හා පවසයි. තමා මල් නෙළන මොහොතේත් මල් හොඳින් පිපී තිබුනු බව මියෙන්නට පෙර මල්කරු සිය බිරිඳට පවසයි. මවු බිසව සිය පුතු පැවසූ දෑ රජ වාසලේදී ප්‍රධාන මෙහෙකාරියට පවසයි. මල්කරුගේ බිරින්දෑ මල්කරු මියෙන්නට පෙර පැවසූ දෙය වනයේ මල් නෙලන අතරේ ප්‍රධාන මෙහෙකාරියට පවසයි. මවු බිසව තමන්ට රජු පිළිබඳ පැවසූ දේ රජ වාසල ප්‍රධාන මෙහෙකාරිය මල්කරුගේ බිරින්දෑට පවසයි. රජු වනාහී හුදෙක් කාම සම්භෝගයම නොපතන ප්‍රේමයේ සුසුම් මතින් රාගයට ලොබ බදින්නෙකු බව අනුපාන ලෙස ඇය කතාවට එක්කරයි.

වනයේ මල් මෙකී කතා අසා සිටියි. පසුදිනද එන බඹරුන්ට පුෂ්පීය බසින් මෙවදන් කියයි. බිඟුන් මෙවදන් තම රැහේ උන් හා කතිකා කරනු පෙරකී මෙත් වඩන සැපින්නට ඇසෙයි. දිගු සුසුමක් හෙලා මෙත් නිද්‍රාවෙන් මිදෙන තොමෝ හකු පාඩා මිහිතලය මත සතපවා ගිමන් හරියි. ඇයගේ ‍ ශෝකී මුණුමුණුව තවදුරටත් නොඇසෙයි. ඇය රජ වාසල‍ දෙසට ඇදෙයි.

ඇය මාලිගාවට ගොඩ වන විටද රජු නිද්‍රාවේය. ඈත් මෑත් වූ සළු අතරේ අැය නා රජෙකු සොයයි. මැලවී ගිය ලිඟුව දැක සෙමෙන් රජු පසෙකට යන ඇය දෙඇස් පියාගෙන රජු හා සයනයේ පසෙකින් වැතිරෙයි. ඇයගේ ඇස් ඇරෙන්නේ මුහුණතට වැටෙන දා බිඳුවකිනි. රජු කඩු තුඩ තම හිසට ඉහළින් අල්වාගෙන රුදුරු වෙසින් සිටිනු ඈ දකියි. ඇය මෙත් සිසිලෙන් නැහැවුනු නාග දෙඇස් ඔහු වෙත පාකරයි. හේ නිරුත්තර වෙයි. කඩුව පසෙකලා ඇය අසලින් සැතපෙයි. ඇය ඔහු උරහිස මත හිස සතපවා සිටියි. සිරුරේ යටි කොටසින් ඈ යමක් සොයයි. රාජ සළුපිළි අතරේ ඈ සොයායන්නේ පෙර තමා දුටු මැලවුනු විසල් පුරුෂ ලිඟුවයි. බි‍‍ඳෙන් බිඳ උරහිසෙන් ඈත්ව ඈ ලිඟුව වටා එතෙයි. ඇගේ සිරුරේ රස්නයද, සමෙහි වූ ලිහිස්සුම් බවද රජුගේ කාමාශා වඩවයි. රජු ඉවසනු නොහී තම ලිඟුව මැදි කර වෙලී, ලිඟු මුණ්ඩයට ඉහලින් පෙණය කර සිටින සැපින්නගේ ගෙල පෙදෙස තම ඇඟිලි තුඩින් සතපවයි. සැපින්න රජුගේ සෙනෙහෙබර පහස ලත් මොහොත පටන්, ගගනෝදර බිඳගෙන වැසි වට්ටමින් ක්ෂීර සයුරේ ගිලෙමින් දෙහෝරාවක් පමණ මුළුල්ලේ රසෝඝයේ රිද්මයානුකූලව නැලවෙමින් ගෙවෙයි. අවසන පිරී ගිය සිතින් විසිරුනු ගතින් හුන් තැනම ගිමන් හරිමින් දෙපල නින්දට වැටෙයි.

දෙදිනකට පසු මහා මංගල්‍යයකි. රජුගේ සයනයේ එක් උදයක ගැහැනියක සිටියේලු. ඇයි කවුදැයි කිසිවකුත් නොදනීලු. පළමුවෙන් මවු බිසව කැඳවා එපුවත දැන් වූ රජ තෙමේ පෙර දිනයේ සිහිනයක් දුටු බවත්, එය අරුත් ගන්වමින් සිදුවූ මෙම ප්‍රාතිහාර්‍යය නිසාවෙන් තවත් ‍කල් නොහැර මෙම මිනිස් දියණිය සරන පාවා ගන්නා බවත් පැවසුවේලු. මංගල්ලේ සාර වෙවා සෑදී සෙත්... යැයි වීදියේ ගැයෙයි. කුමරාගේ පිනක්මැයි වාසනාවෝ වාසනාවෝ... යැයි මාලිගයේ ගැයෙයි.



***********************************************************

තවත් බලං ඉන්න බෑ. දවස් දෙකක් තිස්සෙ එකම ෆිල්ම් එක බලන හතර වෙනි පාර. තාම මට ‍තොළකට එහා යන්න බැරි වුනා. යන්තමින් තොලග හපන ගමන්ම ම‍ං මගේ අතක් නිදහසේ එයාගේ පියයුරක් උඩින් තිබ්බා. ඇ‍ගේ මුහුණේ වෙනසක් නැහැ. තරමක් තෙරපමින් ලිහිල් කරමින් ගෙවෙන මිනිත්තු කිහිපයකට පස්සෙ ඇගේ අත මගේ පිට පුරා දුවමින් තිබුනා. එතෙකින් බොත්තමින් බොත්තම ගැලවෙමින්, අඟලින් අඟල නිරුවත් සිරුරු මතුවෙමින්, මොහොතින් මොහොත වියලි සම තෙත් වෙමින් වියරු වැටුනු අඩ ‍හෝරාවක් ගතවුනා. ඊට පස්සෙ බෙල් එකක් වැදුනා. ඇලරික්ස් අයිස් ‍‍ චොක් එන්න කලින් ටක් ගාලා බ්‍රා එක ඇඳගෙන බොත්තං අපිලිවෙලට වුනත් බ්ලවුස් එක පටලවගන්න එයාට පුළුවන් වුනා. 

අයිස් චොක් කාලා ආයෙ කළුවර වෙන්න මොහොතකට කලින් එයා ඇඳුමේ අයිස්ක්‍රීම් හලාගත්තා. මං ඒ දිහා පෙරේතකමකින් ‍බැලුවෙ. මහා හුස්මකින් පිරෙමින් නිදහස් වෙමින් උස්පහත් වෙන පපුතුරේ චොකලට් කිරි බිඳක් පහළට රූටමින් තිබුනා. ඇය හඬ අවධි කරා.

ඔයා කියන තැනකට ගිහින් මේක හෝදගෙනම අපි හවස ගෙදර යමු.


Tuesday, January 31, 2017

කාලකන්නි කතාවක්


කාලකන්නි සිස්ටම් එකක් ඇතුළෙ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට කාලකන්නි නැති දෙයක් පෙනෙද්දි දැනෙන නරුම හැගීමක් තියෙනව. තවකෙකුට රිදුමක් නොවන දෙයක්, තමන්ගේ උත්තම පිදුමට පිටස්තර යමක් දකින්නට අකමැති සමාජයක එතනෝල් ගේද්දි ගංජ ලීගලයිස් නොවෙන්නෙ ඒ නිසාමයි. මේ කතාව ඔවුවට සම්බන්ධ නැති කාලකන්නි කතාවක්. කොහොඹ ගහක් යට හිඟන්නෙක් ඉන්නව. ක්‍රේල් කොන්ඩෙ වෑහෙන ඔලුව පිරෙන්න, ඉරිතලපු ඇඟ වැහෙන්න කාක වසුරු පිරෝගත්තු ඔහු ගාවට විසි වෙන්නෙ කාල ඉවර කජු ගොට්ටක්. ඔහු ඒ දිහා බලද්දිම ඔහුගේ ඇහැ ගැටෙන්නෙ කුමාරදාස සපුතන්ත්‍රී මහත්තයගෙ වචන ටිකක්.

දහසින් මියෙනා සටනින් - අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින් - සැනහේ ජයපැන් පුරමින්

ඒක අහල පුරුදුයි වගේ තිබ්බට ඒ කොහොමද කියල ෂේනට මතක නැහැ. ෂේනා කියන්නෙ ඔහුට අහල පහළ මිනිස්සු කියපු අපූරු නම. ඒ නම වැටෙන්නෙ ඉඳල හිටලා හවසක ෂේනා ගල් කැටයක් අරන් අත අඹරවලා දාන බෝලෙ හින්දෙ. ඒ විදියට බෝල දැම්ම ප්‍රසිද්ධ ක්‍රිකට්කාරයෙක්. පොරට අර්ජුන කියල බඩෙක් අත් මැද්දෙන් ලිස්සල යන හතරෙ පාරක් ගැහුවා ක්‍රිකට් වර්ල්ඩ් කප් ෆයිනල් එකකදි අනූ හයේදි. ගානට ෂේවු කරපු පීදුනු ස්ත්‍රී යෝනියක් දිවෙන් සනහන අතර නහර ඉලිප්පුනු පිරිමි ලිඟුවක් මුවෙන් සනහන හැට නමයක ඉන්න පිරිමියෙක් සහ ගැහැනියක් අත්විඳින සුපහසට වඩා ආතල් එකක් එදා ඒ බඩාගෙ රටේ මිනිස්සුන්ට ලැබුනා. අන්තිමට බලද්දි අනූහයත් හැට නමයක්ම තමයි නේද?

ෂේනගෙ කකුල් ගාවට වැටුන කජු ගොට්ට හිතල විසික් කරපු එකක් නෙමෙයි. ඒක වැටුනෙ කෙල්ලෙකුගෙ අතින්. කෙට්ටු කෙල්ලෙක්. ඒත් ස්ටෙඩී ඇඟක් තිබ්බ කෙල්ලෙක්. කෙල්ල කුර්තා ටයිප් නිල්පාට ඇඳුමක් ඇඳලා හිටියෙ. කෙල්ල ෂේනට සල්ලි දාන්න නැවෙද්දි තමයි කෙල්ල කාලා ඉවර වෙච්චි කජු තිබ්බ ගොට්ට ෂේනගෙ කකුල් ගාවට වැටෙන්නෙ. ෂේන ඒක ආපහු කෙල්ල ගන්න කලින් අරගන්නෙ අර වචන ටිකට ෂේන ආස වෙච්ච නිසයි. කෙල්ල දානව ෂේනට රුපියල් පනහක්. ෂේන අහනව කෙල්ලගෙන් ප්‍රශ්නයක්. ඇයි මෙච්චර? ෂේනට වැඩිම වැටිල තියෙන්නෙ රුපියල් විස්ස. ඊට වැඩි වටිනාකමක් ෂේනට ලැබුන නං ඒ බත් එකක් ලැබුනු දාක විතරයි. ෂේනට කෙල්ලව දැකල පුරුදු තියයි. ඒත් අවුරුදු පනහ පැනපු ෂේනට කොහේ විස්සෙ කෙල්ලො මතකෙ තියෙන්නද?

කෙල්ලත් කොලේ වැටෙද්දි දැක්ක ලියල තිබ්බ සින්දුව. එයානං ඒකට එච්චර කැමති නෑ. කෙල්ලට මොනව වුනත් මේ සින්දුවට ආසාවෙ කොලේ තියාගත්තු හිඟන මනුස්සය ගැන අමුතු හැගීමක් ඇතිවුනා. පහුවදා අම්ම කැම්පස් ගෙනත් දාන ගමන් කෙල්ල කොහොඹ ගහ ගාවදි කාර් එක නවත්තගත්තෙ ෂේනට සල්ලි කීයක් හරි දාන්න. අදත් පනහෙ කොලයක් වැටෙද්දි ෂේන ඔලුව ඉස්සුවෙ මේ මොන බම්බු කාලයක්ද කියල හිතාගෙනමයි. එතකොටම තවත් සීයක් වැටුන. ෂේනට හිටගැනුන. ඒ සීයක් වැටිච්ච නිසා නෙමෙයි. ඒ සීය දාපු මනුස්සය දැකපු නිසා. ඒ අර කෙල්ලගෙ අම්ම. අම්ම කාක් බෙටි පිරිච්ච කොන්ඩෙ අස්සෙන් ඇඟිලි යවල ලඟට ඇදගත්තු ෂේනව බදාගත්ත. කෙල්ල පුදුම වෙලා බලං හිටියෙ මේ මොන බම්බුවක්ද කියලයි. ෂේනයි අම්මයි මොකුත් කතා කරන්නෙත් නැතුව බදං ඉන්න එක ගැන කෙල්ලට අවුල්. මොකුත් දැනගන්න විදියක් නැතුව මෙහෙම ඉන්නත් අවුල්. එනිස කෙල්ල අම්ම යං කිවුව. ෂේන ඔයාල යන්න කිවුව. කෙල්ලයි අම්මයි ගියා.

මොකද අනේ අර කාක් බෙටි ගොඩ ඔයා බදාගත්තෙ?” කියල කෙල්ල ඇහුවෙ කාර් එකේ වාඩි වෙච්ච ගමන්. දෙන්නට දෙන්න කලින් අඳුරන්න ඉඩ තිබුනත් ඒ විදියට දෙන්න වෙන්වෙයි කියලා දෙන්න බදාගෙන හිටපු විදියට කෙල්ලට හිතුනෙ නැහැ. මං ඒ වගේ පිරිමියෙකුට ආසයි. එච්චරයි. ඒ අම්මගෙ උත්තරේ. කවදාවත් අම්ම දුවට මෙච්චර ස්ට්‍රේට් උත්තරයක් දීල නැහැ. දුව ගියා කැම්පස්.

අම්ම ඉස්සර දුවට කිවුවෙ තාත්ත අනූහයේ ටොම්බ සයිස් බැංකුවට ගහපු බෝම්බෙන් මැරිච්ච අනූ එක් දෙනාගෙන් එක්කෙනෙක් කියල. තාත්ත එදා නොමැරුනානං එතන මරණ අනූවක් වෙනව නේද කියල හිතුනම, කෙල්ලට හිතුනෙ තමුන්ගෙ තාත්ත තමුන් ගාව හිටියෙ නැති එකේ අපරාධය නෙමෙයි. තාත්තත් එතනට ගිහිල්ල රවුං ගානක් මැරෙන්න තිබ්බ එක කෑව නේද කියල. ඒකට ඒ කෙල්ල එක්ක මේක කියවන උඹල තරහ අරං වැඩක් නෑ. ඒ ඒකි හිතන විදිය. ඔයිට වඩා නරක විදියට හිතන මිනිස්සුන්ව උඹල උඹලව පාලනය කරන්න තෝරගෙන තියෙනව. ඒත් යකෝ තාත්ත මැරුනට පස්සෙ අම්ම මේ හිඟන්න එක්ක සෙට් වුනාද? කියලත් කෙල්ලට එක පාරට හිතුන.

තමුන් කැමති ගෑනිව සල්ලි බලෙන් බැඳගත්තම ආපු කේන්තිය ෂේනට ඇතිවෙන්නෙ මුළු කාලකන්නි සමාජෙ එක්කමයි. ඒකයි ඌ ගිහිල්ල ඒ කාලෙ සැපට මිනීමරපු සෙට් එකක් හම්බෙන්නෙ. කනෙක්ෂන් එක හදාගන්නෙ උගෙ ක්‍රිකට් බඩු කඩේට ලෙදර් බෝල දාපු, ලෙදර් බෝල අස්සෙ දාලා කොළඹට බෝම්බ පටෝපු පොරක් මාර්ගෙන්. බෝම්බ ලොරිය අරගෙන ෂේන මහලොකු බැංකුව ගාවට යන්නෙ අරූ එන ටයිම් බලල. ලොරිය මැදකදි යාළුවට දීල පොර පස්සෙන් ආපු ත්‍රී වීලරේට නගින්නෙ බැරිවෙලාවත් තමුන්ගෙ ටාගට් එක නොමැරුනොත්, වෙඩිවත් තියන්න කියල. ඒ කොහොමහරි ෂේන එදා මැරුවෙ එකාවයි කියල ෂේනගෙ රයිෆල් එක සාක්කි. ෂේන පැන්න. පස්සෙ ධර්මේන්ද්‍ර කියල පොරක් ෂේන වෙනුවට අහුවුනා. ක්‍රිකට් බඩු කඩේ ගෙවන්න තිබ්බ සල්ලි ටිකට තිබ්බ පොලුවලින් ටික කාලයක් ෂේන ආතල් එකේ හිටිය. ඒත් තමුන් ආදරේ කරන ගෑනිටයි, ඒ ගෑනි එක්ක තමුන්ගෙ තාත්ත නැතිවුනා කියල නොදැන තුෂ්නිංභූත වෙලා බලං ඉන්න කෙලි පොඩ්ඩටයි දැන් කෙලවෙනව නේද කියල ෂේනට හිතුන. ෂේන මේව හිතල පිස්සෙක් වුනේ නෑ. ඒත් අවුල දරාගන්න බැරුව ෂේන ඇඟට දුක් දෙන්න ගත්ත.

ක්‍රිකට්වලටත් කැමති පළවෙනි සිංහල කොටි බෝම්බකාරය තාම ඉන්නව ඒ කොහොඹ ගහ යට. ඌ තාම පනහෙ කොල වැටුනම ඔලුව උස්සල බලනව.