වෙල්වට් රෙද්දට කොල ඇමිනූ ලකුණු පුවරුවේ එල්ලී සිටියේ දැක පුරුදු රුවකි. රුවැත්තියකි. එකල, එනම් වසර තුනකට පමණ පෙර එක පන්තියේ එකට උගත්තද වචනයකුදු කතා නොකල අප අපගේ වාචික මිතුරු සම්බන්ධය පටන්ගත්තේ සිනහවකින් සහ "හලෝ" යනුවෙනි.
මා: අපි කෝපි එකක් බොනගමන් කතාකරමු.
ඈ: මම කෝපි බොන්නේ නෑ.
මා: මමත් කැමති නෑ.
ඈ: එහෙනං ඇහුවේ ?
මා: මම අහලා තිබ්බා කෝපි බොන කට්ටිය ලස්සනයි කියලා. . . ඒකයි!
ඈ: බොරු. ..
මා: ඔව් බොරු.. දැන් මම දන්නවා කෝපි නොබොන කට්ටියත් ලස්සනයි කියලා.
ඈ: ඔයානං මොකුත් දන්නේ නෑ. .
මා: ඔයා මොකුත් නොදන්නෙත් නෑ.
මා: මේ !
ඈ: ම්ම්ම්. . .
මා: මම ඔයාගෙන් හෙන කට්ටක් කාලා නොම්බරේ ඉල්ලගන්නවට වඩා. . . ඔයා ඒක මට එක පාරින් දෙන එක ලේසියි නේද?
ඈ: ඒ මොකටද?
මා: ලේසි නිසා. ..
ඈ: ලේසි හැමදේම කරන්න ඕන නැහැනේ. .
මා: එහෙනං මං අමාරුවෙන් ගන්නං.. . ෂිහ්!
ඈ: ඇයි?
මා: හෙට විභාගෙකුත් තියෙනවා.
ඈ: ඉතින්?
මා: ඉතින් අද ඔයාගෙන් නම්බරේ ඉල්ල ඉල්ල ඉන්නකොට මට පාඩං කරපුවා අමතක වෙනවනේ.
ඈ: හාපෝ! හොරා..
මා: මට ඉස්සර එක්කෙනා කිව්වේනං හොරගෙඩියා කියලා!
ඈ: දැන් කෝ එයා?
මා: හොයාගන්න නෑ!
ඈ: ඇයි ඒ?
මා: මගේ හිතෙන් ගියාට පස්සේ කොහොම හොයන්නද?
ඈ: එහෙනං දැන් මතක් උනේ?
මා: ඒ ඔයා මතක් කරපු නිසානේ!
ඈ: හ්ම්ම්...
මා: ම්ම්හ්...
ඈ: ඇයි ඇස් වහගෙන; එයාව මතක් උනාද?
මා: නෑ මම ඉස්සරහට ඉන්න විදිහ ගැන හිතුනා!
ඈ: ඒ කොහොමද?
මා: ඒක ඔයාට Surprise එකක්!
ඈ: අනේ මන්දා මුචලින්ද
මා: මෙච්චර වෙලා වචන නාස්ති කරන්න මට මොකද්ද වගේ.
ඈ: ඒ කිව්වේ?
මා: මම කියන්න යන දෙයක් මෙච්චර වෙලා හිර කරං ඉඳලා මට පුරුදු නෑ.
ඈ: ඉතින් මොකද්ද? කියන්න!
සතුටින් නිමි.
skip to main |
skip to sidebar
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, August 27, 2010
Friday, August 6, 2010
මදහස
සැමදා මා ඇහැරවන තුනවන එලාමයට මා දිරිගෙන නැගී සිටියේ තවත් වරක් එය පස්සට යැවීමට සිත පස්ස ගැසූ බැවිනි. පෙරදින මත තවමත් මා පෙලන මුත් පෙරදින සිත් කාංසි දුරලීම හේතු කොට මත ගැන ඇත්තේ හිතකි.
මිල්ලේ සෙවිය යුතුව ඇත. කෙසේ හෝ සෙවිය යුතුව ඇත. අත් පා නොකඩා සෙවිය යුතුව ඇත. හිතකට දුකක් නොදී සෙවිය යුතුව ඇත. කොටින්ම පොලීසි ගත නොවී මිල්ලේ සෙවිය යුතුව ඇත. මගේ බල්ලත් නොයන පොලීසි. . . එහ්
අඳයට වැඩ කරන කොන්දෙකු බැවින් තවකෙකුට හදිසි වෙනකම්ම ඉවසිය යුතුය.
මුදලා. . ලී..
හ්ම්
ඒ අද වැඩ කරපන් යැයි විධානයයි. පෑ කාලක් යන්නට මත්තෙන් සිරි අයියා ගාල් කෙරූ 7538යේ වාඩි උනේ, ආපහු පුක තියාගන්න ඉඩක් ලැබෙන්නේ දවල් කෑමට බැවිනි.
**********************************************************************************
අයියේ ඉතුරු
දෙන්නං මල්ලී
ප්‍රේමදාස රුපියලකුත් රත්තරං රුපියලකුත් පමනක් ඉතිරිව තිබූ අත ඔහු වෙත පෑයේ පොඩි උන් නහයට නාහන බැවිනි. පිටිපස්සේ හීනියට උන්ගේ බජව්වකි. මගේ එකාද මෙලහට මේ බජව්වම දාගෙන යනවා විය හැකිය. දැන් මුන් මුමුනන්නේ රම්බරීය. මටත් යන්න ඉස්කෝලයක් තිබ්බනං එමෙස් ගේ මුතු මැණික් මුමුන මුමුන යන්න තිබිනි.
කේ හත්සියපනහ තියේද?
හ්ම්ම්
කීයද ?
හයාමාරක්
යකෝ උස්සපුවැයේ ගනං.
පෙරේදා කෝල් කරපු වෙලේ ලොක්කා නාහෙන් ඇඬුවේ කේ හත්සියපනහක ටය.කුඩ්ඩෝ දාහට හමාරට ගෙනත් දෙන එව්වා වෙලත් මුන් විකුනන්නේ පහක් වත් තියාගෙනය.
අම්මප මුන්ට ගහන හෙණත් අපරාදෙ!
**********************************************************************************
කොළඹ කැම්පස් බහින්ඩා. . . !
සිරි අයියා ඉස්සරහට එන්නට සන් කලේ මොකාක් හෝ ටිප් එහෙකට විය යුතුය.
එහ්! කෝට් එක දාගෙන ටිකට් කඩපං ඉක්මනටඃ. ජයසිංහ ලොක්ක ඊයේ කිව්වා අද ටික්කෝ සෙට් වෙනවැයි කියලඃ. මම තව ටිකක් ගහං ඉන්නං, උඹ කඩහං.
පැත්තාට වෙන්ඩා.. කෝ අයින් වෙන්ඩඃ.. ඔය නෝනට බහින්ඩ ඉඩ දෙන්ඩ මහත්තයා.. ටිකට් ගත්තනං ඉස්සරාට යන්ඩා.. මාරු නෑ මහත්තයා.. තව ඉස්සරහ නෝනඃ මම ආවම කියන්නං.. හරේඃ
**********************************************************************************
ටොරිංටන් බීඑමයිසීඑච් ටිකට් ගත්තාට්ටිය බහින්ඩා. . . !
ෂික් පොකට් කාරයෙක්. මේ හැතිකරෙත් සෙට් වෙන්නෙම මේ වෙලාවට. අම්මපා හොඳ හයිය කොල්ලෙක් හොයලා යකඩ පොල්ල අතට දුන්නනං නෙලවන්න තිබ්බා මුගේ ඔලුවේ කිරි කටට වැටෙන්න. තාම අතට හුරු නැති ටිකට් මැෂිම නොපිටට හැරෙයි.
බඩුවක් ටයි මහත්තයෙකුට හඳ පෙන්නන ගමන් ය. අවජාතක වලත්තයෙක් කිරි දෙන අම්මා දිහාට ඇහැ හරෝගෙනය. ජැකාලා වැඩට යන ගෑනු පස්සේ වැටීගෙනය.අම්මපා මේ පොල්ලක් හින්දනේ මුන්ට මේ කැසිල්ල!
බොරැල්ලෙන් සුදාගේ චකාට ටර්න් එකේ ගාන දික්කලේ, අද දවසට සුමේ ඉවර වෙච්ච එක ගැන සතුටු වෙමිනි.
**********************************************************************************
කිරිබත්ගොඩින් බසය බාරදී දෙදාස් පන්සීයත්, බෙදිච්ච මාටි දෙදාහත් ඔබාගෙන බෝඩිමට ගොස්. ෆෝන් එක චාජරයට ගසා ඉහට වතුර කෝප්ප දෙකක් හලාගෙන චොක්කාගේ ඉස්තරං මස් කොත්තුව ලං කරගත්තේ කලින්දා තියපු කාලට පොඩ්ඩක් වැඩි ගල් බෝතලෙත් සමගමිනි.
බොහෝ කලකට කලින් තාත්තා යාලුවෙකුට මිමිනූ පරිදි පලවෙනි ෂොට් එක රහට ගැසිය යුතුය. සෝඩා බිඳක් හලා හුස්මට ගිල දැමූ වීදුරු බාගය බඩ ලඟින් නතර වූයේ මා ඉඳ සිටි නිසා විය යුතුය.
හහ්. . .
මට මදහසක් නැගිනි!

අයිති:
කෙටි කතා,
ජීවිතය,
මේ දැක්කා. . . මේ හිතුනා. . .
Tuesday, August 3, 2010
මන්දිරය
වැසිකිලිය
Toilet, Wash Room, Bath Room
තුනම නුඹ මට
පුංචිම කාලේ "රිලා ගැටය"
පස්සේ පස්සේ "මඩොල් දූව"
ටිකකට කලින් "බත්තලංගුණ්ඩුව"
උඹ මට
ලියන්නෝ තොගයක් මුනගස්වලා ඇති
නිදහසේ මොනවාහරි හපන්න
බියර් බෝතලයක් එක්ක
මගේ අතින් ලියවෙච්ච දේවල්
ගොඩක්ම උඹ ඇතුලෙදි ඉපදිච්චා
වතුර බිංදු හරිහරියට
ටයිල් වල හැපිච්ච සද්දේ
අඩු කරන්නැති
හිතේ කේන්තිය වගේම දුක
ප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ මිනිස්සු
පහත් හඬින් කියන
"ටොයිලට් එක"
මන්දිරයක් උඹ මට
Subscribe to:
Posts (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.
ලියන්නේ

- Rachintha Jayawardhana
- Moratuwa, Sri Lanka
- මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.
ටොපි සූප්පුකරුවෝ
වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. . ඉතින් මම උඹට මැරියන් කිව්වා. . එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . . ඉනික්බිති ආවා ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්මා,...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
-
Singlish4 weeks ago
-
-
ලංකාවි බලා2 months ago
-
ඒ කතා කරන ඇස්!2 months ago
-
වැඩ කරන්නෙ නැති.2 months ago
-
අම්මගෙ ආදරේ...3 months ago
-
බොහෝ කලකට පසුව පෙම්වතිය හමුවී4 months ago
-
මතකයක් යට හිඳ..!7 months ago
-
රාජිත සේනාරත්න නම් අහිංසකයාගේ දිනපොත10 months ago
-
සිදු විය යුත්තේ කුමක්ද?1 year ago
-
-
-
ඇස නොගැටුන කර්මාන්ත පුරවරය1 year ago
-
පණගැහෙන ඒ දම්පාට හදවත්…!1 year ago
-
-
-
-
පැටලුුන වචන2 years ago
-
COVID කතන්දර2 years ago
-
දාවිත්2 years ago
-
-
Autumn Thoughts3 years ago
-
-
කොළ මැඩපන් ඔයි රාමා...!3 years ago
-
දවස් තුන !4 years ago
-
මෙසී4 years ago
-
-
-
ගැලවීම4 years ago
-
මා හූනා5 years ago
-
-
මල් කැකුළු ඇත හැංගී5 years ago
-
අපේ ලොකුම ලොකු වැරදි 5ක්6 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම6 years ago
-
අවසර6 years ago
-
-
ප්‍රහාරක ගුවන් යානා අටක්6 years ago
-
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ6 years ago
-
Bangkok the city of angels7 years ago
-
-
kuveni කුවේණි7 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය7 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන7 years ago
-
-
රන්8 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව8 years ago
-
කහ පිච්ච වැල8 years ago
-
වාරියපොල නංගී වීරවරියක්8 years ago
-
සමාවේ ආතල්8 years ago
-
Simon Nawagattegama Images8 years ago
-
-
Momentary Rain8 years ago
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම8 years ago
-
අංගරාජිණී..9 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...9 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!9 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment9 years ago
-
~:@ අම්මප මල :@~9 years ago
-
-
මොකද්ද මේ....10 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි10 years ago
-
මිරැන්ඩා10 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම10 years ago
-
Good bye ???10 years ago
-
Write to express, not to impress11 years ago
-
පාසලට ආදරය කරන්න.11 years ago
-
Off Marks11 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)11 years ago
-
-
කේ. ජයතිලක.11 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..11 years ago
-
-
-
කින්නර අඩවිය … 1011 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....11 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.11 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!12 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?12 years ago
-
කොලූගේ සමුගැනීම12 years ago
-
අමුතුකතාවක් 20 කොටස12 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි12 years ago
-
-
18 th amendment & future12 years ago
-
මෘදුකාංග නිර්මාණය12 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)13 years ago
-
-
-
~ක්‍රිස් තුස්~14 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.