"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, March 20, 2023

ඔයත් එනවද යන්න?

එයයි මායි පාරට බැස්සෙ එකට. එයාගෙ මූනෙ තිබ්බ හිනාවක්. මගේ මූනෙ තිබ්බෙ බලාපොරොත්තුවක්. අපි මග දිගට එනකං කතා කළේ එක දෙයක් ගැන. ඒ අපි දෙන්නම හොරෙන් හිනාවෙන තනි මිනිහෙක් ගැන. එයත් හිනා වුණා මං කියපු ඒවට. මාත් එයාගෙ උත්තරවලට හිනා වුණා බලාපොරොත්තුව දල්වාගන්න ඕන නිසා. අපි දෙන්නා ආවා බස් හෝල්ට් එකට. මං එතනින් නැවතුනු එකට එයාට පුදුමයි. එයා හිතුවෙ මං එයාව බස් හෝල්ට් එකට දාලා යන්න ආවා කියලා. මට පුළුවන්නං මං එයා එක්ක එයාගෙ ජීවිතේ යන තරං දුරක් යන්න බලාගෙන ඉන්නෙ. එහෙව් මම බස් හෝල්ට් එකක් ගාවින් හැරිලා එන්නෙ නෑ. 

මෙතනට එනවද හිස් බස්?

ඔව්...

ඩබල් සීට් හිස් තියෙයිද?

ඒ ඇයි?

මාත් යන්න හිතුවා.

ඔයා?

ඔව් ඇයි එපාද?

එහෙම යන්න ඔයාට කමක් නැද්ද?

කමක් නෑ.

එහෙමනං එන්න.

එයයි මායි ඒ දෙබසෙන් පස්සෙ ටික වෙලාවක් හිටියෙ දෙබසක් නැතුව. වෙලාවට බස් එකක් ආවා. අපි බස් එකට නැග්ගා. සෙනග නෑ. මං ඉස්සරහට යන්න හැදුවා. එයා අතින් මට පිටිපස්සෙ මුල්ලෙ සීට් එක පෙන්නුවා.

ඇයි මෙතන වාඩි වුණේ?

නිකං

නිකං වෙන්න බෑ

නෑ ඉතිං කාටවත් පේන්නෑනෙ

අපි අනිත් අය දැක්කම අවුල් දෙයක් කරන්නෑ නේද?

(එයාට ගියා හිනාවක්) නෑ මගෙ හිතට බයයි

එහෙමනං කමක් නෑ.

ඒකනං කිවුවෙ හොඳකින් නෙමෙයි.

නෑ ඉතිං...

නෑ ඉතිං මොකද්ද?

මෙතන වාඩි වෙන්නෙ ලව් කරන කපල්නෙ

ඉතිං?

ඉතිං අපි ලව් කරන්නෑනෙ.

එහෙමද?

මං කියන්නෙ මං ලව් කරාට ඔයා ලව් කරන්නෑනෙ.

මාත් කරන්නං....

එතනින් පස්සෙත් ආයෙ ගෙවුණෙ දෙබස් රහිත කාලයක්. ටික වෙලාවකින් මං ආසා විදියෙ දෙයක් වුණා. එයා දාගත්තා එයාගෙ අත මගෙ අත වටේට. අල්ලගත්තා මගේ ඇඟිලිවලින්. මගෙ හිතට දැණුන සතුට කියාගන්න විදියක් මට දැණුනෙ නෑ. මං බලං හිටියා එයා දිහා. එයාගෙ ග්‍රහණයේ නොතිබ්බ මගේ නිදහස් අතින් මං එයාගෙ කොණ්ඩෙ මූනෙන් අයින් කරලා ඒ ඔළුව මගෙ උරහිසට තියාගත්තා. එයා ලොකු හුස්මක් හෙළුවා. එයා බයෙන් ඇත්තෙ එයාගෙ මනුස්සයා දකියි කියලා. මාත් බයෙන් හිටියේ මගේ ගෑනි දකියි කියලා. හැබැයි ආදරෙන් ඒ බය වැහිලා ගිහින් වගේ. මගෙ මුළු හිත ම එයාගෙ. එයාගෙ ඇඟ ගැහෙනවා කියලා අතට තද වෙලා තිබ්බ පියයුරක උණුහුමට යටින් මට තේරුණා. මං ඒ අත තද කරගත්තා.

අපි කතා කළා අපි ඉස්සරහට මුණගැහෙන විදිය ගැන. අනිත් අයට සැක නොහිතෙන්න ඉන්න විදිය ගැන. අපේ ආදරණීයයන්ට අහු නොවෙන්න මෙසේජ් කරන විදිය ගැන. කොටිම්ම වෙන්න පුළුවන් නරකම දේ හිතලා, ඒ නරකම දේ හොඳම විදියට විසඳගන්න පුළුවන් විදියත් අපි හිතුවා. මගෙ පපුව පිච්චිලා යනවා ඒ මූනෙ හිනාව දැක්කම. ඒ අතරතුරදිත් එයාට ආවා කෝල් එයාව අයිති අයගෙන්. මටත් ආවා කෝල් මට අයිති අයගෙන්. ඒ හැම වෙලාවකම අපි හුස්මක්වත් නොගෙන වගේ නිහඬව හිටියා, මුළු බස් එකම සහරා ෆ්ලෑෂ් දෙදරවද්දිත්. 

මට මේක තේරෙන්නෑ

මොකද්ද?

ඇයි ඔයා මට ආදරේ වෙලත් ඒ ගැන නොකිවුවෙ?

මම දැනුයි දන්නෙ මම ඔයාට ආදරෙයි කියලා

මෙච්චරකල්?

මෙච්චරකල් අපි හිනා වෙලා කතා කළේ අරූ ගැනනෙ...

මගදි එයා මගේ මූන දිහා බැලුවා. අපි පහු කරමින් හිටියෙ බොරලැස්ගමුව. තව ටික දුරයි අපි වෙන්වෙන්න. ඒ ඇස් කිවුවෙ මං තව මදියි කියලා. මටත් තව හිතුනෙ එයා තව මදියි කියලා. බඩගිනියි වගේ නේද කියලා හිත් රවට්ටගෙන අපි බොරලැස්ගමුවෙන් බස් එකෙන් බැහැලා කඩයකට වැදුනා. තරමක් සෙනග පිරුණු අවන්හලක්. අපි කෑවා තනි පිඟානකින්. ගොඩක් වෙලා. හෙමින් හෙමින්. අතරින් පතර ඒ කකුලක් මගෙ කකුල දිගේ උඩට ගියා. එයා මට කවද්දි මගේ නිදහස් අතත් දඟ කළා කියල මට මතකයි. එයා කිවුවා එයා ගැන බර කතාවක්. මාත් කිවුවා මං ගැන ඊට නොදෙවෙනි කතාවක්. ඒ ඇස් අග කඳුළකුත් තිබුණා මතකයි. ආදරේ සතුට හිතේ තිබ්බ. කවුරුවත් දකියි කියන බය හිතේ තිබ්බා. අපිට අපි ගැන උපන්න දුකක් හිතේ තිබ්බා. සතුටයි බයයි දුකයි අතරමං වෙලා හිටියෙ ඊළඟට මොනවගේ හැඟීමක් අපිට දැනෙයිද කියල. අපි එතනින් නැගිට්ටා.

*************************************

එයාව ගෙදර ගාවින් දාලා මම ත්‍රීවීල් එකකට නැග්ගා. මග දිගට එයා මෙසේජ් එවුවා. ගෙදර ගියාම මෙසේජ් කරන්න බැරි බව මම එයාට කිවුවා. හෙට අපි මොකද කරන්නෙ කියලා එයා ඇහුවා. ගෙදර තත්ත්වෙ බලලා ඒකට උත්තරයක් කියන්නං කියලා මම කිවුවා. රෑට හොරෙන්වත් කතා කරන්න විදියක් නැද්ද කියලා එයා ඇහුවා. මොනවහරි ගේමක් ගහලා කෝල් එකක් ගන්නං එතකං ඇහැරිලා ඉන්න කියලා මම කිවුවා. මේ සිද්ධ වෙන්නෙ කාලෙකට කලින් තව කෙනෙක් එකක් ගිය දෙබසක්ම නේද කියලා මගේ හිත කිවුවා. ඒ හුරුපුරුද්ද හිතේ තියාගෙන මම මෙයාට උත්තර යැවුවා. එයත් ඒවට උත්තර එවුවා. උත්තර යවලා උත්තර ගන්න ප්‍රශ්න නැති ලෝකෙක ඉන්න අපේ හිත්වල, ඇයි බයයි දුකයි වගේ හැඟීම් තියෙන්නෙ කියලා හිත මගෙන් ඇහුවා. මට ඒක ගැන හිතට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ. මං සාමාන්‍යයෙන් බොරුවක් හෝ උත්තරයක් විදියට කියන මිනිහෙක්.

මේ විදියට අපිට උත්තර විතරක් හුවමාරු කරගන්න තිබුණු දවස් කීපයක්ම පහු වුණා. ඒ ඇඟේ නිරුවත හරිම ලස්සනයි. එයාගෙ මූනත් ඒ වගෙයි. ඒකත් ඒ ඇඟ තරමටම හරිම ලස්සනයි. ඒ හිතේ නිරුවතත් හරිම ලස්සනයි. එයා ඒක මා ඉස්සරහා ලිහලා දාපු වෙලාවෙ මං ආසාවෙන් ඒ හිතේ නිරුවත වින්දා. යහනක මුනිං අතට බලාගෙන නිසොල්මනේ ඉන්න සමහර වෙලාවට මට දැනෙනවා එයාගෙ අත දඟ කරන හැටි. ඊටපස්සෙ අපිට නිසොල්මනේ ඉන්න බැරි වෙනවා. ලොකු සුසුමකට පස්සෙ එයා නිසොල්මනේ ඉන්න වෙලාවක මගේ අතත් මටත් හොරා දඟ කරනවා ඒ ලස්සන පියයුරක් එක්ක. ඒක මගේ අතට හරි හීලෑයි. ඒ හීලෑ ගතිය දැනුනෙ කාලෙකින්. මේ විදියට උදේට ටිකක් පරක්කු වෙලා ඔෆිස් ගියා. ඒ පොඩි පරක්කුව ෂෝට් ලීව් වුණා. ෂෝට් ලීව් හාෆ් ඩේ වුණා. හාෆ් ඩේ ෆුල් ඩේ වුණා. අන්තිමට ඇනුවල් ලීව් ගන්න තැනටම වැඩේ දුර දිග ගිහින් තිබ්බ කාලෙක, අපි කතා කරන්න පටන් ගත්තා ප්‍රශ්න ගැන. මෙච්චර කල් උත්තර විතරක් ෂෙයා කරගත්ත මිනිස්සුන්ට ප්‍රශ්න ෂෙයා කරගන්න එක අලුත් එක්ස්පීරියන්ස් එකක්. එයාගෙ සමහර ප්‍රශ්නවලට මම දීපු උත්තරවලට එයා හිනා වුණා. මං ඒ හිනාවට ආසා නිසාම වැඩි වැඩියෙන් ඒ විදියෙ උත්තර දුන්නා.

*************************************

අපි තාමත් අපේ ජීවිතේ වැඩිපුරම හිනාවෙන දෙයක් ගැන තමයි මම මේ කතාව පටන් ගද්දිම කිවුවෙ. අපි දෙන්නා වැඩිපුරම ළං වුණෙත් ඌ නිසා. තාමත් කතා කරන්නෙ ඌ ගැන. ඒ තරමට උගෙ ජීවිතේ හිනාවෙන්න දේවල් අපිට තිබ්බා. ඒ අපි නරක මිනිස්සු හින්දම නෙමෙයි. ඒ අපි කියන මනුස්සයා තරමක පම්පෝරිකාරයෙක් හින්දා. ඌ  වගේ පම්පෝරිකාර අවුල් දේකට වුණත්, මොනතරම් වටින හොඳ දෙයක් අපේ ජීවිතේට ගේන්න පුළුවන්ද? ඒක තමයි මම අරූ ගැන හිතන හැම පාරකදිම මට දැණුනු දේ. ඌ නොවෙන්න මේ ආදරේ මගේ ජීවිතේ නෑ. එහෙම ඉන්න දවසක තමයි ඌව ආයෙත් මට හම්බුණේ.

ඌ දැන් සෙට් වෙලා ඉන්නෙ සුද්දියෙක් එක්කලු. ලංකාව වටේ යනවලු. සුද්දියි ඌයි බොනවලු. බිවුවම සුද්දිට මොකුත් මතක නෑලු. වෙන්න තියෙන ඔක්කොම දේවල් වෙනවලු. දවසම සෙක්ස් කරන එකලු වෙන්නෙ. ඉඳලා හිටලා කන්දක් නගින්න යනවලු. මං අහගෙන හිටියා පුරුදු විදියට ම උගේ කතා. එක තැනකින් නොනවතින පම්පෝරි. ඒ කතන්දර අතරෙ ඌ කිවුවා මගේ කුතුහලය අවුස්සන කතාවක්. අපේ ඔෆිස් එකට අලුතෙන් ආපු කෙල්ලෙක් ගැන. ඌ කියපු විස්තර එක්ක ඒ කියන්නෙ මගේ අලුත් ආදරවන්තිය ගැන. ඌ කරන්න තියෙන ඔක්කොම කරාලු එයාට. කුතුහලය හිතේ තිබුණත් මං විස්තර අහන්න නොගියෙ, මූ සැක කරයි කියලා හිතිලාමයි.

මගේ හිතේ පිරුණු ආදරේ කියන නිම්න භූමිය නොහිතපු හැම පැත්තකින්ම දෙදරලා ගියේ අරූ කියපු කතා එක්ක මෙයා කියපු කතා මගේ හිතින් සම්බන්ධ කරගෙන. අරූ ගැන කියද්දි මෙයා හිනා වුණේ අනුකම්පාවක් හිතේ හංගාගෙන කියලා, අර දෙදරාගෙන ගිය පොළොව යටින් උඩට ආපු ඉරිසියාව කියන නාගයා මට තට්ටු කරලා කිවුවා. මං තවත් හෙව්වා මේ මට නොකියූ සම්බන්ධය ගැන සැක හිතන්න, ඒ සැකයෙන් දුක හිතන්න, ඒ දුකෙන් තරහ හිතන්න දේවල්. මොකුත්ම ඇහුවෙ නෑ මම කාගෙන්වත්. එයාත් මෙයාත් කියූ කතා ගලපමින් මම කාමරේ හිස් බිත්තියක් දිහා බලාගෙන බිවුවා. කසාද ගෑනි අහනවා මගෙන් බීලා ඉවරයි නං ඇඳට එන්නෙ නැත්තෙ ඇයි? කියලා. ඒ අස්සෙ මේ ඔක්කොටම හේතුව වුණු එයා ම අහනවා මගෙන් ඉස්සර වගේ දැන් වල්පල් කතා කරන්නෙ නැත්තෙ ඇයි? කියලා. බොස් අහනවා මගෙන් උඹේ වැඩ පරක්කු ඇයි? කියලා. යාළුවො අහනවා මගෙන් ෂොට් දෙකක් දාද්දි සික් එක ගහලා වගේ පැත්තක් බලාගෙන ඉන්නෙ ඇයි? කියලා. මම ඒ හැම වෙලාවකම කල්පනා කළා අරුන් දෙන්නා ගැන.

මුළු ජීවිතේම එපා වගේ දැනුනෙ නොහිතපු තරමේ ඉක්මනකින්. ඒ අතරෙ තමයි මගේ කසාද ගෑනි මගෙන් ඇවිත් සමාව ඉල්ලුවෙ. මං එයාගෙන් ඇහුවා ඇයි මගෙන් සමාව ඉල්ලන්නෙ කියල. එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තලු. ඒකට එයාට සමාව දෙන්නලු. මං සමාව දීලා එයාට යන්නත් දුන්නා. එයා ගියා. මගෙ කසාද ගෑනි පිට මිනිහෙක් එක්ක ගිය එකට වඩා දුකක්, මං ආසාවෙන් ඉන්න මගේ හොර ගෑනි කලින් මිනිහෙක් එක්ක හිටපු නිසා මගේ හිතට දැනෙන්නෙ ඇයි? මං ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න හිතුවා.

සමහරවිට ඒ අපි දෙන්නා වැඩිපුරම ලං වුණේ අරූ නිසා වෙන්නැති. මුළ ඉඳම්ම මේ කියන්නෙ කවුරු ගැනද කියලා දැන දැනත් එයා මට නොකියා හිටපු එකට මගේ හිතට දුක ඇති. අන්තිමට මේ ඔක්කොම මම දැනගත්තේ අපේ ආදරේ එකිනෙකාට ප්‍රත්‍යක්ෂ වුණාට පස්සෙ වෙන්නැති. මිනිස්සු කියන වචනවලින් නෙමෙයි අපි රිද්දගන්න ඕන. මිනිස්සු අපිට ඒ වචන කියන්න හේතු වුණු එයාලගේ හැඟීම නිසායි අපි රිද්දගන්න ඕන. එහෙමනං මුලින්ම අපිට ඒ හැඟීම තේරෙන්න ඕන. දරුවෙකුත් හිටියෙ නැති නිසා අපිට දික්කසාදය ඉක්මනින් ගන්න පුළුවන් වුණා. කසාද ගෑනිත් නැති මට, දැන් හොර ගෑනියෙකුත් ඕන නෑ කියලා හිතුනා. ඒ නිසාම මේ අවුල එයාට කියලම විසඳගන්න හිතුව ම​ම.

*************************************

අරූ මට කිවුව ඔයත් එක්ක උගේ සම්බන්ධයක් තිබ්බලු කාලයක්

ඉතිං?

ඇයි ඔයා අපි මෙච්චර ඌ ගැන කතා කරලත්, එහෙම දෙයක් ගැන කලින් මට නොකිවුවෙ?

කොච්චර කල්ද ඌ ඔයාට ඕක කියලා?

මාස දෙකක් විතර

මෙච්චර කල් හිතේ තියං හිටියද, තරහෙන් පුපුර පුපුර?

ඔව්! 

එයාගෙ මූනෙ හිනාවෙක්. හිත ගැස්සුනු බවක් පෙණුනෙ නෑ. මගේ හිතේ සැකේ වැරදිද? මං මෙච්චර කල් හිතෙන් විඳවලාද? මේ කතාවට ඌට ගහන්න විදියක් නැත්තෙ, එතකොට ඌ මේ සම්බන්ධෙ ගැන දැනගන්න නිසා. එහෙම වෙලාවක වෙන්න තියෙන නරක ම දේත් ඒක. එයා ෆෝන් එක බලනවා. මම හිතුවෙ මට හොරෙන් එයා අරූ එක්ක ගිය චැට් ටික මකනවා කියලා. එහෙම නැත්තං, එහෙම මොකුත් නෑ කියලා මට පෙන්නන්න හදනවද? එයා තරමක් ලොකු හුස්මක් හෙළුවා. මං ඒ ඇස් දිහා බැලුවා.

        මාස දෙකකට කලින් ඌ මට මෙසේජ් එකක් එවලා තිබ්බා

        මොනවා කියලද?

        එයා ඔයාගෙ හොඳ යාළුවෙක් කිවුවා. මම ඔයාගෙ පෝස්ට්වලට රියැක්ට් කරන නිසා තමයි රික්වෙස්ට් එකක්        දැම්මෙ කිවුවා.

        ඔයා මොකද කිවුවෙ?

        මම ඌව බ්ලොක් කළා.

        ඇයි මට නොකිවුවෙ?

        මං දැනගත්තා ඌ ඔයාට මෙහෙම කතාවක් හදලා කියයි කියලා. 

        ඉතිං...

        ඉතිං ඔයා ඒ කතාව මට කියනකං මං ආසාවෙන් බලං හිටියා.

        ඇයි ඒ?

        ඔයා ඉරිසියාවෙන් පිපිරෙනවා දකිද්දි මට යන්න හිතෙනව දුර ගමනක්.

        ඉතිං යන්න.

        ඔයත් එනවද යන්න?



Thursday, March 16, 2023

කවදත් නිවාස අඩස්සියේ සිටින යාත්‍රිකයාගේ කතාව

යාත්‍රිකයෙක් වීම මගේ රස්සාව නෙමෙයි. යාත්‍රිකයෙක් වීම මගේ ආසාවත් නෙමෙයි. ඒ වගේම මම කිසිම දේකට විශේෂයෙන් ආසා මිනිහෙකුත් නෙමෙයි. සමහර මිනිස්සු නිදහසට ආසයි. මට නිදහස තිබ්බත් එකයි නැතත් එකයි. සමහර මිනිස්සු සල්ලි ගොඩක් තියෙනවට ආසයි. මට ඉහ ගහල ඉන්න ගානට සල්ලි තිබ්බනං ඇති. ඔය ඔක්කොටම වඩා මං යාත්‍රිකයෙක්. ඒත් නිවාස අඩස්සියේ ඉන්න එක, මං වගේ යාත්‍රිකයෙකුට කොයි තරම් කරදරයක්ද කියලා ඔයාලා දැනටමත් හිතනවා ඇති. කවදත් නිවාස අඩස්සියේ හිටියත් මං යාත්‍රිකයෙක්. ඒක තමයි මගේ මැජික් එක. හැමෝම අහන්නෙ ඒ ගැන. කොහොමද උඹ යාත්‍රිකයෙක් වුනේ? කොහේවත් නොගිහින්.

පැණි ටිකක් ගාපු කංසා කූරක මුල් උගුරු දෙක බරට අදින මගේ යාළුවො අතරෙ, සූස්ති​ය ෂොට් දෙකෙන් දෙකට අතින් අතට පාස් කරද්දි එතන පුදුම විනයක් සංවර කමක් තිබුනා. ආසාවට මුල්ම දුම් උගුර පෙනහළුවලට පුරවගෙන මම හිර කරගත්තා. හිර කරගෙන හීන් අරක්කු උගුරු තුනක් ඇඟ ඇතුළට දාගත්තා. ඒ වෙද්දි හිර කරගත්තු දුම් කැරලි පුදුම සංයමයකින් මගේ නහයෙන් කටින් පිටවෙමින් තිබුණෙ. ඒ මම කංසා බීපු පළවෙනි සහ එකම පාර. ඉස්ටු දාපු හරක් මස් කෑල්ලක් රහ බැලුව. පදමට ගම්මිරිස් විනාකිරි රස වගේම ඒ මස් පදමත් එක්ක ඒක අරං ඇතුළට ගිය අරක්කු රස පොඩි ගැස්මක් එක්ක නහයෙන් උඩට ආවා. නාස් තුඩු අගින් ඒ ගැස්ම පිටවුනාට පස්සෙ මගේ මොළය ඇතුළ හිරි වැටෙනව වගේ දැණුන. ඒක තමයි සනීපය. මං යාත්‍රා කරන්න ගත්ත. කම්මුල් උඩ ගල් ගැහුන වගේ දැණුනා. හකු දෙකේ දත් ඇඳි තද වුනා. කට ඇතුළෙ දිව තියෙනවද කියලවත් දැණුනෙ නෑ. මං ඇස් ඇරගෙන වුනත් හිතින් නිදියගෙන හිටියෙ. මං පුටුව උඩ හිටියත් යාත්‍රා කරමින් හිටියෙ.

එදා තමයි මම තීරණය කරේ මම ආයෙ ගංජා බොන්නෙ නෑ කියල. එදා තමයි තීරණය කරේ මම ආසම බීම ඉන්ටර්නැෂනල් ඩිස්ටලරීස් ලිමිටඩ් නිපදවන ඕල්ඩ් රිසර්වු අරක්කු කියලා. එදා තමයි තීරණය කරේ මෙච්චර කල් ප්ලෑන් කළත් මම මේ මනුස්ස ජීවිත දෙක නැති කරන්නෙ නෑ කියල. ඉතුරු අයිස් කැට උඩට මම ආයෙ අරක්කු ටිකක් දාගත්ත. ආයෙ සෝඩා ටිකක් හලාගත්ත. නහයට අල්ලලා සුවඳ බලලා ආයෙ අරක්කු වීදුරුව මේසෙ උඩින් තිබ්බා. ඒ සුවඳට මගේ උරිස් ඇකිළුනා. ආයෙ ඒ වීදුරුවම අතට ගනිං කියල හිත කිවුව. මම එක පොරොන්දුවක් මගේ හිතට දුන්න. මට නැතිවෙන්න දෙයක් නෑ. එන විදියකට මුහුණ දෙනව. ඒ නිසා මං මේ ජීවිත දෙක නැති කරන්නෙ නෑ කියල හිතට පොරොන්දුවක් දුන්න. මං මගේ ඒ බළාපොරොත්තුව ශක්තිමත් කරන්න අරක්කු උගුරක් ආයෙ බිව්ව. උගුරක් බිවුවට පස්​සෙ වීදුරුවෙ ඉතුරු වුන අරක්කු ටිකත් එහෙමම බිවුව.  මට නැති වෙන්න දෙයක් නෑ. නැති වෙන්න දෙයක් නැති හිරකාරයො වගයක් ගැන දකුණු අප්‍රිකානු වේදිකා නාට්ටියක් මම යූටියුබ් එකේ බැලුව. ඒකෙ නම අසිනමාලි. අසිනමාලි ලංකාවෙදිත් වේදිකාගත වුනා. ධර්මප්‍රිය, ප්‍රියංකර, විශ්වජිත් ඒකෙ හිටිය මතකයි. තව නළුවො දෙන්නෙක් හිටිය. ඒක මීට අවුරුදු විස්සකට විතර කළින් රාජ්‍ය සම්මාන දිනුව. පූජිත තමයි නාට්ටිය කෙරුවෙ. කොට හාදය. මුහුණෙන් කිසිම භාවයක් නොපෙන්නා මනුස්සයෙක් මරන්න වුණත්
 පුළුවන් යකෙක් ඌ.

බොන උන්ට බීපං කියල මම ආයෙ ගෙදර ගියේ නින්ද යන්න කළින් අසිනමාලි තිර පිටපත පොඩ්ඩක් හරි කියවන්න හිතාගෙන. මම යද්දි දරුවා මගේ ඇඳ සම්පූර්ණයෙන් අයිති කරගෙන නිදියගෙන හිටිය. බල්ල මම සාමාන්‍යයෙන් ඇඳට ගොඩ වෙන්න කලින් කකුල් පිහදාන පාපිස්ස අයිති කරගෙන නිදියගෙන හිටියා. ඒ තමයි මම නැති කරන්න හිතා උන්නු ජීවිත දෙක. මගෙ ගෑනි මීට මාස හයකට කලින් මැරෙද්දි ලඟ ඉන්න මට පුළුවන් වුනා. මගේ අම්ම මැරෙන මොහොතෙ අම්මව අන්තිමට දැක්කෙ මම වුනත් මට අම්මා ලඟ ඉන්න පුළුවන් වුනේ නෑ. ඒත් මට මගෙ ගෑනි මැරෙන මොහොතෙ ලඟ ඉන්න පුළුවන් වුනා. විනාඩි තිහකටත් වඩා එයා කියෙවුව. එයා යන බව එයාට දැනිලා තිබුන. ඒ ලෙඩේ මං දැනගන්න මාසෙකට විතර කලින් එයා දැනගෙන තිබුන. මං ඒ මොහොතෙත් හිටියෙ බීලා. එහෙම නොවුන නං මට ඒ මොහොතට ඒ තරං සැහැල්ලුවෙන් මුහුණ දෙන්න බැරි වෙයි. දරුවා හිටියෙ මොන්ටිසෝරියෙ. ගෑනි හිටියෙ ඉස්පිරිතාලෙ. කෝල් එක එද්දි මං හිටියෙ ඉස්ටේෂමේ. දරුවව මොන්ටිසෝරියට දාලා එද්දි තමයි අමාරුවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරල තිබුනෙ. ඒ නිසා දරුව තාම දන්නෙ නෑ. දවස් ගානක් අම්ම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තු වග දරුවා දන්නව. හැබැයි අම්ම මැරෙයි කියල කලින් දවසෙත් හවස කැඩිච්ච ප්ලේන් එකක් උරුක් කරගෙන අම්මගෙ ඔලුවටම වෙඩි තියපු දරුව දන්නෙ නෑ. ඉතිං එදා දවල් දරුවව මොන්ටිසෝරියෙන් අරං ඇවිත් මල් ශාලාවක පෙට්ටියක ඉන්න අම්මව පෙන්නුව. දරුව ඇඬුව. දරුව දන්නව මැරෙන එකේ අවුල. දරුවයි මායි මැරෙන එක ගැන කතා කරල තියෙනව.

මට විටෙන් විට පපුව රිදෙන ගතියක් තියෙනව. ඒක තමයි මට ජීවිතේ තිබ්බ ලොකුම බය. මම කලින් මැරුනොත් දරුවට මොකද වෙන්නෙ. මං ඒ නිසා ගොඩක් සල්ලි හම්බු කරා වගේම ඒ සල්ලි ඉතුරු කරා. ඉන්ෂුවරන්ස් දැම්මා. මහ රෑ වෙනකං වැඩ කළා. වැඩ කරන්න ගැම්ම ගන්න පුළුවන් හැම වෙලේම බිවුව. හැබැයි මං හිතුවෙ නෑ මගෙ ගෑනි මැරෙයි කියල. කවුද හිතන්නෙ ‍එහෙම. මං මැරුනොත් ගෑනි තනියෙන් කන කට්ට ගැන මට මතක් වුනා. ඒ නිසා මම සල්ලි හෙවුව ඒ වෙනුවෙන්. ගෑනි වෙනිං මිනිහෙක්ව බැඳල ඒ මිනිහා දරුවට නොසැළකුවොත් ඒ වෙනුවෙන් දරුවට විතරක් ගන්න පුළුවන් වෙන්න සල්ලි මම හෙවුව ඒ වෙනුවෙන්. මම ඒ සල්ලි මට විශ්වාසවන්තම යාලුවෙක්ගෙ භාරයෙ තිබ්බ. මම දන්නව කවදාවත් මගේ දරුවට විරුද්ධ දේකට මගේ ගෑනිව නම්මගන්න කිසිම ජගතෙකුට බැහැ කියල. ඒත් මට බය හිතුනා. ඉතිං මං උන් දෙන්නා වෙනුවෙන්ම වෙන වෙනම හම්බු කරා. අන්තිමේ ගෑනි මැරිලා ගියා. මං අසිනමාලි කියව කියව බියර් බොන්න පටන් ගත්ත.

දැන් මාස හයක් තිස්සෙ දරුවයි මායි තනියෙන්. අපේ තනියට තව තිරිසනෙක් හිටිය. මම එනකං දරුවව රැක්කෙ ඒ තිරිසනා. උදේට ඇහැරිලා දවල්ටත් එක්ක උයලා දරුවව මොන්ටිසෝරි දාලා මම ඔෆිස් යනව. ගිහින් ගෙදර එද්දි දරුවා ගෙදර ඇවිත් නිදි. එන්නෙ මගේ යාලුවෙකුගෙ බිරින්දෑත් ඒ වුන්ගේ දරුවාත් එක්ක. දරුවො දෙන්නම එකම පන්තියෙ. ගෙදර ඇවිත් මගේ යාලුවගේ බිරින්දෑ බෙදලා දෙන දේ කාලා බල්ලත් එක්ක සෙල්ලං කරලා නිදියන දරුව ආයෙ ඇහැරෙන්නෙ මං හවසට ආවම. මේ කෙරුවාව මාස හයක් වැඩි අපහසුවක් නැතුව මම කළත් මට දැන් ලොකු බයක් තියෙනව. දැන් මම කළින් බය වෙච්ච පපුවෙ අමාරුව ආවොත් දරුව තනිවෙනව. බලාගන්න මගෙ ගෑනිත් නෑ. ඒනිසා මං කාලයක් තිස්සෙ ප්ලෑන් කළා දරුව‍ාගෙත් බල්ලාගෙත් ජීවිත නැති කරන්න. දෙකම ලේසි නෑ. දරුවා මගේ ජීවිතේ. ඒ නිසා ඒ මූන බලාගෙන ඒක කරන්න බෑ. බල්ලා අහිංසක එකෙක්. මරණ එක ලේසි නැහැ. තව ගැහැනුන් එක්ක සම්බන්ධතා තිබුනත් උන් මගේ දරුවව සනීපෙට බලාගනියි කියන වගකීම මගේ හිතේ තිබුනෙ නෑ. හැබැයි මේ හිතේ තියෙන ආදරෙත් එක්ක මට දරුවව මරන්න බෑ. එහෙම වුනත් මගේ ජීවිතේ අවිශ්වාසය උඩ දරුවට දුකක් දෙන්නත් බෑ.

ඒ නිසා මං මගේ ජීවිතේ අවිශ්වාසය දුරු කරන්න තීරණය කරා. මම මේ ජීවිත දෙක නසන්නෙ නෑ කියල තීරණය කරා. කවදාවත් නොකරපු ටෙස්ට් කරන්න ගියා. අරක්කු බීම නැවැත්තුවා. කෑම පාලනය කළා. ජිම් ගියා. තව සල්ලි හොයන්න විදි හෙවුව. හැමදාම උදේට මම ඉන්න බස් හෝල්ට් එකේ තියලා තියන නීති විරෝධී පාර්සලයක්, කොළඹ අටේ වීදියක හිඟන්නෙකුට ගෙනිහින් දෙනවට මට මාසෙකට රුපියල් ලක්ෂයක් ලැබුනා. එක වතාවක් හදිසි ඔත්තුවක් මත ක්‍රියාත්මක වුනු හමුදාවෙ කෙනෙක් මගෙන් ඇහුව, "ඇයි මහත්තය කෑම පාර්ලස් දෙකක්?" කියල. උදේටයි දවල්ටයි කියන උත්තරේ මාව පරීක්ෂ‍ා නොකරන්න හේතුවක් වුනා. ඒ සිද්ධියෙන් පස්සෙ මට මාසෙකට ලක්ෂ දෙකක් ගෙවන්න ගත්තා. දැන් මම නිරෝගියි. හැමදාම හවසට මම ගෙදර ආවම ඇහැරෙන දරුවා එක්ක සෙල්ලම් කරලා, රෑට කඩෙන් ගෙන්නගෙන ඉඳිආප්ප කාලා, ඉස්කෝලෙ ගෙදර වැඩ කරලා දරුවව නිදි කරවන මම දරුවාගෙ අත්වැඩ කරන්න ගන්නව. ඒටික කරල පහුවදාට උයන්න දේවල් ලෑස්ති කරලා පෙම්වතියක් ඉදිරියේ ස්මාට්ෆෝනයෙන් නිරුවත් වෙනව. ඒක තමයි මටත් පුරුෂ ලිංගයක් තියෙනව කියල හිතෙන එකම මොහොත. මුත්‍රා කරද්දිවත් මගේ ලිංගය ස්පර්ෂ වෙන හැඟීමක් මගේ මතකයට එන්නෙ නෑ. ඉස්සර දවසට තුන් වතාවක් වත් උඩ පහළ හෙලවෙන හෝ පෙම්වතියක් නැතිනම් බිරින්දෑ හෝ එක්ක යුද්ධ කරන ඒ කාලවර්ණ වස්තුව දැන් ක්‍රියාන්විතය පටන්ගන්නෙ රෑ දොළහට විතර. එක පාරක්. ඉඳලා හිටලා ඒක අන් ලඳකට අහුවෙන්නෙ මාසෙකට පාරක් විතර.

මේ විදියට තවත් මාස තුනක් විතර ගෙවුනා. එදා මගේ උපන් දිනේ. ඒ නිසා පුතාටත් මටත් බල්ලටත් එදා රෑට ඉඳි ආප්ප වෙනුවට බිරියානි ලැබුනා. බිරියානිත් අරං මං එන මගට බල්ලා ආවෙ නෑ. ඒක පුදුමයක්. බල්ලට මං එන සද්දෙ නෑහුනා වෙන්න බෑ. ඒ නැතත් මේ බිරියානි සුවඳ? පුතානම් නිදි නිසා නෑහුනත්, බල්ලා නොආපු එක මගේ හිතට අවුලක් ගෙනාවා. ගේට්ටුව ඇරගෙන ඉස්සරහට යද්දි බල්ලා ගෙදර දොර ඉස්සරහා මැරිලා හිටියා. බල්ලාගෙ කටේ ලොකු මස්කෑල්ලක් තිබුනා. ලේ පෙරෙන. බල්ලාගෙ බෙල්ලෙ විශාල කැපුමක් තිබුනා. දොර අරිද්දි දරුවා දොරෙන් එපිට මැරිලා හිටියා. දරුවාගේ බෙල්ලෙත් විශාල කැපුමක් තිබුනා. මාව එතන තිබුනු පුටුවෙ ඉන්දුනා. මං යාලුවොන්ට කතා කළා. මට මැරෙන්න තිබ්බ එකම බය අයින් වුනේ ඒ විදියට. දැන් මට බයක් නැතුව නැතිවෙන්න දෙයක් නෑ කියල කියන්න පුළුවන් නේද?

ආයෙත් මගේ පරණ පුරුදු ආහාර පිළිවෙලත්, බීමත්කමත් ජීවිතේට ආව. සල්ලි දිගටම හෙවුවත් කුඩු පාර්සල් මාරු කරන වැඩේ නවත්තලා දැම්මා. ඒ ගැන තර්ජනය කරලා එක කෝල් එකකුත් පහුවදා ගේට්ටුව ඉස්සරහ මගේ නමට මල් වඩමකුත් තියලා ගියාට පස්සෙ මම ආයෙත් ඒක පටන්ගත්ත. දැන් උදේට කුඩු පාර්සලේ අතින් අත මාරු කරලා. රස්සාව කරනව. දවල්ට තේකක් බොනව. තේකෙ ඕල්ඩ් රිසර්වු මිලි ලීටර් පනහක් තියෙනව. හවසට බොන තේකටත් ඕල්ඩ් රිසර්වු පනහක් වැටෙනවා. දවල් කෑමක් නෑ. උදේට යාලුවො ගේන දෙයක් කනව. රෑට හොඳට කනව. කාලා ගෙදර ගිහින් හොඳට බොනව. කිසිම මිතුරු හමුවකට යැවෙන්නෙ නෑ. ගියාම අරක්කු වීදුරු තුනක් වැටිච්ච ගමන් උන් මගේ දරුවා ගැන කතා කරන්න ගන්නව. මම රෑට නීට් අරක්කු වීදුරු දෙකක් විතර බොද්දි ගෑනි මගේ හීන ලෝකෙට එනව. එයයි මායි දරුවට වෙච්ච දේ ගැන කතා කරලා කම්පා වෙනව. මම දරුවා ගැන කතා කරන්න කැමති වුනේ මගේ ගෑනි එක්ක විතරයි. සමහර සති අන්තවල අන් ලඳකගෙ තනයක පහස ලබන අතරෙ උනුත් දරුවා ගැන කතා කරන්න ගන්නව. මං අමාරුවෙන් ඒ වෙලාව ඉවසගෙන ඉන්නව. තව ටික දවසක් බලල වෙනිං ගෑනු ගාවට යන එකත් නවත්තල දානව.


බස් එකේ රුපියල් විසිඅටක දුර ගියාට දවසකට මම ලොකු දුරක් යාත්‍රා කරනව. රෑට ගෙදර ආවම මම කිසිම යාත්‍රිකයෙක් නොගිය තැන්වලට යනව. දැන් තනියෙන් ඉන්න එකේ රට තොට බලන්න පලයං, ට්‍රිප් පලයං, බාලි ටුවර් එකක් පලයං, ආයෙ කසාදයක් බැඳපං, බැඳලා ළමයෙක් හදපං, බිබී නාස්ති වෙන්නෙපා, කියල සමහරු ෆේස්බුක් එකේ මට කියනව. මම විනෝදාංශයක් විදියට උන්ව බ්ලොක් කරනව. ගෑනි මට රෑට කතා කරද්දි ඕව මතක් කරල අපි දෙන්න හිනාවෙනව. ආයෙත් දරුවා මතක් වෙලා අපි දෙන්නම අඬන්න ගන්නව. ඒ ඇඬිල්ලෙන්ම නින්ද යනව. උදේට ආයෙ මං ඔෆිස් යනව. කවදාවත් හති වැටෙන්නෙත් නෑ. මේ යාත්‍රා කිරිල්ල නැවතෙන්නෙත් නෑ. දැන් දැන් සමහර වෙලාවට දරුවත් මගෙත් එක්ක ඇවිත් කතා කරනව. හැබැයි අම්මයි දරුවයි එකම වෙලාවක කතා කරන්න එන්නෙ නෑ. දැන් මට එච්චර බොන්නත් බෑ. හැබැයි පුරුදු ට්‍රිප් එක නං සෑහෙන වෙලාවක් යනව. උඹලත් පරිස්සමෙන් ඉඳපං. නොහිතන තැන්වල නොහිතන වෙලාවට මං ඉන්නව.

2019 ඉල්

මං එයාට ආදරෙයිද කොහෙද

කවුරුත් හිතං හිටියෙ මං ඒකිට ආදරෙයි කියල. ඔව් හැබැයි මං එයාට ආදරෙයිද කොහෙද. පිට ඉඳන් උකුසු ඇසින් බලං ඉන්න මිනිස්සුන්ට වරදින්න විදියක් තිබ්බෙ නෑ. ඉඳලා හිටලා මුණගැහෙන දවසට ආසාවෙන් එයා දිහා බලාගෙන හිටියා. කන්න ආසා ජාති අරගෙන දුන්නා. බොන්න ආසා ජාති ගෙනත් දුන්නා. ඒ සිනිඳු අත හෙමීට අතගාලා බැලුවා. මං වගේ ප්‍රශ්න කන්දක් කරගහං ඉන්න මිනිහෙක්ව මෙහෙම නලවන්න ගෑනියෙකුට පුළුවන් වෙයි කියලා මට හිතුණෙ නෑ. කම්මුල් පිරිලා. ඉඹිද්දි එයාගෙ ඇඟ කිතියෙන් ඇකිලෙනව. පළවෙනි පාරට තමයි මෙච්චර ලස්සන තොල් දෙකක්, බෙල්ලක් තියෙන ගෑනියෙකුගෙ කම්මුල් අත ගගා ඉඹ ඉඹ ඉන්න මට හිතුනෙ. තාලෙකට පැද්දිච්ච ඒ රතියෙ අග්ගිස්සෙදි එයා මගේ අත වට කරගෙන වැතිරිලා... සුදු කාමරේ සිවිලිමට මුහු කරපු සුසුම් දෙවැනි වුණේ, හති වැටිල්ලත් සැපක් වෙච්ච නිමේෂයක ඇස් වසාගෙන එයාගෙන් පිටවෙච්ච කෙඳිරිලිවලට විතරයි. මං එයාට ආදරෙයිද කොහෙද.

සල්ලිකාර පවුලක ගෑනියෙකුට ගෙදරකින් ලැබෙන්න ඕන වටිනම දේ තමයි නිදහස. ඒත් සිංහල චිත්‍රපටිවල අපි දැක්කෙ සල්ලිකාර පවුලෙ නීති ගොඩක් මැද්දෙ හදපු සබීතව. ඒ රැකවල් මැදින් සබීතව දිනන්න උත්සාහ කරපු, ගුටි කාපු සෂී විජේන්ද්‍රව, එහෙමත් නැත්තං විජයව. එහෙම ලෝකෙක මෙහෙම නිදහසක් තියෙන සල්ලිකාර පවුලක් කෙල්ලෙක් මම දැක්කමයි. අතරින් පතර මගෙත් එයාගෙත් අතර කතා බහ සිද්ධ වුණේ අපේ ජීවිත ගලාගෙන යන හැටි. ඒ අපි ආදරේ කරන්න කලින් කාලෙ. මගේ ජීවිතේ හැලහැප්පීම් ගැන මම කියද්දි, එයා මට කිවුවෙ එයාගෙ ජීවිතේ ආදරේ අහිමිවීම් ගැන. මං එච්චර සුදු ගෑනුන්ට ආසා නැති වුණත්, ඒ කතා හරිම අවංකයි කියලා මට හිතුණා. මට අවංකයි කියලා හිතෙන ගෑනු ළඟ මම ලිහෙන තරම වැඩියි. ඒ බව මට කිවුවෙ මගෙ ළඟම යාළුවෙක් විදියට ඉන්න ගෑනියෙක්. එයා කිවුවෙ ඒකෙන් අනුන් මගෙන් ප්‍රයෝජන ගනියි කියලා. එහෙමයි කියල මං වෙනිං ගෑනු ගාව ලිහෙන එක නැවැත්තුවෙ නෑ. ඉතිං මං මෙයාට මෙසේජ් කරා. මගේ සමහර යාළුවොත් එයාට මෙසේජ් කරලා තිබුණා. එයත් රිප්ලයි කරලා තිබුණා. හැබැයි මට ඉරිසියා හිතුණෙ නෑ. මොකද මං ඒ වෙද්දි බලාපොරොත්තු කියන දේ විශ්වාස නොකරන, හීනයක් හැබෑ වුණාම පුදුමයෙන් සතුටු වෙන මනෝ විකාරෙක ජීවත් වෙමින් හිටියෙ. ඉතිං මං නිකමට දවසක එයාගෙන් ඇහුවා කැමැත්ත. එදා තමයි මට මුලිම්ම හිතුනෙ මං එයාට ආදරෙයිද කොහෙද කියල.

ඒ කොණ්ඩෙ හරි අමුතුයි. අපේ තොල් පැටලෙද්දි ඒ කොණ්ඩෙන් ඇවිල්ල අපිව වහගන්නව. වෙන එවුන්ට නොපෙනෙන්න වගේ. මගේ එක අතක් හැම වෙලේම නැවතුනේ ඒ ලස්සන පස්සෙ දාර හොයන්න. අනිත් අත ඉනට තරමක් උඩින් මස් ගොබයක් මිරිකාගෙන තිබුණෙ. හදිස්සියකදි කාර්යාල වෙලාවෙ ඩෝපමීන් උත්තේජකයක් ඕන වුණාම අපි වහං වෙනවා මුළු අස්සෙ. ඒ වෙලාවට මං ඒ බෙල්ල දිගේ දඟ කරද්දි අර රත්තරං මාලෙ අහුවෙනවා. ඒක හරිම කරදරයි. සති අන්තයේ නිදහසේ රතියේ වෙලෙන ලෙලෙන දවසට එයා ඒක ගලවලා ගෙදර තියලා එන්නෙ. අපි කතා කරන්න ඉඩක් හදාගන්නෙ අඩුවෙන්. මොකද අපි කතා කරපු දවසට අපි දුක්වෙනවා. ඊටපස්සෙ අපිට හීනියට බොන්න හිතෙනව. අපේ හීනි බීම, ගත තිරස් වෙනකංම නවතින්නෙ නෑ. මගේ දුක වෙනුවෙන් දුක් වෙමින් තවකෙක් බොන එක, මට හරිම ආදරණීය දෙයක් විදියට දැණුනා. ඒකයි මං එයාට ආදරෙයිද කොහෙද කියල මට හිතෙන්නෙ.

හැම එකාම කියනවා සල්ලිවලට බෑ ප්‍රශ්න විසඳන්න කියලා. ඒ කතා ගොඩක් වෙලාවට කිවුවෙ සල්ලිකාරයො. එවුවත් හරියට සල්ලිවලට වඩා මනුස්සකං වටිනවා මහත්තයො කියලා කියන බ්‍රෝකර් කෙනෙකුගෙ කතා වගේ තමයි. තනි බොරුව. මට නං දැනට තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ විසඳන්න රුපියල් කෝටි 7කට විතර පුළුවන්. වැඩියි තමයි. හැබැයි පුළුවන්. ඔය කතාව මං එයා එක්ක කියපු දවසෙ එයා හිනා වුණා. මං හිතන්නෙ එයත් හිතං ඉන්නෙ සල්ලිවලට විසඳන්න බැරි ප්‍රශ්නත් තියෙනවද කොහෙද කියල. මං ඉතිං මගේ මනෝ විකාර වෙන මිනිස්සුන්ට තේරුං කරන්න යන්නෑ. විශේෂයෙන්ම මං ආදරේ කරන එවුන්ට. එහෙම හිතුනම තමයි මට දැනෙන්නෙ මං එයාට ආදරෙයිද කොහෙද කියල.

එයාගෙ මාලෙත්, ඒ පෙන්ඩන්ට් එකත් ගානක් විදියට කියවුණේ රුපියල් ලක්ෂ 11ක් විතර. මට සාමාන්‍යයෙන් රන් ආභරණ මුතු මැණික් කියන්නෙ මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක් විතරයි. වෙන ගතියක් නෑ. ෂහ් මේක ලස්සනයි කියලා මම ගෑනුන්ට බොරුවට කියල තියෙනව. හැබැයි ඒ බොරුවට. උන්ට උන්ගෙ තෝරාගැනීම් ගැන යම් කිසි ආශ්වාදයක් දෙන්න විතරයි. එදා එයා ඒ මාලෙ ගලවලා මගෙ ගාවට ආවෙ. ඒ කියන්නෙ එදා අපි ගුහා ගත වෙන දවසක්. ඒ ගුහා ගතවීමෙන් ලබන අමාඵලය ලබලා බොහොතකට පස්සෙ මගේ අත උඩින්ම ඇඟ පැත්තට පෙරලිලා එයා මට කිවුවා කතාවක්.

"මං හිතන්නෙ මට ඔයාට කෝටි 7ක් දෙන්න පුළුවන්"

 ඒ වෙලාවෙ මං කියාගන්න දෙයක් නැතුව එයා දිහා බැලුවා. මගෙ තියෙනවා තරමක් නගරං හිනාවක්. ඒක දාලා නිකං ඉන්නවද? කෝටි 7 ගැන වැඩිදුර විස්තර අහනවද? ඒ කියපු දේ නෑහුනු ගානට ඉන්නවද? ඒ කියපු දේ විහිළුවට ගන්නවද? කියලා හිතාගන්න බැරුව මං එයා දිහාම බලං හිටියා. එයා ආයෙත් ඒ වාක්‍යයම කිවුවම මම එයාව ඉම්බා. මට ඒ වෙලාවෙනං මං එයාට ආදරෙයිද කොහෙද කියලා වැඩි වැඩියෙන් දැණුනා.  

 එදා දවසේ රතිය සතුටත් සැනසීමත් පිරුණු එකක්. වෙනදට අපේ රතිය තරමක් ශෝකය මුසු හැඟුම්බර දෙයක්. කපල් එකක් තමුන්ට එකට එක් වෙන්න තියෙන අන්තිම දවස වගේ ශෝකයක් හදේ තියාගෙන තමයි අපි වෙනදා මෛථූන්‍යක්කාරෙ ගිලුනෙ. එදා තිබුණා මේ සල්ලි නිසා සියළු ප්‍රශ්න විසඳිලා අනාගතේ එකට එක් වෙනවා කියන බළාපොරොත්තුව එක්ක අලුතෙන් යාළුවෙච්ච කපල් එකක තිබුණු සුන්දරත්වයක්. බොරු කියන්න ඕන නෑනෙ ඔළුව ඇතුළෙ හීන ටිකකුත් හැදුනා. එදා ඉඳන් අපි හිටියෙ ඊලාම් යුද්දෙ අන්තිම කාලෙ ආමි එකට සපෝට් කරපු අය හිටපු තරමෙ ත්‍රිල් එකකින්. හෙට ප්‍රබාකරන් මැරෙයිද? කියන බළාපොරොත්තුවෙන්. ඒ තමයි අදටත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා වැඩිපුරම දැණුනු කාලෙ.

අපි ප්ලෑන් කළා එයාලගෙ ගෙදරට නොදැනෙන්න කෝටි 7ක් පන්නන විදිය. ඔව් ඉතිං ඒ ගෙදර එහෙම මැච් එකක් ගහගන්න පුළුවන් තරමට වත්කමක් තිබුණු තැනක්. ජොබ් එකකට එන්නෙ ජොලියට, මාලයක් දාන්නෙ ඒක එයාගෙ ආච්චිඅම්මා මැරෙන්න කලින් තෑගි දීපු දෙයක් නිසා, නිවාඩුවට යන්නෙ ග්‍රීසියට, මම වේගෙන් වේගෙන් ගලවලා දාන්නෙ ඩිසයිනර් මේඩ් ඇඳුම්, එයා කකුලෙන් ඇදලා දාන්නෙ කස්ටම් මේඩ් සෙරෙප්පු, ඒ නිසා කෝටි 7ක් වටින දෙයක් හොයාගන්න එක ඒ ගෙදරින් අමාරු නෑ. හැබැයි බඩු හොරකං කරලා ඒක විකුණන්න තරමේ හොර හැකියාවක් මට තිබුණෙ නෑ. එනිසායි අපි දෙන්නා සල්ලි හොරකං කරන්න විදියක් ප්ලෑන් කළේ. ඒ ප්ලෑන් එක මට කිවුවෙත් එයා. මොකද මං ඒ ගෙදර බිං අඟලක් ගැනවත් දැනං හිටියෙ නෑ. කොටිම්ම ඒ හොරකම කළෙත් එයා. මං ඉතිං කළේ පිටිපස්සෙ ඉඳන් උරිස් දිගට එයාව මසාජ් කරපු එක. ඇත්තටම මට වෙලාවකට හිතුනා මං මේ මනුස්සයට ආදරේ කරන්නෙ සල්ලි නිසාද කියලා. ඒ අතරෙත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුනු වාර අනන්තයි.

එයාගෙ තියෙනව මැජික් එකක්. නවත්තන්නැතුව එයා ජීවිතේ ගැන කතා කරද්දි මට හිතෙනව මං ආදරේම ඒ කියවිල්ලට කියල. රති කාර්යයේ තියෙන ලාලිත්‍යය මට කියන්නෙම මං මේ ගෑනිට ආසම මේක නිසා කියලා. සල්ලි හොරකම ගැන කතා කරන හැම වාරෙකම මම මෙයාට ආදරේ සල්ලි නිසා විතරයි කියලා මගෙ හිත මාව වැරදිකාරයෙක් කරනවා. ඔහොම මගේ සිතුවිලි මගේ හිත ඇතුළෙම හැප්පෙද්දි දවසක එයා මට දෙනවා සල්ලි. මාව තව නොදන්න මනුස්සයෙක් එක්ක අරගෙන ගිහින් මගේ බැංකුවෙ එකවුන්ට් එකට දාලා දුන්නෙ. එයා බැංකුවෙන් එළියට එද්දි මට කිවුවා එයාගෙ හිතට හරිම නිදහසක් දැනෙනවා කියලා. මටත් ආසයි කාටහරි කෝටි 7ක් දුන්නට පස්සෙ මගේ හිතටත් නිදහසක් දැනෙයිද කියලා දැනගන්න. මං නං කීයටවත් ඒ තරං අත්හැරීම පුරුදු නොකරන බව මං දැනගෙන හිටියා. මට පොදි ගහන්න ආසාවක් තිබුණෙ නෑ. හැබැයි මං තියෙන ඩිංග අතාරින්න කැමති වුණෙ නෑ. ඊටපස්සෙ කාලයක් මම ගෙවුවේ තනියම. ඒ කාලය පුරාවටත් මට මං එයාට ආදරෙයිද කොහෙද කියලා නිතර හිතුනා. 

හැබැයි ඊට වඩා වගකීම් තිබුණා අර කෝටි 7න් ඉෂ්ට කරන්න. ආයෙත් මගේ පරණ පුරුදු ආහාර පිළිවෙලත්, බීමත්කමත් ජීවිතේට ආව. වගකීම් ඉෂ්ට කළාට පස්සෙත් ජීවිතේ ගේමක් ගහගන්න තරමට සල්ලි අතේ තිබුණා. ඒත් මම රස්සාව දිගටම කළා. රස්සාව කරනව. උදේට කළු කෝපි එකක් බොනව. දවල්ට කිරි තේකක් බොනව. තේකෙ ඕල්ඩ් රිසර්වු මිලි ලීටර් පනහක් තියෙනව. හවසට බොන තේකටත් ඕල්ඩ් රිසර්වු පනහක් වැටෙනවා. දවල් කෑමක් නෑ. උදේට යාලුවො ගේන දෙයක් කනව. රෑට ගෙදර යන ගමං හොඳට කනව. කාලා ගෙදර ගිහින් හොඳට බොනව. කිසිම මිතුරු හමුවකට යැවෙන්නෙ නෑ. ගියාම අරක්කු වීදුරු තුනක් වැටිච්ච ගමන් උන් මගේ දරුවා ගැන කතා කරන්න ගන්නව. මම කැමති වුණෙ නෑ මගෙ කසාද ජීවිතේ ගැන, මගෙ දරුවා ගැන කතා කරන්න. මම රෑට නීට් අරක්කු වීදුරු දෙකක් විතර බොද්දි ගෑනි මගේ හීන ලෝකෙට එනව. එයයි මායි දරුවට වෙච්ච දේ ගැන කතා කරලා කම්පා වෙනව. මම දරුවා ගැන කතා කරන්න කැමති වුණේ මගේ ගෑනි එක්ක විතරයි. කොටිම්ම මම ඒ කාලකන්නි කතාව ලියලා තිබ්බට උඹලට වත් පෙන්නන්නෑ. කොච්චරවත් මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුනත් මං එයාටවත් දිගින් දිගට මේ දේවල් කිවුවෙ නෑ.

එදා මට මගදිම ජින් චුට්ටක් බොන්න හිතුණු දවසක්. බම්බලපිටියෙ ඇට්ලැන්ටික් එකෙන් ඩ්‍රයි නූඩ්ල්ස් එකක් දාගෙන ජින් බාගයක් ගහලා එළියට බහිද්දිම තමයි උන් මාව ඉස්සුවෙ. ගැහුවා මට නොසෑහෙන්න. වාහනේ අරගෙන යද්දිත්, නොදන්න තැනකට ගෙනිච්චට පස්සෙත්. වෙන උන්ව උස්සන්නෙ කප්පං ගන්න, විස්තර දැනගන්න. මාව උස්සලා තියෙන්නෙ ගහන්නද කොහෙද? ඒ තරමට ගැහුවා. රිදුනා හොඳටම. අටෝරාසියක් වැරදි කරලා තියෙන නිසා මේ මොන වැරැද්දට ගහනවද කියන සිතුවිල්ල විතරයි මගේ හිතේ තිබුණෙ. ජින් බාගෙ සොමියත් මේ තරමට හිත පාලනය කරගන්න හේතුවක් වුණා වෙන්න පුළුවන්. ගානකට බිවුවම මට එනවා මුළු ලෝකය ගැන ම මහා ආදරයක්. ඒ ආදරය පිටින්ම මං උන් දිහා බැලුවා. උන් මගෙන් ප්‍රශ්න ඇහුවා ගොඩක්. මං ඒවට ඇත්ත කිවුවා. මොකද මට හරිම අමාරුයි. තවත් ගුටි කන්න බෑ. මුලින්ම ප්‍රශ්න ඇහුවනං මං මුලින්ම ඇත්ත කියනවා. මං දෙන උත්තර එකෙක් වීඩියෝ කළා. 

    උන් - ඇයි කෝටි 7 හොරකං කළේ?

    මං - සල්ලි ඕන වුණා මට වැඩකට.

    උන් - කෝටි 7ක්?

    මං - ඔව්.

    උන් - මොකද්ද වැඩේ?

    මං - ඒ කතාව මං කාටවත් කියන්න කැමති නෑ.

ඊටපස්සෙ මට ආයෙ ගැහුවා. මං පුළුවන් තරමක් උන්ට පැහැදිලි කරන්න හැදුවා කොච්චර ගැහුවත් මං ඒක කියන්නෙ නෑ කියලා. මං උඹලටත් කිවුවනෙ උඩදි. මං ඒක කියන්නෑ. ඒක තේරුං අරගෙනද මන්දා උන් මට ගහන එක ටිකකට නවත්තලා ආයෙ බිම ඉන්දුවා. ආයෙත් කැමරාව මගෙ මූනෙ.

උන් - ඇයි ඒ හේතුව නොකියන්නෙ?

මං - ඊටපස්සෙ මාව හිරේ දාවි.

උන් - හිරේ යන්න බය උඹද සල්ලි හොරකං කළේ?

මං - නොකර බැරි වුණා

එතනින් පස්සෙ උන් මට ගැහුවෙ නෑ. මාව අරගෙන ගියා ආයෙ වෙනිං තැනකට. එහෙ ගිහින් පැයක් විතර යද්දි උස මහත මනුස්සයෙක් ආවා. ඒ අරයගෙ තාත්තා. මට කෝටි 7ක් දන් දීලා මාව මේ කාලකන්නි හීනෙන් බේරගත්තු දෙයියා. එයා ඇහුවෙ කෝටි 7 කෝ? කියලා. ඒකට උත්තර නොදුන්නොත් ගුටි කාගෙන ඉවසන් ඉන්න තරමට ජින් ඇඟේ තිබ්බෙ නෑ. හොඳටම රිදෙනව ඇඟ. ඒ කෝටි 7 අදාළ තැන් කිහිපයකට බෙදලා, මටත් තරමක් වෙන් කරගෙන, ඒක මාස් පතා මගේ අතට පොළියක් එන විදියට ඉන්වෙස්ට් කරලා, ජීවිත ගේම ජයගෙන දවස් තුනකුත් ගියාට පස්සෙ තමයි මුං මාව ඉස්සුවෙ. කොටිම්ම මට මේ මනුස්සයගෙ දුව හම්බුණේ නෑ සතියකින්. අනේ ඒ ලස්සන තන් ආයෙ ඇත්තං කියලා හිතුණා මට ඒ වෙලාවෙත්. මං එයාට ආදරෙයිද කොහෙද කියලා හිතුන මට ඒ වෙලාවෙත්.

 


කෝටි 7 ගැන ඇත්ත කියලා බෑ. මං ජීවිතේ නිදහස ලබාගත්තෙ ඒ කෝටි 7න්. දැන් ඒක කිවුවොත් ඉතුරු ටිකක්වත් මුංට දෙන්න වෙයි කියන බය මගෙ හිතේ තිබුණා. නොකිවුවොත් ගුටි කන්න වෙනවා. එනිසා මම ඇත්ත බව හිතෙන බොරුවක් කියන්න උත්සාහ කළා. අපි දෙන්නට සාමාන්‍ය කපල් එකක් වගේ හෝටල් කාමර ගානෙ යන්න පුළුවන් වුණෙ නෑ. ඒවා තමයි සල්ලිකාර කෙල්ලෙකුට ආදරේ කරද්දි තියෙන ප්‍රශ්න. අපි ගියේ එයාගෙ කසින් කෙනෙකුගෙ වහලා දාල තිබුණු අපාට්මන්ට් එකකට. ඒ ගෙදර සෝෆා, පෑන්ට්‍රි ටොප්, ඇඳන්, බිම, බිත්ති දිගේ අපේ ආදරේ දෝරෙ ගලලා තිබුණා. දවසක් එයා මට කනට කරලා කිවුවා, මට ඔයාව හම්බුණේ නැත්තං මං ඔයාව මරලා, කෑලි කපලා, පුච්චලා, ඒ අළු ටික මේ කොණේ කබඩ් එකේ හංගලා තියනවා කියලා. මට හිනාවක් ගියා. මං කිවුවා අර මනුස්සයට එයාගෙ කෝටි 7 හංගපු තැන. දැන් ඉතිං පැය දෙක තුනකටවත් ගුටි නොකා ඉන්න පුළුවන්. ඒ වගේම එතන කබඩ් එකේ සල්ලි නෑ කියලා දැනගත්තම, අනුන්ගෙ තැනක් නිසා කවුරුහරි ගන්න ඇති කියල කියන්නත් පුළුවන්. එහෙම හිතලා අනුකම්පා කරලා මුං මාව අතෑරියොත් මට ගිහින් නිදහසේ ජීවත් වෙන්නත් පුළුවන්. මරලා දැම්මොත් මේ ජීවිතෙන්ම නිදහස් වෙන්නත් පුළුවන්. ඒත් ඒ විදි දෙකෙන්ම මට එයාව නැති වෙනවා. මට මං එයාට ආදරෙයිද කොහෙද කියලා ආයෙත් හිතුනා.

පැය දෙකක් විතර මට නින්ද යන්න ඇති. මාව ඇහැරුවා. බැමි ලිහුවා. වතුර දුන්නා. මරන්න වෙන්නැති යන්නෙ කියලා මගෙ හිත කිවුවා. කොහොමත් මං හැමදාම නරකම දේට හිත හදාගෙන ඉන්න මිනිහෙක්. මාව අරගෙන ගියා. මට ඇඳගන්න මගේම ඇඳුමක් දුන්නා. ඒ කියන්නෙ මුං මගේ ගෙටත් පැනලා. මං ඇඳුමක් දාගෙන ගියේ හැමදාම ඈතින් බලලා ගියපු ලොකු කළු ගේට්ටුවක් තියෙන එයාගෙ ගෙදරට. එයත් හිටියා. මං හිතුවා ගුටි කාලා තඩිස්සි වෙලා තිබ්බ මගෙ මූන දැක්කම එයාට දුක හිතෙයි කියලා. එයා හිටියෙ තරමක ආඩම්බරකාර හිනාවකින්. මං හිතින් වැටුනා ඒ හිනාව දැකලා. දුව කිවුවලු, එයයි මායි ආදරෙයි කියලා. දුව කිවුවලු කෝටි 7ක් හොරකං කළේ, බැඳලා ගියාට පස්සෙ එයාට මේ තිබ්බ සැප ජීවිතේ තරමක් දුරට හරි ලං කරන්න හිතාගෙන හිටපු හින්දලු. මට එයාට තරං සල්ලි නැති නිසාත්, මට දැන් ගෑනියි දරුවයි නැතත් මං කසාද බැඳපු මිනිහෙක් නිසාත්, මට දුවව බඳින්න නොදේවි කියලා අපි දෙන්නා කතා වුණාලු. ඒකලු මේක කළේ. මං ඒ බොරුව ඇත්ත කියලා පිළිගන්න ඔළුව වැනුවා. වනලා බොර වෙච්ච උගුරෙන් වතුර ටිකක් ඉල්ලුවා. එයා මට වතුර එකක් ගෙනත් දුන්නෙ නෑ. එන්න කියලා වතුර බොන්න එක්කගෙන ගියා.

එයා - අර ඔයාට දැන් කියපු ටිකට තාත්තා මගෙන් උත්තර ගත්තු දවසෙම තමයි, මම ඉතුරු කෝටි 7 ගෙනිහින් අර කබඩ් එකේ හැංගුවේ. මං හිතුවා ඔයාගෙන් තැනක් ඇහුවොත් ඔයාත් එතන ම කියයි කියලා. මොකද මට ඔයාව හම්බුණේ නැත්තං ඔයා නවතින්නෙත් ඒ කබඩ් එකේනෙ.

මම - එතකොට තව කෝටි 7ක් කොහෙන්ද ඔයාට?

එයා - කෝටි 7ක් නැති වුණාට ගානක් නැති ගෙදරකට, කෝටි 14ක් දැනෙන්නෙත් නෑ. කෝටි 7 නැති වුණා කියලා එයාලට දැනෙන්න ඇරියෙත් මම ම තමයි. ඔයාව මගෙ ළඟට ගන්න වෙන විදියක් මට දැණුනෙ නෑ. ගොඩක් ගැහුවද ඔයාට?

 

2023 මැදින්

Sunday, October 9, 2022

අන්අවේලබල් මිනිස්සු

ඉස්සර මම හරි ආසයි අන්අවේලබල් වෙන්න. සිකුරාදා හවසකට ආදරේ කරන ගෑනු දෙන්නටම කතා කරලා මම ඒ විත්තිය කියන සතුට මට තාම මතකයි. එක ගෑනියෙක් නං රණ්ඩු කරනවා. අනිත් ගෑනි බය වෙනවා. මුල්ම කෝල් එක දෙන්නෙ අලුතෙන් ආදරේ කරන්න ගත්තු කෙනාට.

මේ අද හවස සෙට් වෙන්න යනව. පාටිය යනව ඉරිදා හවස් වෙනකං. මම කොහේ ඉඳියිද දන්නෑ. බය වෙන්න දෙයක් නෑ. අපි 6 දෙනෙක් ඉන්නව. මොනවහරි ලොකු අවුලක් තිබ්බොත් විතරක් කෝල් කරන්න.

ඊළඟ කෝල් එක දෙන්නෙ පරණ ම ආදරේට. ඒ කෝල් එක දැන් දෙන්න වෙන්නැති එක ගැනත් හිතේ යම් තරමක දුකක් තියෙනවා.

අම්මෙ, අද රෑ පාටියක්. ඒක ඉවර වෙලා හෙට පාන්දරින් එහෙම්මම අපි යනව මොණරාගල. ට්‍රිප් එකක්. වැව්වල බහින්නෙ නෑනෙ මං කොහොමත්. ඉරිදා හවසට එන්නෙ. වැඩිම වුණොත් ටිකක් බොයි. තාත්තටත් කියන්න. මෙහෙම්ම ඔෆිස් ඇරිලා යනව මං. ඇඳුම් අරං ආවෙ.

ඔය කෝල් දෙක දුන්න ම හිත නිදහස්. ඊටපස්සෙ ඔෆිස් එක පිටිපස්සෙ ෂවර් එකට ගිහින් නාලා, ෂෝටක් දාලා, ඔෆිස් එක ඉස්සරහ බලාගෙන ඉන්නව මාව අරගෙන යන උන් එනකං. ඒ එනකං සිකුරාදා හවස ඔෆිස් ඇරිලා යන උන්ට ඇයි මම අද මේ ෂෝටක් දාගෙන ඉන්නෙ කියන එකට විස්තරේ කියනව. 

තාමත් ඉඳල හිටල මට එහෙම අන්අවේලබල් වෙන්න වෙලාවල් එනවා. අවුරුදු හැටටත් කිට්ටු මිනිහෙකුට එහෙම බ්‍රහස්පතින්දා හවස් වරුවක් තියෙනවද? කියල හිතෙයි. ඔව් තියෙනව. ඇයි කියලා හිතුවද බ්‍රහස්පතින්දා? අවුරුදු විස්සෙදි රස්සාවට ගිය අලුත මම හිටියෙ කොළඹ. ටවුන්හෝල් කිට්ටුව ඔෆිස් එකක. දැන් ඉන්නෙ තෙල්වලින් දියුණු වෙච්ච වැලි පිරිච්චි කාන්තාර සහ ආසියාතිකයො පිරිච්ච බිල්ඩිං තියෙන රටක. තාමත් මම කෝල් දෙකක් ගන්නව ගෑනු දෙන්නෙකුට. ඔව් මගේ අම්මා මැරිලා. මගෙ චරිතෙ ගැන කතාවෙ මුල් හරියෙදි හදාගත්තු හොඳ හිත දැන් බිඳිලා වගේද? එහෙම කරගන්න එපා.

මම මුල්ම කෝල් එක ගන්නෙ දැන් මම අලුතෙන්ම ආදරේ කරන ගෑනු මනුස්සයට. මං පුත්තුන්ට දූලට කියල විශේෂයක් නොකළට මට දූට කියවුණේ පුතා කියලා. 

පුතේ, මං යනව ට්‍රිප් එකක්. අපි 11ක් යනවා. ඩෙසර්ට් සෆාරි එකකුයි, තව මොනව මොනවද කරයි. මං ආපු ගමං ඔයාලවත් එක්කගෙන යන්නං කොහෙහරි. අම්මටත් කියන්න. 

අම්මටත් කියන්න කියලා කියපු එක දූගෙ හිතට දෙන පොඩි අල්ලසක්. ඒක අප්පච්චි මට විතරයි ආදරේ කියලා දූගෙ හිතට හිතවන්න දාන පුංචි මැජික් එකක්. අනික කොහොමත් දූත් දැන් වැඩ කරන්නෙ කොළඹ. ටවුන්හෝල් කිට්ටුව ඔෆිස් එකක. අනිත් කෝල් එ​ක දැන් ඉන්න දෙන්නගෙන් පරණ ලවු එකට.

මේ මම, කට්ටිය එක්ක පොඩි ගමනක් යනවා. මුං ඉතිං කාලෙකට පාරක් ඕවා දාගන්නව. නොගිහින් බෑ. එකට ඉන්න එවුන්නෙ. කෝල් කරන්න තරං වෙලාවක් හම්බෙන එකක් නෑ. පරිස්සමෙන් ඉන්න. 

මම මේ අන්අවේලබල් වීමට නං කැමති නෑ. කොටිම්ම අවුරුදු විස්සෙන් පටන්ගත්තු මුල් දශකය ඇතුළෙ ජීවිතේ සිද්ධ වුණු නොයෙක් හැලහැප්පිලි එක්ක මං අවුරුදු 30 වෙද්දිම, බියර් එකක් බිබී මැච් එකක් බලන්න කැමති, ගෙයින් එළියට සැපක් දාන්න යන්න අකමැති, සෝෆා එක තරම් හිතටත් ඇඟටත් ෆිට් වෙන තැනක් තවත් නැති පිරිමියෙක් බවට පත් වුණා.  මම අවුරුදු තිහෙන් පස්සෙ වගේ ආසා වු​ණේ ඉස්සර ක්‍රමේට විරුද්ධ විදියට අන්අවේලබල් වෙන්න. යාළුවොන්ට කතා කරලා, මේ සතියෙ නං වැඩ දාගන්නෙපා මචං මට ෆ්‍රීලාන්ස් වැඩ ටිකක් සෙට් වෙලා තියෙන්නෙ... කියලා කියන්න. ට්‍රිප් එකක් ප්ලෑන් කරද්දි ම, ඉස්සරහ වීක් එන්ඩ් දෙකේම මම අන්අවේලබල් කියලා කියන්නයි කැමති. ඇති දැන් මට. 

ඉපයීම සහ නිදහස අතර​ මේ ලෝකෙ නොපෙනෙ​න වගුවක් තියෙනවා. ඒ වගුවෙ ඉපයීමෙත් නිදහසෙත් ධන වුණු සහ ධනේ උඩට ගිය උන් ඉන්නව. ඍණ වුණුත් ඉන්නව. සල්ලි හොයලා නිදහසේ ඉන්න මිනිස්සු, දිගටම සල්ලි හොයන නිසා නිදහසක් නැති මිනිස්සු, කලින් කෙනෙක් හොයාලා දීපු සල්ලි නිසා නිදහසේ ඉන්න මිනිස්සු, සල්ලි හොයන්නත් විදියක් නැති මිනිස්සු වගේ කොට්ටාස ගොඩක් මේ වගුවෙ එකේක පැත්තට, එකේක තැන්වල ඇලවිලා ඉන්නවා. මම දිගටම සල්ලි හොයන නිසා නිදහසක් නැති මිනිහෙක්. ෆයිනෑන්ෂලි නිදහස් වෙන්න නං, ජීවිතේ නිදහස නැති කරගත යුතු මිනිහෙක් මම. සහ එහෙම කරන මිනිහෙක් මම. අවුරුදු හැටටත් කිට්ටු වෙලා තාමත් මට නිදහසක් ගැන හිතන්න විදියක් නෑ. මං ඒකට ආසත් නෑ. හැබැයි මට වෙන කරන්න දේකුත් නෑ. කසාද බැන්දානං, ළමයි හැදුවා නං, උන්ව ​ගොඩ දාන්නම ඕන.

දුවට දැන් 26ක්. දූ කසාද බඳින දාට මේ මගුල් නවත්තලා යනව ගෙදර. ගිහින් ගෑනිත් එක්ක ඉන්නව සතුටෙන්. එහෙම හිතුනු දවස් තියෙනවා. නැත්තෙ නෑ. දුවවත් දරුවො හැදුවෙ නැත්තං හොඳයි. මං කැමති නෑ, ආයෙත් පොඩි උන් හුරතල් කරන්න. ඊටත් වඩා මං කැමති නෑ මගේ දරුවො, මං මෙච්චර මහන්සි වුණාට පස්සෙත් ආයෙත් වගකීම් කර ගහගන්නවට. මේ හොයපු සල්ලි දුවටත්, දුවව බඳින කෙනාටත් හොඳටම ඇති ජීවත් වෙන්න. මට ජීවිතේ අන්තිම අවුරුදු විසි පහක් විතර කිසිම ඇගයීමක් නොලැබුනු මිනිහෙක්. මම ආසයි මම මේ කරන කැපකිරීම අගයනවට. ඒත් ඒක අගයන්න සමිතියක් වගේ දෙයක් හොයාගන්න නෑ. "පවුල වෙනුවෙන් මහන්සි වෙන පිරිමින් අගය කරන සමිතිය" කියලා එකක් නෑ. ඇගයුවේ නැතත් මේ වගකීමෙන් ගැලවෙන්නත් බෑ. දුක් වෙවී හරි කරන්න ඕන. අන්න එහෙම දුකක් දැණුනු වෙලාවට, මට හිතෙනව ජීවිතෙන්ම අන්අවේලබල් වෙන්න. මිනිහෙකුට නොමැරී ඒක කරන්න පුළුවන්ද? මොකද මම ආසා නෑ මැරෙන්න.

මට ජීවත් වෙන්න ඕන මගේ පවුල වෙනුවෙන් හෝ මගේ හිතමිතුරො, නෑදෑයො, මගේ ගම රට වෙනුවෙන් නෙමෙයි. මට දැන් ජීවත් වෙන්න ඕන මං වෙනුවෙන්. කිසිම ප්‍රශ්නයක් කිසිවෙක් නොඅහන, මං ආසා සින්දු, ෆිල්ම්, මැච්, කෑම, බීම, ගෑනු පිරිච්ච ලෝකෙක තනි වෙන්නයි මට ඕන. ඒත් ඒ වෙනුවෙන් මට කීදෙනෙකුට අන්අවේලබල් කියන්න වෙයිද? මට බෑ ඒක කියන්න. ඒ තරං හයියක් නෑ. එක්කො ඒ මිනිස්සු ඔක්කොම මැරෙන්න ඕන. මගේ සතුට වෙනුවෙන් කී දෙනෙක් කියලා මැරෙන්නද? ඒ ඔක්කොම එක පාර මැරිලා වැටෙන එක ඇත්ත නොවෙන හීනයක්. ඒ වෙනුවෙන් මම මැරෙන එක අන්අවේලබල් වෙනවා වගේම වැඩක් වුණත්, මට ඒ අන්අවේලබල් ගතිය විඳින්න විදියක් නැති වෙනවා. එනිසා ඒක කරන්නත් බෑ. මට දරුණු සමාජ රෝගයක් හැදුනොත්, මගෙ වටේ ඉන්න මිනිස්සු දාලා යාවි කියලා වතාවක් මට හිතුනා. ඒත් ඉතිං එහෙම වුණා කියලත් මට අන්අවේලබල් වෙන්න බෑ. පුදුම කරුමයක් මේක. ඒ හින්දයි මම මේ ප්ලෑන ගැහුවෙ. හිතේ ගිල්ටියටයි මේක මෙතන ලියල තියන්නෙ. මොකෙක්හරි මේක අනාගතේ දවසක කියවලා මාව හොයන්න හිතුවොත් හොයන්නෙ නැතුව ඉන්න. මොකද මට ඕන අන්අවේලබල් වෙන්න.

අරාබිකරේ මේ රටේ නීති තදයි. ඒකෙ මට ලොකු බලපෑමක් නෑ මොකද මං නීති විරෝධී වැඩ කරන මිනිහෙක් නෙමෙයි. හැබැයි නීති විරෝධී වැඩ කරන එවුන් නැතුවමත් නෙමෙයි. මං එහෙම එකෙක්ව අඳුනනවා. උගෙයි මගෙයි හමුවීම සිද්ධ වෙන්නෙ අමුතු ම විදියකට. අපේ පෙණුම බොහෝදුරට සමානයි. ඌ කොණ්ඩෙ තරමක් වවලා ඉන්න නිසා මිසක් අපි දෙන්නාව ඈතට වෙන් කරලා අඳුනගන්න සාධකයක් වෙන නැති තරම්. මට ඌව පාටියකදි හඳුන්වලා දෙන්නෙ අපි දෙන්නගෙම යාළුවෙක්. ඒ කාලෙ මමත් කොණ්ඩෙ වවලා හිටියෙ. මට ඒ යාළුවා කරපු හඳුන්වා දීම තාම මතකයි. "උඹ මූව අඳුනාගෙන ඉන්න එක හොඳයි. මොකද උඹලා දෙන්නගෙ පෙනුමත් එක්ක දවසක මුගේ හොර වැඩකට උඹේ අත් කැපෙන්නත් ඉඩ තියෙනවා" එවෙලෙට ඒක විහිළුවක් වුණා. මං ඌත් එක්ක තරමක් වෙලා කතා කරා. ඌ බහුලව භාවිතා කරන නම, මගෙත් උප්පැන්නෙ සඳහන් එහෙත් අත්හැර දාපු නමක්. කපිල. 

මං කපිලයාගේ හොර වැඩක් කියලා දෙයක් හොයාගන්නවත් නැතත්, ඒ කපිලයා අරක්කු බෝතලේ ඉඳන් වීසා එකට වෙනකං මගෝඩි වැඩ කරන එකෙක්. ඌ ඒවා හංගන්නෙත් නෑ. යම් වීරත්වයක් ඒ නිසා ගොඩනගාගෙන ඉන්නෙ. ලංකාවෙ උන් විතරක් නෙමෙයි, ඉන්දියන් බංගලි එවුනුත් ඌ දාන මෝඩ ජෝක්වලටත් බඩ ඉස්සරහට දාලා හිනාවෙන තත්ත්වෙක තියාගෙන හිටියෙ. ඉතිං මං කපිලයගෙන් ඇහුවා වගතුග. කපිලයට තරහකාරයොත් නැත්තෙම නෑ. උගේ බිස්නස් ටික කරගෙන ඉන්න අරාබිකරේ එවුන්, කපිලයා එක්ක තරමක් නොහොඳ වුණත්, පිරිස් බලය සහ ඒ පිරිසේ බලය අතින් මේ කපිලයා ඉස්සරහින්. හැබැයි කපිලයා යාළුවොන්ටත් ඉඳහිට හොර වැඩ කරා. ඒ නිසාම ඒ කපිලයාගෙයි මගෙයි ඇයි හොඳැයියක් තිබ්බට අවංක මිත්‍රත්වයක් තිබුණෙ නෑ. එදා බ්‍රහස්පතින්දා දවසක්. කපිලයා මාව මුණගැහෙනව කලබලෙන්.

කපිල සහ කපිල

 

"මචං මොකක්හරි පත්තු වෙලා, මට වට කරලා ෂොට් එක දෙන්නලු යන්නෙ. මාව බේරගන්න මොකක්හරි කරපං." ඌ ඒක කියද්දිම මට අවුලක් තේරුණා. ඌට මට කලින් කතා කරන්න ඕන තරම් යාළුවො හිටියා. හැබැයි ඌ මගේ ගාවට ආවෙම උගෙයි මගෙයි පෙණුමෙ සමානකම හින්දාමයි. උගේ ප්ලෑනක් තියෙන්න පුළුවන් ඌ වෙනුවට මාව පාවලා දෙන්න. මං ඒ හින්දා මං විහින්ම උගේ උගුළේ පැටළුනා. ඌට මගේ කාමරේ ඉන්න ඉඩ දුන්නා විතරක් නෙමෙයි, උගේ සන්තකේට මගේ සියළු විස්තර සහිත බලපත්‍රත් දුන්නා. මං ඌට නොකියපු දේකට කියලා කරේ, ඌ මගේ කාමරේ නිදාගත්තට පස්සෙ ගිහින් කොණ්ඩෙ කපාගත්තු එක විතරයි. විතරමයි. මං කොණ්ඩෙ කපලා නිකං හිටියෙ නෑ. අඳින පළඳින විදිය එක්ක පෙනුමත් තරමක් වෙනස් කරගත්තා.

අන්න ඒ විදියටයි දවස් 4කට පස්සෙ ලංකාවට මේ කපිලගෙ බොඩි එක නමින් ඒ කපිලගෙ බොඩි එක ගියේ. මෙහෙ පොලීසියෙන් ඒ කපිලව​ හෙවුවා. මං කපිල නැති වුණු දවසෙම ඒ කපිලගෙ අතුරුදන් වීමත් සිදුවීම මෙහෙට තරමක ආන්දෝලනයක් වුණා. ඒ කපිලගෙ අවුල් වැඩ දන්න නිසාම බොහෝදෙනෙක් සැක කරේ ඒ කපිල කියලා හිතාගෙන මාව මරාදාපු බවත්, ඒ කපිල පැනගිය බවත්. මෙහෙ යාළුවොත් එකතු වෙලා අපෙ ගෙදරට සල්ලි යවලා තිබුණා. මගේ ඔෆීසියෙන් මාසිකව යම් මුදලක් මගේ පවුලට යවන ගිවිසුමකුත් වෙලා තිබුණා. මේ දේවල් සිද්ධ වෙද්දිත් මං හිටියෙ ළඟපාත. හැබැයි තරමක් වැඩ දන්න එකෙක් එක්ක. ඌ මට හැදුවා බොරු බලපත්‍ර. මං දාගත්තා ඉන්දියන් නමකුත්. මොකද්දෝ මන්දා හේතුවකට මං ඒ ඉන්දියන් නමට Kapil කියලා කෑල්ලකුත් දාගත්තා. දැන් බළාපොරොත්තුව මාව මෙහෙන් පිටමං කරන්න. ඒ වෙනුවෙන් මං පෙනීහිටියා ඉන්ටවිව් ගණනාවකට. වයස තමයි තිබුණු ප්‍රධාන ප්‍රශ්නය. නමුත් ඉන්දියන් වීම නිසා ගොඩක් තැන්වල ඉන්දියානුවන් සිටීමේ වාසිය මටත් ලැබුනා.

අන්න ඒ විදියටයි මං හිම වැටෙන රටකට ආවෙ. මෙතන ඉඳන් කියන්න තියෙන්නෙ තරමක් හැංගුණු කතාවක්. නැත්තං මට අන්අවේලබල් වෙන්න බැරි වෙනව. මාසෙකට පාරක් මං පයින් ගිහින් දේශසීමාවක් පනිනවා. පැනලා බිරින්දෑගෙත් දුවගෙත් ගිණුමට සල්ලි ටිකක් දානව. මගේ ගැන හොයන තුරුම්පුවකට ඉතුරු ගෑනිට සල්ලි වැ​ටෙන රටට කිට්ටු යුරෝපෙ රටක් සහ කපිල් කියන ඉන්දියන් නම විතරයි. මං හිතනවා ඒ වැඩේ අමාරුයි කියලා. මොකද මේක පබ්ලිෂ් වෙන්න දාලා තියෙන්නෙ තව අවුරුදු ගානකට පස්සෙ. පබ්ලිෂ් වෙද්දි මං මැරිලද දන්නෙත් නෑ. 

ලංකාවෙ එකෙක් නෑ මෙහෙ. කෑමත් රහ නෑ. ගෑනුන්ගෙත් මහ රහක් නෑ. මටත් දැන් හැටක්නෙ. උන්ටත් රහ නැතුව ඇති. මහ ලොකුවට සල්ලිත් නෑ. හොයපු බර ගානක් මගේ මේ අන්අවේලබල් වීම වෙනුවෙන් වියදං කරා. දැන් මං කිසිම ප්‍රශ්නයක් කිසිවෙක් නොඅහන, මං ආසා සින්දු, ෆිල්ම්, මැච්, කෑම, බීම, ගෑනු පිරිච්ච ලෝකෙක තනි වෙලා ඉන්නෙ. ළඟපාත මැච් එකක් තියෙන දවසට බලන්න යන්න ආසයි. ඒත් ඒවයෙ කැමරා තියෙන නිසා බයයි. ඉඳලා හිටලා ගෑනිගෙ කටහඬ අහන්න කෝල් එකක් දෙන්න හිතයි. ඒත් මේ පැත්තෙන් කතා නොකර ඉද්දි සැක හිතෙයි කියලා බයයි. ආයෙ කටහඬට ලෝබ වෙලා යන්න හිතෙයිද කියලා බයයි. කාටවත් ණය නං නෑ. හැබැයි බය තියෙනවා. මට ආයෙ කවදා හෝ අවේලබල් වෙන්න හිතෙයිද කියලා බයයි. එදාට අවේලබල් වෙන්න බැරි තරමට මං දැන් දුරක් ඇවිල්ලා නිසා බයයි. ඇත්තටම මං අන්අවේලබල්ද කියලා මට සැකයි.


Saturday, October 8, 2022

අත ගිලිහෙන තැන

මම ඒ මනුස්සයව මුලින් ම දැක්කෙ ඉස්කෝලෙදි. අපේ ඉස්කෝලෙ ස්පෝට්ස් මීට් එකට එක තරගයක් තියෙනවා ස​හෝදර පාසැල් අතරෙ. ඒ තරගෙ සහාය දිවීම දුවන්න අපේ අල්ලපු වැටේ ඉස්කෝලෙන් ආපු හතර දෙනාට ඒ මනුස්සයත් තේරිලා තිබුණා. හැමෝම කිවුවෙ මනුස්සයා මාර වේගෙන් දුවන නිසා උගේ ලැප් එකේදි ඕන ම ලීඩ් එකක් අල්ලලා දිනන්න ආනන්දෙට පුළුවන් කියලයි. ඉතිං මං ඌට සාප කරා. උගේ කකුල කොර වෙන්න. සාපෙ වැඩ කරාද නැද්ද කියන්න දන්නෙ නෑ. ඌට අන්තිම ලැප් එක හිතපු තරං වේගෙන් දුවන්න බැරි වුණා. අපේ ඉස්කෝලෙ එකාටත් බැරි වුණා. වෙනිං ඉස්කෝලෙක උන් තමයි ඒ තරගෙ දිණුවෙ. ඒ විදියට තමයි මට ඌ ගැන මුලින් ම මතකයක් හිතේ ඇති වුණේ. එදයින් එදා මං ඌව ඉස්කෝලෙ කාලෙ ඇතුළෙ දැක්කෙ නෑ.

ඊට පස්සෙ මං ගියා රස්සාවකට. මහා නම්බුකාර නැති, සමාජයෙත් මහා ලොකු පහත් බවකුත් නොදකින රස්සාවකට. ඒක කරගෙන හම්බුකරපු සල්ලි මම පුළුවන් තරම් ඉතුරු කරා. ආතල් එකක් කියලා ගත්තෙ හවසට වැල්ලවත්තෙ සෙල්ලං කරන්න ගියාම විතරයි. ඒ දවස්වල මම වැල්ලවත්තෙ සෙල්ලං කරේ දෙහිවල යාළුවො ටිකක් එක්ක. අපි වැඩිපුරම කරේ බීපු එක. ක්‍රිකට් ගහන එකත් අතරින් පතරෙ සිද්ධ වුණා. ක්‍රිකට් ගහන්න ගිය දවසකත් මම ඒ මනුස්සයව දැක්කා. ඒ යකා දැන් ඩිග්‍රියක් කරනවලු. වැල්ලවත්ත ළඟ පාත ප්‍රයිවට් කැම්පස් එකක. එතන ඩිග්‍රිය අස්සෙ ඒ කොල්ලො ටික ඇවිත් ක්‍රිකට් ගහනව. ඌට මතක නෑ මාව. හැබැයි මට මතකයි ඌව. මුල් දවස්වල ප්‍රයිවට් කැම්පස් එකේ බුවාලා එතන ඉද්දි මගේ හිතට ආවෙ කේන්තියක්. හැබැයි මූව දැකපු දා ඉඳන් ඒ කේන්තිය නැති වුණා. මගේ හිතේ ඌ ගැන අනුකම්පාවක් තියෙනවා. මොකද මම තාම හිතනවා එදා ඌට හිතපු තරං වේගෙන් දුවලා ගේම් එක දිනන්න බැරි වුණේ මගේ සාපෙ වැදිච්ච නිසා කියලා.

ඔය අවුඅස්සෙ තමයි මගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ. මිනිස් ආශ්‍රය අවම කරනවා. හොඳ ම යාළුවොත් දුරස් කරනවා. ගෑනු එක්ක ආස්සරේ තියාගෙන හිටියට ඉස්සර තරම්ම උන් ළඟ දිය නොවී ඉන්න මම උත්සාහ කරනවා. ඒ අතරෙ තමයි මේ සල්ලි ගහට කරගහන්නෙ. ඒක වේලකට ග්‍රීක් යෝගට් එක්ක ස්ට්‍රෝබෙරි කන, විවේකයක් ගන්න ප්‍රංසෙට යන ජාතියෙ ගෑනියෙක් මට ඉඳලම නෑ. ඒකි මට කැමති වුණේ මං වැඩිය සද්ද බද්ද නැති එකෙක් නිසාලු. මාත් ඉතිං ගෙම්බා වගේ හිටියා. එයා තමයි මාව ලංකාව ගහන වන් ඩේ සීරීස් එකක් බලන්න ඕස්ට්‍රේලියා​වෙ එක්කගෙන ගියේ. ඒක ලංකාවේ එවුන් කුණුහරුප පලපු මැච් එකක්. මුලින් කේන්තියට. පස්සෙ සන්තෝසෙට. මං එදාත් අරූව දැක්කා. මුලු ප්‍රේක්ෂකාගාරෙම නැගිටලා යද්දි මාලිංගවයි මැතිවුස්වයි විශ්වාස කරලා ඌ වාඩි වෙලා හිටියා. මුරලි අන්තිම ලකුණ ගැහුවම තමයි ඌ පුටුවෙන් නැගිට්ටෙ. ඌ සන්තෝසෙන් අප්පුඩි ගැහුවා. මං ඌ දිහා බලාගෙන හිටියෙ. ගෑනි මගෙ කලිසමට උඩින් අත තියාගෙන මිරික මිරික හිටියෙ. ඒකිට බියර් දෙකක් ගහපු ගමං කුලප්පුවක් හැදෙනවා. මට එදා හිතුනා අරූ එක්ක කතා කරන්න. ඒත් ගෑනි ඇඳට පනින්න බලං හිටපු නිසා මට ඒකට වෙලාවක් ආවෙ නෑ.

මට මූව පුදුමාකාර විදියට තැන් තුනකදි මුණගැහෙනවා. ඒක හිතට පුදුමයක්. මං ගෑනිත් එක්ක වැඩිය ​දේවල් ෂෙයා කරගන්නෙ නැති නිසා මං ඒකිට මූ ගැන මොකුත් කියන්න ගියේ නෑ. එදා මැච් එක දවසෙ ගොඩක් ලංකාවෙ එවුන් ලංකාවෙ ටීෂර්ට් ඇඳගෙන ඇවිත් හිටියට මූ ඇඳන් හිටියෙ සුපර්මාකට් එකක ටීෂර්ට් එකක්. මං ඉතිං මැච් නැති දවසෙ මේ සුපර්මාකට් චේන් එකේ දෙක තුනකටවත් ඔළුව දාන්න හිතුවා. මට ඌ එක්ක කතා කරන්න ඕන වුණා. මං ගෑනිව හොටේල් එකේ තියලා ගියේ. මං සුපර්මාකට් එකට ඇතුළු වෙද්දිම දැක්කා ගෑනියෙක්ව. ඇස් නැවතුනා. මං සාමාන්‍යයෙන් සුදු ගෑනුන්ට ආසා නැති වුණත් මේක නං හිත කෙනිත්තුවා. ලස්සන පස්සක්, පිරිච්ච දෙතනක්, කොට කොණ්ඩයක් එක්ක ලස්සන බුරියක් තිබුණා එයාට. කරුමෙට ම මගේ ටීෂර්ට් අනුමානය හරි වුණා. ඒක ඇතුළෙ මූ ඉන්නවා. මට ඌට කියන්න දෙයක් හිතාගන්න බෑ. "මචං මං උඹ අපේ ඉස්කෝලෙ දුවද්දි උඹව පරදින්න සාප කළා" කියලා කියන්න මට හිතෙන්නෑ. මං බලං හිටියා. මූ අර ගෑනිට චිට් එකක් දුන්නා. ඒකිත් වල් හිනාවක් දාලා ඒක ගත්තා. මට උන් දෙන්නගෙ දැහැනට බාධා කරන්න ඕන වුණේ නෑ. මං ගියා හොටේල් රූම් එකට. එදා අර ගෑනිව හිතේ මවාගෙන මං මගෙ පෙම්වතියව පෙරළගත්තා.

හොඳ විවේක කාලයක් අරගෙන ලංකාවට ඇවිත් මං සුපුරුදු සල්ලි පොරේට වැටුනා. රස්සාවෙත් ලොකු අවුලක් නෑ. සල්ලිත් තියෙනවා. ගෑනුත් ඉන්නවා. යාළුවො දුරස් කරපු නිසා එක එකාගෙ හිත හදන්න නෑ. කැමති විදියට කැමති තැනක බොන්නයි තියෙන්නෙ. ඔය විදියට අවුරුදු දෙකක්වත් යන්නැති. ගෑනු දාලා ගියා. තව එවුන් යන පාටක් පේන්නවත් තිබ්බෙ නෑ. ඔය අතරෙ තමයි ලොකු තාත්තා නැති වුණේ. තාත්තා හිටියේ ලොකුවටම අවුලෙන්. එයාගෙ අයියනෙ. මාත් වැඩිය නෑදෑ ආස්සරේ නැති වුණත් ගිහින් ලොකු තාත්තගෙ මිනිය දිහා බලං හිටියා. උන්නා වගේමයි. පොර ජීවත් වෙච්ච කාලෙත්, වැඩි කතා බහක් නැතුව හිටපු නිවිච්ච මිනිහෙක්. එහෙම එකක් මැරුණමත් ඉතිං ඒ වගේ. අරක්කු ඉවරයි. කැස්බෑවෙ බාර් එක වහලා. මට එතන සෙනග මැද්දෙ පොර ටෝක් දෙන්න බැරි වුණත් මං අඳුරන එකක් හිටපු නිසා ත්‍රීවීල් එකක් දාගෙන ඌව හම්බෙන්න ගියා මිරිස්වත්තට. මිරිස්වත්තෙන් මට ඕල්ඩ් බෝතල් දෙකක් ඩැහැගන්න පුළුවන් වුණා. බෝතල් දෙක බෑග් එකක දාගෙන හැරෙද්දි අරූ ඉන්නවා. මිරිස්වත්තෙ හන්දියෙ ෆ්‍රයිඩ්රයිස් එකක් ගන්න පෝලිමේ. දෙකක් දාගෙනත් හිටියෙ. තව දාගන්නත් බඩු අතේ තියෙන නිසා මූට කතා කරන්නම හිතුනා. ඒත් ත්‍රීවිල් එක අරං ආපු එකාට ආයෙ ගිහින් බොන්න හදිස්සිය. එනිසා එදාත් ඌව මගහැරුණා.

අවුරුදු දහයක්ම එකම රස්සාව කරාට පස්සෙ වෙනසක් ඕන වෙනවා. කතාවට කියන්නෙ තමුන් කැමති ෆීල්ඩ් එක තෝරගන්න එක අවුරුදු 27ට කලින්වත් කරන්න කියලයි. 27න් පස්සෙ ඒ ෆීල්ඩ් එකේ වෙනිං රස්සා කරනවා මිසක් ෆීල්ඩ් එක වෙනස් කරන්න එපා කියලයි කියන්නෙ. මං අවුරුදු 31දි ෆීල්ඩ් එක වෙනස් කරනවා. ඊටපස්සෙ ඉන්නෙ වෙනිං පොරේක.   

මහ ලොකු වෙනසකුත් නෙමෙයි. පුරුදු රස්සාවම වෙනිං ප්ලැට්ෆෝම් එකකට කරන්න ගන්නවා. පඩිය වැඩියි, නිදහස අඩුයි පන්නයේ රස්සාවක්. සාමාන්‍යයෙන් මං මුලින් ගෙවපු රස්සාවට වඩා තරමක පොෂ් කල්චර් එකක් තියෙන රස්සාවක්. මේකට මට හැඩ ගැහෙන්න පුළුවන් වෙයිද කියලා දෙතුන් වතාවක් හිතුණු රස්සාවක්. ගිහින් පළවෙනි දවසෙ පුටුවෙ වාඩි වෙලා බලං හිටියා. මාව අඳුනගන්න එවුන් ආවා. උන්ටත් මම මාව හඳුන්වලා දුන්නා. ඒ අතරෙ මූ ආපි. "මචං මං..." කියලා ඌ කියන්න පටන්ගත්තු විස්තරේ දිහා මං අහං හිටියා. මට පුදුමයි මේ හමුවීම ගැන. අවුරුදු පහළොවකට විතර පස්සෙ ඌයි මායි මුලින්ම අතට අත දුන්නා. මට කියන්න හිතුනා මම තමයි උඹෙ කකුල කොර වෙන්න කියලා මීට අවුරුදු පහළොවකට කලින් සාප කරේ කියලා. ඊටපස්සෙ මට හිතුනා වැල්ලවත්තෙ ක්‍රිකට් ගහන කාලෙත් උඹ හොඳ විකට් කීපර් කෙනෙක් කියලා කියන්න. ඊටපස්සෙ මට හිතුනා මෙල්බන්වල සුපර්මාකට් එකට ආපු ගෑනිව උඹට දීලා මම නිදහස් වුණු විත්තිය කියන්න. අන්තිමට ම ලොකු තාත්තගෙ මළ ගෙදර දවසෙ උඹ ෆ්‍රයිඩ් රයිස් පෝළිමේ හිටිය බව දැක්කා කියල කියන්න. මං ඒ මොකුත් කිවුවෙ නෑ. මේ ඔක්කොම හිතනකනුත් ඌ පිස්සෙක් වගේ කතා කරගෙන ගියා.

ඌයි මායි එකම ප්‍රොජෙක්ට් වෙනුවෙන් වැඩ කරන එවුන්. ඌයි මායි යාළුවො වුණා. ඌයි මායි කන්න බොන්න ආසා ගොඩක් වෙලාවට එකම දේ. ආසා කරේම එකම විදියෙ ගෑනුන්ට. හම දුඹුරු, තරමක් මහත, කොණ්ඩෙ ක්‍රේල් ගෑනු. ඌ අරක්කු බොන්නෙ නෑ. උටත් එක්ක හරියන්න මං බිවුවා. දවසක් ඌ මට කිවුව ඌ බොනව කියල. ඌ ප්‍රසිද්ධියේ නොබොන්න හේතුවත් ඌ කිවුවා. ඌ වැඩිය කැමති නෑ මිනිස්සුන්ට. මට ඒක තේරෙනව. මාත් කැමති නෑ මිනිස්සුන්ට වැඩිය. මං ආසා තනියම ඉන්න. ඉතිං ඌයි මායි බොන්න පටන්ගත්ත. මං මේ වෙද්දිවත් ඌට කියලා නෑ මම ඌ ඉස්කෝලෙ යන කාලෙ දුවද්දි කකුල කොරවෙන්න ප්‍රාර්ථනා කරා කියලා. යාළුකමේ බැඳීම ගොඩක් වැඩිවෙන්නෙ මට ප්‍රශ්නයක් ආපු වෙලාවෙ. 

මට එනවා කෝල් එකක්. ඒක තරමක් භයානකයි. මගෙත් මගේ ආදරවන්තියකගෙත් නිරුවත් වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට එකතු වෙලා. ඒ දේ කරේ මම කියලා තමයි මට කෝල් එක එන්නෙ. ඒ ආදරවන්තියගේ වර්තමාන ස්වාමිපුරුෂයා තමයි මේ චෝදනාවත් ඒකට සමගාමී තර්ජනයත් මට එල්ල කරන්නෙ. ඒත් මං එහෙම දෙයක් කරේ නෑ. ඒක ඇත්තටම එහෙමයි කියලා පිළිගත්තේ මමයි මගේ මිත්‍රයයි විතරයි. අනිත් හැමෝම හිතුවා මම ඒ දේ කරපු විත්තිය. ඒ වීඩියෝ තිබුණෙත් මගේ කලින් පෙම්වතියගේ සතුව බවත්, මෙය ඇයට වැරදීමක් සිද්ධ වුණු දෙයක් බවත්, ඇය වෙන කරන්නට දෙයක් නොතිබූ නිසා මා මේ දැලට හසු කළ බවත් මට පැහැදිලියි. මම පැහැදිලි ලෙස විශ්වාස කරන දේ උට පැහැදිලියි. රැකියාවෙන් ඉවත් වෙන තැනටම වැඩ සිද්ධ වෙද්දි, අන්ත අසරණ වෙද්දි, මං බිබී කියවන මනස්ගාත අහගෙන හිටියෙ ඌ විතරයි. දවසක් ඌ කිවුවා මේකට ඌ ගේමක් ගහන්නං කියලා. මම දන්න තරමින් ඌ ගේම් ගහන එකෙක් නෙමෙයි. 

මං එවෙලෙ ඉගෙනගත්තා දෙයක්. මිනිහෙකුට අත ගිලිහෙන තැන අත දෙන්න ඉතුරු වෙන්නෙ යාළුවෙක් විතරයි කියන එක. සාමාන්‍යයෙන් අපිට හිතෙන්න පුළුවන් අම්මා හෝ තාත්තා ගැන. සහෝදර සහෝදරියො ගැන. නැත්තං ආදරය කරන සහකරුවා හෝ සහකාරිය ගැන. නමුත් අත ගිලිහෙන තැන එන්නෙ ඒ සියල්ල පසු වුණාට පස්සෙ. එනිසා අත ගිලිහෙන තැනට ආවම අත දෙන්න ඉතුරු වෙන්නෙ යාළුවෙක් විතරයි.

ජීවිතේ අපි අලුතෙන් දේවල් ඉගෙනගන්නවා. දැනට ඉගෙනගත්තු දේවල් එක්ක මේ මොහොතෙදි හොඳට ම හරි කියලා හිතට හිතෙන දේ අපි කරනවා. යාළුවෙක් තෝරගනිද්දි අවුරුදු විස්සෙදි හිතුවට වඩා දේවල් විසිපහේදි හිතනවා. තිහේදි ඊටත් වඩා හිතනවා. වයස අවුරුදු තිස්පහේදි හිතට අවංකව යාළුවෙක් තෝරගන්නවා කියන්නෙ ඒ මනුස්සයා මේ ලෝකෙ ඉන්න හොඳම ජාතියෙ එකෙක් වෙන්න ඕන. මම මේ කිවුවෙ අපි අවංකව යාළුවො කියලා පිළිගන්න අය ගැන මිසක්, හවසට අඩියක් ගහන, එක පාරෙ ඉන්න, එක ඔෆිස් එකේ ඉන්න අය නිසා ෆිට් වෙච්ච උන් ගැන නෙමෙයි. මගේ යාළුවට තියෙනවා මට නොකියපු රහසක්. ඌ තාම මට කිවුවෙ නෑ මාව මේ මර උගුලෙන් බේරගන්න ඌ ගහපු ගේම මොකද්ද කියලා. මටත් තියෙනවා මම උට නොකියපු රහසක්. මම තාම ඌට කිවුවෙ නෑ, ඌව දැකපු පළවෙනි දවසෙ මම උගේ කකුල කොරවෙන්න කියලා ප්‍රාර්ථනා කරපු විත්තිය.



Thursday, January 6, 2022

බඩුවක් ගහන එක තමයි විනෝ​දෙ

ඒ තමයි උගෙ පළවෙනි වතාව. ඌ හිතාගෙන හිටියෙ ඒක මාර ත්‍රිල් එකක් කියලා. දෙපැත්තෙ අත් වදින තරමට හීනි, දෙන්නෙකුට මාරු වෙන්න බැරි පුංචි පඩිපෙළ දිගේ උඩට නගිද්දි හිතට ආවෙ අමුතු හැඟීමක්. ඒක ස්පා එකක් ඇතුළෙ වැඩක් කරගන්න පුළුවන් තැනක්. ඉතිං ඌ ඒ වැඩේ කරගත්තා. ඒක උගේ පළවෙනි වතාව. ඇඟ හිරි වැටිලා ශුක්‍ර පථනය සිද්ධ වුණාට පස්සෙ ඌට ලොකු හිඩැසක් දැණුනා. ඌ හෙව්වා ඒ අවුල මොකද්ද කියලා. කියන්න තේරෙන්නෙ නෑ. කාගෙන්වත් අහන්න තේරෙන්නෙත් නෑ. ඌට ඒ ගෑනිගෙන් අහන්නත් බෑලු. මොකද ඒ ගෑනිගෙ මූනෙ කිසිම හැඟීමක් තිබුණෙ නෑ. ඌ ගෙදර ආවෙ හිරි වැටිලා ඇකිළිලා ගිය ශිෂ්නයේ එල්ලිලා තිබ්බ කොන්ඩම් එකත් සාක්කුවෙ දාගෙන. ඒක තමයි උගෙ ඒ අමරණීය මතකයේ භෞතික සිහිවටනය.

ඌට මතකයි මුලින් ම උගේ හිතේ නම ගම දන්න, හැටි සොබාව දන්න, කෙල්ලෙකුට හිත ගිය වතාව. සාමාන්‍යයෙන් අපි හැමෝටම වගේ උටත් ආස්සරේ නොකරපු නිළියොන්ට, බස් එකේ ගිය නම නොදන්න ගෑනුන්ට ආසා හිතිලා තිබුණා. ඒත් මුලින්ම හිතේ කැමත්තක් ආවෙ ඔෆිස් එකේ එකට වැඩ කරපු කෙට්ටු කෙල්ලෙකුට. ඒ කෙල්ල තියා ඔෆිස් එකේ හිටපු කිසිම කෙල්ලෙක් හිතාගෙන හිටියෙ නෑ, මුල්ම දවසෙ රස්සාවට ආව තනතුරේම ඊ​ට අවුරුදු තුනකට පස්සෙත් ඉන්න, වෘත්තීය සුදුසුකමක් නැති, මීටකලින් රස්සාවක් කරලත් නැති, මූනත් කැත පිරිමියෙක් තමුන්ගෙන් කැමැත්ත අහයි කියලා. හැබැයි ඒ හැමෝම මූ එක්ක යාළුකම් තියාගත්තා. ඒවා ලාබ ප්‍රයෝජන වෙනුවෙන් තියාගත්තු යාළුකම් නොවන අවංක යාළුකම්. ඌ ඒ ගැන සතුටු වුණා. ඒ අතරින් එක කෙල්ලෙක් ගැන තමයි මුට ආසා හිතුණෙ. හැබැයි ඌ ඒ ගැන කාටවත් කිවුවෙ නෑ. මොකද කියන්න බෑ. හැමෝම හිතන්නෙ මූ විහිළුවක් කරනවා කියලා. ඒ ඔෆිස් එකෙන් ඕකට කවුද හිර දෙන්නෙ?

ඔෆිස් එකේ ලස්සන කාර් තියෙන, සල්ලි ඉතිරෙන්න තියෙන, ඇඟ ලස්සනට හදපු, තනතුරු උසස් ආදී නානප්‍රකාර පිරිමි මේ කෙල්ලට කැමතියි. ඒ කෙල්ලට හිටියා කොල්ලෙක්. ඉන්න බව ලෝකෙන්ම හංගපු කොල්ලෙක්. ඌ ඉන්න බව විතරක් මූ දැනගෙන හිටියට, ඌ සුදුද කළුද කියලවත් මූ දැනගෙන හිටියෙ නෑ. ඒ කෙල්ල ඒ බවක් මූට ඇරෙන්න ඔෆිස් එකේ වෙන කාටවත් කිවුවෙත් නෑ. ඒ බව දැනගත්තොත් කෙල්ලට තියෙන බැල්ම අඩුවෙයි කියලා කෙල්ලගෙ හිත කියන්න ඇති. මූ එහෙම හිතුවා. ඒ කෙල්ල ඔෆිස් එකේ එකෙකුට අවංක වුණානං වුණේ මූට විතරයි. මොකද ඒ කෙල්ල හිතුවෙ නෑ මූ ඒ කෙල්ලට කැමැත්තෙන් ඉඳියි කියලා. මූ අහගෙන හිටියා දවසම එයා කියන ඒ අවංක අදහස් හැම දෙයක්ම. හැබැයි එයාට කියන්න තිබ්බ අවංක අදහස මූ කිවුවෙ නෑ. ඔය අතරෙ තමයි පෝන් සයිට් එකක ඒ කෙල්ල වගේම පෙණුම තියෙන කෙල්​​ලෙකුගෙ වීඩියෝ එකක් දැක්කෙ. ඒක ස්පා එකක්. මූ ඒ වීඩියෝ එක බැලුවාලු දහස් වතාවක්. ඒත් ලිඟුව ප්‍රාණවත් වුණේ නෑලු. ආසාවෙන් බලාගෙන හිටියා ඒ කෙල්ලගෙ වීඩියෝ එක. එච්චර ආසා කෙල්ලව පෙනිලත් ඇයි මේක වැඩ නොකරන්නෙ, දබර ඇඟිල්ලෙන් අප්‍රාණික ලිඟුවට තට්ටුවක් දාන ගමං මූ හිතුවා. වීඩියෝ එක ඉවර වෙන හැම මොහොතකම අප්‍රාණික ලිඟුව දිහා බලාගෙන මූ හිතුවා "මේකටද ආදරේ කියන්නෙ?" කියලත්.

ඒ වීඩියෝවෙ කෙල්ලගෙ මූන කට පෙණුම මුගේ හිත ගිය ඔෆිස් කෙල්ලගෙ වගේ වුණාට උවසුනත් බක්කියත් වෙනස්. බක්කිය කියන්නෙ පස්සට බව දන්න උන්ට උවසුන කියන්නෙ මොකටද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඔෆිස් එකේ කෙල්ලගෙ උවසුනත් බක්කියත් ලස්සනයි. හැබැයි ඒ වීඩියෝවෙ ඉන්න මූන නොපෙනෙන පිරිමියාගෙ කටහඬ හොඳට අහලා පුරුදුයි. ඒ කටහඬ කාගෙද කියලා තහවුරු කරගත්තෙ වීඩියෝවෙ මැද පෙනී නොපෙනී යන උරහිසේ ගහපු ටැටූ එකකින්. මූ දැන් දන්නවා මේ කෙල්ල එක්ක ආලිංගනයේ යෙදෙන පිරිමියාව. ඌ මුගෙ යාළුවෙක්. වීඩියෝ එක ලීක් කරලා තියෙන්නෙත් ඌමයි. ආතල් එකට. ඌ හිතුවෙ නෑලු කවුරුත් ඌව අඳුරගනියි කියලා. ඒත් ඇටෙන්ෂන් ටු ඩීටේල් කියන්නෙ අපේ කතා නායකයගෙ විශේෂිතම හැකියාවක්. මූ කතා කරලා අහගත්තා උගෙන් මෙයා ගැන. ගියා ස්පා එකට, අරූ කියපු නම කියල ම ඇහුවා. රිසෙප්ෂන් එකේ හිටපු ගෑනි මූන දිහා දෙපාරක් බලලා, කාමරේට යන මග පෙන්නුවා. එතන ඉඳන් වැඩේ පොඩ්ඩක් ගැස්සුනා. ඒ කෙල්ලගෙ කම්මුලේ ඇඟිලි පාරක්. ලොකු කම්මුල් පාරක් කාලා. ඒ ගැන කතා කළා. ඒ කෙල්ලගෙ වීඩියෝ එකක් ලීක් වෙලාලු. හොරෙන් වීඩියෝ කැමරා සෙට් කරනකං ඇහැ කන පියාගෙන හිටියාද කියලා ඒ කෙල්ලට ගහලා ඒ කෙල්ලගෙ වෘත්තිය ජීවිතේ හිමිකාරයා. අපේ කතා නායකයා කියලා නෑ මූත් ඒ වීඩියෝ එ​ක දැකලා ඒකිට හැමිණෙන්​ඩ ආපු විත්තිය.

ඒ මොහොතේ ඉඳන් කිහිප අවස්ථාවකදිම සුරතාන්තයට ඔන්න මෙන්න තියෙද්දි උට මතක් වෙන්නෙ ඌ නොදැකපු එකෙක් ඒ කෙල්ලට ගහපු කම්මුල් පාර. ඉතිං යන්නෙම නෑ. ඒ කෙල්ල උත්සාහ කරන්නෙ මූට යවන්න. ඒ කෙල්ලගෙ කටහඬත් ඔෆිස් එකේ ක්‍රෂ් එකට වඩා වෙනස්. තමන්ගෙ ඇඟ උඩ ලස්සන ගෑනියෙක් ග්‍රැනයිට් මතුපිටක කැරකෙන බඹරයක් වගේ වට ගහද්දිත් මුගේ හිතේ මැවෙන්නෙ මුගේ ආදරේ. ඒ මොහොතෙ මූට මතක් වුණා, මුගෙ බර්ත්ඩේ එකට ඔෆිස් එකේ කෙල්ල තෑග්ගකුත් දෙන අතරෙ දීපු හග් එක. එදා ඒ පපුව තද උනාම පුළුන් කොට්ටයක් තුරුළු වුණා වගේ දැණුනත්, ඒක සුවපහසු හැඟීමක් මිසක් රාගික හැඟීමක් විදියට මුට දැණිලා නෑ. කොහොමහරි චිරි චිරි ගාන ස්පා ඇඳ​ක යාන්තං ආසන්න සුරතාන්ත අවස්ථා හයකට විතර පස්සෙ ඌට ගියා. ඒක ගැන ඒ කෙල්ල සතුටු වුණාට මුගේ හිතට සතුටක් ආවෙ නෑ. මොකද ශුක්‍ර පථනය සිද්ධ වෙන වෙලාවෙත් මුගේ හිතේ හිටියෙ අර කෙල්ල, ඔෆිස් එකේ කෙල්ල. මුගේ සිරුරෙන් ඒකි වෙනුවෙන් ශුක්‍ර පථනයක් සිද්ධ වෙච්ච පළමු වතාව. මුගේ ජීවිතේම හිස් වෙලා. මේ මොකද්ද වුණේ කියලා, "ඒ කියන්නෙ මං දැන් එයාට ආදරේ නැද්ද?"

පහුවදා උදෙන්ම ඔෆිස් ගියා. අරයා එන්නෙ සාමාන්‍යයෙන් තරමක් වෙලා ගිහින්. මූට ඕන වුණේ එයා දැක්කම අදත් නගියිද කියලා දැනගන්න. අදත් නැග්ගොත් එතන ආදරයක් නෑ කියලා මුගේ හිතට ප්‍රත්‍යක්ෂ කරගන්න. මූ ගිහින් බලාගෙන හිටියා. තාම කවුරුත් ඔෆිස් එකට එන පාටක් නෑ. වැඩි දෙනෙක් නොයක අයිනක තිබ්බ වොෂ්රූම් එකට වෙලා මූ වාඩි වෙලා හිටියා කොමෝඩ් එක උඩ. එතන එහා පැත්තෙ තියෙනවා පාවිච්චියකට නොගන්න ඉස්ටෝරු කාමරයක්. ඕකට කවුරුහරි යන්නෙ, ජොයින්ට් එකක් ඔතාගන්න, එහෙම නැත්තං වීඩියෝ කෝල් එකක් ගන්න වගේ දේකට. මුට ඇහුණා ඒකෙ දොර ඇරෙනවා. මේ පාන්දර නිසා ඌ එතනට ගියා, ඒ කලබල සද්දය මුගෙ හිතේ ජවනිකා ගොඩක් මැවුවත් ඒ කිසිම දෙයක් මූ මේක ලිය​න මටවත් නොකියා දොර මුළ පේන තැනක එන උන්ට නොපෙනෙන්න බලා හිටියා. ආයෙ අමුතුවෙන් මේක කියවන උන්ට කියන්න දෙයක් නෑනෙ. එතනින් එළියට ආවෙ අර කෙල්ල. අපි මුලින් ​ම කියපු පිරිමි සනුහරෙන් එකෙක් එක්ක. මූට ඇඬුනා. මූ ඇඬුනු බව විතරක් මට කිවුවා.

එදා දවසම ළඟ ඉඳලත්, මොකුත් නොදන්න විදියට කතා කරලත්, දෙතුන් වතාවකට වඩා ඒකි මු​ගේ අතින් අල්ලලත් මූට ඒ කෙල්ල දිහා බැලුවම නගින්න තියා ආයෙ බලන්නවත් හිතුනෙ නෑ. දවස පුරාම මූට කීපවතාවක්ම ඇඬුනාලු. එක පාරක් ඉකිගැහුනත් එක්කලු. ඒ හැම වතාවකම අර කෙල්ල මූට වද දීලා තියෙනවා හේතුව කියන්න කියලා. මූ කියලා නෑ. මූ මොකුත්ම කියලා නෑ. අඩුම තරමෙ බොරුවක් වත්. බොරුවක් වත් කියන්න නොහිතෙන්නෙ මෙතන නං තියෙන්නෙ ආදරේම වෙන්න ඕන කියලා මූට හිතිලා. කොහොම වුණත් ආයෙත් මූ ගිහින් අර ස්පා එකේ කෙල්ලව හම්බෙන්න. මේ පාර නං රිසෙප්ෂනිස්ට් අමුතු විදියට බලලා නෑ. හොඳ හිනාවකුත් දාලා. ඒ ඇයි කියලා දන්නෙ නෑ. මූ ඒ ගැන අහල කාමරේට ගියපු ගමන්ම අර කෙල්ලගෙන්. එයා මෙයාලට කියලා මුගෙ පෆෝමන්ස්, ඝනකම, දිගුබව, ලිඟුවේ රුව ආදී දේවල් ගැන. ඒකයි අර හිනාව. එදත් පළමුදා තරම්ම සංයමයකින් වැඩේ සිද්ධ වෙලා. ෆෝන් නම්බරෙත් ලැබිලා. 


දැන් ඒ කෙල්ල මේ අයියා එක්ක කතා බහ කරනවා. සාමාන්‍යයෙන් චැට් කරන ස්පා එකක කෙල්ලෙක් වගේ මේ කෙල්ල දුක කියන්නෙ නෑ. මූ මුගේ හිතේ ඉන්න කෙල්ල ගැන ඔක්කොම කයි කතන්දර ඒ කෙල්ලට කියලා. ඒ කෙල්ලත් ඒ කතා අහගෙන හිටියා. හැබැයි ලොකුවට ඒ ගැන අදහස් දක්වන්න ගිහින් නෑ. මූ මට එවලා තිබ්බා දිග ටෙක්ස්ට් එකක්. මං ඒක කියවන්න කලින් මූ මට කිවුවා, ඒක මූ මුලින්ම ඒකිගෙ බෝඩිමට ගිය දවස ගැන ඌ විසින්ම උගේ වචනෙන්ම ලියපු එක්ස්පීරියන්ස් එක කියලා. ඒකටත් ලූ ලූ දදා ඒ කතාව කියන්න මට මහන්සියි. ඒ නිසා මම ඌ ඒකිට සල්ලි නොදී ගහන්න ගිය කතාව ගැන උගේ සටහන ම අලවන්නං මෙතන.




******************************


මට තේකක් හදාගෙන ඇවිත් මගෙ එහා පැත්තෙන් එයා වාඩි වුණා. බාගෙට බීපු සිගරට් එක ඈෂ් ට්‍රේ එකට ඔබලා වම් අතින් තේක අරගෙන දකුණු අත එයාගෙ කකුල උඩින් තිබ්බා. එයා කකුල තරමක් පළල් කරලා ඒ රෑ ගවුම ඇතුළෙන් අත දාගන්න මට පොඩි ඉඩක් හදලා දුන්නා. ලොකු දුරක් ඇතුළට යන්න කලින්ම, ඒ කකුල් දෙක මැදින් අතට තෙත ගතියක් දැණුනා. ඒ​ක හොඳ ඉඟියක්. සිගරට් එකෙන් වේලපු පපුව තේකෙන් තෙත් කරන ගමං, තනි කමෙන් වේලුං කාපු මගේ අත් එයාගෙ කකුල් මැද්දෙ තෙතමනයේ සුවපහසුව වින්දා. අත ටික ටික උඩට ගිහින් සිරස් තොල් මැද්දෙ පැටලෙද්දි එයා මගේ අතින් ඇල්ලුවා. අල්ලපු අත තද කරගෙනම එයා නැගිට්ටා. ඒ අත අල්ලගෙන එයා මාව එක්කගෙන ගියා ඇතුළට. ඒක පොඩි කාමරයක්. ඇඳන් දෙකක් තිබුණා දාලා. අනිත් ඇඳේ ඉන්න කවුරුත් ගැන අහන්න මට සිහියක් තිබුණෙ නෑ. මගේ සිහියෙ තිබුණෙ ඒ තෙත ගතිය විතරයි. හීනි වෙච්ච ඇස් දිහා බලාගෙන, කැරලි ගැහිච්ච කොණ්ඩෙ අස්සෙ මගේ අත් දඟ කරද්දි මම තොල් දෙක එයාගෙ බෙල්ලට තිබ්බ. මට දැණුනා එයා උඩට ගත්තු හුස්ම පහළට දැම්මෙ නෑ කියලා. බෙල්ල දිගේ තිබුණු නහර අතරෙ මගේ දිව සැනසුම සොයද්දි එයා අකමැත්තෙන් සහ ආසාවෙන් මගේ ඔළුව පහළට තද කරා. මගේ මූණ එයා නවත්තගත්තෙ පීදුනු තන පුඩු එක්ක හිරි ගඩු පිපුනු දෙතන මැද. එතනින් එහා මේ කතාව මට ලියාගන්න බෑ. එයා මගේ ඇඳුම් ඔක්කොම ගැලෙව්වට පස්සෙ මම එයාව ඇඳට වට්ටගත්තා. ඔව් මෙච්චර වෙලා අපි හිටියෙ බිත්තියකට හේත්තු වෙලා හිටගෙන. ඒ ඇඳට වැටෙද්දි මට තෙතගතියක් දැණුනා. ලොකු රවුමක් තෙත් වෙලා. එයා මං එන්න කලින් ම වැඩ පටන් අරං තිබ්බ විත්තිය මට හිතුනෙ, තේකත් අතේ තියං කකුල් දෙන මැද්දෙ යද්දි දැනිච්ච සුවඳම එතනිනුත් ආපු නිසා.


******************************


ඔය විදියට එවල තිබ්බ රාගාධික කතාව අකුරක් නෑරම මෙතන අලවන විත්තිය මම ඌට කිවුවා. මේ සිද්ධියෙන් පස්සෙ කීප වතාවක් දෙන්න අතරේ නොමිළේම ලිංගික ගනුදෙනුව සිද්ධ වෙලා. ඒක දැන් ටිකක් ආදරේකුත් වගේලු. කෙල්ල මූට ස්පා එකේ නටන සල්ලිවලින් තෑගිත් ගේනවලු. මූ නං තාම තෑගි දීලා නෑ. හැබැයි ආපු එළියට හැම වතාවකම කෑම වෙනුවෙන් ෆිල්ම් වෙනුවෙන් වියදං කරලා. අහල තිබ්බ කතාවල වගේ මූ මේකිට ස්පා එකෙන් අයින් වෙන්න කිවුවෙත් නෑලු. ඒකි අයින් වෙනවා කිවුවෙත් නෑලු. මේ ගිය සතියෙ ඉඳන් කෑම කෑවද කියලත් අහනවලු. මොකද දැන් කොයි වෙලෙත් ෆෝන් එකට එබිලා ඉන්නෙ කියලා ඔෆිස් එකේ අර කෙල්ල අහනවලු. මූ මොකුත් නෑ කියනවලු. ඒකි දවසක් හවස මූට කිවුවලු මූ එක්ක එළියට යන්න ඕන කියලා. මූ මගෙන් ඇහුවා කමක් නැද්ද කියලා. මං කිවුව මගෙන් අහල වැඩක් නෑ, කැමති දෙයක් කරපං කියලා. කොහොමහරි ඌ කැමති දේ කරලා.




දෙන්නත් එක්ක ගිහින් හවසක ලොකු කොෆී ෂොප් එකකට. කතා කළාලු. ඇයි අර දවස් ගානක් ඇස්වල කඳුළු තිබ්බෙ? කියලා ඇහුවලු. මේ දවස්වල කෙල්ලෙක් කතා කරනවා නේද? කියලා ඇහුවලු. හදිස්සියෙම බඳින්න ගත්තු වොච් එක ගැන ඇහුවලු. කෑලි ගැලවිලා කාඩ් වැටෙන පර්ස් එක හදිස්සියෙම අලුත් කරේ ඇයි? ඇහුවලු. ඒවා අර කෙල්ලද තෑගි දුන්නෙ? ඇහුවලු. මූ මේ දවස්වල එයා එක්ක කතා නොකරන්නෙ ඇයි? ඇහුවලු. අර කෙල්ල කතා කරන්න එපා කිවුවද? කියලා ඇහුවලු. එයාගෙ ජීවිතේ පහුගිය කාලෙ ගොඩක් වෙනස් වුණා කිවුවලු. ඒ ගැන මූට කියන්න ඕන කිවුවලු. ඒත් දැන් ඔෆිස් එකේදි වැඩිය කතා කරන්න වෙන්නෙ නෑ කිවුවලු. ඒ ගැනත් කියන්න එක්කලු අද මේ එක්කගෙන ආවෙ කිවුවලු. කොෆි ෂොප් එකට එක්කගෙන ගියේ, මුගෙන් අහන්නෙත් නැතුව මූට බොන දෙයක් ඕඩර් කරේ, මෙතන අඳුරු මුල්ලෙ වාඩි වෙමු කිවුවෙ, මුලින්ම අතින් ඇල්ලුවෙ, ඒ අත තද කරලා එයා ලඟට ගත්තෙ ඒකිලු. මූ මළමිනියක් වගේ හිටියලු. කිසිම දේකට මූ ඇත්ත කිවුවෙ නෑලු. දැන් ආදරෙත් නෑලු. ඒකිට ඒ හිස් ගතිය දැනිලද කොහෙද, අර කියන්න තියනවා කියපු කතා මොකුත්ම නොකියා දෙන්න එක්ක එළියට ආවලු. 

පහුවදා මුගෙ අවුරුදු තුනක රස්සා ජීවිතේ පළමු වතාවට ප්‍රමෝෂන් එකක් ලැබිලාලු. ඒ මදිවට ඒක ඩබල් ප්‍රමෝෂන් එකක්ලු. දැන් ට්‍රේනිං කෙල්ලො දෙන්නෙක් ඉන්නවලු මූ යටතෙ. එක්සෙකටිව්ස්ලා දෙන්නෙකුත් ඉන්නවලු. එතන කෙල්ලො තුන්දෙනයි කොල්ලයි. මුගේ අර කෙල්ලත් මේ වෙනස ගැන හොයනවලු. ලොක්කට මොකුත් කිවුවද? කියලා ඇහුවලු. ඇයි හදිස්සියෙ ප්‍රමෝෂන් දුන්නෙ? ඒකත් ඩබල් ප්‍රමෝෂන් කියලා ඇහුවලු. දැන් මූ ඒ කෙල්ලටත් වඩා එක පුටුවක් උඩින්. මූට දැන් අර ස්පා කෙල්ලවත් එපාලු. මං ඇහුවා දැන් ටික දවසකට කලින් ආදරෙයි වගේ දැණුනා නේද කියලා. මූ කියනවා ආදරෙයි වගේ දැනෙද්දි මූට ගෑනු එපා වෙනවද කොහෙද කියලා. මං කිවුවා පුදුම හැඟීමක්නෙ යකෝ ඒක කියලා. ඌ ආයෙත් ගියාලු ඊයෙ වෙනිං ස්පා එකකට. තනිකඩ නිසා ලොකු වියදමකුත් නෑලුනෙ. ඒ නිසා වැඩි සල්ලියක් යන්නෙ ස්පා එකටලු. සැපත් හොඳයිලු. ඌ බොන්නෙත් පාටියකදි විතරයි. ඔෆිස් එකේ කෙල්ල පාටියකදි මූට කිස් එකක් දුන්නලු. මූ හිනාවක් දාලා ආවලු. මං ඇහුවා ඇයි කියලා. මූ ඒකට රිප්ලයි එකක් එවුවෙ නෑ. මූ ඒකිටත් ගහලා මටත් බොරු කියනවද කොහෙද? කියලා මට හිතෙද්දිම මට ආවා මෙසේජ් එකක්. බඩුවක් ගහන එක තමයිලු විනෝදෙ.

Saturday, October 23, 2021

එන්ඩ් ඔෆ් ද ​ඩේ

දවසෙ අන්තිමට මං මොකෙක්ද? මං නිකංම නිකං මනුස්ස සතෙක්ද? ආදරවන්තයෙක්ද? පැවිද්දෙක්ද? තාත්තෙක්ද? හිතන්න බැරි තැනක හිර වෙලා ඉන්නෙ මං. වැඩ එකින් එක පහු වෙනව. දරුවගෙ ඉස්කෝලෙ හෝම්වර්ක් ටික මම කරල නෑ. ලබන බදාදා පෝය නිවාඩු​වෙ ඔෆිස් එකේ ටීම් අවුට් එක ඕගනයිස් කරන කිසිම දෙයක් කරල නෑ. අම්මා දීපු බඩු ලැයිස්තුවෙ තියෙන කිසිම දෙයක් ගෙනල්ල නෑ. හෙට ගෑනිගෙ බර්ත්ඩේ එකට දෙන්න තෑග්ගක් අරගෙන නෑ. අනිද්දා උදේ චෙයාමන් එක්ක මගේ ප්‍රමෝෂන් මීටිම. මේ ඔක්කොටම දාගත්තු රිමයින්ඩර් ටික විතරක් ෆෝන් එකේ බැබලි බැබලි තියෙනවා. ඒවා එහෙමම තියෙද්දි මම ටික්ටොක් එකට ගිහින් මං ආසා ගෑනුංගෙ ඇඟ දිහා බලාගෙන ඉන්නව. ඉන්ස්ටග්‍රැම් එකෙත් ආයෙ ඒ ටිකම බලනවා. යූටියුබ් එකේ සින්දුවක් දාගෙන ඇස් වහගෙන ඉන්නවා. ටීවී සීරීස් එක නවත්තපු තැනින් ආයෙ ටිකක් බලනවා. දැන් තවත් පැය එකහමාරක් ගිහින්. අර රිමයින්ඩර්ස් ටික ඒ විදියටම තියෙනවා. ඔය වෙද්දි ලාවට නිදිමතක් ඉහට ගහගෙන එන වෙලාව. එන්ඩ් ඔෆ් ද ඩේ ඔය වැඩ ඔක්කොම ටික මම හෙට උදේට රීෂෙඩූල් කරලා මම නිදාගන්නව.

උදේ ඇහැරෙද්දි අර පරණ රිමයින්ඩර්ස් ටිකම බැබලි බැබලි තියෙනව. ඒ අතරේ මිස්ඩ් කෝල් දෙකක් තියෙනව. ප්‍රිශාන්ගෙන්. ප්‍රිශාන් කියන්නෙ ඉස්සර යාළුවෙක්. ඉස්සර හොඳම යාළුවෙක් වුණත් දැන් ලොකු ආස්සරයක් නැති යාළුකං අපි හැමෝටම තියෙනව. මං ප්‍රිෂාන්ට කෝල් කරනව. ප්‍රිෂාන් ආන්සර් කරන්නෙ නෑ. ෆෝන් එක කොට්ටෙ යටට ඔබලා මං කල්පනා කරන්න ගන්නව. දුවට ගෑනි බනින සද්දෙ ඇහෙනව සාලෙ පැත්තෙන්. අම්මයි තාත්තයි සද්දයක් නෑ. පන්සල් ගිහින් වෙන්න පුළුවන් ඉරිදා නිසා. මං හීන මවනවා එංගලන්තෙ මං ගෙවන ජීවිතේ ගැන. ඒක තමයි මං දකින්න ආසම හීනෙ. මේ වේයංගොඩට වෙලා හිටපු කාලෙ ඇති. කවදහරි මං යනව එංගලන්තෙ. ගෑනි ආසම ස්විට්සර්ලන්තෙ. එයාව එහෙ යවනව. මං එංගලන්තෙට ගිහිල්ලා ඉඩක් ලැබෙන වෙලාවට යනව ස්විට්සර්ලන්තෙ. දුව එතකොට කසාද බැඳලා. දුවගෙ පවුලම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. වේයංගොඩ වගේ නෙමෙයි එහෙ. මට ආයෙ කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නෙ ප්‍රිෂාන්ගෙන් කියල මං දන්නව. මං ආන්සර් කරද්දිම දකිනව ඒ කතා කරන්නෙ කවුද කියලා. ඒ ප්‍රිෂාන්ගෙ කලින් කෙල්ල. උන් දෙන්නව සෙට් කළේ මම.

මේ සුමෝ...

ඕ කියන්න.

ප්‍රිෂාන්ගෙ වයිෆ් නැතිවෙලා කියන්නෙ ඇත්තද?

හුටා... මං බලන්නං

එහෙම්මම ඒ කෝල් එක කට් වෙනවා. මට කරගන්න දෙයක් හිතාගන්න බෑ. ප්‍රිෂාන්ගෙ බිරින්දෑයි මායි හිත් නොහොඳයි. ඒ මනුස්සයා හොඳට හිටපු මිනිහව වෙනස් කරනව වගේ මට දැණුනා. කසාද ගෑනි ගැන වැරදි කියන එක හරි නැති වුණත් මං දවසක් විහිළුවෙන් වගේ ප්‍රිෂාන්ගෙ ගෑනිට ඔය කතාව කිවුව. එයාට කේන්ති ගියා ඒකට. මට බැන්නා. එයාට ඇඬුනා. ප්‍රිෂාන් ඒ කතාව සමථයකට පත් කළා. ටික කාලයක් යද්දි රස්සාවල් සහ කසාද එක්ක අපි දුරස් වුණා. අතරින් පතර බර්ත්ඩේ විෂ් වගේ දේකට ඇරෙන්න ප්‍රිෂාන් මට කෝල් කරේ උගේ ගෑනි මැරුණු බව කියන්න. මට ඒ කෝල් එක මිස් වුණා. මට දැන් ආයෙ එංගලන්තෙ හීනෙට යන්නත් හිත දෙන්නෙ නෑ. මං කොට්ටෙට ඔළුව තියාගත්තා. ආයෙ කෝල් එකක්. මේක ප්‍රිෂාන්ගෙන් වෙන්න පුළුවන්. නෑ, ඒක ආවෙ මගෙ හොඳම යාළුවගෙන්. 

ඕයි

කියපං...

උඹෙ ගෑනිගෙ ෆෝන් එක වැඩ නෑ.

ආ... ඒ මොකෝ...

විෂ් කරන්න කතා කරේ

හුටා... මං බලන්නං

මට මගෙ ගෑනිගෙ බර්ත්ඩේ එක අමතක වෙලා. තෑග්ග දෙනකොට නං ඒකි කියනව අපරාදෙ ඔයා මේ හම්බුකරන සල්ලි මෙහෙම වියදං කරන්නෙ වගේ කතා. හැබැයි ඒ ඇස් ආසාවෙන් දිලිසෙනව. ඒක තෑග්ගෙ වටිනාකමට වඩා තෑග්ගක් දෙන්න මනුස්සයට මතක තිබීමේ සතුට කියලා මට දැනෙනවා. මොකද මට කවදාවත් ඔයා වගේ දවස් අමතක වෙන්නෙ නෑ. මගේ එහෙම හොඳකමක් නෙමෙයි. මං හැම පොඩි දේකටම රිමයින්ඩර් දාගෙන ඉන්නවා. ඉතිං උපන්දින, කසාද බැඳපු දවස්, මුලින්ම මුණගැහුනු දවස්, මුලින්ම ආදරේ කියපු දවස් මට සමරන්න අමතක වෙන්නෙ නෑ. කවදාවත් නැතුව ගෑනිගෙ උපන්දිනේ දවසෙ උදේ මගෙ අතේ ගෑනිට දෙන්න තෑග්ගක් නෑ. මට රෙදි නැති ගතියක් දැණුනා. මං එහෙමම කේක් එකක් ඕඩර් කරා ඌබර් එකෙන්. දැන් මොනවහරි දහංගැටයක් ගහන්න ඕන තෑග්ගට. ගෑනි කාමරේ ගාවට ඇවිදගෙන එන සද්දෙ ඇහුණා. මං බොරුවට නිදි වගේ ඇස් පියාගත්තා. කොහොමත් කේක් එකවත් එනකං මෙහෙම ඉන්න එක තමයි නම්බුව ලාවට හරි බේරගන්න තියෙන එකම විදිය. ගෑනි ඇවිල්ල ඔළුව අතගාලා ගියා. ඒකෙන් මට අමුතු පණක් ලැබුණා.

දවස පුරා තියෙන රිමයින්ඩර් ඉවර කරගන්න ඕන කියලා හිතුණා. මං ලඟ කඩේට කෝල් කරලා අම්මා ගේන්න කියපු බඩු ටික කිවුව. ඒ ටික ගෙනල්ලම දෙයි. අම්මලා පන්සල් ගිහින් එද්දි ඒ ටික ගේන්න පුළුවන්. ඌබර් ඇප් එකේ පෙන්නන විදියට කේක් එක තියෙන්නෙ ගෙදර ලඟ. පෑනකුයි කොළේකුයි අරං රිංගුවා වොෂ්රූම් එකට. ෂවර් එක ඇරල දාලා කොමෝඩ් එක උඩ වාඩි වෙලා ලිවුව කවියක් ගෑනිට. ඌබර් එක ඇවිල්ල කෝල් කරද්දි එළියට දිවුව. ගෑනි කුස්සියෙ. උයනව. දරුවා උදව් කරනවා. උදව් කරනවා කියල වචනෙට කිවුවට ඒක තරං උයන්න පරක්කු කරවන වාතයක් තවත් නෑ. මං ගේට්ටුව අරින සද්දෙ ඇහුණු ගමං කුස්සියෙන් ආවා "ඔයා ඇහැරුණාද?" කියල මහ හඬින් සද්දයක්. මං ඒකට ඔව් කියාගෙනම ගිහින් කේක් එක ගත්තා. පෙට්ටියෙ පැත්තක ලිවුම ගැහුවා. සාලෙ මේසෙන් කේක් එක තිබ්බා. ගෑනිට කේක් එක දැක්කම සතුටුයි. මේ තියෙන්නෙ අමතක වෙලා කියලා හිතුවට අමතක වෙලා නෑ කියලා දැනගත්තු සතුට. එතකොටම ගේට්ටුවට තට්ටුවක් වැදුනා.

ඒ පාර මොකද්ද?

ඔයාම ගිහින් බලන්නකො

ඒ ඇයි මම?

ඔයා බලන්නකො ගිහිල්ල පණ්ඩිත නැතුව.

බර්ත්ඩේ ප්‍රසන්ට් එක නේද?

කියාගෙන හිනා කටින් එළියට ගිය ගෑනි ආවෙ පත බඩු මළු දෙකක් උස්සගෙන. කඩේට සල්ලි දෙන්න ඕන හවසට. මගෙ අතේ තියෙන්නෙ කාඩ් විතරයි. කඩෙන් ගන්නෙ සල්ලි විතරයි. ඉතිං ඒක දෙන්නෙ හවස. මං ෆෝන් එකෙන් නොටිෆිකේෂන් දෙකක් අයින් කළා. දොර ලොක් කරලා, යතුර තිබ්බා කුරුල්ලන්ට බත් දාන කිරි හට්ටිය යටින්. දැන් ඉතිං ප්‍රශ්න කන්දයි. කොහෙද යන්නෙ අප්පච්චි? කියල, දුවත් අහනව. කොහෙද යන්නෙ අප්පච්චි? කියල ගෑනිත් අහනව. එයාලා දෙන්නා ඉතුරු වෙච්ච කේක් ටිකත් අරං ඒක කකා යනව. මං සද්ද වහලා වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. වයිෆ්ව මම පන්නගෙන ඇවිත් සාමාන්‍ය ජීවිතයක් ගෙවුවට, එයා පෝසත් පවුලක මහ ආසාවක් නැතුව ජීවත් වෙච්ච කෙල්ලෙක්. එයා මං පැනල යමුද කියල අහපු ගමං කැමති වුණා. මොකද මීට කලින් එයාගෙන් යාළුවෙන්න අහපු කවුරුත් පැනලා යන්න කැමති වුණේ නෑ, අර පෝසත් පවුලෙ දේපළ අහිමි වෙන හින්දා. වයිෆ් මට කැමති වෙලාම තියෙන්නෙ මම පැනලා යමුද අහපු නිසා. මම පැනලා යමුද ඇහුවෙ මට වෙඩින් එකක් ගන්න සල්ලි නැති වුණත් මං එයාට ආදරේ නිසා. වයිෆ් පැනලා යන්න කැමැත්තෙන් හිටියෙ, පුංචි කාලෙ ඉඳන් දණ්ඩ නීති දදා හිර කරගෙන හදපු පවුලෙ මහන්තත්තෙට පාඩමක් උගන්නන්න ඕන නිසා. හැබැයි එයා තාමත් ආසයි ඒ පරණ ගෙදරට. ඒ පරණ ගතියට. අපේ ගෙදර තියෙන්නෙ කොළඹ මධ්‍යම පාන්තික ගෙදරක තියෙන බඩු වුණාට එයා ආස කරන්නෙ ස්පේෂස් ගෙදරක තියෙන ලොකු ඇන්ටීක් ලීබඩුවලට. එයා ආසා ස්පේස්වලට. කොළඹ මධ්‍යම පාන්තික ගෙවල් ස්පේෂස් නෑ. ඒ ගෙවල්වල අම්මලා තමයි නෙස්ටමෝල්ට් ගද්දි පාට හයෙන්ම දීපු බෝතල් හය ගොඩ ගහපු, ලාබෙට දැකපු නිසා එකම විදියෙ සෝස්පෑන් 5ක් අරගෙන ආපු අය. ඉතිං ඒ ගෙවල් වල දකින්න පුළුවන් ලාබ බඩු ගොඩක් මිසක්, මිළ අධික බඩු ටිකක් නෙමෙයි.

මම මේ යන්නෙ ප්‍රිෂාන්ගෙ ගෙදර. ප්‍රිෂාන් ඉන්නෙ රත්නපු​රේ. ගෑනි දන්නෑ ප්‍රිෂාන් ගැන. එයාව මට හම්බෙද්දි ප්‍රිෂානුයි මායි ලොකු කතාවක් නෑ. දැන් මට ඔය සිද්ධි ඔක්කොම කියන්නත් බෑ. වයිෆ් මැරිලද කියල ෂුවර් නැති, කාලෙකින් ඇහැට දැකපු හෝ කතා කරපු නැති, අද උදේ විතරක් මිස්ඩ්කෝල් එකක් තියෙන යාළුවෙක් බලන්නයි මේ යන්නෙ කියල මට ගෑනිට කියන්න බෑ. මගේ අද දවසට තියෙනව ලොකුම ටාස්ක් එකක්. ඒ තමයි මම උදේ වෙද්දි දාලා තිබ්බ සියළු රිමයින්ඩර්ස් ටික ඉවර කරන එක. ඉතිං මං නැවැත්තුවා තරමක් මිළ අධික ඇන්ටික් ෂොප් එකක. 

ඒ මේකටද ආවෙ?

ඔව්

මෙතනින්ද මගෙ ගිෆ්ට් එක ගන්නෙ

ඔව්

අනේ...

ඇයි?

ඔයා දන්නවනෙ මං ඇන්ටික්වලට ආසයි කියල...

ඔව්

හ්ම්ම්ම්...

කැමති දෙයක් තෝරගන්න. ඒක තමයි තෑග්ග.

ගෑනිගෙ මූනෙ ලොකු හිනාවක්. හැබැයි දැන් මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනව. ඒක මං දැනගෙන කරපු දෙයක්. හැමදාම තෑග්ගක් දෙද්දි ගෑනි කියන දෙයක් තමයි අපරාදෙ සල්ලි කියන එක. මට ඒක තරං පේන්න බැරි කතාවක් තවත් නෑ. එනිසායි මං එයාව මේ විදියට අසරණ කරේ. දැන් එයාට අපරාදෙ සල්ලි වගේ නිසා ගන්නත් බෑ. හිත ආසම ඇන්ටික් කඩේක හිර වෙලා නොගෙනත් බෑ. දරුවා ගිය ගමං බදාගත්තා, ලස්සන ඩ්‍රෝවර් එකක්. ඒත් මං දුවට තෑගි ගන්න නෙමෙයි ආවෙ. මං ඒක දරුවට කෙලින්ම කිවුව. දරුවා මූණ ඇඹුල් කරගෙන එතනින් අයින් වුණා. අන්තිමට ගෑනි හොයල හොයලා සල්ලිවලටත් අපරාදෙ කියලා නොහිතෙන, අපේ ගෙදර නැති, තියන්නත් ඉඩක් හදාගන්න පුළුවන්, පෙට්ටගමක් අරගත්තා. පනස්දාහක පෙට්ටගමට සියේට විස්සක ඩිස්කවුන්ට් නිසා රුපියල් දහදාහක් අඩුවෙන් ලැබුණා. දැන් ඩිකියෙ තියෙනව හතලිස්දාහක පෙට්ටගමක්. ඒකත් පටවන් අපි ආයෙ ගමන යනව. දැන් ඉතිං ආයෙත් ප්‍රශ්න කන්දයි. කොහෙද යන්නෙ අප්පච්චි? කියල, දුවත් අහනව. කොහෙද යන්නෙ අප්පච්චි? කියල ගෑනිත් අහනව. 

ප්‍රිෂාන්ගෙ ගෑනිට හෙණට සල්ලි. තාත්තලා මැණික්කාරයොලු. ප්‍රිෂාන්ට කොහොමත් ඉස්සර ඉඳන්ම ඊසි මනී ආසාව ලොකුවටම තිබ්බ. ඒ හින්දා පොර පිරමිඩ් එහෙකටත් අහුවුණා. මං දැනගත්තු ගමං ගලවගත්තා. දුවගෙ ගෙදර වැඩට කරන්න තියෙන්නෙ පතල් කර්මාන්තය ගැන. ගනං, විද්‍යාව වගේ හෝම්වර්ක් කරන්නෙ වයිෆ්. සිංහල වගේම මේ වගේ රිසර්ච් ටයිප් හෝම්වර්ක් කරන්නෙ මං. මං ඉන්ටනෙට් එකෙන් විස්තර හොයලා පතල් බැහැපු ලයින් එකෙන් ලියන්නං කියල හිතං හිටියට මට අද මේ වෙනකංම ඒ ටික කරන්න වුණේ නෑ. ඇහැලියගොඩින් මං වාහනේ නවත්තලා ආයෙත් ප්‍රිෂාන්ට කෝල් එකක් ගත්තා. 

මචං

මචං මං උඹට ගත්තා. උඹ ආයෙ ගද්දි මට ආන්සර් කරන්න බැරි වුණා.

ඔව් බං.

මචං වයිෆ් නැති වුණා.

හුටා...

මං උඹට ඒක කියන්න ගත්තෙ. උඹ කොහෙද ඉන්නෙ?

මං ඉන්නෙ ඇහැලියගොඩ. ගෑණියි දරුවයි එක්ක ට්‍රිප් එකක් යන ගමං. අද ගෑනිගෙ බර්ත්ඩේ එකනෙ.

හප්පා... පුළුවන්නං අපෙ ගෙදර පොඩ්ඩක් ඇවිල්ල පලයං. මට උඹ එක්ක කතා කරන්න ඕන

හරි.

දැන් වැඩේ ලේසියි. මගේ වැඩ කල්දාන, ආයෙ ආයෙත් කල් දාන බොරුව ගොඩ දාගන්න මට හොඳම විදිය හම්බෙලා තියෙන්නෙ. ප්‍රිෂාන් ගැන මං ගෑනිට කිවුවෙ, ඉස්කෝලෙ යාළුවෙක් කියල විතරයි. හිටපු හොඳම යාළුව කියල කිවුවෙ නෑ. මං ගෑනිගෙ බර්ත්ඩේ එකට රත්නපුරේ හොටෙල් එකක ස්පෙන්ඩ් ද ඩේ කරන්​න යන්න කලින් ඉඳන් ප්ලෑන් කරපු හැටි, ඒ ගමං ගෑනිට ඇන්ටික් බඩුවක් තෑගි දෙන්න ප්ලෑන් කරපු හැටි, මේ යන ගමනෙන්ම දුවගෙ පතල් කර්මාන්තෙ විස්තර හොයලා ෆොටෝ ගහන්නත් හිතපු හැටි ගැන රෝලක් මම ගෑනිටයි දරුවටයි ගැහුවා. උන් දෙන්නගෙ ඇස්වල ආදරේ ඉතිරෙනව. ඒ අතරෙ මගෙ යාළුවගෙ ගෑනි මැරිලා කියල, පණිවුඩේ ලැබුණු හැටි, සහ දැන් එහෙ යන්න වෙන ගමන ගැන කිවුවම, ඒ දෙන්නට කිසිසේත්ම බළාපොරොත්තු කඩ වුණු දුකක් තිබුණෙ නෑ. ඒ දෙන්නටම දැනිලා තිබුනෙ තරුණ ජීවිතයක් නැති වෙච්ච දුක විතරයි. 

අපි ගියා ප්‍රිෂාන්ගෙ ගෙදර. ගෙදර ලොකු ඇඬිල්ලක් නෑ. කොවිඩ් වෙනුවෙන්ම දාපු නීති නිසා සෙනගත් අඩුයි. සාමාන්‍යයෙන් සල්ලිකාරයෙකුගෙ ගෙදර මළගෙයක් කියන්නෙ, ජෝති මළා වගේ තත්ත්වයක් වුණත් මෙතන පුටුත් හිස්. අපි ගියා ඇතුළට. ප්‍රිෂාන් ඇවිත් මාව බදාගත්තා. මං ගෑනිවයි දරුවවයි අඳුන්නලා දුන්නා. දරුවට ඒ ගෙදර උන් හෙණ ආදරේ වුණා. මොනව වුණත් පිට තැනකට ගියාම කියන දේ නාහන, ගෙවල් විනාසබාවං කරන, අහුවෙන හැම මගුලම කන, කාලා තවත් ඉල්ලන මජර ගති ඔක්කොම යටගහගන්න අපෙ කෙල්ලට තියෙන්නෙ පුදුම හැකියාවක්. මූන කට ගෑනි වගේ නිසාත්, කියවිල්ල මගෙ වගේ නිසාත්, කවුරුත් දූට ආදරේ බැන්දා. එයා අප්පච්චිගෙ ප්ලෑනිං ගැන මුළු ගෙදරටම ඇහෙන්න කිවුව. දැන් ගෙදර පිරිමි ටික ලෑස්ති වෙලා ඉන්නෙ දරුවව වඩාගෙන පතල් පෙන්නන්න යන්න. වෙන උන්ගෙ නෙමෙයි තමුන්ගෙම පතල්. සාමාන්‍යයෙන් මැණික් කාරයොන්ගෙ විශ්වාසයක් තියෙනව, පතල ගාවදි ගූ වගේ වචන කියන්නෙ නෑ, ගෙදර ගෑනියෙක්වත් පතලට ගෙනියන්නෙ නෑ වගේ සීන්. දැන් ඒ සාම්ප්‍රදායික බුවාලා ටික මගෙ දුවව පතල් පෙන්නන්න ගෙනිහින් විස්තර කරන්නයි ලෑස්තිය. මළගම නිසා අහිමි වුණු තාත්තගෙ හෝම්වර්ක් වගකීම ඉටු කරන්න ඉන්නව හෙණ සෙට් එකක්. ගෑනිත් ප්‍රිෂාන්ගෙ ගෑණිගෙ අම්මයි තාත්තයි එක්ක කතාවට සෙට් වෙලා. මං ප්‍රිෂාන් එක්ක කතාවට සෙට් වුණා. යාන්තං මළ ගෙදරකදි හොඳට කෝප්පෙ පිරෙන්න කිරි කෝපි හම්බුණාමයි මේ.

මොකද වුණේ?

ගෑනි සුයිසයිඩ් කරගත්තනෙ මචං

හුටා...

ඒ මොකද?

උඹ දන්නවද කවුද මුල් වුණේ කියල?

කවුද සචිනිද?

නෑ...

එහෙනං? උඹට කලින් වෙන ගෑනු හිටියෙ නෑනෙ. උඹෙ හොර බඩ්ඩක්ද?

නෑ... උඹ

යකෝ... මාව කොහොමද?

ඊයෙ රෑ වලියක් ගියානෙ.

එහෙමයි ප්‍රිෂාන් මට කතාව කියන්න ගත්තෙ. ප්‍රිෂාන්ගෙ ගෑනි කිවුවලු මම මොනව කරනවද දන්නෑ කියල හදිස්සියෙම. ප්‍රිෂාන් කිවුවලු ඔයා නොහිටියනං ඌයි මායි තාම හොඳම යාළුවො කියලා. ප්‍රිෂාන් ඒවෙලෙ මොකක්හරි ඇරියස් එකක ඉඳලා තියෙන්නෙ. එනිසා ඌට ඇත්ත කියවිලා. දැන් මේක තමයි වලියට මුළ. ගෑනි අඬනවලු පණ යන්ඩ. ඒ අස්සෙ ගෑනිගෙ ගෙදර එවුන් කාමරේ වටේ කැරකෙන සද්දෙත් ප්‍රිෂාන්ට ඇහෙනවලු. දැන් මේ ඔක්කොටම මූ හෙට උදේට උත්තර දෙන්න වෙන කේන්තියත් මූට තියෙනවලු. ඉතිං මූ මොකුත් නොවුණු ගානට නිදාගත්තලු. එතකොට ව​ටේට ඇහෙන දෙබස් අඩුයිනෙ. උදේ ඇහැරෙද්දි ගෑනි හිටියෙ නෑලු ගෙදර. අද උදේ මුංගෙම පතලකින් ගොඩ අරං තියෙන්නෙ. කට්ටිය ඇහුවම මොකද වුණේ ඊයෙ රෑ කියලා, මූ බොරුවක් ගොතලා කියලා මගේ යාළුවෙක් ඉන්නව වේයංගොඩ. ගෑනි එහෙ යං කිවුවම මේ දවස් ටිකේ වැඩ නිසා යන්න බෑ කියපු එකටයි දෙන්නා රණ්ඩු වුණේ කියලා. ඉතිං ඒ නිසා ගෙදර මිනිස්සුන්ගෙන් මූ ගැන තියෙන හිතේ සැකේ යවාගන්න සහ දේපල නැතුව ෆුල් ලොස් වෙන එක නවත්ත ගන්න තමයි මූ කවදාවත් කෝල් එකක් නොදෙන මට කතා කරලා තියෙන්නෙ. නැතුව මේ ගෑනි මැරිච්ච දුක කියන්න නෙමෙයි. ඒක තමයි අපි ආපු ගමං ගෙදර එවුන් අපිට උත්තම සැළකිල්ලක් දුන්නෙ. දැන් මට ප්‍රිෂාන් එක්ක කේන්තියි. මූ මුගේ වාසියට මාව තුරුම්පුවට පාවිච්චි කරා කියන කේන්තිය මගේ හිතේ තියෙනව. මං ඒකට මූට මූණටම බැන්නා. මූ මට කෑගහන්න එපා කියලා වැන්දා. මං සද්ද වහගත්තා. මං සාලෙට එද්දි දූ පතල් කර්මාණ්තෙ ගැන ලියන්න පටන් අරං තනියම. ගෙදර ම මිනිස්සු වට වෙලා දුවට විස්තර කියනවා. මිණිය දිහා බලං හිටියෙ මැස්සො විතරයි. 

මං මගේ හිතේ කේන්තියට ප්‍රිෂාන්ගෙන් පළිගන්න හොඳම විදිය ප්ලෑන් කරා. හෙට උදේ දූ ඉස්කෝලෙ යන්නෙ පතල් කර්මාන්තෙ ගැන එයාම ලියපු විස්තර එක්ක. ෆොටෝ පවා ඉන්ටනෙට් එකෙන් නෙමෙයි. එයා ඇහැට දැකපු තැන්. ගෑනිගෙ බර්ත්ඩේ ප්‍රසන්ට් එක ඩිකියෙ. ට්‍රිප් එකේ කතාවත් හරි. රෑට මෙහෙන් පිටත් වෙනවා. ටීම් අවුටින් එක එන්න රත්නපුරෙන්ම දිය ඇල්ලක්, ඒ කිට්ටුවෙන් අපිට ඩ්‍රින්ක් එකක් දාන්න, කන්න බොන්න තැන් ඔක්කොම හරි. ඒ අවු අස්සෙ, මගේ එකවුන්ට් එකට ලක්ෂ අටක් වැටිලා. ආවෙ එස්එම්එස් එකක්. මම ඇප් එකට ගිහින් චෙක් කරා. නමක් ගමක් නෑ. හැබැයි මනුස්සයෙක්. ප්‍රිෂාන් මට ඇහැක් ගැහුවා. මම ඌ ගාවට ගියා. 

මගේ රහස රැකපං. හැම මාසෙම ඔය ගාන වැටෙයි. උඹ තාමත් මගෙ හොඳම යාළුව බං.

මටනං දැන් උඹ හොඳම යාළුවා නෙමෙයි. බිස්නස් පාට්නර් විතරයි.

රිමයින්ඩර් ඇප් එකේ ඉතුරු වෙලා තිබ්බෙ තවත් එකම එක ටාස්ක් එකක් විතරයි. සඳුදා උදේ ප්‍රමෝෂන් මීටිම. මම ඒකටත් ටික් එකක් දැම්මා. එදාට චෙයාමන්ගෙ අතට දෙනවා රෙසිග්නේෂන් එක. බදාදා පෝය නිවාඩුවෙ ටීම් අවුටින් එක මගේ ගානෙ. ඒක තමයි ෆෙයාවෙල් පාටිය. 

එන්ඩ් ඔෆ් ද ​ඩේ කල්ප කාලෙකට පස්සෙ මං රිමයින්ඩර්ස් ඔක්කොම ක්ලියර් කරපු මිනිහෙක්!



 

Monday, June 14, 2021

වංගුවේ ගෙදර අක්කාගේ කතා​ව

අන්තිමට අපි යාල කැලෙන් එළියට එද්දි දැකලා තිබුනෙ එක නරියයි, මොණරු රෑනකුයි විතරයි. වාහනේ හැම මනුස්සයටම ඒක ගැන අවුලක් තිබුනත්, මූනෙන් ලොකු අවුලක් පෙණුනෙ නෑ. මොකද කාටවත් යාල යන්න, අලි බලන්න, කිඹුල්ලු බලන්න ඕන කමක් තිබුනෙ නෑ. ඒ ආසාව තිබුනු එකම මනුස්සය තමයි ජීවා. ජීවාට ඒක ඕන වෙන්න තිබුනු එකම හේතුව තමයි ඌ අලුතෙන් ගත්තු ලොකු කැමරාව. ඉතිං ඒ වෙනුවෙන් මේ ගමන යොදාගන්න තෝරගත්තු ජීවා, අපිට යාල අලි බලන්නට යෑමේ වැදගත්කම ගැන ලොකු අවබෝධයක් කාලයක් තිස්සෙ ලබා දුන්නා. එක සතෙක්වත් නැති වෙද්දි ජීවාගෙ මූන අවුල් වුනත්, අපි ජීවාට හිනාවෙන්න බලං ඉන්න විත්තිය දන්න නිසාම ජීවා කිසිම අවුලක් නොවුනු ගානට ජීප් මුල්ලකට ඇලවෙලා විටෝ කොර්ලියෝනී පූසව අල්ලගෙන ඉන්නව වගේ ගාම්භීර ලීලාවට කැමරාව අතේ තියං හිටිය. යාල කැලෙන් පිට වුනු ගමං අපි උත්සහ කළේ ඉක්මනට හෝටලේට යන්න. ආයෙ බොන්න පටන්ගන්න. ඊයෙ නවත්තපු තැන ඉඳන් අද ආයෙ බීම කන්ටිනියු කරන්න.

කාමරවලට ගිහින් නාලා, බොන්න පටන්ගන්න හදද්දිම ජීවාත් ආවා. කැමරාවත් තිබුනා. හැබැයි වෙනිං පොඩි ලෙන්ස් එකක් එක්ක. අපි බොන්න පටන්ගත්තෙම දේශපාලන මගුලකින් වුනත් ජීවා කතාව අනිත් පැත්ත හැරෙවුව.

උඹල දන්නවද? යාල ගිහින් නරියෙක් දකින්න ලැබෙන්නෑ ලේසියෙන්..

සමහරුන්ගෙ නොදනිත් විස්කිය මුඛයෙන් වැටුනා. ජීවගෙ හිත රිදෙයි කියලයි කවුරුත් මේ සත්ව කාරණේ ගැන කතා නොකරෙ. මොකද හැමෝගෙම හිතේ ජීවා ගැන කේන්තියක් තිබුනා. නිදහසේ ඉන්න තිබ්බ පැය තුන හතරක් කැලේකට නාස්ති කරාට. ජීවාගෙ හිතේ ඒ ගැන තිබුනු ගිල්ටිය තමයි අර විදියට එළියට ආවෙ.

අනේ මේ උඹේ නරියව නවල ගහගනිං...

එහෙම තමයි කට්ටියගෙ හිතේ ජීවගෙ යාල ගමන ගැන කේන්තිය එළියට ආවෙ. අපි හැමෝම එකම ගමේ අහල පහල පාරවල් ටිකක උන්. වයස අතරෙ පොඩි පොඩි උස් පහත් බේධ තිබුනට අපි සෙල්ලං කළේ, මැච් බැලුවෙ, බිවුවෙ එකට. ඔය බොන වැඩේ නං සතිපතා සිද්ධ වුණා. හැබැයි හැඳුනුම්කං තියෙන අවුරුදු විස්සටම අපි ට්‍රිප් ගිහින් ඇත්තෙ පහක් විතර. ඔය හැම එකටම ඉස්සර ඉඳම්ම බාල්දිය දැම්මෙ ජීවා. 

පිස්සුද බං මේ සැපට ගෙදර ඉඳන් බයිට් හදාගෙන බොන්න තියෙන එකේ ආයෙ ඔය ඩොටේ ගිහින් බොන්න. 

ඒක තමයි ජීවා හැමදාම කියපු පේළිය. කට්ටියත් ඒකට එකඟ වුණා. මොකද අපේ සෙට් එකේ හිටියෙ කිසිම සොබා සෞන්දර්‍යයක් ගැන අගයක් නැති එවුන්. උන්ට ඕන වුණේ සීතල විතරයි. මොකක්හරි සීතල තැනකට වෙලා බොන්න විතරක් උවමනාව තියෙන උන්ට මෙහෙම වචනයක් එනව කියන්නෙ ආයෙ ඒකට එකඟ වෙලා නිකං ඉන්නව මිසක් තර්ක කරන්න යන්නෙ නෑ. ඇත්තටම අපි කලින් ගිහින් තියෙන ට්‍රිප් පහ වුණත් ගියේ සෙට් එකක් වුණාම ට්‍රිප් යන්න ඕන නිසා වගේ හැඟීමකින් මිසක් ඇත්තටම එහෙම මහා උන්මාදයකින් නෙමෙයි. ඒ ගියෙත් හෝටල්වලට. ගිහිල්ලා හෝටලෙන් එළියටවත් බහින්නෙ නැතුව බිව්ව මිසක් කිසිම ක්‍රියාශීලී කටයුත්තක අපි නියැලුනේ නෑ.

ඔය අස්සෙ ජීවා ගියා අලුතෙන් රස්සාවකට. එතනින් තමයි ජීවට මේ ට්‍රිප් පිස්සුව ආවෙ. එතන කොල්ලො කෙල්ලො මාස දෙකකට පාරක් විතර ට්‍රිප් ගියා. අලුත් ඔෆිස් එකකට ගිය ගමන් කට්ටියගෙන් හැලෙන්න බැරි නිසා ජීවාත් ඒ ට්‍රිප් ගියා. ඒ ගැන අපි ඔය බොන අතරෙ විහිළුත් කරා. ජීවා ඒවා ගනං ගත්තෙ නෑ. ඔය අස්සෙ ජීවට පෙම්වතියකුත් හම්බුණා. ඒ කාලෙදි අපේ වයස් සීමාවල් අලුත් රස්සාවලට යන, කෙල්ලො සෙට් කරගන්න, විරහවට බොන කාලෙ. ඉතිං ජීවගෙ කෙල්ල ගැනත් අපි බොන අතරෙ කතා වුණා. ජීවා ඒකට ගහනවා වීඩියෝ කරලා තිබුණා. ඌ පෙන්නන්නත් හැදුවා. ඒත් අපි ජීවාව හෙළුවෙන් දකින්න කැමති වුණේ නෑ.

ජීවට දැන් අපි එක්ක කේන්තියි. ඇයි අපි උගෙ නරියව නවල ගහගන්න කියල කිවුවනෙ. ඉතිං ඒක උනේ ඉවසගෙන හිටපු අපිට නරියෙකුගෙ වටිනාකම කියල දෙන්න ජීවා උත්සාහ කරපු නිසා. දැන් බයිට් එක වුණේ ජීවා. ජීවාට ඕන වුණා බයිට් එක මගේ පැත්තට හරවන්න.

තොට ඉතිං හැමදාම අර වංගුවෙ ගෙදර අක්කගෙ නරියව දැකලා ඇති වෙලා ඇතිනෙ.

ජීවා දැම්මා දෙබස. මට කේන්ති ගියේ නෑ. කට්ටියත් ඒකට හිනා වුණා. ඒක හැමෝම දන්න, මං නිහඬ කරවන කාරණයක්. වංගුවෙ ගෙදර අක්කට ඒ නම කියන්නෙ ඒ අක්ක ඉන්න ගෙදරට කියන්නෙ වංගුවෙ ගෙදර හින්දා. වංගුවෙ ගෙදර අක්ක බැන්දෙ සමන්ත අයියව. වංගුවෙ ගෙදර අක්කට ළමයි හදන්න බැහැලු. ඒ නිසා සමන්ත අයියා රට රස්සාවකට ගිය අතරෙ එහෙ ගෑණියෙක් එක්ක පැනලා ගියාලු. මෙහෙම වෙලාවක දරුවො නොලැබෙන ගෑනිට ගොඩක් කතාවල කෙනෙහෙලි කං සිද්ධ වුණත්, මේ කතාවෙ නං එහෙම වුණේ නෑ. සමන්ත අයියගෙ අම්මයි තාත්තයි වංගුවෙ ගෙදර අක්කව බලාගත්තෙ තමුන්ගෙම දරුවෙක් වගේ. කොටිම්ම සමන්ත අයියට එයාගෙ අම්ම කෝල් කරල කියල තිබ්බ, උඹෙයි මගෙයි අම්ම-පුතා කං අදින් ඉවරයි කියලත්. මට වරුණි අක්කව මුලින්ම හම්බුණේ එහෙ කම්පියුටරේ කැඩිච්ච කාලෙ. ඒ සමන්ත අයිය රට ගිය අලුත. එතකොටත් දෙන්න දුරින් ඈත හිටියත් හිතින් ලඟින් හිටියා. ස්මාට්ෆෝන් තිබුණෙ නෑ. කම්පියුටරේට වෙබ් කැම් ගහගෙන ස්කයිප්වලින් තමයි කෝල් එක ගත්තෙ. ඔහොම පටන් ගත්තු ඇයි හොඳැයිය තමයි අයියා දාලා ගියාට පස්සෙ මට ම සින්න වුණේ. සමන්ත අයියගෙ අම්මයි තාත්තයි මහ වයසක අය නෙමෙයි. එයාලට පරම්පරා සල්ලි තිබුණා. ලොකු පුරාජේරුකාරයොත් නෙමෙයි. එයාලා හැම සති අන්තයකම වගේ ගියා එකේක ගමන් බිමන්. මුලින් මුලින් අක්කත් ගියා. මාව එයාට සින්න වුණාට පස්සෙ නැවතුනා. මම එහෙ පැළ වුණා. දවසට තුන් හතර වතාවෙ ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරන්න වුණත් මට එයා​ව එපා වුණේ නෑ. අක්කගෙයි මගෙයි ආදරේ ඇත්තටම අක්කයි මල්ලියි කියාගෙන ගිය එකක්. හැබැයි එයා මට වඩා මාස එකොළහයි වැඩිමල්.

උඹට මොකද බං වංගුවෙ ගෙදර අක්කටම හිත ගියේ? එයිට වඩා ගෑනු උඹට හිටිය නේද?

කලින් බයිට් එකේ හිනාව අඩු වේගන යද්දි ජීවා දැම්මා ආයෙ දෙබසක්. මට කේන්ති ගියේ නෑ. ජීවාට ඕන වුණේ යාල ගිහින් කාලෙ කාපු හැටි කට්ටියට අමතක කරවන්න. ජීවගෙ දෙවනි කතාවෙන් ආයෙ කට්ටියගෙ මූනට හිනාවක් ආවා. මොන මොනවද කතා වුණා කට්ටිය. ඇත්තටම හිටියා මටත් එක එක ගෑනු. අක්කා හම්බෙන්න කලිනුත්, අක්කා හම්බුනාට පස්සෙත්. ඇත්තටම ඒ දවස්වලම මම අක්කට සින්න වුණා කියල කිවුවට, මාව හරියට​ම අක්කට සින්න වුණේ දැන් මාස දෙකකට කලින්. අක්ක නං මට සින්න වෙලා තිබුණෙ ඒ කාලෙම. මට හිටපු පෙම්වතියොන්ගෙ එක එක අවුල් අඩුපාඩු පෙනෙද්දි මං කළේ අත්තෙන් අත්තට මාරු වෙන එක. ඒත් අක්කා හැමදාම නොවෙනස්ව මගේ එක්ක හිටියා. මං සමහරුන්ව නළවන්න මහ රෑ කෝල් එක ගන්නෙ අක්කගෙ උකුලෙ ඔළුව තියාගෙන. අක්කා ඒ කියන දේවල් අහගෙන බර හුස්මක් එක්ක තාලෙට මගෙ ඔළුව අතගෑවා. 

කවුද බං උඹ දවසක් අර බීලා කියවපු කෙල්ල? උඹ වෙනිං කෙල්ලො ගැන කියවල නෑනෙ අපි එක්ක...

ආයෙත් ජීවා උගෙ දෙබස දැම්මා. මට කේන්ති ගියේ නෑ. මේ පාර නං ඒකට කවුරුත් හිනා වුණේ නෑ. හැමෝම දන්නවා ඒක සීරියස් කතාවක් කියල. ඒ කෙල්ල තමයි මේ කපේට මං වැඩිපුරම ආදරේ කරපු, මට වැඩිපුරම ගැලපුනු කෙල්ල. හැබැයි මං කවදාවත් එයාට ආදරෙයි කිවුවෙ නෑ. මං එයාට ආදරෙයි නොකියපු හේතුවක් තිබුණා. ඒ තමයි එයාත් මට ආදරෙයි කියල මට දැණුන එ​ක. ඇයි මටත් ආදරෙයි කියල දැණුනු ගෑනියෙකුට මං ආදරෙයි නොකිව්වෙ. ඒකට ලොකු හේතුවක් තිබුණ. එයාගෙ පෙම්වතාට හොඳට සල්ලි තිබුණ. මං ආදරේ කරලා එයා මගේ පැත්තට හැරුණා නම්, එයාට මගෙත් එක්ක ආවොත් ඒ මනුස්සයා එක්ක ඉද්දි ලැබෙන සුඛ විහරණය ලැබෙන්නෙ නෑ. එයාගෙ පෙම්වතා අරක්කු නොබොන, ලොකු ගෙයක්, ලොකු වාහනයක්, ලොකු ව්‍යාපාරයක් තියෙන, එයාටත් හුඟක් ආදරේ කෙනෙක්. එහෙම ආදරයක් ඩැහැගෙන මට මං ආදරේ ගෑනිට දුකක් දෙන්න ඕන වුණේ නෑ. ඒ කියන්නෙ මං හිත හොඳ මිනිහෙක්ද? නෑ. මං මට ආසා හිතුනු ගෑනු කීයක් මගේ පැත්තට හරවගෙන තියෙනවද? මට සද්දයක් දාපු මගෙ කලින් ලොක්කගෙ වයිෆ් නැවතුනෙත් මගෙ ඇඳේ. එහෙවු මම ඇයි මේ ගෑනි ගැන විතරක් මෙහෙම හිතන්නෙ. මං හොඳ නිසා නෙමෙයි. මං මේකිට ආදරේ නිසා. මේකි මං නිසා දුක් වින්දොත් ඒක මට කිසිම දවසක අමතක කරන්න බැරි කැළලක් වෙන නිසා. ඒ නිසා මම ඒකිට ආදරෙයි නොකියා ඉන්න තීරණය කරා.

උඹට තියෙන්නෙ ඒ කෙල්ලවත් එක්කගෙන ඇවිත් අක්කලගෙ ගෙදර පදිංචි​​ වෙන්න. දෙන්නම ඉන්නව​නෙ මාරුවෙන් මාරුවට ගහන්න.

ජීවා ආයෙත් උගෙ දෙබස දැම්මා. ඒකටත් කවුරුත් හිනා වුණේ නෑ. සමහරුන්ට ජීවාගෙ මේ වෑයම නොරුස්සන ගතියක් තිබුණෙ. ඒ කෙල්​ල ගැන මගේ හිතේ ලොකු ආදරයක් වගේම ආසාවකුත් තිබුණා. හැබැයි ඒ ආසාව කවදාවත් ආදරේ කඩාගෙන උඩට ආවෙ නෑ. මං එයාව හිතින් නිරුවත් කරලා බලලා තියෙනව. හැබැයි මං එයා ගැන මතක් කරලා අතේ ගහල නෑ. ඒක මහ අමුතුයි. මං අක්කට මේ ගැන කිවුවම, අක්ක තවත් බර හුස්මක් හෙළුවා. ඒ කියන්නෙ මට වඩා ආදරේ ගෑනියෙක් ඔයාට ඉන්නවද? අක්කට මගෙන් අහන්න තිබ්බ එකම ප්‍රශ්නෙ ඒක. මං ඔව් කිවුව. මීට කලින් හිටපු කිසිම කෙනෙකුට ඔයා මට තරං ආදරේ කළේ නෑ? ප්‍රශ්නාර්ථයක් දාපු දැඩි ප්‍රකාශයක් අක්කා නිකුත් කළා. මං ඒකටත් ඔව් කිවුව. ඔයා හිතනවද එයා ඔයා ගාවට ආවොත් ජීවිතේ විඳවයි කියල? ආයෙත් අක්කගෙන් ප්‍රශ්නයක්. මගේ හිතේ ඒකට තනි උත්තරයක් තිබුණා. ඔව්. මං විශ්වාසයෙන් කිවුව. එහෙනං ඉතිං එයාට හිතින් විතරක් ආදරේ කරලා, ඔයා මගේ ගාවට වෙලා මෙහෙම ඉන්න... නේද? අක්කා ආදරෙන් මගෙ ඔළුව අතගගා මට දෙන්න තියෙන හොඳම උපදෙස දීලා, ඒකට මගේ හිතේ තියෙන අවසරය ඉල්ලුවා. මං ඒකටත් ඔව් කිවුව.

උදේ මං වෙරි බහිනකං බාත් ටබ් එකේ කල්පනා කර කර හිටියෙ. මගේ කාමරේ හිටිය අනිත් එකා ඒ වෙනකනුත් නිදි. කවුරුහරි දොරට පත බානවා. රූම්ස් හතක් තිබ්බ මුළු හොටෙල් එකට​ම හිටියෙ අපි විතරයි. මං බාත් ටබ් එකේ ඉඳගෙනම ඇයි බං? කියල ඇහුව. හුත්තො ජීවා නෑ! කැමරාව නං කාම​රේ තියෙනව. දොරෙන් එහා පැත්තෙන් උත්තර ආවා. කැමරාවත් නොතිබ්බා නං ජීවා උදේම ෆොටෝ ගන්න යන්නැති කියලා අපිට හිතෙනවා. ඇත්තටම එහෙම කෑගහපු එකෙන් හොඳක් වුණා. මම පිහියෙ ලේ බාත් ටබ් එකෙන්ම හේදුවා.