"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, February 5, 2014

නිර්වානයේ දොරකඩ හිඳිමි


හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින්. කලක් තිස්සෙ ඇහැ දාගෙන හිටපු කෑල්ල ෆැබ් එකේ වැඩ කරන එකියක් වුනේ මගේම වාසනාවට. පුරහඳ වගේ මූන තිබ්බට මොකද කෙල්ලනං ටිකක් මෝඩයි. ඒත් ඒ මෝඩකමට මං ආසයි. එනිසා මාත් මෝඩයි. ඒකිගෙ තලෙළළු ඇඟ හුගක් සිනිඳුයි. මට තවත් මෝඩවෙන්න හිතයි. හදිස්සියට කෙරුවට මොකද පිස්සු හැදෙන සනීපයක් තමයි එදා දැනුනෙ. ෆැබ් එකෙන් හොරා කාපු ෆෘට් ටාට්වලටයි, ක්‍රිස්පි රෝල් වලටයි, බේකන් ඇන්ඩ් එග් පෆ්වලටයි වඩා රහක් ඒකිගෙ ඇඟ් තිබ්බ. ඒකනේ කෑම කතාවක් කියන්න ගිය මට සෙක්ස් කතාවක් කියවුනේ. ඒකිගෙයි මගෙයි ප්ලෑනකට හොරකම සිද්ධ වුනා. උදව්කාරයෙක් ඉද්දි හොරකම අමාරුයි කියල මං හිතං උන්නට මේකනං හරිම ලේසි වුනා. ලාච්චුවක තිබ්බ පාර්සලේ අරං එන්න විතරයි මට තිබ්බෙ. උදේ ඇහැරුනා. බඩගිනි වුනා. කෝල් එකක් දුන්න. හොරකං කරල කන්න ආසයි කිව්ව. විරුද්ධ වුනා. කැමති කරවගත්ත. වැඩේ ඉවරයි. කෑම රසයිද? කියල අහල එස්එම්එස් එකකුත් ආව. අන්න ගෑනු..


මගේ ඉස්සර ඉඳම්ම ආසාව තිබ්බෙ තලෙළළු ගෑනු එක්ක නිදිවදින්නයි හොරකමටයි. ඒත් නිදිවදින්න පොළඹවාගන්න පොඩි බයක් තිබුනා. හිත ඉස්සර වෙන්නෙ නැති ගතියක්. එයින් යම් යම් දේ මට අහිමි වෙන වග දැණුන. හොරකමටත් තිබ්බෙ බයක්. පොලීසි යන්න තියෙන බය. නින්දාව. ඒ අස්සෙ තමයි කුමාරි හම්බුනේ. සුදුයි. ලස්සන අහිංසක අවංක කෙල්ලෙක්. එයා හම්බුනාට පස්සෙ නිදිවැදිල්ලටයි හොරකමටයි තවත් බයයි. එයා තලෙළළු වෙලා එයාගෙ හිතෙත් හොරකමට ආසාවක් තිබ්බනං කියල මට හිතුනු වාර අන්නතයි. තලෙළළු නං නැතත් මොකෝ කියල මං එයාගෙ හිතේ හොරකම තියෙනවද කියල විපරං කළා. මුලින් මුලින් මං හොරෙන් බස් එකේ ගියා. එයා ඒක දැණගත්තු වහාම ඒකට විරුද්ධ වුනා. ඒකෙම්ම මගේ බළාපොරොත්තු බිඳිල ගියා. අනේ මට හොරකමට කැමති තලෙළළු ගෑනියෙක් හම්බෙනවනං. මං අම්මපල්ල ඒකිව මගේ හොරගෑනි කරගන්නව. මොකද මට කුමාරිව අතාරින්න හිතක් නෑ. මගේ කට්ට කළු ජීවිතේට පුරහඳ තිබ්බ වගේ ඒකි එළිය දුන්න. 


කුමාරියි මමයි කසාද නොබැඳ පවුල් කන්න පටං ගත්ත. කුමාරි නැතිවෙයි කියන බය නිසාම ආසාවල් යටපත් වෙලා ගියා. කුමාරිට හොරෙන් කරපු එකම දේ වුනේ සොයිසපුරෙන් සතියට රුපියල් දෙසීයපනහක කේජී ගෙනල්ල පුරහඳ ලඟට වෙලා ගංජ උරපු එක විතරයි. ඒකි හිතට දීපු සැනසීම ඒකෙන් දෙගුණ තෙගුණ වුනා. හැබැයි මං ඒ අස්සෙ මුළිං කිව්ව විදියෙ හොරගෑනියෙක් නොහෙව්වම නෙමෙයි. එහෙව් ගතිගුණ තියෙන එකියක් හම්බුනානං ඒකිටත් හොඳා.. මටත් හොඳා.. මගේ ගෑනිටත් හොඳා.. වගේ තත්ත්වයක් උදාවෙන්න තිබ්බ. ගෑනියෙක් පිරිමියෙක්ගෙන් හරියට ආදරේ ලබන්නෙ අවස්ථා දෙකකදි විතරලු. එක්කො ඒ ගෑනි පිරිමියෙකුගෙ හොර ගෑනියෙක් වෙන්න ඕනලු. නැත්තං ඒ ගෑනි පිරිමියෙකුට අම්ම වෙන්න ඕනලු. ඒකෙන් කියවිල තියෙන්නෙ ගෑනියෙක්ට හරිහමන් ආදරේ ලැබෙන්නෙ හොර මිනිහෙකුගෙන් හරි පුතෙකුගෙන් හරි විතරයි කියල. පිරිමියෙකුට හොර ගෑනියෙක් ඉන්දැද්දි ඒක නීත්‍යානුකූල ගෑනිටත් හොඳයි. හැමදාම තදියමෙන් ඉන්නෙ නැහැ. ඇරියස් අඩුයි. තමන් වරදක් කරන විත්තිය පිරිමිය දන්න නිසා රණ්ඩුවලදි ඉවසන්න පෙළඹෙනව. ඒ වගේ වාසි තියෙනව. කොහොමවුනත් පුරහඳ වගේ ජීවිතේට එළිය දීපු කුමාරි ඉන්දැද්දි පුංචි පුංචි තරුවල ඇදකුද දහසක් ඇහැට පේන්න ගත්ත.


හදිසියේම සිද්ධ වුනු රණ්ඩු සහ ඉවසීමේ කෙලවරවල් ලඟාවීමත් එක්ක කුමාරිගෙත් මගෙත් ආදර කතාව ඉවර වුනා. හිතට දැණුනෙ දුකක්. ඒ වුනත් දැන් නැති වෙන්න දෙයක් නැහැ කියන එක ඒ මොහොතෙම ඔළුවට ආව. නැති වෙන්න දෙයක් නැහැ කියල මතක් වුනාම පුදුම ත්‍රිලක් එන්නෙ. දැන් ආපහු මගේ ආසාවල් දෙකට හිතයි ගතයි දෙකම යොදන්න පුළුවන්. ඒ විදියට හිත හිත ඉද්දියි මට ෆැබ් කෙල්ලව මාට්ටු වෙන්නෙ. ආහ්.. පට්ට සනීප කඳ! ටයිප් කරද්දිත් නගිනව. ඒ වගේමයි හොරහිත. ඕන හොර වැඩකට නම්මගන්න පුළුවන් හිතක් ඒකිට තිවුන. ඒනිසා අද නිවාඩුවක් දම්මල ගෙදර ගෙන්නගත්තු මං ඒකිට මගේ අදහස කිව්ව. රස්සාවෙන් අස්වෙන්න. අස්වෙලා මාත් එක්ක එකතු වෙන්න. හොරකමක් දෙකක් කරල මාසෙට කීයක් හරි හොයාගෙන කල් ගතකරන්න. හොද ගාණක් ඉතුරු කරගත්තට පස්සෙ ගෙවල් වලට කියල කසාදයක් බඳින්න. අපි කතාකරගත්ත. ඒකිට මගේ හිතේ මහා ලොකු ආදරයක් නැතිවුනත් සැලකිය යුතු සෙනෙහසක් තිබ්බ. ඒකටත් එක්ක හරියන්න අපේ ගතිගුණ ගැලපුනා.


                                              ********************************

ගොඩ කාලෙකට කලින් එදා ලියල නවත්තපු තැනින් මේ කතාව නැවතිලයි තිබ්බෙ. ඒත් අද හදිස්සියෙ ලියන්න හිතුණ. මේ අද ලියන 'අද' කලින් ලියපු 'අද' නෙමෙයි. මේක අද ලියවිල ඉවර නොවුනොත් හෙට ලියැවෙන 'අද' අදත් නෙමෙයි. හිතුමතේ හිතිච්ච විදියට ගෙවිච්ච ජීවිතේ පිළිවෙලක් වෙන්න ඕන වුනේ කසාදයක් ගැන දෙපැත්තෙම්ම උනන්දුව වැඩි වෙච්ච නිසයි. නොකඩවා රැයක් දෙකක් පවා මගෙත් එක්ක සෙනෙහසින් ගතවෙච්ච ඒකි ගැන මගේ හිතට වගකීමක බරක් පැටවුනා. දෙමාපියන් මැදිහත් වීමෙන් අපගේ බැඳීම් නීත්‍යානුකූල කරන්නට කටයුතු සැලසුනා. අතේ සැලකිය යුතු තරමක් සල්ලි තිබුනත් ඇය යළිත් රැකියාවට ගියා. මාත් එකවුන්ටන්ට් ජොබකට සෙට් වුනා.

********************************

මං කලිං ඡේදෙදි කිව්ව හරි. මේ අද ලියන 'අද' එදා ලියපු 'අද' නෙමෙයි. කසාදෙක ආසාව හිතෙන් අයින් වෙවී ගියා. ඒත් දැන් ඒ ගැන දෙපැත්තටම කියන්න පුළුවන්කමක් තිබ්බෙ නැහැ. අඩුම තරමෙ ඇයටවත්. හිතට එකග නැතිව කසාදයක් කරගන්නත් මම සූදානම් නැහැ. මගේ යට ගිහින් තිබ්බ හොර හිතට නරක අදහසක් ආවා. මේච්චරකල් අහු නොවෙන්න හොරකම් කරපු මම එදා රෑ අහුවෙන හොරකමක් කළා. ඇයට හොරෙන් කෙරිච්ච ඒ හොරකම ගැන ඇය දැනගත්තෙ නිදි ඇඳේ ඉද්දි ඇයට පොලිසියට එන්න කියල ආපු දුරකතන පණිවිඩෙන්. පොලීසියට ඇවිත් ඇය හඬා වැළපුනා. නඩුවෙදි වැරැද්ද භාර ගතිපු මම තෙමසකට සිරගත වුනා. මගෙත් අනුදැනුම යටතෙ ඇය වෙනකෙකු හා විවාහ වුනා. නිදහස් වෙච්ච මං ඉතුරු කරපු සල්ලිත් අරං ගතට සිතට සනීපදායක නිවාඩුවක් දෙන්න පිටවුනා. පුච්චගත්තු සොසේජස් එක්ක හෝටල් කාමර බැල්කනියෙ බියර් තොලගගා හිටපු මට නිවන් සැප දැනෙන්න ගත්ත. නුවරඑළියෙ හෝටලේක හතරවෙනි තට්ටුවට පෙනුනෙ පුරහඳ විතරයි. එක අතක තෙල් අනිත් අතේ සීතල ජල වාෂ්ප.. සොසේජස්වල පෙඟි පෙඟි තල්ල අස්සෙන් කිඳා බැහැපු බීර දිව පිනවූවා. ලස්සන පුරහඳ ඇස පිනවූව. කළුවරේ නිහැඬයාව අස්සෙ ස්..... සද්දෙ කන පිනවූව. සුන්දර සීතල ඇඟ පිනවූව. එක පාරට දොරට තට්ටු කරනව ඇහුන.



දෙයියනේ.. එළියෙ ඇහැ පිනවපු පුරහඳ දැන් දොර ගාව. වෙනසකට තිබ්බෙ මූනට වැටිච්ච කොණ්ඩ කැරලි ටික විතරයි. පංචේන්ද්‍රයන් පිනවීමේ අඩුව පිරවුනා. අදාල වාක්‍යෙයම්ම කියනවනං ඇය මගේ හිත පිනවූව. කුමාරි!