skip to main |
skip to sidebar
කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.
මම තාමත් මතක් කරනවා. . .
මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච හැටි
අපේ ලැජ්ජාවක් නැතිකමට මිනිස්සු හිනාවෙච්ච හැටි
කොල හැලිච්ච ගස් වල ලස්සන විඳපු හැටි
මූදු රළක් උඩ නගින හැටි බලන්න වරු ගානක් අපි මානගෙන හිටපු හැටි
සූස් සූස් ගගා දැවිල්ල කාපු හැටි
රබර් කුට්ටං, කිළුටු ඩෙනිම් දාගෙන ලොකු රෙස්ටූරන්ට් වලින් කාපු හැටි
විසි පහේ ටිකට් දෙකකට මියුසියම් එක ඇතුලේ පිළිම වලට මුවාවෙච්ච හැටි
පාක් ඇතුලේ විසිල් වලින් බේරිච්ච හැටි
කොටින්ම අද මෙහෙම දෙයක් කියන්න ඕන උනේ "ඈ"ත් "මා"ත් "අපි" වෙලා අවුරුද්දක් අදට. මම ආසා කරා. . .
ඒ සිම්පල් විදිහට
ඇඟට වඩා බර බඩු මුට්ටු අතේ පයේ නැති එකට
සත්තුන්ට තිබිච්ච ආදරේට
පොත් වලට තිබ්බ ආසාවට
පෙට්‍රල් සුවඳට ආසාවට
සල්ලි වියදම් කරන විදිහට
අහන්න කැමති පරණ ලස්සන හින්දි සින්දු වලට
මට කතා කරපු "අමු" විදිහට
මගේ ඉස්සරහා ලැජ්ජාවක් නැති කමට
ඒ ඉවසීමට
මගේ කඳුළු යට දාපු විදිහට
මිනිහෙක්ට තවත් මිනිහෙක් අඳුරගන්න අවුරුද්දක් මදිවෙන්න පුළුවන්. මාත් තාම අඳුරගෙන නැතුව ඇති. ඒත් මේ අඳුරගත්තු ටිකට මම කැමතියි! අද සමරන්න ගත්තු සැමරිල්ල තවත් පනස් වතාවක්වත් සමරන්න මම කැමතියි. එහෙම වෙන්නේ මමත් එයත් තව අවුරුදු පනහක් ජීවත් උනොත් විතරයි. ඒක විතරයි අවුරුදු පනහක අපේ ආදරේට යන්න නොදෙන්න තියෙන එකම බාධකේ. ඒ වෙනකං අපේ ආදරේ තියෙයි කියලා, අවුරුද්දක් තිස්සේ අඳුරගත්තු උඹ ගැන මට විශ්වාසයි.
තැනක් නොතැන නැති සිත්වුනු ඇසිල් ලේ
නුඹත් මමත් පිරි වසරක් මුළුල් ලේ
මොකා වෙතත් නුඹ මම ගැන විමසිල් ලේ
තවත් ගොඩක් දුර යමු නිවිහැනහිල් ලේ
මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...
Wednesday, September 29, 2010
පිරුනු වසර
කියපු වැරදි වගේම නොකියපු වැරදිත් තොගයක් තියෙන මිනිහෙක් මම. නොකියපු වැරදි නොකියපු කැටගරියෙම තියෙන්නේ මතක් කරන්න, ඒ ගැන කතා කරන්න අකමැතිවට මිසක් හංගන්න ඕනවට නෙමෙයි.හිතන් හිටියා මේ ගැන ලියන්න බ්ලොග් එකක්. ඒක කවි සෙට් එකක් කරනවද, කතාවක් කරනවද කියලා හිත දෙගිඩියාවෙන් තාමත්. මෙතන ඉඳන් ලියවෙන්නේ හිතේ තියෙන ටික තමයි කතාවෙනුත් කවියෙනුත්.
මම තාමත් මතක් කරනවා. . .
මිනිස්සුන්ගේ පොරත්වයට අපි හිනා වෙච්ච හැටි
අපේ ලැජ්ජාවක් නැතිකමට මිනිස්සු හිනාවෙච්ච හැටි
කොල හැලිච්ච ගස් වල ලස්සන විඳපු හැටි
මූදු රළක් උඩ නගින හැටි බලන්න වරු ගානක් අපි මානගෙන හිටපු හැටි
සූස් සූස් ගගා දැවිල්ල කාපු හැටි
රබර් කුට්ටං, කිළුටු ඩෙනිම් දාගෙන ලොකු රෙස්ටූරන්ට් වලින් කාපු හැටි
විසි පහේ ටිකට් දෙකකට මියුසියම් එක ඇතුලේ පිළිම වලට මුවාවෙච්ච හැටි
පාක් ඇතුලේ විසිල් වලින් බේරිච්ච හැටි
කොටින්ම අද මෙහෙම දෙයක් කියන්න ඕන උනේ "ඈ"ත් "මා"ත් "අපි" වෙලා අවුරුද්දක් අදට. මම ආසා කරා. . .
ඒ සිම්පල් විදිහට
ඇඟට වඩා බර බඩු මුට්ටු අතේ පයේ නැති එකට
සත්තුන්ට තිබිච්ච ආදරේට
පොත් වලට තිබ්බ ආසාවට
පෙට්‍රල් සුවඳට ආසාවට
සල්ලි වියදම් කරන විදිහට
අහන්න කැමති පරණ ලස්සන හින්දි සින්දු වලට
මට කතා කරපු "අමු" විදිහට
මගේ ඉස්සරහා ලැජ්ජාවක් නැති කමට
ඒ ඉවසීමට
මගේ කඳුළු යට දාපු විදිහට
මිනිහෙක්ට තවත් මිනිහෙක් අඳුරගන්න අවුරුද්දක් මදිවෙන්න පුළුවන්. මාත් තාම අඳුරගෙන නැතුව ඇති. ඒත් මේ අඳුරගත්තු ටිකට මම කැමතියි! අද සමරන්න ගත්තු සැමරිල්ල තවත් පනස් වතාවක්වත් සමරන්න මම කැමතියි. එහෙම වෙන්නේ මමත් එයත් තව අවුරුදු පනහක් ජීවත් උනොත් විතරයි. ඒක විතරයි අවුරුදු පනහක අපේ ආදරේට යන්න නොදෙන්න තියෙන එකම බාධකේ. ඒ වෙනකං අපේ ආදරේ තියෙයි කියලා, අවුරුද්දක් තිස්සේ අඳුරගත්තු උඹ ගැන මට විශ්වාසයි.
තැනක් නොතැන නැති සිත්වුනු ඇසිල් ලේ
නුඹත් මමත් පිරි වසරක් මුළුල් ලේ
මොකා වෙතත් නුඹ මම ගැන විමසිල් ලේ
තවත් ගොඩක් දුර යමු නිවිහැනහිල් ලේ
Sunday, September 26, 2010
සරීර ශුවථා
මා නිදි අතර දරුණු අඩි තබන ශබ්දයක් ඇසී, ඇහැරී බැලූ අතර යෝද මකුළුවන් දෙදෙනෙකි. උන් ආවේ මාගේ එක්සයිස් මැසිම තිබූ කාමරයේ සිටය. උන්ගේ ආම්ස් හොඳින් වැඩී තිබූ අතර, මා ඇහැරවූ ශබ්දය පැමිණියේ ඒවා පොලොවේ ගැටීමෙන් බව උන්ගේ ගමන බලා සිටි මට සක්සුදක් සේ පැහැදිලි විය.
මේ සියල්ල පටන් ගත්තේ මා කෙට්ටුවීම අරබයා පියා විසින් එක්සසයිස් මැසිමක් නිවසට ගෙන ආ දිනයේ පටන්ය. එහි නම නොදන්නේ එහි නම මැකී ඇති බැවිනි. දෑවුරුද්දක් පුරා එහි ලූ මදක් වේලුනු රෙදි හේතුවෙනි. රෙදි වල තෙතට නම මැකී ගොස් ඇත. පලමු සතිය තුල මනාව කියූ පරිද්දෙන්ම වැඩකටයුතු සිදු වූ අතර. . . දෙවන සතිය තුල එය මත හිඳ ඉදිරිපිට තිබූ කන්නාඩියෙන්, ස්වකීය බේරෙන බඩ හුස්ම ඉහලට ගෙන කෙට්ටු කර බලා මාගේ මනෝ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ සතුටු වීමි. තෙවන සතියද එසේම ගෙවුනතර. . . මැසිම උඩ සිට කෙරුනු ස්වයං මෛථුන්‍යය නිසා හෝ කෙසේ හෝ ඉන අඟල් තුනක් අඩු වී තිබුනි. මේ මල වද තවත් දැරිය නොහැක.
සිව්වන සතිය ගෙවුනේ මැසිම එහා පැත්තේ තිබූ ඇඳ මතය. මා දොර වැසූ කාමරයේ සිට දොරත් හැර එලියට එන විට තාත්තා සතුටු විය. අම්මා ආඩම්බර විය. කාමරයෙන් එලියට එන විට දහඩිය පෙරාගෙන එනු පිණිස කාමරයේ විදුලි පංකාව නිවා දමා සිටීමට පුරුදු විය.
වේල් තුනක් කෑ පසු තව දෙකක් ඇතී
අතර මැදදි බියරුත් එහි වැටෙනු ඇතී
එක තැන හිඳ සිටීමෙන් බඩ වැඩෙනු ඇතී
ගෑණිට සුව යහන මගේ උදරයම වෙතී
මදුරු වදයට මදුරු දැල් උවමනා නැත. මදුරු කොයිල් පමණක් සෑහේ. මන්ද ලංකාවේ මදුරු කොයිල් බලපාන්නේ එය තබන මට්ටමේ සිට පහලට පමණක් බැවිනි. කොයිල් එක දෙපා ලඟින් තබාගත් පසු වැඩේ හරිය. මන්දයත් අප නිවසේ මදුරුවන්ට ඉහල පියෑඹිය නොහැකි බැවිනි. වේට්ස් කර උන්ගේ ඇඟ බර වැඩි වීම නිසා පියාපත් වලින් ඉහල පියෑඹිය නොහැක. උන් ඉහලට ආවත් එන්නේ පුටු කකුල්, මේස කකුල් වල එල්ලීගෙනය.
ගණනය කිරීම් වලට අනුව තවත් මසකින් පමණ සැට් එක ඩිරෙක්ට් බැලිය නොහැකි වනු ඇත. බැලිය යුතු වන්නේ කන්නාඩියෙනි. ඔලුව නවා පහල බැලූ පසු වර්ග අඩි කිහිපයක ප්‍රමාණයක් බඩෙන් වසාගෙන සිටී. ඉතිරිව ඇත්තේ නැවතත් මකුණන් මදුරුවන් සහ මකුළුවන් එලවා දමා එක්සසයිස් පටන් ගැනුම පමණි.
මෙය කීවේ ස්වයං මඩකට නොව, ඔබට සිනා සීමටද නොව, යන්තමින් හෝ ඉදිරියට නෙරා එන බඩවල් අඩු කරගනු පිණිසය. ඒ අප අපගේ හොඳටම පමණි.

අයිති:
ආතල්,
කම්මැලිකමට ලියපු
Subscribe to:
Posts (Atom)
ලියන්නේ
මං කියවන උන්
-
-
නගින් නැති එකා5 weeks ago
-
-
-
හුදෙකලා මහ ගස්2 months ago
-
ඇමරිකාවට ගියොත්4 months ago
-
-
ගීකයාගේ නොස්ටැල්ජියාව1 year ago
-
-
මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !5 years ago
-
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී5 years ago
-
-
අවුරුදුම දහ අටක්…!5 years ago
-
පරණ වු ආලයක්!5 years ago
-
-
වඳවීමෙන් ගැලවීමට...5 years ago
-
පොඩිහාමිගේ කතාව5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!5 years ago
-
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
පුතා..!6 years ago
-
මඩුවන්වෙල වලව්ව, කොලොන්න6 years ago
-
-
ලියුමක්7 years ago
-
වඳුරන්ගේ රට.7 years ago
-
මා හූනා7 years ago
-
කෙළ වුන් මටමමය.7 years ago
-
මල් කැකුළු ඇත හැංගී7 years ago
-
ඔබත් කූඹියෙක්ද?7 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම8 years ago
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
Bangkok the city of angels9 years ago
-
කෑම කියා අප වහ කනවාද?9 years ago
-
-
kuveni කුවේණි9 years ago
-
ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)9 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය9 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන10 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]10 years ago
-
රන්10 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව10 years ago
-
කහ පිච්ච වැල10 years ago
-
සමාවේ ආතල්10 years ago
-
Simon Nawagattegama Images10 years ago
-
-
Momentary Rain11 years ago
-
අංගරාජිණී..11 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...11 years ago
-
මුහුණු පොත සහ ජනමාධ්‍ය11 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!11 years ago
-
-
ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?11 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment11 years ago
-
පාර ඉවර වෙනතුරු මම11 years ago
-
~:@ අම්මප මල :@~12 years ago
-
-
මොකද්ද මේ....12 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි12 years ago
-
මිරැන්ඩා12 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම12 years ago
-
-
Good bye ???12 years ago
-
'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..13 years ago
-
Write to express, not to impress13 years ago
-
පාසලට ආදරය කරන්න.13 years ago
-
Off Marks13 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)13 years ago
-
-
කේ. ජයතිලක.13 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..13 years ago
-
-
-
කින්නර අඩවිය … 1014 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....14 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.14 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!14 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?14 years ago
-
කොලූගේ සමුගැනීම14 years ago
-
අමුතුකතාවක් 20 කොටස14 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි14 years ago
-
-
18 th amendment & future14 years ago
-
මෘදුකාංග නිර්මාණය14 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)15 years ago
-
-
-
~ක්‍රිස් තුස්~16 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ප්ලග් වෙච්ච තවත් තැන්
රචින්ත ජයවර්ධන. Powered by Blogger.