නිමිත්ත : “දෙහිවලදී රැහුණු කුමාරී දුම්රියෙහි ගැටී මියගිය තම පෙම්වතිය නිසාවෙන් පෙම්වතාගේ සිහි විකල් වෙයි.“ - පුවතක්
සාද මතකය සිතට නැගෙතත්
සිත යදියි ඔබවම තවත්
හැර ගොසින් මහ කලක් නොවුවත්
මත ගොසින් පාළුව නැගෙත්
වේගයෙන් ගිය රැහුණු දුම්රිය
නිසල කළ ජීවය පිරැණු කය
තාම ඇහෙනව ගැහෙන හඬ ලය
පීලි අතරෙහි මගහැරී ගිය
දරාගනු නොහී හදබර
පුරා
විතක් මධු මත්කර
බෙදාගෙන
හදෙහි මහමෙර
කඩා
ඉහිරවමි කරදර
කරල්
බෙහෙත් පෙති එන්නත්ද වටකර
සුරල්
වයති චිකිත්සකද දොස්තරලා මැදිකර
දුම්රියෙන්
රුගෙන ගිය විකල් මනසක් අතරමංකර
වෙහෙසක්
දරනු කිම කියමින් ඇගෙන් තොර කතන්දර