skip to main |
skip to sidebar
මා කියවමින් සිටිමි. එහි ලියැවී ඇත්තේ සිතිවිලි වෙයි. එය පොතක් යැයි කියා ඔබට සිතෙන්නට හැක. එසේ සිතුවාටද කම් නැත. නමුත් එය පොතක් නොවන බව මා දනිමි. මා එය දරා සිටිමි. පෙරලන්නට පිටු නැත. එය පෙට්ටියක් වැනිය. ඇතුළට බැසිය හැකි. පිටු නැත. පරිච්ඡේදද නැත. නමුත් කියවිය හැක. එහි ඇත්තේ අප සියල්ලන් මිය යාම පිළිබඳවය. මිය යාමෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? මරණයෙන් මතු ආයෙත් අප මුණගැසෙයිද? එසේ වුවහොත් හඳුනාගන්නට හැකි යම් ක්‍රමයක් වේද?
යළිත් මුණගැසෙන මොහොතේදී ඔබව සිහිවනු පිණිස මා ඔබගෙන්ම මාගේ මතකය පුරවාගමි. මා මියෙමින් සිටිමි. මා කියවමින් සිටිමි. එනිසාම මා ඔබවම සිහියේ තබා ගනිමි. සෑම අංශුවකම ඔබම යැයි නිර්ණය කළ හැකි සාධක පමණක් මොළයේ බහාලමි. එයින් එකක් හෝ ප්‍රයෝජනවත් ලෙස ඉදිරියට විත් යළි අප මුණගැසී ආගන්තුකයන් වන මොහොතේ මට ඔබව හඳුනාගන්නට උදවු වනු ඇත.
ඔබ ගැන සියල්ල මතකයේ සටහන් කරගත් පසු මිය යෑම යෝග්‍යය. ඔබද ඉක්මනින් මිය යා යුතුය. නැතිනම් අපගේ මුණගැසීම පමා වනු ඇත. අප ආසා කරන තැනක මිය ගියහොත් ආසා කරන තැනක උපදින්නට හැකිවග මා කියවීමි. මා මම ආසා කරන තැන වැතිර සිටිමි. එය ඔබගේ කුටියයි. මා පානය කළෙමි. ඒ පානය කළ දේ ඔබටද ඉතිරි කර තබමි. මගේ කවන්ධය අසල ඇති බඳුන අවසන් වන තෙක් රසවිඳින්න සොඳුරිය!
ඉනික්බිති මා අසලින්ම වැතිරෙන්න. මියෙන්නට මොහොතකට පෙර මා මුවෙහි අද්දර සිඹින්න. ඒ මුවෙහි වඩාත් සංවේදී ඉසවුවයි. එකි පාණයෙන් මා නොමැරී උන්නානම් එම චුම්බනය මා මරණය කරා ගෙනයනු ඇත. නැවතත් ආස කරන තැනක ඉපදීමේ අරමුණම පමණක් ගෙන, යළිත් ඔබව හඳුනාගන්නට හැකි සළකුණක් සිහිපත් වෙතැයි විශ්වාසයෙන් මා වැතිර සිටිමි. ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය!
තවත් කල් ඇතැයි ඔබට සිතෙනු ඇත. තවත් කල් ඇතද අප මෙහි යන මග වෙනස් නොවෙයි. එනිසා අප මෙයින් යා යුතුය. එහි ගොස් බැලිය යුතුය. එහෙ සුබ විය හැක. දිගින් දිගටම මිනිසා තම සිරුර සිළට කිඳා බැසීම අවසන් වන්නේ අශූචි සමග පශ්චාත් භාගයෙන් හිස මතුවීමෙන්ය. එසේ වන්නට පෙර මෙම විවේකය ලබාගන්න. නැවත උත්සාහයක් දැරිය යුතුව ඇත. ඔබ මා ගැන මතකයේ තබාගත යුතුද නැත. මා ඇතිතරම් මතකයේ ඔබව තබාගෙන ඇත. නැවත මෙය ඇරඹිය යුතුය. නැවතත් ඒ ප්‍රේමයෙන් දෑස් දල්වා රමණයේ යෙදිය යුතුය. ඉතින් ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය. සිරුර දැවෙනු දැනෙයි. ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය!
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."
Wednesday, November 28, 2018
ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය!
මා කියවමින් සිටිමි. එහි ලියැවී ඇත්තේ සිතිවිලි වෙයි. එය පොතක් යැයි කියා ඔබට සිතෙන්නට හැක. එසේ සිතුවාටද කම් නැත. නමුත් එය පොතක් නොවන බව මා දනිමි. මා එය දරා සිටිමි. පෙරලන්නට පිටු නැත. එය පෙට්ටියක් වැනිය. ඇතුළට බැසිය හැකි. පිටු නැත. පරිච්ඡේදද නැත. නමුත් කියවිය හැක. එහි ඇත්තේ අප සියල්ලන් මිය යාම පිළිබඳවය. මිය යාමෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? මරණයෙන් මතු ආයෙත් අප මුණගැසෙයිද? එසේ වුවහොත් හඳුනාගන්නට හැකි යම් ක්‍රමයක් වේද?
යළිත් මුණගැසෙන මොහොතේදී ඔබව සිහිවනු පිණිස මා ඔබගෙන්ම මාගේ මතකය පුරවාගමි. මා මියෙමින් සිටිමි. මා කියවමින් සිටිමි. එනිසාම මා ඔබවම සිහියේ තබා ගනිමි. සෑම අංශුවකම ඔබම යැයි නිර්ණය කළ හැකි සාධක පමණක් මොළයේ බහාලමි. එයින් එකක් හෝ ප්‍රයෝජනවත් ලෙස ඉදිරියට විත් යළි අප මුණගැසී ආගන්තුකයන් වන මොහොතේ මට ඔබව හඳුනාගන්නට උදවු වනු ඇත.
ඔබ ගැන සියල්ල මතකයේ සටහන් කරගත් පසු මිය යෑම යෝග්‍යය. ඔබද ඉක්මනින් මිය යා යුතුය. නැතිනම් අපගේ මුණගැසීම පමා වනු ඇත. අප ආසා කරන තැනක මිය ගියහොත් ආසා කරන තැනක උපදින්නට හැකිවග මා කියවීමි. මා මම ආසා කරන තැන වැතිර සිටිමි. එය ඔබගේ කුටියයි. මා පානය කළෙමි. ඒ පානය කළ දේ ඔබටද ඉතිරි කර තබමි. මගේ කවන්ධය අසල ඇති බඳුන අවසන් වන තෙක් රසවිඳින්න සොඳුරිය!
ඉනික්බිති මා අසලින්ම වැතිරෙන්න. මියෙන්නට මොහොතකට පෙර මා මුවෙහි අද්දර සිඹින්න. ඒ මුවෙහි වඩාත් සංවේදී ඉසවුවයි. එකි පාණයෙන් මා නොමැරී උන්නානම් එම චුම්බනය මා මරණය කරා ගෙනයනු ඇත. නැවතත් ආස කරන තැනක ඉපදීමේ අරමුණම පමණක් ගෙන, යළිත් ඔබව හඳුනාගන්නට හැකි සළකුණක් සිහිපත් වෙතැයි විශ්වාසයෙන් මා වැතිර සිටිමි. ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය!
තවත් කල් ඇතැයි ඔබට සිතෙනු ඇත. තවත් කල් ඇතද අප මෙහි යන මග වෙනස් නොවෙයි. එනිසා අප මෙයින් යා යුතුය. එහි ගොස් බැලිය යුතුය. එහෙ සුබ විය හැක. දිගින් දිගටම මිනිසා තම සිරුර සිළට කිඳා බැසීම අවසන් වන්නේ අශූචි සමග පශ්චාත් භාගයෙන් හිස මතුවීමෙන්ය. එසේ වන්නට පෙර මෙම විවේකය ලබාගන්න. නැවත උත්සාහයක් දැරිය යුතුව ඇත. ඔබ මා ගැන මතකයේ තබාගත යුතුද නැත. මා ඇතිතරම් මතකයේ ඔබව තබාගෙන ඇත. නැවත මෙය ඇරඹිය යුතුය. නැවතත් ඒ ප්‍රේමයෙන් දෑස් දල්වා රමණයේ යෙදිය යුතුය. ඉතින් ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය. සිරුර දැවෙනු දැනෙයි. ඉක්මනින් පැමිණෙන්න සොඳුරිය!
Wednesday, November 21, 2018
සින්නවීම
ලෝකෙ කැරකෙන ස්පීඩ් එක එක මොහොතකට අඩු වෙලා ආයෙ යථා තත්වෙට ආවොත් අපි වැටෙයිද? එතකොට අපි හැමෝම එක පාර වැටෙයිද? කලින් දැනගෙන හිටියොත් නාසා එකේ මිනිස්සු වටේට කොට්ට තියාගෙන ඉඳියිද? රාජ්‍ය නායකයො තමන්ගෙ ආරක්ෂකයො වට කරගෙන මිනිස් පවුරකින් ආරක්ෂා වෙයිද? අපි අඩු තරමින් බිම වැටෙනකම්ම ඕක ගැන දැනගනියිද? අපි කැරකි කැරකි ඉර වටේ කැරකෙනවා. අපි වගේම අනිත් ග්‍රහලෝක නමයත් ඉර වටේ කැරකෙනවා. ඔය අස්සෙ දුරින් සහ ප්‍රමාණයෙන් අරන් බැලුවම බ්‍රහස්පති ඉර වටේ කැරකෙන්නෙ නෑ කියලත් කියනව. අපි ග්‍රහලෝක සෙට් එක චුන්ටං කෑල්ලක් විතරයි. කැරකි කැරකි ඉන්න අපිවත් අරං ඉරත් තව ලොකු එකක් වටේ කැරකෙනවා. හැමෝම ලොකු එක කැමති පදේටයි නටන්නෙ. මට එයාව මුණගැහෙන්නෙ කැරකෙද්දි. ඒ ලොකු හෝටලේක ලොකු බෑන්ඩ් එකක් ප්ලේ කරපු සින්දුවකට කැරකි කැරකි බෝල්රූම් නටද්දි. මම මගේ වයිෆ් එක්ක කැරකුනා. එයා ඒ කැරකිලා තිබුනෙ එයාගෙ හස්බන්ඩ් එක්කලු. අපේ ඇස් හම්බුනා. බලං හිටියා. අහක බලාගත්තා. ආයෙ බලං හිටියා. හිනා වුනා. ආයෙත් තව ටිකක් හිනා වුනා. කැරකි කැරකිම හාදුවක් පා කරලා ඇරියා. එයා ඒක දැක්කා. හැබැයි නොරිස්සුම් බැල්මක් හෙළුවෙ නෑ. ඒ නිසා එයා හාද්ද භාරගත්තද කියල මං දන්නෙත් නෑ.
අපිව අයිති වෙලා තිබ්බෙ ලෝක දෙකකට. මගේ ලෝකෙ අයිතිකාරි ගෑනියෙක්. එයාගෙ ලෝකෙ අයිතිකාරය පිරිමියෙක්. අනුන්ගෙ අයිතිකාරකං යටතේ හිර වෙලා ඉන්න අපි දෙන්න ඒ ලෝක දෙකේ කැරකි කැරකි ඉන්නෙ නැතුව මුලින්ම මුණගැහුනෙ පිරිතකදි. ඒ අපි දෙන්නම ගිය ලොකු වෙඩින් එක ගත්තු අය, ලොකු ගෙදරකට යන එක වෙනුවෙන්, ලොකු මණ්ඩප්පයක් ගහලා, ලොකු පිරිතක් කියපු තැනදි. එයාගෙ ලෝකෙ අයිතිකාරයා පිරිත්වලට කැමති නැති නිසා ඇවිත් තිබුනෙ නෑ. යාලුවගෙ වැඩේනෙ, කට්ටියත් ඉන්නවනෙ, තනියක් නැහැනෙ, ඔයා යන්න කියලා එයාව එවලා තිබ්බා. මගේ ලෝකෙ අයිතිකාරිට පිරිත් අහන්න යන්න ඕන වුනත් අනිත් කිසිම යාලුවෙකුගෙ බිරින්දෑවක් නොඑන නිසාම එයා ආවෙ නෑ. යාලුවගෙ වැඩේ නිසා මම ගියා. එයයි මායි අපේ ලෝකවල අයිතිකාරයො නැතුව මුණගැහුනෙ එතනදි. අපේ ඇස් හම්බුනා. බලං හිටියා. අහක බලාගත්තා. ආයෙ බලං හිටියා. හිනා වුනා. ආයෙත් තව ටිකක් හිනා වුනා. මං කෙලින්ම ගිහින් කතා කළා.
ඇයි?
පොඩිදෙයක් ඉල්ලගන්න කියල
ඒ මොකද්ද?
මං එදා ෆ්ලයි කරලා ඇරපු කිස් එකේ රිප්ලයි එක
අපි එතැන හිටි බව පෙන්වන්න පිරිත් මණ්ඩපේ අහුවෙන විදියට යාලුවො එක්ක සෙල්ෆි දෙක තුනක් ගහලා ෆේස්බුක් දාලා අපි දෙන්න එළියට පැන්නා. කිට්ටුවෙන්ම තියෙන දෙන්නටම වෙන් වෙච්ච ඉඩක් හොයාගෙන ගියා. අපිරිසිදු කාමරයක් වුනත් උමතුවෙන් හිටි යුවලකට එහි කිසිම අපිළිවෙලක් පෙනුනෙ නෑ. ඈ මා ඇද ගත්තා. බලහත්කාරයෙන් මෙන්. මා ඇදුනා. අතිශය ආශාවෙන්. කෙදිනකවත් එතරම් වේලාවක් පූර්ව ක්‍රියාකාරකම්වල නියැලී නැතත් සිරුරට කිසිඳු වෙහෙසක් දැනුනේ නෑ. ආශාවේ නොතිත් කෙනිත්තීමෙන් තවත්, තවතවත් වේලා මා ඇය වෙනුවෙන්ම සිටියා. ඇය මා වෙනුවෙන්ම සිටියා. හිසෙන් සහ ඇසෙන් කෙරුනු ඉඟියකින් පසු එතෙක් වේලා ඇලී තිබුනද යා නොවී තිබුනු සිරුරු යා වුනා. මා ඇතුළු වුනා. ඈ පිරවුනා. ඇය කරාබුවක් හෝ දමා සිටියේ නැහැ. ඇගේ කැරලි කෙහෙ යට උමතු සුවඳක් මනස කිති කැවූ බව රතියේ කෙලිලොල් බව මැදදිත් මනසේ තිබුනා. මා තවත් තවතවත් ඒ කැරලි කෙහෙ රැලින් වැසුනු ගෙලෙහි රැළිති දාර අතරේ සුවඳ සෙවුවා. ඉමහත් ආශ්වාදයක්. මනස සුවපත් වෙමින්ම ඈ නිය පහුරු ගාමින් නිසල වුනා. මා හටද තවදු ශක්ති අංශුවකුදු ඉතිරිව තිබුනේ නැහැ. අප වැටී වැතිරුනා.
මගේ දකුණත බදාගත් ඈ උරහිස ආදරයෙන් සිපගත්තා. ඒ වන විටත් නැවතත් ක්‍රියාත්මක වුනු ඇගේ දනහිස මටත් රහසේම වඩා සුවයක් දැනෙන පෙදෙසක අනවරතව පිරිමැදුනා. නැවත නැගී සිටින්නට හැකියාවක් ඒ මොහොතේ තිබුනේ නැහැ. උදෑසන හයේ එලාම් ඔරලෝසු ජංගම දුරකතන දෙකේම නාදදී අප කුටියෙන් පිටවින විටත් අප සිවුවන වරටත් එක්වී සිටියා. නැවතත් එදෙස හැරී බලා ඇය හඬන්නට වුනා. ඒ අප වරදක් කල නිසාද? නැතිනම් අප කළ වරද දමා එන්නට සිදුවූ නිසාද? කියා මා අදටත් දන්නේ නැහැ.
එයින් පසුවත් අප හමුවුනා. එන්න එන්නම යම් වෙනසක් අප අතරේ සිදුවන බව දැනෙන්නට වුනා. ඒ වෙනස කුමක්ද? දැඩි කාමුකත්වයකින් අපේ බැඳීම ආදරයකට පෙරැලි තිබුනා. අප මුණගැසුනාට, කුටියක තනි වුනාට, නිරුවත් වුනාට, ලිංගිකව එක් වූයේ නැති නරම්. එහෙත් කුටියෙන් පිටවෙන විට පළමු දිනටත් වඩා ප්‍රමෝදයක් සිත්හී රැඳී තිබුනා. ඇය පුදුමයෙන් මදෙස බලා සිටියා. සෑම දිනකම ඇඳ සිටි ඇඳුම් ගලවද්දී ඇයට හැඬුම් ආවා. ඒ ඇයට මට ආදරය කරන්නට සිදුවීමේ පාපය නිසා යැයි ඇය කිවුවා. එවන් දුකක් ලිංගිකව එක්වද්දී අපට තිබුනේ නැහැ. අනෙකුන්ට අයිති ලෝකයක සිට අපි වෙනකුන්ට ආදරය කරමින් සිටියා. සම්බන්ධයේ තෙමස් පූර්ණය වන විටත් අප දෙමසකින් ලිංගිකව එක්ව තිබුනේ නැහැ. දිගු වේලාවක් දෙතොල් ගෙල අතරේ ඇලී තිබුනු හාදුවක් හැරෙන්නට රාගය මනස් ක්‍රියාවලියක්ම පමණක් වී තිබුනා. තවමත් ඇගේ ගෙල යට සුවඳ මා ආශක්ත කළා. ඈ මගේ සිතුවිලිවලට ආශා කළා.
අපි මොහොතකුදු අපේ ලෝකවල හිමිකරුවන් සහ අයිතිකාරියන් හැර ගියේ නැහැ. ඔවුන් හා ගෙවුනු යාන්ත්‍රික ජීවිතය අතරේ පොදු අවකාශීය ගැබක වැඩුනු ආදරයක් අප දෙදෙනාට දාව ඉපදුනා. සෑම උදෑසනකම සුවදුක් විමසන්නට අපට හැකිවුනේ නැහැ. එක්ව අහරක් ගන්නට, එක්ව දරුවෙකු සුරතල් කරන්නට අපට හැකිවූයේ නැහැ. නමුත් අප එක්ව ආදරය කළා. අපට දාව මහා ආදරයක් බිහිවී තිබුනා. කලක් තිස්සේ මහා රැයක් වන තුරුත් ස්මාට්ෆෝන් තිරය දෙස බලමින් අතට ගත් අතීතයේ සෙක්ස් ඇරියස් පහව ගොස් තිබුනා. එකල තරම්වත් ආලිංගනයේ නොයෙදුනත් ඇය මනසට එන මොහොතක් පාසා මොලය පුපුරවන තරම් සංඥා එහෙ මෙහෙ වුනා. ආදරය පුපුරා ගියා.
පුපරා යෑමෙන් පවා එය නැතිවුනේ නැහැ. ආදරයක් කියා යමක් අපට ඇති යැයි ලෝකය සිතුවේ නැහැ. අප එක් යහනක උඩුබැලිව කෙහෙ රැලි අතගාමින් ආදරය කරන බව ඇගේ සැමියාත් මගේ බිරින්දෑත් දැන සිටියේ නැහැ. එක කුටියක සිට පැමිණ නිවෙස් දෙකකට අප ඇරලවන කෙසක්රිය කරුවන් අප කොටු පනින යුවලක් ලෙස මිල ආදරය කරන යුවලක් ලෙස දැක්කේ නැහැ. එනිසා ලෝකයට අනුව අපට මේ යැයි කියා ආදර බන්ධනයක් තිබුනේ නැහැ. නමුත් අප අපේම ආදරය වුනු අරුමය අමතක කරන්නට නොහැකියි. එය ඇරඹියේ කොයි මොහොතේද කියා විශ්වාසයක් නැතත්, දෙපසක දුර ඈත සිටියදී හෝ එය පවතින බවට විශ්වාසයක් අප සතුව තිබුනා. ආදරය කරනවා නම් යන්නට දෙන්න වැනි ඕෂෝමය පරාර්ථයක් අප තුළ තිබුනේ නැහැ. කයින් දුරස්තව සිටියත් අප කිසිම මොහොතක එකිනෙකාගෙන් ගිලිහුනේ නැහැ.
කැරකි කැරකි හිටපු මිනිස්සු දෙන්නෙකුගෙ හදිසි යහන්ගතවීමක් නවතින්න පුළුවන් හොඳම තැන මොකද්ද?

Tuesday, November 13, 2018
ටොපිය දිය වී යෑම
පූර්ව සටහනක් - මේක උඹලට නිකං කතාවක් වුනාට මට ෂොක් එකක්. ඒ නිසා මේක ඉවර වෙනකං මේක කතාවක් කියල මම දැනගෙන උන්නෙත් නෑ. එනිසා මම දවසක ලියලා නවත්තපු තැනින් පහුවදා ලියන්න පටන්ගත්ත. එනිසා හැමදාටම අද කියලා පාවිච්චි කරලා තිබුනට මේවා දවසක් ගානකදි සිද්ධ වෙච්ච කාලකන්නි වැඩ.
ටොපි දිය වෙන්න ඕන තමයි. හැබැයි ටොපි දිය වෙන්න ඕන දිවක් මත කටක් ඇතුළෙදි. එහෙම දිය නොවෙන ටොපි කාලකන්නි ටොපි. දැන් මගේ ජීවිතෙත් කාලකන්නි ටොපියක් වගේ. පිරිමියක් දියවෙන්න ඕන ගෑනියෙක් ඇතුළෙ. ඒ ඇතුළෙ තියන රහට සුවඳට තියෙන පෙරේත කමෙන් පිරිමියෙක් දියවෙන්න ඕන. දිගින් දිගටම එකින් එකට දිව යටට එක්වෙන ලුමිනස් පැහැ කොටහකට මේ පිරිමි ජීවිතේ දිය වේවී යනවා. හීන පේනව. ඇඟ ඇතුළෙ එලියක් යනව වගේ. ගොඩාක් ඈත තියෙන දේවල් ලඟින් පේනව. ඇයගේ මාසික ඔසප් චක්‍රය සති තුනක් තිස්සෙත් නැවතිලා නැහැ කියලයි මතක. දරුවො නැති නිසා අපි ගත්තු බෙහෙතක් නරක විදියට ඇඟ ඇතුළෙ වැඩ කරනවද? කියල එයා හිතුවෙ. හැබැයි එයා දොස්තරල ගාවට යන්න කැමති වුනේ නැහැ. නැත්තං ඇය මැරෙන්න ලං වෙනවද? ඇගේ මුහුනෙන් ඒ බවක් පෙනෙන්නෙ නෑ, වෙනදටත් වඩා ක්‍රියාශීලියි. වෙනදටත් වඩා මට ආදරෙයි. හැබැයි පහනක් වැඩියෙම්ම දීප්තිමත්ව දැල්වෙන්නෙ නිවෙන්න ලංවුනාම නිසා මං දුක්වෙන්න පටන් අරගෙන.
පිටවෙන ලේ ගුලියක් ගානෙ ඇයවත් මාවත් දුරස් වුනා. අපි අතරෙ බන්ධනයක් හදන්න දරුවෙක් හිටියෙ නැහැ. එයා කවදාවත් මගෙත් එක්ක බීලත් නැහැ. මම බොනවට එයා මොකුත් කිවුවෙත් නෑ. ඒ අහලකවත් හිටියෙත් නැහැ. ඒ නිසා මම දිගටම බිවුවා. එයා මගෙන් තවත් දුරස් වුනා. මං කලින් කසාද බැඳපු එකෙක් නිසා අපිට පැනලා එන්න සිද්ධ වුනා. එයා ප්ලෑන් කරලා පැනලා ආවෙම දරුවෙක් හදාගෙන ගිහින් ගෙදර කට්ටියව ෂේප් කරගමු කියල හිතලා. ඒ වෙද්දි කලින් කසාදෙ මට නැතිවුනේ මට ළමයි හදන්න බැරි නිසා බව මම එයාට කිවුවෙ නැහැ. අපිට දරුවෙක් හදන්න බැරි බව තීන්දු කරන ටෙස්ට් රිපෝට්ස් ආපු දවසෙ එයා ඇඬුවා. මං කල්පනා කරා. මං සාමාන්‍යයෙන් කල්පනා කරොත් කරන්නෙ ඔය විදියෙ උත්තර නැති ප්‍රශ්නවලට. හොඳට හිතලා මතලා විකල්ප තෝරලා ගන්න ඕන තීරණ මම කල්පනා නොකර කරලා වැඩ වරද්දගන්නව. අපිට දරුවො නැත්තං.. හරිම සරළයි. අපිට දරුවො ඕන නැහැ. හදනව බල්ලෙක්.
අන්තිම ස්ටෑම්ප්ස් ඕඩර් එක මගේ අතට ආවෙ පොතක් ඇතුළෙ. ඒ පොත දැන් මගේ ගාව තියෙනව. ඒකෙ තියෙන්නෙත් බල්ලො ගැන. බල්ලො ගැන හැම දෙයක්ම. ඒත් බල්ලෙක් හැදුවොත් හිත නිදහසේ ට්‍රිප් එකක්වත් යන්න වෙන්නැති නිසා මං ඒ අදහසත් අතෑරියා. දැන් ඒ පොතෙන් වැඩකුත් නෑ. සෑට්ම්ප් එකෙන් මුළු ඇඟම නිශ්ක්‍රීය කරලා. ජේසු මරියාගෙ අත් උඩ වැටිලා හිටියා වගේ මං සෝෆාව උඩ දියවෙලා. මං කේන්තියෙන් පොත විසික් කළා. විසික් වුනේ නෑ. සමහරවිට විසික් වෙන්න ඇති. මට දුර දේවල් ලඟට පේන නිසා විසික් වුනා කියල නොතේරෙනව ඇති. අරක්කු බොන එක නැවැත්තුවෙ සති තුනකට කලින්. ආයෙ බොන්නෙ නෑ. බොන එක නවත්තනව කියල හිතපු දවසෙම කෝල් එකක් ආව අඩියක් ගහමුද කියල අහල. මං බොරුවක් කිවුව. පහුවදා මගේ දික්කසාද වෙච්ච කලින් ගෑනිගෙ මිනිහා කතා කළා අඩියක් ගහන්න. ඌත් ඒකිව දික්කසාද කරනවලු. දික්කසාද පෙම්බරීද මං... තමයි.
කලින් කසාදෙ ගෑනි මාව දික්කසාද කළේ මට දරුවො හදන්න බෑ කියල. ඒ කාලෙ මං අරක්කු බිවුවෙ. දැන් වගේ මයික්‍රො ඩෝපින් නෙමෙයි. මයික්‍රො ඩෝපින් මට හුරු කළේ සිලිකන්වැලීවල මාස දෙකක් රස්සාව කරල ආපු මගේ යාලුවෙක්. එහෙ ටෙක් බුවාලගෙ ජනප්‍රියම ඩෝපිං මෙතඩ් එක ස්ටෑම්ප් එක කෑලි විසිපහකට කපලා චුට්ට චුට්ට අහසෙ ඉන්න එකලු. මං අද දිවේ මුළු කෑල්ලම සතපවාගෙන හිටියට පුරුද්දට කරන්නෙ මයික්‍රො ඩෝපිං. කොහොමහරි මාව දික්කසාද කරන්න ඕන නිසාම කලින් ගෑනි මගේ රිපෝට්ස් බොරු කළාද කියල හිතෙන්නෙ දැන් මට ළමයි හදන්න පුළුවන් වුනාට මගේ දැන් ගෑනිට බැහැ කියලා රිපෝට්ස් ආපු නිසා. එදා වැරදුනාද? අද වැරදුනාද? දෙපාරම වැරදුනාද? ඔහොමත් බොරු රිපෝට්ස් දෙන්න හොඳයිද?
එයා අද මට ලියුමක් තියලා ගිහින්. එයාගෙ සයිකල් එක හරි දවසටම සිද්ධ වුනාට එයා ලේ එලියට අරගත්තෙ මට හොරෙන් එයාවම තුවාල කරගෙනලු. ඒක කියෙවුවම ඔලුවම කැරකෙන්න ගත්ත. ඒ මොහොත මං හිටියෙ ඩෝප් පිට නෙමෙයි. ජනෙල් කන්ඩිය උඩ ඔතල තිබ්බ ජොයින්ට් එකෙන් පෆ් එකෙන් ගහල ආයෙ මම ඒ කොලේ කියෙවුව. ඇස් බොර වෙලා කොලේ පේන්නෙ අඩුවෙන් වගේ. මට ඇඬෙනවද? එයා මාව දාලා යනවලු. කලින් ගෑනි මාව දාලා ගියේ මට දරුවො හදන්න බැරි නිසා. මෙයා මාව දාලා යන්නෙ මෙයාට ළමයි හදන්න බැරි නිසා. මොක්කු මොකාව දාලා ගියත් අන්තිමට මම මාව දාලා යන තැනට එයි කියල මම හිතුවෙ නෑ. ඒකයි මම කලින් දවසකත් මෙහෙමම කිවුවෙ. ටොපි දිය වෙන්න ඕන තමයි. හැබැයි ටොපි දිය වෙන්න ඕන දිවක් මත කටක් ඇතුළෙදි. එහෙම දිය නොවෙන ටොපි කාලකන්නි ටොපි. දැන් මගේ ජීවිතෙත් කාලකන්නි ටොපියක් වගේ.
අද මම දියවෙන්නෙ ගෑනියෙක් ඇතුළෙ නෙමෙයි. මම මං ඇතුළෙම දියවෙනවා. ගෑනියෙක් ඉස්සරහ නිරුවත් නොවී මම මටම නිරුවත් වෙනවා. අදහස් වලින් නිරුවත් වීම ඩෙනිමක් ගලවනව තරං ලේසි නෑ. ඒකෙ අමුත්තක් නෑ. මගේ නිරුවත ගැන මම නොදන්න දෙයක් නෑ. කවුද තමුන්ගෙ නිරුවත ගැන නොදන්නෙ. තමුන්වම රවට්ටගන්න මිනිහෙක් පවා එක් මොහොතක පොඩ්ඩක් සැලෙනවා. මේ බොරුව කරගන්නෙ මටම නේද කියල මතක් වෙලා. කරන්න දෙයක් නෑ. හැබැයි නිරුවත් වීම දිය වීමම නෙමෙයි. දියවීම කියන්නෙ බාර වීමක් වගේ දෙයක්. ඔය සරණ යනව කියන්නෙ එහෙම දේකට. කොච්චර කිවුවත් මොන පකයද බුදුන්ගෙ සරණ ගියේ. සූර් වෙච්ච එකෙකුගේ කාලකන්නි කතා කියල උඹල අමතක කලත්, කන්න හම්බෙන නිසා, ලවු කේස් නිසා, ඉගෙනගන්න ලේසි නිසා යනව මිසක බුදුන්ගෙ සරණ ගිය උන් ඉන්නවද? ඒත් අපි කවුරුත් සරණ යනව. මම ආසම ගෑනියෙකුගෙ සරණ යන්න. හැම ගෑනිම හරියන්නෙ නෑ. එක ගැහැනියක්. ඇය දෙවඟනක් වගේ. ජීවිතයම ඈ තුළ සතපවන්න පුළුවන්.
මගේ කතාවෙ පළවෙනි ඡේදෙට වගේම අන්තිම ඡේදෙටත් හැඟීම විස්තර කරවන්න පුළුවන් පින්තූරයක් නෑ. ඒක අරුමයක් නෙමෙයි. මේ කාලකන්නිකම වෙනිං කෙනෙකුට මීට කලින් අත්දකින්න නොලැබිලා ඇති. ගැහැනියක් තමුන්ගෙ පිරිමියා වෙනුවෙන් දරුවෙක් දෙන්නට බැරි නිසා තමුන්ගෙ ලිංගය තුවාල කරගන්නව. ඒ තුවාලය නිසාම දුරස් වෙන ඔවුන් දරුවෙකුටත් වඩා වටින ආදරේ දුරස් කරගන්නව. දිගින් දිගටම දකින ලෙයින් ඔද්දල් වුනු ඔලුවක් වැඩ කරන්නෙ මොනවගේද කියල හිතාගන්න බැහැ. තව ටික දවසකින් අපි ඩිවෝස් වෙනව. ඒක එයාගෙ තීරණයක්. එතකොට මාත් නිදහස් වෙනවද? තව කෙනෙක්ව හොයනවද? තාමත් ලයිටරේ මං ගාව. ඈත තිබ්බ බල්ලො ගැන පොතක් ඇතුළට ඉතුරු ස්ටෑම්ප්ස් ටික දාලා මං ලයිටරේ පත්තු කළා. කවරෙ හිටපු බල්ලගෙ ලස්සන ඇස් ගාවින් තමයි උගේ ඇඟට ගින්න ඇතුළු වුනේ. පිච්චිලා ඉවරවෙනකංම බල්ලා බිරුවෙ නැහැ. ආයෙ බොන්නෙ නෑ කියල ටෙස්ට් රිපෝට්ස් ආපු එදා එයාගෙ පරණ හෑන්ඩ්බෑග් එකකට දාපු ඩීඩී බෝතලේ මගේ අතට ගත්ත. මුල්ම රත්තරං වතුර ඩිංග උගුර දිගේ බහිද්දිත් මං හිටියෙ සරණ යන්න හිතෙන ගෑනියෙක්ව ෆේස්බුක් එකේ හොයන ගමන්.

Sunday, September 16, 2018
අම්මාගේ මරණයට දුක නොසිතීමේ විලාපය
ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට අනිත් මිනිස්සු කියන කතා ටිකක් තියෙනව. හැබැයි ඒ කතා ප්‍රශ්න තියෙන වෙලාවක තමුන්ට කියද්දි අර මිනිස්සු කනකට ගන්නෙ නෑ. ඒ අතරෙ තියෙනව මිනිස්සුන්ට ප්‍රශ්න එද්දි එන්නෙ එකපිටඑක, මිනිස්සුන්ට නරක කාල වගේම හොඳ කාලත් තියෙනවා, ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කාලයට ඉඩ දෙන්න ඕන, ප්‍රශ්න නැත්තං ජීවිතයක් නෑ, සල්ලි තිබ්බනං ඕන ප්‍රශ්නයක් ඉවරයි වගේ කතා. මටත් පහුගිය ටිකේ ප්‍රශ්න ගොඩක් තිබ්බ නිසා ඔය වගේ කතා ගොන්නක් අහන්න හම්බුනා. අම්මගෙ කකුල කැපුව, පුත්තම්ම මැරැණ, වම් කකුලෙ සැළකිය යුතු අවුලක් ගියා, අම්ම මැරුණ වගේ ප්‍රශ්න ගොඩකට පස්සෙත් මං ඉස්සර වගේම අරක්කු බොනව, බත් කනව, සල්ලි හම්බකරනව, හොඳට නිදාගන්නව. ඒත් මට අවුලක් තියෙනව. මේ හැම ප්‍රශ්නෙටම වඩා ලොකු ප්‍රශ්නයක්. හැම ලොකු ප්‍රශ්නයක්ම මගේ හිත ඇතුළට යද්දි පොඩි වෙලා හිතේ හොල්මන් කර කර ඉන්නව. විසඳුමක් නෑ. ප්‍රශ්නයෙන් මට අනන්ත කරදර වුනත් මට විසඳුමක් නෑ. හැබැයි ජීවිතේ වැටිලා විඳවන්න තරං ඒ කිසිම එකකට මාව වට්ටන්න පුළුවන් වුනේ නෑ.
එනිසා මට ජීවිතේ ලොකුම දුක දැනෙන්නෙ කොයි මොහොතෙද කියල මට විශ්වාස නෑ. තමුන්ගෙ අම්ම අසනීප වුනාමත් ඇස්වලට කඳුළු ඉනුව පුත්තුන්ව මම අඳුරනව. අම්මගෙ කකුල කැපුවමත් දැන් ඊලඟට එතනින් එන ප්‍රශ්න ටිකට විසඳුමක් හොයන්නෙ කොහොමද කියල හිතුව මිසක් මට දුකක් හිතුනෙ නෑ. අම්ම මැරුනු මොහොතෙ මට දුක හිතුනු අවස්ථා තුනක් තිබුන. මගේ තාත්ත අච්චර කැපවෙලත් අම්මගෙ මුරණ්ඩුකම හින්දා අම්මා මැරුනු එකට මට තාත්තා ගැන දුක හිතුන, අම්මා නරක විදියට සළකද්දි නිහඬ වෙච්ච මගෙ ගෑනි අම්ම මැරුණම අපරාදෙ එයාට අපි එක්ක මීට වඩා සතුටෙන් ඉන්න තිබුන කියල කියද්දි මට දුක හිතුන, අන්තිමටම මගේ පුතා අත්තම්ම දොයි නේද කියල මිණී පෙට්ටිය පෙන්නල අහද්දි මට දුක හිතුන. ඒ දුකවල් තුනම අම්මගෙ මිණිය නිසා උපන්නත් ඒ කිසිම දුකක් අම්ම ගැන උපන්න දුකක් නෙමෙයි.
මට අන්තිමටම දුක හිතුනෙ මේ සටහන ලියැවෙන දවසට කලින් දවසෙ අපි ගිය නෑදෑ ගෙදරක හිටපු අපි එක්ක හොඳටම ෆිට් වෙච්ච බල්ලෙක් අපි යද්දි හිටපු මූඩ් එක දැකල. ඒක තාමත් මට අවුලක් දැනෙන තත්ත්වයක්. ගෙදරින් පිටවෙද්දි ඌව බදාගත්තම ඌ හිටියෙ පුදුම අවුලකින්. තවත් ජීවියෙක්ව දාලා යන දුක මට ලඟකදි ලොකුවටම දැනුනෙ ඒ මොහොතෙ.
අදට අම්ම මැරිල මාසයයි. මං මාසයක් බලං හිටියා කොයි මොහොතෙ හෝ මට මගෙ අම්ම නැතිවෙච්ච දුක දරාගන්න බැරි තරං ලොකු අවුලක් එක්ක හිතට දැනෙයි කියල. ඒත් ඒ දුක නොආපු නිසා මට ඉතුරු වෙනව අවුලක්. අම්මගෙ මරණෙන් මට ඉතුරු වුනේ ප්‍රශ්න ටිකක්. තාත්තව තනි නොකරන්නෙ කොහොමද? ඒකෙන් ඉතුරුවෙන ගෙදරට කරන්නෙ විකුණන එකද? රෙන්ට් කරන එකද? පළාත මාරු වීම දරුවට හොඳ විදියට බළපායිද? පොරගෙ මොන්ටිසෝරි මාරුව සිද්ධ කරන්නෙ කොහොමද? ඒත් තාම හිතේ අන්තිම කොනට වෙනකං මට ආදරේ කරපු ගෑනි වෙච්චි අම්ම මැරිච්ච එක ගැන මට දුකක් හිතුනෙ නෑ. මං කොච්චර කැරියෙක්ද කියන එකට එහා ගිය ප්‍රශ්නයක්, ඒක නිසා මගේ හිතේ ඉතුරු වෙලා තියෙනව. ලියන රස්සාවෙන් සල්ලි හොයන මට මෙහෙම අවුල් ටිකක් ඔලුව ඇතුළෙ කැරකෙන එකත් තව ප්‍රශ්නයක්.
ඒ නිසා ඒ ඔක්කොම අතෑරල දාලා මම මේ මොහොතෙ හිතන්නෙ මට කවදා ලොකු දුකක් දැනෙයිද කියල. මට කියල ඉතුරු මගේ ගෑනියි, තාත්තයි, පුතයි, යාලුවොයි විතරයි. එවුන්ගෙන් පුතා මැරෙන එක ගැන හිතන්නවත් මම කැමති නෑ. මගේ තාත්තා තාම මැරෙන්න තරමට වයස නෑ. අනික පොර ජොගින් පාරකුත් දාලා, අඩියකුත් ගහලා ඉන්න මැද මාවතේ ඩයල් එකක්. ඒත් මගේ හිත කියනව මම ලොකුවටම දුක් වෙන්නෙ මගේ ගෑනි මලොත් කියල. තාම මගෙ හිතේ තියෙන මට ගෑනිට කියාගන්න බැරිවෙච්ච දේවල්, කවදාවත් නොකියන්න හිටපු දේවල්, වැරදි තේරුම් ගැනීම්, අනවශ්‍ය ප්‍රතිචාර වගේ අවුල් ටිකක් ගෑනි මැරිච්ච ගමන් ෆ්‍රීස් වෙනවා. අන්න ඒ ෆ්‍රීස් වීම නිසා මගේ ගෑනි මලොත් ඒක මට ලොකුම දුක වේවි. මොකද කවදාවත් කියාගන්න බැරි වෙන දේවල්, නොකියන දේවල්, වැරදි වටහාගැනීම්, අනවශ්‍ය ප්‍රතිචාර වගේ අවුල් ඔක්කොම එකපොදියට වෙනිං කෙනෙක් එක්ක නොබැඳේවි. එතකොට මගේ අවුල තියෙන්නෙ එතන. ඇරියස් පුරවාගැනීමේ අවුල! එතකොට අම්මගෙ මරණෙන් මට දුක නැත්තෙ ඒකද? එයාගෙයි මගෙයි අතරෙ තිබ්බ හැම ඇරියස් එකක්ම මම විසඳගත්තු නිසාද? අපරාදෙ, පොඩ්ඩක් හරි දුක හිතෙන්න අපි අතරෙ එක ඇරියස් එකක්වත් තිබුනනං නේද හොඳ?

Thursday, July 12, 2018
අම්මව දෙවැනි කළ ගැහැනියට සමුදීම
පුත්තම්මගෙයි මගෙයි කතාව පටන්ගන්නෙම පීක් එකෙන්. තේරෙන වයසකදි ළමයි වැඩිපුරම ආදරේ කරන්න පටන්ගන්නෙ අම්ම තාත්තට. ඒත් මම ආදරේ කළේ වැඩිපුරම පුත්තම්මට. එයාට පුත්තම්ම කියන නම දැම්මෙත් මම. පුතාගෙ අම්ම කියන එකයි ඒකෙ තේරුම.
පුත්තම්මගෙයි මගෙයි බැඳීම් අතරෙ රසබරම සිහිකිරීමක් විදියට කෑම හඳුන්වන්න පුළුවන්. පුත්තම්ම කියන්නෙ පුළුවන් හැම වෙලාවකම මං ආස කරන කෑම හදන්න උනන්දු වෙච්ච ගෑනියෙක්. පුත්තම්මගෙ අයිකනික් ඩිෂ්එක තමයි උම්බලකඩ රතුළූනු වැංජනේ. ඒ වගේම කැටවලට කපපු අල කෑල්ලෙත් රස ඉතිරෙන මස් පදම තිබ්බ බීෆ් කරිය. සහ මම කන්න ආස නැති කෑම උයපු දවසකට හදිස්සියෙන් හදල දෙන දුන් තෙල් බත. ඒ නැතත් පුත්තම්මගෙ තිබ්බ මනුස්සයෙක් තවත් කෙනෙක් ගැන නොහිතන කෙයාරින් පොයින්ට්ස්. පිට තැනකින් බෙදල ගේන බත් එකක මම ආස නැති දේ තිබුනනං එයා ඒ ටික මුලින්ම කාලා මට බත් එක දුන්න. මට ඉඳුල් කට ගාවල තියෙන්නෙත් මනුස්සය. මං මහත්වීම සම්බන්ධයෙන් පවුලේ දෝෂාරෝපණ ඇවිල්ල තියෙන්නෙත් මනුස්සයට. ඒක ඉඳුල් කටගාපු නැකතෙ ප්‍රබලකමක් නෙමෙයි. ඒක ඒ කෑමවල රස නිසා සිද්ධ වෙච්ච දෙයක්.
පුත්තම්ම ගැන මට මතක පරණම මතකය ටිකක් දඩබ්බර එකක්. මං පුංචි කාලෙ සෙල්ලං කරන්න ගෙනත් දීපු බිල්ඩිං බ්ලොක්ස්වලට කෙළ පුරවල නිදියගෙන හිටපු පුත්තම්මගෙ කනට දාලා තියෙනව. මනුස්සයට දවස් ගානක් යනකං කන කුරුකුරු ගෑවලු. මම තුන වසරෙ ඉද්දි සීය මැරුනෙ.
මට මතකයි සීය මැරිලා දානමාන ඉවර වුනාට පස්සෙ, මං ඉස්කෝලෙ ගිය පළවෙනි දවසෙ මං ගෙදර එද්දි සාලෙන් මිදුලට තියෙන පඩියෙ වාඩි වෙලා හිටිය පුත්තම්ම කලබල වෙලා නැගිට්ට. එයාට මට බත් එක බෙදන්න අමතක වුනාලු. පුත්තම්මයි සීයයි හරිම ආදරෙන් හිටිය. මගේ අම්මයි තාත්තයි අතරෙ එතකොටත් බහින්බස් වීම් තිබුන. එනිසා මට පුත්තම්මයි සීයයි අතරෙ තිබ්බ බැඳීම කැපිලා පෙනුනා. සීයා බොන දවසට පුත්තම්ම රස බීෆ් ඉස්ටුවක් හදනව. මාළුමිරිස්, ළූනු රවුම් එක්ක තියෙන, හීනි දිග මස්කෑලි විනාකිරි ගම්මිරිස්වල පෙඟිලා පුදුමාකාර රසක් දුන්නෙ. සීයා දවසක පුත්තම්මට ආදරෙන් මගෙ අල්මාරිය කියල කිවුව. මං තාමත් අහල නෑ මිනිහෙක් තමුන්ගෙ ගෑනිට ආදරෙන් අල්මාරිය කියල කියනව. මගෙ සීයා පස්සෙ කාලෙක මට තේරෙන විදියටනං ලොකු දැණුමක් තිබුනු මහ හීනමාණ කාරයෙක්. පුත්තම්ම පියදාස සිරිසේනගෙ මිනිබිරී වුනාට මහා කියවීමක් තිබ්බ ගෑනියෙක් නෙමෙයි. හැබැයි එයා මාව පොතට පතට හුරුකරවන්න උත්සාහ කළා. හොඳ උගත්කමක් මනුස්සයට තිබුනා. ස්ටොක් මාකට් එක හැඬ්ල් කරන හැටි ගැන, ලෝකෙ සිද්ධ වෙන දේශපාලන විපරියාස ගැන පත්තරවලින් හොයලා කියවන පුරුද්දක් තිබුන.
පුත්තම්ම කුස්සියෙන් බැහැර වෙලා අම්මා මුල් තැන ගන්නෙ පුත්තම්මට ඔපරේෂන් එකක් කරපු අලුත මහන්සි වෙන්න එපා කියපු නිසා. එදා ඉඳන් පුත්තම්ම ටික ටික හොරවෙන්න ගත්ත. හැබැයි පුත්තම්ම මට තිබ්බ ආදරේ අඩු කළේ නෑ. මට කැමරාවක් ඕන කියල මම කියපු දවසෙ අම්ම තාත්තා සල්ලි හොලවන්න කලින් එයා කැමරාවක් අරන් දුන්න. මං ඒකෙන් ගන්න ෆොටෝ එකක් දිහාවත් එයා බැලුවෙ නෑ. මං පෙන්නන්න ගියෙත් නෑ. දවසක් මං තේරෙන වයසක ඉන්නකොට මගේ සහ නෑදෑයොන්ගෙ තියෙන දුරස්ථ බව ගැන අම්ම කියපු නරක කතාවක් හින්දා, මං මං පුංචි කාලෙ ඉඳන් ගෑවිච්ච මිනිස්සුන්ගෙන් ආදරේ පුත්තම්මට විතරයි. අනිත් එකෙකුටවත් මං ආදරේ නෑ කියල මට කියවුනා. ඒකට තාත්තට කේන්ති ගියෙ නෑ. ඒත් අම්මට කේන්ති ගියා තමුන්ගෙ අම්මත් එක්ක.
පුත්තම්ම හැම ඈන්ගල් එකකින්ම මගේ අම්මට වඩා හොඳ ගෑනියෙක් කියල මට තේරුනා. පුත්තම්ම මට අනන්ත ආදරේ කළා. ඒත් මට වැරදි මගක යන්න දුන්නෙ නෑ. ඒත් මගේ අම්ම හිටියෙ මං කුඩු ටිකක් ගහන්න ඕන කිවුවත් ගෙනත් දෙන තත්ත්වෙක. අම්මෙක් එහෙම වෙන්න හොඳ නෑ. ඒක ආදරයක් වුනාට මුලපුරන්නෙ විනාසෙකට. පුත්තම්ම හැම බෑඩ් සිටුවේෂන් එකක්ම නියම නිස්කලංක බවකින් ගොඩදැම්ම. හැබැයි පුත්තම්ම මගේ අම්මගෙයි තාත්තගෙයි ජීවිතේට නරක විදියට අත දැම්ම. ඒව තේරෙන්නෙ ටිකක් ලොකු වෙද්දි. ඒකෙන් මගේ හිත පුත්තම්ම ගැන තරමක් බිඳෙනව. පුත්තම්මයි මායි අතරෙ බැඳීම ගිලිහෙනව එක තැනකදි. එතකොටත් පෙර කියපු සිද්ධිය හින්දා මගේ හිත තරමකට බිඳිලා ඉවරයි. පුත්තම්ම ගෙයි පිටිපස්සෙ වැටිලා එකතැන් වෙනව. එදා ඉඳන් කාමරේ ඉඳන් පුත්තම්ම කියන දේවල් අහගෙන ඉන්න මට පුත්තම්ම මට කොච්චර හොඳ වුනත්, මගේ අම්ම තාත්තගෙ ජීවිතේට නරක විදියට අත දැම්ම නේද කියල තේරුං යනව. එතන ඉඳන් අපි ඈත් වෙනව. මහා දුරකට.
පුත්තම්ම අම්මගෙ කසාද ජීවිතේට කරපු දේ අම්ම මගේ කසාද ජීවිතේට කරන්න පටන්ගන්නව. තාත්ත මට අනතුරු අඟෝනව කෙලවෙන්න කලින් පලයං කියල. මං මාර කේන්තියකින් මං ආදරේ කරපු සැපට කන බොන සද්දෙට සින්දු කියන මිනිස්සු ඉන්න මොරටුව දාලා, හොරෙන් හොරෙන් කනින් කනට කේලං කියන හුත්තිගෙ පුතාලා ඉන්න, බාර් එකක් නැති, පෝක් ටිකක් නැති මත්තෙගොඩට එනව. මං ඒකට තාමත් මගේ අම්මට වෛර කරනව.
හිත යටින් කොච්චර ලොකු ආදරයක් තිබුනත් මගේ අම්ම ගැන මට ලොකු කේන්තියක් දැනෙන දේවල් මහ ගොඩක් තියෙනව. ඒකට මුල්ම හේතුව වෙන්නෙ පුත්තම්ම. ඇත්තටම අම්මෙක් ඉන්න ඕන කොහොමද කියන දේ පුත්තම්ම මට පෙන්නනව. එනිසයි එයා පුතාගෙම අම්ම වෙන්නෙ.
පුත්තම්ම ගිය සඳුදා මැරුන. එයාගෙ මිනිය දිහා බලං ඉද්දි මට ලොකුවට කෑගැහුනෙ නෑ, මං මිනිය බදාගෙන හිටියෙ නෑ, හැබැයි මට කඳුලු ආව. ඒ මම මේ උඩ කියපු මතකයන් ටික හින්දා. එයා අන්තිම අවුරුදු පහළොවේදි මගෙ ජීවිතෙන් ඈත්වුනාට මගේ ජීවිතේ මුල් අවුරුදු පහළොවම ලස්සන කළේ පුත්තම්ම. එයා අන්තිම ටිකේ අමාරුවෙන් දුක් විඳිමින් හිටපු හින්දා එයා මැරිච්ච එක හොඳයි. ඒ තමයි මගේ ජීවිතේ යම් මොහොතක මං වැඩිපුරම ආදරේ කරපු ගෑනි. මං තාමත් කාටවත් එයාට තරං ආදරේ කරලා නෑ. මේ මොහොතෙදි මං වැඩිපුරම ආදරේ මගෙ ගෑනිට. දෙවනියට මගෙ පුතාට. ඒත් මං කවදාවත් ඒ දෙන්නටවත් මම ඉස්සර පුත්තම්මට ආදරේ කරපු තරං ආදරේ කරල නෑ. වයසින් වැඩිවෙන්න වෙන්න හිත්වල තියෙන ආත්මාර්ථකාමී ගති උඩ ගහද්දි, අවුරුදු දහයෙදි විතර ලෝකෙ ගැන වැඩි දැනීමක් නැති කොල්ලෙකුගෙ හිතින් කරපු ආදරේ ප්‍රබලකම ආයෙ හිතක් ඇතුළෙ ඇති වෙනවද කියන්න මම දන්නෙ නැහැ. හැබැයි මං පුත්තම්මට, මට අවුරුදු දහයෙදි ආදරේ කරපු තරං ආයෙත් වෙනිං කාටවත් ආදරේ කරන එකක් නෑ. මට පුත්තම්මා නැතිවුනා කියල මහලොකු දුකක් නැහැ. හැබැයි එයාගෙයි මගෙයි මතකයන් මහා දැඩියි. ගුඩ් නයිට්, සුබ ගමන් වගේ ගොන් හුත්තෙ වචන එයා වෙනුවෙන් කියන්න මං සූදානං නෑ. එයා මවපු සුන්දර ලස්සන ලෝකෙ මට කවදාවත් අමතක වෙන්නෙත් නෑ. එහෙමයි කියල ලබන ආත්මෙත් එයා මගේ පුත්තම්ම වෙන්න ඕනෙත් නෑ.

Tuesday, June 19, 2018
තවත් හේතු කියල වැඩක් නෑ!
ඔලුව නිදහස්. ඇඟටම හති. මම මුලින් හිතාගෙන හිටියෙ එහෙම වෙන්නෙ මීටර් සීය දුවලා දිනුවට පස්සෙ කියල. හැබැයි මනුස්සයෙක්ව මරලා ඉවර වුනාමත් එහෙම හැඟීමක් දැනෙන්න පුළුවන්. මුලින්ම හිතුනෙ ඇප් එකෙන් ත්‍රීවීල් එකක් දාගෙන ගෙදර යන්න. ඒත් ඒක මෝඩ වැඩක් කියල හිතුනා. ගෙදර යන එක නෙමෙයි. ඇප් එකෙන් ත්‍රීවීල් දාගෙන යන එකයි මෝඩකම. මාව ට්‍රැක් වෙන්න පුළුවන්. ඒ හින්දා පාරෙ යන ත්‍රීවීල් එකකට අත දාලා ගෙදර ගියා. ගාළු පාරෙන් හැරෙද්දි කුමාර කඩේ පහු වුනා. මම ත්‍රීවීල් එක නවත්තල ගිහින් චොකලට් කිරි බෝතලයක් බීල ආව. ඒ ඒකෙන් ඇඟට පොඩි සිහිල් ගතියක් ඒවි කියල හිතලයි. මනුස්සයෙක්ව මැරුනට පස්සෙ එහෙම සිහිල් ගති දැනෙන්නෙ නෑ. ගේ ගාවින් බහිද්දිත් මම අතට සල්ලි අරං ඉවරයි. පුළුවන් ඉක්මනට ගේ ඇතුළට රිංගගන්න මට ඕන වුනේ. මේ වෙලාවෙ ඇඟේ තියෙන ස්ට්‍රෙස් එක යවන්න තියෙන හොඳම විදිහ තමයි කොල්ල ගේ ඇතුළෙ ඉඳන් අප්පුච්චෝ කියල කෑ ගහන එක. ඒත් ඒක ඇහුනෙ නෑ. ඌ නිදි ඇති. ගෑනි ආව දොර ඇරගෙන එළියට.
අද කලින්? ඒක ප්‍රකාශයක්. සමහරවිට ඒක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තං ඒක විශ්මය හඟවන්නක්. කොහොමහරි මට කියාගන්න වචන ආපු නැති හින්දා මම ගෑනිව බදාගත්තා. ඇඟේ තැන තැන විසිරි විසිරි තිබ්බ අංශු ඔක්කොම එක ඇලේකට පාවෙලා යනව වගේ ගතියක් දැනුනා. මං එහෙම්මම එයාව සෝෆා එකෙන් වාඩි කරවගත්ත. මට එයාට කතාව කියනවට වඩා ඉක්මනට වචන එළියට දෝරගැලුවා. මම එයා එක්ක මෙච්චර නිදහසේ කතා කළාමද කොහෙද? මම මුලින්ම ප්‍රශ්න අහන්න එපා කියපු නිසා එයා බාධාවක් කළේම නෑ.
දර්ශනයගෙයි මගෙයි කෝන්තරේ සිද්ධ වුනේ ඊයෙ රෑ. ඌයි උගෙ ගෑනියි, තව යාළුවෙකුයි උගෙ ගෑනියි අපේ ගෙදර ආවෙ ෂොට් එකක් දාන්න. දර්ශනයට කෙල්ලෙක් සෙට් කළේ මං. අවුරුදු 29ක් වෙලත් උට ගෑනියෙක් හිටියෙ නෑ. සෙට් වුනෙත් නෑ. මං තමයි නැහිලා නැහිලා එකක් සෙට් කලේ. මේ ගෝතයා ඒක මාස දෙකෙන් බැන්දා. ඉතිං මුං බැඳපු කාලෙ ඉඳන්ම මාසෙකට පාරක්වත් අපේ ගෙදර එනව. දර්ශනය හෙන ජාතිවාදියා. මට ඉතිං ඒක ගැන ගානක්වත් නෑ. හැබැයි උට මං ගැන ගානක් තිබ්බ. උගේ කටේම තිබ්බ ජාතිය බේරගන්න දරුවො හදපං කියල. මං හිනාවක් දාලා නිකං හිටියා. එදා ඌ ඒක ගැන දිගටම කිවුව. මං සාමාන්‍යයෙන් බීලා රණ්ඩු කරගන්න මිනිහෙක් නෙමෙයි. ඒත් එදා මූ සරුවත් බිබී අරක්කු බොන මට එකදිගටම දරුවෙක් හදපං ජාතිය ගොඩදාපං කියද්දි මං ගෑනිට එස්එම්එස් එකක් දැම්ම. මට මූව මරන්න කේන්තියි කියල. මගෙ ගෑනි ඒක කියෝපු ගමන් එක පාරට මගේ දිහා හැරිල බලනව කවුරුත් දැක්කෙ නෑ. මුගෙ ගෑනිටත් තේරුනා මං ඒක ගැන අවුලෙන් ඉන්නෙ කියල. එයා මුගේ අත ඇල්ලුවාමත් මූ ඒ කතාව නැවැත්තුවෙ නෑ. මුං ගියාට පස්සෙත් මගේ හිතේ ඒ කේන්තිය ඉතුරු වෙලා තිබ්බ. ගෑනියි මායි කතා වුනා ඇයි මිනිස්සු මේ තරම් අනිත් මිනිස්සුන්ගෙ ජීවිතවලට එබිකං කරන්නෙ කියන එක ගැන. ඒත් කේන්තිය අඩුවුනේ නෑ. මං ගෑනිට කාමරේට යන්න කියල සෝෆා එකේම නිදාගත්තෙ. පහුවදා උදේට දර්ශනයගෙ කඩේට ගිහිල්ල උට පාරක් ගහල හරි මගේ හිත සැහැල්ලු කරගන්න හිතටම පොරොන්දුවක් වෙලා.
මට ඉන්නව පොඩි එකෙක්. වයස අවුරුදු තුනයි. ඌ නිසා මමයි ගෑනියි අපේ ජීවිතෙන් සැළකිය යුතු කාලයක් විඳපු ආතල් එහෙම්පිටින්ම නැති කරගෙන තියෙනව. අපේ ආසාවට දරුවෙක් හැදුව කියල උට විඳවන්න දෙන්න බැහැනෙ. හැබැයි එහෙමයි කියල ආයෙත් මේ කට්ට කන්න අපි සූදානං නෑ. ඊට වඩා වාසක්තමී සැපක්. කොල්ල ඇහැරිලා ඉන්න කාලය පැය දහයක් නං ඌ ඒකෙන් දඟ නොකර ඉන්නෙ පැය බාගෙක වගේ කාලයක්. ඒ වෙලාවට ඌ ලඟට ඇවිත් හුරතල් වෙන හැටි තරං ජීවිතේට සිහිල ගේන දෙයක් තවත් මට නෑ. ඒක විතරයි ඌව හදන එකෙන් මමයි ගෑනියි ලබන සතුට. ඌ කවද්දි කන්නෙ නෑ. තැනකට ගෙනිච්චම ඉන්නෙ නෑ. ගෙදර පිළිවෙලට තියාගන්න දෙන්නෙ නෑ. තුවාල කරගන්නව. ගෙදර බඩු කඩනවා. අපි ඌ නිසා සාමාන්‍ය දරුවෙකුට දරනවට වඩා අනන්ත වියදමක් දරල තියෙනවා. ෆිල්ම් එකක් බලල නෑ, රෙස්ටුරන්ට් එකට ගිහින් කන්න නෑ. අපි දෙන්න රස්සාවලින් අස්වෙවී මාරුවෙන් මාරුවට බලාගත්තු දරුවව ඩේ කෙයා දාන්න වගේ අදහසකුත් අපිට නෑ. අපි තරං කාවවත් ෂුවර් නැති නිසා අම්මලට බලාගන්න දෙන්නෙත් නෑ. ඒ නිසා අපිට තව දරුවෙක් ඕන නෑ.
අද කලින්? ඒක ප්‍රකාශයක්. සමහරවිට ඒක ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තං ඒක විශ්මය හඟවන්නක්. කොහොමහරි මට කියාගන්න වචන ආපු නැති හින්දා මම ගෑනිව බදාගත්තා. ඇඟේ තැන තැන විසිරි විසිරි තිබ්බ අංශු ඔක්කොම එක ඇලේකට පාවෙලා යනව වගේ ගතියක් දැනුනා. මං එහෙම්මම එයාව සෝෆා එකෙන් වාඩි කරවගත්ත. මට එයාට කතාව කියනවට වඩා ඉක්මනට වචන එළියට දෝරගැලුවා. මම එයා එක්ක මෙච්චර නිදහසේ කතා කළාමද කොහෙද? මම මුලින්ම ප්‍රශ්න අහන්න එපා කියපු නිසා එයා බාධාවක් කළේම නෑ.
මට හිතාගන්න බෑ මැණිකෙ. මං දර්ශනයව මැරුවා. මං කියල ඉවර වෙනකං අහං ඉන්න. මං ඌව හම්බෙන්න ගියේ ගහනව කියල හිතාගෙන. ඒත් මාව දැක්ක ගමන් ආ.. උඹ තව පොඩි එකෙක් හදන්න ප්ලෑන ගැහුවද? කියල ඌ ඇහුවම මට ඉවසුං නැති වුනා. මං ඌව මගේ කාර් එකට එක්ක ගෙන ආව කතා කර කර. පොඩි ප්‍රශ්නයක් කතා කරන්න තියෙනව කියලයි ගෙනාවෙ. කාරෙකේ වාඩි වෙද්දිම උට ආපු කෝල් එක ඌ ගන්නකං මං වතුර ටිකක් බොන්න බෝතලේ අතට ගත්ත. ඌ කෝල් එක ආපු යාලුවට කිවුව යාලුවෙක් උගෙන් ළමයි හදන එක ගැන උපදෙසක් ගන්න ඇවිත් ඉන්න විත්තිය. ඒක ඇහුනු ගමන් කේන්තියට මම උගෙ ඔලුවට මගේ වතුර බෝතලෙන් ගැහුව. පාරෙ වාහන නෑ. මං ආයෙ දර්ශනය දිහා බැලුව. ඌ ඔලුව බදාගෙන මං දිහා බලං ඉන්නව. ඌ සොරි බං කිවුව. මං ආයිත් උට ගැහුව. උට සිහිය නැති වුනා. ඌව සීට් එක යටට දාලා දෙහිවලින් බීච් එක පැත්තට තියෙන පාරක ගියා. උගෙ නහය කාරෙකේ සර්වියට් එකෙන් හිර වෙන්න ගැටගැහුව. ඌ සද්ද නෑ. ටිකකින් ගැස්සුනා. මං ආයිත් වාහනේ නවත්තල බෝතල් පාරක් දුන්න. ඌ නිස්සද්ද වුනා. දෙහිවලින් වාහනේ දොර ඇරල දර්ශනයව එළියට දාලා මම රිවර්ස් එකක් ගහගත්ත. ඒත් මගේ හිතට මදියි. මං වාහනේ රිවර්ස් කරල උගෙ ඇඟ උඩින් ගෙනිච්ච. තාමත් පාරටම බල්ලො දෙන්නෙක් විතරයි. මං ලඟට ගිහිල්ල උඩ සාක්කුවෙ තිබ්බ පෑනෙන් උගෙ උගුරට ඇන්න. ඌ හෙල්ලුනේ නෑ. සද්ද නෑ. පෑන ඇදල අරං තව පාරක් ඇන්න. ඇනල වාහනේට නැගල වාහනේ අරං ආවා. ටිකකින් මට කණ්නාඩියෙන් පිටිපස්ස බැලුනා. ලාබ රූම් දෙන හෝටල් කෑල්ලකින් ජෝඩුවක් එළියට බැස්ස. උං දර්ශනයව දැක්කද දන්නෙ නෑ. උන් දෙන්න වෙලිල හිටියෙ.
*************************
*************************
*************************
මං දර්ශනයව උගේ කඩෙන් එළියට එක්කගෙන එන වීඩියෝ ඕනතරං සීසීටීවීවල ඇති. ඒත් තාමත් පොලිසියෙන් ආවෙ නෑ. දැන් සති දෙකක්. දර්ශනයව මරල දාද්දි හිතට ආපු නිදහස්බර හැඟීම දැන් නැති වෙලා ගිහින්. කොහොමවුනත් දැන් මං මිනීමරුවෙක්. ඒත් මේ තරං සාධාරණ හේතුවක් නිසයි මං මිනීමරුවෙක් වුනේ කියල දන්නෙ මායි ගෑනියි විතරයි. ඒක මේ පොලොවෙ උන් පිළිගන්නෙ නැතිවෙයිද දන්නෙ නෑ. තව එකෙකුගෙ ජීවිතේට එබිකං කර කර බළපෑම් කරන එක කොච්චර ලොකු වරදක්ද? ඉස්සෙල්ල ගේ ඉස්සරහින් ජීප් එකක් ගියාම ගෑනි පුටුවෙන් නැගිට්ටෙ බය වෙලා. මං පුටුවෙන් නැගිට්ටෙ සතුටෙන්. ඒ දැන් පැයකට විතර කලින්. ඒත් තාමත් පොලිසියෙන් ආවෙ නෑ. දර්ශනයගෙ ඇහැ ගාවට මගෙන් තුන් වෙනි බෝතල් පාර වදිද්දි ඇහැ ගාව තැලුනා. වැරදිලාවත් ඇහැ එළියට පැන්නනං මං ඒ ඇහැ කකුලෙන් පාගලා පොඩි කරන්න හිතාගෙන හිටියෙ. එහෙම වුනානං තමයි හිතේ කේන්තිය යන්නෙ. තාමත් පොලිසිය නෑ. මං ගිහින් භාරවෙන්න කියල හිතුවා. මේ කාලකන්නි ලෝකෙට තවත් හේතු කියල වැඩක් නෑ. මං මූව මැරුවා කියල විතරක් කියනව. තවත් හේතු කියල වැඩක් නෑ!
Subscribe to:
Posts (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.
ලියන්නේ
- Rachintha Jayawardhana
- Moratuwa, Sri Lanka
- මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.
ටොපි සූප්පුකරුවෝ
වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. . ඉතින් මම උඹට මැරියන් කිව්වා. . එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . . ඉනික්බිති ආවා ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්මා,...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
තැන හොයාගත් හැටි4 minutes ago
-
-
-
-
කවි දෙකක්4 months ago
-
වසර 60ක් රටක් කාපු වේසිගේ පුතා4 months ago
-
Caputo6 months ago
-
2023 මොකද වුනේ?10 months ago
-
ආර්තිකේ අපේ අතේ1 year ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව1 year ago
-
ප්‍රසන්න මධුර සුඛං1 year ago
-
ගීකයාගේ නොස්ටැල්ජියාව1 year ago
-
වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි!1 year ago
-
මතකයක් යට හිඳ..!2 years ago
-
සිදු විය යුත්තේ කුමක්ද?2 years ago
-
-
ඇස නොගැටුන කර්මාන්ත පුරවරය2 years ago
-
පණගැහෙන ඒ දම්පාට හදවත්…!3 years ago
-
-
-
-
COVID කතන්දර3 years ago
-
දාවිත්4 years ago
-
-
Autumn Thoughts5 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!5 years ago
-
දවස් තුන !5 years ago
-
මෙසී5 years ago
-
-
ගැලවීම6 years ago
-
මා හූනා6 years ago
-
-
මල් කැකුළු ඇත හැංගී6 years ago
-
අපේ ලොකුම ලොකු වැරදි 5ක්7 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම7 years ago
-
අවසර7 years ago
-
-
ප්‍රහාරක ගුවන් යානා අටක්8 years ago
-
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ8 years ago
-
Bangkok the city of angels8 years ago
-
-
kuveni කුවේණි8 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය9 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන9 years ago
-
-
රන්9 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව9 years ago
-
කහ පිච්ච වැල10 years ago
-
වාරියපොල නංගී වීරවරියක්10 years ago
-
සමාවේ ආතල්10 years ago
-
Simon Nawagattegama Images10 years ago
-
-
Momentary Rain10 years ago
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම10 years ago
-
අංගරාජිණී..10 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...10 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!10 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment10 years ago
-
~:@ අම්මප මල :@~11 years ago
-
-
මොකද්ද මේ....11 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි11 years ago
-
මිරැන්ඩා12 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම12 years ago
-
Good bye ???12 years ago
-
Write to express, not to impress12 years ago
-
පාසලට ආදරය කරන්න.12 years ago
-
Off Marks12 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)12 years ago
-
-
කේ. ජයතිලක.13 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..13 years ago
-
-
-
කින්නර අඩවිය … 1013 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....13 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.13 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!13 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?13 years ago
-
කොලූගේ සමුගැනීම13 years ago
-
අමුතුකතාවක් 20 කොටස13 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි13 years ago
-
-
18 th amendment & future14 years ago
-
මෘදුකාංග නිර්මාණය14 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)15 years ago
-
-
-
~ක්‍රිස් තුස්~15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.