වැඩ එනව. ලියන්න. වෙබ් එකකට පිටුවක්. ඇඩ්වටයිසින් කෑලි. ෂෝට් ෆිල්ම්. පත්තර පිටුවක්. ඇඩ්වටෝරියල්. ජිංගල්. කොපි. සින්දු. මැගසින් පිටු දෙකක්. ට්‍රාන්ස්ලේෂන්. තීසීස්. ඒ අස්සෙ ගෑනිගෙ බඩට දරුවා එන්නත් කලින් ඉඳන් පටන් ගත්තු නවල් එක. එක එක හුත්තවල් ගොඩක් මග හිර වෙලා. ලියාගන්න බැරුව. ඒ අස්සෙ මං ලියනව තොපිට.
ගෑනු එක්ක නිදිවැද්දම ලියන්න පුළුවන් වෙනවලු. බිවුවම ලියන්න පුළුවන් වෙනවලු. ගංජ ගැහුවම ලියන්න පුළුවන් වෙනවලු. කළුවරේ ඉද්දි ලියන්න පුළුවන්ලු. අන්තිමටම කී බෝඩ් එකේ බැක්ලයිට් එකයි, ස්ක්‍රීන් එකේ ලයිට් එකයි එක්ක තනි වුනා. ඒ ඉඳල ලියවෙන්නෙත් නැති තැන සල්ලිවලට ලිවිල්ල පැත්තකින් තියල ලියනව තොපිට.
ගෑනි කෑගහනව කොයි වෙලෙත් ලැප්ටොප් එකක් ඉස්සරහ විරුවගෙන ඉන්න එකට. ඇත්ත. ලියවෙන්නෙ නෑ. උන් දන්නෙ නෑ ඒක. පොඩි එකා ඇවිල්ල ඒ අස්සෙ එක එක රෙද්දවල් ඔබනව. සර්ච් බාර් එකේ X අකුර වැදිච්ච ගමන් මට ඌව එළවන්න වෙනව. ඊටපස්සෙ එනව Xhamster. ලිවිල්ලයි ලියන්න තියෙන උවමනාවයි පැත්තක දාලා මම මිල්ෆ් කැටගරියෙ විඳින්න පුළුවන් විදියෙ වැලක් හොයනව. ඒ විදියට කාලකන්නි පැය ගැනක් ගෙවලා මම ආපහු මුළු පවුලම නිදියගත්තට පස්සෙ කළුවරේ ඉඳන් මේ කතාව ලියනව.
පවුල ඈතට යනව. ගෑනි රණ්ඩු කරනව. ඒ අස්සෙ තියෙන්නෙ ආදරේ. රස්සාවට ලියන මිනිහෙකුට ලියාගන්න බැරි වුනාම එන හැඟීම මොකක් වගේද? ඒක ඇයි ඔයාට ලියවෙන්නෙ නැත්තෙ කියල අහල විසඳන්න පුළුවන්ද? මට දවසකට කොච්චර ලියන්න පුළුවන්ද? 2012 අවුරුද්දෙ මැද විතර වෙද්දි මම සතියකට පත්තර ආටිකල් විස්සකට වැඩිය ලියපු මිනිහෙක්. ඒ කාලෙ තමයි මං ආසම ගෑන එක්ක නිදි වැද්දෙ. ලෝකෙටම හොරෙන්. ඒ ගෑනිගෙ මිනිහට. මගෙ ගෑනිට. මගෙ අම්ම තාත්තට හොරෙන් මගේ කාමරේ ගෙවුනු දිවා කාලයන් කිහිපයක්ම තාමත් සුන්දරම මතකයන් වෙලා හොල්මන් කරනව. එහෙම ආතල් Xhamster වල හොයන්න නෑ.
ආයෙ ආයෙත් මං ලියන්න උත්තේජනයක් හොයනව. මං ඊයෙ තීරණය කරනව අරක්කු බොන එක අඩු කරන්න. මට ඊයෙ ඕල්ඩ් රිසර්වු බෝතල් කැතට පේන්න ගන්නව. අද ආයෙත් මං ඒකට ආදරේ කරනව. බොන්නම හිතෙනව. ඒත් හිත තද කරගෙන ඉන්නව. සමහර විට හෙට බැරිවේවි. සමහරවිට හෙට ලියැවේවි.
මට ඕන මේ ලෝකෙ මට නොදිරවන කාලකන්නි මැරෙන්න. මට තනියම ඉන්න ඕන. නිදහසේ නෙමෙයි. තනියම. හැම එකාටම ඕන නිදහසේ ඉන්න. මට ඕන්නැති හුත්තෙ නිදහසක් නෑ. මට ඕන තනියම ඉන්න. මට ඕන නෑ ලියන්න. මට බොන්නයි කන්නයි ගානක් හම්බෙනවනං, මට ඕන ජීවිතේ අන්තිම අවුරුදු දහය තනියම ඉන්න. ඒක හෙටින් පටන්ගත්තත් මං ලෑස්තියි. මගේ අවුරුදු තුනක පුතාටයි ගෑනිටයි සාර්ථක අනාගතයක් හිමි වෙනවනං මං ඒ අන්තිම අවුරුදු දහය හරිම ආදරෙන් වැළඳගන්න සූදානං. හයික් යන්න, ගෙදර රසට උයන්න, බීච් පාටීස්වලට යන්න, කලම්බෝ නයිට් ලයිෆ් එක එන්ජෝයි කරන්න, කල්බ්වල ෆ්ලෝ එකේ ඩාන්ස් කරන ගෑනුන්ට නම්බර් දෙන්න, ඩිස්නිවර්ල්ඩ් යන්න වගේ හුකන වැඩවලට ආසා නෑ. මට ඕන මගේ ගෑනියි දරුවයි සතුටින් සනීපෙන් ඉන්නව කියල දැනගෙන ජීවත්වෙලා මැරිලා යන්න.
ඒත් ඒ හැම රෙද්දක්ම කරන්න මං අද ලියන්න ඕන. සල්ලි ඉතුරු කරන්න ඕන. ඉන්ෂුවරන්ස් දාන්න, ඉඩං ගන්න, එෆ්ඩී ටිකක් දාලා තියන්න, හදිස්සියට ගන්න අතේ සල්ලි ටිකක් තියාගන්න මං ලියන්න ඕන. මං ලියන්න ගත්තෙ පාන්දර දොළහයි පහට. දැන් එකට කිට්ටුයි. අදත් ලියවෙන්නෙ නැති වෙයි. දැන් නිදියන්න වෙනව. මං මේක පටන් ගද්දි උඹලට කිවුවෙත් ගුඩ් මෝනිං. අද උදෙත් නින්දෙන් ඇහැරුනම මට ඒ හුත්තෙ වචනෙම කියන්න වෙනව.
















