"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Wednesday, November 9, 2011

මැණිකෙට



එදා අපි හිඳ
හිටිය විලසට
ජෝඩු ඇත අද
පෙමින් බැඳෙමින

එදා අපි සිටි
ගල් රවුම උඩ
තවම හිඩැසක්
ඉතිරි වී ඇත

අප විහිළු කල
පෙම් ජෝඩු වෙත
විහිළු කරනට
එකෙක් අද නැත

සිලි බෑග්කට
පුරෝලා දෙන
වෙරළු මලු අද
මග බලං ඇත

නරුම ලෙක්චර
ජොබ නිමාවී
එන තුරා අප
උන් බලං ඇත

ඉතිං සොඳුරිය
වෙහෙස දිවියට
අවැසි සුපහස
තුටින් විඳිනට

යමුද ආපහු
අලුත් දවසක
වෙලී ඉන්නට
පෙම් පුරය වෙත
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

6 ක්ම තියෙනවා අදහස්:

hare :-) said...

මක් කරන්නද
ජීවිතේ එහෙව්කොට
පොදු නිවාඩුවකට
අර අදිනු මිස

ඒ නිවාඩුවත්
මැණිකෙගෙන් උදුරන්න
කෝල් දෙන මිතුරන්ට
බැණ බැණ ;-)

Hasitha said...

Ab mujhe koi intezaar kahan
Woh jo behate the abshaar kahan
Ab mujhe koi intezaar kahan...............

පිස්සා පලාමල්ල said...

දුවනවා දුවනවා... වෙහෙස දැනුනත් නෑ වෙලාවක් නැවතීමට... මැරෙනකම්ම දුවමු අපි

Il mondo di una povera pazza said...

මේක නම් මටත් තේරුනා ඔන්න.
සුපිරි.

දුකා said...

හැමදා එකම ලෙස
පෙම් ගඟේ කිමිදෙන්න
නොහැකි බව දැනුනාද
දිවි සයුර තරණයට
හබල අතට ගත් සැනෙකින්ම

මුචලින්ද said...

සද්දයක් හලලා ගිය සෙට් එකටම ජය වේවා!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!