රස්නෙ අඩු මාතලේ ටවුමට
දිස්නෙ දෙයි නුඹෙ රුව ලතාවට
දෙඇස් හතිලනවා විඩාවට
ආයි ඇඟ හොල්ලපං තුනියට
දුවන මිනිසුන් සහ ඇදෙන බස්
යළිත් නැවතී බලයි ඇඟ මස්
ආස මුත් ගනු බැහැනෙ සුපහස්
රජයටම දී පොකැට්ටුව හිස්
කාමරේකුත් හොයාගත්තත්
පාලනෙත් සීයට තුනක්
වපර ඇස් මංමුලා කෙරුවත්
නුඹව ගන්නට වරම් නොමලත්
මිදි ඇඹුල් යැයි කියා ලෝකෙට
ස්පෙෂල් බෘ ගෙන හලං උගුරට
බැදපු රටකජු හපල තරහට
පුරුදු රමණය හොඳයි ගෑනිට






3 ක්ම තියෙනවා අදහස්:
මේ ළඟදි උසාවියෙ, ගණිකාවක් හා සම්බන්ධ නඩුවක් විභාග වෙනකොට, නීතිඳයා කොහොම වෙතත්, උඩ පුටුවෙ හිටි කෙනා සෑහෙන්න තාවර වෙවී ඉන්නවා පෙනුණා. නඩුව ඉවර වුණාම අපි ඒ කාන්තාව ළඟට නිකමට ගියා. ඒ කාන්තාව ගෙ මුහුණෙ (ගණිකාවක් යැයි ඔවුන් පවසා ඇප දෙන ලද) උපේක්ෂා සහගත වුණත් පුංචි පහේ උපහාසයක් රැඳී තිබුණා. උඩ පුටුවෙ හිටි කෙනා උඩට එන්න අවුරුදු හතකට ඉස්සර හිඳලා තියෙන්නෙ යට පුටුවක. යට පුටුවෙ ඉද්දි ඈ සමඟ ගිය පළමුවැන්නා ඔහු. දැන් ඔහු උඩ පුටුවෙ. ඇය.. විත්ති කූඩුවෙ... දණ්ඩ නීති සංග්‍රහයෙ කොතන හරි වැරදිලා ද? සමාජ ක්‍රමයෙ කොතන හරි වැරදිලාද කියලා තවම මම කල්පනා කරනවා. සහෝධරයා
අධිකරණ ලියුම් කරුවෙක්
අර දේවේලේ පේන එකාගේ කරමලය සුදුයි කිව්වා වගේ ඒ මස් ඇඟටත් ලොබ බැඳලා යම් කිසි දවසක් එපා වෙන්න පුලුවන්.www.amuthusithuwili.wordpress.com
Top 5 best casinos - JeTHub
Top 5 best casinos · 상주 출장안마 BetMGM Casino: 김천 출장안마 $5,000 Welcome 창원 출장마사지 Bonus · Caesars Casino: $50,000 Bonus · FanDuel Casino: $5,000 Casino 경상북도 출장안마 Welcome Bonus · FanDuel Casino: $5,000 서산 출장안마 Welcome Bonus · Sportsbook Promos:.
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!