මම මගට බැසීමි. මින් පෙරද මෙ අයුරින්ම කිසිඳු අරමුණකින් තොරව මගට බැස ඇතිමි. එහෙත් විඳි දෙයක් නැතීමි. ඉර පායා තිබුනද, කළුවර කළ සිතට එය නොදැනෙන බව මා දනිමි. එනිසා ඉදිරියට ගියෙමි.
තාර පාරක අයිනෙන් ඇවිද යන මට තවත් කෙටි දුරක් යන්නට මත්තෙන් පදික වේදිකාවට ගොඩවන්නට සිදුවෙයි. මේ ගෙවෙන තත්පරය මිනිසුන් පිරී නැති මොහොතක් වුවද පදික වේදිකාවට ගොඩ වන අවස්ථාවේ සිට හිස් බවින් ඉදිරියට යා නොහැකි වෙයි. ඔළුව උස්සා සිනහා සිය යුතු වෙයි. කොහෙද යන්නේ යි ඇසූ විට කියන්නට යමක් සිහි තබා ගත යුතුවෙයි.
මේ මොහොතේ ප්‍රධාන පාරකට එළැඹීම මා තුළ ඇති වියවුල සංසිඳුවන්නේ නැති බවත්, එය තව තවත් මහා වියවුලක් වනු ඇති බවත් සිත හොඳින්ම දනියි. එහෙත් දෙපා යන්නේ එදෙසටය. මා පුරුද්දකට මෙන් දකුණු සාක්කුව අතගා බැලීමි, ජංගම දුරකතනය එහි විය. මා වම් සාක්කුව අතගා බැලීමි. පසුම්බිය එහි විය. මා පසුපස සාක්කුව අතගා බැලීමි. යතුරු කැරැල්ල එහි විය. මා ඉදිරියට ගියෙමි. පයෙහි වැදුනේ සිගරැට් පැකට්ටුවකි. මට සෙරෙප්පු දෙකක් පැළඳීමට අමතකව තිබිනි.
සිගරට් පැකට්ටුවේ වූයේ නැවී කඩතොළු වී ගිය තනි සිගරට්ටුවකි. එය සැබවින්ම රූප උපදේශනයේ ගසා තිබූ බෙලහීන වූ පුරුෂ ලිඟුව වැන්න. මා පළපුරුදු දුම්වැටි උරන්නෙකු නොවේ. මා මින්පෙර කිහිප වතාවකදීම දුම්වැටි උරා ඇතද, ඒ තීරණයක් ගත නොහැකි තරමට මධුවිතෙන් මත්ව සිටි අවස්ථාවලදී පමණකි. මා ලොව වීරයන් බොහෝදෙනෙකු දුම්වැටි පානය කළද, මා එයින් අත්මිදී සිටියේ මට එයින් එන්නේ වහතු රසයක් වූ බැවිනි. මට මේ සිගරැට්ටුව උරා බැලීමේ අදහසක් පහළ විය. මේ අනෙකකු අතැර දැමූ සිගරැට්ටුවකි. ගින්දර සොයාගත යුතුය. මා සතුව ගිනි දල්වනයක් නොවීය. එයට හඳුනන්නෙකු මග තොටදී හමුවිය යුතුය. නැතිනම් කිසිදා දැක නැතද දුම් උරමින් යන්නෙකු මහමග හමු විය යුතුය. එහෙයින් දැන් මා මහමගට පිවිසිය යුතුමය. දැන් මට එ් වෙනුවෙන් හේතුවක් ඇත.
ලිංගිකව එක්වීම යනු ඇයගේත් මගේත් බැඳීමේ මුඛ්‍ය මූලය නොවීය. එකිනෙකාගේ සතුට සතුටක්ම වී සිරුරු සනහන කළ, තවදුරටත් ආලිංගනයේ යෙදී ලබන ප්‍රහර්ශයක හැඟීමකුදු අප තුළ නොවීය. ඔබ විශ්වාස නොකරන කරුණ නම් ඇයත් මමත් මේ වන තෙක් ලිංගිකව එක්ව නොතිබීමය. අප භෞතිකව ලිංගිකව එක්වී නැතුවා පමණක් නොව එකිනෙකා කෙරෙන් උපන් රාගයෙන් ස්ව්‍යං වින්දනයේවත් යෙදී නැති බව මා හොඳාකාරව දනිමි.
සාෂා සිටින තැනක් මා නොදනිමි. ඇය මා හට වෛර කරනවාද කියා මා නොදනිමි. එහෙත් මේ මොහොත වන විට මා හට, ඇයට තුරුළුව ඇයගේ උකුලත මුහුණ හොවා සිටින්නට අවැසිය. එයට අවස්ථාවක් පෙනෙන තෙක් මාණයක නැති බව මා දනිමි. එහෙයින් මා මහමගට අරමුණකින් තොරව බැසීමි. සාෂා ඇයගේ නම වෙයි. රෙමෙඩියොස් යනු ඇයට පියාගෙන් පැමිණි නමක් නොවෙයි. රෙමෙඩියොස් යනු මම සියක් වසක හුදකලාව කියවා ඊට වසඟව ඇයට තැබූ නමයි. සාෂා යනු ඇයගේ නමයැයි නිශ්චිතව කියන්නට මා නොදනිමි. මා එලෙස සිතමි. ඇය එළෙස කීවා මතකය.
මා මහමගට ගියෙමි. හිතවතෙකු හමුව ගින්දර ඉල්ලාගතිමි. සිගරැට්ටුව දල්වා ගතිමි. හැකි වේගයකින් ඇවිද අතුරු මගකට ආමි. එක්වරක් දුම් ඉරුවෙමි. කිසිම හැඟීමක් නැති. මිතුරන්ගේ උපදෙස් සිහි විය. දුම පපුවටම ඇදිය යුතුය. මද වේලාවක් පපුවේ සිරකර තබා ගත යුතුය. තුන්දොරින් පිට කළ යුතුය. මොහොතකින් නාස් පුඩු දෙකෙනුත් මුවිනුත් පිටතට නිකුත් වුනු දුම් රොටු එකතුව නොයෙකුත් රටා මවමින් ඇස අද්දර දඟ කරන්නට විය. අරක්කු උගුරකුදු තිබුනානම් කදිම බව සිත කියයි. එහෙත් එවැන්නක් ලඟක නැත. මා සිගරැට්ටුව විසි කළෙමි.
බෙලහීන ලිඟු සිගරැට්ටුව උරා විසිකර ගතවන පළමු ඇසිල්ලේ මට සාෂා පිළිබඳ රාගික සිතුවිල්ලක් උපදිනි. ඒ හැඟීම් පිටකරගන්නා මොහොත දැඩි සැපයකින් සිරුර සනහන බවට මොළය දිවුර දිවුරා කියයි. එහෙත් ඇය සොයා ගැනීමට හැකි ඉසවුවක නැත. ඇති එකම විකල්පය අතට ගැනීම පමණක්ම බව මා ඉඳුරාම දනිමි. එහෙත් ඈ පිළිබඳ කලෙකින් උපන් අභිරුචිය අතකට දියකර හැරිය යුතු නොවේ. මා මහගසක් මුළ හිඳගතිමි. හිස ගසේ කඳට හේත්තු කරගතිමි. දෑස් පියාගතිමි. ඇය හා ආලිංගනයේ යෙදුනේ නම් සිතට දැනෙන පහස කෙලෙසදැයි මැවුවෙමි. එය වචන කරන්නට උත්සාහ කළෙමි. ඒ වචන අනුව ඒ සුපහසම විඳිය හැකි විකල්පය තීරණය කළෙමි. "බීලද දන්නෙ නෑ." යැයි කියනු ඇසුනු බැවින් ඇස් හැර බැලීමි. තරුණියන් දෙදෙනෙකු මුවෙහි අත් තබාගෙන ඉක්මන් ගමනින් ඉදිරියට ඇවිද ගියහ. මා ඔවුන්ගෙන් විරුද්ධ පසට ඇවිද යන්නට සිතා නැගිට්ටෙමි.
දැන් මා සිත තුළ අරමුණක් ඇත. ඒ අරමුණ බෙලහීන ලිඟු සිගරැට්ටුව දැල්වීම මෙන් බළාපොරොත්තු රහිත අරමුණක් නොවේ. මෙයින් ජීවිතය තොරවීමටද ඉඩ ඇත. එයට ඩේවිඩ් කැරඩීන් සාක්ෂි දරයි. එහි යන්නට පළමුව ඇය පැමිණියත්, සිතේ පවතින ආශාවේ බරපතළකම ඇය ඉදිරියේ් නවතීදැයි සැකය. ඇය එසේ පැමිණියත් මගේ රාගික ආරාධනාව කෙසේ පිළිගනීදැයි සැකය. ඉක්මනින් නිවසට යා යුතුය. අල්මාරියේ වම් කෙලවර නවන ලද ටයි පටියක් ඇත.
skip to main |
skip to sidebar
මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...
Wednesday, September 28, 2016
Subscribe to:
Posts (Atom)
ලියන්නේ
මං කියවන උන්
-
-
යෝධ ගණිකාව1 week ago
-
අම්බිකා සත්කුනනාදන් කොටි බැල්ලි නීතිය කනවා.2 weeks ago
-
සීයයි – බබයි ( මුණුපුරාලගෙ කතාව )3 months ago
-
හුදෙකලා මහ ගස්4 months ago
-
ඇමරිකාවට ගියොත්5 months ago
-
-
ගීකයාගේ නොස්ටැල්ජියාව1 year ago
-
-
මේ ලොව යම් තැනක ඔබ හොඳින් ඉඳීම !5 years ago
-
ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී5 years ago
-
-
අවුරුදුම දහ අටක්…!5 years ago
-
පරණ වු ආලයක්!5 years ago
-
-
වඳවීමෙන් ගැලවීමට...5 years ago
-
පොඩිහාමිගේ කතාව5 years ago
-
-
අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!6 years ago
-
-
ඒ කාලය ආයේ පතමි !6 years ago
-
-
පුතා..!6 years ago
-
මඩුවන්වෙල වලව්ව, කොලොන්න6 years ago
-
-
ලියුමක්7 years ago
-
වඳුරන්ගේ රට.7 years ago
-
මා හූනා7 years ago
-
කෙළ වුන් මටමමය.7 years ago
-
මල් කැකුළු ඇත හැංගී7 years ago
-
ඔබත් කූඹියෙක්ද?7 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම8 years ago
-
බ්‍රන්ත පිරුණු ග්රන්ථයක්8 years ago
-
Bangkok the city of angels9 years ago
-
කෑම කියා අප වහ කනවාද?9 years ago
-
-
kuveni කුවේණි9 years ago
-
ප්‍රේමයේ පෑන් තුඩ (කොට කවි)9 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය9 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන10 years ago
-
කවි බූන්දි | වේ උවදුර - [සුරේඛා සමරසේන]10 years ago
-
රන්10 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව10 years ago
-
කහ පිච්ච වැල10 years ago
-
සමාවේ ආතල්10 years ago
-
Simon Nawagattegama Images11 years ago
-
-
Momentary Rain11 years ago
-
අංගරාජිණී..11 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...11 years ago
-
මුහුණු පොත සහ ජනමාධ්‍ය11 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!11 years ago
-
-
ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?11 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment11 years ago
-
පාර ඉවර වෙනතුරු මම11 years ago
-
~:@ අම්මප මල :@~12 years ago
-
-
මොකද්ද මේ....12 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි12 years ago
-
මිරැන්ඩා12 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම12 years ago
-
-
Good bye ???13 years ago
-
'S' නැතුව 'සරසවි'යේ පීනන ශ්‍යාම්..13 years ago
-
Write to express, not to impress13 years ago
-
පාසලට ආදරය කරන්න.13 years ago
-
Off Marks13 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)13 years ago
-
-
කේ. ජයතිලක.13 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..13 years ago
-
-
-
කින්නර අඩවිය … 1014 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....14 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.14 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!14 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?14 years ago
-
කොලූගේ සමුගැනීම14 years ago
-
අමුතුකතාවක් 20 කොටස14 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි14 years ago
-
-
18 th amendment & future14 years ago
-
මෘදුකාංග නිර්මාණය15 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)15 years ago
-
-
-
~ක්‍රිස් තුස්~16 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
ප්ලග් වෙච්ච තවත් තැන්
රචින්ත ජයවර්ධන. Powered by Blogger.