"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, September 28, 2016

සාෂා රෙමෙඩියොස්

මම මගට බැසීමි. මින් පෙරද ‍මෙ අයුරින්ම කිසිඳු අරමුණකින් තොරව මගට බැස ඇතිමි. එහෙත් විඳි දෙයක් නැතීමි. ඉර පායා තිබුනද, කළුවර කළ සිතට එය නොදැනෙන බව මා දනිමි. එනිසා ඉදිරියට ගියෙමි.
තාර පාරක අයිනෙන් ඇවිද යන මට තවත් කෙටි දුරක් යන්නට මත්තෙන් පදික වේදිකාවට ගොඩවන්නට සිදුවෙයි. මේ ගෙවෙන තත්පරය මිනිසුන් පිරී නැති මොහොතක් වුවද පදික වේදිකාවට ගොඩ වන අවස්ථාවේ සිට හිස් බවින් ඉදිරියට යා නොහැකි වෙයි. ඔළුව උස්සා සිනහා සිය යුතු වෙයි. කොහෙද යන්නේ යි ඇසූ විට කියන්නට යමක් සිහි තබා ගත යුතුවෙයි.
මේ මොහොතේ ප්‍රධාන පාරකට එළැඹීම මා තුළ ඇති වියවුල සංසිඳුවන්නේ නැති බවත්, එය තව තවත් මහා වියවුලක් වනු ඇති බවත් සිත හොඳින්ම දනියි. එහෙත් දෙපා යන්නේ එදෙසටය. මා පුරුද්දකට මෙන් දකුණු සාක්කුව අතගා බැලීමි, ජංගම දුරකතනය එහි විය. මා වම් සාක්කුව අතගා බැලීමි. පසුම්බිය එහි විය. මා පසුපස සාක්කුව අතගා බැලීමි. යතුරු කැරැල්ල එහි විය. මා ඉදිරියට ගියෙමි. පයෙහි වැදුනේ සිගරැට් පැකට්ටුවකි. මට සෙරෙප්පු දෙකක් පැළඳීමට අමතකව තිබිනි.
සිගරට් පැකට්ටුවේ වූයේ නැවී කඩතොළු වී ගිය තනි සිගරට්ටුවකි. එය සැබවින්ම රූප උපදේශනයේ ගසා තිබූ බෙලහීන වූ පුරුෂ ලිඟුව වැන්න. මා පළපුරුදු දුම්වැටි උරන්නෙකු නොවේ. මා මින්පෙර කිහිප වතාවකදීම දුම්වැටි උරා ඇතද, ඒ තීරණයක් ගත නොහැකි තරමට මධුවිතෙන් මත්ව සිටි අවස්ථාවලදී පමණකි. මා ලොව වීරයන් බොහෝදෙනෙකු දුම්වැටි පානය කළද, මා එයින් අත්මිදී සිටියේ මට එයින් එන්නේ වහතු රසයක් වූ බැවිනි. මට මේ සිගරැට්ටුව උරා බැලීමේ අදහසක් පහළ විය. මේ අනෙකකු අතැර දැමූ සිගරැට්ටුවකි. ගින්දර සොයාගත යුතුය. මා සතුව ගිනි දල්වනයක් නොවීය. එයට හඳුනන්නෙකු මග තොටදී හමුවිය යුතුය. නැතිනම් කිසිදා දැක නැතද දුම් උරමින් යන්නෙකු මහමග හමු විය යුතුය. එහෙයින් දැන් මා මහමගට පිවිසිය යුතුමය. දැන් මට එ් වෙනුවෙන් හේතුවක් ඇත.
ලිංගිකව එක්වීම යනු ඇයගේත් මගේත් බැඳීමේ මුඛ්‍ය මූලය නොවීය. එකිනෙකාගේ සතුට සතුටක්ම වී සිරුරු සනහන කළ, තවදුරටත් ආලිංගනයේ යෙදී ලබන ප්‍රහර්ශයක හැඟීමකුදු අප තුළ නොවීය. ඔබ විශ්වාස නොකරන කරුණ නම් ඇයත් මමත් මේ වන තෙක් ලිංගිකව එක්ව නොතිබීමය. අප භෞතිකව ලිංගිකව එක්වී නැතුවා පමණක් නොව එකිනෙකා කෙරෙන් උපන් රාගයෙන් ස්ව්‍යං වින්දනයේවත් යෙදී නැති බව මා හොඳාකාරව දනිමි.
සාෂා සිටින තැනක් මා නොදනිමි. ඇය මා හට වෛර කරනවාද කියා මා නොදනිමි. එහෙත් මේ මොහොත වන විට මා හට, ඇයට තුරුළුව ඇයගේ උකුලත මුහුණ හොවා සිටින්නට අවැසිය. එයට අවස්ථාවක් පෙනෙන තෙක් මාණයක නැති බව මා දනිමි. එහෙයින් මා මහමගට අරමුණකින් තොරව බැසීමි. සාෂා ඇයගේ නම වෙයි. රෙමෙඩියොස් යනු ඇයට පියාගෙන් පැමිණි නමක් නොවෙයි. රෙමෙඩියොස් යනු මම සියක් වසක හුදකලාව කියවා ඊට වසඟව ඇයට තැබූ නමයි. සාෂා යනු ඇයගේ නමයැයි නිශ්චිතව කියන්නට මා නොදනිමි. මා එලෙස සිතමි. ඇය එළෙස කීවා මතකය.
මා මහමගට ගියෙමි. හිතවතෙකු හමුව ගින්දර ඉල්ලාගතිමි. සිගරැට්ටුව දල්වා ගතිමි. හැකි වේගයකින් ඇවිද අතුරු මගකට ආමි. එක්වරක් දුම් ඉරුවෙමි. කිසිම හැඟීමක් නැති. මිතුරන්ගේ උපදෙස් සිහි විය. දුම පපුවටම ඇදිය යුතුය. මද වේලාවක් පපුවේ සිරකර තබා ගත යුතුය. තුන්දොරින් පිට කළ යුතුය. මොහොතකින් නාස් පුඩු දෙකෙනුත් මුවිනුත් පිටතට නිකුත් වුනු දුම් රොටු එකතුව නොයෙකුත් රටා මවමින් ඇස අද්දර දඟ කරන්නට විය. අරක්කු උගුරකුදු තිබුනානම් කදිම බව සිත කියයි. එහෙත් එවැන්නක් ලඟක නැත. මා සිගරැට්ටුව විසි කළෙමි.
බෙලහීන ලිඟු සිගරැට්ටුව උරා විසිකර ගතවන පළමු ඇසිල්ලේ මට සාෂා පිළිබඳ රාගික සිතුවිල්ලක් උපදිනි. ඒ හැඟීම් පිටකරගන්නා මොහොත දැඩි සැපයකින් සිරුර සනහන බවට මොළය දිවුර දිවුරා කියයි. එහෙත් ඇය සොයා ගැනීමට හැකි ඉසවුවක නැත. ඇති එකම විකල්පය අතට ගැනීම පමණක්ම බව මා ඉඳුරාම දනිමි. එහෙත් ඈ පිළිබඳ කලෙකින් උපන් අභිරුචිය අතකට දියකර හැරිය යුතු නොවේ. මා මහගසක් මුළ හිඳගතිමි. හිස ගසේ කඳට හේත්තු කරගතිමි. දෑස් පියාගතිමි. ඇය හා ආලිංගනයේ යෙදුනේ නම් සිතට දැනෙන පහස කෙලෙසදැයි මැවුවෙමි. එය වචන කරන්නට උත්සාහ කළෙමි. ඒ වචන අනුව ඒ සුපහසම විඳිය හැකි විකල්පය තීරණය කළෙමි. "බීලද දන්නෙ නෑ." යැයි කියනු ඇසුනු බැවින් ඇස් හැර බැලීමි. තරුණියන් දෙදෙනෙකු මුවෙහි අත් තබාගෙන ඉක්මන් ගමනින් ඉදිරියට ඇවිද ගියහ. මා ඔවුන්ගෙන් විරුද්ධ පසට ඇවිද යන්නට සිතා නැගිට්ටෙමි.

දැන් මා සිත තුළ අරමුණක් ඇත. ඒ අරමුණ බෙලහීන ලිඟු සිගරැට්ටුව දැල්වීම මෙන් බළාපොරොත්තු රහිත අරමුණක් නොවේ. මෙයින් ජීවිතය තොරවීමටද ඉඩ ඇත. එයට ඩේවිඩ් කැරඩීන් සාක්ෂි දරයි. එහි යන්නට පළමුව ඇය පැමිණියත්, සිතේ පවතින ආශාවේ බරපතළකම ඇය ඉදිරියේ් නවතීදැයි සැකය. ඇය එසේ පැමිණියත් මගේ රාගික ආරාධනාව කෙසේ පිළිගනීදැයි සැකය. ඉක්මනින් නිවසට යා යුතුය. අල්මාරියේ වම් කෙලවර නවන ලද ටයි පටියක් ඇත. Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

2 ක්ම තියෙනවා අදහස්:

Pathum Punchihewa said...

//අල්මාරියේ වම් කෙලවර නවන ලද ටයි පටියක් ඇත.//

ප්‍රමෝදයේ කූටප්‍රාප්තිය වෙනුවෙන් දිවි දුන් මේ ඩේවිඩ් කැරඩින් තුලින් හැමවිටකම දෛවවාදය සහ ටඕවාදය අතර දෝලනය වන තණකොළපෙත්තා විසංවාදයකින් යුතුව පැන නගී!!!

Rachintha Jayawardhana said...

ගතානුගතික ප්‍රේමයේ සංථතික විචල්‍යයන් අතර වන දෝලනය කුමක්දැයි වැටහීම යනු එහි පැරඩොක්සීය අාචරණයට නුඹේ අැති හිතවන්තකම ගම්‍ය වන්නකි

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!