මගේ මිනිහා නෑ. මිනිහ මළා කියල මට මහ පාළුවකුත් නැහැ. මට ඉන්නව රත්තරං දරුවෙක්. දැන් අවුරුදු පහක්. කොල්ලෙක් නිසා කවදහරි මාව බලාගනීවි කියල බළාපොරොත්තුවකුත් මගෙ හිතේ
තියෙනව. මිනිහ නැති වුනේ කොල්ලට අවුරුදු තුනේදි. එදා ඉඳන් හෙණ සෙට් එකක් ඉන්නව පාළු මකන්න. යාළුකමේ වගේ ඉඳගෙන හිත හදන්න ට්‍රයි කරන්නෙ කවදහරි තුම්මුල්ලෙන්
ඇතුළට යන්න කියල දන්න හින්දා, මං හැමදාම උන්ගෙ යාළුකමේ
සතුට විඳගෙන ඉන්නවා. උන් ගොඩක් දවස්වලට දරුවට ගෙනියන්න කියල කෑම ජාති
දෙනව. ගොඩක්ම චීස්. දරුවා හරහා අම්මෙක් අල්ලන්න ලේසියි කියල පොඩි
තියරියක් තියෙනවා තමයි. හැබැයි එ්ක මට වැඩ කරන්නෙ නෑ. තාමත් මටනං වැඩ කරල නෑ. උන් හින්දා මගේ පොඩි එකා එක
එක ජාතියෙ චීස් කනව. වෙනිං අම්මල හැමදාම දෙන්නෙ ක්‍රාෆ්ට් චීස් උනාට
මගේ එකාට ක්‍රාෆ්ට් නොකරපු චීස් උනත් කාල ලෙඩක් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙනවා. අනේ ඉතිං මේ ඔක්කොම මගේ මිනිහා නැති වෙච්ච හින්දනෙ. මිනිහා උන්නනං කොල්ලටත් හැමදාම ක්‍රාෆ්ට් විතරයි.
ඊටපස්සෙ හිත කතා කරන්නෙ මගේ හිත කැමතිම පෙම්වතාට. මගේ කසාදෙන් පස්සෙ තමයි තමයි එයාව මට හම්බුනේ. මගේ දරුවට බොරු ආදර පෙන්නන්නෙ නැතුව, අවංකව මං ඔයාට ආසයි. සෙක්ස් කරමුද? කියල මූනටම කියපු පිරිමියා; දවස් තුනක් විතර එකට ඉඳලා දවසක් හවසක අපි බඳිමුද? කියල අහපු පිරිමියා; දරුවා ගැන හිතලා මම බෑ කිවුවම, එයාට තව දරුවෙක් හදන්න ඕන නෑ කියල කියපු පිරිමියා. මිනිහගෙ පවුලම සුනාමියට ගිහින් නිසා, අපිට එකතු වෙන්නත් බාධාවක් එයි කියල පැත්තක් තිබ්බෙ නැහැ. මං හා කියන්න කියල හිතාගෙන හිටපු දවසෙ එයාගෙ යාළුව කෝල් එකක් දෙනව මට. එයා බෙල්ලෙ වැල දාගෙන මැරිලලු. යාලුවට ලියුමකුත් ලියලා. මගේ නමට රුපියල් කෝටියක් එකතු කරලා තියලා. මං ඒ සල්ලි ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දාලා පොලියෙන් ජීවත් වෙන්න ගත්තා. මම ගෙදර ඉද්දි වටපිටාවෙ මිනිස්සු කතා කියන්න ගත්තා, මං ඇඟ විකුණනවා ඇති කියල. ඔය කතා දිගින් දිගට ගියොත් දරුවට හොඳ නැති නිසා මම රස්සාවක් කරන්න පටන් ගත්තා. දැන් ඉතිං මිනිහා හදපු ගේ තියෙනවා. පෙම්වතා දීපු කෝටිය තියෙනවා. යාලුවො අරන් දෙන කෑම බීම තියෙනවා. මගේ සල්ලි බාගෙට බාගයක් ඉතුරුයි. ඒ කතාව ඔයාලා එක්ක කිවුවට මට මතක් වෙන්නෙ අපේ ආදරේ සුන්දර දවස් ටික. එයා මුලින්ම අපි හතර මුල්ලකට ගිය දවසෙ අයිස්ක්‍රීම් කවන්න භාර අරං මගේ මුළු පපුවෙම වැටෙන්න අයිස්ක්‍රීම් එක හැලුවෙ ඇයි කියල මට තේරෙන්න ගත්තෙ, එයාගෙ දිව වැඩකරන්න පටන් අරගෙනත් ටිකක් වෙලා ගියාට පස්සෙ. මගේ මුළු ඇඟම පිස්සු වැටිලා. අයිස්ක්‍රීම්වල සීතලටයි. එයාගෙ රස්නෙටයි. කවදාවත් සෝෆා එක උඩ ඉඳන් ඔතනින් එහා හිතන්න වෙන්නෙ නෑ. නින්ද යනවා.
මං අහන්න ආසම නැති දේ තමයි ඔලිම්පික් කියන්නෙ. අවුරුදු හතරකට පාරක් හරි ඕක ඇහෙද්දි හිතට පුදුම කේන්තියක් එන්නෙ. රූපවාහිනියෙ ආමන්ත කියන ගෝතයා වැඩිම මාධ්‍ය කණ්ඩායම අරගෙන ගිහිල්ලා ලංකාව වෙනුවෙන් ඔලිම්පික් වාර්ථාවක් තිවුව දවසෙ ඉඳන් තමයි මට ඔලිම්පික් එපා වුනේ. ඒ තමයි ඒ ඔලිම්පික් උළෙලෙ අන්තිම දවස. ගින්නත් නිවිල ගියා. ඇමරිකාව සතුටෙන් ගෙදර ගියා. අපේ උනුත් ඊටත් සතුටෙන් ආතල් එකේ රටේ සල්ලිවලින් රට තොට බලාගෙන ගෙදර ආව. හැබැයි මගේ මිනිහා ආවෙ නෑ. මං එදා තමයි දැනගත්තෙ ඌ නැතිවෙලා කියල. ඌ නැතිවෙන දවසෙ ඉන්දියාවෙ වොලිබෝල් ටීම් එකේ ගෑනියෙකුත් නැතිවෙලා කියල ආරංචිය ආව. උන් දෙන්නගෙ ලාවට ඇයි හොඳයියකුත් තිබ්බ කියල කසුකුසුවක් තිබුනා. ඉතින් උන් නැතිවෙලා. ඒ කියන්නෙ පැනල ගිහින්. මං ඉතිං හිත හදාගත්තා. ඒකිත් ලස්සන කෙල්ල. අපේ එකා ගියේ ජිම්නාස්ටික්වලට. ඉතිං පයින්න හොඳට දන්නව.
******************************************************
දවසක් මං ඔෆිස් ඉද්දි කෝල් එකක් ආවා බබාගෙ ඉස්න්කෝලෙන්. නොදන්න මිනිහෙක් ඇවිල්ල පොඩි එකාව උස්සගෙන ගිහිල්ලා. උස්සගෙන තාප්පෙනුත් පැනලා ගිහින්. ඉස්කෝලෙ බයෙන් ඉන්නෙ ඒ නිවුස් එක ලීක් වුනොත් උන්‍ට මිනිස්සු ළමයි ගෙනල්ලා දාන්නෙ නැති වෙයි කියලා. ඇයි ඉතිං ඉන්ටර්නැෂනල්නෙ. පොලීසියට කියන්නෙ නැතුව හොයල බලමු කියල අඬනවා. මට වෙන කරන්න දෙයක් නෑ. දන්න කවුරුත් ඇත්තෙත් නෑ. මං කෙලින්ම ඉස්කෝලෙට ගියා. ඒක මහ උස තාප්පයක්. මං එහෙම්ම ගෙදර ගියා. මගේ හිතට පොඩි සැකේකුත් තිබ්බා. සැකේ හරි. ගේට්ටුව ඇරගෙන ඇතුළට යද්දි. කොල්ල වත්ත පුරා දුවනවා. කොල්ල එක්ක දුව දුව හිටියෙ එයා. එයා රට ඉඳන් ඇවිත්. මං ගැන හෙවිල්ලෙන් ඉන්න කියල යාළුවෙකුට කියල. යාළුව කියල හැමදෙයක්ම මං ගැන. මට මූණ බලන්නත් ලැජ්ජා හිතුනා කරපු දේවල් මතක් වෙලා. ඒත් ඉතිං එයත් එහෙ පැන්නෙ කෙල්ලෙක් එක්ක නිසා මං කෙලින් මූන දිහා බලං හිටියා. එයා කිවුව මගෙත් එක්ක කතාවක්.
එයා එහෙ ගිහින් තියෙන්නෙම මේක ප්ලෑන් කරගෙන. එහෙ ඉන්නවලු ඔහොම පයින ඩයල්වලට ඉන්න ප්ලේස් සෙට් කරල දෙන ඉන්දියන් කාරයෙක්. එදා එයා ඒ ඉන්දියන්කාරයව හම්බෙද්දි දැක්කලු මේ කෙල්ලව. දෙන්න අතරෙ මුලින්ම හිනාවක් එහෙ මෙහෙ වෙලා තියෙන්නෙ සමාරම්භක උත්සවේදි. දෙන්නත් එක්ක එහෙ රස්සා කරල. එළිපහලියට යන්න බය නිසා වියදං අඩුයිලු. මාසෙට ලක්ෂ දහඅට ගානෙ හම්බුකරල ඉන්දියන්කාරයගෙ නමින් එකවුන්ට් එකකට සල්ලිත් දාලා. මුල් සතිය දෙන්න කිසිම සම්බන්ධයක් පටන් නොගෙන හිටියලු. මං දන්නවනෙ මගෙ මිනිහ ගැන. සතියෙන් පස්සෙ දෙන්නම එක ඇඳේලු. දවසක් කෙල්ල පස්සෙන් එහෙ පොලීසියක ඩයල් එකක් පොඩි ෆලෝ පාරක් දෙද්දි දුවන්න ගිහින් වාහනේක හැප්පිලා කෙල්ල එතනමලු. කෙල්ලගෙ බඩු මළු අවුස්සලා ඒ අස්සෙන් අපේ එකාව අල්ලන්න එද්දි ඌ ලංකාවට පැනලා. ගෙට එද්දි ඉස්සරහ ගෙදර ඇන්ටි දැක්කලු. මං හිතුවා ඒකෙන්ම හෙනහුරා හිටියි කියලා. සතියක් යන්න කලින් පොලීසියෙන් ඇවිත් හිටියා ගෙදරට. ගෙදරම සර්ච් කරාට මිනිහා ගෙනාපු කිසිම දෙයක් නෑ. දෙන්නත් එක්ක එහෙදි හම්බකරපු කෝටි හතක් ගෙනල්ල තිබ්බා. මං ඒකත් දැම්මා එෆ්ඩී එකක්. දැන් රස්සාවක් කරන්න ඕනම නෑ. ඇය රට ඉඳන් මිනිහා අරං ආපු සල්ලි තියෙනව කියල කට ඇරල ඕන එකෙකුට කියන්න පුළුවන්නෙ.
එයත් නරක වැඩක් කළා. මාත් නරක වැඩක් කළා. වෙනිං උන්ගෙද නැද්ද කියල නෑ. අපිට සල්ලිත් තියෙන නිසා කොල්ලට හොඳට උගන්නගන්නත් පුළුවන්. මිනිහා මාස දෙකක් ඇතුළෙ ඉඳලා පෙබරවාරි 4 නිදහස් වුනා. අද මිනිහගෙ බර්ත් ඩේ. දරුවව කලින් නිදිකෙරෙවුවා. දැන් චීස් දෙන එවුන් ටික සද්ද නැති නිසා උන්ව නිදිකරවන්න ඕනෙත් නෑ. මිනිහ හැමදේම දන්න නිසාත් මිනිහගෙ හැමදේ ගැනම දන්න නිසාත් හිතේ කහටකුත් නෑ. මාත් ගෑනියෙක්නෙ. අද මිනිහගෙ බර්ත් ඩේ නිසා මමත් කැමති වුනා පළවෙනි පාරට බියර් ටිකක් බොන්න. පළවෙනි උගුර දෙක බොද්දි කොල්ල ඇහැරිලා සද්දයක් ආවා. නෙට් ගලෝගෙන ඇතුළට මදුරුවො දාගත්තොත් කියල මං පහළට ඇවිල්ල බැලුවා. කොල්ල අහපි මොකද්ද ඒ අම්ම ගාවින් එන අමුතු සුවඳ කියලා. ඌට දැම්මම මේක සුවඳක් විදියට දැනෙන එක ගැන මට බය හිතුනා. මං කොල්ලට නින්ද ගියාම උඩට ගියා. ඒත් බියර් බිවුවෙ නෑ. මොකද මාත් අම්මෙක්නෙ.