"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, January 31, 2017

කාලකන්නි කතාවක්


කාලකන්නි සිස්ටම් එකක් ඇතුළෙ හිරවෙලා ඉන්න මිනිස්සුන්ට කාලකන්නි නැති දෙයක් පෙනෙද්දි දැනෙන නරුම හැගීමක් තියෙනව. තවකෙකුට රිදුමක් නොවන දෙයක්, තමන්ගේ උත්තම පිදුමට පිටස්තර යමක් දකින්නට අකමැති සමාජයක එතනෝල් ගේද්දි ගංජ ලීගලයිස් නොවෙන්නෙ ඒ නිසාමයි. මේ කතාව ඔවුවට සම්බන්ධ නැති කාලකන්නි කතාවක්. කොහොඹ ගහක් යට හිඟන්නෙක් ඉන්නව. ක්‍රේල් කොන්ඩෙ වෑහෙන ඔලුව පිරෙන්න, ඉරිතලපු ඇඟ වැහෙන්න කාක වසුරු පිරෝගත්තු ඔහු ගාවට විසි වෙන්නෙ කාල ඉවර කජු ගොට්ටක්. ඔහු ඒ දිහා බලද්දිම ඔහුගේ ඇහැ ගැටෙන්නෙ කුමාරදාස සපුතන්ත්‍රී මහත්තයගෙ වචන ටිකක්.

දහසින් මියෙනා සටනින් - අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින් - සැනහේ ජයපැන් පුරමින්

ඒක අහල පුරුදුයි වගේ තිබ්බට ඒ කොහොමද කියල ෂේනට මතක නැහැ. ෂේනා කියන්නෙ ඔහුට අහල පහළ මිනිස්සු කියපු අපූරු නම. ඒ නම වැටෙන්නෙ ඉඳල හිටලා හවසක ෂේනා ගල් කැටයක් අරන් අත අඹරවලා දාන බෝලෙ හින්දෙ. ඒ විදියට බෝල දැම්ම ප්‍රසිද්ධ ක්‍රිකට්කාරයෙක්. පොරට අර්ජුන කියල බඩෙක් අත් මැද්දෙන් ලිස්සල යන හතරෙ පාරක් ගැහුවා ක්‍රිකට් වර්ල්ඩ් කප් ෆයිනල් එකකදි අනූ හයේදි. ගානට ෂේවු කරපු පීදුනු ස්ත්‍රී යෝනියක් දිවෙන් සනහන අතර නහර ඉලිප්පුනු පිරිමි ලිඟුවක් මුවෙන් සනහන හැට නමයක ඉන්න පිරිමියෙක් සහ ගැහැනියක් අත්විඳින සුපහසට වඩා ආතල් එකක් එදා ඒ බඩාගෙ රටේ මිනිස්සුන්ට ලැබුනා. අන්තිමට බලද්දි අනූහයත් හැට නමයක්ම තමයි නේද?

ෂේනගෙ කකුල් ගාවට වැටුන කජු ගොට්ට හිතල විසික් කරපු එකක් නෙමෙයි. ඒක වැටුනෙ කෙල්ලෙකුගෙ අතින්. කෙට්ටු කෙල්ලෙක්. ඒත් ස්ටෙඩී ඇඟක් තිබ්බ කෙල්ලෙක්. කෙල්ල කුර්තා ටයිප් නිල්පාට ඇඳුමක් ඇඳලා හිටියෙ. කෙල්ල ෂේනට සල්ලි දාන්න නැවෙද්දි තමයි කෙල්ල කාලා ඉවර වෙච්චි කජු තිබ්බ ගොට්ට ෂේනගෙ කකුල් ගාවට වැටෙන්නෙ. ෂේන ඒක ආපහු කෙල්ල ගන්න කලින් අරගන්නෙ අර වචන ටිකට ෂේන ආස වෙච්ච නිසයි. කෙල්ල දානව ෂේනට රුපියල් පනහක්. ෂේන අහනව කෙල්ලගෙන් ප්‍රශ්නයක්. ඇයි මෙච්චර? ෂේනට වැඩිම වැටිල තියෙන්නෙ රුපියල් විස්ස. ඊට වැඩි වටිනාකමක් ෂේනට ලැබුන නං ඒ බත් එකක් ලැබුනු දාක විතරයි. ෂේනට කෙල්ලව දැකල පුරුදු තියයි. ඒත් අවුරුදු පනහ පැනපු ෂේනට කොහේ විස්සෙ කෙල්ලො මතකෙ තියෙන්නද?

කෙල්ලත් කොලේ වැටෙද්දි දැක්ක ලියල තිබ්බ සින්දුව. එයානං ඒකට එච්චර කැමති නෑ. කෙල්ලට මොනව වුනත් මේ සින්දුවට ආසාවෙ කොලේ තියාගත්තු හිඟන මනුස්සය ගැන අමුතු හැගීමක් ඇතිවුනා. පහුවදා අම්ම කැම්පස් ගෙනත් දාන ගමන් කෙල්ල කොහොඹ ගහ ගාවදි කාර් එක නවත්තගත්තෙ ෂේනට සල්ලි කීයක් හරි දාන්න. අදත් පනහෙ කොලයක් වැටෙද්දි ෂේන ඔලුව ඉස්සුවෙ මේ මොන බම්බු කාලයක්ද කියල හිතාගෙනමයි. එතකොටම තවත් සීයක් වැටුන. ෂේනට හිටගැනුන. ඒ සීයක් වැටිච්ච නිසා නෙමෙයි. ඒ සීය දාපු මනුස්සය දැකපු නිසා. ඒ අර කෙල්ලගෙ අම්ම. අම්ම කාක් බෙටි පිරිච්ච කොන්ඩෙ අස්සෙන් ඇඟිලි යවල ලඟට ඇදගත්තු ෂේනව බදාගත්ත. කෙල්ල පුදුම වෙලා බලං හිටියෙ මේ මොන බම්බුවක්ද කියලයි. ෂේනයි අම්මයි මොකුත් කතා කරන්නෙත් නැතුව බදං ඉන්න එක ගැන කෙල්ලට අවුල්. මොකුත් දැනගන්න විදියක් නැතුව මෙහෙම ඉන්නත් අවුල්. එනිස කෙල්ල අම්ම යං කිවුව. ෂේන ඔයාල යන්න කිවුව. කෙල්ලයි අම්මයි ගියා.

මොකද අනේ අර කාක් බෙටි ගොඩ ඔයා බදාගත්තෙ?” කියල කෙල්ල ඇහුවෙ කාර් එකේ වාඩි වෙච්ච ගමන්. දෙන්නට දෙන්න කලින් අඳුරන්න ඉඩ තිබුනත් ඒ විදියට දෙන්න වෙන්වෙයි කියලා දෙන්න බදාගෙන හිටපු විදියට කෙල්ලට හිතුනෙ නැහැ. මං ඒ වගේ පිරිමියෙකුට ආසයි. එච්චරයි. ඒ අම්මගෙ උත්තරේ. කවදාවත් අම්ම දුවට මෙච්චර ස්ට්‍රේට් උත්තරයක් දීල නැහැ. දුව ගියා කැම්පස්.

අම්ම ඉස්සර දුවට කිවුවෙ තාත්ත අනූහයේ ටොම්බ සයිස් බැංකුවට ගහපු බෝම්බෙන් මැරිච්ච අනූ එක් දෙනාගෙන් එක්කෙනෙක් කියල. තාත්ත එදා නොමැරුනානං එතන මරණ අනූවක් වෙනව නේද කියල හිතුනම, කෙල්ලට හිතුනෙ තමුන්ගෙ තාත්ත තමුන් ගාව හිටියෙ නැති එකේ අපරාධය නෙමෙයි. තාත්තත් එතනට ගිහිල්ල රවුං ගානක් මැරෙන්න තිබ්බ එක කෑව නේද කියල. ඒකට ඒ කෙල්ල එක්ක මේක කියවන උඹල තරහ අරං වැඩක් නෑ. ඒ ඒකි හිතන විදිය. ඔයිට වඩා නරක විදියට හිතන මිනිස්සුන්ව උඹල උඹලව පාලනය කරන්න තෝරගෙන තියෙනව. ඒත් යකෝ තාත්ත මැරුනට පස්සෙ අම්ම මේ හිඟන්න එක්ක සෙට් වුනාද? කියලත් කෙල්ලට එක පාරට හිතුන.

තමුන් කැමති ගෑනිව සල්ලි බලෙන් බැඳගත්තම ආපු කේන්තිය ෂේනට ඇතිවෙන්නෙ මුළු කාලකන්නි සමාජෙ එක්කමයි. ඒකයි ඌ ගිහිල්ල ඒ කාලෙ සැපට මිනීමරපු සෙට් එකක් හම්බෙන්නෙ. කනෙක්ෂන් එක හදාගන්නෙ උගෙ ක්‍රිකට් බඩු කඩේට ලෙදර් බෝල දාපු, ලෙදර් බෝල අස්සෙ දාලා කොළඹට බෝම්බ පටෝපු පොරක් මාර්ගෙන්. බෝම්බ ලොරිය අරගෙන ෂේන මහලොකු බැංකුව ගාවට යන්නෙ අරූ එන ටයිම් බලල. ලොරිය මැදකදි යාළුවට දීල පොර පස්සෙන් ආපු ත්‍රී වීලරේට නගින්නෙ බැරිවෙලාවත් තමුන්ගෙ ටාගට් එක නොමැරුනොත්, වෙඩිවත් තියන්න කියල. ඒ කොහොමහරි ෂේන එදා මැරුවෙ එකාවයි කියල ෂේනගෙ රයිෆල් එක සාක්කි. ෂේන පැන්න. පස්සෙ ධර්මේන්ද්‍ර කියල පොරක් ෂේන වෙනුවට අහුවුනා. ක්‍රිකට් බඩු කඩේ ගෙවන්න තිබ්බ සල්ලි ටිකට තිබ්බ පොලුවලින් ටික කාලයක් ෂේන ආතල් එකේ හිටිය. ඒත් තමුන් ආදරේ කරන ගෑනිටයි, ඒ ගෑනි එක්ක තමුන්ගෙ තාත්ත නැතිවුනා කියල නොදැන තුෂ්නිංභූත වෙලා බලං ඉන්න කෙලි පොඩ්ඩටයි දැන් කෙලවෙනව නේද කියල ෂේනට හිතුන. ෂේන මේව හිතල පිස්සෙක් වුනේ නෑ. ඒත් අවුල දරාගන්න බැරුව ෂේන ඇඟට දුක් දෙන්න ගත්ත.

ක්‍රිකට්වලටත් කැමති පළවෙනි සිංහල කොටි බෝම්බකාරය තාම ඉන්නව ඒ කොහොඹ ගහ යට. ඌ තාම පනහෙ කොල වැටුනම ඔලුව උස්සල බලනව.


Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

9 ක්ම තියෙනවා අදහස්:

Lishan Puwakovitage said...

ටෞකන්ඩ දාලා.. මේක මරු යකෝ..!

රවා said...

Good

Dulan said...

හම්බො මේක මරු

Marlon Widanapathirana said...

මේක නම් මරු ඈ.... සුපිරි

රසිකොලොජිස්ට් said...

බ්ලොග් එක මතක්වෙලා!

මං කැමතිම මේ කෑල්ලටයි.

/* අන්තිමට බලද්දි අනූහයත් හැට නමයක්ම තමයි නේද? */

දේශකයා said...

දැන් හැට නමයක් ගන්න ඕන.වෙල්කම් බැක්...

Rachintha Jayawardhana said...

සද්දයක් හලල ගියාට සෙට් එකට ස්තුතියක්!

Neranji Ekanayake said...

මගෙ අම්මෝ.. මේක මරු!!

Unknown said...

වෙනසක්....

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!