"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, April 16, 2019

ගුඩ් මෝනිං!

ගුඩ් මෝනිං! කාලෙකින් ලියනව ඩයරි පිටුවක්. ඇයි මෙහෙම ලියන්න වෙන්නෙ? එහෙම ලියන්න වෙන්නෙ මට ලියවෙන්නෙ නැති නිසා. ඇයි මට ලියන්න ඕන වෙන්නෙ? මං ලියන එකෙක් නිසා. රස්සාවට ලියන එකෙක් නිසා. එන වැඩවලට පයින් ගහන්න බැරි නිසා. කැරිම අපත හැඟීමක් එක්ක දියවෙලා යන නීරස ජීවිතයක් වගේ හැඟීමක් ඉතුරු කරගෙන මේ ලියන්නෙ ඒ ටික ලියාගන්​න නිසා. මේවා සල්ලි හම්බෙන ලියවිලි නෙමෙයි. ජීවිතේ වැඩිමනත් එවුන් දිරවන්නෙ නැති මං වගේ යකෙකුට තොපි වගේ අවලං හැත්තකට ගුඩ් මෝනිං කියන්න වෙන්නෙ ඒ නිසා.

වැඩ එනව. ලියන්න. වෙබ් එකකට පිටුවක්. ඇඩ්වටයිසින් කෑලි. ෂෝට් ෆිල්ම්. පත්තර පිටුවක්. ඇඩ්වටෝරියල්. ජිංගල්. කොපි. සින්දු. මැගසින් පිටු දෙකක්. ට්‍රාන්ස්ලේෂන්. තීසීස්. ඒ අස්සෙ ගෑනිගෙ බඩට දරුවා එන්නත් කලින් ඉඳන් පටන් ගත්තු නවල් එක. එක එක හුත්තවල් ගොඩක් මග හිර වෙලා. ලියාගන්න බැරුව. ඒ අස්සෙ මං ලියනව ​තොපිට.

ගෑනු එක්ක නිදිවැද්දම ලියන්න පුළුවන් වෙනවලු. බිවුවම ලියන්න පුළුවන් වෙනවලු. ගංජ ගැහුවම ලියන්න පුළුවන් වෙනවලු. කළුවරේ ඉද්දි ලියන්න පුළුවන්ලු. අන්තිමටම කී බෝඩ් ​එකේ බැක්ලයිට් එකයි, ස්ක්‍රීන් එකේ ලයිට් එකයි එක්ක තනි වුනා. ඒ ඉඳල ලියවෙන්නෙත් නැති තැන සල්ලිවලට ලිවිල්ල පැත්තකින් තියල ලියනව තොපිට.



ගෑනි කෑගහනව කොයි වෙලෙත් ලැප්ටොප් එකක් ඉස්සරහ විරුවගෙන ඉන්න එකට. ඇත්ත. ලියවෙන්නෙ නෑ. උන් දන්නෙ නෑ ඒක. පොඩි එකා ඇවිල්ල ඒ අස්සෙ එක එක රෙද්දවල් ඔබනව. සර්ච් බාර් එකේ X අකුර වැදිච්ච ගමන් මට ඌව එළවන්න වෙනව. ඊටපස්සෙ එනව Xhamster. ලිවිල්ලයි ලියන්න තියෙන උවමනාවයි පැත්තක දාලා මම මිල්ෆ් කැටගරියෙ විඳින්න පුළුවන් විදියෙ වැලක් හොයනව. ඒ විදියට කාලකන්නි පැය ගැනක් ගෙවලා මම ආපහු මුළු පවුලම නිදියගත්තට පස්සෙ කළුවරේ ඉඳන් මේ කතාව ලියනව.

පවුල ඈතට යනව. ගෑනි රණ්ඩු කරනව. ඒ අස්සෙ තියෙන්නෙ ආදරේ. රස්සාවට ලියන මිනිහෙකුට ලියාගන්න බැරි වුනාම එන හැඟීම මොකක් වගේද? ඒක ඇයි ඔයාට ලියවෙන්නෙ නැත්තෙ කියල අහල විසඳන්න පුළුවන්ද? මට දවසකට කොච්චර ලියන්න පුළුවන්ද? 2012 අවුරුද්දෙ මැද විතර වෙද්දි මම සතියකට පත්තර ආටිකල් විස්සකට වැඩිය ලියපු මිනිහෙක්. ඒ කාලෙ තමයි මං ආසම ගෑන එක්ක නිදි වැද්දෙ. ලෝකෙටම හොරෙන්. ඒ ගෑනිගෙ මිනිහට. මගෙ ගෑනිට. මගෙ අම්ම තාත්තට හොරෙන් මගේ කාමරේ ගෙවුනු දිවා කාලයන් කිහිපයක්ම තාමත් සුන්දරම මතකයන් වෙලා හොල්මන් කරනව. එහෙම ආතල් Xhamster වල හොයන්න නෑ.

ආයෙ ආයෙත් මං ලියන්න උත්තේජනයක් හොයනව. මං ඊයෙ තීරණය කරනව අරක්කු බොන එක අඩු කරන්න. මට ඊයෙ ඕල්ඩ් රිසර්වු බෝතල් කැතට පේන්න ගන්නව. අද ආයෙත් මං ඒකට ආදරේ කරනව. බොන්නම හිතෙනව. ඒත් හිත තද කරගෙන ඉන්නව. සමහර විට හෙට බැරිවේවි. සමහරවිට හෙට ලියැවේවි.

මට ඕන මේ ලෝකෙ මට නොදිරවන කාලකන්නි මැරෙන්න. මට තනියම ඉන්න ඕන. නිදහසේ නෙමෙයි. තනියම. හැම එකාටම ඕන නිදහසේ ඉන්න. මට ඕන්නැති හුත්තෙ නිදහසක් නෑ. මට ඕන තනියම ඉන්න. මට ඕන නෑ ලියන්න. මට බොන්නයි කන්නයි ගානක් හම්බෙනවනං, මට ඕන ජීවිතේ අන්තිම අවුරුදු දහය තනියම ඉන්න. ඒක හෙටින් පටන්ගත්තත් මං ලෑස්තියි. මගේ අවුරුදු තුනක පුතාටයි ගෑනිටයි සාර්ථක අනාගතයක් හිමි වෙනවනං මං ඒ අන්තිම අවුරුදු දහය හරිම ආදරෙන් වැළඳගන්න සූදානං. හයික් යන්න, ගෙදර රසට උයන්න, බීච් පාටීස්වලට යන්න, කලම්​බෝ නයිට් ලයිෆ් එක එන්ජෝයි කරන්න, කල්බ්වල ෆ්ලෝ එකේ ඩාන්ස් කරන ගෑනුන්ට නම්බර් දෙන්න, ඩිස්නිවර්ල්ඩ් යන්න වගේ හුකන වැඩවලට ආසා නෑ. මට ඕන මගේ ගෑනියි දරුවයි සතුටින් සනීපෙන් ඉන්නව කියල දැනගෙන ජීවත්වෙලා මැරිලා යන්න.

ඒත් ඒ හැම රෙද්දක්ම කරන්න මං අද ලියන්න ඕන. සල්ලි ඉතුරු කරන්න ඕන. ඉන්ෂුවරන්ස් දාන්න, ඉඩං ගන්න, එෆ්ඩී ටිකක් දාලා තියන්න, හදිස්සියට ගන්න අතේ සල්ලි ටිකක් තියාගන්න මං ලියන්න ඕන. මං ලියන්න ගත්තෙ පාන්දර දොළහයි පහට. දැන් එකට කිට්ටුයි. අදත් ලියවෙන්නෙ නැති වෙයි. දැන් නිදියන්න වෙනව. මං මේක පටන් ගද්දි උඹලට කිවුවෙත් ගුඩ් මෝනිං. අද උදෙත් නින්දෙන් ඇහැරුනම මට ඒ හුත්තෙ වචනෙම කියන්න වෙනව.


Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

4 ක්ම තියෙනවා අදහස්:

hare :-) said...

තොට ඔහොම හරි ලියවෙනව. හැබැයි උඹට එහෙම පුලුවන් වීම ලොකු දෙයක් නෙවෙයි. මුල ඉඳන්ම තියෙන්නෙ උඹට පුලුවන් වෙලා තියෙන්නෙ මේ ටික විතරක් වීම ගැන තැවීමක්. මේව බිව්වමවත් කියවෙන ඒව නෙවෙයි.

Rachintha Jayawardhana said...

තැවීම එන්නෙ ඕන වෙලාවට ලියවුන්නැතුවම

Anonymous said...

මං කාටූන් අඳින මිනිහෙක්. උඹයි මායි යාලුවො. ලංකාවෙ පත්තර කලාව ගැන ඔබයි මායි තර්ක කරල තියෙනවා. උඹයි මායි ඒ වෙනුවෙන් බීලා තියෙනවා. මට නමින්වත් කතා කරන්න බැරි තරං මේ කාලකන්නි ලෝකෙ මාව බ්‍රෑන්ඩ් වෙලා තියෙනවා. මං උඹට මම කවුද කිවුවත්, ලෝකෙට ඒක කියන්න කැමැත්තක් නෑ. මට උඹ මේ ලියපු දේ ගැන කියන්න දෙයක් තියෙනවා.

මට කාටූන් ඇඳෙන්නැති වෙලාවල් එනව. මං එහෙම හිස් අතින් උඹව අනන්තවත් මුණගැහිලා තියෙනවා. ඒ කාලකන්නි හැඟීම ගැන මම වගේම උඹත් දන්න විත්තිය මං දන්නව. හැබැයි උඹට ඔය අවුල දැන්මම ලොකුවට එයි කියල මම හිතුවෙ නෑ. ඒකට ලොකු හේතුවක් තියෙනව. උඹ මං ආසා හොඳ ලියන්නෙක් වගේම, උඹ මේ ඉන්ඩස්ට්‍රිය හොඳට අඳුරගත්තු එකෙක්. එනිසා උඹ කවදාවත් හොඳටම ගෙවන වැඩකටවත් ඒ ගෙවන ගානට ඇරෙන්න උඹේ සියේට සීය දෙන්නෙ නෑ. උඹ කවදහරි උඹ ඔය කියන නවල් එකට ඒ සීට සීය දෙයි කියල මං හිතනව. සැබෑ ලෝකෙ නිහඬව ගෙවන මං මේ තරං දිග කමෙන්ට් එකක් දැම්මෙ ඇනෝනිමස් ආපු නිසාද කියලත් මට හිතෙනව. කොහොම උනත් උඹට තියෙන අතේරෝල් හැකියාව එක්ක ඔය අවුල ඉක්මනට නැති වේවි කියල මම හිතනවා.

AA

Rachintha Jayawardhana said...

දෙන්නෑ නෙමෙයි බං. දෙන්න එන්නෑ.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!