හම දුඹුරු වෙන තරමට වාත අඩුයි කියල තමයි අපෙ අයියා මට කිවුවෙ. හැබැයි එහෙම වාත අඩු නෑ. අයියට මම පෙන්නුවා මට ඉන්ස්ටග්‍රැම් එකට එන එක එකාගෙ බිජ්ජවල්වල දිග පළලෙ පින්තූර. දිගින් දිගටම වාත වෙන කැම්පස් එකේ සින්නොන්ගෙ මෙසේජස්. ඔහොම කාලයක් යද්දි මට වල් කතා ගානක් නැති වුණා. ඇහුනෙ නැති ගානට ඉන්න හුරු වුණා. ඉඳලා හිටලා එකකට දෙකකට රිදෙන්න උත්තරේකුත් දුන්නා. හැබැයි එහෙම කියපු සමහර කතාවලට උත්තරයක් දීගන්න බැරුව ඇහැට කඳුලක් ආපු වෙලාවලුත් තිබුනා. එකම එක පිරිමි යාළුවෙක් ඇරෙන්න අනිත් හැම එකාම වල් කතා කියාගෙන, ඩබල් මීනිං හදාගෙන, මාර පොරවල් වෙන්න ආවෙ. මට ගානක් තිබුණෙත් නෑ, උන් ගැන හැඟීමක් තිබුණෙත් නෑ. මොකද මං ඇති වෙන්න වල් කතා සහ ඩබල් මීනිං කතා අහලා, මගේ ඔළුව ඇතුළෙ ඒවා රිපීටඩ්ලි ප්ලේ වුණත් පිටට නොකියා ඊළඟට කටින් පිට වෙන දේ ගැන ප්‍රෙඩික්ට් කර කර හිටියා. මට ඉතිං අර වල් කතා නොකියන හාදයා ගැන පොඩි සෙනෙහසක් හිතේ ඉපදිලා තිබුණා.
මොකද මට වල් කතා නොකිව්වට ඌ වල් කතා නොදන්න එකෙක් නෙමෙයි. අනිත් ගෑනුන්ට ඌ දෙන ටෝක් මගේ කනට අනන්තවත් ඇහිලා තියෙනවා. ඌ මා ඉස්සරහ නොකිව්වට කොල්ලා අපිටත් නොදැනි සුපර් සින්නියො දෙන්නෙක්වත් එකම දවසෙ උදෙයි හවසයි මුළුවලට ඇදගෙන ගිය ජාතියෙ පොරක්. ඉතිං මටත් හිතුනා උගේ හිතේ මා ගැන තියෙන සෙනෙහසටයි, මගේ හිතේ ඌ ගැන තියෙන සෙනෙහසටයි ඉඩක් දෙන්න. යාළුකමකින් පටන් අරං ආදරයක් වෙච්ච ඒ කතාවෙ ඌ මට පළවෙනි වල් කතාව කිවුවා. කිව්වා නෙමෙයි ලිව්වා. මාත් එක්ක ඉඳපු රැයක් ඉවර වෙලා, මම බෝඩිමට ඇවිත් බලද්දි මගේ පොතේ ලියලා තිබුනෙ ඒක. ඒ අකුරුත් ලස්සනයි. ඒ මතකයත් ලස්සනයි. හැබැයි ඒ සින්දුව කියෙව්වම මට හිනා ගියා.
දුඹුරු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඬෙන හින්දා
පාර කොහොමත් මැකෙන හින්දා
හිලේ ගැඹුරුම තැනක රන්දා
දුඹුරු පුක රහසේම ඉම්බා
පහුවදා හම්බුනාම මොකුත් සිද්ධ නොවුනු ගානට මිනිහා හිටියා. උදෙම්ම දැකලා හිනාවෙලා ගෙදරින් මට ඔතාගෙන ආපු බත් එකත් දීලා ඔළුව අතගාලා ගියා මිසක්, හිලේ ගැඹුරුම තැනක රන්දපු මතකයවත් නැති ගානට තමයි මිනිහා හිටියෙ. එයා හැමදාම ගෙදර ඉඳගෙන කැම්පස් ආවෙ. මමත් ගෙදරට ලොකු දුරක් නොවුණත් බෝඩිමක හිටියා යාළුවො එක්ක. අම්මගෙ බයිලා අහ අහා ගෙදර ඉන්නවට වඩා බෝඩිමේ ඉන්න එක හොඳයි කියල හිතුනා මට. ගෙදර සැනසීමකට හිටියෙ අයියා විතරයි. ඒත් ඒකාට හොඳටෝම ඔෆිස් වැඩ. කසාද ගෑනිගෙ වැඩ. ඊටත් හපං හොර ගෑනුන්ගෙ වැඩ. ඉතිං මාත් එක්ක කතා කරන නිදහසක් මිනිහට නෑ. මිනිහා එක්ක කතා කරද්දි විතරයි මට නිදහසක් තියෙන්නෙ. අයියාගෙන් මම මාවම පිරිමි රූපෙකින් දකිනව වගේ මට හිතුනෙ. හැබැයි ඉඩක් ලැබෙන හැම වෙලාවෙම බෝඩිමට ඇවිල්ලා මාව බලලා යන්න, නෑනා හදපු කෑම එකක් ගෙනත් දීලා යන්න, අතට සල්ලි දෙන්න අයියා අමතක කළේ නෑ. ඔහොම ඉද්දි තමයි පෙරේදා මම පීරියඩ්ස් නිසා ලෙක්චර්ස් ඉන්න අමාරුවට බෝඩිමට එද්දි අයියා මගේම කාමර සගයට කටට දෙනවා දැක්කෙ. ෆිල්ම්වල වගේ පොත් ටික අතින් බිම වැටුනෙ නැතුවට මට ඒ වෙලාවෙ කට උත්තර නැති වුණා.
එකක් ඒ මගේ හොඳම යාළුවා. අනික ඒ මගේ අයියගෙ නිරුවත මම දැකපු මුල්ම වතාව. මට වඩා අවුරුදු 8ක් වැඩිමල් නිසා අයියා මට සැළකුවෙ නංගි කෙනෙකුට වඩා දරුවෙකුට වගේ. මුල්ම වතාවට අයියගෙ නිරුවත දැක්කම මට කරන කියන දෙයක් හිතාගන්න බැරි වුණේ ඒකයි. ඊටත් හපං මගේ යාළුවා. මගේ අයියාම බව දැන දැන, කසාද බැඳපු මිනිහෙකුත් බව දැන දැන, මේකි අයියා එක්කම සෙට් වුණේ මම නිසාමයි කියලා මට හිතුනා. ඒකට මට කේන්තිත් ගියා. ඒත් මොකුත් කරගන්න බැරුව උළුවස්ස මුළ හිටගෙන ඉන්නවට වඩා දොර වහලා දාලා මම කාමරෙන් ගියා. මට ඒ ගැන කියන්න තේරුණෙ නෑ. අයියා ගැන නරකක් හිතන්න හිතුනෙත් නෑ. මං ඒ උභතෝකෝටිකය ගැන මගේ මිනිහට කිවුවා. ඌ ඒක ගානකට ගත්තෙ නෑ. ඌ කිවුවෙ ඕවා හරිම නෝමල් දේවල්. ඇහැට දැකපු හින්දයි ඕක මට බරක් විදියට දැනෙන්නෙ කියලා. ටිකකින් ඌ කියපු දේ ඇත්ත කියල මට හිතුනත්, ඒ ඇත්ත මූ එච්චර සැහැල්ලුවෙන් කියලා දාපු එක ගැන මට නුරුස්සන ගතියක් තිබුනා. මුගෙ නංගිට යාළුවෙක් කටට දෙනවා දැක්ක නං මූ මෙච්චර සැහැල්ලුවෙන් ඒ සිද්ධිය ගනියිද?
මට කරන්න දෙයක් තේරුණෙ නෑ. මං එදා දවස ඌත් එක්ක කාමරේ ඇතුළෙ හිටියට මොකුත් සිද්ධ වුණෙ නෑ. නිදාගන්න මම ගත්තු උත්සාහයට වැඩක් වුණෙත් නෑ. ඇහැරගෙන ඉද්දි ප්‍රශ්න අහන නිසා මම ඇස් පියාගෙන නිදි වගේ හිටියා. ටිකකින් කොල්ලා ගොරවන සද්දෙ ඇහුනම තමයි මම ඇහැරිලා සීලිම දිහා බලාගෙන කල්පනා කළේ. මනුස්සයා දන්නව එයා ඒක සැහැල්ලුවට ගත්තට මම ඒ ගැන හිතන බව. මම දිගින් දිගටම කල්පනා කරද්දි නෑනාගෙන් කෝල් එකක් ආව. අයියා ඇක්සිඩන්ට් වෙලාලු. පාර පනිද්දි දුර ගමන් බස් එකක හැපිලා තියෙන්නෙ. මගේ අයියා එහෙම වෙන්න ඉඩ තියෙන මනුස්සයෙක් නෙමෙයි. හැම දේ ගැනම පරිස්සං. එහෙම නැත්තං අක්කට හොරෙන් අම්මට හොරෙන් මෙච්චර ගේම් ගහන්න අයියට ලේසි නෑ. පාරක් පැන්නත් දුර දිග හිතලා පනින මනුස්සයෙක්. මාව පුංචි කාලෙ හැම ගමනක්ම එක්කගෙන ගිය පරිස්සම මම දන්න නිසා අයියා බස් එකකට හැපුනු බව මට විශ්වාස කරන්න අමාරුයි. හැබැයි කලින් දා වෙච්ච සිද්ධියෙන් අයියා කල්පනා කර කර හිටියා වෙන්න පුළුවන්. මට නිච්චියක් තිබුනෙ නෑ සිද්ධ වෙන දේවල් ගැන. මම කොල්ලව ඇහැරවලා සිද්ධිය කියලා. එයාට එහෙමම නිදාගෙන ටිකකින් එයාගෙ ගෙදර යන්න කියලා, මම මගේ ගෙදර යන්න පිටත් වුණා.
ගෙදර එද්දිත් අයියව ගෙදර ගෙනැල්ලා තිබුණෙ නෑ. ඇක්සිඩන්ට් එකක් නිසා පෙට්ටිය අරීවිද කියල විශ්වාසෙකුත් නෑ. කොහොම වුණත් අම්මා හිටියෙ අඬ අඬ. නෑනා හිටියෙ සිහියක් නැතුව වගේ. ඒ වෙද්දිත් එතනට මම දැනුවත්ව අයියගේ හාදකං තිබිච්ච දෙන්නෙක්ම ඇවිත් හිටියා. ඒ ගෙවල් ගාව අය. වාසනාවකට අයියට දරුවො නොහිටීම ගැන මම සතුටු වුණා. අපිට මෙහෙම අවුල් නං උන්ට කොහොම අවුල් වෙයිද? උන්ගෙ අනාගතේට මොනව වෙයිද? ටිකකින් අයියගෙ බොඩි එක ගෙදරට ගෙනාවා. පෙට්ටිය ඇරියා. මූන තඩිස්සි වෙලා. මං අන්තිමට අයියව දැක්කෙ නිරුවතින්. එතකොට අයියගෙ හුස්ම වැටුනා. දැන් හුස්ම වැටෙන්නෙ නෑ. අයියා මිනිය බදාගෙන අඬන්න ඕන වුණත් එහෙම නාඬන්න හිතෙන අප්පිරියාවකින් මගේ හිත වෙළිලා. මට කරගන්න දෙයක් තේරුණෙ නෑ. මිනිස්සුන්ට මගේ නිහඬ බවේ අවුලක් නොතේරුණේ ඒ වෙද්දිත් අම්මගෙයි නෑනාගෙයි සද්දෙන් ඒ හිඩැස පිරිලා තිබුණු නිසා. පහුවදාට අයියගෙ අවසන් කටයුතු තිබ්බෙ.
ඔබ අවසන් වතාවට ඔබේ හදවතට ළඟ යමෙක් ජීවත්ව සිටියදී දුටුවේ ඔවුන් නිරුවතින් සිටියදී නම්... ඔබ නිරුවතින් සිටිනු අවසන් වතාවට දුටු හදවතට ළඟ උන් මරා දමන්න.
ඒ තමයි මගේ අන්තිම ෆේස්බුක් ස්ටේටස් එක. ඒක නිසා තමයි අද මට මේ පාපොච්ඡාරණය කරන්න වෙන්නෙ. ඒක පිස්සු කතාවක් තමයි. සමහරවිට මට පිස්සු ඇති. එහෙම හිතල හරි මාව නිදහස් කරනවා නං මං ආයෙ කාවවත් නොමරන්න පොරොන්දු වෙනවා. හැබැයි මට සමාජය පොරොන්දු වෙන්න ඕනෙ මගේ නිරුවත දකින්නෙ නෑ කියලා. ඔව්, මම ඒ දෙන්නව මැරුවා.
මගේ කාමර සගයා. සමහර දාට බියර් දෙකක් තුනක් විතර බීලා අපි දෙන්නා ලෙස්බියන් පෝන් බැලුවා. මුලින්ම බෙඩ්ෂීට් එක යටින් ඇඳේ මුළු දෙකට වෙලා අපි අපිව අල්ලගත්තා. ඉවර වෙන හරියෙදි බෙඩ්ෂීට් තිබ්බෙත් නෑ, අපි දෙන්නා මුළු දෙකේ හිටියෙත් නෑ. එයා මාව සුවඳයි කියපු හැම වතාවකම මම කිවුවේ, මගේ ගාවින් එන්නෙ අයියගෙ සුවඳ කියලා. ඒකිට අයියා ගාවින් ඒ සුවඳ එනවද කියලා බලන්න ඕන වුණාද දන්නෙත් නෑ.
මගෙ මිනිහා. හරිම ගුප්තයි වෙලාවකට. මට දෙන නිදහස උපරිමයි. මගෙන් එයාට නිදහසක් බළාපොරොත්තු නොවෙන තරං. රණ්ඩු කරන්නෑ, නිහඬව හිනාවෙනවා මිසක්. මම එයාව තනියම මුණගැහිලා සෙක්ස් නොකළෙ අයියව නිරුවතින් දැකපු පෙරේදා රෑ විතරයි. අන්තිමට අද උදේ මං මගේ මිනිහව හම්බෙන්න ගියාම එයා හිතුවෙ අපි අද සෙක්ස් කරයි කියලා. ඒකයි මම එයා කලිසම ගලවන්න කලින් මරලා දැම්මෙ. මොකද මම අන්තිම වතාවට මගේ අයියව පණ පිටින් ඉද්දි දැක්කෙ නිරුවතින්. මං දැකපු අන්තිම නිරුවත් මනුස්ස රූපෙත් මගේ අයියා.






0 ක්ම තියෙනවා අදහස්:
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!