"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, April 16, 2024

දැන් මට කරන්නකො


ඒ මිනිහව යවපල්ලා! මගේ වැරැද්දෙන් මං හැප්පුනේ.

 මං පාර මැද්දෙ බිම වැටිල ඉඳගෙන බෙරිහං දුන්නා. ඒත් නුගේගොඩ පිරිච්ච කපුටො වගේ මිනිස්සු ගොඩ ඒවා ඇහුවෙ නෑ. රොටරියෙ කොල්ලො ටික එකතු වෙලා අර අහිංසකයට ගහන්න ලෑස්තිය. මං බැරි අමාරුවෙන් නැගිටින්න උත්සාහ කළා. දකුණු පැත්ත පණ නෑ. හැප්පුනු පාර කම්මුල උඩ පුපුරු ගැහුවා. මං ඒ වාහනේ ළඟට ඇදුනා. ලස්සන කෙල්ලෙකුත් හිටියා ඉස්සරහා සීට් එකේ. උන් දෙන්නව වට කරගෙන මිනිස්සු බනිනවා. ඔතන ලස්සන කෙල්ලෙක් නොහිටියා නං මෙතන මෙච්චර චන්ඩි වටවෙලා නොඉන්නත් තිබුණා. ලස්සන කෙල්ලෙක් අසරණ වුණාම ලිංගික දුප්පතුන්ගෙ හිතට ලොකු සතුටක් දැනෙනවා. තමුන්ට හිමි කරගන්න බැරි දේවලුත් අසරණයි කියලා දැකීම, පහත් කිරීමේ විනෝදය, ලිංගික දුප්පතුන් පිරිච්ච රටකින් එකේක විදියට එළියට එනවා. මං ඊට මොහොතකට කලින් මගේ ජීවිතේ කාපු තඩිම බූට් එක කාලා හිටියෙ. 

ඒ මිනිහව යවන්න! මගේ වැරැද්දෙන් මං හැප්පුනේ.

මායි ගෑනියි අතරේ අවුරුදු හතක් තිබ්බ ලවු එක නැවතිච්ච ගමං මට කරන්න දෙයක් හිතාගන්න බැරි වුණා. මුලින්ම හිතුනා කොහුවල ගිහාන්ස් එකට ගිහින් ටිකක් බීලා, ගෑනිට පේන්න සෙන්ටිමෙන්ටල් පෝස්ට් එකක් දාන්න. ඊටපස්සෙ හිතුනා ගෙදර ගිහින් ෆෝන් ඕෆ් කරලා හොඳට නිදාගෙන බලන්න. ඊටත් පස්සෙ හිතුනා, මෙහෙමම ඔෆිස් එක​ට ගිහින් ටිකක් වෙලා වැඩ කරන්න. ඔය මගුල හිත හිත පාර පනින්න ගිහින් තමයි අරූගෙ වාහනේ මාව හැප්පුනේ. ඌ මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න ලෑස්ති වුණේ. ඌ බය වුණා මං එතනින් ෂේප් වෙලා ගිහින් පොලිස් එන්ට්‍රියක් දැම්මොත් උට කෙළ වෙයි කියල. එහෙමත් නැත්තං එතන ඉන්න එවුන් ඌට ගහයි කියලා. උගෙ කෙල්ලට එතන කරකියාගන්න දෙයක් නැති වෙයි කියල. මං ඒ නිසා ඌට එකඟ වෙලා උගේ වාහනේට නැග්ගා.

මං ඉස්සරහින් බහින්නං මචං. මට ලොකු අවුලක් නෑ.
කිවුවට ඌ ඇහුවෙ නෑ. ඒත් අන්තිමට ඌ පිළිගත්තා. උගෙ කෙල්ල සුපර්මාකට් එකකින් බැහැලා ගිහින් මට වෙට් ටිෂූ පැකට් එකක් ගෙනත් දුන්නා. ඒක තියලා බලද්දි තමයි ලේ එන තරම පෙනුනෙ. මං ෆෝන් එක අරගෙන ෆ්‍රන්ට් කැම් එකෙන් මූන බැලුවා. හොඳටම තඩිස්සි වෙලා. මං එච්චර වෙලා හිතාගෙන හිටියෙ, මේ ඇක්සිඩන්ට් එක ගැන අම්මට නොකියා ඉන්න. ඒත් දැන් මොකුත් නොකිවුවොත් ඒ මනුස්සයා හිතන්නෙ මං ගහගෙන කියලා. මං එහෙම ගහගන්න යන එකෙක් නෙමෙයි. මට කරකියාගන්න දෙයක් නැති වුණා. මූ මාව ගෙදරට ගිහින් දාන්නයි මේ යන්නෙ. මං ආයෙත් වෙට් ටිෂූ පැකට් එක ඉස්සරහා සීට් එකේ හිටපු කෙල්ල අතට දෙද්දි, ඒකි මගෙන් ඇහුවා ඒක පිටිපස්සෙ තියෙන හෑන්ඩ් බෑග් එකට දාන්න පුළුවන්ද කියලා. ඒ හෑන්ඩ් බෑග් එකේ පොඩි කෑල්ලක ෆොටෝ එකක් තිබුණා. ඒ ෆොටෝ එකේ ඒකි හිටියෙ වෙනිං කොල්ලෙක් එක්ක. දැන්නං මගේ හිතත් ගැස්සෙනව. ඒ කියන්නෙ මේකි මේ යන්නෙ හොර ගමනක්. දැන්නං මටත් ආසයි බොරු අමාරුවක් ගන්න. ඒත් මං මොකුත්ම නොකියා, ඒකිගෙ හෑන්ඩ්බෑග් එක ඇතුළට මගේ බිස්නස් කාඩ් එකක් දැම්මා. බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නෙ.

ජින් ටිකක් බීලා, හොඳ නින්දක් දාලා ඇහැරිලා අම්මා හදපු චිකන් ස්වීට්කෝන් සුප් එකක් ගැහුවා. හවස් වෙලා. ඔෆිස් එකට කතා කරලා හෙට දවසට නිවාඩුවකුත් දැම්මා. සේව් නොකරපු නම්බරේකින් dan mokada? කියලා අහලා මෙසේජ් එකක් දාලා තිබ්බා. ඒ අර මාව හප්පපු බුවාගෙ හොර ගෑනි නෙමෙයි. ටික වෙලාවකට කලින් මාව දාල ගියපු මගෙ ගෑනිත් නෙමෙයි. ඒ තමයි මේ හැමදේටම හේතුව. මගෙ පරම පිවිතුරු ප්‍රේමවන්තියගෙ ළඟම යාළුවා. තර්ඩ් වීල් එකක් විදියට ළඟට එද්දි මායි එයයි මෙහෙම වෙයි කියල මං හිතුවෙම නෑ. අපි දෙන්න හැමදේම එළිපිට කතා කළා. අපි හොරෙන් හොරෙන් කතා කරන්න ගත්තු දවස මට අද වගේ මතකයි. මං මසාජ් කරන විදිය නියමයි කියලා, මගෙ ප්‍රේමවන්තිය එයාට කියලා තිබුණා. අපි තුන් දෙනා අලුත දාපු කැෆේ එකක ඉන්න වෙලාවක ඒ ගැන කතාවක් ඇදුනා...

එයා - මසාජ් කරන එක නං හොඳයි, ඒත් අත් දෙක උරහිස් දෙකෙන් නවතිනව නං විතරක්.

මම - ඊට පහළට ගියා කියලා ඇති වැඩක් නෑනෙ. මොකුත් නෑනෙ.

මං කියපු ටික කිවුවෙ වොෂ්රූම් එකට යන්න නැගිට්ට මගේ ගෑනිට නෑහෙන්න, අරයට විතරක් ඇහෙන්න. එයාට ඒකට හිනාවක් ගියා. එයා ඒ හිනා වුණේ තමුන්ගෙ හොඳම යාළුවගේ නැති දේකට. ඇත්ත, මගේ පෙම්වතියට දෙතනක් තිබුණෙම නැති තරං. වරු ගනං එල්ලිලා ඉඳලත් ඒක ලොකු කරගන්න මටත් බැරි වුණා, එයත් ඒක ගැන හිතින් වද වුණා. හිනා වුණාට පස්සෙ එයාටත් තේරුණා එයාට වැරදි දේකට තමයි හිනා ගියේ කියලා. එවෙලෙ ඉඳන් අපි දෙන්නා රහසින් කතා කරන්න පටන් ගත්තා. මේ රහස් කතාවෙ සති දෙකකට විතර පස්සෙ එයා වෙනිං සිම් එකකින් මෙසේජ් කරන්න පටන් ගත්තා. මං ඒ මෙසේජ් ඩිලීට් කරන්න පටන් ගත්තා. එහෙම තමයි මම එයාගෙ උරහිස් මසාජ් කරන තැනට මේ කතාව දිගැස්සුනේ. අන්තිමට ඒක උරහිස් වලින් නැවතුනේ නෑ. මාස දෙකක් විතර ගත වෙද්දි මං උරහිස්වලින් පටන් ගත්තෙත් නෑ. ප්‍රේමවන්තිය එක්ක එකම මේසෙ වාඩි වෙලා ඉද්දි පවා මේස රෙද්ද යටින් අත දාලා මගේ ලිඟුව පිරිමදින ඇගේ සුමුදු අතේ පහසට මම ආසා කළා. මං හිතන්නෙ අපි වැඩිපුරම ආසා කළේ එයාගෙ හොඳම යාළුවාත්, මගේ ප්‍රේමවන්තියත් ඉදිරිපිටම මේ හොර වැඩේ කරන්න. වාසනාවකට ඒ දෙන්නම එක්කෙනෙක්. ඇස් හතරකට හොර කරනවට වඩා ඇස් දෙකකට හොර කරන එක ලේසියිනෙ. ඉඳලා හිටලා අපි වෙනම තනි වුණා. ඒ දවසට ​එයා අරයගෙන් ඇඳුමක් ඉල්ලගෙන ඇඳගෙන ආවා. ඒවා හෙමින් හෙමින් අයින් කරද්දි අමුතු කිතියක් මගෙ හිතට දැණුනා. අරයගෙ ෆ්ලැට් ටීෂර්ට් මෙයාගෙ පිරුණු දෙතන නිසා බුරිය ගාවට වෙනකං ඉස්සිලා. අපි අරයව කිසිම මොහොතක අපේ ගත ළඟින් අයින් කළේ නෑ. හිතින් අයින් කළේම නෑ.

මම - අපි කවදාහරි මේක නවත්තන්න ඕනෙ කවදද කියල දන්නවද?

එයා - මේ වගේ වෙලාවකම ඇයි ඕක කියන්න මතක් වුණේ? හරි කවදද?

මම - අරයයි මමයි ආදරේ නොකරන දවසක.

මගේ පෙම්වතියටත්, එයාගෙ හොඳම යාළුවාටත්, කියන එකම කෙනාට අපි දෙන්නම කිවුවෙ අරයා කියලා. අපි දෙන්නගෙම හිතට ගිල්ටියක් තිබුණා අරයගෙ නම කියන්න පවා.  

නම කියන්න හිතෙන්නෑ නේද? වෝල්ඩමෝට් වගේ. 

අපි දෙන්නම ඒ ජෝක් එකට හිනා වුණා. අපි දවසම ළඟින් හිටියත්, නිරුවතින් ඇතිල්ලුනත්, සුරතාන්තයෙදි පවා අපි දෙන්නා අමාරුවෙන් ඔක්සිජන් ටිකක් නාහෙට උරාගද්දිත් මතක් වුණේ අරයව. ඒ තරමටම එයා අපි දෙන්නටම බැඳිලා හිටියා. දවසක අපි තුන්දෙනාටම මෙහෙම ඉන්න පුළුවන් නං හොඳයි කියන එක මගේ හිතට හිතුනත් මං ඒක එයාට කිවුවෙ නෑ. ඒ වෙනුවට මං ගෙදර ඇවිත් ඒ ගැන මතක් කරලා ස්වයං මෛථුන්‍යයේ යෙදුනා. මුලින් මුලින් මගෙ සුරත ඒකට අනුබල දෙන්නැති ගතියක් මට දැණුනා. ඒත් මං බලහත්කාරයෙන්ම මගෙ අත මට අවනත කරගත්තා. මගේ පෙම්වතිය මගේ ඉස්සරහදිම ඇගේ හොඳම යාළුවගේ පිරිපුන් දෙතන් මැද මුහුණ හොවාගන්නවා මං බලාගෙන හිටියා. මට ඒකට බාධා කරන්න හිතුණෙ නෑ. මං ඒ දිහා බලාගෙන හිටියා. මං දෙන්නටම එකම විදියෙ තෑගි ගත්තා. මං ඒ දෙන්නටම එකම විදියට සලකන්න හිතාගත්තා. මේ එකම විදියට සැලකීම මගේ ඔළුව ඇතුළෙ කොයිතරම් හොල්මං කරාද කියනව නං මං අරයා එක්ක කේන්ති ගිය දවසට මෙයා එක්කත් කතා නොකර හිටියා. එකම අනුපිළිවෙලට දෙන්නා එක්කම රමණයේ යෙදුනා. ඒ පිළිවෙලටම, ඒ කාල පරාසයටම මගේ ඇඟ වැඩ කළා. ඒකෙන් තමයි මගේ පෙම්වතියට මේ සැකය ඇති වුණේ. ඇත්තටම බැලුවොත් ඒක සැකයක් නෙමෙයි. ඇය ප්‍රත්‍යක්ෂ කරගෙන තිබුණා. ඈ මට කතා කළා. ඒ නුගේගොඩදි මාව වාහනේක හැප්පෙන්න ටිකකට කලින්. අපි මුණගැහුනෙ නුගේගොඩ ඩෙවොන් එකේදි.

අරයා - ඔයා මට චීට් කළා නේද?

මම - එයා කිවුවද?

අරයා - නෑ මම එයාගෙන් දැනගත්තා

මම - ඒ කොහොමද?

අරයා - අපේ දානෙ ගෙදරට කලින් දවසෙ රෑ එයා ආපු දවසෙ අපි ෆිල්ම් එකක් බැලුවා. Blue Is the Warmest Colour

මම - ෂෝක්. ඉතිං?

අරයා - එයා මගෙන් මසාජ් කරන්න පුළුවන්ද ඇහුවා. එයාට මතක් වුණා කිවුවා ඔයා මාව මසාජ් කරනවා කිවුව කතාව.

මම - හ්ම්ම්...

අරයා - ඉතිං මං මසාජ් කළා. ෆිල්ම් එකත් මැද්දෙන් නැවතුනා. ඔයා දන්නවනෙ. අපිව අපිත් නොදැනෙ ස්ලිප් වෙන තැන් එනවා. මාව එතනට ස්ලිප් වුණා. එයාගෙ පෑන්ට්ස් අයින් කරද්දි මං දැක්කෙ ඔයා මට අරං දීපු විදියෙම ඒව එයත් ඇඳගෙන ඉන්නවා.

මම - හ්ම්ම්...

අරයා - මං ඒකත් අයින් කළාම දැක්කෙ, ඔයා හැමදාම මගේ ඉනට පහළින් තියන හිකී එක එයාගෙත් එතනම තියෙනවා.

මම - හ්ම්ම්...

අරයා - ඉතිං මං එයාට දැනගන්න තිබ්බෙ නෑ ඔයා එයාටයි මටයි දෙන්නටම එක විදියට සලකනවා කියලා. මං මගේ වැඩේ කළා.

මම - හ්ම්ම්...

අරයා - ඔයා මුලින් මට චීට් කළා. මං ඊට පස්සෙ ඔයාට චීට් කළා. එකම කෙනා එක්ක.

මම - හ්ම්ම්...

අරයා - එයා මට හොඳ යාළුවෙක් නෙමෙයි කියල එයා ඔප්පු කළා. හැබැයි එයා මට හොඳ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්.

මම -හ්ම්ම්...

අරයා - දැන් ඔයාට තේරෙනව නේද, තවත් අපි දෙන්නට එකට ඉන්න බෑ කියල.

මම - හ්ම්ම්...

අරයා -  මං කියන්නෙ ඔයාටයි මටයි...

මම - හ්ම්ම්...


එහෙමයි ඒ ආදර කතාව නැවතුනේ. අද දවසෙ උදේ මගේ පෙම්වතියට මාව හදිස්සියේම මුණගැහෙන්න ඕනෙ වුණු වග ඩෙවෝන් එක බලා පිටත්වෙන්න කලින් මම එයාට කිවුවා. ඒ නිසායි වාහනේ හැප්පිලා ගෙදර ගිහින් ඉද්දි එයා මෙසේජ් කරලා තිබුණෙ dan mokada? කියලා. එයා කීප වතාවක්ම කෝල් කරලා තිබුණා. එයා එයාගෙ හොඳම යාළුවට හොරෙන් ඇයගෙ ප්‍රේමවන්තයාව අල්ලගත්තු විදියටම, ඇයගේ හොර මිනිහට හොරෙන් ඔහුගේ ප්‍රේමවන්තියවත් අල්ලගෙන තිබුණා. හැබැයි එයත් නොදැනෙ අපිත් එයාව අල්ලගෙන.

මං ඒ මෙසේජ් එකට රිප්ලයි නොකර කෝල් එකක් ගත්තා. රිංග්ස් ගියාට ආන්සර් කළේ නෑ. එයා සාමාන්‍යයෙන් ෆෝන් සයිලන්ට් දාගෙන ඉන්න කෙනෙක්. නමුත් හැමතිස්සෙම ෆෝන් එක අත ළඟ තියෙන කෙනෙක්. එනිසා මම දෙවනි වතාවෙත් ගත්තා. එවෙලෙ ආන්සර් වුණා. මට ඒ හෑඟීම් බර සිහින් කටහඬ අඳුරගන්න අමාරු වුණේ නෑ.

 


දැන් මට කරන්නකො!

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

1 ක්ම තියෙනවා අදහස්:

wurthantha.blogspot.com said...

අදයි මේ බ්ලොග් එකට ආවේ. සම්ප්‍රදායෙන් බැහැර ලියවිල්ලක් වගේ පේනවා. අනෙක් පෝස්ටි කියවන්නත් එක්ක නැවත එන්න බලාපොරොත්තු වෙනවා.

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!