"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, July 27, 2009

කාලකන්ණි ජීවිත

උදයට බසයේ එයි..
බසයේදී ඕනෑම චීත්ත රෙද්දකට කල හැකි උපරිම පුද සත්කාර කරයි...

තමුන් උගන්නා තැනට එයි.. දිය රෙදි සඳහා පමණක් අහවල් එක කටේ ගෑවෙන පමණට නැමී සුභ උදෑසනක් පතයි...
ඔවුන් අසලම හිඳගනියි..
ඔවුන්ගේ ස්පර්ෂය ලැබීමට උපරිම උත්සහයක් දරයි..
ඒ සඳහා නානාප්‍රකාර වූ උපක්‍රම යොදයි..

විටෙක විකටයන් වෙයි.. විටෙක ආබාධිතයන් වෙයි...විටෙක වීරයෙකි. විටෙක උගතෙකි.. තවත් විටෙක ධනවතෙකි..

එසේ අසලින් හිඳගත් අවස්ථාවේ සිටම දිය රෙදි වෙනුවෙන් කලහැකි උපරිමය කිරීමට යත්න දරයි..
මෙහිදී..
කෑමට යමක්,Note එකක්,Tute එකක්...

දැරිය නොහැකිම දේනම්...
මුන් කණ්ඩායමක් වශයෙන් සිටියද,එතුලද සිදුවන උනුන් කපාගැනීමයි.

මෙසේ මොවුන් සපයන සියළු සැප සම්පත් විඳ,අදාල දිය රෙදි අවසන ගේට්ටුව අසල සිටින්නා සමග සතොසින් අත්වැල් බැඳ යාම මොවුන් නොදකින්නේ කිනම් අරුමයක් නිසාදැයි මෙම ළිපිය ලියන අවස්ථාව වන විටත් මට සොයාගැනීමට නොහැකිව ඇත.

මේසා සිදුවන ක්‍රියා දැකීමෙන්..එක විනාඩියක් තුල කටින් පිටවන කුණුහරුප ප්‍රමාණයේ දැඩි වර්ධන වේගයක් දැකිය හැක.
කෙසේ හෝ එය අවම කරගැනීම සඳහා කියනු ලබන එක ටීඊඊඊඊඊඊක් වචනයකට රුපියල් පහ බැගින් දඩ ගසා ගැනීමට මමත් මගේ හිතමිතුරාත් කතිකා කරගත්තද,ඛේදනීය තත්වය නම් එම තත්වය මතද අද දින තුල ගතවූ පළමු පැය 3ක කාලය තුල මම රුපියල් විසිපහකත්,මිතුරා රුපියල් විස්සකත් වචන පිටකර තිබීමය..

ප:ලි :- සමහරෙකු විසින් මෙය කොලුකමට කරන ලද්දක් ලෙස සාධාරණය කිරීමට ඉඩ ඇත.සැළකියයුතු කරුණ නම්,මෙවැනි "***"උන්ගේ කම් කොලුකම් වන්නේ කෙසේද යන්නයි.

මෙය ඊර්ෂ්‍යා සහගත්ව ලියන ලද්දක් නොව,දුක සහ කේන්තිය මුසු හැඟීමකින් ලියන ලද්දකි.
දුක නම් ලිංගය පුරුෂ වූවත්( මතුපිටින් පෙනෙන පරිදි ) මෙසේ ස්ත්‍රීවූ දෙයකට බාල්දුවීමය.

මෙයට සියල්ලෝ දන්නා පරිදි "Balcony Guys" පිරිස සාක්ෂි දරති.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

29 ක්ම තියෙනවා අදහස්:

ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

මොරටු කතාවක් වගෙයි !!

Rachintha Jayawardhana said...

නෑ මචෝ..තැන ගැන මෙතන කියන්න බෑ.හරි නැහැනේ..
මම උඹට මූණු පොතෙන් එව්වා.බලහන් !!!

ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

හරි හරි තැන්කූ වේවා !!

Anonymous said...

අනේ ඉතිං , කියවපු අපිට බුදු සරණයි...
මට අගක්, මුලක්, වැලක්, නොතේරේ....

Rachintha Jayawardhana said...

ඔව්..ටිකාක් විතර මචෝ.මේක ටිකාක් විතර අත්විඳින්නත් ඕන.මේක ගැහැණුන්ට වහල් වීම සම්බන්ධව ලියපු එකක්.

පොතේ ගුරා said...

මට නම් තේරුණා ඕං! :D

Rachintha Jayawardhana said...

උඹට නොතේරී කොහොමද ?? :D :D

Prabodha said...

අැත්ත කතාව බන්,සිරාම තමා,උබට තෑගි ෙතන්න වටිනවා ඔය ටික ලිව්වට,අපි balcony guys හින්දා කතාව හරි බව ෙහාන්දට දන්නවා....එල එල දිගටම ලියපන් ෙටාපිය...... maxxa

Rachintha Jayawardhana said...

තැන්කියූ මචෝ !!උඹලා ලොකු දහිරියක් !!!

Anonymous said...

It is Call ජංගි හෝදනවා....

said...

මට නම් මඤ්ඤ්ං වගේ මේලෝ දෙයක් තේරුනේ නැත.
:-D

Rachintha Jayawardhana said...

@Anonymous: සිරාවටම මචෝ..

@මරණේ: පුදුමයි උඹ ඔහොම මිනිස්සු ආශ්‍රය කරලා නැති එක.එක අතකට ඒක වාසනාවක්.ඕක ගැහැණුන්ට වහල් වීම සම්බන්දව ලියපු එකක්.

sachi said...

really...r thr such ppl?...maarai ne..ada thama dana gatte....

Rachintha Jayawardhana said...

dont u know befor ?? ;-)
අද හරි දැනගත්තු එක ලොකු දෙයක් !!

Isuru Wijesinghe said...

මටනම් තේරුනේ නෑ. තව පාරක් නිවි හෑනහිල්ලෙ බලන්න ඕනා

änthräX said...

එහෙම තමයි "ජෙනිටල් මෑන්ස්" ලා..

Rachintha Jayawardhana said...

@සුදු මහත්තයෝ: ඔව් සුදු මහත්තයෝ..ඒක ටිකාක් නිවිහැනහිල්ලේ බලන්න ඕන.එතකොට හොඳට කේන්තිය වැඩිකරගන්න පුළුවන් :D

@änthräX: නියමම ජෙන්ට්ල් මෑන්ස් ලා..

Unknown said...

ජෙන්ටල් නෙමේ බන් ජෙනිටල්.(as in genital) හික්ස්..

Rachintha Jayawardhana said...

සොරි පුතේ දැක්කේ නෑ..හිකිZ

Kanishka said...

මෙලෝ මගුලක් තේරුනේ නෑ.. :D:D

Rachintha Jayawardhana said...

හිහ්හී..මචෝ ගොඩාක් එවුන්ට තේරිලා නෑ..අනේ ඉතිං මක්කොරන්නද ??
ඕක සරළව කිව්වොත් කියන්න කියන්න වෙන්නේ කුණුහරුපෙන් තමයි බං.ඕකේ තනිකරම තියෙන්නේ නොලැබෙන කෙල්ලෙක්ට කෙරෙහි ඇති වහල් භාවය ගැන.
උඹ ඒ mind set එකෙන් ඕක කියෙව්වොත් ඕක තේරුම් යයි..

Thameera said...

ප්‍රතිචාර ටික කියෝන කො‍ට තමයි මටත් තේරුණේ. හික්!

Rachintha Jayawardhana said...

හිකිස්..හොඳ වෙලාවට බං !!!

කන ලග ‍යාලුවා said...

එල කිරි මචෝ,මම කියවන ටිකට මට මතක් උන ටීඊඊඊඊඊක් වචන ටිකට මම උබට 100ක් විතර ණයයි බං.KSP,SP,BP,KP,TP .... ලව හදපු අම්මලා දන්නෙත් නැතිව ඇති පුතාලා මෙහෙමයි කියලා.මොකද මචං දෙබිඩි චරිතනේ.ගෙදර ඉන්නේ කොහොමද කියලා අපි දන්නෙත් නෑනේ.

කොහොම උනත් කාලකණ්ණි ජීවිත ගැන ලියපු එක හොදයි. හොදයි කියන්නේ එලම එල. මොනදේ උනත් මම ඉන්නවා උබගේ පැත්තේ.

ජයවේවා ටොපියට...!

Rachintha Jayawardhana said...

හිහ්හී...මම දන්නවා උඹට මතක් වෙච්ච වචන ටික :ඩී
ඇයි උඹට GP අමතක උනාද ??
හෙට සෙට් උනාම කතා කරමු !!

Deeps said...

ආහ් මුල ටික තේරුනේ නැති උනාට කමෙන්ට්ස් වලින් අල්ල ගත්තා මොක්කද මේ කියන කතාව කියලා. වෙලාවකට හිතෙනවා මේවට කෙල්ලොත් වග කියන්න ඕනේ කියලා.

"අදාල දිය රෙදි අවසන ගේට්ටුව අසල සිටින්නා සමග සතොසින් අත්වැල් බැඳ යාම"


මට නම් කොල්ලන්ට වඩා එහෙම කෙල්ලො ගැන අප්පිරියා හිතෙනවා

Rachintha Jayawardhana said...

ඇත්තටම ඔව් සහෝදරී !
කෙල්ලොත් දැනගන්න ඕන තමයි.ඒත් මේ කාලකන්ණි ජීවිත ටිකත් ඔය විදිහට පස්සෙන් නොයා ඉන්න වග බලාගන්න ඕන.

Januka said...

හික් ..හික්..හික්..කතාව සහතික ඇත්ත..පව් ජීවිත..

Anonymous said...

mata meka therenne na ne ;(

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!