"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, June 1, 2010

බූරු කුට්ටමේ බණ

අද කියන්න යන්නේ ජන කතාවක්.කතාව ආතල් නිසාත් හුඟ කාලෙකට කලින් මම අහලා තිබුනු නිසාත් කතාව ඕගොල්ලොන්ටත් කියන්න හිතුනා.මේක කියවන කතාව කලින් අහපු කට්ටිය ඉන්නවානං සොරී වෙන්න ඕන.

එක ගමක හිටියා උපාසක මහත්තයෙක්.හතර පෝයටම සිල් ගත්ත ඒ උපාසක මහත්තයට බණ දහම් ගැන පුදුම දැණුමක් තිබුනා.

මේ උපාසක මහත්තයාගේ පොඩි අඩුපාඩුවකට තිබුනේ සූදුවට තිබුණ් ගිජුකම විතරයි.ඒත් ගමේ හරි ලඟපාත හරි සූදුවට යන්නේ නෑ.කවදාවත් පොලීසියට අහුවෙලත් නෑ.දිනුවත් එකයි පැරදුනත් එකයි.කොහොමහරි ගමේ මිනිස්සු මේක දැනගෙන හිටියේ නෑ.එක දවසක් ඈත ගමක සූදුවට ගිය වෙලාවේ සූදු පොල්‍ර හිටිය අනිත් අයත් එක්ක උපාසක මහත්තයත් පොලීසියට අහුවුනා.පොලීසියේ ලොක්කා හරි සැරයි.කාටවත් ඇප දුන්නෙත් නෑ.

එදා හැන්දෑවේ කූඩුවේ හිටිය බූරු නඩේ එලියට අරගෙන "උඹලා බූරුවා ගැහුවා නේද?" කියලා ඇහුවා.අනිත් අය කතා කරන්න කලින් "අනේ නැහැ ආයිබෝවන්ඩ මම බණ කිව්වා, මේගොල්ලෝ බණ අහගෙන හිටියා.මේ රාළහාමිලා අපිව අල්ලගෙන ඇවිත් කූඩුවට දැම්මා." කියනකොට සූදු කාරයෝ මූණට මූණ බලාගත්තා.

මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා ලොක්කගේ හැටි..සූදුව අල්ලපු රාළහාමිලා කිව්වා මේගොල්ලෝ සූදු කෙලියා කියලා."නෑ මේ අය වටේ තියාගෙන මම බණ කිව්වා.අපි වරදක් කරලා නැහැ." කියලා උපාසක මහත්තයා කියනකොටම රාළහාමි කෙනෙක් බූරු කුට්ටම ලොකු මහත්තයා අතට දුන්නා."ඔව් අයිබෝවං ඕකෙන් තමයි බණ කිව්වේ" කියලා උපාසක මහත්තයා කිව්වා.කියනකොට පොලීසියේ ලොක්කා "හොඳයි උඹේ බණ ආයිත් කියපං."කිව්වා.උපාසක තැන කට්ටියම බිම ඉඳවලා සාදුකාරයක් දෙන්න කිව්වා.ඊළඟට නමස්කාරය දෙන්න කිව්වා.එහෙම කියලා පන්සිල් දීලා මේ ගාථාව කිව්වා.

ආසි හේරෝ පොරෝ ලංචැ - බූරූ දහයේ නමේ අටඃ
හතේ හයේ පහං චෙයිය - හතරේ තුනේ දෙකේ කොලඃ
ඊළඟට කොල ගොඩේ ආසි හතර පෙන්වමින් "මේ වනාහී පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය යන හතර මහා ද්වීපයයි." ඊඑට පස්සේ හේරුන් හතර දෙනා පෙන්වමින් "ඒ දීප හතරේ රජකම් කරපු රජවරුන් හතර දෙනා මේ තමා.ඒ රජවරුන්ගේ අග බිසෝවුන් හතර දෙනා බලාගන්න" කියලා කුට්ටමේ පොරොව හතර අරගෙන පෙන්නුවා."හතර මහා රජවරුන්ට පුරෝහිත කම් කරන්නේ මේ හතර දෙනා" කියලා බූරු කොල හතර ඉදිරිපත් කලා.දහය කොලෙන් දස රාජ ධර්මයත් නවයේ කොලෙන් නව අරහාදී බුදු ගුණත් අට සිල් අටේ කොලෙනුත් හතේ කොලෙන් සත් සතියත් මේ විදිහට ඉදිරිපත් කලා.උතුරු දකුණු නැගෙනහිර බස්නාහිර උඩ යට සදිසාවන්ට අරක්ගත් ගුරු දෙමාපිය හිතමිතුරන්ට වැඳුම් පිදුම් ගරු සත්කාර කරමින් පන්සිල් රකිමින් මේ සතර මහාද්වීප වැසියෝ සාමයෙන් හා සතුටෙන් විසූ බව කියමින් හයේ පහේ කොල පෙන්නුවා.හතරේ කොලයෙන් එම රජුන්ට හා රට වැස්සන්ට සෙත් පතන සතර වරම් දෙවියනුත් තුන්තරා බෝධිය තුනේ කොලෙනුත් දෙදෙව් ලොවට අධිපති සක් දෙවියන් දෙකේ කොලෙනුත් පැහැදිලි වන්නේ යැයි" කියනකොට අහගෙන හිටිය පිරිස මහ හයියෙන් සාදුකාර දෙන්න උනා.

ඊට පස්සේ වෙච්ච දේවල් බොරුවට කියලා වැඩක් නෑනේ.හැම ජනකතාවකටම සුපුරුදු පරිදි ඒගොල්ලෝ සාමයෙන් සතුටෙන් ජීවත් උනාලු.

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

20 ක්ම තියෙනවා අදහස්:

Hasith Prasanga Athukorala said...

හි හි පට්ට... කට්ටිය බණ කියන්න පටන් ගනීද දන්නෙ නෑ දැන් හැමතැනම...

චමිදේවා said...

හික්ස්....
මරු...

ඉලංදාරියා said...

ela ela

Anonymous said...

පට්ට කතාව මචන්... :D

Hasitha Gunasinghe said...

එලම කතාවක්. කන්න ඕනේ වුණාම කබරගොයාත් තලගොයා වෙනවා කියන්නේ ඕවාගේ ඒවට තමා.

කියෙව්වේ නැද්ද යෝ වද තං පව රෝමානු ජේසු - රෝමයේ උපන් ජේසුගේ කතන්දරේ

http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_29.html

http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html

පිටස්තරයා said...

හික් හික්.. අන්න මිනිස්සු!

Madhawa Habarakada said...

අනේ අපොයි. මෙහෙමත් උපාසක. එලට තැනට සුදුසු නුවණ පාවිච්චි කරල තියෙනව. :D :D :D

Anonymous said...

Rasawath kathawak malliyooo,.,. :)))
Apith ekka beda hada gaththata pin :)))

kaushi said...

තැනට සුදුසු ණුවන අපූරුවට පාවිච්චි කරල තියනවනෙ උපාසක මහත්තයා.මොනව උනත් නියම කතාව.ඔන්න මගෙනුත් සාදුකාරයක් :D

Jay said...

පට්ට කතාව..
:)

Wikeds said...

Ela kathawa!

දුකා said...

ඉතිං ඉතිං මල්ලි . . උඹ ඔහොම බන කිව්වට පස්සේ පොලිසිය උඹට ඇප දුන්නද . . ?

නැති නම් කන පුරෝලා එකක් දුන්නද . . ??

හික් හික්

ජංජාල චාමර said...

මරු කතාව.මොනා උණත් ස්ථානෝචිත මොකක්ද එක නොවැ වැඩ කොරල තියෙන්නෙ!!!

Rachintha Jayawardhana said...

THANKUU WEWAA COMMENTS WALATA

Narada said...

ටැබුව ගිය ආත්මේ මේ උපාසක උන්නැහේ වෙලා හිටියද මන්දා!

Unknown said...

සාධු සාධු සාධු.....

Tharaka Devinda said...

ධර්මයෙන් ජීවත් වන්නා ධර්මයෙන්ම රකී කියල පොලීසියෙ ඇත්තොම ගහගෙන ඉන්න එකේ මේ කතාවත් නරක නෑ!

Rachintha Jayawardhana said...

සද්දයක් දාලා ගිය හැමෝටම ස්තූතියි!

තේජි said...

හෆ්ෆා...මෙහෙමත් එවුන්... මරු මරු..

Rachintha Jayawardhana said...

මරු හින්දනේ ලිව්වේ!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!