බල්ලෙක් දුවගෙන ගිය පාරක්. බ්ලැකී! බ්ලැකීට කන්න දෙන්න පාරෙ මිනිස්සු පොර කෑවා. ඒ පාරෙ විශේෂත්වය තමයි ඒ පාරෙ හැමතිස්සෙම දුවගෙන ගිය බ්ලැකී. රාජා! තමයි බ්ලැකීව පාරට ගෙනාවෙ. රාජා බ්ලැකීගෙ ස්වාමියා. රාජගෙ ස්වාමියා කළු රෞද්‍ර මනුස්සයෙක්. රාජ ඒ මනුස්සයට වැඩපල කරල දුන්න. ස්වාමියටත් ස්වාමියො ඉන්න පුළුවන්. බ්ලැකී ඒ ගැන හිතුවෙ නැහැ.
හිත කැමතිම ගෑනිගෙන් කැමැත්ත අහල පළවෙනි පාරට ඒ ගැන අත වටේ එයාගෙ අත පටලව ගන්නකොට පිරිමි හිතකට දැනෙන සතුට ඉහවහා යනව. ඒ වෙලාවෙ ගෑනිගෙ මූනෙ හීන් හිනාවක් තියෙනව දැක්කම ඒ සතුට නිමක් නෑ. ඒ වෙලාවට තදට තනයක් අතේ ගෑවුනා කියල ලිංගය කෙලින් වෙන්නෙවත් නෑ. ඒක තමයි ඒ හැඟීම. උපදින්න හරිම අමාරු වුනාට අමාරුවෙන් හරි උපද්දව ගත්තොත් ජීවිත කාලෙටම දැනෙන උත්තම සැපක් ඒ මොහොතෙ දැනෙන්න පුළුවන්.
මට නිතර පේන හීනයක් තිබුනා. ඒකෙ තියෙන්නෙ රතු පාට බෝලයක්. රතු පාට බෝලයක් බම්ප් වෙවී යනව. මට ඒක කිසිම හීනෙක නවත්තගන්න බැරි වුනා. ඒක පෙනුනෙත් සැළකියි යුතු කාලඅන්තරයකට සැරයක්. ඔය අතරෙ බ්ලැකී අපේ ගෙදරින් හැමදාම දවල්ට කන්න හුරු වුනා. දවල්ට ගෙදර හිටියෙ අම්මා විතරක් නිසා බ්ලැකී කන දිහා තාත්තටයි මටයි අක්කටයි දකින්න පුළුවන් වුනේ නැහැ. හැබැයි ඔය දවස්වල හවස ගෙදර ආවම අපේ ගෙදර කතා වෙන ලොකුම මාතෘකාව වුනේ බ්ලැකී.
මටත් දැන් ඉන්නව හිත කැමති ගෑනියෙක්. තාම කතාවට සෙට් වෙලා නෑ. කතා කරන්න විදියක් හිතාගන්නත් බෑ. එයාට ලස්සන ඇඟකුයි කොන්ඩෙකුයි තියෙනව. හැබැයි මගේ කිසිම යාලුවෙක් එයාගෙ මූනට කැමති නෑ. උන් හැමෝම කිවුවෙ ඕක කරනවනං ගහල අතෑරපං, කරගහන්න යන්නෙපා කියල. ඒ වුනාට මට එහෙම ඕන වුනේ නෑ.
ඔය අතරෙ අක්ක අම්මට ස්මාට්ෆෝන් එකක් ගෙනත් දුන්නා. මං ඒකට කැමති වුනේ නෑ. තරුණ කොල්ලොන්ගෙ නාකි අම්මල ස්මාට්ෆෝන් තියාගෙන හුරු වෙලා තිබුනෙ හොඳ දේවල් නෙමෙයි. සමාජයෙන් විලි ලැජ්ජා වෙයිද කියල් හිතුනත් අම්මට දීපු බර්ත්ඩේ තෑග්ග නිසා ඒක ඉවසගෙන ඉන්න වුනා. ටික දවසකින් අම්මගෙන් වට්ස්ඇප් වීඩියෝ එකක් ආවා. ඒකෙ හිටියෙ බ්ලැකී. දැන් බ්ලෑකීට පිඟාන තියන්නෙ ගෙදර ඇතුළෙ. බ්ලැකී දවසක් අම්මට බලෙන් නන්ස්ටික් පෑන් එකක් විකුණන්න හදපු පොඩි කොල්ලෙකුටත් බුරාගෙන පැනලා තිබුනා.
ඔය අතරෙ තමයි එයා මුලින්ම මගෙත් එක්ක කතා කළේ. මට එයා එක්ක කතා කරන්න දේවල් හිතාගන්න බැරුව හිටියෙ. සමාජයේ ප්‍රබල කතිකාවත් කිසිම දෙයක් එයාටයි මටයි දිග කතාබහ ඇදගෙන යන්න ඉඩක් හදලා දුන්නෙ නෑ. ගේම් ඔෆ් ත්‍රෝන්ස් හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකට අසමත් වුනා. ඒ අස්සෙ අක්කා හදපු අපේ පවුලෙ වට්ස්ඇප් ගෘප් එකට අම්මා බ්ලැකීගෙ වීඩියෝ එකක් දාලා තිබුනා. මට ඒකට හිනා ගියාමයි එයා ඇයි? කියල ඇහුවෙ. එතන ඉඳන් අපි කතා කළේ බ්ලැකී ගැන. එයා මහා ලොකු බලු ආසාවක් තිබුනු කෙල්ලෙක් නෙමෙයි. එයා පූස් කෙල්ලෙක්. හැබැයි එයාට බල්ලො ගැන අවුලක් තිබුනෙ නෑ. අපි දෙන්න දවස් දෙක තුනකට පාරක් ආයෙත් මුණගැහෙන්නෙ බ්ලැකී ගැන කතා කරන්න හොඳ කතා ගොඩක් හොයාගෙන. ඔයා අස්සෙ එයා මට කිවුව පුදුම හිතෙන කතාවක්.
නිමන්ත
කියන්න
මට හිතෙනව මාත් බැල්ලියෙක්ද කියල?
යූ මීන් අ බිච්?
යස්... නොට් ඉන් දැට් වේ
දෙන් හවු?
මට හිතෙනව මාත් හිත ඇතුළෙන් බල්ලෙක්ද කියල
ඇයි එකපාරටම?
බ්ලැකීගේ වීඩියෝ දැකපු දවසෙ ඉඳන්
ඔවු
මට බ්ලැකීගෙ වීඩියෝ දැකපු දවසෙ ඉඳන් ටිකක් අවුල් වගේ
ඔයාට අවුල් නං අපි ඒ ගැන කතා නොකර ඉමු
මං කියන්නෙ එහෙම අවුලක් නෙමෙයි අනේ
එහෙනං
මට මේ ලඟකදි ඉඳන් පේනව හීනයක්
ඒ මොකද්ද?
ඕන නෑ.. අපි ඕක ගැන කතා නොකර ඉමු
හරි
ඔනන් ඔය විදියටයි අපි දෙන්න ඒ කතාව ඉවර කළේ. හැබැයි එදා ඉඳන් එයා කෝල් දීලත් බ්ලැකී ගැන විස්තර ඇහුවා. මම දැන් එයාට අපේ වට්ස්ඇප් ගෘප් එකේ බ්ලැකී වීඩියෝ ෆෝවඩ් කරන්න පටන් අරගෙන. එයත් මට පාරක තොටක කළු බල්ලෙක් දැක්කත් පින්තූර එවන්න පටන්ගත්තා.
ඔය අතරෙ අවුලක් වුනා. හොරකමක් අහුවෙච්ච නිසා රාජාට එයාගෙ ස්වාමියාගෙ ගෙදරින් යන්න වුනා. රාජා යද්දි බ්ලැකීව එක්ක ගෙන ගියේ නෑ. බ්ලැකී හිටියෙ පුදුම දුකකින්. ඒ දුක උගෙ මූනෙන් පෙනුන. බ්ලැකී බිම බලාගත්තු අත බලාගෙන හිටියා. කන්න ආවමත් වතුර ටිකක් විතරක් බීලා ගියා. රාජාව ඒ ගෙදර මනුස්සය එලෙවුව තෝ ආයෙ මේ පැත්ත පලාතෙ එනව නෙමෙයි කියලයි. එනිසා අපිත් ආයෙත් රාජාව දකින්න බලාපොරොත්තු වුනේ නෑ. බ්ලැකීව අපේ ගෙදරට හම්බුනා. හැබැයි ඉස්සර වගේ සතුටෙන් හිටපු බ්ලැකී කෙනෙක් නෙමෙයි දැන් ඉන්නෙ.
උදේ ඇහැරෙද්දි සෂිනි මට දාලා තිබුනා වට්ස්ඇප් මෙසේජ් එකක්. ඒක ටිකක් දිගයි. ඒකෙ තිබුනෙ සෂිනිට පේන හීනයක් ගැන. ඒ ගැන එයා මීට කලිනුත් මට කියන්න හැදුවා. සෂිනිට දැන් ගොඩක් හීනවල පේනවලු කබර්ඩ් එකක් උඩ තියපු රතු පාට බෝලයක්. එයාට ඒකෙන් කරන්නෙ මොකද්ද කියලවත් හිතාගන්න බැරිලු. මටත් කියන්න හිතුනා මගේ රතු බෝල හීනෙ ගැන. හැබැයි ඒක මං ගොතපු බොරුවක් කියල එයා හිතාවි කියල මම ඒක එයාට නොකියා හිටියා. ඒ වෙනුවට මං එයාට මහ ඇල්මැරුණු උත්තරයක් යැවුව.
පහුවදා එළිවෙන්නෙ මරණයක් ගැන ආරංචියක් එක්ක. බ්ලැකී ගෙදර නෑ කියල දැනගත්තමයි අපි කලබල වුනේ. දුකෙන් හිටපු බල්ලා නිසා අපි හැම තැනම හොයන්න ගියා. ඒ අතරෙයි පාරවල් දෙකක් එහා පාරක මිනියක් තියෙන විත්තිය ආරංචි වුනේ. ඒ මිනිය ගාව බ්ලැකී හිටියා. මැරිලා හිටියෙ රාජා. රාජා ඒ කිට්ටුව ගෙදරකට අත් උදවු දෙන්න ඇවිත් හිටියා. රාජා ආයෙ මේ පැත්ත පලාතෙ ආවොත් රාජට සිද්ධ වෙන දේ අර මනුස්සය කියපු විත්තිය මට මතක් වුනා. බ්ලැකී එතනින් හෙල්ලුනේ නැහැ. රාජගෙ මිනිය උස්සලා වෑන් එකකට පටවද්දි සාක්කුවෙන් රතු පාට බෝලයක් වැටුනා. ඒකත් අරගත්තු බ්ලැකී වාහනේ පස්සෙන් දුවගෙන ගියා.
ආයෙ බ්ලැකී ආවෙ නෑ, මට සෂිනිට කියන්න දෙයක් තිබුනෙ නෑ. මං රාජා ගැනත්, රාජාගෙ හොරකම ගැනත්, රාජයි බ්ලැකීයි ගැනත් සෂිනිට කිවුව. හිතේ දුකකුත් නැති සතුටකුත් නැති කාලකන්නි හැඟීමක් ඉතුරු වෙලා තිබුනා. සෂිනි මගෙත් කතා කරන එක නැවැත්තුවා. ඒකට සෂිනිට හේතුවක් තිබුනෙත් නෑ. මට හේතු අහන්න ඕන වුනෙත් නෑ. දැන් සෂිනිත් මාත් කතා නොකරන නිසා කොල්ලො ඔක්කොම හිතුවෙ මම සෂිනිව ගහලා අතෑරියා කියල. සෂිනි මෙසේජ් එකක් දාලා තිබුන. රාජා කියන්නෙ සෂිනිවයි අම්මවයි දාලා ගිය සෂිනිගෙ තාත්තා විත්තිය. අර පෙනුනු රතු බෝලෙ රාජා පුංචි කාලෙ සෂිනිට දීපු තෑග්ගක් විත්තිය. දුවට අරං දීපු ජාතියෙ බෝලයක් රාජා බ්ලැකීටත් අරං දීලා විත්තිය මට කියන්න හිතුනෙ නෑ. එයාට ආයෙ මගෙත් එක්ක කතා කරන්න ඕන නැති විත්තියත් කියලා තිබුනා. එදා රෑත් හීනෙන් රතු පාට බෝලයක් මාව පහු කරගෙන බම්ප් වෙවී ගියා.
skip to main |
skip to sidebar
"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."
Tuesday, April 16, 2019
Subscribe to:
Post Comments (Atom)
ටොපිය ආතල් ටයිප් හතකට බලන්න.
ලියන්නේ
- Rachintha Jayawardhana
- Moratuwa, Sri Lanka
- මේ මගේ වගේම ඔබගේත් අත්දැකීම් සහ විඳීම්.
ටොපි සූප්පුකරුවෝ
වැඩි වෙලා සූප්පු කරපු ටොපි
-
ඉස්සර දැක්කේ රොබින් හුඩ්ගේ ගෑනී වගේ.. . ඉතින් මම උඹට මැරියන් කිව්වා. . එදා ඉඳන් මගේ හිතේ වීරයා වෙච්ච රොබින්ට ඊරිසියා කලා. . . ඉනික්බිති ආවා ...
-
දෙනියාය දුර වැඩි වූයෙන් පියාගේ මව මොරටුවේ උන් මට.. වැඩිය ලං නොවූවත්. . . මම අතපයක් හොලවන සියළු ඇසිල්ලක් පාසා.. මම ඔබේ සෙවනේ. . . කිරි අම්මා,...
-
සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහා බලද්දි තමුන්ටම පොඩි ලැජ්ජාවක් දැණුනා. ...
-
හොරකමක් කියල අන්තිමටම කළේ ෆැබ් එහෙකින් හොරෙන් කාපු එක. ඊයෙ රෑ අන්තිම හොරකම ඉවර වෙලා මහන්සියට ඇඳට වැටුන නිසා උදේ ඇහැරුනේම පුදුම බඩගින්නකින...
-
ඊයෙ රෑ ගෙවුනෙ, මතක් වෙද්දිත් ඇඟ කිළිපොලවන විදියෙ සම්පූර්ණ රමණයක් එක්ක. අද උදේ ඇහැරෙද්දිත් ලෝකෙ පෙනුනෙ කහපාටකට. නිකං හිතන්න මිරිසට උයපු කට්ට ...
ප්ලග් වෙච්ච තවත් තැන්
සහෘදයෝ
-
චම්පසාක්10 hours ago
-
-
-
-
කවි දෙකක්3 months ago
-
වසර 60ක් රටක් කාපු වේසිගේ පුතා3 months ago
-
Caputo6 months ago
-
2023 මොකද වුනේ?9 months ago
-
ආර්තිකේ අපේ අතේ1 year ago
-
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව1 year ago
-
ප්‍රසන්න මධුර සුඛං1 year ago
-
ගීකයාගේ නොස්ටැල්ජියාව1 year ago
-
වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි!1 year ago
-
මතකයක් යට හිඳ..!2 years ago
-
සිදු විය යුත්තේ කුමක්ද?2 years ago
-
-
ඇස නොගැටුන කර්මාන්ත පුරවරය2 years ago
-
පණගැහෙන ඒ දම්පාට හදවත්…!2 years ago
-
-
-
-
COVID කතන්දර3 years ago
-
දාවිත්4 years ago
-
-
Autumn Thoughts5 years ago
-
කොළ මැඩපන් ඔයි රාමා...!5 years ago
-
දවස් තුන !5 years ago
-
මෙසී5 years ago
-
-
ගැලවීම6 years ago
-
මා හූනා6 years ago
-
-
මල් කැකුළු ඇත හැංගී6 years ago
-
අපේ ලොකුම ලොකු වැරදි 5ක්7 years ago
-
සයිටම්: ඇඟිල්ල දෙස බලා අනතුර එන්ජෝයි කිරීම7 years ago
-
අවසර7 years ago
-
-
ප්‍රහාරක ගුවන් යානා අටක්8 years ago
-
අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ8 years ago
-
Bangkok the city of angels8 years ago
-
-
kuveni කුවේණි8 years ago
-
යුද භීතිය, ජාතිවාදය සහ මැතිවරණ ප්‍රතිඵලය9 years ago
-
Sahampathi thoughts - අකුරැස්සේ ගමන9 years ago
-
-
රන්9 years ago
-
නිර්මාණ කියවීමේ සැන්දෑව9 years ago
-
කහ පිච්ච වැල10 years ago
-
වාරියපොල නංගී වීරවරියක්10 years ago
-
සමාවේ ආතල්10 years ago
-
Simon Nawagattegama Images10 years ago
-
-
Momentary Rain10 years ago
-
කටු කම්බි සහ වීදුරු කටු අතර මම10 years ago
-
අංගරාජිණී..10 years ago
-
-
බැරකුඩාවේ කුඩාවට...10 years ago
-
ඇනෝනිමස් ත්රස්තවාදයට එරෙහි වෙමු..!10 years ago
-
-
විනෝද සමාජය Society (forced) enjoyment10 years ago
-
~:@ අම්මප මල :@~11 years ago
-
-
මොකද්ද මේ....11 years ago
-
-
මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි11 years ago
-
මිරැන්ඩා12 years ago
-
පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම12 years ago
-
Good bye ???12 years ago
-
Write to express, not to impress12 years ago
-
පාසලට ආදරය කරන්න.12 years ago
-
Off Marks12 years ago
-
මිලර් බාස්ගෙ මුක්කුව (කෙටිකතාවක් නොවේ)12 years ago
-
-
කේ. ජයතිලක.13 years ago
-
අනේ අපි දැක්කෙ නැහැ..13 years ago
-
-
-
කින්නර අඩවිය … 1013 years ago
-
සෑම පිරිමියෙක්ම කියවිය යුතු පොතක්.....13 years ago
-
ගිරිපාද ජනපදය වනාහි ගිරුවාපත්තුවයි.13 years ago
-
ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!!13 years ago
-
ඔයාගේ පාටිය කවද්ද?13 years ago
-
කොලූගේ සමුගැනීම13 years ago
-
අමුතුකතාවක් 20 කොටස13 years ago
-
ජාඩියට මූඩිය – ජාඩි13 years ago
-
-
18 th amendment & future14 years ago
-
මෘදුකාංග නිර්මාණය14 years ago
-
-
-
-
මයෙ මැණික් කැටේ(දෙවන කොටස)15 years ago
-
-
-
~ක්‍රිස් තුස්~15 years ago
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
යන්තන් ලිව්වේ මුචලින්ද. Powered by Blogger.
2 ක්ම තියෙනවා අදහස්:
අපි ආස වෙන ලියන්නන්ගෙ කෑල්ලක් අපි අස්සෙ ඉතිරි වෙනව.
ගුණසිරි?
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!