මේ වයසට ටොපි කන්න හිතෙන එක ලෙඩක් මචං... ටොපි කන එක ලෙඩක් වෙච්ච ලෝකෙකට ටොපි හදන එකත් ලෙඩක්... හැබැයි මේ ටොපි ලෙඩට හොඳයි මචං...

Sunday, December 20, 2009

බ්ලොගර් නෑදෑකං. . .සදාකාලිකං. . .


බ්ලොග් ඇතුලේ මරාගන්නැති
බයිට් කරන්නැති
වාද තියෙන්නැති
බදාගන්න ඇති. . .

එකතුවෙච්ච තැනක
කිසිම පාළුවක් නැති
දත් තිස් දෙකම එලියට දාගෙන(නල දත් අතෑරලා)
ඇති කරගත්තූ සුහදකං. . .

හිතේ මවාගත්තු මිනිස්සු
එහේ මැවිච්ච අරුමය
හිතාගෙන හිටපු උං
එතන නොමැවිච්ච සංවේගය. . .

ආගන්තුකයා,පිටස්තරයා,කුෂානයියා
එක්ක අන්තිම මොහොතේ
ලිෂානයියා,අක්කණ්ඩි,ක.කා එක්ක
මුල් මොහොතේ පටං. . .

ඇතිවුනු සතුට වගේම
දුකා,බිංකු,මරණේ නැතිකම
හිතට තව තවත් කියන්නේ
බ්ලොගර් නෑදෑකං සදාකාලිකං කියලා. . .

Thursday, December 17, 2009

කරුම ඉන්දියාව



















පරක්කු වෙලා එනකොට ඔරවන්න
දොරට තට්ටුවක් දාලා සින්දු වල සද්දේ අඩු කරන්න
ඉඳලා හිටලා වත් පොතකට ඔළුව ඔබ්බවන්න
ඔයා ගෙදර නැතුව හරි පාළුයි තාත්තේ. . .

මහ ලොකුවට ලාබයි කිව්වට
කරුම ඉන්දියාවට වෙලා. . .
හරිම ටික කාලෙකට කිව්වට
මාස එකහමාරක් යනවලු

මහ ලොකු හෝටල් කිව්වට තුච්ඡ නවදිල්ලිය
හරියට කන්නවත් නෑලු. ..
හැමදාමත් රෑට බඩ පිරෙන්න බත් කාපු මනුස්සයා
ඊයේ රෑටත් චට්නියි පානුයි

අපි කොහොමද මෙහේ උයපුවා බෙදාගන්නේ
අම්මත් දුකෙන්. . .
අපිත් දැන් හරියට
මිලේනියම් එක එනකං පෙරුම්පුරපු ලෝකවාසියෝ වගේ. . .


තාත්තා ගෙදර නැති දවස් වල ලියවුනේ.දැන් නං තාත්තා ගෙදර ඇවිල්ලා.

Tuesday, December 15, 2009

විකිනෙන ලඳ

මෙය ලිෂාන් අයියාගේ ලිපියකටද,මහේෂ් මුණසිංහගේ අක්ෂර සෙනගේ කවියකටද,ටැබූ ගේ ලිපියකටද ඇබ්බැහි වී සිටින කල ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.

වෛශ්‍යාව,ගණිකාව
එහෙමත් නැත්නම් වේසිය
සුරසැප දෙන්නිය. .
කොල්ලෝ ෂාහ් කියන
කෙල්ලෝ ෂීහ් කියන
රූමත් උනත් නැතත් ලඳ. . .

ලබන්නට යන එකා
කොලුකමට හෝ ඇබ්බැහිය. .
පෙම්වතියක් බිරිඳක් නැතිකමින්
හෝ ඉන්න කෙනාගේ අසම්පූර්ණත්වයෙන්
හෝ ඒ පැත්තේ නුවුවමනාව හින්දා. . .
සල්ලිත් හොයාගෙන

ඒ විකිනෙන ලඳ
ගමට සල්ලි යවන්න
ලෙඩ ඇඳේ ඉන්න මිනිහටයි
තාත්තා අඥාත වෙච්ච දරුවටයි
සස්ටජන් එකක් ගන්න. . .
වැඩි දුරකට ඉගෙනගන්න ආසාවෙන් හෝ

ඒ ඒකිගේ රස්සාව
ලොකු ලොකු තැන් වල ඉඳලා සල්ලි ගහනවාට වඩා
ලොකු ලොකු තන් පෙන්නලා සල්ලි හොයන එක
සාධාරණ නැද්ද ?
රස්සාවෙන් සීලේ කැඩෙනවද ??
මෙහෙව් කරන්නේ ගෑණු විතරද ???

අවසන පවකට හෝ පිනකට
මුදලට හෝ නොමිලේ
සතුටට හෝ පලිගැනුමට
වින්දනයට හෝ විඳවීමට
කොච්චර ආතල් වුවද
වරද වරදක්මය. . .

Sunday, November 29, 2009

එපා වෙලා මට. . .


ඉන්න හිතෙන්නෑ මට මෙහේ
යන්න හිතෙනවා කොහේහරී
එපා වෙලා මට
මේ කරුම තුච්ඡ ලෝකේ

අච්චර රස කොත්තුව කන්නත්
බලෙන් ඊ.ජී.බී. ඇඟේ ගහන
එපා වෙලා මට
මේ කරුම තුච්ඡ ලෝකේ

කොච්චර පණ පෙරාගෙන ලව් කරත්
හිතුනම අරයට ගානක් නෑ කියලා
එපා වෙනවා මට
මේ ආදර විජිතේ

අරයා මට අච්චර ආදරේ කරලත්
මම මෙච්චර විකාර ප්‍රාණියෙක් උනාම
එපා වෙනවා මට
මේ ආදර විජිතේ

මාසේ අන්තිමට එන විභාග කන්දරාව මදිවට
මැද්දෙන් තියෙන මලවිකාර දැක්කම
එපා වෙනවා මට
මේ හත්ඉලව් අධ්‍යාපනේ

ඇත්තටම මෙච්චර කරුම වෙලත්
තාම ජීවත් වෙන්නේ
ඕනකමක් තියෙන හින්දා ජයගන්න
මේ කරුම ලෝකේ

Saturday, November 28, 2009

උරුම නොවෙච්ච අසිරිය

උඩ බලාගෙන ඉඳලා හෝ
පිස්සු නටලා හෝ
පන්ති නොගිහින් හෝ
මට උරුම නොවෙච්ච සොඳුරු අසිරිය

මැරියන් එක්ක ඉඳලා
255ක ආපහු එනකොට
පහු කරන චමත්කාරය
ලස්සන දුඹුරු පාට බිල්ඩිං. . .
ඇහැ පිනවන සොඳුරු කෙල්ලෝ. . .
ආතල් රැග් එකක්. . .
හ්ම්. . .උරුම නොවෙච්ච සොඳුරු අසිරිය

අපේ එකා දැන් මොරටු
අම්මා ඇවිදින්නේ උඩින්. . .
අඩෝ ආරංචිද ???
මුචාට මෝරා සෙට් වෙලා. . .

කරගත්තු ගොං කං වලට
දැන් මැරෙන්නද ?
සල්ලි දීලා ඩිග්‍රී අරගන්න. . .
මම කැම්පස් උස්මූර්තියට.

සමහර වඳයෝ තෙපරබානවා
තෝ...ප්‍රිෆෙක්ට් වෙච්ච කරුමේ. . .
මගේ කාලකණ්ණි කමට
බැජ් පොඩිත්ත මක්කොරන්නද ?

ටොපිය සූප්පු කරන මැත කාරයොන්ට
අර කරුම තරඟ විභාගේ ලියන්න ඉන්න උන්ට
කියන්න හිතාගෙන උන්නේ
විඳපල්ලා. . .මට උරුම නොවෙච්ච සොඳුරු අසිරිය

Tuesday, November 24, 2009

හඳ
















කන්ද කපාගෙන පායන හඳ
මිදුලට එන හඳ
නොදන්න මුත් හිරුගෙන් එළිය වෙන හඳ
බැද්ද වටින් මඩල පිටින් මෝදුවෙන හඳ

පිරිපුන් මූනට කියන්නෙත් හඳ
මූනේ වලවල් නං එකට කියන්නෙත් හඳ
මලක් ඇද්දම යන තැනත් හඳ
මැද්දට කෙස් නැත්තං ඒකට කියන්නෙත් හඳ

පොලොවේ ඉඩ මදි උනාම යන්න ඉන්නෙත් හඳට
ලෝකේ වටේ ගිහින් එපා උනාම යන්න ඉන්නෙත් හඳට
ක්ලාක් මහත්තයා සෙන්චරිය සමරන්න යන්න හිටියෙත් හඳට
වැඩි හරියක් සින්දු කියලා තියෙන්නෙත් හඳට

පුංචි එවුන් කතාකරන්නෙත් හඳට
නිදිවදිද්දී යන්න හදන්නෙත් හඳට
මල් කුමාරයෝ පාවෙන්නෙත් හඳට
අපේ ඇමති ලාටත් තව යන්න ඉතුරු වෙලා තියෙන්නෙත් හඳට

පසලොස්වකට පිරිලා පායන්නෙත් හඳ
රාමසාන් වලට ෆාතිමා බලන්නෙත් හඳ
අප්පච්චී අකමැති උනාම පැනලා යන්න එළිය දෙන්නෙත් හඳ
කාලෙකට සැරයක් ඉර වහගෙන ඉඳලා දවාලට කළුවර කරවන්නෙත් හඳ

Friday, November 20, 2009

ගුරුවිරුවෝ

කවුරු කවුරුත් මාකට් වෙන මේ මාකටින් ලෝකයේ. . .තමුනුත් මාකට් වෙන ගමන් අපිටත් මාකටින් උගන්නන අපේ මාකටින් සර් කියපු හිතට වැදිච්ච මාකටින් වලින් තොර කතාවක් ඇසුරෙනි.පහලින් ව්‍යුත්පන්න කරන සිද්ධිය උඹ බටයේද ඇත.සියල්ල කියවා අවසන මෙතැනින් එය නරඹන්න.

ගුරුන් නම්
බුදුද වේ. . .පසේ බුදුද වේ. . .
PHD ගැහුවට උගන්නන්ට නොතේරේ. .පසේ බුදු නම් වෙයි
යන්තං ඩිග්‍රිය තිබ්බත් උගන්නන්ට තේරේ. . බුදු නම් වෙයි
සමහරුන්ට වෙයි එසේ

ඇ ඒ ජනපදයේ
කානගී මෙලන් වේ
මේ ඒ සරසවියේ
කලකට පෙර වුනු දේ වේ. .. .

ගුරුගේ නම රැන්ඩි සකී
ඒ බුදු වරයෙකී
බිංදුවයි අටේ සිදුවූවකකී
අහෝ ඛේදයකී!

සිරුරේ පිලිකා පැතිරිනි
තෙමසක් කල් ඉකුත් වෙති
හිතට ගෙන එඩි
මියයන දිනෙත් මොහු ලෙක්චරයේ වෙති. . .

දනිති සියල්ලෝ මෙය අවසානය බව
අවසන ඉගැන්නුවේ කෙසේද අරමුණකට යන වග
ගෝලයන් හා සමකාලීනයන් එක තැනක සිට
හිටියානං මටත් ඇඬේවි පිරිණිවන් මංගල්‍යයක ලෙස. . . .

සැබෑ උත්තම ගුණෙන් යුත් එම ගුරුවරයාට මම කවියකැයි කියාගන්නා මේ කවිය උපහාරයක් වේවා !