"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, October 18, 2009

මර්වින් නම් ඔහු. . .


ඔහු වත්මන් රජා වෙනුවෙන් හෝ වෙනත් කිසිවෙකුත් වෙනුවෙන් ස්ටේජ් නැග්ගෙකු නොවීය.ඔහුරටට රජෙකු උරුම වී ඇති බවවත් හෝ එම රජාගේ දෑත් ශක්තිමත් කිරීම සම්බන්ධවවත් ගැයුවේ නැත.

කෙසේ වුවද මෙම ළිපිය ආරම්භ කලේ ඔහුගේ දේශපාලනික වශයෙන් ස්වාධීන බව හෝ නිවහල් බාවය පැහැදිලි කිරීමට නොවේ.මෙයට හේතුව වූයේ මා ප්‍රියතම ගීත වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇත්තේ ඔහු නිසාවෙනි.

බොහෝමයක් ඔහුගේ ගීත වල තනුව සහ සංගීතයද ඔහු විසින්ම සපයා තිබීමද පැසසුමට කරුණකි.එසේම ඒවා සිත් ඇදගන්නා සුළු අනර්ඝ තනු වීමද නොරහසකි.

කෙසේ වුවද විනෝද චාරිකාව හෝ සාදයක සමාජ තත්වය කුමක් වුවද,ගැයෙන පළමු ගීත දහය ඇතුලත් මෙතුමාගේ ගීත අඩුම වශයෙන් දෙකක් වත් තිබීම නිරායාසයෙන් සිදුවන්නකි.

කතරක තනිවී,මේ නගරය,නිළුපුල් යුවලේ,රන් මීවිත,දියලුම දියඇලි,ආදරේ රන් බිඟුන්,අකුරු සතරකින් මේ ගීත අතර මෙන්ම ලාංකීය සංගීතයේද ඉතා ඉහලින් ඇත.

මෙතුමාගේ ගුණ වැයීමට පෙර මෙතුමා අභාවප්‍රාප්ත වුවද,සෑම ශ්‍රී ලාංකිකයෙකුම මේ ගීත ගයන ගයන වාරයක් පාසා මෙතුමාට සදා සුවය අත්වීමට පතමි.

එසේම මෙතුමාගේම ගීතයකින් පද පේලියක් මා ආදරය කරන මගේම මැරියන්ට පැවසීමට ඇත.ඒ...

සඳ නොදන්න නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි. . .
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

11 ක්ම තියෙනවා අදහස්:

malee_msg said...

අනිවාර්යෙන්ම මගේ ආසම ගායකයන් අතරින් මුල්ම පෙලේ ඉන්න කෙනේ තමා මර්වින් පෙරේරා මහත්මයා. ඒ වගේම ඔහුගේ මේ නගරය සිංදුව තමයි මම ඉස්කොලේ උ.පෙ පංතියේදි රැග් එකට ආව වෙලාවේ කිව්වේ. (එතනින්ම රැග්‍ කෙරුවාව ඉවර උනා) කොහොම උනත් මම හැමදාම කොයි වෙලෙත් අහන්න කැමතිම සිංදු බොහෝමයක් මොහුගේ. වටිනම දේ තමයි මෙතුමා කොයි තරම් හොද ගීත හැදුවත් ඒවා කොයිතරම් ජනප්‍රිය උනත් ඔහු පුරුදු සංගීත ගුරුවරයාගේ චරිතය අමතක නොකර අතිශය නිහතමානීව ජීවත් වීම.

Rachintha Jayawardhana said...

ඇත්තටම අක්කේ..ඔහුගේ හැකියාව වගේම චරිතයද ඉතා විශිෂ්ඨයි !

sachiii said...

mervin perera mahathayage thanu walata math asai..kochara aluth sindu thibbath parana sindu kochara lassanai da.. ewa parana wenna wenna ahanna asai..mervin mahathaya sinduth e wage ...

Rachintha Jayawardhana said...

hmmm....aththa !

kaushalya said...

aththatama hoda gayakayek.man vadiya ahala nathi vunath ahapu evanam harima lassanai

දුකා said...

මගේත් ආසම ගායකයන්ගෙන් කෙනෙක් . . .

උඹට අමතක වෙලා වගේ ඔබ දේදුන්න ආකාසයේ . . , සඳ මිදුලට එනවා . . . , මා සනහා ගීත ටික . . .

තවත් මගේ ආසම ගීතයක් තමයි . . "මා දුර ඈතක යතැයි සිතා . . . ඔබ මෙහි තනිවී ඇතියි සිතා . . " ගීතය . . .

ස්තූතියි මචං මේ පෝස්ට් එක ලිව්වට . . . ඔහු ඇත්තෙන්ම අමරණීයයි . . .

Rachintha Jayawardhana said...

@Kaushalya: hmm hmm...aththa !

Rachintha Jayawardhana said...

අනේ මන්දා දුකා අයියා කොහොම අමතක උනාද කියලා.මා සනසා මමත් ආසම සින්දුව...

Prabodha said...
This comment has been removed by the author.
Prabodha said...

අමරණීය ගායකයෙක් ,වර්තමාන සමාජයේ මෙවන් ගායකයින්ට පෑසසිය යුතු අගය කීරීමක් ලෑබෙනවද ඈත්තටම?

Rachintha Jayawardhana said...

අනේ මන්දා..ඒවා ගැනනං කථා කරලා වැඩක් නෑ

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!