"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, December 20, 2009

බ්ලොගර් නෑදෑකං. . .සදාකාලිකං. . .


බ්ලොග් ඇතුලේ මරාගන්නැති
බයිට් කරන්නැති
වාද තියෙන්නැති
බදාගන්න ඇති. . .

එකතුවෙච්ච තැනක
කිසිම පාළුවක් නැති
දත් තිස් දෙකම එලියට දාගෙන(නල දත් අතෑරලා)
ඇති කරගත්තූ සුහදකං. . .

හිතේ මවාගත්තු මිනිස්සු
එහේ මැවිච්ච අරුමය
හිතාගෙන හිටපු උං
එතන නොමැවිච්ච සංවේගය. . .

ආගන්තුකයා,පිටස්තරයා,කුෂානයියා
එක්ක අන්තිම මොහොතේ
ලිෂානයියා,අක්කණ්ඩි,ක.කා එක්ක
මුල් මොහොතේ පටං. . .

ඇතිවුනු සතුට වගේම
දුකා,බිංකු,මරණේ නැතිකම
හිතට තව තවත් කියන්නේ
බ්ලොගර් නෑදෑකං සදාකාලිකං කියලා. . .
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

21 ක්ම තියෙනවා අදහස්:

Narada said...

මෙතැනදී මම ඇත්තටම කියන්න දෙයක් නැතිව අසරණයි, "බින්කුවෝ උඹත් හිටියා නම්" "බින්කුවෝ ලබන පාරවත් වරෙන්" "උඹට ඇත්තටම Hi5 එකක් දෙන්නට ඕනේ" කියද්දී මට දැනෙන්නේ අකුරු හරහා මෝනීටර් හරහා සත් සමුදුරක් එහා ඉන්න අපේම සහෝදරයෝ සහෝදරීයෝ ගැන ලෙන්ගතුකමක්.

ලබන පාර නම් අනිවාර්යෙන්ම මම හමුවට එන්න බලාගෙන එන්න බලනවා, මං හිතනවා පතනවා ඒ හමුවට විදේශගත අයට පහසු දවසකුත් බලාගෙන මාස හය හතරකට කලින් දැනුම් දෙවි කියලා. එතකොට අපිට අපිත්, දූකාත්, බුරු'ක්කාත් ඇතුළු කිහිප දෙනෙකුත් වගේම කලින් යෙදුණු වැඩ නිසා නොආපු අයවත් හම්බ වෙන්න හැකි වෙවි. එතකොටත් අපේ මේ ලෙන්ගතුකම නලියාගෙන තිබෙවි.

C0dE | කෝඩ් said...

අපි නං ගොඩක් පහුවෙලානේ ආවේ.

වන්නි said...

අප්පේ ඔය තියෙන්නේ විස්තරේ දාලා... එළ එළ... අපේ කැමරා ශිල්පියෝ ටික කොහේ කොහේ අප්ලෝඩ් කරාද දන්නෑ ෆොටෝ ටික...

දුකා said...

ane . . ow ban maaaara DUKAI enna bari wunu ekata . . .. elaga paara wat balamu . .. .

Rachintha Jayawardhana said...

@Binku: ඒ නලියන්න තියෙන ලෙන්ගතුකම. . .ඊලග පාර සෙට් උනාම බලාගමු.

Rachintha Jayawardhana said...

@Code: යකෝ.තෝ ඇවිල්ල කට වහං හිටියේ ඇයි?
පොඩ්ඩක් ප්‍රසිද්දියක් දුන්නනං.ඇවිල්ලා කතා කරනවනේ

Rachintha Jayawardhana said...

කුෂාන් ඇස්. වන්නිආරච්චි: ඔන්න මමනං දැම්මා.ෆොටෝ ටැග් කරන ලදී.

Rachintha Jayawardhana said...

Dukaa: අනිවා අයියේ

sameera said...

මටත් එන්න නම් බැරි වුනා. ඒ ගැන නම් ගොඩාක් දුකයි. ඒත් ලබන පාර නම් අනිවා එනවා.

Rachintha Jayawardhana said...

:)

C0dE | කෝඩ් said...

නෑ නෑ මම අවේ නෑ. මම ඉතින් බ්ලොග් වලට නවකයෙක් නිසා සද්ද නැතුව හිටියේ

Unknown said...

"එකතුවෙච්ච තැනක
කිසිම පාළුවක් නැති
දත් තිස් දෙකම එලියට දාගෙන(නල දත් අතෑරලා)
ඇති කරගත්තූ සුහදකං. . ."


අන්න අන්න, ලිෂාන්ගේ නල දත ගැන ලිව්ව එක නම් වැරදි හරිද... හික් හික්!!!!

දුකා said...
This comment has been removed by the author.
දුකා said...

"අන්න අන්න, ලිෂාන්ගේ නල දත ගැන ලිව්ව එක නම් වැරදි හරිද... හික් හික්!!!!"

hik hik hik. . ..

Rachintha Jayawardhana said...

අනේ සමාවෙයන් අයියේ..
නල දත් තියෙන එවුන් වාසනාවන්තයි ලුනේ

දුකා said...

"නල දත් තියෙන එවුන් වාසනාවන්තයි ලුනේ"

natuwa natuwa uu kochchara waasanaawanthada . ..natinam me api wage yaaluwo kattiyak set weida . . ???

LishWish said...

ඒක හරි උඹල වගේ යාලුවො කට්ටියක් ලැබෙන්න මම මොනතරම් වාසනාවන්ත වෙන්න ඕනිද? අනික එදා එන්න බැරිවුණ අය ව අපි ඊළඟපාර කොහොම හරි එකතු කරගන්න බලමු. මීටත් වඩා සාර්ථක සුහද හමුවක් පවත්වන්න ට අදිටන් කරගමු.

malee_msg said...

බ්ලොගර් නෑදැකං සදාකාලිකං..

මේක කියවද්දිත් නිකං හිත කීං.. ගෑවුනා..

Rachintha Jayawardhana said...

හ්ම්ම්ම්...එහෙම වෙන්න එපැයි!

ආගන්තුකයා | Stranger said...

වෙලාවට සෙට්වුනේ මට නමි ඔය සයිබර් සම්බන්ධතා ගැන සත පහක විස්වාසයක් නෑ ඕනි උන් ටික හම්බුනා උන් කවුද කියල දැනගත්තා. දැන් මම සයිබරයේ විශ්වාස කරන එවුන් දන්නවා.. කොහොමහරි සඳුනයවත් ගෙන්න ගත්තානෙ.. හහ් හහ් හාාාාා

Rachintha Jayawardhana said...

ඔව් ඒකනං ඇත්ත

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!