"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, December 27, 2009

තුරුදැලේ උඹලා

නිකමට විහිළුවක් කරන්න
ලේ කැක්කුමට කරදරේකින් බේරගන්න
දුකාට වගේ දිග ගුණ වර්ණනාවක් ලියන්න
වැරැද්දකදී රිදෙන්න පාරක් ගහන්න

අපේ අම්මගේ බඩෙන්
මට ඉස්සරෙන් හරි
පස්සෙන් හරි
තව එකෙක්වත් හිටියනං

කොච්චර වදයක් උනත් නංගියෙක් නැතිකම
පොර ටෝක් දැම්මත් මල්ලියෙක් නැතිකම
කන කඩාගත්තත් අක්කෙක් නැතිකම
පාරක් ගැහුවත් අයියෙක් නැතිකම

මේ ලෝකේ දරං ඉන්න අමාරුම දේ වෙන්නැති
ඒත්,
ප්‍රශ්නයක් උනාම,දුකක් හිතුනම කියන්න
මෙච්චර උඹලා ගොඩක් තුරුදැලේ ඉන්න එක
කොච්චර දෙයක්ද. . . .
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

21 ක්ම තියෙනවා අදහස්:

LishWish said...

ඒක් ගැන සැකයක් තියාගන්න එපා මල්ලියා..! අපි උඹ එක්ක හැමදාම.

Rachintha Jayawardhana said...

බොහොම පිං :)

දුකා said...

අනේ ඔව් මල්ලියෝ . . . උඹට මෙච්චර සහෝදර සහෝරියෝ ගොඩක් ලැබිලා ඉන්නැද්දී මොකට දුක් වෙනවද . . ..

ඇයි අපිව තමන්ගෙම කියලා හිතෙන්නේ නැත්ද. . .???

අයියා කෙනෙක්ගෙන් ගුටියක් කන්න ඔය තරම් ආසයි නම් ආපු වෙලාවක උඩව්වක් කරන්න හිතලා බලන්න පුලුවන් . . හික්ස්

Rachintha Jayawardhana said...

දැන් කතාවෙන් ලිස්සලා යන්න හදන්න එපා.ඊලඟ පාර දුකා අයියා මට කන්න අරන් දෙනවා කියලා තියෙන්නේ.අනිත් කට්ටිය ඔක්කොමලටම කෑම බින්කුව ගානෙයි කියලා ඉන්දරේ කිව්වා.ඒ අස්සේ කාලිංග අයියත් කියපි කන්න දෙන්න බලන්නං කියලා.ඊලඟ පාර මීටිමක් තියෙන එකක් නෑ ෂුවර් එකටම.දවසම කයි!

රාLa said...

අයියගේ ටෝක් වලට නම් අඬෙනවා අයියේ. දිගටම අපිව අඬවන්න.එල එල

Rachintha Jayawardhana said...

අනිවා සහෝ!

Supun Sudaraka said...

සිරා!

budhajeewa said...

දාපං මචක් විසි 5ක්! මාත් ඔය එකා-යකා සංගමේ යාවජීව සාමාජිකයෙක්! :D

මට නං දුකට සැපට - සැපට දුකට සේරටම ඉතිං මගේ කොම්පීටර්රෙක තමා!

Narada said...

Main hoon naa!
පෙරලා මට නොලැබුණත් ලැබෙනවා අඩු වුණත් ඒ ගැන මං වැඩිය හිතන්නේ නෑ.

සියනෑ පුරයේ අපි ඒකට නෙව මචෝ!


කෙට්ටු මාව තව කෙට්ටු කරන්න කරන කුමන්තණයක් තමා ඔය මට කෑම දැන්සැලක් දෙන්න වෙලා තියෙන්නේ ;)

රවා said...

අපි හැමොම බැලින්නම් තනිකමින් හෙම්බත් උන අය

Buru Babe said...

රචියෝ... මම නම් මේකේ අනිත් පැත්ත. මට හැමදාම හිතුනේ තනියෙන් උන්නා නම් කියලා. පවුලේ හතරදෙනෙක්ම ඉඳලත් මම නම් හැදුනේ තනියම වගේ. කොහොමත් ඒ තුන්දෙනාම මට දැනුනේ හැමදාම අම්මා අප්පච්චි කියන එකේ සමානකමින්මයි.

හැබැයි ඉතින් ඔයාට ඔය කියන තරන් ඈයෝ ආවා නම් මේ තරම් දුරට ඒමත් බොරු...... හික් හික් ඇයි ඉතින් ඔයාගෙ කෑම එක දෙට තුනට බෙදුනා නම් හෙම ....... හු හු....

Rachintha Jayawardhana said...

@Sudaraka: :)

@Budhajeewa: ඔව් මේ පීටර් එක නැති උනානං විනාසයක් වෙන්නේ.ඔන්න දැම්මා විසි5ක්!

Rachintha Jayawardhana said...

@Binku: හිහ්හී...ඔතන උඹට තවත් ලේසියක් තියෙනවා.මොකද දුකා අයියා මගේ කෑම එකට ස්පොන්සර් කරනවා.

Rachintha Jayawardhana said...

@රවා: ඔව් බං.සිරාවටම!

@Il mondo di una povera pazza: අනේ මන්දා ඒකනං.සමහරවිට මට මොකෙක්වත් නැති නිසා වෙන්නැති.කෑම අඩු උනත් කමක් නෑ මොකෙඛරි තනියට හිටියනං!

budhajeewa said...

@රවා: ඒක ඇත්ත, නැත්තං අපි මොනිටරයක් ඇතුලෙ ඔළුව ඔබන් ජීවත් වෙයිද?

Rachintha Jayawardhana said...

@Budajeewa: අඩෝ. . .උඹෙයි මගෙයි මූණු පොතේ තිබිච්ච යාළු කමට මොකෝ උනේ.මම කියන්නේ මගේ හැබෑ එකත් එක්ක

budhajeewa said...

@මුචලින්ද: හැබෑ එක මොකක්ද බොලේ? Unknown ඒවා අයින් කරනකොට උඹ එකත් අයින් වුනාද දන්නෙ නෑ, ආපහු එකක් එවන්ඩ මැසේජ් එකකුත් එක්ක. :D

malee_msg said...

අඩේ කටේ සතපනහැ සීනි බොල්යක් ඔබන්න ඕනි (මගේ ළග රන්කාසි නැහැ නේ )කියලා තියන දේට... සහතික ඇත්ත බං මල්ලියේ..!!

Rachintha Jayawardhana said...

අනේ...සත පනහේ එව්වා මදිනේ අක්කේ

දුකා said...

මේ මකර කට වගේ තියෙන කටට සත පනහේ ටොපියක් එබුවොත් මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තියෙයි . . හික් හික් හික්

Rachintha Jayawardhana said...

හිකිස් !

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!