
වීදුරු අතගගා අඬන
පන්තියේ දෙවනියා වෙන
සෙල්ලමේදී ඇඳුම් ඉරෙන
උඹ කන ගුටි. . .
කුප්පිය සෙට් උනේ නැතිව
අල වෙවීම ඉන්න
ආණඩුවට පාඩං උගන්නපු
උඹ මැරිලා ගිය හැටි. . .
වැඩ අඩු උනාම බොසාගෙනුයි
පඩි මදි උනාම ගෑණිගෙනුයි
කොල අඩු උනාම වේසිගෙනුයි
උඹ බැනුම් අහපු හැටි. . .
උඹලා තොල් හෙලෙව්වේ
රහ ගැන කියන්නද?
"නොකරන්!" කියන්නද?
මම ඔහේ ගියා. . .






4 ක්ම තියෙනවා අදහස්:
මල්ලියේ මට පැහැදිලි මදිනේ.. :(
අනේ මන්දා අක්කේ.ඕවා මට නිකමට නෙව හිතුනේ.මට හිතුනේ පිරිමින්ට පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකන් වෙන කරදර!
කොහේ ගියත් ඇනුම් බැනුම්
මටත් තේරුනා මදි වගේ... :(
"මම ඔහේ ගියා. . ." අදහස??
@CD Athuraliya: හ්ම්ම්ම්. . . . :(
මම වෙනම පැත්තක!
Post a Comment
කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!