"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, January 11, 2010

හැටි


වැන්දා නොවැන්දා
මුවින් පිටවෙන බුදු සරණ
කටක් කාපං පුතේ. . .කටක්
දුවන්න දුවන්න. . .එලවං එන
ඒක ඉතින් ඔය ජාතියේ හැටි

මොකද ඔය කොන්ඩේ
පැයකට දෙපාරක් දොරට තට්ටු
කවද්ද විභාග
ඒක ඒ ජාතියේ හැටි

එනකං මගබලං
ඉන්නකං කන් පුරවන්
යනකොට ඇස් තෙත් කරං
පපුවට තුරුලෙන් ආසාවෙන්
ඒක මෙයාගේ හැටි

යමු එකට. . .එමු එකට. . .
ඉමු එකට. . .
අනිත් උන්ගේ ආදරේ දියර උනාට
මේ ආදරේ කුට්ටියක්
මගේ ආදර කුට්ටිය

අරයා. . .එයා. .මෙයා
ඇතුලේ ගැටි ගැටී
හුස්ම ගන්න එක
මගේ හැටි. . .
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

12 ක්ම තියෙනවා අදහස්:

LishWish said...

දියට වඩා ලෙය ඝණකම් වැඩි හන්දා
සදා සුවැති සෙනෙහස් බව මම වින්දා
බඩට නොකා අපට ම බත් දෙන හින්දා
දොහොත් මුඳුන් දී මව්වත් කම වැන්දා

කවිය අනර්ඝයි සහෝ..., හරීම අපූරුයි...!

Anonymous said...

මව්ගුණ මතක් වෙන්න ලියල තියෙනව. ලස්සනයි...

රවා said...

මුචා මට දැනෙන විදියට ඔයා අම්මා ගැන විතරක් නෙමෙ දාලා තියන්නෙ..සිද්දින් සමුදායක් මතක් කරගෙන ලියලා තියන්නෙ කොහොම උනත් කියවද්දි ගොඩාක් රසවත් (මෙයට අදාල මගෙ ජිවිතෙ සිද්දින් මම මතක් කරගන්නවා).....

Unknown said...

මතත් හිතෙනව අම්ම ගැන විතරක් නෙමෙයි ලියල තියෙන්නෙ කියල.

Chathura said...
This comment has been removed by a blog administrator.
දුකා said...

මේ කේ අම්මා ගනයි තාත්තා ගැනයි අරයා ගැනයි තුන් දෙනාම ගැන ලියලා නේ . . යමු එකට. . .එමු එකට. . .
ඉමු එකට. . . කියන්නේ යාළුවෝ සෙට් එකද . . එල එල . .. සිරාවට ලියලා තියෙනවා බං . .

Rachintha Jayawardhana said...

ඔව් ඔව්..සහෝලා..
කාගේ කාගෙත් හැටි නෙව!

LG said...

එළ ..එළ ..

ආදර ගොඩක් ගැන ලියලා ලස්සනට ;-)

malee_msg said...

අම්මා.. තාත්තා.. ආදරය.. තුන් දෙනාම කවිය ඇතුලේ ජිවත් වෙනවා වගේ මට දැනුනේ..

Narada said...

ඔය ත්‍රිකෝණයේ දෙකොණක් අතරේ දෝලනය වුණා, තාම නම් තුන්වන කෝණ ආවේ නම් නෑ! ඒත් තිබ්බ තුන්වන කෝණයට තාම ආදරෙයි!


ලිෂාන් අයියාගේ කවියත් උඹේ ඒකත් අපුරුයි මචන්!

MaJee said...

කවිය නියමයි

Rachintha Jayawardhana said...

තැන්කියු වෙන්ඩ ඕනේ

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!