"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, February 14, 2010

වැලන්ටයින් පැතුම්


හිතට සැනසුම දෙන
ඔබගෙ නමටම අදරින
හදපිරි සතුටකින
වැලන්ටයිනෙට පැතුම් ගෙන එන

කන්නට නිවන තෙක් පවුල්
තොසින් නොමව සිත් තැවුල්
වෙන්නට අවුල් නිරවුල්
මත්වෙමි ඔබටම තුරුල්

සුන්දර සිරුර මත්කර රාගික රසයෙන්
තුරුළුව සිතින් ගිලෙමින් ආදර හැඟුමෙන්
ලෝ සැම දනා විඳිනා මෙය රිසි අයුරෙන්
තොසින් විඳින්නෙමි අදරින් සහ සෙනෙහෙන්

දෙනෝදහක් මැද රස තොල් සිපගනිමින්
පෙම්වත් යුවල් මැද විළිබිය තොර කරමින්
විඳිනෙමි ඔබව ඒ අන් හැමටම වැඩියෙන්
තව එක් වරක් අතගෑනම් හිස අදරින්

එක්වුනි, සතුටු වූයෙමු ගැලපෙන සිත් වූයෙන්
විටෙක වැළපුනෙමු ගිලිහෙනු නොහී කෙරෙන්
සෙව්වේ බැලුවෙහිය කරදර නොවන සෙයින්
මට නුඹ, නුඹට මම වෙන්නට පතා යෙහෙන්
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

5 ක්ම තියෙනවා අදහස්:

CD Athuraliya said...

no comments බං!!!

Unknown said...

දෝර ගලන සැබෑ ආලය..

දුමින්ද කවිරංග ගුණවර්ධන said...
This comment has been removed by the author.
hare :-) said...

ආදරේ දැණෙනව වැඩිකමටද මන්දා උඹ මේක එක පෙළට ගලපගැනීමේ අවුලක් පේනවා... සමහර විට බිසි වීම අස්සෙ ලියන්න ඕන නිසා ලිව්වද මන්දා ;-) ඒ නිසාම මට පට්ට කියල කියන්න තරම් හොඳට ලියවිලා නෑ වගේ බං... හරියට කාලෙක ආපු රැප් සින්දුවක් වගේ අතරමැදින් කැඩිල ගිහින් වගේ... මේ මට දැණෙන විධිය.

ඒ වුණත් උඹ කියන්න ඕන ටික සහසුද්දෙන්ම කියල තියෙනවා. පොඩි පොඩි වෙනස්කම් කරල ගත්තම මගේ ප්‍රකාශණයත් මේකට වෙනස් වෙන්න බෑ...

Rachintha Jayawardhana said...

අනේ ඔව් ලොකු අයියේ. මේ කලින් පාර වැළාට ලියපු එක. කොහොමත් මේක එච්චර හොඳ මදියි කියලා මටත් තේරිලා තිබ්බේ කියවපු උන්ගේ අදහස් වලින්. අදහසට ස්තුතියි වේවා! සද්දයක් දාලා ගිය අනිත් උන්ටත් ජය!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!