"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Sunday, February 14, 2010

වික්ටර්. . .සියල් සපිරි හඬ

චාරිකාවෙන් පසු ඇහැරුනේ දැන්ය.
ගී තාලයන් තවමත් සිතේ ඇත.
ගිගිරි ගීත රාවයෙන් තලන්න ගත් බෙරය
හිත මිතුරු සුළඟින් තලා නිමකලෙමු.

මවකගේ මළගමකි.
හීන් මියුරු හඬක් ඇතුලින් ඇසුනි
ඇඬුම් දුක් සුසුම් වලට මුසුව
"ආදරයේ උල්පත වූ අම්මා"ය.

ඒ සොඳුරු ගැහැණිය සහ මම
දෙනෝදහක් මැද අතරමංව ඇත.
ආදරය ගෙන යන නහර ගොඩ මැද
බිය සැක නහරද යයි.
සිත දෙඩූයේ. . .
ඉඳුල් නොවේ නම් රුදු මිනිස් ඇසින්

වෙසඟ පැමිණ ඇත.
සුපිරි සිහින තාරකාවෝ වෙසඟ තේමා කරති.
සුරේන්ද්‍රට "දෙවුරම් වෙහෙරේ" දී
ෂාන් "බුදු හාමුදුරුවො" ගයයි.

උස් නිදහසය.
වාහන පේළි,ලොක්කන්ගේ ආගමන
සහ බඩු විකිනිල්ලට අමතරව
දෑ බැති ගීයටද අඩහෝරාවක් ටෙලියේ වෙන්විය.
ගොළු මුහුදේ මුතු ඇටේ තුල
අපි ඔක්කොම රජවරු වූයෙමු.

වැලන්ටයිනට සතයක් අතේ නොතිබිච්ච මං
ලාබ කොලයක රනින් වටින පෙළක් ලීමි.
"හිනැහෙන්න රෝමියෝ මමයි"
නමුත් ඇයට මා රාමරාජයෙකි.

ඔබ සහ ඔබගේ සදා තරුණ හඬ සදා කල් අප අතර පවතින්නට පතමි!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

15 ක්ම තියෙනවා අදහස්:

ආගන්තුකයා | Stranger said...

එල එල මචං පට්ට කියලා කියනවා ඇරෙන්න වෙන මොන‍වා කියන්නද..

Anonymous said...

එළ එළ...

දුකා said...

එලම එල මුචෝ . . . කොර වෙන්න ලියල තියෙනවා . . . පට්ට. .

Rachintha Jayawardhana said...

@ආග: තැන්කූ වෙන්න ඕන සහෝ :)

@indik: එළ අනිවා

@දුකා අයියා: තුති අයියේ

CD Athuraliya said...

මම දැකපු නිර්මාණාත්මකම සිංහල බ්ලොග් අඩවිය. මුචලින්ද සහෝදරයගේ හැකියාව ගැන කියන්න වචන නෑ. කවි නිමිත්ත විශේෂ වන්නේ මමත් වික්ටර් රත්නායකයන්ගේ රසිකයෙක් වීම නිසයි. අපි දකින අපි හිතන දේම වඩාත් නිර්මාණාත්මකව කියවන්න ආයුතුම තැන, ටොපිය! අපූරුයි!

Rachintha Jayawardhana said...

බොහෝම ස්තූතියි සහෝ...බොහෝමත්ම ස්තූතියි!

සචී said...

හරිම අපූරුයි..! ඔහොම යං..ඔක්කොම එකතු කරලා වික්ටර් ට යවමු එදා කතා වුණා වගේ.

Rachintha Jayawardhana said...

ආහ්...තුති තුති අක්කේ!
ආගන්තුකයගේ කවිය කියෙව්වද?

විශ්මි said...

අපූරුයි පදවැල් ටික......වික්ටර් රත්නායකයණ්ගෙ හඩ නම් කවදවත් වයසට යන්නෙ නෑ......... දිගටම ලියමු...

Rachintha Jayawardhana said...

බොහෝම ස්තූතියි!

හෂිත said...

http://rasawathiya.blogspot.com/2009/12/blog-post_19.html

Ela Kollo..!

Rachintha Jayawardhana said...

aiyage eka baluwoo!

Jay said...

පට්ට..!
මම අදනේ මේ පෝස්ට් එක දැක්කෙ..

Rachintha Jayawardhana said...

ඔව් අක්කේ කලින් එකක්!

Anonymous said...

http://gryphes.tk/#

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!