"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Friday, March 12, 2010

නෝ ප්‍රොබ්ලම්

අතේ දිලෙන
රාහු අපල මුද්ද

බෙල්ලේ ඔතපු
යන්තරේකුත් එක්ක

උදේ පාන්දරත්
දේව ආශිර්වාදේ ලබලා

එළියට බැස්සේ
හිතේ නිදහසෙන්
ඒත්. . .

උඹට පිං
මට ඇත්ත කියලා දීපු
ඩ්‍රයිවර් මහත්තයෝ. . .!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

19 ක්ම තියෙනවා අදහස්:

චමිදේවා said...

මොකක් හරි උදේම වෙලා වගේ...

යෝගී... said...

මේ , මෙතන ප්‍රෙහෙලිකා කියන්ඩ එන්ඩ එපා හරිද.. මගේ බෙල්ලත් රිදෙනව බං මේක මුල සිට අගට දැං කීප වතාවත්ම කියෙව්වා.ඇත්තට මොකද්ද උදේම උඹට උනු අකරතැබ්බේ ?
මොකක් උනත් කමන්නෑ.. හොඳට ලියල තියෙනවා.
-ජය

පිස්සා පලාමල්ල said...

මඩ වලක් වත් උඩින් ඇල්ලුවද ඩ්‍රයිවර් අයියා....

``` Outsider``` said...

ඒක ඇත්ත වෙච්චි හරියක් තේරුම් කරලම ඩ්‍රයිවර් උන්නැහේට ඒ ටික කිව්වනම්

Rachintha Jayawardhana said...

මෙහෙමයි මම කියන්නේ ඔය දේව හාස්කං බොරුයි කියලා.කොච්චර මාල කෑලි බැඳගෙන ගියත් බස් එකට බැරිනන් කෝච්චියට උනත් හැප්පෙන එකා හැප්පෙනවා.

malee_msg said...

හොද වෙලාවට ඔයාම කියලා තිබ්බේ.. නැත්තං මට තේරෙන්නේ නෑ.. ‍ඔය මොනා බැදන් ගියත් වැඩක් නෑ.. බස් අන්කල් වෙලාවට විභාගේ තියන තැනට ඇරලුවේ නැත්තං

Buddhi said...

උඔටත් හිතෙන ​දේවල්. බස් එක්ක උඔට මාර බැදියාවක් තියෙන්නෙ නේද බං? කොහොම උනත් උඔ අද දාපු ටොපිය සෑහෙන වෙලාවක් සීප්පුව රහ හොයා ගන්න.

Anonymous said...

දැන් උඹ කෝච්චියකට හැප්පෙන්න ගිහිල්ල ඩ්‍රයිවර් බේර ගත්තද?

Rachintha Jayawardhana said...

@බුද්ධි: අනේ ඔව් බං.මම ඉතින් බස් මගියනේ.කොහොමහරි රහ හොයාගත්තනේ.ඒ ඇති.

@Rusiru: නෑ බං.මේකේ මෙහෙම දෙයක් උනේ.ඩ්‍රයිවරයට පිං සිද්ධ වෙන්නේ මාව බේරුවට නෙමෙයි හැප්පුවට.මොකද ඌ හප්පුවේ නැත්තං මම හිතන්නේ මම බේරුනේ ඔය බැඳන් ඉන්න සුර හින්දැයි කියලනේ.

රවා said...

මගෙ අම්මලත් මට සුර, අපල මුදු අනන් මනන් ඔතලා තියන්නෙ.. උන්ගෙ හිත් රිදවන්න කැමති නැති හින්දා එක බැදගෙන ඉන්නවා. මෙ ලගදි මම එක ගලවලා කොට්ටෙ ඇතුලට දැම්ම.. ඔක දාගෙන හිටියා කියලා හරියන්නෙ නැහැ අම්මෙ මම වැඩක් හරියට කල්පනා කරලා කරොත් එක සාර්ථකයි හෙන හුරා නෙමෙයි මොකා හිටියත්... කියලා....

Anonymous said...

සුර දැම්මම හිතේ විශ්වාසයක් ඇතිවෙනව. සුරේ බලේට නොවුනත් ඒක නිසා යම් යම්දේ සාර්ථක වෙනවා...

Rachintha Jayawardhana said...

ඔව් බං.ඔහොම වෙනවානං සුර තිස් ගානක් ද කොහෙදෝ බැඳගෙන් හිටපු ප්‍රේමදාස මහත්තයට ඔය විදිහට පාරේ මැරෙන්න වෙන්නේ නෑනේ!

දුකා said...

"ඩ්‍රයිවරයට පිං සිද්ධ වෙන්නේ මාව බේරුවට නෙමෙයි හැප්පුවට"

දැං ඔය හැප්පුනු බස් එකට කිසි ම අලාභයක් හානියක් නැද්ද හැබෑට . . ?
මොකෝ අපි නම් අහල තියෙන්නේ බස් එකක් කන්ටේනර් එකක හැප්පුනාම බස් එකට ආලාභ හානි වෙනවා කියලයි . . හික් හික්

මනුසත් said...

අයියෝ. මාර වැඩේනේ. මොනා වුනත් අවුලක් නෑ නේද මචන්?

Rachintha Jayawardhana said...

@දුකා: ඕකනේ ඉතින් මොකුත් කියන්න බැරි

@මනුසත්:එහෙම අවුලක් නෑ මචන්.ඕක මම හිතපු දෙයක් නේ!

Rachintha Jayawardhana said...
This comment has been removed by the author.
ආගන්තුකයා | Stranger said...

මමත් තාම සුරයක් බෙල්ලෙ එල්ලන් ඉන්නවා ඒක බෙල්ලේ එල්ලගෙන මම කරන වැඩ ඉතිං දෙයියොම තමා දන්නෙ. සුරේ බලේ නම් ගොන් පාට්. නෑ කියනවනම් ඔප්පු කරලා පෙන්නන්න වෙනවා.

Rachintha Jayawardhana said...

ඇත්ත.

බිඟූ said...

appta siri gaja

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!