"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Tuesday, March 30, 2010

මහිත හා එහිත

ඒ හඬ දුක්මුසුය
පොතෙහි වෙලෙන්නට එළියක් නොමැතී
මාමයිට් බෝතල් අඩිය
බූමි තෙලෙන් සිඹියි

මටද අද දවස හරි නැත
ෆිට් නැත
කමෙන්ට්ස් බලන්නට
කරන්ට් නොමැතී

ඈ මුහුණතද
ඇඹුලක් දිව ගෑ සේය
වැඩි ගානට ගත්තු උඩ කෑල්ල
අනිත් එකියෙක් ඇඟලාගෙන වගේ එකක්

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

14 ක්ම තියෙනවා අදහස්:

Nishacharaya said...

මටනම් තේරුනේ නෑ ආයිබෝං.... :(

msenarath said...

"වැඩි ගානට ගත්තු උඩ කෑල්ල අනිත් එකියෙක් ඇඟලාගෙන වගේ එකක්" ගෑණු ළමයෙක්ට හිතට අමාරු වෙන දේවල් වලින් මේක මුලටම තියෙන එකක්! :D කවිය නම් මට හොදට තේරුණේ නෑ මගෙ හිතේ...ඒත් රසවත් බවක් නම් දැනෙනවා :)

මුචලින්ද said...

ඒක ඉතින් මගේ වැරැද්ද අයියේ.

මම අදහස් කරේ "අපි" අවැදගත් දේකට වැලපෙන කොට,අනිත් මිනිස්සු වැළපෙන්නේ කොච්චර වැදගත් දේකටද කියලා.
මේකෙදි "අපි" කියන එකට පලමු හා දෙවනි කොටස් දෙකම ඇතුලත්.මම කියන්නේ "අපි අඬන්නේ මොනතරන් අවැදගත් දේටද?"

මුචලින්ද said...

@මධූ: ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් කියන්න හදපු දේ.අපි වැළපෙන්නේ කොච්චර අවැදගත් දේටද? දෙවනි කොටසෙදි මම වැළපෙන්නෙත් කොච්චර අවැදගත් දේකටද?

බිඟුවා...! said...

ඒකයො මේ කියලා තියෙන්නේ එහෙනම්...
දැන් හරිනේ...

/බිඟුවා...!

Raven said...

එලස්.
කමෙන්ට්ස් වලින් තවත් තේරුම් ගියා මේක.
අපි ජීවිතේ ගැන මැසිවිලි නගන්න හුරු වෙලා තියෙන්නෙ කොයි තරම් නිශ්ඵල දේවල් නිසාද කියල හිතෙන වෙලාවල් තියනව හුඟක්.
නියමයි.

විශ්මි said...

නියමයි සහෝ නිර්මානය නම්...... ඇත්ත අපි වැලපෙන්නෙ කොයි තරම් නොවැදගත් දේවලටද......අපි කන්නෙ මොනවද කියල හෝටලේකට ගිහිල්ල කල්පනා කරද්දි කිසිම choice එකක් නැතුව පාන් කෑල්ලක් ගන්න ප්ලේන් ටී එකක් ගන්න සල්ලි නැතුව මිනිස්සු හූල්ලනවා.....

මුචලින්ද said...

නෑ.අපි කඩේකට ගිහින් කෑම ටික තේරුවොත් අඩු තරමේ ඒක අපේ බඩට.මම කියන්නේ අනිත් මිනිස්සු පාඩම් කරන්න බූමිතෙල් නැතුව ඉද්දිත් අපි කමෙන්ට් කරන්න විදිහක් නැතුව කරන්ට් හොයන එක.එහෙමත් නැත්තන් අනිත් මිනිස්සුන්ට අඳින්න ඇඳුමක් නැතුව ඉද්දි අපිට Uncommon ඇඳුමක් ඇඳන් යන්න බැරිවෙච්ච එකට දුක් වෙන එක!

CD Athuraliya said...

කියවලා වැඩියෙන්ම හිතන්න දේවල් තියෙන්නේ ටොපියෙ තමයි...අපූරු නිර්මාණයක්!

දුකා said...

මටත් තේරුනේ නම් කොමෙන්ට් වලින් තමයි මලේ . . . කොහොම නමුත් උඹේ අදහස නම් මැක්සා

Anonymous said...

අදහස නම් තේරුම් ගත්තේ cmtz වලින්,.,. හිතන්න ගොඩාක් දේවල් තියනවා මගේ මල්ලියෝ.,.
හැමදාම වගේ අදත් සුබ පතනවා!!

මුචලින්ද said...

හ්ම්ම්ම්

LishWish said...

සිරාම කවියක් මල්ලි මම ආස මේකේ 1 වැනි කොටසට,

ඒ හඬ දුක්මුසුය
පොතෙහි වෙලෙන්නට එළියක් නොමැතී
මාමයිට් බෝතල් අඩිය
බූමි තෙලෙන් සිඹියි

මට මේක කියවනකොට මතක්වෙන්නේ අපි එක්ක ඉගෙන ගත්තු.., අපේ යාලුවෙක්. බුවාගේ ගෙදරට ඇත්තට ම ගෙදරට කරන්ට් එක නැහැ. අපි ඉස්කොලේ ගිහින් කියද්දී කරන්ට් නැති නිසා පාඩම් කරන්න වුනේ නැහැ කියලා.., මිනිහා හිනාවෙලා බිම බලාගන්නවා විතරයි. මොකවත් කියන්නේ නැහැ.

කරන්ට් නැහැ කියකියා අඳුරට ශාප කරපු අපි ගෙදර. අපි ශාප කරනවෙලාවෙත් ඒ අදුර ඇතුලේ ආලෝකය හොයන්න උත්සහ කල ඌ අද වාසිටි.

මුචලින්ද said...

අන්න මිනිස්සු

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!