"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Wednesday, March 17, 2010

බයටයි ලියවුනේ. . .!


කරනට දෙයක් නැත සිත මා ඇත සෙල්ලී
මොකක් ලියන්නද උත්තර ඇත ගල්වී
තව පැය විසිපහක් ඉක්මුනු තැන කල්හී
කොලේ තුලින් මාරයා අත වනනු ඇතී

මගුල්, උපන් දින සාදය සතර අත
මැරියන් සමග රාජ්‍යයේ සරණ වැද
මිතුරන් එකතු වී කල කෙළි මතකේ ඇත
හෙට පලදේවි මේ සියලට තබා තිත

පේළි සතරකී මහ ලොකු කාමරයේ
උඩ බිම බලනු තහනම් වෙයි එම තලයේ
පෑනක් කටේ රඳවාගෙන සිටින පැයේ
උත්තර මතක් වේදැයි මට බියක් තියේ

Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

32 ක්ම තියෙනවා අදහස්:

said...

අනේ වාසනාවන්.
ඕන් එහෙනම් මගෙන් සුභ පැතුම්!!!!!

ඈ බොල තව බ්ලොග් ලිය ලිය හිටු.....
උඹෙන් අහයි බ්ලොග් ගැන හෙට....

Raven said...

එලස්.
මමත් සුබ පතනවා ඔන්න.

LishWish said...

C නොවේද අද බොට තියෙනවා කිව්වේ
මොකටද යකෝ එහෙනං හැමතැන දිව්වේ
පාඩම් නොකර ඇයි ගියේ බිග් මැච් අව්වේ
will see නොකියා C ලියපං උලව්වේ

බය වෙන්න එපා උඹට මේක ගොඩ දාගන්න එක එතරම් අමාරු වෙන එකක් නැ..!
ජයෙන් ජය ම පතනවා ඕං..!

Rachintha Jayawardhana said...

@LishWish:
නොගිහින් බැරි නිසයි බිග් මැච් ගියේ අයියේ
"C" නං nothing "SE" මල ඉලව්වේ
ගිරවා දැම්ම මුත් කිසිවක් නෑ ඔළුවේ
මෙහෙම දෙයක් වෙයි කියල නෑ හිතුවේ

තැන්කූ අයියේ අනිවා ගොඩ දානවා.

@Raven: ස්තූතියි මචන්

@ම: බයටනේ බං ලියවුනේ.හිතලා ලිව්වේ නෑ.

local Taboo said...

මම දැන් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි එකෙන් මෙ බ්ලොග් එකත් එකට දාන්න.
http://blog.inetlanka.com/

රවා said...

බය නැතුව ලෙක්චර් එකෙ උගන්වන දෙම පොලෙ ගහපන් මලෙ..
උඹට ගොඩ යන්න පුලුවන්......

Rachintha Jayawardhana said...

@Local Taboo: මම හිතන්නේ ඒකේ තියෙනවා මචන්.එහෙමත් නැත්තන් මේක පබ්ලිසිටියක් ද? ;)

@රවා: හ්ම්ම්ම්...ඒත් කොච්චරක් කියලද? තොගයක් තියෙනවා නෙව අයියේ!

දුකා said...

ayiyooo ubata oya vibhage goda daana eka sulu deyak kiyala mama nam dananwa . .. monaa unath suba patum . ..

චමිදේවා said...

යකෝ මේකේ කොට කොටා ඉන්නේ පාඩම් කරන්නේ නැතිව...
සුබපතනවා ඔන්න අපිත්.....

Rachintha Jayawardhana said...

@දුකා: තැන්කූ අයියේ

@චමී: ස්තුති සහෝ!

Hipo said...

සුභ පැතුම් මුචලින්ද. මොකුත් මතක් වුනේ නැති වුනොත් කවියක් ලියල එන්න. හිං හිං. බය වෙන්න එපා.

Madhu said...

මාත් Exam ලියන්න ඕනෙනේ. හිතන්නෙපා වැඩිය . . . .

රවා said...

මුචා.. මමත් මොරටු කැම්පස් එකෙ මට මිස් උන විෂයන් කරන්න එනවා.. එතකොට හම්බ වෙමු... උබව අදුන ගන්න ආසයි....

Gayan Tharaka said...

ඔය කොම්පියුරේ ඉස්සරහ ඉන්නැතිව පාඩං කරපං. නැත්තං හිපෝ නැන්ද කිවුව වගේ පේපර් එකේ ලියන්න වෙන්නේ කවි තමයි.

ගුඩ් ලක් මුචා මචං

Rachintha Jayawardhana said...

@හිපෝ නැන්දා: හිහ්හී...ඔව් ඔව්

@රවා: අපිට වෙනින් කොහෙදි හරි තමයි සහෝ හම්බෙන්න වෙන්නේ.මම මොරටු කැම්පස් නෙමෙයි නේ.ඒ නැතත් අනිවා සෙට් වෙමු!මූණු පොතේ ඉන්නවද?

Rachintha Jayawardhana said...

මධු: අනිවා.ඒත් ලියන්නේ ඔයාගේ කොල්ලා නේද?

@ගයාන්: ඔව් ඔව්...කරා කරා ටිකක්.මේක තනි ගිරවා බං!

විශ්මි said...

සුබපතනව යාළුවා...... කොහොම හරි exam ගොඩදාගන්න........ :)

Rachintha Jayawardhana said...

බොහෝම ස්තුතියි විශ්!

CD Athuraliya said...

good luck!

Rachintha Jayawardhana said...

thanks mate!

Buddhi said...

අයියෝ මුචලින්දයෝ, දං දැනුයි සින්ඩියට ආවේ. ශිස්..... මං හොදටෝම පරක්කුයි වගේ. මං මේ පොලිස් කාරයට ටිකට් කඩපු කොන්දොස්තර වගේ දහඅතේ කල්පනා කලේ උඔට විෂ් කරන්නෙ කොහොමද කියලා. හරි මං මගේ මුලු හදවතින්ම විෂ් කරනවා!උඹට තියෙන exam එක ගොඩ දාගන්න ලැබේවා කියලා. සමහර විට උඔ මේක දකිද්දි කේස් එක ඉවර වෙලා තියෙයි. ඒත් ඉතිං මක් කොරන්නද බං?

Rachintha Jayawardhana said...

හරි මචෝ ලියන්න යන්න කලින් දැක්කා.ඒක ලොකු හයියක්!
මම කොහොමහරි ඕක ගොඩ දානවා.උඹ පරක්කු නෑ බං.විභාගේ ඉවර වෙන්නේ අප්‍රේල් 30 දවල් දොලහට.ඒ වෙනකන් පුලුවන්!

HN said...

දැන් බන් මේක දැක්කේ,
තව යමන් දෙහිවල Ice Cream කන්න.
Galle Face ගිහින් එක එක ඒවා කකා ඇවිදලා තල් ගහක් යට නිදාගමු.
පාඩම් කරන්න ඇවිත් වටේ බල බල Fun ගමු.

අනේ යකෝ දැන් වත් පාඩම් කරපිය.

SE නම් ඉවරයි. HRM එහෙමම ගොඩ දා ගමු.

Rachintha Jayawardhana said...

මැරෙන්නේ නැතුව ඉඳපන්.ඔය කියපු ඔක්කොම ටික උඹත් කලානේ!

Mandy said...

මොකද මල්ලි උනේ?

Rachintha Jayawardhana said...

ලියාගත්තා.හැබැයි අප්‍රේල් තිහ වෙනකන්ම විභාගනේ.ඉතින් දැන්ම කියන්න බැහැ :(

Anonymous said...

බය වෙන්න එපා. අවුලක් වෙන්නෙ නැහැ... :)

Rachintha Jayawardhana said...

thankuu machang!

Jay said...

මලයණ්ඩි, විභාගයට සුබ පතනවා. ඉහළින්ම ගොඩ දා ගන්න ලැබේවා කියලා.

Rachintha Jayawardhana said...

බොහෝමත්ම ස්තූතියි අක්කේ!

බිඟූ said...

දැන්නම් විභාගේ ඉවර ඇති නේද...
මොකද උනේ හැබෑටම???

/බිඟුවා...!

Rachintha Jayawardhana said...

නෑ සහෝ.ඉවර වෙන්නේ අප්‍රේල් තිස් වෙනිදට.අපේ එහෙමයි.බඩවැල වගේ

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!