"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Monday, April 19, 2010

ග්‍රහ පාලනය


මා පුංචි පහේදී
මහා හපනෙකු විය
ඒ ග්‍රහ බලපෑම
හොඳ නිසාවෙනි

දහය එකොලහේදී
තවත් බ්‍රයිට් වීමට පටන් ගති
ඒද දෙයියන්ට
පිංසිද්ධ වෙන්නය

අහේතුක ලෙස
ප්‍රතිඵල අල විය
ගණිත සිහල ඉංගිරිස් සාහිත්‍යය
හා ඉංග්‍රීසි පමණක්
මුලකුර අතගෑවේය
එකල ග්‍රහයන් කිපීය

ජ්‍යෙෂ්ඨ කල
ග්‍රහයන් කිපෙන බව මා
හොඳාකාරවම දැනසිටි!
එනමුදු,
ජෝති ට අනුව
මා නිසැක සමතෙකි

උ/පෙ ට කෙළ විය
මම බුදු විය
ජෝති ගොළු විය
මව දුක් විය
පියා කිපීය

මට ගැහැණියක හමු විය
එහෙමත් නැත්තං
කෑල්ලක් සෙට් විය
අප දෙදෙන ගුණ අපටය.
කට්ටිය වටවී ග්‍රහ ගුණ සෙවූහ.

පුතාට වතුරෙන් අපලය
මා පුරුදු ලෙසම නොනා සිටිමි.

වාහන වලින් අපලය
ගෙදර සිටිමි.

රාහු නිසා
බල්ලන්ගෙන් අපලය
මිතුරන් ඉවත් කරමි.

පවුල් කන්නේ ග්‍රහයන්ය;
අප රමණයේ යෙදීමට පමණක්
කතිකා වුනෙමු.

සටහන දිගය.
එයින්ද
දෙයියෙකුට කෙළවීමට පෙර
මා නවතිමි.

මෙහි "ජෝති" යනු, ජ්‍යෝතිෂයවේදියාය.
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

30 ක්ම තියෙනවා අදහස්:

Ishanuk77 said...

අැත්ත කථාව

Anonymous said...

කියන්න වචන නෑ සහෝ!!!! මැක්සා!

said...

ඔය ග්‍රහයන්ට කරන්න පුළුවන් දේකුත් නැහැ බැරි දේකුත් නැහැ

Supun Sudaraka said...

හ්ම් හ්ම්...

Kasun said...

ග්‍රහයා හා ග්‍රහ අපල
වූ කලී
අනෙකෙකු නොව තම සිතතුලම මැවී ඇති මායාවක්ම ය.

එය අපලය ලෙස දකින තාක් එම අපලය සැබෑ ලෙසම මවා පෙන්වයි...

කෙසේ නමුදු,

මා තවමත් රමණය නොකල නිසා හෝ එවැනි අත්දැකීමක් නොලැබු නිසාවෙන්

තවමත් ග්‍රහයන් පසු පස යමි...

LishWish said...

උඹ ඔය කන කැවිල්ලට මොකෙක්වත් කිපිලා නැතුව ඇති මං හිතන්නේ.., =P

Rachintha Jayawardhana said...

...ම්මටඃඋඩු! එළ එළඃ

Rachintha Jayawardhana said...

@LishWish: කන කැවිල්ලට කිපිලා තමයි බඩ දාලා තියෙන්නේ අයියේ!

Anonymous said...

maxxa!

දිල් said...

පරිස්සමෙන්....තව මොන මොන අපල තියෙනවද කවුද දන්නේ ;)

දුකා said...

hik hik hik . .. .
bokkenma aapu oroppuwen liyala tiyenne . . .

Rachintha Jayawardhana said...

හිහ්හී...ඔරොප්පු නැද්ද අයියා!

Anonymous said...

පට්ට මචෝ පට්ට !! :D

හෙළයා said...

මල් එකසිය විසි හත්දාහයි..
මැක්සා මුචා

Unknown said...

අපි ජීවිතයෙන් වැඩිහරියක් ගෙවන්නේ නොපෙනෙන දෙවියෙකු හෝ ග්‍රහගෙකු සතුටු කිරීමටය. ග්‍රහචාරයට අනුව ජීවත් වීමට ගොස් ලැබෙන ලබ්බක් නැතිමුත් නැතිකරගන්න දේවල් නම් බොහෝ වෙයි.

අපි අපේ ජීවිතය රහ බලන්න ලැබෙනතුරු බලාසිටිමු.

Rachintha Jayawardhana said...

අනිවාර්‍‍යයෙන්ම!

KEERTHI said...

good

``` Outsider``` said...

වැඩි වචන ඕනි නෑ 'නියමයි'

රවා said...

අනෙ මුචො මගෙ ඔලුව අල්ලා බිත්තියෙ ගහපන්.. කොලුවො... මම මෙතන හිනාවෙනවා උඹෙ කවිය කියවලා..

Rachintha Jayawardhana said...

එළඃ

kanchana said...

ලිපිය නම් මරේ මරු සහෝ...!!! හැබැයි වෙලා තියෙන දෙවල් ගැන නම් හරිම කණගාටුයි... :(

බිඟූ said...

පට්ටම පට්ට !!!

Hipo said...

හිහ් හිහ්... මරේ මරු... හැබයි නාන්නෙ නැති නිසා යාලුවන් ඇත් කරන වැඩෙ අමාරු වෙන්න නැතුව ඇති මගෙ හිතේ...ග්‍රහයට පවුල් අන්න දීල රමණය කරන එක තමා මොලේ ඇති වැඩේ...

Unknown said...

එළ...

Rachintha Jayawardhana said...

ස්තූති වේවා!

Anonymous said...

oh..dan wibaage iwara wennath lagai ne neda..??hodai hodai..

Jay said...

මැක්සා!

Rachintha Jayawardhana said...

ස්තුති වේවා

Anonymous said...

post එක පරණයි
දැක්කෙ මම අදමයි
වචන ටික නියමයි
comment එක: "පට්ටයි!"

Rachintha Jayawardhana said...

:D :D

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!