"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."


Tuesday, June 22, 2010

ලඳුන් මැද "ඔ"යන්න "බ"යන්න

පහුගිය කාලෙම ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම හරියටම කිව්වොත් ඉවර උනේ ඊයේ. මගේ කම්පියුටරේ මාසයක් තිස්සේ මගේ ගාව නැතුව තිබුනා.එක ෆෝන් එකක් කැඩුනා.ප්‍රොජෙක්ට් ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, එක්සෑම් ප්‍රශ්න වගේ ප්‍රශ්න අස්සේ වෙනින් එවුන්ට මුලින්ම කියවෙන ලව් එකේ ප්‍රශ්නේ විතරක් මට තිබුනේ නෑ. ඒකට මගේ ගෑණිට පිං. මගේ ගෑණිගේ තාත්තගේ ඔපරේෂන් එක ඊයෙයි කරලා ඉවර උනේ. ඒකත් සාර්ථක නිසා දැන් ඔලුව නිදහස්. ලියන්න අදහසකුත් නැතුව මොලේ අල වෙලා ඉන්නකොට මං වෙනුවෙන් මෙච්චර මෙහෙව් කැපකිරීම් කරපු ගෑණි ගැන ලියන්න හිතුනා. මට උඩින් කඩා පාත් වෙච්ච පාඨක පිරිසක් නෑ. මට ඉන්නේ යාලුවෝ ටිකක් විතරයි. මාසයක් විතර තිස්සේ නෙට් එකේ සද්ද නැතුව හිටපු මම ගැන හෙව්ව උඹලට පිං. ගෑණි ගැන කතාවක් ලියන එක දිග වැඩි හින්දා ලියන්නම් කවියක්!

සපිරිවර ලඳුන් මැද ඔබ දුටුවේයා
කුළුනු ගුණෙන් පිරි මුහුනට සිත්වූයා
මෙතෙකැයි කියා නොගිනි ලඳුන් මට වීයා
එනමුදු වදන් නොමැතිව සිත ස්ටක් වූයා

කලුවට දිගට මහතට ගෙතූ කොන්ඩයෙනී
දත් පොඩි පෙලින් පිරිපුන් ඒ සිනහයෙනී
මිටට ගත හැකිවූ උකුලට ප්‍රියාවෙනී
අඩුවක් නොමැති කමටම හිත පිනායෙනී

වරදක් කල කලට උරහිස ඇදුම් කතී
ලැජ්ජා සිතුනු විට හෘදය විකා යතී
ආදර පිරී විටදී කට කොන හපා කතී
ඒ මද රිදුමකට මම කෑදරෙන් වෙතී

හිරට කොටට නැති ලේසිය විළි වහනා
කන බිම නොඇදෙන්න අබරණ එල්ලන්නා
තද රතු නැතුව රෝසට තොල හැපවෙන්නා
මේකප් නොමැති දුඹුරට සිත ඈඳෙන්නා

දහසක් වැරදි ඇති මට වූ ආදරෙනී
"බබා" "ස්වීට්" නැති ආදර ඇමතුමෙනී
ලෙහෙසි පහසු ජීවිතයට ප්‍රියාවෙනී
"මගේ ආදරේ" හට සිත පිරි ආදරෙනී

ලඟට ගෙන බදන්නට සිත ආසාය
කවියට දෙකට ඔබ ගැන ගුණ දෙනු බෑ ය
හමු වුනු විටක දෙන්නට තව ඇතිවාය
ඔබට සම වෙන්න වෙන කෙනෙකුට බෑ ය
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

26 ක්ම තියෙනවා අදහස්:

Unknown said...

නැවතත් බ්ලොග් අවකාශයේ දකින්න ලැබීම සන්තෝසයක්... සුපිරි... ඔබ දෙපලට ජයෙන් ජයම පතමි..

MaJee said...

ආදර්ශමත් කොල්ලෙක්. ඒත්,
මිටට ගත හැකිවූ උකුලට ප්‍රියාවෙනී
කීවම හොඳද?
මිටට ගත හැකිවූ සිහිනිඟට ප්‍රියාවෙනී... කීවනම් කොහොමද? :-D

Unknown said...

නියමයි මචෝ.......උඹට වගෙ මටත් ඔහොම ලියන්න පුලුවන් නම් කියල හිතුන බං...

Jay said...

මචන් පට්ට..!!
මේක අර ෆෝන් එකේ නෝට්ස් වල සේව් කරලා තිබ්බ එකක් නේද? මට මතකයි කලින් කියෙව්වා.
සුපිරි..!!!

Rachintha Jayawardhana said...

මුල් කවිය ෆෝන් එකේ තිබ්බේ.මම බස් එහෙකදි ලියපු එකක්.අනිත්වා දැන්!

රවා said...

උඹ පෙර පින් ඇත්තෙක්. තව පින් කරපන්... උඹට ජය.... කවිටික ලස්සනයි... දෙන්නම වාසනාවන්තයි.. දෙන්නටම ජය පතනවා ...අපි යනවා මෙතන හිටියොත් දුක වැඩිවෙන හන්දා....හි...හී...

Buru Babe said...

පට්ට... මැරියන් ව මතක් කලා කියන්නකෝ.... මගේ ළඟ එයාගෙ පොටෝස් තියෙනවා කීව බවත් කියන්න...

said...

අපොයි මිටින් ගන්න උකුලට දෑත බදලා ගන්නත් බැරි උකුලක් කොහොම දරා ගන්නද මන්දා??????????
:-D

Teena said...

නියමයි..!

ආගන්තුකයා | Stranger said...

මරේගෙ කතාවට මමත් එකඟයි මුන්ගෙ ලව් එක නිකං හීන්සැරය වගේ... හික් හික් හික්...

Sachitha said...

මචන් මම වැඩියෙ බ්ලොග් කියවන්නෙ නැහැ ටොපිය විතරමයි.මේක සිරාම සිරා.
උඹත් මම වගෙම වාසනාවන්තයි,කවදාකවත් එයාව නැති කරගන්න එපා...ඕකේ
උකුලට ඔලුව තිබ්බහම හිතට දැනෙන දේවල් කියන්න මේ ලොකෙ වචන නැහැ නෙද?

Unknown said...

සිහල කමට සලකන යහපත් ගතිනී..
සුසුමට දුකට ලග ඇති යස ප්‍රියාවකී..
හැම පෙම්වතා පතන්නේ මේ වැනි ශ්‍රියා ගතී...
සැමදා වේවා ජය ! පතමි නුඹ දෙදෙනාට සුබ සිතිනී...

h said...

අපි නං ඔය මිටින් ගන්න ඒව ගැන දන්නෙ නෑ. ඔන්න වංගෙඩි ගැන කිව්වනම්....

Rachintha Jayawardhana said...

@නිපුන: බොහොම ඉස්තුතියි ලොක්කා.

@හරේෂ අයියා: පව් නැද්ද බං.

Bunny said...

අඩේ...එදා දැක්ක පිස්සු බුවාද කියලා හිතුනා :-D අඩේ බලාපල්ලකෝ මූට කන්න වගෙම හොදට ලවු කරන්නත් පුලුවන්නෙ :P

Mariyan said...

ආදරේ..
ආදරේ....
මගේ...ආදරේ......

Rachintha Jayawardhana said...

ඒයි පිස්සී. . . අන්න රංගී අක්කා ඔයාව මතක් කරලා!

Mariyan said...

@රංගී අක්කා:ඔන්න මාත් ඔයාව මතක් කලා හොඳද.....කොහොමද ඔයාට? කොහෙන්ද අක්කෙ ෆොටෝස්

Anonymous said...

Mage malliyooo kavi tikanam lassanai .,.,.,

mama eda dakka ganu lamayata tibba hada ruwa thamai oya visthara karala tiyenne :D :D :D "මිටට ගත හැකිවූ උකුල"

he he he eya gana neda meee kaviyen kiyanne ^^*

Ada ahu una hore .,., :D :D

Anyway keep it up malliyoo !
I wish god luck 2 both of u !

CD Athuraliya said...

කවි ටිකත් නියමයි! ආදරෙත් නියමයි! අපේ සුබපැතුම්!

Mandy said...

patta love ekakne, ohoma yang ela ela

Prabodha said...

එල එල රචියා නියමයි.....ඔන්න ඉතින් උබටයි උබේ නෝනා මහත්තයටයි සැමදා කිරි ඉතිරේවා ජය.....

Unknown said...

mehema liyawillak dakinna lebena ekath sathutak ban.....moko mehema deyak hemotama liyanna be....

LishWish said...

සුපිරි කියන්නේ මේකට කියන්න වෙන වචන නැහැ..! මාරම ගති බන්..! ඒ දැරිවිව ආදරෙන් බලා තියාගනින්..! දෙන්නටම දෙන්නගේ සරණයි..!! :D

වන්නි said...

මට හිතෙන්නේ මං මේ පළවෙනි පාරටද කොහෙද මේකේ කමන්ට් එකක් දාන්නේ... මොකද, උඹ මලේ ලියන ඒවට කමන්ට් දාන්න තරම් මං දස්ස නෑ... ඒත් මේකට නම් නොදාම බෑ...

ගෑනු ගැන කියූ කවි මං අසා ඇත...
ඉතිහාසෙන් උනත් ගෙන හැර පෑ හැකිය...
දැක්කේ මෙහෙව් කව්යක් පලවෙනියටය...
කෙල්ලට උඹට දෙන්නට තුන් සරණමය...

Rachintha Jayawardhana said...

සද්දයක් දාලා ගියාට තැන්කියු වේවා!

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!