"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Thursday, July 1, 2010

කපුටොත් ආදරෙයි

පැය කාලක් විතර තිස්සේ මිලාගිරියේ ඉඳන් අද්ද අද්ද ආපු කකුලත් එක්කම බස් හෝල්ට් එකට රිංගුවේ වැල්ලවත්තේ ෆ්ලැට්ස් ඉස්සරහා ගස් වල කපුටොන්ට බඩේ අමාරුව හින්දා.

අහ්. . වැඩේට හරියනම මිනිහා!

බස් හෝල්ට් එක යට ඉඳන්ම මගේ අලුත ගත්තු සැන්ඩ්ල්ස් කුට්ටමේ වම් පතුල දික්කරේ එතනට ගියානං ඔලුවට බෙටි පූජාව වැටේවි කියලා හිතපු නිසා.මැද්දෙන් මැද්දෙන් කහට පිරිච්ච දත් ටික එලියට දාලා අවංක මුහුනකින් හිනා වුනේ ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් එකේ ෆ්ලේවියස් සහ මැරලස් ට සපත්තු මහන්නා දීපු උත්තරේ මගේ ඔලුවට ඔබ්බන ගමන්.

ෆ්ලේවියස්: මොකද්ද තොගේ රස්සාව ගොනෝ?
මොකද්ද උඹ කරන රස්සාව නිකමෝ?

සපත්තු මහන්නා: අනේ මං එක්ක කේන්ති ගන්නෙපා මහත්තයෝ.
හැබැයි මහත්තයා හරි සවුත්තු උනොත් මට හදන්න පුලුවන්.

මැරලස්: මාව හදන්න ජඩයෝ.තෝ මොකාටද එන්ඩ හදන්නේ?

සපත්තු මහන්නා: මහත්තයාගේ සපත්තු සවුත්තු උනොත් මට ඒවා මහලා දුන්නැහැකි.


මමත් කවදාහරි ඩිග්‍රියක් ගන්න ඉන්න එකෙක්! ෂික්! ඔය හිතුවිල්ල හිතට ඇවිත් පපු කැනැත්තටම ගහන්න මට ඕන උනේ ඒ අහින්සක මනුස්සයගේ හිනාවයි, මට මගේ වම් පතුල ගලවලා දික්කරන්න ගිය වෙලාවයි විතරයි!
ටික වෙලාවකින් ගාලු පාරේ ජනාකීර්ණම නගරයක් මැද්දේ හිත හෙල්ලුම් කාලා තිබ්බ නිහැඬියාව බින්දේ මනුස්සයාමයි.

මහත්තයා පන්ති යන ගමන්ද? හදිස්සිද?

අපෝ නෑ අයියේ. . . මේ වැඩ ඔක්කෝම ඉවර කරගෙන ගෙදර යන ගමන්. තකහනියක් මේ හෝල්ට් එක පයින් එන්න උනේ මේක හින්දා. දැන් එව්වැයේ කිසිම කොලිටියක් නෑ.

මොකේ කියලවත් කොලිටියක් තියෙනවද මහත්තයෝ. හැබැයි අපිට තමයි වාසි. දැන් මිනිස්සු අලුත්වා ගන්නෑ. පරන එකම හදෝනවා.

කකුල දෙදුරුම් කාගෙන ෆෝන් එක රිං උනේ, මගේ ගෑනිගෙන් වෙන්නැතියි කියලා හිතලා අතට අරගෙන බලනකොට මගේ හිතට හිනහ ගියේ මට කෝල් එක එන්නේ "ආදරේ" කියන කන්ටෑක්ට් එකෙන් නිසා. ලලිත් අයියා පතුල මහනකං මම ආන්සර් කලේ එයාට ලෙක්චර් ඉවර ඇති කියල හිතිච්ච නිසා.විනාඩි දෙකෙන් ඕන කරන ඔව් නෑ බෑ උත්තර ටික කියලා ෆෝන් එක තිබ්බේ ලලිත් අයියා සපත්තුව මහලා ඉවර වෙන්න ලං වෙලා නිසා.

මං ලලිත්.

කෝල් එකට කලින් මම නම අහපු වෙලේ මනුස්සයා මට කිව්වේ එහෙමයි.මම ඔක්කොම ඉවර කරලා බලද්දි මනුස්සයා චැරියට් එකෙන් ගත්තු සමෝසා එකක් කනවා.

කපුටොන්ගෙන් කරදරයක් නැද්ද අයියේ. .

ඇයි මහත්තයෝ ඒ ?? පුදුමෙන් වගේ මං දිහා බැලුවේ තොල උඩ නැවතිච්ච සමෝසා කෑල්ලක් දිවෙන් ඇතුලට වට්ට ගන්න ගමන්.

නෑ ඉතින් කුඩයක්වත් ඉහලගෙන නැති නිසා.මෙතන වටේම කාක් බෙටි නේ.අනික කනකොට වත් ලඟට එන්නේ නැද්ද?

මුං දන්නවා මහත්තයෝ මාත් නැති බැරි එකා කියලා.විස්සක් ඇති. . සල්ලිත් ගන්න ගමන්
අනික මුන් මට ආදරෙයිනේ. මේං උන්ගේ පංගුව. කියලා මට තවත් චැරියට් බෑග් එහෙක සමෝසාවක් පෙන්නුවේ එක හිතුවිල්ලක් දෙදුරුං කවන ගමන්!

කපුටොත් ආදරෙයි.

"චස්" ගාලා ආපු සද්දෙත් එක්ක, එහා පැත්තෙන් මොනර නිලට හුරු සාරියක් ඇඳන් ගිය ගෑනියෙක් වාතවෙවී ගියේ කපුටු වර්චසයක් නිසා කියල හිතිච්cඉ මට උඩ බැලුනම තේරුනේ මමත් දැන් පැය කාලක් විතර තිස්සේ ඉඳලා තියෙන්නේ ආවරනය නොවී විත්තිය.

කපුටොත් මරු ජාතිය!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

23 ක්ම තියෙනවා අදහස්:

මුචලින්ද said...

LishWish said...

මිනිස්සුන්ට මිනිස්සු ආදරේ කරන්නේ වත් නැති කාලෙක කපුටන් ටත් ආදරේ කරන මිනිස්සු ඉන්නවා කියන එක දැනගන්න ලැබුන එකනම් අපරිමාණ සංතෝසයි..! ඒත් අවාසනාවට ඔය මානව හිමිකං ගැන තෙල බෙදලා ආපහු ඒසී කාර් එකේම පාර අයිනේ ඉන්න අසරණ මනුස්සයෙක් ට මඩ වතුර පාරක් ගහගෙන යන බොරු මානව ප්‍රේමියෝ අතරේ.., මේ ලලිත් අයියා වගේ මිනිස්සු දිලිසෙනවා..! ඒ මනුස්සකම් දන්න උඹලා අපි වගේ අයගේ හිත් ඇතුලේ..!

මරු ලියැවිල්ල මල්ලී..! එලම තමා..!
ජය...!

මුචලින්ද said...

තැන්කියූ වේවා ලොක්කා! උංගේ රෙද්ද හිමිකම.

ආගන්තුකයා | Stranger said...

සිරා..

Shadow/හේමලයා said...

හරි පැත්ත තෝරල තෑගි දෙන්න කපුටො දන්නවා...නියම කතාව...හිනා යනවා....ඒත් එක්කම ඇඬෙනවා.....මම ගැනම ලැජ්ජාවෙන්.......

Uditha Umesh said...

ශ්‍රී ලංකාවේ බෙන්ස් එකෙන් රවුම් ගහන, පොඩ්ඩක් අවුව මූණට වැටුනම සන් ග්ලාස් දාන, කිලුටු මිනිහෙක් දැක්කම "ඊයා" ගාන, සට ෆට ගාල කඩල කාරයා ලඟ කඩ්ඩෙන් කොටන එවුන් මෙය දකිත්වා!

malee_msg said...

sirawatama malli me sapaththu mahama manussayek gena blog ekak liyanna mama photo wagekuth aran thiyala ethi.. eth liyanna beri una.. apita e minissunge age therenne apita karadarayak unama thama.. eth hemadama mullakata wela e minissu karana sewata mona kiyala api kiyannada manda..api ithin salli dik karana eka witharane karanne.. e athin uba wachanayak hari katha karapu eka nam watinawa godak.!

ප්‍රබෝධ... said...

ela ela rachiya.....samajayata hondha paniwidiyak machan...

මුචලින්ද said...

මේක ලියන්න ප්‍රධානම හේතුව මේ ලඟදි ආගන්තුකයා විසින් හිතට දැනෙන්න ලියපු කෙටි කතා දෙක. . . ඒක නිසා ඌටත් පිං! කමෙන්ට් කරපු උඹලටත් ජය!

උන්නැහේ (පිලේ පැදුර) said...

සැබෑ ජීවිතේ අත්දැකීම් ඊතල වගේ තියුණුයි, විටෙක වේදනාකාරීයි, ඇස් අරවනසුළුයි.

ඔබේ බ්ලොගය මා නිතරම සොයාබලන බ්ලොග් කිහිපයෙන් එකක්.
එය මා ප්‍රියකරන ශෛලියකින් ලියැවෙන්නකි.
ජය!

isimbuwa said...

කතාව ලියපු විදිය හරිම ලස්සනයි.

බුද්ධි said...

උඔ ලියපු වටිනාම ලිපියක් මේක. හැබැයි මේක කීයෙන් කී දෙනාද බං තේරුං ගන්නෙ.

මුචලින්ද said...

ඇත්තටම වැල්ලවත්ත බස් හෝල්ට් එකේ මේ විදිහම සපත්තු මහන් මනුස්සයෙක් ඉන්නවා.ඒ මනුස්සයට කුඩේකුත් නෑ.ඒ මනුස්සය සමෝස ත් කනවා.ඒත් මේක මට වෙච්ච දෙයක් නෙමෙයි.කාටහරි වෙලා ඇති.තව කාටහරි වෙන්නත් පුලුවන්.

මේ මම බස් එකේ එතනින් යද්දි මට හිතිච්ච දේවල්!

මුචලින්ද said...

ස්තූතියි බලලා කොටලා ගිය හැමෝටම!

Ansh Lucky Sri Jay said...

සමා වෙන්න ඕනේ පරක්කු උනාට කමෙන්ටුව කොටන්න..
හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ සුපිරි කියලා තමයි..!!
(පෝස්ට් එක සම්පූර්නයෙන්ම කියවන ලදී)

පහන් said...

නියමයි මචං.

රවා said...

මචන් එ මිනිස්සු ගාව මනුස්සකමත් හොදටම තියනවා, හැබැයි එ වගෙම තමයි අනිත් පැත්තත්.

CD Athuraliya said...

නිර්මාණාත්මකයි! උපරිමය!

ushan pushpakumara perera said...

නියමයි . ලස්සන වැඩක්. හැබැයි මුල ඉදන් තවතවත් ලස්සන කරලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්නම් ගොඩක් හොදයි.... . මොනව උනත් මාරම ගති වැඩේ ........

මුචලින්ද said...

වචනයක් ගානේ දීපු සප් එක මාර හයියක්! ඒකට සදා ජය!

Hasitha said...

සත්තු වුණත් මනුස්සකම තීයෙන මනුස්සයාව තේරුම් අරන් තියෙන්නේ.... කොහොම වුණත් නියම කතාව අයියා. උපරිමයි.......

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

ආාාාා.... ඔය දීලා තියෙන්නේ අදත් එළ ටොපියක්... මාර වටිනවා මලේ... ආගන්තුකයගේ කතාවෙදී වගේම මෙතනදීත් මම හිතුවේ ඇත්තක් කියලා... ඒ රහටම දීලා තියෙනවා... ජය...

මුචලින්ද said...

ජය!

kanchana said...

සාමාන්‍ය කතාවක් උනත් බොහොම සංවේදී බවක් තියෙනවා... වැදගත් පණිවුඩයක් දෙන්නේ...!!! නියමයි සහෝ.....

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!