"හැඟීම් බොහෝමයක් තිබ්බට ඒවයේ උප්පත්ති මූලය බොහෝ වෙලාවට අපිම හෝ අපිට ලඟම මනස උසස් වූවෝ. ඒ වගේම ගැහැණිය හැඟීම් උත්පාදනයේ ඉහලම තැනක ඉන්නවා. මේ එතනින් එහාට ගිය හැඟීම්, වචන කරපු ලියමනක්...."

Friday, July 23, 2010

කුජීතයිද මන්දා?

කාලෙකින් පස්සේ ලියලා දාන්න හිතපු පෝස්ට් එකත් පහු කරලා දාලා ලියන්න හිතුනා අපි ගැන.මේක පහු කලොත් මේ තරම් ආවේගශීලීව නොලියවෙයි කියලා හිතිච්ච නිසා මේක දැන් ලියන්න තීරණය කලා.දැනටමත් පහු වෙලාද මන්දා.

ඒත් පලවෙනි දේ සමාජ ජාල ඇතුලේ ජීවිතය සාමන්‍ය ජීවිතයත් එක්ක පටලවගන්න එපා.කොටින්ම ෆේස් බුක්! ලංකාවේ මිනිස්සු පලු පැලෙන්න බැන බැන ඒත් හැමදාම ලොග් වෙන සමාජ ජාල අඩවියක්! අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ එකතු කරගන්න යාලුවෝ වෙන ක්‍රම ගොඩක් තියෙනව. ඒවා හොඳ පැත්තට විතරක් තියාගන්න.අපි ෆේස් බුක් ඇතුලේ යාලුවෝ උනේ බ්ලොග් හින්දා වෙන්න පුලුවන්, අපේ දේශපාලනික දැක්ම අනුව වෙන්නත් පුලුවන්, අපි ජීවත් වෙන පැති, අපි එක තැනක ඉගෙන ගත්තු නිසා, අපි ලංකාවේ නිසා, අපිට කවි ලියන්න පුලුවන් නිසා, අපිට ඉගෙන ගන්න පුලුවන් නිසා, අපිට පින්තූර ගන්න පුලුවන් නිසා, අපි සෙට් එක රොක් මියුසික් අහන නිසා, අපි රගර් ගහන නිසා, අපි ක්‍රිකට් ගහන නිසා, අපි ෆිල්ම් බලන නිසා මේ ඕනම හේතුවක් වෙන්න පුලුවන්.ඒත් අපි හතුරෝ විදිහට වෙන් වෙන්න මේ දේවල් කවදාවත් පාවිච්චි කරන්නෑපා.මම මහින්ද රාජපක්ෂගේය..., මම රනිල් වික්‍රමසිංහගේය, මම නාලන්දේය උඹ රෝයල්ය, උඹ දෙමලෙක් උනාට මම හොඳ සිංහල යි කියන හේතු හිතේ තියෙනවනං ඒවා මරලා දාන්න.මේක ලියන්න උනේ ඊයේ මගේ ස්ටේටස් එහෙක වෙච්ච බැන ගැනීමක් නිසා.මගේ ස්ටේටස් ඇතුලේ ඕන තරං මගේ යාලුවෝ මට බනිනවා.මමත් උන්ට බනිනවා.ඒවා එච්චරයි මූනට මුනගැහුනම හෝ ආපහු චැට් එහෙක සෙට් උනාම ඒ ඔක්කොම ඉවරයි කියලා අපි අපිම දන්නවා.අපි හැමෝම ආත්මාර්ථකාමී මිනිස්සු! ඒ නිසා අපි වෙනුවෙන් අපි ඉන්න ඕන කියන සත්‍ය පිලිගන්න හැමතිස්සෙම.මම මගේ හොඳම යාලුවොන්ට හුත්තිගේ පුතා කියලා බැනලා තියෙනවා.ඒත් ඒ නිමේශයකින් ඒවා අමතකයි.මම සමුගැනීමකදි ඒ යාලුවගෙම අම්මට වඳිනකොට මගේ හිතින්ම ඒ අම්මගෙන් සමාව ඉල්ලනවා.ඒකයි මිනිස්සුන්ගේ හැටි! (මෙතනට කුණුහරුපයක් දැම්මේ ඒක නොදැම්මොත් මේ පෝස්ට් එක අසම්පූර්ණ නිසා.සාධාරණ හේතුවක් ඇතුව.)ආවේග කියන දේවල් ආ වේගයෙන්ම යනවා කියන එක මිනිස්සු දැනගන්න ඕන.

අනිත් කාරණේ යාලුවෝ ආශ්‍රය කරද්දි.පලවෙනි කාරණේ තමුන්ගේ ඇත්ත ජීවිතේ තමුන් එක්ක එකට ඉන්න යාලුවෝ විශ්වාස කරන්න.සයිබරයේ මිතුරුකමුත් ඒ තත්වෙට පෙරලගන්න.ඒ මිතුරන්ගේ තත්වෙට ගන්න ඕන සයිබර් මිතුරුකම් තෝරාගන්න.මිතුරුකම ගොඩනැගිච්ච විදිහ බල්ලට දාන්න.මිතුරුකම විතරක් තද කරගන්න.උඩට එන්න ගේමක් දෙන හැම යාලුවෙක්ටම දිරියක් දෙන්න.තමුන් ඒ යාලුවට වඩා පහලින් හිටියත් ඒ උදව්ව ඒ විදිහටම දෙන්න.තමුන්ගේ යාලුවෝ දියුණු වෙනකොට ඒක ගැන මූනට නොකිව්වත් සන්තෝශ වෙන්න.නින්දට කලින් ඒ දේවල් ගැනත් හිතන්න.මටත් ඉන්නවා අනන්ත අප්‍රමාණ හැකියාවන් තියෙන යාලුවෝ.නැෂනල් ටීම් එකට ගහන්න ඉන්න යාලුවෝ, ප්‍රෝග්‍රැමින් හොඳටම පුලුවන් යාලුවෝ, උගන්නන්න පුලුවන් යාලුවෝ, ඉගෙනගන්න පුලුවන් යාලුවෝ, කවි ලියන්න පුලුවන් යාලුවෝ, ලස්සන ෆොටෝ ගන්න පුලුවන් යාලුවෝ මටත් අනන්ත අප්‍රමාණව ඉන්නවා.මම ඇත්තටම ආසයි මගේ ෆොටෝග්‍රැෆි ලෝකේ වීරයා පිට එකෙක් නොවී අංජා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ මගේ ක්‍රිකට් ලෝකේ වීරයා පිට එකෙක් නොවී ගයියා වෙනවනං.මම ඇත්තටම ආසයි මගේ අයි.ටී ලෝකේ වීරයා පිට එකෙක් නොවී පහනා වෙනවනං. මම ඇත්තටම ආසයි මගේ සාහිත්‍ය ලෝකේ වීරයා පිට එකෙක් නොවී සඳුනා වෙනවනං.හැමතිස්සෙම තමුන්ගේ ලඟ යාලුවෙක්ව තමුන්ගේ රෝල් මොඩ්ල් එක කරගන්න උත්සහ කරන්න.ඒක තමුන්ටත් ඉස්සරහට යන්න හොඳ උත්සහයක් වෙයි.ඉස්සරහට යන්න බැරි උනත් "ඒ මගේ යාලුවෙක්" කියලා ගොත ගහන්නේ නැතුව පිරිසිදු හිතකින් කියන්න පුලුවන් වෙයි.

ජීවිතේට ඔප්ෂන්ස් තියාගන්න.තමුන්ට එක දෙයක් හොඳටම බැරි උනත් ජීවිතේ ගෙනියන්න පුලුවන් විදිහට වෙනින් දෙයක් හරි හොයාගන්න.උදාහරණයක් විදිහට මම කොච්චර අයි.ටී ඉගෙන ගත්තත් මට අයි.ටී දිරවන්නේ නැත්තන් මම දැනගන්න ඕන මට දිරවන පැත්තකට හැරෙන්න.එහෙම හැරෙන එක ලේසි නෑ.ඒ නිසා ජීවිතේ මුල ඉඳන්ම ඔප්ෂන්ස් තියාගන්න.බැරි මරගාතෙන්වත් මොනවා හරි පොඩි පොඩි දේවල් ලියන්න.කෑමක් හදන්න ඉගෙන ගන්න.මහන්න ඉගෙන ගන්න.ෆොටෝ එකක් ගන්න ඉගෙන ගන්න.ග්‍රැෆික් ටිකක් ඉගෙන ගන්න.අඩු තරමින් සින්දුවක් කියන්න, සෙල්ලමක් කරන්න, මැත්ස් පොතක් අරගෙන පොඩි එකෙක්ට අමාරු දේවල් කියාදෙන්න, කැඩිච්ච දෙයක් හදාගන්න පුරුදු වෙන්න.ඒක කවදාහරි තමුන් ජීවිතෙන් දිනවන්න මගපෙන්නයි.

ඒ වගේම කවදාවත්ම දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න එපා.මම දැකලා තියෙනවා සමහරු ෆේස්බුක් එකේ Political View එකට දාන්නේ I Hate Politics කියලා.ඒක හරිම ගොන් කතාවක්.ලංකාවේ දේශපාලනය කොච්චර මඩ ගොහොරුවක් උනත්, ඒක නැතුව සතෙකුටවත් ජීවත් වෙන්න බෑ.කොටින්ම ගෑනියෙක්ටයි මිනිහෙක්ටයි නිදහසේ රමණයේ යෙදෙන්නත් දේශපාලනය බලපානවා.

ආදරය ගැනත් එක වැදගත් පේලියක් කියන්න ඕන. සියයට සීයක විශ්වාසයක් තියෙනවනං විතරක් ආදරය කරන්න.ඒක සියේට අනූ නමයක් වෙච්ච දවසට අතෑරලා දාන්න.මාව විශ්වාස කරන්න ආදරය කරන කෙනා ගැන විශ්වාසය සියේට අනූනමයක් වෙච්ච දවසටත් ඔබ ආදරය කරමින් සිටියොත් එදාට ඔබට හිත නිදහසෙන් නිදාගන්න බෑ!

අනිත් දේ සල්ලි! හැමතිස්සෙම අතට හම්බුවෙන රුපියලක පවා වටිනාකමක් තියන්න.මහ බැංකුව ඇතුලෙන් සල්ලි කොල එලියට එන්නේ මහ බැංකුවෙන් එලියේ මිනිස්සු තොගයක් ඒ වෙනුවෙන් මහන්සි වෙන නිසා.සමහරු මැරෙන්නේ සල්ලි නැති නිසා.නොහොත් දුප්පත් නිසා.ඒ වගේම තවත් සමහරු මැරෙන්නේ සල්ලි වැඩි නිසා.ඇඟ විකුනලා ගත්තත් සල්ලි.බිම තිබිලා ඇහින්දත් සල්ලි.ජීවිතය වගේම සල්ලිත් මැදුම් පිළිවෙතේම ගෙනියන්න.

"අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු" කියලා ආඩම්බර වෙන්න.සතුටු වෙන්න.ඒත් "පර ඉන්දියන්කාරයෝ" කියලා ගහගන්න යන්න එපා.අපි ඇමරිකාවට ජැමෙයිකාවට බනින්නේ නෑ.ඒ උන්ගේ මළල ක්‍රීඩකයෝ තරන් අපේ උන් දක්ෂ නැති නිසා.අපි ජපානෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් අපේ උන්ට නව නිර්මාණ බැරි නිසා.අපි බ්‍රසීලෙට බනින්නේ නෑ.ඒ උන්ට තරන් හොඳට අපිට ෆුට්බෝල් බැරි නිසා.ඒත් අපි ඕස්ට්‍රේලියාවට බනිනවා.ඒ උන්ට ගේමක් දෙන්න තරන් හොඳ, ඒත් පරාද වෙයි කියලා බය ක්‍රිකට් ටීම් එකක් අපිට ඉන්න නිසා.අපි ෂේන් වෝන්ගේ දැකපු නැති අම්මට බනිනවා.ඒ අපේ මුරලිට ගේමට ඉන්නේ එයා නිසා.ඒකයි ඇත්ත! හුඟ දෙනෙක්ගේ හිත් ඇතුලේ කොන් වල පල් වෙවී තියෙන ඇත්ත.ඔබට උයන්න බැරිනං හැමදාම කඩෙන් ගෙනත් කන්න එපා.එක සතියක් එක දිගට නූඩ්ල්ස් තම්බගෙන කන්න.සතියකින් ඔබට උයන්න ඉගෙනගන්න හිතේවි!

අපි අපි හැමෝගෙම ජීවිතේ රහසින්වත් පවු කරලා ඇති.මමත් මගේ ජීවිතේ අනන්තවත් පව් කරලා තියෙනවා.මම විශ්වාස කරන්නේ නෑ දහස් වාරයක් කැළණි විහාරෙට ගියා කියලා ඒ පව් මැකේවි කියලා.ඒ වගේම මම විශ්වාස කරනවා මැරෙන්න මොහොතකට කලින් හරි ඕනම මිනිහෙක්ට තමුන්ගේ ජීවිතේ තමුන් කරපු හොඳ නොහොඳ මතක් වෙනවා.මම මැරෙන්න මොහොතකට කලින් මගේ ඇස් ඉස්සරහා මැවෙන මම කරපු දරුණුම පව් පහ මම තෝරලා ඉවරයි.මට ඒක ගැන බයකුත් නැතුවම නෙවෙයි.ඒත් මගේ ලොකුම බලාපොරොත්තුව ඉස්සරහට ඊට වඩා ලොකු පව් නොකර ඉන්නත් පුලුවන් තරමක් පිං කරන්නත්.තමුන් පිනක් කරනකොට ඒක තමුන්ගේ හිතට සතුටු හිතෙන පිනක් කරගන්න.ථූපාරාමෙට ආලෝක පූජා කරන්න රුපියල් පන්සීයක් දෙනවට වඩා මම ඇත්තට සතුටු වෙනවා ගොළුමඩම හන්දියේ සපත්තු මහන අන්කල් ට බත් එකක් අරන් දෙන්න පුලුවන්නන්.ඔබත් ආගම ප්‍රශ්නයක් කරගන්න එපා! කොච්චිකඩේ පල්ලියෙදි තමන්ගේ උසට ඉටි පන්දමක් පත්තු කරනවට වඩා තමුන් දන්න දෙයක් කාටහරි උගන්නන්න.අපි මැරුනම අලුත් ජීවිතයක් ලැබෙනවනං ඒ ලැබෙන තෙක් අපි කතාකරන්නේ සිංහලෙන් නොවෙන්න පුලුවන්.මොකද සුද්දොත් මැරෙන නිසා.වගේම මැරුනම කොහෙත් එක නිසා.අපි මැරුනම අපිට තියෙන්නේ සිතුවිල්ලක් විතරක් වෙන්න පුලුවන්.ඒ නිසා ආගම් ප්‍රශ්නයක් කරගන්න එපා.විඳව විඳව ජීවත් නොවී. . . විඳ විඳ ජීවත් වෙන්න.ඔබ ඉස්ලාම් භක්තිකයෙක් නං ඔබ මත් පැන් පානය හෝ ඌරු මස් අනුභවය ගැන දෙගිඩියාවකින් ඉන්නවානං හිතන්න කුකුලත් සතෙක් නොවෙයිද කියලා.ඉස්ලාම් ජාතිකයෙක් විදිහට අන්තිම මොහොතේ කලීමාව නිවැරදිව කියන්න පුලුවන් වෙන්න කියලා පතන්න.ඒක ඔබේ හිතට දෙන්න පුලුවන් උපරිම ශාන්තිය ලඟා කර දේවි.ඔබ මස් ජාති වලට බැන බැන මාලු ගිලිනවානං හිතන්න මාලුත් ජීවියෝ නෙවෙයිද කියලා.පවු පිං ආගම් අනුව බලපාන්නේ නෑ.ඔබ කරපු අනියම් දේකින් තවකෙක් පීඩා විඳිනවනම් ඔබ පවක් කරලා.ඔබ හිතට එකඟව සතුටෙන් කරපු දේකින් තවකෙක් සතුටු වෙනවානං ඒක පිනක්.

මගේ අතින් වෙනමම ආකාරයක ලිපියක් ලියවිච්ච එක ගැන මට සතුටුයි.ඒ සිතිවිල්ල හරි එකක්ද නැද්ද කියන එක මට දැනගන්න උවමනාවක් නෑ.මොකද හරි උනත් නැතත් මේ මගේ හිතට එකඟ විදිහ.ඒක මැරෙනකම්ම එහෙමයි.මේකට කමෙන්ට් කරත් නොකරත් මට එකයි.මම දවස තිස්සේ ඇවිත් කමෙන්ට් ගනන් කර කර විඳවන්නේ නැති නිසා.මට ඕගොල්ලෝ මේක කියෙව්වොත් ඇති.මොකද වැරදි දේවල් අනන්ත තිබුනත් එක හොඳ දෙයක් හරි කාගේ හරි ජීවිතේකට ආවොත් ඒක මට පිනක් නිසා! එතනත් ආත්මාර්ථකාමීත්වය. ජය!
Digg It! Stumble Delicious Technorati Tweet It! Facebook

25 ක්ම තියෙනවා අදහස්:

~බිன்ku~ said...

උඹේ ලිපිය කියලා කියන්න දෙයක් තේරෙන්නේ නෑ මචං! මං ඔය තරම් පුළුල්ව හිතන්නේ නැතිව ඇති, තාම නැතිව ඇති.

එහෙත් තව තව හිතන්න ඕනේ!

Shadow/හේමලයා said...

නියම ලිපියක්....මම නම් දකින්නේ ආත්මාරථයට පිටුපන්නට අපිට බෑ...මොකද ඒ අපේ සැබෑ තත්ත්වය....අපි මොනතරම් පර හිතකාමී වැඩක් කලත් අන්තිමේදි ඒකෙන් යමක් පතනවා.....සැනසුම් සහගත සිතිවිල්ලක් හරි..නූතන ලංකාවේ මම දකින ලොකුම වැරද්ද අනුන්ගේ මතය ඉවසන්න බැරිකම....ඔය කමෙන්ට්ස් සහ ස්ටටුස් අප්ඩේට්ස් වල කේස් එක ඔකයි...තර්කය සරලයි...ඔබ අකමැතිනම් ඇයි කියවන්නේ....මම ඔනැතරම් දැකලා තියෙනවා පෝස්ට් එකට යටින් ඒකට බැනලා දානවා...විවේචනය කලාට කමක් නෑ නමුත් වෛරයෙන් පහරගහන්න තරම් ඊට අකමැතිනම් ඔන බම්බුවටද බලන්නේ...ජීවිතේ ඔනෑ තරම් ඔප්ශන් තියෙනවා නෙ....තමන් කොයිතරම් අකමැති වුනත් යමක් පවතින්නේ ඒකට කැමති මොකෙක් හරි ඉන්න නිසා නෙව....අනික සමහරු ෆේස් බුක් තහනම් කරන්න කියලා දඟලනවා....තමන්ගේ තියෙන පොටෝ ඔක්කොම ලෝකයටම පේන්න දාල ඒවා විකෘති කලා කියලා පැමිණිලි කොරනවා...වැරැද්ද කොතනද?කාගෙද?....ජය........

Bunny ! said...

මගේ මේ හා මොලේට ඔවා තෙරෙන්නෙ නැ බන්...අර ඉස්ටෙට් එක මාත් දැක්ක...

මොනා උනත් කුජිතයි..!!

උබ එක්ක ගහ ගත්තත් අපි හැමදාම යාලුවො නේ.. නැද්ද ?

හෙළයා said...

ආයේ කියන්න දේවල් නෑ. මෙහෙම තමයි ලියන්න ඕනෙ. එකක් කියන්නම්. උඹේ යාළුවා " සඳුන් " තමයි මං දන්න හොඳම කවිකාරයා. අන්න ඒ ගැන උබට සතුටු වෙන්න පුළුවන් වෙයි.

ආය්ත් කියන්නේ මේ සටහන නියමෙටම නියමයි. හිතට ගන්න ඕනෙ නෙවෙයි, හිතට ගත්තා.
උඹට ජය !

Ansh Lucky Sri Jay said...

අපූරු ලිපියක්..
මිනිස්සු හැටියට අපේ අතේ කොච්චර වැරදි තියෙනවද..
ඔච්චර පුලුල් විදියට සමහර කාරණා ගැන මට හිතන්න අමාරුයි..
ඒ අතින් උඹ විෂිශ්ඨයි මලේ..!!

Ansh Lucky Sri Jay said...

සහතික ඇත්ත සඳුනා තමයි නියම කවි කාරයා..!!

වැම්පයර් said...

නියම ලිපිය. මේ පැත්තෙ ගැවසුනත් අදද මන්ද ඉස්සෙල්ලම කොමෙන්ට් එකක් දාන්නෙ. එළ කිරි!

ආගන්තුකයා | Stranger said...

ජීවිතය කියන එකට එදිරිවාදිකම් තියෙන්න ඕනි මොකද හැම එකාම එක පැත්තේ එක මතයක ඉන්න පරමාදර්ශයක් කියන එක සිස්ටම් එකේ හැටියට අමු විකාරයක්. ලිපිය ටිකක් අවවාද පැත්තට බර කරන්නේ නැතුව තමන්ගේ මතය විදිහට ලිව්වානම් පට්ට. දැන් නම් පට්ට නෑ.. සිරා තත්වයේ තියෙන්නේ...

Il mondo di una povera pazza said...

බොහොම සැරට ලියලානේ මලේ. හරියට නිකම් අපේ බිංදුවා නෙමෙයි වගේ...
මොනවා උනත් මේ කතාව නම් පට්ට සිරා.

බොහෝ දේවල් එක්ක මමත් මේ විදිහටම හිතනවා.

පිස්සා පලාමල්ල said...

උබ වගේ හිතන්න පුලුවන්නම් කියල හිතුනා.... හුඟක් දේවල් හිතට ආවත් කියන්න හිතෙන්නෙ නැහ....


අංජනයයි සඳුන් ගෙයි නිර්මාන මම දැකල තියෙනවා... දක්ශයො දෙන්නෙක්...
අංජන පොටෝ ගන්නවට වඩා කවි ලියනවා මම හිතන්නේ... දක්ශ කොල්ලෙක්.

♠GaŋGster♠™ said...

අපූරු ලිපියක් මචන්..මල් හහයි..එක දිගට කියවගෙන කියවගෙන ගියා..නියමයි..විශීෂ්ඨයි..

CD Athuraliya said...

හැම දේකින්ම වගේ එකඟ වෙන්න පුළුවන් ලිපියක්! විශේෂයෙන් අර "I hate politics" කතාව, මමත් facebook තුළම මතුකරන්න හිතපු දෙයක්. ඔබතුමා වඩාත් ප්‍රබල විදියට නිර්මාණාත්මකව ඉදිරිපත් කරල තියෙනවා. තව තවත් මේ වගේ ලිපි ලියන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා!

හුටපටයා said...

ආත්මාර්ථකාමීත්වය මත ගොඩක් දේ රැදිලා මචන්. අපි ජීවත් වෙද්දි ඒ දේ නැතුවම බැරි වෙලා.

Shanika Sarathchandra said...

මෙතන හුගක් අය comment කරත්.අපි ඇත්ත ජීවිතේ දී මේව කියද්දී මිනිස්සු මේව ගැන සුදනො වෙන්න යනව. මේ වගේ තර්ක condemn කරනව. බොරු දේෂ ප්‍රේමයක් හරි සබ්‍යත්වයක් මවාගෙන ඇත්ත කියන එකා පහත් කරනවා.. carnal අපි බැදීම් වලට යටත්..කවද හරි ඔයා (writer) මුනට හමු
උනොත්..මේ විදිහටම කතා කරයි කියල හිතනවා
(lot more thougt thrust in ma inside..but sinhala typing take much time any am much glad abt diz artical ..it good beginning for give up duality of peoples life..very happy if u continue this opinion agin much happy to meet a guy who think as me..I appreciate the artical)

කුෂාන් ඇස්. වන්නිආරච්චි said...

ෆේස්බුක් ගැන මම ඕන තරම් හිතලා තායෙනවා. ඇත්තටම කුජීතයි.
ඒත් අනිත් දේවල් ගැන මම තාම එච්චර හිතලා නෑ. හිතන්න සිද්ධ වෙලා නෑ. ඒත් හිතන්න වෙනවා. ඒකත් දන්නවා.

නොදරුවා ගැන ආයේ කුමන කතාද? නියම කවියෙක්.

මුචලින්ද said...

හිතිච්ච දෙයක් කොටලා ගිය හැමෝටම තැන්කියු කිව්වා!

Hasitha said...

වටිනා කියන කතාවක් ඔයා පුලුල් විදිහට කතා කරලා තියෙනවා අයියා. විය යුතු තත්වය ගැන මේ විදිහට කතා කරන එකෙන් ඉක්මණටම ඒ තත්වය ඇතිකරගන්න දායකත්වයක් ලැබෙයි කියලා විශ්වාස කරමු........

රනා said...

සිරා කතා ටික.
මේ දවස් වල මොනාද කරන්නේ?
අපේ එකත් ගමේ ගියා.
ඒකයි ඇහුවේ.

ජය වේවා...

මුචලින්ද said...

මේ දවස් වල ඩිප් එකේ ප්‍රොජෙක්ට් එක කරනවා තනියම.ගෲප් එකේ අනිත් එවුන් ජොබ්! ජය!

මුචලින්ද said...

@ආගන්තුකයා: සහතිකවම.මගෙත් ලියන්න කලින් තිබුනේ එහෙම ඒත් ලියවුනේ මෙහෙම.කතාවක් මේ විදිහට බලෙන් දෙනවට වඩා මගේ මතය ගැන අනුනුත් හිතන්න සැලැස්සුවානං හරි! මේ ලිපියට තියෙන වටිනම කමෙන්ට් එක!

@CD ලොක්කා: යකෝ ඔබතුමා කියන්න එපා බං!

h said...

Ane manda minissu nam... hemoma thamange pawathmata mathawaada hadagannawa. ewa kadenakoda maragannawa. Thamange mathaya thamantane neda? Anith ayage mathe e ayata. Hamoma thamange mathe thamanta tiyagena hitiyama iwarai. Puluwan ayath ekka katha karanawa. Bari aya maga arinawa :D

Dar[K] said...

මේක ලිව්ව කෙනාගේ කටේ මසුරන් දාන්න ඔනේ !! මොක වුනත් ඇත්ත කතාව

පහන් said...

බුදු අම්මෝ. අයිටී වීරයෙක් වෙන්න ගිහින් එක්කෙනෙකුට වෙච්ච දෙයක් මම දැකලා තියෙනවා(පව් මෑන්ස් තාම හිතා ඉන්නෙ මෑන් වීරයෙක් කියල.;) )
මම වීරයෙක් කරගන්න එපෝ.
වලියක් නිසා පෝස්ට් එක කියවන්න හිතුනෙ නෑ. පෝස්ට් එකත් ටිකක් සැර වැඩිද මංදා. අහක යන එවුන් නිසා උඹේ ලේ පුච්චගන්න එපා. ආගන්තුකයා පෙන්නුවාමයි මගේ නමත් තියෙනව දැක්කෙ.
"ඔබ කරපු අනියම් දේකින් තවකෙක් පීඩා විඳිනවනම් ඔබ පවක් කරලා"
සිරා කතාව

අමිල said...

ආවේගය කොච්චර ද කියනවනම් ලිවීමේ දී ඉහල පහල යන රිද්මයත් ඉවතට ගිහින්. අවංක අදහස් නිසා කියවන්න පුලුවන්. කීප සැරයක් නැවති තැවතී කියෙව්වේ.

ජය.

Muthu Hewagama. said...

අපි අපි ගැනම නැවත නැවතත් හිතන්න පොළඹවන ලිපියක් .. අන්තර්ගතය තුල ඉවත් කලයුතු කිසිවක් නැ.
මම දැන් බිසී වෙන්න යන්නේ.මොකද මේ කියල තියෙන හැම දෙයක්ම මට ආදේශ කරගෙන තර්ක කරන්න හිතුන.

දිගටම ලියන්න යාළු ..

Post a Comment

කියෙව්වම හිතිච්ච දෙයක් ලියලා යන්න. බැරිනං නිකං ඉන්න.
සැඟවී විඳීමට අඥාතය පාවිච්චි කරන්න.
ජයෙන් ජය උඹලාට!